You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 07:36 AM by  hasitha dhananjaya
කටට රසට ඇපල් සලාදයක්
 500 Replies
Sort:
You are not authorized to post a reply.
Page 24 of 26 << < 2223242526 > >>
Author Messages

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
14 Nov 2016 05:59 AM
rasai wage....
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Nov 2016 03:07 PM

   මන් ආසම කෑමක් 


0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Nov 2016 04:16 PM
රසට ඇති ස්තුතියි රෝසි අක්කේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Nov 2016 07:37 PM
කාලම නැහැ ...මුන් ඇට මම ආසම කැමක්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Nov 2016 11:20 PM
මුං ඇට මගේ ප්‍රියතම ආහාරයක්. හැබැයි මැල්ලුම නම් කාලා නැහැ.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Nov 2016 03:01 AM
මමත් මුං ඇට කන්න අසයි ...........මැල්ලුමනම් කාල නෑ .රසට ඇති .
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Nov 2016 05:57 AM
මූං ඇට මැල්ලුම් ඇහුවෙක් අදයි
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Nov 2016 06:35 AM
අපේ අම්මා මේකට කජුත් එකතු කරනවා ,,හරිම රහයි .
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Nov 2016 08:59 AM
මමත් නම් මේක කාලා තියා අහලවත් නෑ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Dec 2016 05:36 AM
මම නම් මුං ඇට මැල්ලුම කාලා තියනවා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Dec 2016 06:53 AM
කාලා නැති අහලා නැති අය හදලා බලන්නකෝ එහෙනම්
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Jun 2017 02:32 AM
කාලෙකින් ගෙදර කෑමක් හදල නෑ වගේ 
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
12 Jun 2017 02:42 AM
සා සෝයි අනා
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Jun 2017 04:26 AM
මුං ඇට මැල්ලුම ඇහුවමයි
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jun 2017 07:54 PM

ඉතුරුවෙන කෑම ජාති අහක දමන්න එපා



ඉතුරු ඉඳිආප්පවලින් - බුරියානි 
ඉතුරු ආප්පවලින් - මස්‌ කරියක්‌ 
ඉතුරු පාන්වලින් - පුඩින් 
ඉවත දමන පොල් කුඩුවලින් - තෙල් 


වර්තමානයේ ගෘහනියන් ආහාර පිසී ම සම්බන්ධයෙන් දක්‌වන්නේ බොහො ම අඩු උනන්දුවක්‌ කිවුවොත්, ඒක වැරදි නෑ. හැමදාම එකම ක්‍රමයකට කෑම උයන්නේ. ඒ උයලා ඉතුරු වෙන දේ ශීතකරණයට දානවා ආපහු රත්කරලා කනවා. මේකට මෙයාලා කියන්නේ පිරිමහනවා කියලා. ඉතුරු වෙන දේ විසි නොකර තියාගැනීමෙන් පමණක්‌ පිරිමහන්න බැහැ. අද බොහෝ දෙනා තුළ අරපිරිමැස්‌ම ගැන නිසි අවබෝධයක්‌ නැහැ කියල යි මම කියන්නේ. ඉතුරු වෙන දේ ශීතකරණයේ දාලා නැවත රත්කර ගැනීමෙන් තමන්ගේ ආයුෂත් කෙටි කරගන්නවා. මම එහෙ ම කියන්නේ බොහෝ විට ශීතකරණය බැක්‌ටීරියා වර්ධනය වීමට හොඳ තැනක්‌ නිස යි.

මතක තියාගන්න ශීතකරණයේ කෑම දමන විට හොඳින් වසා තබන්න. ඒ වගේ ම නිවසේ හදන කෑම ඉතුරු වෙනවා වැඩිනම් ඒවා හදන ක්‍රමය වෙනස්‌ කරන්න ඕන. එතකොට කවුරුත් රසට කෑම කනවා. අපි බලමු මේ ඉතුරුවෙන කෑමවලට මොනවද කරන්න පුළුවන් කියලා. 

බත් 

අපේ ගෙවල්වල දවල්, රාත්‍රි ආහාරයට පිළියෙල කරන බත් ඉතුරු වෙනවා. ටික ටික ඉතුරු වෙන නිසා මේකෙන් ප්‍රයෝජනයක්‌ ගන්නේ නෑ. වීසි කරලා දානවා. කවදාවත් බත් විසිකරන්න එපා. මේක අව්වේ හොඳින් වේලලා භාජනයක දමා එකතු කරන්න. තරමක්‌ එකතු වුනාම මේ වේලපු බත් ටික බදින්න. අපි ඔබට පසුගිය දවසක ඉදිරිපත් කළා සීලවඩිච්චි හදන හැටි. සීලවඩිච්චි සඳහා මේ බැදපු බත් යොදා ගන්න පුලුවන්. 

ඒ වගේම වේලා ගත් බත් හොඳින් කොටාගෙන නැවත හාල් පිටි සමග මිශ්‍ර කරගෙන පිට්‌ටු ලෙස පිළියෙල කරන්න පුලුවන්.

කෙසෙල් 

අපි අපේ ආහාරයට පලතුරු එකතු කරගන්නවා. ඒක බොහොම හොඳයි. ඒත් මතක්‌ කරලා බලන්න ඔබේ ගෙදරට ගෙනෙන කෙසෙල් ගොඩිවලින් ආහාරයට නොගෙන විසිකරන අවස්‌ථා තියෙනවා නේද? කියලා. මේක සෑම නිවසකම වගේ සිදුවෙනවා. පොත්ත කලු වුනා ම කවුරුවත් මේ කෙසෙල් කන්න කැමති නෑ. ගෙඩි 20 ක ඇවරියක්‌ ගෙනාවොත් 5 ක්‌ විසි කරනවා. මේවා වීසි නොකර අපට කෑමක්‌ හදන්න බැරිද? පුළුවන්. 

ඉදුනු කෙසෙල්වල පොත්ත ගලවන්න. ශීතකරණයේ දාලා වහලා තියන්න. කෑම හදන වෙලාවට එළියට ගෙන ගෑරුප්පුවකින් ඇනලා පොඩි කරන්න. එයට දෙහි, සීනි, සුල්තානා දාලා කලවම් කරන්න. 

බිත්තර, පිටි, කිරි, ලුණු ස්‌වල්පයක්‌ එකට දමා බැටරයක්‌ සාදා ගන්න. මෙයට පාන් පිටි හෝ කඩල පිටි යොදාගන්න පුලුවන්. කෙසෙල් මිශ්‍රණයෙන් ස්‌වල්පය බැගින් ගෙන බෝල සාදා බැටරයේ දවටා රත් වූ තෙලට දමා බැදගන්න.

මේ තවත් ක්‍රමයක්‌. කෙසෙල් පොතු ඇරලා කුඩාවට කපන්න. සීනි ලිප තියලා උනු කරගෙන වතුර ස්‌වල්පයක්‌ දමා ඝන වන විට කෙසෙල් කැබලි දමා හොඳින් කලවම් කරන්න. බටර් තවරාගත් තැටියකට මේ මිශ්‍රණය දමා තුනීකර කැබලි කපාගන්න. 

පොල් 

පොල් කියන්නේ අද මිල අධික දෙයක්‌. ඒ නිසා පොල් නාස්‌ති කරන්න බැහැ. ඉන්දියාවේ නිවාසවල නම් පොල් පිරිමහන්න ඕන නිසා බ්ලෙන්ඩරයකින් පොල් මිරිකාගන්නවා. ඒත් මං කියන්නේ පොල් පිරිමහාගන්න කියලා ඒ දේ නං කරන්න එපා. බ්ලෙන්ඩරයෙන් පොල් මිරිකන විට තමයි තෙල් මතු වෙන්නේ. එය ශරීරයට අහිතකර යි.

පොල් මිරිකන විට පළවෙනි හා දෙවෙනි වර මිරිකාගෙන ඉතිරි වන පොල් කුඩු හොඳින් වේලන්න. මේවා එකතු කරගෙන තෙල් හිඳින, තැනකට ගෙනිහිං දෙන්න. ඔවුන් ඔබට තෙල් හිඳලා දේවි. 

ගම්බද ප්‍රදේශවල කවදාවත් පොල් මිරිකලා විසි කළේ නෑ. පොල් කුඩු ටික රොටිවලට මිශ්‍ර කළා. ඒකෙන් ප්‍රයෝජන දෙකක්‌ ලැබෙනවා.

එකක්‌ නාස්‌තිය අඩුවෙනවා. අනෙක ශරීරයට ලැබෙන තෙල් ප්‍රමාණය අඩුවෙනවා. ඒ නිසා පොල් කුඩු විසිකරන්න එපා. 

ඔබට පුලුවන් පොල් කුඩු එකතු කරලා සත්තුන්ට කෑම හදන්න. පුන්නක්‌කු වගේ කෑම මෙයින් හදන්න පුළුවන්.

ඉඳි ආප්ප 

අපි බොහෝ දෙනෙක්‌ පුරුදු වෙලා ඉන්නේ ඉතිරි වුන ඉඳි ආප්ප ටික වේලලා, සීනි උණුකරලා දාලා තේවලට කෑමක්‌ විදියට ප්‍රයෝජනයට ගන්න. 

අපි බලමු වෙනස්‌ විදියකට මේක කරන්න බැරිද කියලා. ඉතිරි වූ ඉඳි ආප්ප ටික හොඳින් වහලා ශීතකරණයේ දාන්න. පහුවෙනිදා අරගෙන, පොල් ටිකක්‌ මිරිකලා ඒ කිරි අර ඉඳිආප්පවලට ඉහින්න. එතකොට ඉඳිආප්ප ටික ලිහෙනවා.

ළුEනු, රම්පේ, කරපිංචා හීනියට ලියලා කුරුදු පොත්තක්‌ එක්‌ක හොඳින් බැදගන්න. රන්වන් පාටට බැදෙන කොට එයට කහ, ලුණු ස්‌වල්පය බැගින් එකතු කරලා කිරි ඉස, ලිහා ගත් ඉඳි ආප්ප එයට එකතු කරන්න. 

මෙය ඉඳිආප්ප පිලවූ හෝ කරියක්‌ සමග මිශ්‍ර කරලා ඉඳිආප්ප බුරියානි ලෙස හෝ කෑමට ගන්න පුළුවන්. 

ආප්ප

ආප්ප උයාගෙන යන විට මිශ්‍රණය වැඩි යි කියලා හිතුනොත් මොකද කරන්නේ. සමහරු ඉතිරි කරනවා. පස්‌සේ වීසි කරලා දානවා. තවත් අය ආප්පම පුච්චලා වීසි කරලා දානවා. එහෙ ම කරන්න එපා. ආප්ප මිශ්‍රණය වැඩි නම් එහෙම ම ඉතුරු කරන්න. හොඳින් වහලා ශීතකරණයේ දමන්න. මේවායෙන් විවිධ කෑම ජාති හදන්න පුලුවන්. 

සීනි ටිකක්‌, ගාගත් පොල් ටිකක්‌ මේ මිශ්‍රණයට එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන වණ්‌ඩු තම්බා ගන්න. 

කරපිංචා, ළුEනු, අමු මිරිස්‌ හීනියට ලියා ආප්ප මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර කර ගෙඩි ආප්ප හදා ගන්න. එය කැමති කරියක්‌ සමඟ කෑමට ගන්න පුළුවන්.

මේ ගෙඩි ආප්ප, දෙපැත්ත ටිකක්‌ පාට ගස්‌සලා අරගෙන තරමක කැබලිවලට කපන්න. මස්‌ කරියකට අවශ්‍ය ද්‍රව්‍ය දාලා හොද්දක්‌ හදාගන්න. මෙය ඉතුරුවාට පසු හොඳින් හැඳි ගා කැබලි කපාගත් ගෙඩි ආප්ප මෙයට දමාගන්න. මෙය මස්‌ කරියක්‌ මෙන් ම රස යි. පාටයි. පෙනුම යි. 

පාන් 

අද බොහෝ දෙනෙක්‌ පාන් කෑමට පුරුදු වෙලා. මම නං ඒකට සතුටු නෑ. එහෙ ම වුනත් පාන් කන අයත්, ඒවා වැඩි වශයෙන් ඉවත දමනවා සමහරු කන්නේ මැද කොටස. සමහරු වාටි කොටස. ඉතිරිවෙන ඒවා වීසි කරනවා කෑම විසි කරන්න එපා. ඒක මහ පවක්‌. මේ ඉතුරු වන පාන් කැබලි හෝ පාන් හොඳින් වේලලා කුඩු කරලා තියාගෙන කට්‌ලට්‌ වගේ දේ බදින විට දමන්නට යොදාගන්න පුලුවන්. එහෙ ම නැත්නම් අපිට අතුරුපසක්‌ පිළියෙල කරන්න පුලුවන්. බිත්තර, සීනි, කිරි එකට දමා හොඳින් කලවම් කරගෙන පෙරාගන්න. එයට වැනිලා ටිකක්‌ එකතු කරන්න. ඉතිරි පාන් කුඩා කොටස්‌වලට කඩා මේ මිශ්‍රණයට දමන්න. වියළි මිදි, කජු වැනි දේත් දමන්න. මේක හොඳට බේක්‌ කරගත්තම රසවත් අතුරුපසක්‌ ලැබේවි.

පිට්‌ටු 

අපි පිට්‌ටු හදන්නේ හාල් පිටි හෝ ඇමරිකන් පිටිවලිනි. මේකට කුරක්‌කන් පිටි ටිකක්‌, මයියොක්‌කා පිටි ටිකක්‌ එකතු කරලා වෙනස්‌ විදියකට පිට්‌ටු හදාගන්න.

නිවසේ හදපු පිට්‌ටු ඉතුරු වුනා ම එයට නැවත පොල් කිරි ටිකක්‌ දාලා කැට ලිහා ගෙන පැණි උණු කරලා එයට දාලා කලවම් කරගෙන, තැටියක තුනී කරලා කැබලි කපාගෙන වැලිතලප හදන්න පුලුවන්. මෙය බොහෝ ගෙවල්වල කරන දෙයක්‌. මේ ක්‍රමයට අපිට පුළුවන් වේලක්‌ පිරිමහගන්න විදියට යොදා ගන්න. 

පොල් කිරි ඉහලා පිට්‌ටු කැට ලෙහා ගන්න. කැරට්‌, ලීක්‌ස්‌, ගෝවා, වට්‌ටක්‌කා වැනි එළවළු වර්ග කීපයක්‌ තෝරාගෙන ඒවා ගම්මිරිස්‌ ඇටයක්‌ තරමට කපාගන්න. භාජනයක්‌ ගෙන එයට බටර් ස්‌වල්පයක්‌ දමා රත්වෙන්න තබන්න. මුලින් ම කැරට්‌ දමා බදින්න. විනාඩියකින් පමණ ඉතිරි එළවළු ද එකතු කරන්න. එයටම ලුණු කහ ස්‌වල්පයක්‌ එකතු කර ලිහාගත් පිට්‌ටු දමා කලවම් කරන්න. ලස්‌සන පිට්‌ටු මිශ්‍රණයක්‌ ලැබී ඇති. මෙය සේවරි පිට්‌ටු වගේ. සීනි සම්බෝල, කට්‌ට සම්බෝල, හතු, මස්‌, මාලු ඕනෑම කරියක්‌ සමග කෑමට ගන්න පුළුවන්.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jun 2017 08:00 PM
මුං ඇට මැල්ලුම ගොඩක් අය කාල නැහැ කියල කියනවා දැක්ක. පුදුමයි. මගේ ආසම කෑමක්. මාළු හොදි ටිකක් තිබ්බ නම් ඇති බත් ටිකක් එක්ක. ඇදල දාන්න පුළුවන් හිටු කියල.
ඒ වගේම මුං ඇට ව්‍යන්ජනයත් මරු.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jun 2017 08:02 PM
ඉතුරුවෙන කෑම ජාති අහක දමන්න එපා
පබිලිස් මහත්තය නම් ඉතුරුවෙන කරපිංච නැට්ටක් වත් ඉවත දමන කෙනෙක් නෙවෙයි. ඔහුගේ දක්ෂතාවය වගේම ඔහුගේ නිහතමනිත්වයටත් මම හරිම කැමතියි.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Jun 2017 08:24 AM
ජීවිතේට හිතන්නෙ නැතිකෑම මෙතන තියෙනවා.හැබැයි කෑවා වගේම අනිත් පැත්තත් කොහොම වෙයිද දන්නෑ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jul 2017 03:03 AM
ගොඩක් වැදගත් මේ ලිපිය
අපේ ගෙදරත් සමහර දාට මේ ආහාර අහක දානවා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Sep 2017 10:26 AM
0
You are not authorized to post a reply.
Page 24 of 26 << < 2223242526 > >>