You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Feb 2017 09:59 PM by  Madhawa Ariyarathna
රස ගුණ පිරි කෑම වට්ටෝරු....
 94 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 5 << < 12345 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 03:56 PM
24. අළුවා.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 03:58 PM



                               25.රුලන් අළුවා 

අවශය ද්‍රවය:-

                         රුල න් පිටි ග්‍රෑම් 500
                         සීනි කිලෝ 1
                         වියළි පොල් බෑයක පොල්
                         එනසාල් ටිකක්
                         රට ඉදි ග්‍රෑම් 200
                         වැනිලා ස්වල්පයක්

ක්‍රමය:-

     රුල න් පිටි රන්වන් පාට වනතුරු බැද ගන්න. ගාගත් පොල් ටිකද බැදගෙන රුලන්වලට කලවම්

 කරන්න. එන්සාල් කුඩු කර එයට දමන්න. රට ඉදි ඇට ඉවත් කර සිහින් කැබලි වලට කපා ගන්න.

 දැන් සීනි ලිපතියා උණු වන විට මේ සියල්ල දමා කලවම් කරන්න. බටර් ගාගත් තැටියක තුනී කර

 තරමක් නිවුනු පසු කෑලි වලට කපා ගන්න.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 04:00 PM


                              26. පුහුල් දෝසි 
 

  අවශය ද්‍රවය:-

                     සිහින්ව ගාගත් අළු පුහුල් මද ග්‍රෑම් 500
                     සීනි කිලෝ 1 1/2
                     වැනිලා ස්වල්පයක්
                     එනසාල් ඇට කිහිපයක්

  ක්‍රමය:-

    සීනි කිලෝ 1ක් වතුර ටිකක් දමා ලිප තබා උණු කරන්න. අළු පුහුල් හිරමනයෙන් ගාගෙන සෝදා

 තුනී රෙදි කැබැල්ලක දමා පැය 4ක් පමණ දිය බේරීම සදහා එල්ලා තැබිය යුතුයි. දැන් සීනි උණුවන

 විට අළු පුහුල් මදද දමා කලවම් කර එන්සාල් කුඩු ද දමා හැදි ගාන්න.

    බටර් ගාන ලද ලෑල්ල මතට සීනි ටිකක් ඉස මෙම මිශ්‍රණය තුනී කරන්න. මතු පිටින්ද සීනි ඉසින්න.

 නිවුනු පසුව කෑලිවලට කපා ගන්න.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 04:02 PM


                                27.කිරි ටොපි 
අවශය ද්‍රවය:-

      කිරි ටින් 1
      සීනි ග්‍රෑම් 750
      වැනිලා ස්වල්පයක්
      කජු මද ටිකක්
      එන්සාල් ඇට කිහිපයක්

ක්‍රමය:-

         සීනි,වතුර කෝප්පයක් දමා ලිපතබා හැදිගාමින් උණු කරන්න. කිරි ටින් එකද

 කඩා එයට දමා උකුවන තෙක් හැදිගන්න. බටර් ගාන ලද තැටියේ මෙම මිශ්‍රණය ඝන වූ

 විගස දමන්න. ලිපෙන් බා ගන්නට පෙර කජු මද හා එන්සාල් කුඩු දමන්න. ඉක්මනින් 

තැටියේ තුනීකර කෙසෙල් කොලයකින් තද කරන්න.

මදක් නිවුනු පසු හතරැස් කෑලි වලට කපා ගන්න.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 04:03 PM


                               28. වටලප්පම් 

අවශය ද්‍රවය:-

          බිත්තර 8
          කිතුල් හකුරු ග්‍රෑම් 500
          ලක්ස්ප්‍රේ හෝ පොල් කිරි කෝප්ප 1
          වැනිලා ස්වල්පයයි, කජු මද ටිකක්
          වියළි මිදි ග්‍රෑම් 30

ක්‍රමය:-
   
           බිත්තර කඩා බෙලන්ඩරයකින් හෝ අතින් ගසා ගන්න. හකුරු ද හොදට සිහින්ව

 සූරා ගන්න. පොල් කිරි කෝප්ප එකක් හෝ ලක්ස්ප්‍රේ වැනි කිරි පිටි කෝප්ප එකක්

 උකුවට සාදාගෙන හකුරුද  එයට දමා හොදින් දිය කරන්න. ඉන් පසු බිත්තර ද වැනිලා

 හා කජු මද ද එකතු කර ඇලුමිනියම් හෝ පයිරෙක්ස් බදුනක බටර් ගා එයට වත් කර මිදි 

ටික ද උඩින් ඉසින්න. පොලිතින් කොළයක් බදුනේ කටට බැද වතුර භාජනයක තබා 

වාෂ්පයෙන් පැය 1/2 ක් පමණ තම්බා ගන්න.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 04:04 PM

                                  29. මස්කට් 
 අවශය ද්‍රවය:-
 
            හාල් පිටි ග්‍රෑම් 750
            කජු මද ග්‍රෑම් 200
            සීනි ග්‍රෑම් 500
            කරදමුන්ගු 8, කරාබු නැටි 8
            වතුර බෝතල් 5, තෙල් බෝතල් 1 1/4
            වැනිලා තේ හැදි 5

ක්‍රමය:-

    පිටි සකස් කරගෙන වතුර ටිකක් මිශ්‍ර කර අනාගන්න. මෙම පිටි ගුලිය වතුරින් වරින් වර

 සෝදන්න. මෙම පිටි වතුර එක්කර එයට සීනි දමා ලිප තබන්න. පොල් තෙල් ටික ටික

 එයට දමන්න.

     මෙය විනඩි 25ක්පමණ උයාගන්න. මෙය ඝන වු පසු ලිපෙන් බාගෙන කජු මද හා 

වැනිලා දමා අවශය නම් පමනක් එකතු කර නිවෙන්නට තබන්න. ඉන් පසු කෑලි කපා ගන්න

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 04:06 PM


                            30. කළු දොදොල් 
 අවශ්‍ය ද්‍රව්‍ය:-
 
                  පොල් ගෙඩි 12
                  රතු කැකුළු හාල් කිලෝ 1
                  සීනි කිලෝ 2
                  හකුරු  ග්‍රෑම් 500
                  කජු මද ග්‍රෑම් 200

                 එන්සාල් ඇට කීපයක්
                 වැනිලා තේ හැදි 4යි.
                 තෙලෙන් බදින ලද තල හුණ්ඩු 1/2 (අවශය නම්)

 ක්‍රමය:-
   
    පොල් ගා මිරිකා කිරි වෙන වෙනම සකස් කරගෙන දෙවෙනි කිරි සමග හාල් පිටි දියකර

 දොදොල් තාච්චියක දමා ගින්දර මත තබා හැදි ගාමින් උයන්න.

   පැයක් පමණ හැදිගා අනිත් කිරිද වරින් වර වත් කරන්න. තෙල් වීසිවන තෙක් හැදි ගා 

තෙල් උඩට මතුවන විට හැන්දකින් ඉස ගන්න. ඉන් පසු සීනි හා හකුරු අකතු කරන්න.

   දොදොල් ඝන වී ගෙන එන විට එන්සාල්, වැනිලා, කරදමුන්ගු, කජු මද දමා ලිපෙන් බා 

ගෙන ලොකු තැටිවල හෝ පුවක් කොල වල දමා තෙල් බේරෙන්නට තබන්න. 

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 04:07 PM


                           31. පැණිරස මුරුක්කු 
 

 අවශ්‍ය ද්‍රව්‍ය:-
                        කැකුළු හාල් සේරු 1යි.
                        ලොකු පොල් ගෙඩි 1යි.
                        බිත්තර 3
                        පොල් තෙල් බෝතල් 1යි.
                        සීනි රාත්තල් 1 1/4
                        ලුණු ස්වල්පයක්

  ක්‍රමය:-

   හාල් පිටි කොටා ඉදි ආප්ප වලට මෙන් බැද හලාගන්න. පොල් කිරි මිරිකා රෙදි කඩකින් පෙරා ඊට ලුණු වතුර ටිකක් දමන්න. බිත්තර 3 කඩා කෝප්පයකට දමා පෙන නගිනතුරු තට්ටු කර පිටි ටික කොරහකට දමා එයට බිත්තර සාරු  වත්කොට ලුණු මිශ්‍ර පොල් කිරි ටිකද දමා අනා හොදට අත් ගසා ගන්න.
     
    ඉදි ආප්ප පිටි වලට වඩා ටිකක් තදට සිටින සේ ගන්න. ඉන් පසු මුරුක්කු අච්චු සහිත වන්ගෙඩියකට පිටි ගුලියක් දමා කෙසෙල් කොළ මතු පිට දිග අතට මුරුක්කු වත්කර අගල් 1 1/2ක් තරම් දිගට අමු මුරුක්කු කෑලි වෙන්කර ගන්න. ඉන් පසු තෙල් වලින් බැදගන්න.

    මුරුක්කු  බැද දින දෙකකට පමණ පසු සීනි දැමීම වඩාත් රසවත් ය. නැවත බැද අනතුරුව සීනි දමන්න.

    සීනි ටික තාච්චියකට දමා වතුර කෝප්පයක් එයට දමා නටවා ඇගිල්ලේ දැවටෙන පදමට පැමිණි පසු මුරුක්කු එයට දමා කලවම් කර කඩදාසියක් මතුපිටට දමා නිවුනු පසු සුළන් නොවදින සේ බෝතල් වල අසුරා ගන්න.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 04:17 PM

32. පැණී වළළු.

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Nov 2016 10:29 PM
Posted By සඳුනි on 10 Nov 2016 03:52 PM

23. වැලිතලප

හාල් පිටි500g

ගාගත් පොල් කප් 1 
හකුරු 500g
වතුර 
ලුනු 
එනසාල් 


හාල් පිටි වලට පොල් ටික මිශ්‍ර කරගන්න.
ඊට පස්සෙ ලුනු මිශ්‍ර වතුර ටික ටික ඉසිමින් පිට්ටු කැට හදාගන්න.පිටි ඔක්කොම එකපාර හදන්නේ නැතුව ටික ටික හදාගන්න මේ වැඩේ නම් ටිකක් ඉවසීමෙන් කරන්න ඕනී වතුර ගොඩාක් දාගන්නත් එපා. පොඩි පොඩි කැට හදාගන්න.ඊට පස්සෙ ස්ටීම්කරගන්න විනාඩි 15ක් වගෙ වෙන කොට පිට්ටු ඉදෙනවා.
භාජනයකට දාලා හදාගත් පිට්ටු කැට වෙන් වෙන්ව සිටින සේ ලිහාගන්න.උණූඋණුවෙන්ම කැට ලිහා ගත්තානම් ලේසි.
ඊට පස්සෙ හකුරු ටික පොඩිකරගෙන වතුර දාලා දියකරගෙන ලිපේ තියාගන්න.හකුරු 500g ට වතුර කෝප්ප එකහමාරක් වගේ දාගෙන එයටම තලාගත් එනසාල් ඇට තුනක් හතරකුත් දාලා හොඳින් හැදිගාන්න .
පැණි එක උතුරනකොට සාදාගත් පිට්ටු ටික ටික දාගන්න .
දැන් ලිපේ ගින්දර අඩුකරගෙන අඩිය නොල්ලන විදිහට හොඳින් කවලම්කරගන්න.
ගුලියක් වගේ එනකොට ලිපෙන් බාලා තැටියකට දාලා පැතලි කරගෙන පැය දෙකකින් විතර කෑලි කපාගන්න.

අහ් ..නංගි වැලි තලප හදන්න දන්නවද ? මම අණ කරනවා කාටහරි වැලි තලප හදන් එන්න කියල ගෙට් එකට .....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Nov 2016 11:04 PM
වැලිතලප ඕනෙනං මම හදාගෙන එන්නංකෝ අපේ අම්මට කියල එලකිරි ටිකට
මෙතනින් තාම අලුව තමා හරියට හදාගන්න බැරිව තියෙන්නේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Nov 2016 02:23 AM
වැලිතලප හදන්න පුළුවන් රජ තුමණී..

අළුවා මමත් හරියට හදා ගත්තේ ඊයේ.
පදම අාවේ ඊයෙනේ හි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Nov 2016 04:42 AM
වැළිතලප කන්න නම් මමත් හරි ආසයි.. ලංකාවට ආවම ශා මල්ලීගේ අම්මට කියලා මටත් හදලා දෙන්නකෝ .
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Nov 2016 08:55 AM
Posted By samantha on 11 Nov 2016 04:42 AM
වැළිතලප කන්න නම් මමත් හරි ආසයි.. ලංකාවට ආවම ශා මල්ලීගේ අම්මට කියලා මටත් හදලා දෙන්නකෝ .

දෙන්න පුලුවන් ඒව දෙනව අයියේ එකෙන්ම

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Feb 2017 12:58 PM
දෙන්නද ජීවි‍‍‍තේට කාලා නැති....
කනවා කියලා අහලා නැතී...
කන්න හිතන්නෙවත් නැතී.....
කෑම වට්ටෝරු ටිකක්. කන්න නෙමේ.. පුදුම වීම සදහා පමනයි.....හී..
මලොත් මම වග කියනු නොලැබේ හැබැයි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Feb 2017 07:53 PM
වැලි තලප,රුලං අලුවා,වටලප්පන්,පුහුල් දෝසි ,මස්කට්,කළු දොදොල් ,පැණිරස මුරුක්කු මේ ටිකට මං හරි ආසයි කන්න.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Feb 2017 12:43 PM
ම්ම්ම්ම්ම් පදම කෙසේ වෙතත් පදම් වෙන්න කන්න නම් පුළුවන් මේවා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2017 02:39 AM
Posted By සඳුනි on 03 Feb 2017 12:58 PM
දෙන්නද ජීවි‍‍‍තේට කාලා නැති....
කනවා කියලා අහලා නැතී...
කන්න හිතන්නෙවත් නැතී.....
කෑම වට්ටෝරු ටිකක්. කන්න නෙමේ.. පුදුම වීම සදහා පමනයි.....හී..
මලොත් මම වග කියනු නොලැබේ හැබැයි.
කෝ මේ කියපුවා.................

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Feb 2017 03:49 AM
එය දෙන්න හදලා තියෙන්නේ අර සූර පප්පා එකේ හදන්නේ කේක් එකක් අන්න ඒ වගේ කෑම ටිකක්
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Feb 2017 05:37 PM

කන්න පුළුවන් වෙයිද බලන්නකෝ..

මුලින්ම කියන්නේ මම කලා තියෙද නම් අහන්න එපා.. මම කලා නෑ.. යහපාලන 

ආණ්ඩුවේ කොස් කොළ, කොටර්ටන් කොළ වගේ මම දෙන කෑම වර්ග

0
You are not authorized to post a reply.
Page 4 of 5 << < 12345 > >>