You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 94 of 97 << < 9293949596 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jan 2017 07:37 AM
අද මගේ ජීවිතෙත් අමතක නොවන එක දවසක්.අපේ යාලුවන්ව දැක අදුර ගන්න ලැබීම ලොකු සතුටක්.
හැමෝම කතා බහ කලා, විනෝද වුනා.මතක් වෙද්දිත් ආසයි. කොච්චර කාර්‍ය බහුල වුනත් හමුවට පැමිනි හැමෝටම ගොඩක් ස්තූතියි.
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
21 Jan 2017 08:34 AM
උදෙන්ම ආව වගේ මතකයි. දැං ගෙදර. අනෙ අම්මේ කොහොම ආවද දන්නෑ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
21 Jan 2017 09:00 AM
පොලිසියෙන් එහෙම ඇල්ලුව නැහැ නේද
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
21 Jan 2017 09:18 AM
ගොඩක් සතුටුයි සිනා මුසු මුහනවල් වලින් සතුටු සාගරයේ අපේ STUN සැම සිටිනවා දකිද්දී, එසේම මටත් ලොකු සතුටක් ඒ සුන්දර මුහුණු සතුටින් දිප්ප්තිමත් වනවා දකික්දී,
සමන්ත කිවා වගේ අනිකුත් තැන් හා මෙහි ඇති වෙනස හැමදෙනාටම වැටහෙන්නට ඇති,අපි ලබන වසරේත් මෙවන් සුහද හමුවකින් 2018 ඉතා ඉහලින් පවත්වම්.
ආදරයේ උල්පත අම්මා ......................
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jan 2017 09:30 AM
_______අද අපූරැම දවසක්...____

'''' අපේ ස්ටන් පවුලේ බැදීම තව තවත් හුගක්ම ශක්තිමත් වුණා කියලයි මට නම් හිතෙන්නෙ... මදුරංග අයියා හා ස්ටන් කාර්යය මණ්ඩලයේත් කැපවීමත් වගේම ගාමිණී මාමාගේ පූර්ණ අනුග්‍රහයත් හා කැපවීමත් මෙන්ම අනිත් සාමාජිකයන්ගේ උනන්දුව උත්සාහය හා කැපවීම මේ සියල්ලම එක් වීම නිසා අද දවස හුගක්ම ලස්සන වුණා..... කියා ගන්න බැරි තරම් අති ඉමහත් වූ සතුටක් තමයි දැනුණේ '''''

*******************************
මේතාක් දුර එක්ව පැමිණි අපි
තවත් දිගු කාලයක් බැඳී
සහෝදරත්වයේ නාමයෙන්
අභිසෙස් ලැබූ බව නම්
හැමදෙනාටම එකහෙලාම
පසක් වන්නට ඇති බව නිසැකයි ..
*******************************
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
21 Jan 2017 12:41 PM
සුහද හමුව,

සුහද හමුව ඉවර වුණා නේද අපරාදේ කියලා හිතෙන්නේ මට විතරද?.. හි හි.

සුහද හමුව නම් ඇත්තටම හොදයි. දැන් ඉතින් කලින් තිබුණටත් වඩා හොද යාළු කමක් අපි අතර තියෙනේ. දැන් අපි හුගක් අයව දැක්කා. නොදැකලා තියෙන
අයවත් දැක්කා.

මාධව අයියයි , ස්එම්ටී අයියි. විතරයි මම නම් පොටෝ වලින් වත් දැකලා තිබුනේ නැත්තේ
ගාමීණී මාමා ප්‍රපයිල් පොටෝ එක මාරු කරන්න වෙයි වගේ. හැබෑ පෙනුමට වඩා හුගක් වෙනස්නේ. සුරේශ් අයියත් ඒවගේ. මේකේ තියෙන්නේ ඔයාගේ පොටෝ එකක් නෙමෙයිද?.

ගාමීණී මාමාට ගොඩක් ස්තුතියි අපිට මේ වගේ අවස්ථාවක් උදා කරලා දුන්නට. කාර්යමණ්ඩ අනිත් හැමෝටමත් හුගක් ස්තුතියී. මම මෙහෙමෙ හමුවකට එක්තු වුණ මුල්ම වතාව.

ඇත්තට ඊයේ රෑත් මට එන්න බෑ කියලා හිතුණා. ඊළග පාරත් මම නම් ඔන්න අනිවාරෙන් එනවා.

මධුරංග අයියා කිව් විදියටම මම ආරම්භ කරපු ත්‍රෙඩ් ටික මම ආයෙත් සක්‍රිය කරන්න හිතුවා. තාම ඉතින් ගැටළු කීපයක් නම් තියේ. ඒත් උත්සහ ගන්නම්.


ඔන්න මගේ ස්තුතියි කතාව ඉවරයි. හිහි.

ඕ අමතක වුණා. ගාමිණී මාමේ බබාගේ කොටස බබාට දුන්නා. ආයෙත් ගොඩක් ස්තුතියි.

කවුරු හරි ඉන්නවද?. මම සයිට් එකේ දාන කෙමෙන්ට් වලට අනුව ඔයාලගේ හිතුණ ස්වරූපයට වඩා මම වෙනස් කියලා හිතුණ.
දිනයක වැටහේවී...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Jan 2017 02:01 PM
කෝ බලන්න පින්තුර සහ වීස්තර දාන්නකෝ ඉතින්

0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
21 Jan 2017 05:56 PM
ඊයේ දිනයනම් අමතක නොවෙන දියක් වුනා මටනම්. අලුත් යාලුවෝ ගොඩක් හම්බවුනා කතාබහ කරා,ගීත ගයනා කරා හරිම සතුටු දායක මොහොතක්.
මෙවැනි හමුවක් සංවිදානය කිරීමට මගන්සි වූ STUN එකේ සියලුම කාර්යමණ්ඩලයට ගොඩක් ස්තුතියි.ඒවගේම 2018 ත් මෙවැනිම හමුවකින්
මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
22 Jan 2017 05:31 PM
SL-STUN GET-TOGETHER 2017 එකට පැමිනි ඔබ සැමට ස්තුතිය පුද කර සිටිනවා මුලින්ම ..ඉතා දුර බැහර සිට දවසක් stun එක වෙනුවෙන් ගත කිරිමෙන් ඔබ සතුටක් ලැබුවා නම් එය අපෙත් සතුටයි ..මී සාදය සදහා මුලික ව කටයුතු කල ගමිනි අය්යා ඇතුලු නන අයුරින් උදව් උප්කාර කල හමොටමත් ..දායක්තවය ලබා දුන් සමන්ත අය්යා සහ රොසි සොයිරියටත් සියලුම stun සාමජිකයන්ටත් මගෙ ප්‍රනමය හා ස්තුතිය ...ලබන පාර මීට වඩ හොද එකක් කරන්න අප අදිටන් කරගමු ..
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Jan 2017 05:40 PM
පින්තුර ටික දැක්කම මටත් දුක හිතුනා අනේ ඉන්න තිබ්බා නම් කියලා ,skype වත් නාපු එකට සමාවෙන්න ,මහන්සියත් පහුදා උදෙන්ම යන්න තිබුන නිසාත් වෙලාව පරක්කු නිසාත් නිදන්න ගියේ ඉමල්ක අයියට කියලා ,ඒ ගැන නැවතත් සමාව ඉල්ලනවා ..
අනිවාර්යෙන්ම මීලග සුහද හමුව මීටත් වඩා වැඩි දායකත්වයකින් සතුටින් කරන්න ලැබෙන්න ඕනේ . stun එක වෙනුවෙන් වෙහෙස ,මහන්සිය, දවස වෙන් කරාපු ඔයාලා හැමෝටම මගෙත් ස්තුතිය සහ ලෙන්ගතුකම .
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
22 Jan 2017 08:41 PM
සටන් සුහද හමුවට පැමිණි සියලුම සාමාජික සාමාජිකාවන්ට ස්තූති කරනවා... මට මතකයි කලින් පැවැත් වූ සුහද හමුවල් වලදී අපි හැමදාම දැක්කෙ හැමදාම එන හත් අට දෙනා පමණයි... මොකද පැමිණීම තමයි වැදගත් වෙන්නෙ .. ඒ වාගේම අනිකුත් මාගේ සහෝදර කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ස්තූති වන්ත වෙනව මෙය සාර්ථකව කර ගැනීමට දායක වීම පිළිබඳව...

විශේෂයෙන් ස්තූති වන්ත වෙනව අපගේ ගාමිණී අයියාට ..රෑක් දවාලක් නැතුව කාලය, ශ්‍රමය, ධනය කැප කරමින් විදේශ රටක සිට මෙම සුහද හමුව සංවිධානය කිරීම පිළිබඳව ...ඒ වාගේම මේ සඳහා සහභාගී වූ සියලු දෙනාටම පොදුවේ ලබා දුන් තෑගි වලටත් , ලබා දුන් විශේෂ තෑගි වලටත් ස්තූතියි ගාමිණී අයියේ...ඔබටත් ඔබ පවුලේ සියලුම දෙනාටත් මා නිදුක් නිරෝගී ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා... මුල්‍යමය අතිනුත් තව තවත් ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..

විදේශ ගතව අපිත් සමග සැමදා එක්ව සිටින අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු වන සමන්ත අයියාටත් , රෝසි නංගිටත් ස්තුතිවන්ත වෙනවා සහභාගී වීමට නොහැකි වුවත් ඒ සදහා දායකත්වයක් ලබා දීම පිළිබඳව ...

ඉදිරි වසර වලදීත් මේවාගේ සුහද හමුවල් පැවැත්වීමට ශක්තිය ලැබේවා ! ස්තූතියි 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
22 Jan 2017 08:50 PM
Posted By Suresh on 21 Jan 2017 08:34 AM
උදෙන්ම ආව වගේ මතකයි. දැං ගෙදර. අනෙ අම්මේ කොහොම ආවද දන්නෑ.
සුරේෂ් මල්ලි..පොඩ්ඩක් ඔයා ෆ්‍රී වෙලාවක් කියන්න මට..කතාවක් හදා ගන්න තියෙනව ඔයාට කියල. ස්තූති කතාවක්... මරු ඕයි 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
22 Jan 2017 09:29 PM
Posted By kingD on 22 Jan 2017 08:50 PM
Posted By Suresh on 21 Jan 2017 08:34 AM
උදෙන්ම ආව වගේ මතකයි. දැං ගෙදර. අනෙ අම්මේ කොහොම ආවද දන්නෑ.
සුරේෂ් මල්ලි..පොඩ්ඩක් ඔයා ෆ්‍රී වෙලාවක් කියන්න මට..කතාවක් හදා ගන්න තියෙනව ඔයාට කියල. ස්තූති කතාවක්... මරු ඕයි 


විලි ලැජ්ජාවෙ සන්තොසෙ බැරුවා අයියන්ඩ්.

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Jan 2017 09:41 PM
mamath me ekama thma hithan hitiye lssana diga kathawak hadaganna ona kiyala
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
22 Jan 2017 09:48 PM

සුහද හමුව 2017 - පසු විපරම



ගාමිණි අයියේ.. හැමෝටම බැහැ තවත් කෙනෙකුගේ දීප්තිමත් සිනහවක් දැකලා සතුටු වෙන්න. ඔබ ඔබේ දහදිය මහන්සිය යොදා උපයාගත් දෙයින් කොටසක් බොහොම නිර්ලෝභීව තෑගී බෝග සහ විය හියදම් වෙනුවෙන් වියදම් කර එයින් අනෙත් අය ලබනා සතුට දැක ප්‍රීති වන්නට පුළුවන් තරමේ ඉතා දුර්ලභ මනුෂ්‍යයෙක්. ඒ අතින් ඔබ සිරුරෙන් අප සිතා සිටියාට වඩා කුඩා නමුත් මේ ලෝකයේ සිටින මනුස්සකම අතින් දැවැන්තයෙක්. එවැනිම ගතිගුණ වලින් හෙබි බොහොම නිහතමානි සුන්දර සරල බිරිඳක් වගේම වාසනාවන්ත දරුවන් සිටින පවුලක් ඔබ සතු වුනේ ඔබේ එවැනි ගතිගුණ මෙන්ම පරිත්‍යගශිලිත්වයේ ප්‍රථිපලයක් ලෙස විය යුතුයි. මේ කාර්ය සඳහා ඔබේ පවුලේ බිරිඳ සහ දරුවන්ද එකතුවී සහයෝගය දැක්වූ අයුරු හැමෝම වගේ දකින්න ඇති. මේ සෑම දෙයකටම ඔබටත් ඔබේ පවුලේ හැමෝටමත් පින්. ඔබට වැඩි වැඩියෙන් ලැබේවා !
ඔබ දුන් පෙන් ඩ්‍රයිව්, මග් එක සහ හැඳුනුම් පත ඇතුළු සියලු දේ අපේ සාමාජිකයන්ට ස්ටන් එක අමතක නොකළ හැකි තරමට ලං කර තබන්නට සමත් වෙනවා නොඅනුමානයි. ඔයා තෑගී වශයෙන් දුන්නු චොකලට් ටිකට නම් අපේ දෝනි වග කිව්වා.

රෝසි එදා කේක් එක වෙලාවටම ලැබුණා. ඉතා රසවත් යෝධ කේක් එකක්. හැමෝම රස බැලුවා. පළමු කේක් කට හැමෝටම ඔයා වෙනුවෙන් මම කැවුවා. කොළඹ යන ගමන් ඉතුරු කොටස කස්ටිය රස වින්ද බවයි දැනගන්න ලැබුණේ.
සමහරු නොදන්නවා වෙන්න පුළුවන් ඇමරිකාවේ ඉඳන් රෝසි මේ කේක් එක හදන්න වෙච්ච මහන්සිය. කේක් එක සඳහා වෙනම ඩිසයින් එකක් හදවලා එවලා පළමුව සැලසුම් කර ගත් විදිය ක්‍රියාත්මක වෙලා නැහැ. පසුව වෙනම යුද්ධයක් දීලා තමයි කේක් එක හදවලා තියෙන්නෙ. ගෙන්න ගන්නත් ඒ ගැන හොයලා බලන්නත් වෙනම කෙනෙක් යොදවලා. ඇය කියනවා මේක පළමු සැලසුමේ දීපු ඩිසයින් එක නෙවෙයි කියලා. කොහොම හරි අන්තිමට තිතට වැඩේ උනා. දුරු රටක ඉඳන් නොදැකපු අප වෙනුවෙන් දැක්වූ ඒ කැපවීම, මහන්සිය සහ පිරිවැයට මුළු ස්ටන් එකේම අවංක ස්තූතිය.

සමන්ත අයියත් අපට ජර්මනියේ ඉඳන් ලොකු සහයෝගයක් දැක්වුවා. ස්ටාෆ් එකට යම් මුදලක් පවා ලබා දී ඇති බව දැන ගන්නට ලැබුණා අපේ සමරු වැඩේ සඳහා. ඔබට ගොඩක් ස්තූතියි. සමන්ත අයියා ලෝකේ වටේම ගියත් හිත තියෙන්නෙ ස්ටන් එකේ.

රෝසි සහ සමන්ත අයිය දෙන්න ඊලග ගෙට් එකේදී දැක ගන්න ලැබීම තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනාව.

මමත් ස්ටාෆ් එකත් සමග සුදානම් උනේ ගාමිණි අයියා වෙනුවෙන් සමරුවක් පිළියෙළ කරන්න. නමුත් ස්ටාෆ් එක මටත් හොරෙන් මටත් සමරුඵලකයක් සුදානම් කරලා. බොහොම ස්තූතියි ඒ සඳහා. ඒක මගේ කාමරයේ බොහොම ආරක්ෂාකාරිව තබා ගත්තා. මේවා හදවන්න මහන්සි වූ ඉන්දික76 අයියා ඇතුළු ස්ටාෆ් සාමාජිකයන් සියලු දෙනාටමත් නිසදැස් කවි ලියු (කාගේද ඒ අදහස්?) අයටත් ඒ වෙනුවෙන් මුදල් සහ වෙහෙස මහන්සි වූ සැමටත් ස්තූතිය. අවංකවම ලස්සනයි ඒ සමරුව.

කොළඹ ඉඳලා හැමෝම සුහද හමුවට රැගෙන එන්න මුලිකව කටයුතු කල ඉන්දික007 අයියටත් බොහොම ස්තූතියි.

තාක්ෂණික සහය කැරෝකේ මැසිම සහ ශබ්ධ පරිපාලනයෙන් සහය වූ ඉමල්ක සොයුරාට ගොඩක් ස්තූතියි. වැඩේ ලස්සනට උනා කැරෝකේ වැඩේ නිසා. ස්ටාෆ් එකේදී කතා වුනු ඉමල්කගේ අදහසක් මේක.

මේ කාර්ය මාස ගණනාවක් තිස්සේ විවිධ සාකච්චාවන්ට බඳුන් වෙමින් අදහස් එකතු කරමින් සාර්ථක කර ගන්න උදව් වූ ස්ටාෆ් සාමාජිකයිනි. කිංග්ඩි, ඉසුරු ඇතුළු ස්ටාෆ් ඔබ සැමට ස්තූතියි.

අපව විශ්වාස කරමින් අපව තේරුම් අරගෙන සුහදත්වයෙන් සහ සහෝදරත්වයෙන් එකතුවූ පොඩ්ඩි සහ සඳුනි සහෝදරියනි. ගොඩක් ස්තූතියි. ඔබ දෙපළගේ පැමිණීම සුහද හමුව වර්ණවත් කිරීමට හේතු වුණා කියල අවිවාදයෙන් සඳහන් කරන්න පුළුවන්.
පොඩ්ඩි නගා වගේම ඇයගේ දෙමාපියනුත් බොහොම සමාජශීලි නිහතමානී අය බව ගෙදර ගිය වෙලවේ මම දැක්කා. ගෙදර ගත කළ සුළු කාලයේදී ඉතා හොඳින් සැළකුවා. ඒවගේම මට නම් ඔන්න කැවුම් මුන් කැවුම් එහෙමත් ලැබුණා. දැනගෙන හිටියාද මන්දා මේ ගැන. මම කැවුම් සහ මුං කැවුම් කන්න රුසියා බව. ඔය ස්ටන් අවුරුදු ත්‍රෙඩ් වල නම් මම මේ ගැන නිතර කියලා ඇති. වැඩි වෙලාවක් නිවසේ රැඳෙන්න කාලය මදි උනේ සෑහෙන දුරක් නැවත මට එන්න තිබුණු නිසා. එදා ඉදිරිපත් කල ලස්සන නිසදැස් ටික නැවත අපට බලන්න හැකි වෙන්න පෝස්ට් කරන්න.

සඳුනි නංගි අහලා තිබුණා හිතාගෙන හිටියාට වඩා එයා වෙනස් ද කියාලා. මම නම් හිතාගෙන හිටියාට වඩා ලොකු වෙනසක් නැහැ. 80%ක් පමණම සමානයි. හැබැයි හිතාගෙන හිටියාට වඩා තවත් අහිංසක බවක් තමයි දැක්කේ. නිතරම සිනා මුසු මුහුණින් ගත කරන සුන්දර චරිතයක්. සාමාජිකයන් හැමෝම සමග බොහොම සහෝදරත්වයෙන් යුතුව සිටිය හැකි හොඳ සහෝදරියක්. ඔබව රැගෙන ආ ඔබේ මහත්තයාටත් ස්තුති කළ බව කියන්න. ඔබ සතුව හැකියාවන් රාශියක් ඇති බව අපට පෙනුණා. ඒ හැමදෙයකින්ම අපේ හමුවත් අපේ ෆෝරමයත් වර්ණවත් කරන ඔබට ගොඩක් ස්තූතියි.

වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කරමින් සුහද හමුවට තවත් වටිනාකමක් එක් කල හසිත අයියාටත් ගොඩක් ස්තූතියි.

අපව පළමු වතාවට දැක ගන්න පැමිණි චාමර,මාධව, ඇස්ඇම්ටී මලයලටත් ගොඩක් ස්තූතියි. පළමු වතාවට ගෙන්න ගන්න එකයි අමාරු. දෙවෙනි වතාවේ එපා කිව්වත් එනවා කියලා අපි දන්නවා. මේ හමුවට සහභාගී වෙන්න අවස්ථාව තිබුණත් ඒ අවස්ථාව මග හැරුණු අපේ ස්ටන් සාමාජිකයන් ගැන පළමු අවස්ථාවට සහභාගී වූ ඔබට මොකද හිතෙන්නෙ?

ගීත ගායනයෙන් හමුව ප්‍රබෝධමත් කළ ඔබ සැමට ස්තූතියි. උගුර බැරැන්ඩි වෙච්චි ලෙඩ කපුටා ට කියලා මයික් එක අතට දීලා සිංදුවක් කියව ගන්න තමයි බැරි උනේ..බලමු ලෙඩ කපුටාගේ අතේ අමාරුව එන වසරේදී වත් සුව වෙලා තියේවිද කියලා ගීත ගයන්න පුළුවන් ආකාරයට.
නමුත් සුරේෂ් ඡායාරුපකරණයෙන් ඔබ ලොකු සහයක් දුන්නා අපට. ඒ ෆොටෝස් ටික සිප් කරලා අප්ලෝඩ් කරලා අපි හැමෝටම ගන්න ලින්කුවක් දෙන්න ඔබට හැකි වෙලාවක. ඡායාරුපකරණයේ දක්ෂයෙක් අපට සිටීම ගැන අවන්කවම සතුටුයි. (මගේ ස්තූති කොමෙන්ටුව දැන් ඉවරයි.. හොඳේ.. සඳුනි කියන්න වගේ.. මතකද දන්නෙ නැහැ සුරේෂ්ට ස්තූති කතාවක් කළ බව එහෙම.)

එදින ගීත ගායනට සහයට පැමිණි බෙග් මාස්ටර් ට සහ ජයන්ත දිසානායකටත් ගොඩක් ස්තූතියි.

දියමන්තියත් අරගෙන ආපු ෂා මල්ලි ඒක එයාගේ මල්ලි නොහොත් තුෂාන් මලයට දුන්නා තව වසරකට. පවුලෙන් පිටට ගියේ නැති නිසා සතුටු වෙනවා ඇති. ඔයාල දෙන්න අපේ සයිට් එකට ලොකු ශක්තියක්. තුෂාන් මල්ලි දැකල තිබුණට ෂා මල්ලි දැකල තිබුණේ නැහැ නේ.

එදා පැමිණි ඔබ සියළු දෙනා ඊලග වසරේදීත් මේ හමුවට සහභාගී වන බවයි මගේ විශ්වාසය. තවත් අලුත් අදහස් කිහිපයක්ම තියෙනවා එන වසරේදී මේ හමුව වර්ණවත් කිරීම සඳහා එකතු කිරීමට. එන වසරේදී හැමෝගෙම සහයෙන් මේ වැඩේ තවත් ලස්සනට කරමු. තවත් අලුතින් හොඳ සාමාජිකයන් ටිකක් එකතු කරගන්න උත්සාහ කරමු. එදින සහභාගී වෙන්න නොහැකි වූ අය සයිට් එකේ හොඳින් ක්‍රියාකාරී වී එන වසර සඳහා ක්‍රියාකාරී සාමාජිකයන් ගොන්නට එකතු වන්න. ඒ සඳහා හැමෝම සහය වේවි.

මට කීමට එදා තවත් කරුණු රාශියක් තිබුණත් කාළය හරස් උනා. විශේෂයෙන්ම ඉදිරි වැඩ කටයුතු ගැන එහෙම.

සුහද හමුව සාර්ථක කර ගැනීමට උදව් කළ ඔබ සැමටත් පැමිණි ඔබ සැමටත් ගොඩක් ස්තුතියි. 2018 දී තවත් සාර්ථක සුහද හමුවකින් නැවත හමුවෙමු. එතෙක් නොබිදුනු සහෝදරත්වයෙන් යුතුව අත් වැල් බැඳගෙන ඉදිරියට යමු.


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
22 Jan 2017 09:51 PM
Posted By Suresh on 22 Jan 2017 09:29 PM
Posted By kingD on 22 Jan 2017 08:50 PM
Posted By Suresh on 21 Jan 2017 08:34 AM
උදෙන්ම ආව වගේ මතකයි. දැං ගෙදර. අනෙ අම්මේ කොහොම ආවද දන්නෑ.
සුරේෂ් මල්ලි..පොඩ්ඩක් ඔයා ෆ්‍රී වෙලාවක් කියන්න මට..කතාවක් හදා ගන්න තියෙනව ඔයාට කියල. ස්තූති කතාවක්... මරු ඕයි 


විලි ලැජ්ජාවෙ සන්තොසෙ බැරුවා අයියන්ඩ්.



ඒක ස්තුති කතාවද බන් ??මම හිතුවෙ සුරෙශ්ගෙ ජීවිත කතාව කියලා ..කොහොම නමුත් කොල්ල හරි වෙලාවටම නැවත්තුවා නැත්නම් 76 සහ සිය පවුලටම කඩවත highway එකෙ පයින් තමයි යන්න වෙන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
22 Jan 2017 09:52 PM
ෆොටෝ ටික දැම්ම මධු. පීඑම් බලන්ඩ.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Jan 2017 10:12 PM
සුරේෂ්ගේ පිංතූර ටිකත් දාන්න අපිට බලන්න. චාමර දාපු ඔක්කොම ෆොටෝ නිසා නූල දිගහැරෙන්න වේලාවක් ගතවෙනවා. ඒ නිසා අනවශ්‍ය ඒවා අයින් කලා නම් හොඳයි .
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
22 Jan 2017 10:48 PM
මදුරංග ගේ පසු විපරම දැනුයි දැක්කේ

මගේ අදහස මම ඉතා කෙටි කරා මදුරංග ඔක්කොම කියලා තිබ්බ නිසා . නමුත් එදා මට එක දෙයක් කරනට බැරි උනා එනම්....අප දන්නා පරිදි ගාමිණි අයියා නිතිපතා කරන සමාජ සත්කාර කටයුතුවලට සිය උපරිම සහයෝගය ලබාදෙන
පවුලේ සැමට විශේෂ ස්තූතියක් පුද කිරීම්....කාලය හරස් වීම නිසා ඒ දේ කල නොහැකි උනා. (ඒ සඳහා ගීතකීපයක් ඒ අතරතුරේ හොයාගත්තත්...පුහුණු වෙන්න බැරි උන නිසා කිව්වේ නැහැ)** ඒ ගැන විස්තර පසුව කියන්නම්

හමුව ගැන කෙටියෙන්ය මක් පවසනවා නම් අනිවාර්යයෙන්ම එහි නියමුවා ගාමිණි අයියා කියන එක විවාදයක් නැහැ. නමුත් ඒ පසුපස ඔහුගේ පවුලේ සියලුම දෙනා සිටි බව අපි එදා දෑසින්ම දැකගත්තා. එවන් අනුග්‍රහයක් ලබාදීමට ඉදිරිපත් වුනු ගාමිණි අයියා ට ඒ ශක්තිය නො අඩුව ලබාදුන් එතුමන්ගේ දයාබර බිරිඳ ට විශේෂ ස්තුතියක් කරන්න බැරි වීම ගැන කනගාටු වෙමි. ඒ කිමද යත් බොහෝ මහත්වරු අනුන්ගේ සතුට වෙනුවෙන් හෝ සුභසාදනය වෙනුවෙන් මුදලක් වැයකිරීමට ඉදිරිපත්වන බොහෝ වෙලාවල් වලදී එයට පළමුව විරිද්ද වන්නේ තම බිරින්දෑ වරුන් බව අත්දැකීමෙන් දන්නා අප හටඔබ දේපල තවත් සුවිශේෂී අත්දැකීමක් එකතු කල වග කිව යුතුමයි. ඒ ඔබ දේපල සතු පරිත්‍යාගශීලී ගුණය බව නොරහසකි.
බොහෝ වටිනා තෑගී බෝග ලබාදී සැමගේ සිත් සනසා ඔබ දෙපල අපට පෙන් වූ ආදර්ශය මුළුමහත් රටටම ආදර්ශයකි.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jan 2017 02:45 AM
සුහද හමුවේ පසු විපරම දිග සටහනකින් දක්වලා තියෙනවා මදූ අයියා... ඒ ගැන ස්තුතියි....
( මගෙන් ස්තුති කතාවක් නම් නෙවෙයි .. සුරේෂ් අයියා තරහා වෙයිනෙ මම එයාගේ තැන ගත්තොත් එහෙම හි හි )

.ගාමිණී මාමා. මදූ අයියා ඇතුළු කාර්යය මණ්ඩලයට ..ක=රැණෑගලට මෙම සුහද හමුව ගෙන ආව එක ගැන හුගක්ම ස්තුතියි ....

මම මෙම පවුලට සම්බන්ධ වෙලා දැනට වසරක පමණ කාලයට ලං වෙනවා. ඒත් ඔයාලත් එක්ක බැදීම හුගාක් කල් ඉදන් තිබුණ බැදීමක් වගෙයි. හැමෝම ගොඩක් හොදයි. ප්‍රියයන්ගේ ඇසුර බුදු හාමුදුරුවොත් මංගල කරුණක් වශයෙන් දේශනා කරලා තියෙනවා.

ඉතින් මට කියන්න තියෙන්නේ මීටත් වඩා සාර්ථක සුහද හමුවක් 2018 වසරේත් පවත්වමු අපි.. එදාට නම් රෝසි අක්කා හා සමන්ත මාමවත් අනිවාර්යයයෙන්ම සහභාගි කරවා ගන්න ඕනි....

ස්ටන් ගමනේ අතිසාර්ථකත්වයට මදූ අයියා ඇත=ලු කාර්යය මණ්ඩලයටත් සාමාජික සැමටත් තව තවත් දිරිය ශක්තිය ලැබේවායි කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා.


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
You are not authorized to post a reply.
Page 94 of 97 << < 9293949596 > >>