You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 05 Feb 2016 10:44 PM by  sha733
Health Lesson - ඔබ මෙම ලිපිය කියවීමෙන් අනතුරුව නැවතත් කන් පිරිසිදු කිරීම සදහා පුළුන් සහිත කූරු භාවිතා නොකරනු ඇත
 79 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
20 Feb 2015 09:39 PM
welaweta mune tiyaganna hitune....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
20 Feb 2015 11:35 PM

කරල බලමු නේද එහෙනම් අයිස් වැඩේ වත් ගොඩ එන්න පුළුවන් වෙයිද කියලා 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
21 Feb 2015 01:33 AM
Posted By kingD on 20 Feb 2015 11:35 PM

කරල බලමු නේද එහෙනම් අයිස් වැඩේ වත් ගොඩ එන්න පුළුවන් වෙයිද කියලා 

මේක අර අයිස් බකට්  වගේ නෙමෙයි නේ 

http://science.howstuffworks.com/touched-dry-ice.htm

මේවත් වෙන්න පුළුවන් ඒ නිසා පරෙස්සමින් 

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
21 Feb 2015 01:37 AM
Posted By Imalka on 21 Feb 2015 01:33 AM
Posted By kingD on 20 Feb 2015 11:35 PM

කරල බලමු නේද එහෙනම් අයිස් වැඩේ වත් ගොඩ එන්න පුළුවන් වෙයිද කියලා 

මේක අර අයිස් බකට්  වගේ නෙමෙයි නේ 

http://science.howstuffworks.com/touched-dry-ice.htm

මේවත් වෙන්න පුළුවන් ඒ නිසා පරෙස්සමින් 

අනිව අනිවා 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
20 Mar 2015 11:29 PM
'ආහාර රටාව නිවැරැදි නම් ගැස්ට්‍රයිටීස් පාලනය පහසුයි
  
වර්තමාන සමාජය තුළ බහුල වශයෙන් දක්නට ලැබෙන රෝග සමූහය අතුරින් ප්‍රධාන තැනක් ගනු ලබන රෝගයක් ලෙස ගැස්ටි්‍රක් හැඳින්විය හැකිය.

අපේ ගම්බද ජනතාව මෙය ගෑස්ටි්‍රක් හෝ ගෑස් යනුවෙන් හඳුන්වන අතර සමහර දේශීය වෛද්‍යවරු මෙය 'බඩේ ඇඹුල් පිත' වැඩිවීම යැයි කියති.
ආයුර්වේදයට අනුව නම් මෙම රෝගය ඇතිවීමට බලපාන මූලිකම හේතුව ලෙස වා, පිත්, සෙම් යන තුන්‍ෙදාසින් එකක් වන පිත වෙනස්වීම යැයි කියති.
හේතු

= විරුද්ධ හෙවත් එකිනෙකට පටහැනි ආහාර ගැනීම (උෟරු මස් සමඟ කිරි ගැනීම)
= නරක් වූ පිළුණු වූ ආහාර ගැනීම.
= අන්නාසි වැනි ඇඹුල් සහිත ආහාර, පලතුරු ආදිය නිතර ගැනීම.
= පිත වැඩි කරන රා ආදී පාන වර්ග ගැනීම.
= මෑ, උඳු ආදී ආහාර වර්ග නිතර ගැනීම.
= දුම්බීම සහ මධ්‍යසාර අධිකව ගැනීම.
= කෘත්‍රිම රසකාරක සහ වර්ණකාරක ආදිය අඩංගු ආහාර නිතර ගැනීම.
= දිවා ආහාරය සඳහා බත් වෙනුවට කෙටි කෑම (ඉඩධපබ ඡ්චබඵ) ආදිය සහ කෝලා බීම වර්ග පානය.
= කොන්දේ වේදනා, හිසරදය ආදිය සඳහා යොදනු ලබන වේදනානාශක ඔෟෂධ (ඉබඥපධඪඤ ඤපභඨඵ) අධික ලෙස ගැනීම.
= මානසික ආතතිය, මානසික පීඩනය සහ දීර්ඝ කාලීන මානසික ව්‍යාකූලතාවලින් පෙළීම ආදියයි.

මෙවන් වූ හේතු සාධක රාශියක් මෙම 'ගෑස්ට්‍රයිටිස්' රෝගය ඇතිකරලීම සඳහා බලපායි.
මේ අතර තවත් විශේෂ වූ හේතුවක්ද ගෑස්ට්‍රයිටිස් ඇතිවීම කෙරෙහි බලපායි.
එනම් පාසල් ළමුන් බොහෝ දෙනකු උදෑසන ආහාර වේල ගැන එතරම් තැකීමක් නොකරන බව පෙනේ. මෙම තත්ත්වය දිගු කාලයක් තිස්සේ සිදුවූ විට පසුකාලීනව ගෑස්ට්‍රයිටිස් ඇතිවීම ඉතා සුලබය.

ගෑස්ට්‍රයිටිස් රෝග ලක්‍ෂණ

= ආහාර හොඳින් නොදිරවීම
= ඇඹුල් පිත වමනය යෑම
= වෙහෙසවීමක් නොමැතිව ඇති වන මහන්සි ගතිය
= හිසරදය
= කැරකිල්ල
= ඇස් අඳුරුවීම
= බඩේ ආහාර පල්වීම
= සෑම විටම තද බඩගින්න
= සමහර අයට බඩගිනි අඩුවීම
= මල පිටවීමේ ක්‍රියාවේ දුර්වලතා
= බඩේ තද බව පා බර ගතිය
= අත් පා දැවිල්ල
= බඩ පුරවා දැමීම
ආදී ලක්‍ෂණ ඇතිවිය හැකිය.

මේ අතර උදරයේ ඉහළ කොටසේ දැවිල්ලක් හෝ බඩගින්නක් ඇතිවන විට දැනෙන වේදනාවට වඩා වැඩි වේදනාවක් දැනීමද සමහර විට මිරිකනවා වැනි වේදනාවක් හටගැනීමටද පුළුවන. මෙම ලක්‍ෂණ ග්‍රහණ ප්‍රදේශයේ තුවාල නිසා ඇතිවන අතර පපුවේ දැවිල්ල හෝ පපුව හිරකරන්නාක් මෙන් දැනීම බොහෝවිට ගලනාල ආශි්‍රතව තුවාලවලදී දැකිය හැකිය. එසේම ආමාශගත තුවාල ඇත්නම් බොහෝවිට ආහාරයෙන් ටික වේලාවට පසු වේදනාව ඇතිවේ.

මෙම ලක්‍ෂණවලින් ගෑස්ට්‍රයිටිස් රෝග තත්ත්වය නිවැරැදි ලෙස හඳුනාගැනීමට හැකිවේ. එසේ වුවද සමහර අය මෙම රෝග ලක්‍ෂණ හදවත් රෝගයක හෝ පිළිකා රෝගයක ලක්‍ෂණ වශයෙන් සැකකරන අවස්ථාද වෙයි. ඇතැම් විට සමහර වෛද්‍යවරුද රෝගය වරදවා වටහාගනු ලබන අවස්ථාවේ.
මෙම නිසා ගැස්ට්‍රයිටිස් රෝගය පිළිබඳ නිවැරැදි අවබෝධය ලබා තිබීම ඉතාමත් වැදගත් වේ.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය නිවැරැදි ලෙස හඳුනා ගැනීමට

= බේරියම් ආහාර පරීක්‍ෂණය
= එන්ඩස් කොපි පරීක්‍ෂණය
= අල්ට්‍රා ස්කෑන් පරීක්‍ෂණය
ආදිය උදවු කර ගනියි.

විවිධ අයුරින් පරීක්‍ෂා කර රෝගය නිවැරැදි ලෙස හඳුනා ගත්තද නිවැරැදි ලෙස ප්‍රතිකාර නොකළහොත් ඇතිවිය හැකි උපද්‍රවයන්ද ඉතාමත් බැරෑරුම් විය හැකිය. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව නම් ප්‍රධාන මූලධර්ම දෙකක් යටතේ ප්‍රතිකාර යොදයි.

1. ආමාශයේ ආම්ලික ස්‍රාවය අඩුකරන ඔෟෂධ යෙදීම
2. අම්ල මඟින් ඇති කරන හානිය අඩු කිරීමට උදරාවරණ තලා ආරක්‍ෂා කරන ක්‍රියා සිදුකිරීම
යන කරුණු දෙක මත පදනම්ව ගැස්ට්‍රයිටිස් සඳහා ප්‍රතිකාර යොදයි.

ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය සඳහා පිත මුල්වන බැවින් මූලිකවම පිත සමනය සඳහා ප්‍රතිකාර යොදයි. මෙයට මුලින්ම වමන කර්මයද ඉන් පසුව විරේකයද යොදන අතර එමඟින් පිත සමනය නොවුණහොත් රක්ත මෝක්‍ෂණය (ලේ ඉවත් කිරීම) යොදනු ලබයි.

අවසාන වශයෙන් තෙල් යොදා වස්ති කිරීම මඟින් රෝග සමනය ඇතිවන බව දක්වා ඇති අතර ඉන් අනතුරුව නිවැරැදි ඔෟෂධ යෝග මඟින් රෝග සමනය ඇති කරනු ලබයි.

යෙදිය හැකි ක්‍ෂාය වර්ග

= අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, දුම්මැල්ල, ඇහැළ පොතු, කොහොඹ පොතු, සැවැන්ත මුල් ක්‍ෂාය
= දුම්මැල්ල, අමු ඉඟුරු, රසකිඳ ක්‍ෂාය
= දුම්මැල්ල, කීකිරිඳිය, විෂ්ණුක්‍රාන්ති ක්‍ෂාය

මේ ආදී ක්‍ෂාය රාශියක් වේ. මෙම රෝගයේදී අරිෂ්ට, ආසව යෙදීම එතරම් සුදුසු නොවන නිසා ඒවා ඉතා සීමිතව යොදනු ලබයි.
මෙහිදී යොදනු ලබන චූර්ණ අතර භාෂ්කර ලවණ චූර්ණය, අවිපත්තිකර චූර්ණය, මටනිභද්‍රා චූර්ණය ආදිය විශේෂ ගුණ පෙන්වයි.
තවද වජ්‍රක්‍ෂාර, ශාක භෂ්ම ආදියද ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයට ඉතා යෝග්‍ය වන අතර,
පංච තික්ත ඍත ගුන්ගුළු, විසාදි ගුන්ගුළු ආදියද, චන්ද්‍ර ප්‍රභාවතීද සුදුසු අනුපාතයන් සමඟ යෙදීම ඉක්මන් සුවයට හේතු වෙයි.
මෙයට අමතරව හරිතකී ඛණ්ඩය, මානිභද්‍ර මෝදකය, අම්ල පිත්තාන්තක මෝදකය ආදියද, කුෂ්මාණ්ඩක ලේහස, ආර්ද්‍රතාව ලේහය, වෘසාදී ඍතය, ශතෙවරී ඍතය ආදිය ඇතුළු තවත් ඔෟෂධ රාශියක් මෙම රෝගය සඳහා යොදනු ලබයි.

ගැස්ට්‍රයිටිස් රෝගයට
ගුණ දෙන ආහාර

පතෝල, වැටකොළු, අළු කෙසෙල්, තම්පලා, මුගුණුවැන්න, සාරණ, කොහිල, අළු පුහුල්, කරවිල, ගොටුකොළ, එරබදු කොළ, අගුණ කොළ, ඇහැළ දලු, වැල් කොහිල, බෝංචි, කැරට්, බීට් රූට්, නොමේරූ ගෝවා කොළ, වම්බටු, ළා එළබටු ආදිය සුදුසු වන අතර 'දියබත' විශේෂයෙන් ගුණ දේ.

එසේම හාල් මැස්සන්, කාරල්ලන්, තෝර මාළු, පරා මාළු ආදියද,
කෝලිකුට්ටු, සුව¼දැල්, ඉදුණු අළු කෙසෙල්, දෙළුම්, මිදි යුෂ, පැණි කොමඩු, රටඉඳි, උක් පැණි, උක් හකුරු ආදියද සුදුසු වේ.

තිරිඟු පිටිවලින් සකස් කළ පිට්ටු, රොටී ආදියද කර කළ පාන් විස්කෝතු සහ තෙලෙන් නොබැදි රසකැවිලිද ස්වල්ප ලෙස ගැනීම සුදුසුය.
එසේම පලා වර්ග සහ එළවළු වර්ග හොඳින් පිසගෙන ආහාරයට ගතයුතු අතර අමුවෙන් හෝ බාගෙට තම්බා ආහාරයට නොගත යුතුය.

මුංඇට තැම්බූ වතුර, කොළකැඳ, හාල් කැඳ, තැඹිලි වතුර ආදියද කිරිද යෝග්‍ය වේ.
මේ අතර නියම වේලාවට ආහාර ගැනීම නියම ආහාර වේල් ගණන නියමිත පරිදි ගැනීම ආදියද විශේෂයෙන් වැදගත් වන අතර එසේ ගනු ලබන ආහාර ප්‍රමාණය එකවර නොගෙන කුඩා ප්‍රමාණයන් ලෙස කිහිපවරකට ගැනීමද වඩාත් ගුණදායක වේ.

තවද ඇඟට හිරවන සේ ඇඳුම් ඇඳීමෙන් වැළැකීම, දිනකට වතුර ලීටර් 3ක් පමණ බීම, ආහාර ගැනීමෙන් පසු පැය 3ක් යන තෙක් නිදා නොගැනීම මෙන්ම මානසික සංතුෂ්ටියද වැදගත් වේ.

තරබාරු සිරුරක් නම් බර අඩුකර ගැනීමද හිතකාරී වේ. වෙනත් රෝග මෙන් නොව මෙම රෝගය අහිතකර ආහාරවලින්ම හටගනු ලබන නිසා එයින් වැළැකීම ඉතා වැදගත් වේ.

නුසුදුසු ආහාර

අඹ, ඇඹුල් ‍ෙදාඩම්, ඇඹුල් කෙසෙල් ආදී ඇඹුල් අධික පලතුරුද, කහට තේ, කෝපි, චොක්ලට් ආදියද, විනාකිරි, මිරිස්, දුරු හා අබ අධිකව යෙදූ ආහාරද තෙල් බැදුම්, ජාඩි, කරවල, උෂ්ණ මාළු, ටින් මාළු, කොච්චි මිරිස්, තක්කාලි, ලුණුදෙහි, අන්නාසි, පොල් සම්බෝල, අමු පලා වර්ග, අමු පලතුරු වර්ග, මත්පැන්, හරක් මස්, ‍ෙදා‍ෙදාල්, මස්කට්, කැවුම් ආදියද කෘත්‍රිම රසකාරක හා වර්ණකාරක යෙදූ ආහාරද අයෝග්‍ය වේ. එසේම කෝලා බීම වර්ග මෙන්ම බුලත් කෑමද අයෝග්‍ය වේ.
මේවාට අමතරව අධික වශයෙන් වෙහෙසීම, අධික ලෙස මත්පැන් පානය, නිදි වැරීම, තද අව්වේ සිටීම, මල-මූත්‍ර ආදිය පිට නොකර සිටීම, අති මෛථුනය, අකලට ආහාර ගැනිම සහ මානසික වියවුල්ද අහිතකර වේ.

මෙම අයෝග්‍ය ආහාර පාන සහ ක්‍රියාවන්ගෙන් වැළැකී සිටීම තුළින් 'ගැස්ට්‍රයිටිස්' රෝගය වළක්වාගත හැකි අතර එම ආහාර පාන හා ක්‍රියාවන්ගෙන් වැළැකී සිටීමට සියලු දෙනා දැනුම්වත් කිරීම මඟින් අද සමාජය තුළ බහුල ලෙස පවත්නා මෙම රෝගය පාලනය කරගත හැකිය.

විශේෂයෙන් පාසල් ළමුන් සහ විවිධ රැකියාවල නිරත වන අයට උදෑසන ආහාරයේ ඇති වැදගත්කම වටහා දීමද මෙම රෝගය පාලනයට හේතුවේ.
මේ අනුව සලකා බලන විට අපට පැහැදිලි වන කරුණක් නම් වත්මන් බොහෝ රෝගයන්ට හේතුවන කරුණු මතුවී ඇත්තේ අපගේ ජීවන රටාව නියම ලෙස පවත්වා ගෙන නොයෑම නිසා බවයි. වඩාත් සෞඛ්‍යාරක්‍ෂිත දිවි පෙවෙතක් ගෙන යන්නේ නම් මෙවන් රෝගවලින් පහසුවෙන් වැළැකී සිටීමට හැකිවනවා ඇත..

වෛද්‍ය මධුර පරණවිතාන
කථිකාචාර්ය
ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලය පොල්ගොල්ල'
 
ආහාර රටාව නිවැරැදි නම් ගැස්ට්‍රයිටීස් පාලනය පහසුයි

ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලය පොල්ගොල්ල

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
20 Mar 2015 11:44 PM
godak wadagath lipiyak himali nangi....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
20 Mar 2015 11:45 PM
ගොඩක් වැදගත් ලිපියක්..
ස්තූතියි නංගී..
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
21 Mar 2015 09:32 AM
ගැස්ට්‍රයිටීස් නම් මටත් තියනවා ඉතින්
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
21 Mar 2015 01:31 PM

apoooo hedennama hoda nethi ledak meka nam....thanks nangi .

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
21 Mar 2015 02:01 PM
මමත් මේ ලෙඩේ නිසා කාලයක් දුක් වින්දා. උදෑසන ආහාර වේල නිසි පරිදි නොගැනීම තමයි මගේ ලෙඩේට හේතු වුණේ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
21 Mar 2015 07:51 PM
වැඩි දෙනෙකුගේ රෝගයට ප්‍රධානම හේතුව උදෑසන අහාරය නිසි වෙලාවට නොගැනීම.. නැත්නම් අධික ආතතිය.. මම දන්නා විදියට..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
21 Mar 2015 08:13 PM
ආහාර රටාව නිවැරැදි නම් ගැස්ට්‍රයිටීස් පාලනය පහසුයි.........................
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
21 Mar 2015 11:37 PM
moko isuru me head line eka copy paste karala
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509

--
22 Mar 2015 04:49 AM

atta katawanam ape ahara ratawala tiyana akramawath bawa nisa tamai me leda okkoma

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
22 Mar 2015 06:00 AM
Posted By Himali on 21 Mar 2015 11:37 PM
moko isuru me head line eka copy paste karala

amutuwen tipe kranna deyak nane..............

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
28 Mar 2015 12:01 AM

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534

--
28 Mar 2015 12:26 AM
Posted By Himali on 21 Mar 2015 09:32 AM
ගැස්ට්‍රයිටීස් නම් මටත් තියනවා ඉතින්

වෙලාවට කන්නෙ නැද්ද? නැත්තම් නොකා ම ඉන්නව ද? 

බොහොමත් ම ස්තූතියි මේ වගේ දේවල් ගැන අපිව දැනුවත් කරනවට

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
28 Mar 2015 05:21 AM
Posted By Himali on 28 Mar 2015 12:01 AM

thanks himali nangi me lipiyata.......

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
29 Mar 2015 10:04 PM
Posted By Malinga on 28 Mar 2015 12:26 AM

වෙලාවට කන්නෙ නැද්ද? නැත්තම් නොකා ම ඉන්නව ද? 

බොහොමත් ම ස්තූතියි මේ වගේ දේවල් ගැන අපිව දැනුවත් කරනවට

noka nam inne neee . habi welawata kanne ne

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534

--
29 Mar 2015 10:10 PM
ඒතරම් වැඩ අධිකයි ද? නැත්තම් ඉතින් කන්නත් කම්මැලියි වගේ ද?
0
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>