You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Mar 2017 04:56 AM by  Sithara Godewatta
සිනා වී නොනවතින්න. හිතට ගන්නට දෙයක් අැද්දැයි සිතා බලන්න.
 91 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 5 << < 12345 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Oct 2016 01:52 AM
Posted By samantha on 30 Oct 2016 01:21 AM
මට නිකමට වගේ හිතුණ දෙයක් මේක.. ලංකවේ පොලීසිය දවසකට වැඩ වර්ජ්නයක් කලොත් මොණවා වෙයිද කියල හිතෙන්නේ..

ඒක වැඩ කලත් වැඩ වර්ජනය කරනවා තමයි අයියේ මට දැනෙන්නේ

අපේ ආයතනයේ කිසි වැඩනට වෙලාවට එන්නෙ නැහැ

 


0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 01:06 AM

04.අන්ධ තරුණියගේ කතාව

මේකනම් නිතරම අහලා අැති.....

  මේක පුංචි ආදර කතාවක්. එක පුංචි නගරයක ඇස් දෙකම 

පේන්නේ නැති ලස්සන ගෑනු ළමයෙක් හිටියලු.තමන් අන්ධ 

කෙනෙක් උන් එක ගැන එයා එයාටම වෛර කළාලු.

 ඇයට ආදරය කරපු තරුණයෙකුත් හිටියලු.මේ ගෑනු 

ළමයා තමන්ගේ ආදරවන්තයට ඇර මුළු ලෝකයටම

 වෛර කළාලු. ඇය තමන්ගේ ආදරවන්තයට කියල 

තිබුණා ඇය කවද හරි ඔහුත් සමඟ විවාහ වෙන්නේ ඇයට

 ඇස් පෙනීම ලැබුනොත් විතරයි කියලලු.


කොහොමහරි මෙයාගේ වාසනාවට එයාට ඇස් දෙකක් 

පරිත්‍යාග කරන්න කෙනෙක් ඉදිරිපත් වෙලා තිබුණාලු.ඉතින් ටික 

කාලෙකින් ඇයට ඇස් පෙනීම ලැබුණාලු. ඇයට තමන්ගේ ආදරවන්තයා 

වගේම මුළු ලෝකයමදකින්න වාසනාව ලැබුණාලු. ඇයගේ ආදරවන්තයා 

ඇහුවා'' ඔයා දැන් මාව කසාද බඳිනවද ''කියලා.

  ඒත් තමන්ගේ ආදරවන්තයත් අන්ධයි කියලා දැක්කම එයා පුදුමවුණාලු.

 ඇය කැමතිවුනේ නෑ අන්ධ මනුස්සයෙක්ව කසාද බඳින්න. ඇය

 ඔහුගෙන් වෙන්වෙලා වෙනත් නගරයකට ආවාලු.

ටික කාලෙකින් මෙයාට අර තරුණයාගෙන් ලියුමක් ලැබුණලු.
ඒ ලියුමෙන් ඔහු ඉල්ලලා තිබුනේ......... ''ඔයා මගේ ඇස් දෙක 

පරිස්සම් කරගන්න ''කියලා විතරයි.

''අපි බොහොම වේදනාවෙන් ගෙවපු කාලයක් වුනත් 

අපි ඒ තත්වයෙන් මිදුනම බොහොම ඉක්මනට 

අමතකකරලා දානවා. එතකොට අපිට ඒ තත්වයෙන්

 ඉන්න අනිත් මිනිස්සු ගැන කිසිම හැගීමක් නැහැ. 

අැත්ත ඒක නේද?''

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Oct 2016 02:58 AM
මුල අමතක වෙනවා කියන්නේ මේකටයි නංගී...
මේ වගේ විදෙස් චිත්‍රපටියක් තිබුණා මතකයි...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Oct 2016 03:02 AM

මේ ගීතයේ පෙම්වතියගේ වරදක් නොවූවත් එයට ආසන්න සිදුවීමක්..

 

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 03:57 AM
මේක ඒඩිට් නරලනේ.
අැත්ත පිල්ම් ඒක ලස්සන අැති නේද.
ස්තූතියි ඉන්දික අයියේ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
31 Oct 2016 04:31 AM
මට හිතෙන හැටියට මේක එඩිට් කරලා තියෙන ජගත් රණවීර කියන්නේ ඉස්සර අපිත් එක්ක සයිට් එකක හිටපු මල්ලී කෙනෙක්. ඔහු දක්ෂ ඔක්ටපෑඩ් වාදකයෙක් .. ඒ වගේම වෛද්‍ය වරයෙක්.. දැන් ශ්‍රීලංකා ගුවන් හමුදාවේ සේවය කරනවා..ඒ කාලේ ඔහු සෝවියට් රුසියාවේ ඉගෙනුම ලැබුවේ..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Oct 2016 09:43 PM
මේක මම කියපු චිත්‍රපටය නෙමෙයි .. මේක J-Entercomගේ  Kiss කියන ගීතය.. 

මෙන්න ඔරජිනල් ගීතය

 

 

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Nov 2016 10:13 PM


05.කවුද නියම මෝඩයා...!! -


* 
ඔන්න එක බාබර් කෙනෙක් හිටියාලු...මේ සැලෝන් එකෙන් හැමදාම(හැමදාම කිවුවට කොණ්ඩේ 

වැවුනාට පස්සේ....හරිද....?? ) කොණ්ඩේ කපනඑක මිනිහෙක් හිටියාලු...


ඔන්න මේ වගේ කොණ්ඩේ වැවුන දවසක මේ මිනිහා ආවාලු කොණ්ඩේකපාගන්න....දැන් ඔන්න 

මිනිහා මිනිහාගේ වාරේ එනකල් වාඩිවෙලා ඉන්නවාලුකොණ්ඩේ කපාගන්න........
මේ සැලෝන් එකේ බාබර් කාරයා ඉතින් හෙන කයිවාරු කාරයාලු.......පුලුවන්නම් Pizza කුලුන ඇල 

කලෙත් මිනිහා කියලා කියන්න පුලුවන් ජාතියේඑකෙක්ලු....හැම වෙලාවෙම ඉතින් හෙන වැඩකාරයා 

කියලා තමයිලු ඉතින්පෙන්නගෙන ඉන්නේ.....
ඔන්න ඉතින් මේ කියන දවසෙත්......

බාබර් : ' සර්.....සර් දන්නවද ඔය එහා පැත්තේ කඩේ ඉන්න පොඩිකොල්ලාව.....ඕකා හෙන මෝඩයා.....

මට පුලුවන් ඕනෙම වෙලාවක ඕකවඅන්දන්න....' කියලා පොර Talk එකක් දුන්නලු

එතකොට......

මිනිහා : ' ඒ කොහොමද......' කියලා ඇහුවාලු

ඊට පස්සේ......

බාබර් : ' ටිකක් ඉන්නකෝ සර් පෙන්නන්න......'

කියලා අර පොඩි එකාට එන්න කිවුවාලු.....මූත් ඉතින් ආවාලු..........
ආවට පස්සේ Rs.10 කොලේකුයි, Rs.20 කොලේකුයි මූට පෙන්නුවාලු......
පෙන්නලා............

බාබර් : ' හරි මේ කොල දෙකෙන් කැමති කොලයක් ගනින්කෝ එහෙනම්.....'කියලා පොඩි එකාට කිවුවාලු

අරූ ඉතින් පැනපු ගමන් Rs.10 කොලේ ගත්තාලු....අරන් දිවුවාලු එලියට
පොඩි එකා ගියාට පස්සේ කින්ඩි හිනාවක් එහෙම දාලා

බාබර් : ' දැක්කද සර්.....මම කිවුවේ මම ඕකව අන්දනවා කියලා.......දැක්කනේRs.20 කොලේ තියෙද්දී මූ 

මෝඩයා වගේ ගත්තේ 10 කොලේ.......' කියලාලොක්කා වගේ කිවුවාලු

ඉතින් කොණ්ඩේ එහෙමත් කපාගෙන ඉවර වෙලා අර මිනිහා යනකොටදැක්කාලු අර පොඩි එකා පාර අයිනේ 

ඉදන් Ice Cream එකක් කකා ඉන්නවා....
කෝකටත් කියලා පොඩි එකා ලගට ගිහින්.....

මිනිහා : ' පොඩි එකෝ....මට උබෙන් අහන්න දෙයක් තියෙනවා....ඇයි බං අරබාබර් ගේ අතේ Rs.20 කොලයක්

 තියෙද්දී මෝඩයා වගේ Rs.10 කොලේඅරගෙන ආවේ..කෙලින්ම 20 කොලේ ගන්න තිබුනානේ..........'

 කියලා පොඩිඑකාගෙන් ඇහුවාලු

එතකොට..........

පොඩි එකා : ' නෑ මාමේ........මම නෙවෙයි ඔය බාබර් තමයි නියමමෝඩයා..........ඔය මිනිහා හැමදාම

 කවුරු හරි කොණ්ඩේ කපාගන්න ආවාම මේවිදියට කොල දෙකක් පෙන්නලා මට ගන්න කියනවා.....

මම අඩු කොලේගත්තාට පස්සේ මම තමයි මෝඩයා කියලා පෙන්නන්නයි මිනිහාට ඕනේ.......'කියලා කිවුවාලු

එතකොට........

මිනිහා : ' ඉතින් පොඩි එකෝ......උබ අඩු කොලේ අරන් මෝඩයා උනානේ......'කියලා කිවුවාලු

එතකොට පොඩි හිනාවක් දාල......

පොඩි එකා : ' අයියෝ මාමා ත් බාබර් කාරයා වගේම මෝඩයෙක්නේ......ඇයිමාමේ තේරෙන්නේ නැද්ද 

මම වැඩි කොලේ ගත්තු දවසට ඔය සෙල්ලම ඉවරවෙනවා කියලා.......එතකොට මට ලැබෙන්නේ Rs.20 

ක් විතරයි....ඒත් මම අඩුකොලේ ගන්න තාක් කාල් ඔය මෝඩ යකාගෙන් මට හැමදාම Rs.10 ගානේ

ලැබෙනවානේ මාමේ.......' කිවුවාලු

( 
කවුද නියම මෝඩයා කියලා හිතලා බලන්න...............!! )


''අන් අය මෝඩයි යැයි සිතීම තමන්ගේ මොඩකම බව.''

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Nov 2016 11:47 PM
පට්ට කතාවක් නේ, ස්තුති සඳුනි. පොඩි කතා උනාට ගන්න තියෙන දේ බොහොයි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Nov 2016 02:00 AM
පොඩි එකා පට්ට මොල කාරයනේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Nov 2016 03:26 AM
මේ කතාවෙන් ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්..
අපි කවුරුහරි කෙනෙක් මෝඩයා කරන්න හැදුවත් අන්තිමේදී අපිමයා මෝඩයා වෙන්නේ...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Nov 2016 10:37 AM
පොඩි මෑන් ලෝකයා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Nov 2016 10:27 PM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Nov 2016 01:02 AM
ඉඳල ඉඳලා දෙනවා නේද මාරු කතාවක් මට කලින් මේක කියලා නැහැ නේද මාරු මාරු
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Nov 2016 01:03 AM
ඉඳල ඉඳලා දෙනවා නේද මාරු කතාවක් නියමයි
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Nov 2016 01:04 AM
මගේ කමෙන්ට් එක කෝ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Nov 2016 01:05 AM
මේකෙත් ඉන්නවද චාමර අයියා සුදුස්සෝ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Nov 2016 01:07 AM

06. හදුන ගන්නේ කොහොමද?


ඔන්න ඉතින් අද මම ඔයාලට ගේන කතාවෙ නම් ගන්න අාදර්ශයක් තියෙද මන්දා. සිනාසී නතර

වන්නකෝ.


    ඔන්න දවසක් විදේශික තරුණයන් දෙදෙනෙක් සමග ලංකාවේ තරුණයෙක් සංචාරයේ යනවලු. 

ඔන්න ඉතිං ඒදා ඒයාලා ගියේ පුංචි ගමක් මැදින් ගලා ගිය ගගක් බලන්නලු.


    ඉතිං මේ ගග දැක්කම විදේශික තරුණයන්ට නාන්නම ඔනෙ වුනාලු. මොනවා කරන්නද අැදුම් 

ගෙනාවෙත් නෑ කිසි සුදානාමක් නෑ. ඒ හරියේ පොඩි වන ලැහැබක් තිබුණු නිසා වැඩිය සෙනග ගැසුනේ 

නැහැලු. ඉතිං අැදුම් ටික ගලවලා තියලා ගගට බැහැලා තුන්දෙනා ඒක්ක නෑවලු.


     නාලා ගොඩට අාවලු අැදුම් අැද ගන්න. දෙයියනේ මෙන්න නොහිතපු විදියට ගමේ තරුණියන්

 කීපදෙනෙක් ඒනවලු නාන්න. දැන් කාට කියන්නද ගගට පයින් වෙලාත් නෑ අැදුම ගන්න වෙලාත් නෑලු. 

අත් දෙකෙන් වහ ගත්තලු. මේ තුන්දෙනාව දැක්ක තරුණියෝ පැණලා දිව්වලු.


        දැන් ඔන්න අර අපේ ලංකාවේ තරුණයා ,තරුණියන්ට බයේ වහ ගත්තේ විලි ලු. ඒත් අර විදේශ තරුණයෝ 

දෙන්නා වහ ගත්තේ දෑතින්ම මුණලු. උන් දෙන්නා මූණ වහන් ඉන්නවා දැකලා. අැහුවලු '' මොකද ඔයාලා

 දෙන්නා මුණ වහ ගත්තේ දකින්න ඔනේ ඒවා අර කෙල්ලෝ දකින්න අැතිනේ ''කිව්වලු.


          ඒකට හිනා ගිය විදේශක තරුණයෙක් අැහුවලු. ''ඔබලා රටේ මිනිස්සු අදුර ගන්නේ මුනෙන් නෙමෙයිද ?

  ඔබ මුණ වහ ගන්නේ නැතුව වෙන තැනක් වහ ගත්තේ'' අැහුවලු.


හී. ඔන්න වැඩේ දීපල්ලකෝ උත්තර....

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Nov 2016 01:11 AM
මධුරංග අයියා දන්න කෙනෙක් ඉන්නවා වගේ ලපෙන් අදුර ගන්න.
හී
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Nov 2016 01:32 AM
ලපෙන් එහෙමත් අඳුන ගන්නවනේ..
0
You are not authorized to post a reply.
Page 2 of 5 << < 12345 > >>