You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Mar 2017 04:56 AM by  Sithara Godewatta
සිනා වී නොනවතින්න. හිතට ගන්නට දෙයක් අැද්දැයි සිතා බලන්න.
 91 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Nov 2016 04:21 AM
කවුරු හරි දන්නවද දෙවියන් මිනිස්සුන් සහ සතුන් අතර අායුෂ බෙදා දුන් අාකාරය ගැන කතාව.
මම අහලා තියේ හරියටම මතක නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් මේකට දාන්න කෝ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Nov 2016 09:02 AM
චාමරටත් මරු මරු ඒවනෙ හම්බ වෙන්නේ.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Nov 2016 02:49 PM



07.සුපිරි මොලේ

ඔන්න මන්ත්‍රීතුමා සිය බිරිද සමග රාත්‍රී ආහාර ගනිමින් ඉද්දී හදිස්සියේම විදුලිය ඇන හිටියලු.
පස්සේ ඔවුන් ඉටිපන්දමක් දල්වා  ගෙන ආහාර ගන්න වුනාලු.
  ''හරිම දාඩියයි !, '' බිරිද කිව්වලු.
   
  ''ඉන්න මම ෆැන් එක දාන්නම්''
                              මන්ත්‍රීතුමා නැගිට්ටලු.
  
     ''ඔයාට පිස්සුද ? එතකොට ඉට්පන්දම නිවෙයිනේ''

                  බීරිදට සැර වුනාලු.


හී


''කොහොමද මතකේ තරම''

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Nov 2016 03:14 PM
මාරු කතා ටික .. පාඩම් ගොඩයි ...අන්තිම කතාවේ ඉන්නේ ලංකාවේ මන්ත්‍රී ජෝඩුවක් ඕනා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Nov 2016 03:40 PM
ඔව් ඔව් රෝසි අක්කේ ඒ අැබැද්දිය නම් වුනේ ලංකාවේ මන්ත්‍රී කෙනෙකුට තමා.
ඒත් ඉතින් මෙහෙ මන්ත්‍රීලාගේ පොටෝ දන්න බෑනේ.
හී

කැලෑ පත්තර ගැහුවා කියයි....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Nov 2016 08:55 PM
Posted By සඳුනි on 06 Nov 2016 01:07 AM

06. හදුන ගන්නේ කොහොමද?


ඔන්න ඉතින් අද මම ඔයාලට ගේන කතාවෙ නම් ගන්න අාදර්ශයක් තියෙද මන්දා. සිනාසී නතර

වන්නකෝ.


    ඔන්න දවසක් විදේශික තරුණයන් දෙදෙනෙක් සමග ලංකාවේ තරුණයෙක් සංචාරයේ යනවලු. 

ඔන්න ඉතිං ඒදා ඒයාලා ගියේ පුංචි ගමක් මැදින් ගලා ගිය ගගක් බලන්නලු.


    ඉතිං මේ ගග දැක්කම විදේශික තරුණයන්ට නාන්නම ඔනෙ වුනාලු. මොනවා කරන්නද අැදුම් 

ගෙනාවෙත් නෑ කිසි සුදානාමක් නෑ. ඒ හරියේ පොඩි වන ලැහැබක් තිබුණු නිසා වැඩිය සෙනග ගැසුනේ 

නැහැලු. ඉතිං අැදුම් ටික ගලවලා තියලා ගගට බැහැලා තුන්දෙනා ඒක්ක නෑවලු.


     නාලා ගොඩට අාවලු අැදුම් අැද ගන්න. දෙයියනේ මෙන්න නොහිතපු විදියට ගමේ තරුණියන්

 කීපදෙනෙක් ඒනවලු නාන්න. දැන් කාට කියන්නද ගගට පයින් වෙලාත් නෑ අැදුම ගන්න වෙලාත් නෑලු. 

අත් දෙකෙන් වහ ගත්තලු. මේ තුන්දෙනාව දැක්ක තරුණියෝ පැණලා දිව්වලු.


        දැන් ඔන්න අර අපේ ලංකාවේ තරුණයා ,තරුණියන්ට බයේ වහ ගත්තේ විලි ලු. ඒත් අර විදේශ තරුණයෝ 

දෙන්නා වහ ගත්තේ දෑතින්ම මුණලු. උන් දෙන්නා මූණ වහන් ඉන්නවා දැකලා. අැහුවලු '' මොකද ඔයාලා

 දෙන්නා මුණ වහ ගත්තේ දකින්න ඔනේ ඒවා අර කෙල්ලෝ දකින්න අැතිනේ ''කිව්වලු.


          ඒකට හිනා ගිය විදේශක තරුණයෙක් අැහුවලු. ''ඔබලා රටේ මිනිස්සු අදුර ගන්නේ මුනෙන් නෙමෙයිද ?

  ඔබ මුණ වහ ගන්නේ නැතුව වෙන තැනක් වහ ගත්තේ'' අැහුවලු.


හී. ඔන්න වැඩේ දීපල්ලකෝ උත්තර....


මේකෙත් හිතන්න යමක් තියෙනවා...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Nov 2016 09:04 PM
Posted By සඳුනි on 31 Oct 2016 01:06 AM

04.අන්ධ තරුණියගේ කතාව

මේකනම් නිතරම අහලා අැති.....

  මේක පුංචි ආදර කතාවක්. එක පුංචි නගරයක ඇස් දෙකම 

පේන්නේ නැති ලස්සන ගෑනු ළමයෙක් හිටියලු.තමන් අන්ධ 

කෙනෙක් උන් එක ගැන එයා එයාටම වෛර කළාලු.

 ඇයට ආදරය කරපු තරුණයෙකුත් හිටියලු.මේ ගෑනු 

ළමයා තමන්ගේ ආදරවන්තයට ඇර මුළු ලෝකයටම

 වෛර කළාලු. ඇය තමන්ගේ ආදරවන්තයට කියල 

තිබුණා ඇය කවද හරි ඔහුත් සමඟ විවාහ වෙන්නේ ඇයට

 ඇස් පෙනීම ලැබුනොත් විතරයි කියලලු.


කොහොමහරි මෙයාගේ වාසනාවට එයාට ඇස් දෙකක් 

පරිත්‍යාග කරන්න කෙනෙක් ඉදිරිපත් වෙලා තිබුණාලු.ඉතින් ටික 

කාලෙකින් ඇයට ඇස් පෙනීම ලැබුණාලු. ඇයට තමන්ගේ ආදරවන්තයා 

වගේම මුළු ලෝකයමදකින්න වාසනාව ලැබුණාලු. ඇයගේ ආදරවන්තයා 

ඇහුවා'' ඔයා දැන් මාව කසාද බඳිනවද ''කියලා.

  ඒත් තමන්ගේ ආදරවන්තයත් අන්ධයි කියලා දැක්කම එයා පුදුමවුණාලු.

 ඇය කැමතිවුනේ නෑ අන්ධ මනුස්සයෙක්ව කසාද බඳින්න. ඇය

 ඔහුගෙන් වෙන්වෙලා වෙනත් නගරයකට ආවාලු.

ටික කාලෙකින් මෙයාට අර තරුණයාගෙන් ලියුමක් ලැබුණලු.
ඒ ලියුමෙන් ඔහු ඉල්ලලා තිබුනේ......... ''ඔයා මගේ ඇස් දෙක 

පරිස්සම් කරගන්න ''කියලා විතරයි.

''අපි බොහොම වේදනාවෙන් ගෙවපු කාලයක් වුනත් 

අපි ඒ තත්වයෙන් මිදුනම බොහොම ඉක්මනට 

අමතකකරලා දානවා. එතකොට අපිට ඒ තත්වයෙන්

 ඉන්න අනිත් මිනිස්සු ගැන කිසිම හැගීමක් නැහැ. 

අැත්ත ඒක නේද?''


ගොඩක් අයට මුල අමතක වෙනවා ...................
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Nov 2016 05:21 AM
Posted By සඳුනි on 07 Nov 2016 02:49 PM



07.සුපිරි මොලේ

ඔන්න මන්ත්‍රීතුමා සිය බිරිද සමග රාත්‍රී ආහාර ගනිමින් ඉද්දී හදිස්සියේම විදුලිය ඇන හිටියලු.
පස්සේ ඔවුන් ඉටිපන්දමක් දල්වා  ගෙන ආහාර ගන්න වුනාලු.
  ''හරිම දාඩියයි !, '' බිරිද කිව්වලු.
   
  ''ඉන්න මම ෆැන් එක දාන්නම්''
                              මන්ත්‍රීතුමා නැගිට්ටලු.
  
     ''ඔයාට පිස්සුද ? එතකොට ඉට්පන්දම නිවෙයිනේ''

                  බීරිදට සැර වුනාලු.


හී


''කොහොමද මතකේ තරම''

වායුසමනය කරලා තිබුණ නම් දාඩිය දාන්නෙත් නෑ.. ඉටිපන්දම නිමෙන්නෙත් නැහැ...

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Nov 2016 06:35 AM
ඔන්න තව කතාවක් කිව්වා ඉන්දික අයියා.
හී
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2016 06:39 AM
හරියට හරි ඉන්දික අයියේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Nov 2016 02:44 PM


08.  බාබර්ගේ විනෝදාශය.


මේක
 ඇමරිකාවේ බාබර් කෙනෙක් ට වෙච්ච මහා ඛේදජනක කතාවක් ...

මේ බාබර් හරි කැමති ලු අනික් රට වල විස්තර දැනගන්න..ඔන්න එක දවසක්

 කොන්ඩේ කපාගන්න කියලආවලු අයිස්ලන්තේ කොල්ලෙක් .කොල්ලෙක් කිව්වට

 උගේ රැවුල එහෙම හරියට වැවෙන්නැතිලු ..අවුලක්නෑ .ලංකාවෙත් ඉන්නවනේ එහෙම

 කොල්ලෝ.

ඉතින් බාබර් අය්යා කොන්ඩේ කපන ගමන් shape එකේ ඇහුවලු, 

"
මල්ලි අපේ රටේ නෙමේ නේ?"

"
නෑ අය්යා ,මම අයිස්ලන්තේ...." උගේ කටහඬ ඇහුවම බාබර් අය්යට justin bieber 'කොල්ලව' මතක්උනාලු . 

ඒ වෙලාවේ බාබර් අය්යට ටිකක් බයක් එහෙමත් දැනුලලු මූ bieber කාරය වගේද දංනෑ කියල.. 

ඕනේ එකක් කියල බාබර් අය්ය කිව්වලු, 

"
මල්ලි ,මගේ විනෝදාංශය තමයි අනික් රට වල විස්තර දැනගන්න එක.කියන්නකෝ බලන්න මල්ලිඅයිස්ලන්තේ

 ගැන විස්තර ටිකක් .(මෙව්වා ඔක්කොම කියන්නේ ඉංගිරිසියෙන් හරිය! )"

ලේසි ප්රශ්නයක් නේ .අරූ ඉතින් කියාගෙන කියාගෙන ගියාලු ..මගේ රට ලස්සනයි .එහේ අයිස් තියනවා..blah blah blah 

බාබර් අය්ය හිමින් හිමින් කොන්ඩේ කපන අතරේ අරූ රට ගැන ලොකු විස්තරයක් කිව්වලු.බාබර් අය්යටදැන් මාර happy .

කොන්ඩේ කපල ඉවර වෙලා සල්ලි දික්කරාලු අයිස්ලන්තේ කොල්ල .

"
අනේ මල්ලි සල්ලි එපා .මට සල්ලි වලට වඩා වටිනවා මල්ලිගේ රට ගැන දැනගන්න ලැබිච්ච එක.ආයිදවසක් ඇවිත්

 මට තව රට ගැන විස්තර ටිකක් කියන්නකෝ.රටේ ඉතිහාසේ එහෙම .."

අරු ඉතින් සල්ලි ගන්න කියල බල කරන්නේ ගියෙත් නැතිලු .thank you කියල shape එකේ ගියාලු... 

ඊට පස්සෙන්ද උදේ බාබර් අය්ය සුපුරුදු ලෙස උදේ පාන්දරින්ම කඩේ දොර ඇරීයලු.මෙන්න බොලේතියනවලු 

පාර්සලයක්.මනුස්සය පට පට ගාල පාර්සලේ ඇරලා බැලුවලු . අයිස්ලන්තේ කොලු මල්ලිගෙන්පොඩි present

 එකක්...අයිස්ලන්තේ ලස්සන තැන් ගොඩක photo එකක් රාමු කරලා ලස්සනටඑවල..බාබර් අය්යට ලොවෙත්

 හිත පිනා ගියාලු..

මිනිහ ඉතින් happy එකේ bieber කොලු ගේ baby සින්දුවත් දාගෙන වැඩ ඇරඹුවලු..(කොන්ඩ කපන වැඩ)

ඔන්න එදා ආවලු තව කොල්ලෙක් .මූ පින්ලන්තේ ...පින්පාට කොලුවා..රැවුල එහෙමත් වැවෙනවා.

ඉතින් සුපුරුදු ලෙසම අය්ය රට ගැන අහල, සල්ලි නොගෙන dial එක පිටත් කරාලු ..ඊට පස්සෙන්ද අය්යටකලින්

 වගේම වටිනා කියන තෑග්ගකුත් ලැබුනලු. 

ඒ වැඩෙන් දැන් අය්යට ලාබයි ලු කොන්ඩේ කපල සල්ලි ගන්නවට වඩා..ඉතින් ඕක පුරුද්දක් විදියටකරගෙන

 ගියාලු ..ඔන්න ඊටපස්සේ තමයි අය්ය ට මම කියපු ඛේදජනක සිද්දියට මුහුණ දෙන්නේවෙන්නේ.. 

එක දවසක් ආවලු කොන්ඩේ කපන්න කියල හොඳ handsome කොල්ලෙක්. .handsome කිව්වම ඉතින්අමුතුවෙන්

 කියන්නේ ඕනේ නෑ නේ කොල්ල ලංකාවේ කියල .. 

ඉතින් වෙනද වගේම බාබර් අය්ය හිමින් හිමින් කොන්ඩේ කපන ගමන් ලංකාව ගැන විස්තර ටිකක් ඇහුවලු..

ලංකාවේ එකා මහලොකු දෙයක් කිව්වේ නෑලු .ඌ වත්මන් රජ පරම්පරාවේ වීර ක්‍රියා ටිකක් විස්තර කරාලු.ඕක

 අහපු බාබරයට ෆුල් ආතල් ලු…මෙහෙම දේවල් ලෝකේ වෙනවා කියල ඇහුවම..

කපල ඉවර උනාම (…කොන්ඩේ ) ..කොල්ල සල්ලි දික් කරාම අය්යා usual dialogue එක කිව්වලු...

""
අනේ මල්ලි සල්ලි එපා .මට සල්ලි වලට වඩා වටිනවා මල්ලිගේ රට ගැන දැනගන්න ලැබිච්ච එක.ආයිදවසක් 

ඇවිත් මට තව රට ගැන විස්තර ටිකක් කියන්නකෝ..."

කොල්ලට දැන් මල් හතයි ..වෙනද ඩොලර් 7-8 ක් දීල කරගන්නේ වැඩේ නේ..අය්යා බුදු වෙන්නේ ඕනේකියන 

එක ඇරෙන්න ඉතුරු ටික ඔක්කොම කියල thanks කරලා මිනිහ මාරු වෙලා ගියාලු ..

ඊට පස්සෙන්ද උදේ පාන්දරම සුපුරුදු ලෙස බාබර් අය්ය මොකක්ද තෑග්ග කියල බලන්න හනි හනිකට 

දොරඇරියලු ..

අම්මට සිරි හැතැම්ම දෙකක් විතර පෝලිමක් ඉන්නවලු කොන්ඩේ කපන්න.. අය්යගේ මනෝ ද්වාරයවික්ෂිප්ත 

වෙලා ගියාලු.. 
.
බාබර් අය්ය ඉස්සරහම හිටපු dial එක දිහා බැලුවලු.උගේ ඔලුව පුරාම තට්ටේ ලු.රැවුලකුත් නෑලු . බාබර්අය්ය ඇහුවලු

 මිනිහගෙන් "what 's the case dude? " කියල..එතකොටලු අය්යට වැඩේ තේරුනේ.....

අර මුලින් අපු ලංකාවේ කොල්ල ....dial එක ගිහිල්ල ලංකාවේ හැමෝටම කියල 

"
අන්න මචන් පිනට කොන්ඩේ කපන තැනක් තියනව .රැවුල් ,කොන්ඩ වැවෙන්නේ නැති උනත් කමක් නෑ,ලංකාව 

ගැන කතාවක් පාඩම් කරන් පලයල්ලා ..එක කිව්වම් ඌ නිකන් කපල දෙයි ..මොනවා උනත්නිකන් නේ බං !"


'' නිනන් හම්බෙනවා නම් මොනවා වුනාම මොකද කියන්නේ මෙක තමා. ලංකාවේ කට්ටියගේ හැටියක් කියනවනේ මේක''

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Nov 2016 08:03 PM
මාත් යන්න ඕන කොණ්ඩය කපන්න...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Nov 2016 11:37 PM
Posted By සඳුනි on 09 Nov 2016 02:44 PM

'' නිකන් හම්බෙනවා නම් මොනවා වුනාම මොකද කියන්නේ මෙක තමා. ලංකාවේ කට්ටියගේ හැටියක් කියනවනේ මේක''

මේකට මොකක් කියනවාද කියලා මම තවම හිතනවා. මේක නැහැයි කියන්නත් බැහැ. ඒ නිසා  ලංකාව ගැන තියෙන මේ මතය අපි නැති  කරගන්න  උත්සාහ කරන්න හිතට ගන්න වෙනවා.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Nov 2016 08:34 AM
ඒ ගැන වැඩිය හිතන්න එපා අයියේ මේව විහිලුනේ
ඔයිට වඩා නුවණක්කාර වැඩ ගොතලත් විහිලු කථා කියෙනවා ලංකාවේ මිනිස්සුන්ට
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Nov 2016 09:02 AM
නිකං දෙනවා නං දෙමළ පත්තරෙත් අපේ උන් ගනී ....කියලා කතාවකුත් තියෙනවානෙ.
මේක ඒකෙ අනිත් පැත්ත.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 02:56 PM
අපි හිතන විදිය වෙනස් කලාට වැඩක් නෑ.
ගොඩක් අයට නිකන් ලැබෙනවා නම් මොනවා හරි කමක් නෑ.
බලන්නකෝ ගෙයක් ගත්තම ඒක අැතුලේ නැති දෙයක් නෑ .
ඒ තියෙන දේවත් අවශ්‍ය දේවල් වුනත් අනවශ්‍ය දේවල් වුනත් මොකුත් අයින් කරන්නේ නෑ .
ලට්ට පට්ට පුරෝගෙන ඉන්නවා.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Nov 2016 03:13 PM
හා හා හා ඔන්න ඕකලු හැටි අපේ අයගේ තත්වේ ..නිකන් දෙනවා නම් ඕනෑම දෙයක් ගයි ..සුළුතරයක් නිසා බහුතරයකට ලේබල් වදිනවා .
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 03:26 PM



09.මාර වැඩේනේ බං

ඔන්න එකමත් එක ගමක තිබුන බාර් එකක .. කන සාක්කුවට දාගන්න ඔන්නමෙන්න සයිස් එකේ කොල්ලෙක් ඉන්නවලු 

හිස් බෝතලයකුත් අතේ තියාගෙනකල්පනා කර කර.. එහෙම ඉන්න කොල්ල දිහාට තවත් කොල්ලෙක් එනවලුබාගයක් හිස් කරපු 

බෝතලයකුත් කිහිල්ලේ ගහගෙන සික්සැක් ක්‍රමේට...ඇවිත් අහනවලු මෙහෙම..

“
මචං උබ මොකද නිකන් අප්සෙට් එකේ වගේ.. මේ බෝතලෙන් ටිකක්දෙන්නද? “ කියල
ඉතිං අනිත් එකත් එකට කැමැති වෙලා දැන් දෙන්නම එක මේසෙකට වාඩි වෙලාබොනවලු..
ඉතිං මේ අතරේ එකෙක් අනිකගෙන් අහනවලු...

මේ මචං උබ කොහෙද ?

මම ගාල්ලේ “ අනිකා උත්තර දුන්නලු .

යකෝ මමත් ගාල්ලෙනේ .. ගාල්ලේ කොහෙද?

ගාල්ලේ රත්ගම මචං.

පිස්සු හැදෙනවා මමත් රත්ගමනේ බං..

විස්වාස කරන්නත් බැහැනේ බං උබ කොහෙද ඉස්කෝලේ ගියේ..

මම කන්දේ උඩ විද්‍යාලයේ මචං..

දෙය්යන්ට ඔප්පු වෙච්චාවේ මමත් එකේනේ බං

කොයි කාලේද බං ඉස්කෝලෙන් අවුට් උනේ...

දෙදහේදී මචෝ

මේකනම් හිතාගන්නත් බැහැ මමත් අවුට් උනේ දෙදහදිනේ යකෝ..

මෙන්න මෙහෙම මේ දෙන්නට දෙන්නා හදුනා ගන්නා අතරේ.. බාර් එකේඅයිතිකාරයා වේටර්ගෙන් අහනවා..
"
වේටර් කවුද අයිසේ අර අතන ඉදගෙන බෙරිහන් දෙන උන් දෙන්නා..."

වේටර් :-"ගනන් ගන්න එපා සර්,.. අර පහල ලේන් එකේ වංගුවේ ගෙදර නිවුන්නුදෙන්නා අදත් හොදටම බීලා


'' කොහොමද මතකේ තරම. මම නම් කියන්නේ සේරම අමතකයි කියන්නේ බොරු රගපෑමක් කියලා''

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Nov 2016 11:35 PM
කතාව නම් හොඳයි. බිව්වම අමතකයි කියන එක නම් බොරු හොඳට මතකයි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Nov 2016 11:41 PM
Posted By DanuLiyanage on 10 Nov 2016 11:35 PM
කතාව නම් හොඳයි. බිව්වම අමතකයි කියන එක නම් බොරු හොඳට මතකයි
පළපුරුද්දෙන් වගේ කියන්නේ..

0
You are not authorized to post a reply.
Page 3 of 5 << < 12345 > >>