You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Mar 2017 04:56 AM by  Sithara Godewatta
සිනා වී නොනවතින්න. හිතට ගන්නට දෙයක් අැද්දැයි සිතා බලන්න.
 91 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 5 << < 12345 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Nov 2016 01:44 AM
ඒකනේ. පොඩි ජොලියක් ගන්න හිතිලා වෙන්න අැති උන්හිටි තැන් අමතක වෙලා කියවන්නේ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Nov 2016 02:14 AM
Posted By samantha on 10 Nov 2016 11:41 PM
Posted By DanuLiyanage on 10 Nov 2016 11:35 PM
කතාව නම් හොඳයි. බිව්වම අමතකයි කියන එක නම් බොරු හොඳට මතකයි
පළපුරුද්දෙන් වගේ කියන්නේ..


ඉස්සර කකුල් දෙකෙන් නැතුව කරෙන් ආව කාලයක් තිබුනා ඒ කාලෙත් කොච්චර උස්සන් ආවත් පසුම්බිය සහ දුරකථනය මතකයි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Nov 2016 08:52 AM
අදනං උන් හිටි තැන් අමතක වෙයි කියල හිතෙනවා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Nov 2016 03:12 PM



10.කොල්ලගේ  ටිකිරි මොළේ

කැල්ල- "ඔයා මොකද ඩලො ඔය කරන්නෙ. ."

කොල්ලා- "හනි මන් මෙ මදුරුවො මරනවා. ."

කෙල්ල- "දැන් කි දෙනෙක් විතර පරලොව සැපත් කලාද. ."

කොල්ල- "ඔක්කොම 5යි, ගැනු උන් 3යි පිරිමි උන් 2යි. ."

කෙල්ල - "ලොල්, ඔයා කොහොමද උන් ගැනුද, පිරිමිද කියලා දන්නෙ. ."
.

.
.
කොල්ලා- 'තුන් දෙනෙක් කණ්ණාඩි මෙසෙ ගාව හිටියෙ, දෙන්නෙක් බියර් කැන්එක ගාව හිටියෙ. .'
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Nov 2016 04:20 PM
හ්ම්ම්ම්ම් හොදට වෙනස තෝරන්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Nov 2016 10:42 PM
ඒකත් හරි වගේ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Nov 2016 11:11 PM
ටිකිරි මොළේ නම් මරු තමයි.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Nov 2016 09:32 AM
මරු කතාව ....
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Nov 2016 09:38 AM
නියමට තෝරලා තියනවා'............මරේ මරු
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Nov 2016 06:43 PM

11.හෙලෝ කව්ද මේ?


දුරකථනය නාද විය.

1.
මහත්තය:හෙලෝ කව්ද මේ මහා රැ කතා කරන්නේ?
2.
අනිත් පැත්තෙන්:මහත්තය මන් ඔයාලගේ හොද කස්ටමර් කෙනෙක්,මහත්තයලගේ බාර් එක අරින්නේ කීයටද?

1.
මහත්තය: උදේ 9. ඇයි.
2.
අනිත් පැත්තෙන් : හා මහත්තය.

( 
සුළු මොහොතකට පසු)

දුරකථනය නාද විය.

1.
හෙලෝ කව්ද මේ?
2.
මහත්තයලගේ බාර් එක අරින්නේ කීයටද?
1.
උදේ 9.
2.
හා මහත්තය.

(
පැයකට පමණ පසු නැවත්තත් එලෙසම දුරකථන සංවාදය සිදුවිය)

රාත්‍රී 12 පමණ.

1.
හෙලෝ කව්ද මේ මහා රැ ?
2.
මහත්තයලගේ බාර් එක අරින්නේ කීයටද?
1.
උදේ 9 ඕය්. තමුසෙට උදේ වෙනකන් ඉන්න බැයිද ?
2.
හා මහත්තය.

පාන්දර නැවත දුරකථනය නාද විය.

1.
තමුසෙට මන් එක පාරක් කිව්වා.බාර් එක අරින්නේ උදේ 9 ට .තමුසෙට නින්දයන්නැද්ද ඔයි බොන්නම බලාගෙන ඉන්නේ,ඒ මදිවට අපිට නිදා ගන්නදෙන්නෙත් නැ.

2.
මහත්තය මගුලක් කතා කරනවා, මන් මේ ගෙදර යන්නේ කීයටද කියල බලන්ඉන්නවා.තමුසෙලා ඊයේ රැ බාර් එක වහල තියෙන්නේ මම ඇතුලේ ඉද්දිනේඔයි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Nov 2016 08:41 PM
ඇතුලෙ ඉන්න එකානේ අමාරුව දන්නේ..
ඒත් මෙයාට මාර චාන්ස් එක.. ඇති වනතුරු බොන්න තිබුණා..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Nov 2016 11:59 PM
මදැයි කොලා.. ආයෙනම් බොන්න නැතිව ඇති නේද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Nov 2016 08:46 AM
අපෙ කවුද එහෙම බාර් එකක් ඇතුලේ හිරවෙන්න ආසා..........................
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Nov 2016 01:20 AM
බාර් එකක් ඇතුලේ තනි වෙන්න තියේනම් මොනවා වෙයිද
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Nov 2016 05:09 AM
මොනව වෙන්නද බාගයක් ගහල වැටිල ඉදියි අපතයා වගේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Feb 2017 06:18 PM
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Feb 2017 06:21 PM

12. ආදර කතාවක් 
මම විවාහ උන දවසේ මම මගේ බිරිදව මගේ අත් දෙකෙන් ඔසවාගෙනයි අපේ නිවසට ආවේ. අපේ මංගලරථය අපේ නිවස ඉදිරියේ නතර කලාට පස්සේ මගේ යහලුවන් ගේ බල කිරීමට නිවස දක්වා ඇයව අත්දෙකෙන් ඔසවාගෙන යන්න සිද්ධ උනා.ඒ දවස් වල ඇය ගොඩක් ලස්සනයි ඒ වගේම ගොඩක් ලැජ්ජයි.

ඒ වසර 10කට පෙර අතීතේ. අපි දෙන්නාගේ විවාහ ජීවිතේ මුල් අවදිය පිරිසිදු වතුර වීදුරුවක් වගේබොහෝම ලස්සනවත් නිස්කලංකවත් ගෙවිලා ගියා. අපිට ලස්සන පුතෙක් ලැබුනා,මම රැකියාව අත් හැරලාමගේම ව්‍යාපාරයක් ආරම්භ කලා.ව්‍යාපාරය දියුණු වුනා. මගේ අතේ යහමින් මුදල් ගැවසුනා.මගේ බිරිදසේවය කලේ රජයේ ආයතනයක,අපි දෙන්නා හැමදාම උදේ එකටයි රැකියාවට පිටත් වුනේ. අපේ එකමපුතා අධ්‍යාපනය ලැබුවේ නගරයේ හොද පාසලක නේවාසිකව.පිටත ඉදන් බලන කෙනෙකුට පෙනුනේ අපිදෙන්නා ගොඩක් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා වගේ. ඒත් අපි දෙන්නා අතර බැදීම ටික ටික අඩුවෙන බවක් මට තේරුණා. 

ඈන් මගේ ජීවිතේට ආවේ මේ දවස් වල..

ඒ පැහැබර කාලගුණයක් තිබුන දවසක්. මම හිටියේ සදළුතලයට වෙලා.මේ මම ඈන් වෙනුවෙන් මිලදී ගත්තට්ටු නිවාසය....මගේ පිටුපසින් පැමිනි ඈන් මාව වැලදගත්‍තා.අපි දෙන්නා මුන ගැසුනාම ඇය මට ලබාදෙන මහත් වූ ආදරයට සහ ඇගේ ලස්සන සිරුරට මම මේ වෙනකොට වශී වෙලා හිටියේ. මම මගේ බිරිදටකරන්නේ ලොකු වරදක් බව මට තේරුනත් එය නවත්වන්න මට හැකියාවක් තිබුනේ නෑ.මේ වෙනකොටමගේ බිරිදගෙන් දික්කසාදය ලබා ගන්න බව. මම තීරණය කරලා ඉවරයි.කාලයකට ඉහත මම හිතන්නවත්කැමති වුනේ නැති 'දික්කසාදය' කියන දේ දැන් මට පෙනුනේ මගේ වර්තමාන ජීවිතෙන් මාව ගලවලා ඈන්මගේ ලගට ගේන මගේ ගැලවුම්කාරයෙක් වගේ.

නමුත් මට ලොකු ප්‍රශ්ණයක් තිබුනා. ඒ වෙන කිසිවක් නෙවේ මේ දේ මගේ බිරිදට දැනුම් දෙන්නේකොහොමද කියලා.කොච්චර මෘදු විදියට මේ දේ මම බිරිදට කිව්වත් එයා ඒකෙන් ගොඩක් සිත් වේදනාවටපත් වෙන බව මම දැනගෙන හිටියා.අවංකවම කිව්වොත් ඇය පිරිමියෙකුට ලබන්න පුලුවන් ඉතාම හොදබිරිදක්.උදේ පාන්දර මම නිදාගෙන ඉන්නකොට ඇය තනියම උදේ ආහාරය සකසනවා, හැමදාම හවස වැඩඅවසන් කරලා ගෙදර ඇවිත් මම රූපවාහිනිය ඉස්සරහට වෙලා ඉන්නකොට ඇය රාත්‍රී ආහාරය සකසනවා,ඇය කවදාවත් අනවශ්‍ය දේට මුදල් වියදම් කලේ නෑ,හැමදෙයක්ම කරන්න කලින් මගේ මතය විමසන්නටඇය පුරුදු වී සිටියා,අපේ පුතාගේ කටයුතු ගැන ගොඩක් සොයලා බැලුවේ ඇයයි.අවංකවම බිරිදක් වශයෙන්මට ඇගේ කිසිම අඩුපාඩුවක් පෙනුනේ නෑ.

දවසක් මම උදේ ආහරය ගන්න මොහොතේ විහිලුවට වගේ ඇගෙන් ඇහුවා"හිතන්න අපි දික්කසාද වෙනවාකියලා...ඔයා මොකද ඊට පස්සේ කරන්නේ?" කියලා.
ඇය පිලිතුරක් දුන්නේ නෑ,කෑම කන එකත් නවත්තලා මගේ දිහා තත්පර කීපයක් බලාගෙන හිටියා.දික්කසාදය කියන දේ ගැන ඇගේ සිතේ අහලකවත් නැති බව මම එයින් තේරුම් ගත්තා

ඊට පස්සේ දවසක බිරිද මගේ කාර්යාලයට ආවා. ඒ වෙනකොට ඈන් කාර්යාලයේ හිටියේ නෑ. මගේසේවකයෝ ඇය දිහා බැලුවේ අනුකම්පා සහගතව,ඔවුන් ඇයත් සමග කතා කිරීමේදී යමක් ඇගෙන් වසන්කරන්න උත්සාහ දරන බව පෙනුනා. මේ වෙනකොට කාර්යාලයේ සියලුම සේවකයෝ මගෙත් ඈන්ගෙත්සම්බන්ධය ගැන දැනගෙනයි හිටියේ.මම හිතන්නේ සේවකයන්ගේ හැසිරීමෙන් ඇයට යම් ඉගියක්ලැබෙන්න ඇති. ඇය ඔවුන් සමග හිනා වෙලා කතාකලත් ඇගේ දෑස් වල ලොකු වේදනාවක් ඇති බව මමදුටුවා.

එදින සවස ඈන් කාර් යාලයට ආවා.

"
ඔයා බෙකීගෙන් දික්කසාද වෙන්න ඉක්මනට.ඊට පස්සේ අපි දෙන්නට එකට ජීවත් වෙන්න පුලුවනි" ඇයදෑස් අඩවන් කරලා කිව්වා.

මම ඔලුව වැනුවා,තවදුරටත් පමා වීමෙන් පලක් නෑ කියලා මට හිතුනා.එදා රාත්‍රී ආහාර වේල ඉවර වෙලාබිරිද නැගිටින්න යනකොට මම හිතට ධෛර්ය අරගෙන කතාව පටන් ගත්තා.

"
බෙකී පොඩ්ඩක් ඉන්න,මට ටිකක් කතා කරන්න ඕනි ඔයා එක්ක"

ඇය යලිත් වාඩි වෙලා මේසය දිහා බලාගෙන හිටියා.මම ආයෙත් දැක්කා ඇගේ දෑස් වල සැගවිලා තියනවේදනාව..මට කතා කරගන්න බැරි උනා,උගුරේ යමක් හිරවෙලා තියනවා වගේ තේරුනා.
ඒත් මම ඇයට කියන්න ඕනෙ මට ඇගෙන් දික්කසාද වෙන්න අවශ්‍ය බව..මම හෙමින් හෙමින් මගේඉල්ලීම ඇයට ඉදිරිපත් කලා,නමුත් ඇය ඒ වචන වලට ගොඩක් සැලුන ආකාරයක් පෙනුනේ නෑ.අවසානයේඇය ඇහුවේ එකම එක ප්‍රශ්ණයක් විතරයි,

"
ඇයි"

මට දෙන්න උත්තරයක් නැති ප්‍රශ්ණයත් එයයි. මම ඒ ප්‍රශ්ණෙට උත්තරයක් නොදී මග හැරියා. 

"
ඔයා මිනිහෙක් නෙවේ" ඇය ඇගේ කෝපය පිට කලේ එහෙම.

ඊට පස්සේ එදා රෑ අපි දෙන්නා වචනයක්වත් කතා කලේ නෑ. රාත්‍රිය පුරාම ඇය ඉකිබිදින ශබ්දය මටඇහුනා.අපේ විවාහ ජීවිතේ දෙදරා යන්න හේතුව දැන ගන්න ඇයට අවශ්‍ය බව මට තේරුනත් ඒ සදහා දියයුතු පිලිතුරක් මගේ සතුව තිබුනේ නෑ.එකම හේතුව ඈන්,ඇගේ ලස්සන සිරුරටත් ඇය මට ලබා දෙනආදරයටත් මම වශී වෙලා,නමුත් මට ඒ බව බෙකී සමග පැවසීමේ හැකියාවක් නෑ.

ඊට පහුවදා මම අපේ දික්කසාද කොන්දේසි ලියවිල්ල සකස් කලා. අපි ජීවත් වන නිවස, අපේ මෝටර් රථයසහ මගේ ව්‍යාපාරයෙන් 30%ක් මම එයින් ඇයට පැවරුවා. මම ඒක ඉදිරිපත් කලාම ඒ දෙසවත් නොබලාඑය කෑලි කෑලි වලට ඉරා දැමූ ඇය යලිත් ඉකිගසමින් වැලපුනා. මගේ හිතට යලිත් වරදකාරී හැගීමක්දැනුනා.ඇය කවදාවත් මිල මුදල් වලට ආශා කල කාන්තාවක් නොවේ.

පහුවදා මම වැඩ අවසන් වෙලා එනකොට ප්‍රමාද වුනේ මගේ ගනුදෙනුකරුවන් සමග පැවති සාදයක්හේතුවෙන්. මම එනකොටත් ඇය අවදියෙන්.මගේ ලගට පැමිනි ඇය යම් ලියැවිල්ලක් මට ලබා දුන්නා.ඒඇගේ දික්කසාද කොන්දේසි. 
ඇයට මගෙන් කිසිවක් අවශ්‍ය නෑ. නමුත් ඇයට දික්කසාදයට මසක කාලයක් අවශ්‍ය බව එහි සටහන් වුනා.ඒ මසක කාලය අපි කලින් හිටියා වගේම සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඕනෙ.ඇය හේතුව ලෙස දක්වාතිබුනේ අපේ පුතා. ඔහු මේ දවස් වල පාසල් නිවාඩුව සදහා නිවසට පැමින සිටින අතර තව මාසයක් ඔහුනිවසේ සිටිනවා. ඒ මාසය ඇතුලත තම දෙමව්පියන් වෙන් වනවා ඔහුට පෙන්වීමට අවශ්‍ය නොවන බව ඇයදන්වා සිටියා.

මම කොන්දේසි පත්‍රය දිහා බලන් ඉන්නකොට ඇය කතා කලා

"
ජැක්...ඔයාට මතකද අපි බැදපු දවසේ ගෙදරට ආපු විදිය?"

මේ ප්‍රශ්ණයෙන් මගේ මතකය තවමත් සුන්දර මතකයක් විදියට මගේ හිතේ තැන්පත් වෙලා තියන අපේවිවාහ දවසට ඇදිලා ගියා.

"
හ්ම්ම්...ඔව් මතකයි"මම කිව්වා.

"
ඔයා එදා මාව අත් දෙකෙන් ඔසවාගෙනයි ආවේ" ඇය දිගටම කතා කලා. 

"
මගේ ඉල්ලීමක් තියනවා...අපි දික්කසාද වෙන දවසෙත් ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත්දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ,හරියට අපේ මංගල දවසේ වගේ...අද ඉදලා අපි දික්කසාද වෙන දවසදක්වා තියන මාසේ ඇතුලතත් හැමදාම ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන්ඔසවාගෙන යන්න ඕනෙ"

"
හා..." මම හිනා වෙලා ඇගේ අහිංසක ඉල්ලීමට එකග වුනා.

පහුවදා ඈන් හමුවුන වෙලාවේ බෙකීගේ ඉල්ලීම මම ඇයට පැවසුවා. මහ හඩින් සිනා සුන ඇය පැවසුවේ එයමහ මෝඩ ඉල්ලීමක් බවයි.

"
එයා මොන මොන සෙල්ලම් දැම්මත් මාසෙකට පස්සේ එයාට දික්කසාද වෙන්න වෙයි"ඇය සමච්චල්සහගත ලෙස පැවසුවා.

දික්කසාදය පිලිබද බෙකීට දැනුම් දුන්න දවසේ ඉදලා අපි දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් තිබුනේනෑ,අපි ජීවත් වුනේ ආගන්තුකයෝ දෙන්නෙක් වගේ. ඒ නිසා පලවෙනි දවසේ මම ඇයව අත් දෙකෙන්ඔසවාගෙන යනකොට අපි දෙන්නාව පෙනුනේ බොහෝම අවලක්‍ෂණව,අපි දෙන්නම ගොඩක් අපහසුවෙන්ඒ අවස්ථාවට මුහුන දුන්නේ.

"
මෙන්න තාත්තා අම්මාව උස්සගෙන යනවා..." අපේ පුතා අපිව දැකලා සතුටෙනුත් පුදුමෙනුත් අත්පොලසන්දෙමින් කෑ ගැසුවා.

ඒ වචන වලින් මට දැනුනේ ලොකු වේදනාවක්.

"
අපි අද ඉදලා පටන් ගමු...මේ ගැන පුතාට දැන ගන්න දෙන්න එපා" නිවසින් එලියට ආ පසු ඇය සෙමින්පැවසුවා.මම ඔලුව සොලවා ඇයට එකග වුනා.

දෙවෙනි දවසේ පලවෙනි දවසට වඩා පහසුවෙන් අපි දෙන්නම හැසිරුනා. ඇය මගේ පපුවට බර වුනා. අපිදෙන්නා ගොඩක් ළං වුන නිසා මට ඇගේ විලවුන් වල සුවද දැනුනා.මට මතක් වුනා මට ගොඩක් ලෙන්ගතුවසිටි මේ කාන්තාව ගැන මම දිගු කාලෙකින් හරියට සොයා බැලුවේ නැති බව....ඇගේ මුහුනේ පැහැදිලි ලෙසරැලි දක්නට ලැබුනා,ඇය පෙර මෙන් තරුණ නැති බව මට වැටහුනා.


0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Feb 2017 06:25 PM
තුන් වෙනි දවසේ ඇයව ඔසවාගෙන යනකොට ඇය මගේ කනට කරලා මෙහෙම කිව්වා,
"
ඊයේ වැස්සට මිදුල මඩ වෙලා...පරිස්සමින් යන්න"

හතරවෙනි දවසේ මම ඇයව ඔසවා ගන්නකොට මට දැනුනේ අපි දෙන්නා තවම කලින් ආදරෙන් හිටියපෙම්වතුන්
 යුවලමයි කියලා. ඈන් පිලිබදව මගේ තිබුන මතකය ටිකක් විතර අපැහැදිලි වෙලා බවත් මටවැටහුනා.

පස්වෙනි සහ හයවෙනි දවස් වලත් මම ඇයව ඔසවාගෙන එනකොට ඇය මගේ කනට කරලා යම් යම්දේවල්
 පැවසුවා, සෝදලා මැදපු මගේ ඇදුම් තියලා තියන තැන්,උයනකොට ප්‍රවේශම් වෙන්න වගේ පොඩිපොඩි දේවල්. 
මට දැනුනා මේ වෙනකොට අපි දෙන්නාගේ බැදීම තවත් වැඩි වෙලා තියන බව.මම ඈන්ට ඒ බව කිව්වේනෑ.

දවසින් දවස මට තේරුණා ඇයව ඔසවාගෙන යාම වඩ වඩා පහසු වන බව,මට හිතුනේ දවසින් දවස මමශක්තිමත් 
වෙනවා කියලා. දවසක් උදේ ලෑස්ති වෙනකොට මම මේ බව බෙකීට කිව්වා,ඒ වෙනකොට ඇයඅදින්න ඇදුමක්
 තෝරනවා.ඇය සූදානම් වෙනකන් මම බලාගෙන හිටියේ ඇයව ඔසවාගෙන යන්න..,

"
බලන්නකෝ මේ හැම ඇදුමක්ම දැන් මට ලොකුයිනේ" ඇය කනස්සල්ලෙන් පැවසුවා.මම එයට සිනාසුනත් මට 
තේරුනා දවසින් දවස ඇයව ඔසවාගෙන යෑම පහසු වෙන්නේ දවසින් දවස ඇය කෙට්ටු වනනිසා මිසක් මම ශක්තිමත් 
වන නිසා නොවන බව..ඇය ඇගේ වේදනාවන් සියල්ල හදවතේ සිරකරගෙනසිටින බව මට වැටහුනා.මට ඇය ගැන 
දැනුනේ ලොකු වේදනාවක්.මටත් නොදැනුවත්වම මම ඇගේ හිස අතගෑවා.මේ වෙලාවේ අපේ පුතා කාමරේට පැමිනියා

"
තාත්තේ අම්මව ඔසවගෙන යන්න වෙලාව හරි" ඔහු කෑ ගැසුවා. 

මම බෙකීව ඔසවගෙන යනවා නැරඹීම දැන් ඔහුගේ ජීවිතේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා. තමන්ගේ ලගටඑන්න කියලා
 පුතාට ඉගි කරපු ඇය පුතාව තදින් බදා ගත්තා.මම හිස හරව ගත්තේ මගේ දෑසට නැගුන කදුලුඇය දකීවි කියලා.දික්කසාදය 
පිලිබද මගේ තීරණය වෙනස් වේවි කියලා මට බය හිතුනා.මම ඇයව ඔසවාගත්තා,ඇය අතක් මගේ ගෙල වටා දැම්මා,මම 
ඇයව මගේ ඇගට තද කර ගත්තා,හරියටම අපේ විවාහදිනයේදී වගේ.

දවසි දවස ගෙවිලා ගිහින් අවසන් දිනය උදා වුනා. මම ඇයව ඔසවා ගත්තත් මට ඉදිරියට යන්න අපහසු බවතේරුනා. 
අපේ පුතා මේ වෙලාවේ පාසල් ගිහින් තිබුනේ.

"
මම හිතුවා අපි මහලු වෙනකන්ම ඔයා මාව එදා වගේ ඔසවාගෙන යාවි කියලා" ඇය හෙමින් කිව්වා,ඇගේදෑස් වල
 කදුලු පිරිලා.

"
අපි දෙන්නම තේරුම් ගත්තේ නෑ අපි දෙන්නගේ ජීවිත වලට ඒ වගේ බැදීමක් අවශ්‍ය බව" මම ඇයව මගේසිරුරට තද 
කර ගන්න ගමන් කිව්වා.

මට වැටහුනා මම කල යුතු දේ.මම වේගයෙන් මෝටර් රථය පදවගෙන කෙලින්ම ගියේ කාර්යාලයට,මෝටර් රථයෙන්
 බැස්ස මම ගියේ ඈන් ලගට.

"
මම දික්කසාද වෙන්නේ නෑ..." මම ඇයට කිව්වා.ඇය සිතුවේ මම විහිලුවක් කරනවා කියලා,ඇය සිනාසුනා.

"
මම මේ කියන්නේ ඇත්ත...මම දික්කසාද වෙන්නේ නෑ"

ඇය මගේ දිහා පුදුම වෙලා බැලුවා. 
"
ඔයාට උන හැදිලාද?" ඇය මගේ නලලට අත තියන ගමන් කිව්වා.

"
මට සමාවෙන්න ඈන්... මම බෙකීගෙන් දික්කසාද වෙන්නේ නෑ...මම මේ ඇත්ත කියන්නේ...මගේ විවාහජීවිතේ 
ඒකාකාරී උනේ අපි දෙන්නට දෙන්නා ආදරේ නැති නිසා නෙවේ...අපි දෙන්නා ජීවිතේ කුඩා දේවල්වල තියන අගය 
තේරුම් ගත්තේ නැති නිසා...මම දැන් තේරුම් අරන් තියෙන්නේ මම ඇයව මංගල දිනයේඔසවාගෙන ආපු මොහොතේ
 ඉදලා,ඇය අපේ දරුවාව බිහි කල මොහොතේ ඉදලා මම මිය යනකන්ම ඇයවඔසවාගෙන යන්න අවශ්‍ය බව,මට ඒ බව 
තේරුනේ පහුගිය මාසය පුරාම මම බෙකීව ඔසවාගෙනයනකොට,මට සමාවෙන්න"""

ඈන් හදිසියේ සිහිනයකින් අවදි වුනා වගේ ඇයට සියල්ල වැටහුනා...මගේ කම්මුලට තදින් පහරක් ගැසූ ඇයහඩමින් 
කාර්යාලයෙන් ඉවතට දිව ගියා.

මම බෙකීට ඇමතුමක් දීලා කිව්වා මම ඇයව හමුවෙන්න එන බව.
ඇය හමු වීමට යන අතරතුර,මල් සාප්පුවකට ගොඩ වැදුනු මම එයින් ඇය කැමතිම වර්ගයේ මල් කළඹක්ඇනවුම් කලා.
මල් සාප්පුවේ සිටි ගැහැණු ළමයා මට කිව්වා කාඩ් පතේ මගේ සුභ පැතීම සටහන් කරන්නකියලා. 

"
මම මිය යන තුරු හැමදාම උදේට ඔයාව ඔසවාගෙන යන්නම්" කියා මම එහි සටහන් කලා
.
.
.
.
.
සමාප්තයි!!

උපුටා ගැනීමකී..
ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්..


 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Feb 2017 06:29 PM
"මගේ විවාහජීවිතේ ඒකාකාරී උනේ අපි දෙන්නට දෙන්නා ආදරේ නැති නිසා නෙවේ...අපි දෙන්නා ජීවිතේ කුඩා දේවල්වල තියන අගය
තේරුම් ගත්තේ නැති නිසා...මම දැන් තේරුම් අරන් තියෙන්නේ මම ඇයව මංගල දිනයේඔසවාගෙන ආපු මොහොතේ
ඉදලා,ඇය අපේ දරුවාව බිහි කල මොහොතේ ඉදලා මම මිය යනකන්ම ඇයවඔසවාගෙන යන්න අවශ්‍ය බව"
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Feb 2017 06:31 PM
ඉතාමත් සුන්දර කතාවක්.. ඇසට කඳුලක් ආවා..
මිනිසුන් නිවැරදි තීරණ ගන්නේ ගොඩක් පමාවෙලා.. එතකොට ගොඩක් දේවල් අහිමිවෙලා තියෙන්නත් පුළුවන්..
0
You are not authorized to post a reply.
Page 4 of 5 << < 12345 > >>