You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 05 Feb 2016 10:44 PM by  shanaka kelum
Health Lesson - ඔබ මෙම ලිපිය කියවීමෙන් අනතුරුව නැවතත් කන් පිරිසිදු කිරීම සදහා පුළුන් සහිත කූරු භාවිතා නොකරනු ඇත
 79 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 4 << < 1234
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Jan 2016 07:15 AM

ඔබේ ශරීරයේ මෙම ස්ථාන සම්බාහනය කර බර අඩුකර ගන්න

නිල වෙදකම යනු ඉතා සංකීර්ණ වෛද්‍ය උපක‍්‍රමයකි. කටු චිකිත්සාව සහ නිල වෙදකම බොහෝ සෞඛ්‍ය ප‍්‍රශ්න සදහා විසදුමක් වෙනවා. ශරීරයේ පවතින විවිධ අවයව ශක්ති මාර්ග හරහා සමහර ස්ථාන සමග සම්බන්ධව පවතිනවාග

එමනිසා ශරීරයේ අභ්‍යන්තර අවයව වල ක‍්‍රියාකාරීත්වය දියුණු කිරිමට අවශ්‍ය නම් මෙම ස්ථාන හදුනාගෙන ක‍්‍රමයෙන් සම්බාහනය කිරීම වැදගත් වනවා. අපි මෙයින් ශරීරයේ බර අඩු කිරීමට දායක වන ස්ථාන හදුනා ගෙන උත්තේජනය කිරීමට බලාපොරොත්තු වෙනවා .මෙය අවුරුදු දහස් ගානක අත්දැකීමෙන් හුරුවූ ශිල්පයක්.

ඔබ මෙම අනුපිලිවලට කලොත් ඔබගේ පරිවෘත්තීය ක‍්‍රියා වල වේගය වැඩි කිරීමට හැකියාව ලැබෙනවා එමෙන්ම වැඩි ක‍්‍රියාශීලි ගතියක් සහ ආහාර ක‍්‍රමයෙන් සංචිත කිරීම වළකිනවා.

මෙම වැඩිපුර බර අඩුකරන ස්ථාන පහත පරිදි දැක්විය හැක.

1 කනේ පවතින ස්ථානය

රූපයේ ඇති මෙම ස්ථානය සම්බාහනය කිරීම මගින් ශරීරයේ සෑම කොටසකම පාහේ පවතින වැඩිපුර මේදය ඉවත්කර ශරීරයේ පරිවෘත්තීය වේගය වැඩිකරගත හැකි වෙනවා. ඔබ දිනකට මිනිත්තු 3ක් පමණ මෙම ස්ථානය එකම පීඩනයකින් යුක්තව සම්බාහනය කිරීමෙන් මෙම ප‍්‍රතිඵල ලබාගත් හැකිවෙනවා. මෙය සිදුකිරීමෙන් පසුව ශරීරයට වැඩිපුර ශක්තියක් ලැබෙන බව ඔබට හැගීයයි, ඒ නිසා ශරීරයේ පවතින අත්, කකුල්, උරහිස්, යටිපතුල් වල වෙහෙසකර බව නිසා ඇතිවන අපහසුතා මග හැරීයනවා

2 මුහුණේ පවතින ස්ථානය

මෙම ස්ථානය හරියටම පිහිටා තිබෙන්නේ නාසය සහ උඩුතොල අතරමැදයි ,ඔබ මෙම ස්ථානය දවසකට විනාඩි 5 බැගින් දෙවරක් සම්බාහනය කරන්න මෙමගින් ඔබට බඩගින්න, චකිතය වැනි හැගීම් පාලනය කරගත හැකි වෙනවා, ඔබ ආත්තියට පත්වීම නිසා වැඩිපුර කෑම අනුභව කරන්නෙක් නම් මෙම ක‍්‍රමය වාසි වෙන්නෙ ඔබටයි

3 අතේ පවතින ස්ථානය

මෙය ශරීරයේ මධ්‍ය රේඛාව හරහා පවතින ශක්තිය හුවමාරු කිරීමට දායක වෙනවා. මෙය සම්බාහනය කිරීම මගින් ශරීරයේ පවතින වැඩිපුර රස්නය ඉවත්කර අතුනුබහන් මනාව ක‍්‍රියාකරවීමට දායක වෙනවා

4 කකුලේ පවතින ස්ථානය

මෙය නිල වෙදකම සදහා වැඩිපුර භාවිතා කරන ස්ථානයක්, මෙම ස්ථානය චීන බසින් ,සූසන් ලී, යනුවෙන් හදුන්වනවා. මෙම ස්ථානය ශරීරයේ ජීර්ණ ක‍්‍රියාව වැඩිදියුණු කිරීමට දායක වෙනවා මෙන්ම ශරීරය කුපිත කරවන ක‍්‍රියාවලි මැඩ පැවැත්වීමට දායක වෙනවා එම නිසාම මෙම ස්ථානය දීර්ඝායුෂ ස්ථානය ලෙසද රෝග සියයකට විරුද්ධ ස්ථානය ලෙසද හදුන්වනවා. මෙම ස්ථානය හරියට මැණික්කටුව යටින් පිහිටා තිබෙනවා. මෙම ස්ථානය සොයා ගැනීම සදහා එකම පැත්තෙ පවතින අතෙන් දණිස්ස වසන්න එවිට මෙම ස්ථානය කුඩා ඇගිල්ලට යටින් අස්ථී අතර පිහිටි වලක් වැනි ස්ථානයේ පිහිටා ඇත. මෙම ස්තානය සෑම දිනකම සවසට සම්බාහනය කිරීමෙන් ඔබෙ බර අඩුකරගත හැකිය. මෙම ස්ථානය සම්බාහනයෙන් සතියකට ග‍්‍රෑම් 400ත් 500ත් අතර ප‍්‍රමණයක් අඩුකර ගත හැකිබව පවසනවා මෙම ස්ථානය දිනකට 9 වරක් බැගින් කකුල් දෙකට මාරුවෙන් මාරුවට මිනිත්තු 10ක් පමණ නින්දට පෙර වෘත්තාකරව සම්බාහනය කරන්න, මෙය නින්ද නොයෑමට හොද ප‍්‍රතිකාරයක් වෙනවා. ඔබ මෙම ස්ථානය සම්බාහනය කිරීමේදි අපහසුතාවයක් හෝ කුඩා වේදනාවක් දැනිය හැකිය.

උපුටා ගැනීමකි

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Jan 2016 10:35 AM
ම්ම්ම්ම්ම්ම්ම් මේක නම් ට්‍රයි කරලා බලන්න ඕනේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Jan 2016 05:26 PM
අනිවා ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් වැදගත් තොරතුරු ටිකක්. ඉතා පහසුවෙන් සම්බාහනය කර ගන්න පුළුවන් මේ නිල සම්බාහනය නිවැරදිව කිරීම මගින්.

ඒක නෙවෙයි.. මම මේ දන ගන්න අහන්නෙ. අර සම්බාහන මධ්‍යස්ථාන වල මේව සම්බාහනය කරන්නේ නැද්ද?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Jan 2016 05:26 PM
ඔක තමන්ම කරගන්නවට් වඩා වෙන කෙනෙකුට කියලා කරගන්න ඔනෙ ..එතකොට තමයි ඇගට වදින්නෙ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Jan 2016 03:54 AM
Posted By samantha on 28 Jan 2016 07:13 AM

රැවුල කපන කොල්ලන්ට පමණයි

දැන් මේක කියවන්න අතට ගත්තාම කෙල්ලෙක් ලියලා තියෙනවා කියලා අවුලක් ගන්න එපා. මොකද කොල්ලන්ට කොල්ලන්ව තේරෙනවාට වඩා කෙල්ලන්ට කොල්ලෝ තේරෙනවා, දැනෙනවා. ඒක නිසා කෙල්ලෙක් මේක ලිව්වා කියලා අවුලක් ගන්න එපා. කොල්ලෙක් වුණාම රැවුල තියෙන්න ඕනේ කියලා කතාවක් තියෙනවානේ. එහෙමයි කියලා ඉතිං වවන්නම් වාලේ රැවුල වවලා තේරුමක් නැහැ. ඒක නිසාම මේක කියවන ගමන් රැවුල වවලා ඉන්න කට්ටිය පොඞ්ඩක් බලන්න ඔයාලත් Handsom වෙන්න රැවුල කපන්නේ මෙහෙමද කියලා.

මූණ තෙත්ව තියෙන වෙලාවක තමයි රැවුල කපන්න හොඳම වෙලාව. මොකද රැවුල් ගස් 30% ක් විතර ජලය උරා ගන්නවා. ඒක නිසා රැවුල කපන එක තියුණුව වගේම පහසුවෙන් කරන්න පුළුවන්. හොඳම දේ තමයි නෑවාට පස්සේ රැවුල කපන එක. නැත්නම් මිනිත්තු කීපයක් මූණ තෙත් කරගෙන ඉඳලා රැවුල කැපුවත් ඒකෙ අවුලක් වෙන්නෙ නෑ. අනෙක් එක රැවුල කපන්න Shaving Cream – Foam එකක් හරි පාවිච්චි කරන්න. ඒක නිසා රේසර් එක හොඳට හසුරවලා රැවුල කපන්න එතකොට පුළුවන් වෙනවා.

ඒ වගේම Shaving Cream ආලේප කරන්න  ඕනේ මුහුණ පහළ ඉඳලා උඩු අතට. එතකොට රැවුල් ගස් හොඳින් කෙළින් වෙලා රැවුල බෑම පහසු කරනවා. හැම වෙලාවෙම හොඳ තත්ත්වයේ තියුණු තලයක් තියෙන රේසර් භාවිත කරන්න මතක තියා ගන්න. මොකද රැවුල කපනකොට රැවුල් ගස් වගේම සම මතුපිට ස්තරය ඉවත් වෙනවා. හරියට කැපෙන්නේ නැති රේසර් එකකින් කපන්න ගියාම හානි වෙනවා. කැපීම් සීරීම් වෙනවා. ඒකයි කියන්නෙ හොඳ තත්ත්වයේ රේසර් එකක් භාවිතයට ගන්න කියලාග රේසර් එක හෝ තලය මාරු කරන කාලය තීරණය කරන්න  ඕනේ ඉතිං ඔයාලම තමයි. ඒ ඔයාලගේ රැවුලේ ස්වභාවය අනුව. සාමාන්‍යයෙන් කැපීම් වාර 3-10 අතර කාලයේදී රේසරය හෝ තලය මාරු කරන්න  ඕනේ. හැබැයි ඊට කලින් තලය මොට වුණා කියලා දැනෙනවා නම් ඉතිං රේසර් එක මාරු කරන්නම වෙනවා.

අනෙක් කාරණාව තමයි රැවුල කැපීම කරන්න ඕනේ රැවුල් ගස් වැවෙන දිශාවටයි. ඊට විරුද්ධ පැත්තට කපන්න ගියාම තමයි ඉතිං කැපීම්ල සීරීම් ඇතිවීම වැඩිවෙන්නෙ.

මුහුණේ දෙපැත්තෙන් පටන් අරගෙන අන්තිමට නිකට බෙල්ල ප‍්‍රදේශයට පැමිණීම සුදුසුයි. ඒ වගේම රැවුල කැපීම වඩාත් පහසු ප‍්‍රදේශවලට තෙතමනය උරාගැනීමට වැඩි කාලයක් ලැබෙන නිසා කැපීම පහසුයි.

ඒ වගේම අනිවාර්යයෙන් රැවුල කැපුවාට පස්සේ රේසර් එක හෝදන්න අමතක කරන්න එපා. නිකං රේසර් එක පිහිදලා තිබීමෙන් වෙන්නෙ ඉක්මනට රේසර් එක මොට වෙන එකයි.

රැවුල කපනකොට මුහුණේ මතු පිට ස්තරය ඉවත්වන අතර සම සංවේදී වෙනවා. ඒ නිසා Moistarize – After Shave Lotion වර්ගයක් ආලේප කරන්න. මොකද එතකොට මුහුණේ හම හොඳ තත්ත්වයෙන් තියාගන්න පුළුවන්.

ඔන්න ඔහොම තමයි හරියටම රැවුල කපනවා නම් පිළිවෙළට රැවුල කපන්න ඕනේ. රැවුල වවපු කොල්ලෙක් නෙවෙයි Handsome

රෂිනි මෙන්ඩිස්


රේසර් භාවිතයක් නැහැ මැෂින් එක තමා රැවුල කපන්න මම භාවිත කරන්නේ

කොහොම නමුත් හදිසි වෙලාවකදී ක්‍රියා කරන්න වෙනවනේ

ඒ වෙලාවට මේ උපදෙස් ටික ගොඩක් වටී

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Jan 2016 04:17 AM
Posted By Ind007ka on 28 Jan 2016 05:26 PM
ඔක තමන්ම කරගන්නවට් වඩා වෙන කෙනෙකුට කියලා කරගන්න ඔනෙ ..එතකොට තමයි ඇගට වදින්නෙ


කොයි හරියේ නිල ගැන මේ කිව්වේ,,??
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Jan 2016 05:43 PM
කොයි හරියෙ වුනත් බොල
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
31 Jan 2016 09:49 PM

ටී බෑග් එකක් ගෙන ඔබේ දෙතොල් පිරිමදින්න, මෙය ඔබ පීඩා විඳි ගැටලූවකට විසඳුමකි

අද අපි ඔබව දැනුවත් කරන්නේ වියලි සහ පැලූණු දෙතොල් පහසුවෙන්ම සුවපත් කරගන්නා ආකාරයයි.

පැලූණු දෙතොල් වලට වේගවත් සහනය

ග‍්‍රීන් ටී බෑග් එකක් ගෙන එය මද උණුසුම් ජලයෙන් පොගවා, මිනිත්තු 5ක් පමණ දෙතොල් මත තබාගෙන ඉන්න. මෙය නිතර සිදුකිරීමෙන් හොඳ ප‍්‍රතිපල ලබාගන්නට පුළුවන්. ඔබේ දෙතොල් මෘදු කිරීමේ සහ නැවත පුනර්ජනනය කිරීමේ සුවිශේෂී හැකියාවක් ග‍්‍රීන් ටී සාරයට තිබෙනවා.

මෙය සිදුකල විට දෙතොල් සුවපත් වෙන්නේ ඇයි?

අභ්‍යන්තරික සහ භාහිර වශයෙන් භාවිතා කළහැකි ඉතාම අගනා ඔසුවක් ලෙස ග්‍රීන් ටී හඳුන්වන්නට පුළුවන්. වයසට යාම වලක්වන සුවිශේෂී ගුණාංගයන් ග‍්‍රීන් ටී වල අන්තර්ගතව තිබෙන නිසා, රූපලාවන්‍ය නිෂ්පාදන සඳහාද ග්‍රීන් ටී සාරය භාවිතා වෙනවා. ඊට අමතරව, ශරීරය විසින් සුර්යාගේ අහිතකර කිරණ වලට දක්වන ස්වභාවික ප්රතිරෝධය වැඩිදියුණු කිරීමේ හැකියාවක්ද ඊට ඇති බව සිදුකරන ලද අධ්‍යයනයන් වලදී සනාත වී තිබෙනවා.

ශරීරයේ විෂහරණය, සහ රුධිර සංසරණය වැඩිදියුණු කරන කැෆීන්ද

ග්‍රීන්

ටී වල අන්තර්ගත වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. අයහපත් ජීවන රටාව සහ සුර්ය එලියට නිරාවරණය වීම හේතුවෙන් හානිවී තිබෙන සයිල නැවත පුනර්ජනනය කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇති ඖෂධයක් ලෙසද ග‍්‍රීන් ටී හඳුන්වන්නට පුළුවන්.

ඉහත ගුණාංගයන්ගෙන් සපිරි ග්‍රීන් ටී වලට වියලි සහ පැලූණු දෙතොල් සුවපත් කිරීමේ හැකියාවක් ඇති බව පුදුමයට කරුණක් නොවෙයි.

Source – justnaturallife

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
31 Jan 2016 10:00 PM
ටී බෑර්ග් එකෙන් පිරිමදින එක එකක්‍රමයක් විතරයි ...තව ක්‍රම තියෙනව හැබැයි 
ස්තූතියි සමන්ත අයියේ විස්තර වලට 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
31 Jan 2016 10:12 PM
ග්‍රීන් ටී ගොඩක් ගුණයි කියල අහල තිබුනට මෙහෙම ගුණයක් ගැන දැනගෙන හිටියේ නැහැ. බොහොම ස්තූතියි..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
31 Jan 2016 10:37 PM
Posted By kingD on 31 Jan 2016 10:00 PM
ටී බෑර්ග් එකෙන් පිරිමදින එක එකක්‍රමයක් විතරයි ...තව ක්‍රම තියෙනව හැබැයි 
ස්තූතියි සමන්ත අයියේ විස්තර වලට 
ඉතිං මල්ලී ඔයා දන්න පිරිමඳින  ක්‍රම  ටිකත් එකතු කරන්නකෝ...

1

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Jan 2016 10:43 PM
bohoma pin
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Feb 2016 07:05 AM
ග්‍රීන් ටී බලාගෙන ලියාම හැම පැත්තෙන්ම ගුණයිනේ
මීට කලින් දැනගෙන හිටියේ නැහැ ස්තූතියි.
දෙතෙල් සුවපත් වෙනවා කියලා තියෙන්නේ.හැබැයි කලු වෙනවද දන්නේ නැහැ නේ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Feb 2016 07:12 AM
මේ දේවල් නම් දැනගෙන හිටියේ නෑ .......
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Feb 2016 04:16 PM
ම්ම්ම්ම්ම්ම් මේක නම් හොද නිවුස් එකක් ,ශිත කාලෙට නම් හොද ප්‍රයෝජනවත් .. ස්තුති අයියා
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
01 Feb 2016 06:30 PM
wadagatah ipiyak
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Feb 2016 09:05 PM

ඔබ මෙම ලිපිය කියවීමෙන් අනතුරුව නැවතත් කන් පිරිසිදු කිරීම සදහා පුළුන් සහිත කූරු භාවිතා නොකරනු ඇත

ඔබ කන් කලාදුරු පිරිසිදු කරගැනීමට යාමේදී ඔබ නොදැනුවත්වම විශාල හානියක් සිදුකරගනු ලබයි. කන යනු ඉතා සංවේදී සහ සියුම් ස්ථානයකි. ඔබ අතින් සිදුවන මේ වැරදි නිසා කනේ ආසාදනයන්, කන් ඇසීමේ අපහසුතා, සහ නිරන්තරයෙන් කනේ වේදනාව ඇති වීම වැනි තත්වයන් ඇතිවේ.

Untitled-3

පුළුන් සහිත කූරු මගින් කන් පිරිසිදු කරගැනීම සෞඛ්‍යය සම්පන්න නොවේ.
කනෙහි මාර්ගය ඔස්සේ කිසිවක් ඇතුල් කිරීම සුදුසු නොවේ. මෙමගින් ඔබගේ කන් බෙරයට විශාල ලෙස හානියක් සිදු කල හැකිය. මේවා ආධාරයෙන් කන් පිරිසිදු කරගන්නා විට කන් කලාදුරු අනවශ්‍ය ලෙස කන තුලට තෙරපී කන් ඇසීම අඩාල වනු ඇත.

කන් කලාදුරු ඉවත් කිරීමට අවශ්‍ය නොවේ
කනේ නිසි සෞඛ්‍යය පවත්වා ගැනීම සදහා කන් කලාදුරු සැලකිය යුතු ප‍්‍රමාණයක් කන තුල තිබිය යුතුවේ. කන් කලාදුරු තුල ප‍්‍රතිබැක්ටීරියා ගුණයක් අන්තර්ගත වන අතර අනවශ්‍ය ලෙස ඔබ ඒවා ඉවත් කිරීම සෞඛ්‍යයට අහිතකර වේ.

ඔබ කන් පිරිසිදු කරනා ආකාරය පිලිබදව දැනුවත් වීමට පෙර එය සිදුකල යුත්තේ කිනම් අවස්ථාවේද යන්න දැනුවත් වී සිටිය යුතුය.

කන් කලාදුරු අප විසින් එය කන තුල තිබියදීම පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නොවේ. කන් කලාදුරු කනෙන් ඉවතට පැමිණ ස්වාභාවික ලෙසම පිරිසිදු වේ. නමුත් සමහර පුද්ගලයන්ගේ එසේ නොවේ ඔවුන්ගේ කනතුල කන් කලාදුරු කැටි ගැසෙනු ලබයි. එවන් අවස්ථාවන් හිදී ඔබ විසින් ඉතා ප‍්‍රවේශමෙන් කන් පිරිසිදු කර ගත යුතු වේ. මෙවන් ආකාරයට ඔබේ කන තුල කන් කලාදුරු කැටි ගැසීම මගින් වේදනාවක් දැනෙනවානම් වෛද්‍යය උපදෙස් ලබාගන්න.

කන තුල පවිත්ර කරගැනීම සදහා භාවිතා කල හැකි සරල ස්වාභාවික පිළියමක්
ලූණු ජලය මගින් ප‍්‍රතිකාර සිදු කිරීම මේ සදහා ඉතාමත් ඵලදායි වේ. මේ සදහා ජලය සපයා ගැනීමේදී ශරීර උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයකින් යුත් ජලය භාවිතා කරන්න.

මෙම ස්වාභාවික සත්කාරය සිදු කර ගැනීමේ පියවරයන්
1. උණු ජලය කෝප්ප භාගයකට ලූණු මේස හැන්දක් එක්කරගන්න.
2. පුළුන් බෝලයක් එහි ගිල්වන්න.
3. කන ඇලකර කන තුලට ජල බිංදු කිහිපයක් එක්කර එම ආකාරයෙන්ම විනාඩි 3 – 5 අතර කාලයක් රැදී සිටින්න.
4. ඉන් පසු ජලය ඉවත්ව යාම සදහා කන අනෙත්පස හරවන්න
5. ඉන් පසුව කනෙන් එලියට ආ කන් කලාදුරු පිරිසිදු රෙදි කැබැල්ලකින් පිසදා ගන්න.

ඔබට මෙම ස්වාභාවික සත්කාරය මගින් සුවයක් නොලබුනේනම් ඔබ තවමත් කන තුල රැුදී ඇති කන් කලාදුරු මගින් වේදනා විදිනවානම් උගුර, කන හා නාසය පිලිබද විශේෂඥ වෛද්‍යය වරයෙකුව මුණ ගැසෙන්න.

උපුටා ගැනීමකි

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Feb 2016 09:13 PM
අම්මො ...බයෙ බැහැ ...හොද ලිපියක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Feb 2016 09:19 PM
බොහෝ දුරට ස්වාභාවිකවම පිරිසිදු වෙනවා සේම කනාදුරු ස්වභාවයෙන්ම ඉවත් වෙනවා.. නෑමෙන් පසුව එහෙම. ඔය කනට දාන දේවල් වලින්ම සේහ්න්න කන් ආසාදනය වෙනවලු මේ ලිපියේ කියන විදියටම. කවදාවත් මම නම් ඔය එක එක ඇබ ගහල නැහැ. විශේෂයෙන්ම කන ඇතුලට සත්තු රිංගනවා නම් කනාදුරු ඉවත් නොකර ඉන්න එකම තමයි හොඳ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2016 10:44 PM
ඔව් අපි හැම දෙනාම ඔවා පිරිසිදු කරන්නේ බොරැවට තමා
මොකද කලාදුරැ කන සීල් වෙන්න පිරෙන්නෙ නැහැ කන් ඇහෙන්නෙ නැති තරමට බාදාවක් වෙන්නෙත් නැහැනේ
වැදගත් කරැණු ටික අයියේ
ස්තූතියි
0
You are not authorized to post a reply.
Page 4 of 4 << < 1234