You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Feb 2017 04:02 PM by  SM THILANKA
ගෙදරදීම අයිස් ක්‍රීම් හදාගමු
 76 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 4 << < 1234
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 May 2016 04:04 AM
ෆෑන් කේක් කාල තිබුණට මේකේ හැඩයේ ඉදන්ම වෙනස් වගේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 May 2016 10:13 AM

ගෙදරදීම අයිස් ක්‍රීම් හදාගමු  


අයිස් ක්‍රීම් කන්න අපි හැමෝම කැමතියි. විවිධ විදියට රසගන්වපු අයිස් ක්‍රීම්

වර්ග වෙළඳ පොළේ තියනවා. එත් අපිට ගෙදරදීම හදන අයිස් ක්‍රීම් රස බලන්න පුළුවන් උනොත් එක අලුත්ම අත්දැකීමක් වේවි. එතින් අපි හිතුව ගෙදරදීම අයිස් ක්‍රීම් හදන ක්‍රමයක් කියල දෙන්න .

අවශ්‍ය ද්‍රව්‍ය:

කිරි ටින් 1

ජෙලටින් තේ හැඳි 01

කිරි පිටි මේස හැඳි 04

සීනි සවල්පයක්

වැනිලා

කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 01

උණු හා ඇල් ජලය

සාදා ගන්නා ක්‍රමය : කිරි ටින් එක කඩා භාජනයකට දමන්න. එයටම ඇල් ජලය එකතු කර හොදින් සොලවන්න. ඉන්පසු ජෙලටින් මේස හැඳි 04ක් පමණ ජලයේ දිය කර කිරි බන්දුනටම එක කරන්න. ඔබගේ රස අනුව සීනි , කස්ටර්ඩ් පවුඩර් හා වැනිලාද එකතු කර හොදින් ගසා ගැනීමට අවශ්‍ය වේ. මෙසේ සාදාගත් මිශ්‍රණය විනාඩි 45ක් පමණ අධි ශීතකරණයේ තැබිය යුතුය. ශීතතකරණයෙන් පිටතට ගෙන නැවතත් හොදින් ගසා නැවත ශීතතකරණයටම දමන්න. මෙසේ තුන් වරක් පමණ කිරීමෙන් පසු බාවිතයට ගන්න .

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 May 2016 11:11 AM
බොහොම්ත්ම ස්තූතියි නංගී. දැන් මේ වැනිලා වෙනුවට චොක්ලට් පවුඩර් පාවිච්චි කරන්න බැරිද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 May 2016 03:20 AM
ගසා ගන්න කිවුවේ අක්කේ දෙන්නෙක් එක්ක දෙපැත්තට වෙලාද අක්කේ . නැහැ නේද

හ්ම් හදනවා අක්කේ මේකනං ලගදිම. කන්න ආසම නැති දෙයක්නේ .ගෙදරම හදගන්න කියෙනවනං තවත් මොනවද
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 May 2016 08:48 AM
අක්කේ මේකේ වතුර කොච්චරක්ද ගන්නේ ?
ඒකත් කිව්වොත් හරි ජාති ඕං.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 May 2016 10:17 AM
මාත් හදලා නැ ළමයිනේ ..මන් හිතන්නේ ටින එකේ තැවරිලා තියෙන කිරි ටික ගන්න වතුර ස්වල්පයක් ඕනේ වෙන්න ,,අනිත් තැන් වල තියෙන ඒවාට වඩා මේක සරලයි .හදලා බලන්න ඕනේ මාත් .
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 01:47 AM
අක්කා දන්නවද sorbet හදන්න
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 May 2016 04:20 AM
Posted By Rosi on 09 May 2016 10:13 AM

ගෙදරදීම අයිස් ක්‍රීම් හදාගමු  


අයිස් ක්‍රීම් කන්න අපි හැමෝම කැමතියි. විවිධ විදියට රසගන්වපු අයිස් ක්‍රීම්

වර්ග වෙළඳ පොළේ තියනවා. එත් අපිට ගෙදරදීම හදන අයිස් ක්‍රීම් රස බලන්න පුළුවන් උනොත් එක අලුත්ම අත්දැකීමක් වේවි. එතින් අපි හිතුව ගෙදරදීම අයිස් ක්‍රීම් හදන ක්‍රමයක් කියල දෙන්න .

අවශ්‍ය ද්‍රව්‍ය:

කිරි ටින් 1

ජෙලටින් තේ හැඳි 01

කිරි පිටි මේස හැඳි 04

සීනි සවල්පයක්

වැනිලා

කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 01

උණු හා ඇල් ජලය

සාදා ගන්නා ක්‍රමය : කිරි ටින් එක කඩා භාජනයකට දමන්න. එයටම ඇල් ජලය එකතු කර හොදින් සොලවන්න. ඉන්පසු ජෙලටින් මේස හැඳි 04ක් පමණ ජලයේ දිය කර කිරි බන්දුනටම එක කරන්න. ඔබගේ රස අනුව සීනි , කස්ටර්ඩ් පවුඩර් හා වැනිලාද එකතු කර හොදින් ගසා ගැනීමට අවශ්‍ය වේ. මෙසේ සාදාගත් මිශ්‍රණය විනාඩි 45ක් පමණ අධි ශීතකරණයේ තැබිය යුතුය. ශීතතකරණයෙන් පිටතට ගෙන නැවතත් හොදින් ගසා නැවත ශීතතකරණයටම දමන්න. මෙසේ තුන් වරක් පමණ කිරීමෙන් පසු බාවිතයට ගන්න .

 

ජෙලටින් උණු වතුරෙන්ද දිය කරන්නේ...
විනාඩි 45 න්  පස්සේ අරන් ආයෙත් අධිශිතකරනයේමද තියන්නේ...

අම්මට හොරෙන් තමා මට කන්න වෙන්නේ හදා  ගත්තොත් නම් .

ආව් ..

ස්.....ස්තුතියි  අක්කේ

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 May 2016 04:24 AM
මේක උණුවෙන් කනකොට තමයි රස තියෙන්නේ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 May 2016 05:23 AM
Posted By indika76 on 11 May 2016 04:24 AM
මේක උණුවෙන් කනකොට තමයි රස තියෙන්නේ...
උණුවෙන් කන්න ඕනේ  අයිස්ක්‍රීම්ද මල්ලී?

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 May 2016 06:33 AM
Net aken thama malli sorbet recipe eka ganna wenne ....one nam hoyala gannam hoda ekak .
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 May 2016 08:07 AM
මගේ ලගත් මේ අයිස්ක්‍රීම් හදන එකක් තිබුනා.ඒකට වඩා මේක සරලයි.
save කරපු පිටුව හොයාගන්න ඕනෙ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Feb 2017 05:44 PM
Posted By samantha on 23 Jan 2016 09:06 AM

හැමදාම නිකං පාන් ද? මෙන්න පාන් වලින් හදාගන්න පුලුවන් රසවත් කෙටි කෑම 5ක්!

අපි හැමදාම කන පාන් වලට වෙනසක් කරමුද? මේ හවස තේ වෙලාවට නැත්නම් පොඩි බඩගින්නකට අපූරුවට ගැලපෙන පාන් වලින් හදාගන්න පුලුවන් කෙටි කෑම 5ක්.
 

1. පාන් පීසා

Bread Pizza

මෙන්න නියම පාන් පිසා එකක් හදන හැටි
Source : slice.seriouseats.com

• පාන් පෙති කීපයක් වාටි ඉවත් කරල බටර් ටිකක් තවරා ගන්න.
• මේ පාන් පෙති වලට මුලින්ම තක්කලි සෝස් ටිකක් තවරගෙන ඊට උඩින් තෙම්පරාදු කරගත් කුකුල් මස් හෝ සොසේජස් ටිකක් අතුරගන්න.
• කැමතිනම් කපාගත් මාලු මිරිස්, ලූනු රවුම් ටිකක් එහෙමත් එකතු කරගන්න.
• අතුර ගත් මිශ්‍රනය වැහෙන්න මොසරැල්ලා චීස් ටිකක්(වෙළඳ පොලේ තිබෙන කොත්මලේ මොසරැල්ල චීස් එක මේකට කදිමයි) ඉහගෙන සෙල්සියස් 180ට කලින් රත්කරගත් උදුනක විනාඩි 7,8ක් පුලුස්ස ගන්න.
 

2. පාන් සමෝසා

Bread Samosa

පොඩ්ඩක් Indian taste එකට කමු පාන් සමෝසා
Source: slice.seriouseats.com

සමෝසා කන්න කව්ද කැමති නැත්තෙ. සමෝසා ඉන්දියාවෙ බොහොම බහුල කෙටි කෑමක්.
• මුලින්ම වාටි කපාගත් පාන් පෙති රෝලින් පින් එකකින් ටිකක් තුනී කරගන්න. ( රෝලින් පින් එකක් නැත්නම් වතුර පුරවගත්ත වීදුරු බෝතලයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.)
• අබ ටිකක් සූදුරු ටිකක් තෙම්පරාදු කරගත්ත තෙලට තම්බා පොඩි කරගත් අල,කපාගත් ලීක්ස්,ලූනු,තම්බා ගත් ග්‍රීන් පීස්,කහ, මිරිස් කුඩු,ලුනු කුඩු තියෙනවනම් ගරම් මසලා ටිකක් දාල හොඳින් මිශ්‍රකර ගන්න.
• මේ මිශ්‍රණය අර තුනී කරපු පාන් පෙත්තක් මැදට තබා ත්‍රිකෝණාකාරව නවා ගෙන බිත්තර සාරු වලින් අලවා ගැබුරු තෙලේ බැදගන්න.
 

3. පාන් රෝල්ස්

Bread Rolls

රෝල් වෙලා යන්න රහක්: පාන් rolls.
Source: nasilemaklover.blogspot.com

සොසේජස් එකක් දාලා වගේම අපි රෝල්ස් වලට කට්ලට් වලට සමාන්යෙන් දාන පිරවුම දාලත් මේ පාන් රෝල්ස් හදන්න පුලුවන්.
• වාටි කපාගත් පාන් පෙත්තක් රෝලින් පින් එකෙන් ටිකක් තුනී කරගන්න ( රෝලින් පින් එකක් නැත්නම් වතුර පුරවගත්ත වීදුරු බෝතලයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.)
• පිටි කිරි ටිකක් ගෙන පාන් පෙත්ත යන්තමට පොඟවා ගෙන බැදගත් සොසේජස් එකක් කෙලවරකින් තබා දෙපැත්තෙන් නවා ඔතා ගන්න.
• පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.
 

4. බටර් සහ සීනි

Buttered Toast with Sugar

ඕන වෙලාවකට හරියන පාන් පෙත්ත
Source: http://thezonghan.com

ලේසියෙන් පහසුවෙන් ඉක්මණින් හදාගන්න පුලුවන් රසවත් කෑමක්.
• බටර් හෝ ඇස්ට්‍රා ගාගත් පාන් පෙත්තක් උඩට සීනි ටිකක් ඉහගන්න.
• සෙල්සියස් 200ට පමණ කලින් රත් කරගත් උදුනක විනාඩි 15ක් පමණ පුලුස්සාගන්න. තේ වෙලාවට කන්න කර කරගා හැපෙන බටර් පාන් හදාගන්න.
 

5. ෆ්‍රෙන්ච් ටෝස්ට්

New French Toast

අළුත්ම French Toast එකක් හදමු
Source: www.delish.com

 

මේ අපි දන්න ෆ්‍රෙන්ච් ටෝස්ට් වලට ටිකක් වෙනස් විදියක්.
• පාන් පෙත්තක් දිග තීරු තුනකට විතර කපා ගන්න.
• බිත්තර 3ක් පිටි කිරි කෝප්ප බාගයක්,කුඩු කරගත් සීනි කෝප්ප බාගයක්, කුරුඳු කුඩු තේ හැඳි බාගයක් හොඳින් මිශ්‍ර කරගෙන කපා ගත් පාන් තීරු මෙම මිශ්‍රණයේ හොඳින් දවටාගන්න.
• මෙම පාන් තීරු පොඩි කරගත් කෝන් ෆ්ලේක්ස් හෝ පාන් කුඩු තවරා ගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
• අයිසින් සීනි ටිකක් උඩින් ඉහගෙන කිතුල් පැණි හෝ ගෝල්ඩන් සිරප් සමග කෑමට ගන්න.



ස්තුතියි මේ කෑම ටිකට.හදන්න ඕන.පංකාදු නියම කෑම.
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
08 Feb 2017 05:50 PM
Isthuthi lipiyata
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Feb 2017 05:11 AM
Posted By indika76 on 11 May 2016 04:24 AM
මේක උණුවෙන් කනකොට තමයි රස තියෙන්නේ...

 මොනවද අයිස්ක්‍රීම් ?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Feb 2017 05:43 AM
කෝ බලන්න මේවා හදලා කාපු අය
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
09 Feb 2017 04:02 PM
රසවත් කෑමක් නේ
0
You are not authorized to post a reply.
Page 4 of 4 << < 1234