You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Mar 2017 04:56 AM by  Sithara Godewatta
සිනා වී නොනවතින්න. හිතට ගන්නට දෙයක් අැද්දැයි සිතා බලන්න.
 91 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 512345 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Oct 2016 10:09 AM

    කතාව විහිළු කතාවක් වුනත්.

    ජිවිතේට  ගන්න දේකුත් තියෙවී.

    0

    Sanduni kanchana
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    27 Oct 2016 10:15 AM


    01. දිරි ගැන්වීම.

         ඔන්න ඒක විලක ගෙම්බෝ රෑනක් හිටියලු. ඒයාලා කාලය ගෙව්වේ හරිම කම්මැලීකමිල්ලු. දවසක් දා ඒක ගෙම්බෙකුට 

    හොද අදහසක් අාවලු.උෟ තරුණ ගෙම්බෙක්ලු.  සේරම ගෙම්බෝ ටික ඒකතු කරන් හිතට අා අදහස කිව්වලු.

    ''යාලුවනේ මට හොද අදහසක් අාවා. මෙහෙම කම්මැලිකමින් ඉන්න ඒකෙන් තේරුමක් නෑ අපි රේස් ඒකක් තියමු. හැබැයි

     අර කන්ද මුදුනට මුලින්ම යන කෙනා තමා දිනන්නේ'' කියලා අෑතින් පේන කන්දක් පෙන්නලා කිව්වලු.

        විලේ වුන් තවත් තරුණ ගෙම්බෝ කීපදෙනෙක්ම මේ වැඩේට හරි කැමැත්තෙන් ඒකතු වුනාලු.

       

         ඔන්න රේස් ඒක තියෙන දවස උදා වුනාලු. තරමක් මැදි වයසේ පසු වුන ඒක ගෙම්බෙකුත් මේ තරගෙට ඒකතු 

    වෙලා හිටියලු. අනිත් අය හැමෝම ඒ් ගෙම්බට හිනා වුනාලු.

    '' ඔය තරුණ ගැටැව් ඒක්ක  උබට දුවන්න පුළුවන්ද කියලා.'' නමුත් උෟ නෑහුනා වගේ තරගෙට ඉදිරිපත් වුනාලු.

         තරගය අාරම්භ වුනාලු .සේරමලා ඒක රොත්තට පැන පැන යනවලු. තරුණ මහලු අනිත් ගෙම්බෝ වටේ ඉදන්

     දිරි ගන්නනවලු. ටික දුරක් යද්දී කට්ටියට හෙන මහන්සීලු. දැන් හෙමින් දුවනවලු නැවති නැවති නැවති. 

    මේක දිහා බලන් උන් වැඩිහිටි ගෙම්බෝ.

    ''මේ පොඩි වුන්ට නම් පිස්සු. බොරුවට නැහෙන්න හදනවා කියලා.''ඔය කතාව දිගින් දිගට අැහෙද්දී

     ඒක්කෙන් දෙන්නා තරගය 

    අතෑරලා දැම්මලු. දැන් සේරම ගෙම්බෝ කන්දෙන් බාගයක් යද්දි නතර වෙලාලු.

        ඒත් අර මැදි වයසේ ගෙම්බා තනියම දුවනවලු. '' අනේ පණ නහ ගන්නේ නැතුව නැවතියන්. 

    ගැටවුන්ට බැරි වුන ඒක 

    උඹට පුළුවන්ද ?''අැහුවලු. ඒත් නෑහුනා වගේ දිගටම දිව්වලු.

        අවසානයේ මැදි වයසේ ගෙම්බා තරගයෙන් දින්නලු. නිතර කා සමගත් කතා නොකරන මේ ගෙම්බා 

    කළ වික්‍රම ගැන හැමෝම පුදුම වුනාලු.

    '' අනේ මාමේ උඹ ඒක කොහොමද කලේ '' කියලා තරුණ ගෙම්බෙක් අැහුවලු.

    '' උබලනේ මට දුවපන් දුවපන් කිව්වේ ඒක නිසා මම දිව්වා'' කිව්වලු.

      ගෙම්බෝ සේරම මුණට මූණ බලා ගත්තලු අැයි කට්ටිය ඒපා කියලා අධෙෙය කරපු ඒකනේ කලේ.


    '' අනේ කොල්ලනේ උබලා මොනවා කිව්වද කියලා නම් මට අැහුනේ නෑ. මගේ මේ

     කණ පොඩ්ඩක් අැහෙනවා හොරයි. මාව දිරි ගැන්නුවට බොහොම ස්තූතියි'' කිව්වලු.

    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    27 Oct 2016 02:29 PM
    ස්තුති ඔයාගේ කතාවට ඔයා නිතරම අපට වැදගත් දෙයක්ම තම දෙන්නේ ගොඩක් ස්තුති ඔබට
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    27 Oct 2016 09:37 PM
    අපි යම් කාර්යයක් කරන කොට එය නිවැරදි නම් අන් අයගේ අදහස් නොසලකා හිටියාට කම් නැත...
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    27 Oct 2016 11:11 PM
    හි මරු ඒ කතාව නම්

    ගොඩක් දේවල් කියවෙනවා මේ කතාවෙන්
    0

    Nipuni Dilhara
    New Member
    New Member
    Posts:30






    --
    28 Oct 2016 12:39 AM
    sandu meketh katha kiyanna patan aranneda. hodai hodai
    0

    Sanduni kanchana
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 12:57 AM
    ඔයත් මොනවා හරි දාන්න නිපුනියෝ
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    28 Oct 2016 01:01 AM
    නිපුනිත් වැඩ පෙන්නන්න පටන් ගන්න ..
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    28 Oct 2016 01:10 AM

    ඇත්තටම මට මේ කතාවට හිනා ගියේ නැහැ.
    මගෙත් ජිවිත අත්දැකිමක කොටසක් මේක. දවසක කියන්නම්කො.

    අතළොස්සක් හැරුණුකොට යන මාවතට අකුල් හෙළන අය තමයි වැඩි.

    ස්තූතියි මේ කතාවට. හිත තවත් ධෛර්යමත් කරගෙන දිරියෙන් ඉදිරියට මුහුණ දිය යුතු බව නැවතත් පසක් කර ගත්තා.
    ඇත්තටම වැඩකට අත ගහලා වැඩක් කරගෙන යනකොට තමයි හැමෝම ගැන අපි හිතාගෙන සිටි චිත්‍රවල වැරදි නිවැරදි බව වැටහෙන්නෙ.

    අඳ ගොළු බිහිරන් සේ ඉදිරියට යාමයි කල යුතු වන්නෙ. අත නොහැර නිවැරදි එල්ලයකට යන ඕනෑම කෙනෙකුට ජය නියතයි කියල තමයි කියන්න ඕන.
    0

    Sanduni kanchana
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 01:46 AM
    අනිවාරෙන්.

     අපි දිරි ගන්නවට වඩා අපේ කකුලෙන් අදින අය තමා වැඩියෙන් ඉන්නේ.

     කව්රු මොනවා කිව්වත් මම කරනදේ මගේ හිතට හොදයි කියලා දැනෙනවා නම් මම කරනවා මයි.

     හිතුවක්කාර කම කියලා හිතවි. 

    ඒත් මම දන්නවා.

     හිත හිතන හැමදේකම හොද නරක අනිත් අයට වඩා හොදට හිත දන්නවා.

     අනිත් අය කියන දේ අහන් ඉන්නවා. 

    ඒත් සාධාරන හේතුවක් නැත්තම් පිළි ගන්නේ නෑ.

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    28 Oct 2016 02:10 AM
    මටත් මේක මගේ ඉදිරි ජීවිතයට රැකුලක් වෙයි කියල හිතනවා
    0

    Sanduni kanchana
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 01:48 PM


    0

    Sanduni kanchana
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    28 Oct 2016 01:55 PM

    02. අැපල් ගෙඩි දෙක.


          ඔන්න දවසක් පුංචී ගැණු ළමගෙක් ඒයාගේ අම්මත් ඒක්ක ගමනක් යනවලු. 

    අම්මා දුවයි පයින තමයි යන්නේ. දුව අඩනවලු පයින් යන්න බෑ කියලා අම්මා චූටී

     දූට අැපල් ගෙඩි දෙකක් අරන් දුන්නලු. චූටී දූ අැපල් ගෙඩි දෙක අත් දෙකට අරන් 

    අම්මා ඒක්ක යනවලු.

         ටික දුරක් යද්දී අසල්වැසියෙක් මුණ ගැසුණලු.ටික වෙලාවක් චූටි දූගේ අම්මා 

    ඒක්ක කතා කර කර හිටියලු. දුගේ අත් දෙකේම අැපල් තියෙනවා දැකලා '' දූ ඒක

     ගෙඩියක් අම්මාට දෙන්න දූ දෙකම කන්නද යන්නේ ''අැහුවලු.

    '' ඉන්න අම්මේ''

      කියලා දූ ඒක ගෙඩියකින් කෑල්ලක් කෑවලු. ඊට පස්සේ අනිත් ගෙඩියෙනුත් කොටසක්

     කෑවලු. ඊට පස්සේ ඒක ගෙඩියක් අම්මාගේ අතට දුන්නලු. මේක බලන් හිටියා අසල්වාසියාට

     හිතුණලු මේ ළමයා නම් මහ පෙරේත ළමෙක් කියලා. පොඩි කේන්තියකුත් අාවලු. ඒක 

    නිසාම දූගෙන් අැහුවලු.

    ''මොකද්ද දූ ඒ කරපු නරක වැඩේ ''කියලා. ඒතකොටම දූ හුරතල් හිනාවක් මවාගෙන්.

    '' කොයි ගෙඩියද වැඩියෙන් රස බැලුවේ නැන්දේ'' කිව්වලු.


    ''නිතරම මතුපිටින් පෙනෙන දේ විශ්වාස කරන්න ඒපා . හැම දෙයක් 

    පිටුපසම නොපෙනෙන අැත්තක් . සාධාරණ හේතුවක් තියෙන්න පුළුවන්''

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    28 Oct 2016 10:22 PM
    මේ දුවත් රසවත් ගෙඩිය අම්මට දෙන්න ඇති කියා මම හිතනවා..

    මගේ පුතත් දවස් මේ වැඩේ කරලා තිබුණා..

    දවසක් පුතාගේ පංති ඇරිලා එද්දී චිකන් රෝල් එකක් සහ එළවළු රෝල් එකක් ගත්තා
    (පුතා වගේම මමත් ආස චිකන් රෝල් වලට. ඒත් අතේ තිබු මුදල් ප්‍රමාණවත් නොවූ නිසා එකයි ගත්තේ)
    මම ඇහුවාම දෙකෙන්මෙ ටික ටික කාලා මොකද කියලා පුතා කියුවේ චිකන් රෝල් එක හොයාගන්න ඕන නිසා කාලා බැලුවා කියා.
    (දෙකම එක සමානයි වගේ. චිකන් රෝල් එක ටිකක් දිග වුනත් පුතාට සොයාගන්න අමාරුයි)
    එතකොට චිකන් රෝල් එක ඉතිරි කරලා තියෙන්නේ මොකද කියලා ඇහුවාම එයා කිව්වේ අප්පච්චි ආස නිසා මම ඒක අප්පච්චිට තිව්වා කියලා..
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    28 Oct 2016 11:57 PM
    එදිනෙදා ජීවිතයට වැදගත් පාඩම් ටිකක්.. දිගටම කරගෙන යන්න.
    0

    Sanduni kanchana
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    29 Oct 2016 10:23 PM








    03.කවුද ලොක්කා

     ඔන්න දවසක් මිනිස් සිරුරක තිබෙන අවයව අතර දවසක් විවාදයක් ඇතිවුනාලු. කවුද වඩාත්ම 

    වැදගත් කියලා.

    මොලය කිව්වා '‘ඕක කතා කරන්නත් තරම් දෙයක්ද? මමනේ සිරුරේ ලොක්කා. මමනේ මුළු සිරුරම

     පාලනය කරන්නේ'’ කියලා.

    ඊළඟට කට ඇරියේ රුධිර සංසරණ පද්ධතියලු.'' හුහ්, මම ඇඟ පුරාම නිවැරදිව ලේ ගමනාගමනය 

    නොකෙරෙව්වොත් කෙරිලා තියෙයි, තමුසෙගෙ මොලේ වැඩ. ලේ නැත්නම් තමුසෙටත් කෙලවෙනවා

     මතක තියාගන්නවා'’ කියලා රුධිර සංසරණ පද්ධතිය කිව්වාලු.

    මේ කතාවට හදවතට කේන්ති ගියාලු. ''ඇයි යකෝ මම නේද පොම්පයක් වගේ නොනැවතී මුළු ජීවිතකාලය

     පුරාම වැඩ කරමින් ජීවිතය රැකගන්නේ්'' කියා ගෝරනාඩු කළාලු.

    ඔය විදිහට එක එක අවයවය තමන්ගේ වැදගත්කම වර්ණනා කරාලු.

    අන්තිමට කතාකලේ ගුද මාර්ගයලු. ''ඇයි මම වැදගත් නැද්ද?'' ගුද මාර්ගය ඇහුවාලු.

    ''හී හී………….කියාපන් බලන්න උඹේ තියන වැදගත්කම?'' අනික් ඉන්ද්‍රියයන් ඇහුවාලු. ''ඇයි මමනේ 

    අනවශ්‍ය ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නේ'' කියලා ගුද මාර්ගය කිව්වාලු. ''අනේ උඹේ රෙද්දේ 

    කළමනාකරණය. නිකං කට වහගෙන හිටපං'' කියලා අනික් ඉන්ද්‍රියයන් කිව්වාලු.

    ගුද මාර්ගය වහාම වැඩ වර්ජනයක් ආරම්භ කළාලු. ඉක්මනින්ම මොලය ක්‍රියා විරහිත වෙන්න වගේ 

    ඔලුව කැක්කුමක් ඇතිවුනාලු. ආමාශය ගල් වෙලා වගේ දැනුනාලු, ලේ සීතල වෙලා වගේ ගියාලු.

     හෘදය වස්තුව නවතින්න යනවා වගේ දැනුනාලු. අන්තිමට ඒ ඔක්කොම කිව්වාලු ''හරි හරි උඹ තමයි 

    ලොක්කා ඔය ස්ට්‍රයික් එක නවත්තාපන්'' කියලා.

     ''වැඩක් නෑ කියලා අහක් කරලා දාන දේවල් වලිනුත් අපි නොහිතන නැතුවම

    බැරි ප්‍රයෝජන තියෙන්න පුළුවන්. ඒ වගේ අපි අනවශ්‍ය කියලා අත්අැරලා දාලා

     ඉන්න අය අපේ ජිවිතේට වැදගත්ම අය වෙන්න පුළුවන්. අනිත් අය පහත් කර

    සිතීම තමන් තරම් උගතෙක් නැතැයි සිතීම බොහොම මෝඩ ක්‍රියාවක්.''

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    29 Oct 2016 10:33 PM
    සමාජයේ සෑම තරාතිරමකම අය, අවශ්‍ය අය. එක දවසකට හරි නගරයේ කුණු අදින අය ස්ට්‍රයික් එකක් කරන්න ඕන. ඒ මිනිස්සුත් රටට වැදගත් සේවයක් තමයි කරන්නේ. ලක්ෂ ගණනක පඩියක් දෙනවා කිව්වත් අපි කරන්න පුළුවන් ද කුණු ට්‍රැක්ටර් වල එලිල්ලා කුණු අදින ජොබ්. ඉතා වැදගත් ඒ ඒ රාජකාරිය කරන සමාජයේ හැම පුද්ගලයෙක්ම.

    හැම මනුස්සයෙක්ම වැදගත්. ස්තූතියි වැදගත් පණිවිඩයට.
    0

    Dileeka Madushani
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    29 Oct 2016 11:51 PM
    Posted By indika76 on 28 Oct 2016 10:22 PM
    මේ දුවත් රසවත් ගෙඩිය අම්මට දෙන්න ඇති කියා මම හිතනවා..

    මගේ පුතත් දවස් මේ වැඩේ කරලා තිබුණා..

    දවසක් පුතාගේ පංති ඇරිලා එද්දී චිකන් රෝල් එකක් සහ එළවළු රෝල් එකක් ගත්තා
    (පුතා වගේම මමත් ආස චිකන් රෝල් වලට. ඒත් අතේ තිබු මුදල් ප්‍රමාණවත් නොවූ නිසා එකයි ගත්තේ)
    මම ඇහුවාම දෙකෙන්මෙ ටික ටික කාලා මොකද කියලා පුතා කියුවේ චිකන් රෝල් එක හොයාගන්න ඕන නිසා කාලා බැලුවා කියා.
    (දෙකම එක සමානයි වගේ. චිකන් රෝල් එක ටිකක් දිග වුනත් පුතාට සොයාගන්න අමාරුයි)
    එතකොට චිකන් රෝල් එක ඉතිරි කරලා තියෙන්නේ මොකද කියලා ඇහුවාම එයා කිව්වේ අප්පච්චි ආස නිසා මම ඒක අප්පච්චිට තිව්වා කියලා..

    daruwoth demaapiyo gena godak hithanawa...

     

    e gena me kathaawen therenawa aiyee...

     

    maath ehemayi... ape thaththa welithalapa ehema kanna hari aasayi... mata kanna puluwan unath welithalapa ema hambunoth mage kotasinuth godak thathtata thamayi...


    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    30 Oct 2016 01:21 AM
    මට නිකමට වගේ හිතුණ දෙයක් මේක.. ලංකවේ පොලීසිය දවසකට වැඩ වර්ජ්නයක් කලොත් මොණවා වෙයිද කියල හිතෙන්නේ..
    0

    Sanduni kanchana
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    30 Oct 2016 01:26 AM
    නියෙමෙට තියෙයි. හි
    0
    You are not authorized to post a reply.
    Page 1 of 512345 > >>