You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2020 02:00 PM by  tea man
මුද්දර - සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර
 193 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 10 << < 678910 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Oct 2019 08:54 PM
ඉන්දික අයියට තමා මේක හරියටම හරියන්නේ. තව මාසෙනෙ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Dec 2019 04:06 PM
නැදුන්ගමුවේ රාජාගේ රුව මුද්දරයකට

ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියා ලබාදී ඇති ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා හස්තියාගේ රුව ඇතුළත් රුපියල් 45 ක් වටිනා තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.

මේ සඳහා වන රාජ්‍ය උත්සවය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 30 වෙනි දින පෙරවරු 9 ට සිය නිවෙස්දී සිදු කිරීමට කටයුතු යොදා ඇති බව රාජා හස්තියාගේ හිමිකරු වන ගම්පහ, නැදුන්ගමුවේ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.

දොළොස් වතාවක් මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති රාජා හස්තියා මේ වනවිට 66 වියෙහි පසුවන අතර , මීට වසර 60 කට පමණ පෙර ඉන්දියාවේ මහරාජා වරයෙකු විසින් ඔහුගේ රෝගයක් සුවකළ පිළියන්දල , නීලමහර වෙද හාමුදුරුවන් වෙත තිළිණයක් ලෙසින් පරිත්‍යාග කොට ඇතත් පසු කළෙක අභාවප්‍රාප්ත නැදුන්ගමුවේ වෛද්‍යාචාර්ය පී.ඩී.පී.ධර්මවිජය මහතා මිලදී ගැනීමෙන් පසුව මේ වනවිට එම වෛද්‍යවරයා වරයාගේ පුත්‍ හර්ෂ ධර්මවිජය මහතාගේ රැකවරණය යටතේ හැදී වැඩෙන්නේය.

තැපැල් මුද්දරය සහ මුල්දින කවරයක් නිකුත් කිරීමේ උත්සව අවස්ථාවෙන් පසුව රාජා හස්තියාට දීර්ඝායු සහ සෙත් පතා වැලමිටියාවේ කුසලධමම නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කරනු ලබන බවද ධර්මවිජය මහතා පැවසීය.

මෙම අවස්ථාවට ගම්පහ දිසාපති සුනිල් ජයලත් , ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක , දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර , තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රාජා හස්තියාගේ ආරක්ෂාව සැලසීම පිනිස උපදෙස් ලබාදීම සිදු කරන යුධ හමුදාපති සහ පොලිස්පති වරයාට සහ ප්‍රභූන් පිරිසකට තමන් ආරාධනය කරන බවත් හෙතෙම සඳහන් කළේය.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Feb 2020 11:25 AM
තෙත් බිම් සැමරුම් දින උළෙල වෙනුවෙන් මුද්දර 10 කුත් නිකුත් කෙරේ

ලෝක තෙත්බිම් දිනය නිම්ත්තෙන් තෙත් බිම් හා ආවේණික ශාක කඩොල් වර්ග 8 ක් ආවේනික ශාක දෙකක් ඇතුළත් මුද්දර 10 ක් නිකුත් කරන ලදී.

මල් කඩොල් - Bruguiera gymnorhiza , ගිංපොල් - Nypa fruticans, මල් කඩොල් - Bruguiera sexangula, මල් කඩොල් - Bruguiera cylindrica, මුට්ටිකඩොල් - Xylocarpus granatum, හීන් කඩොල් - Aegiceras corniculatum, යක් කිරල - Sonneratia alba, කළු කඩොල් - Scyphiphora hydrophyllacea, ලෝකයේ කිසිදු ස්ථානයක වාර්තා නොවන ස්ථානීය ආවේනික (point endemic) සුවඳ සහ හොරවැල් යන ශාක විශේෂ දෙක (හොරවැල්- Stemanoporus moonii සහ සුවඳ - Mesua stylosa,) ඇතුළුව මුද්දර 10යද තැපැල් දෙපාර්තමේන්තුව විසින් එදින නිකුත් ලැබේ.

1971 පෙබරවාරි 2 වැනිදා ලෝක තෙත්බිම් සම්මුතිය අස්සන් කරන ලද්දේ ඉරානයේ රැම්සා නුවරදීය. මේ වනවිට තෙත්බිම් සංරක්ෂණයට උනන්දු වන රටවල් 171 ක් රැම්සා තෙත්බිම් සම්මුතියට අස්සන් තබා තිබේ.

ජාතික පාරිසරික පනත යටතේ මේ වනවිටත් නුවරඑලිය ග්‍රෙගරිවැව, මුතුරාවෙල, තලංගම වැව, වලව්වවත්ත වතුරාන, බොල්ගොඩ වැව යන තෙත් බිම් මේ වනවිටත් ආරක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර ඉදිරියේ දී තවත් තෙත්බිම් ගණනාවක් සංරක්ෂණය කිරීමට නියමිතය.



(අන්තර්ජාලයෙනි)
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Feb 2020 11:37 AM
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Feb 2020 01:02 PM
ලස්සන මුද්දර ටික
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Feb 2020 08:31 PM
ලස්සන මුද්දර ටික ඉන්දික අයියේ ..........
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Feb 2020 04:00 PM
අලුත් මුද්දර ටිකක් නේද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Feb 2020 08:15 AM
ඔව් මධුරංග මල්ලී..
මේ මුද්දර එකතුව සති දෙකකට පමණ පෙර නිකුත් වුනේ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Mar 2020 04:18 PM
අලුත් මුද්දර නිකුත් වූ පසු එම මුද්දර නිවසටම ගෙන්න ගන්න විදිහක් නැද්ද? මොකද සමහර වෙලාවට නිකුත් උනාද කියලත් දන්නෙ නැහැනේ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Mar 2020 04:01 PM
මුද්දර කාර්යාංශයේ ලියාපදිංචිවී තැන්පතුවක් තැබීමෙන් අපට අවශ්‍ය මුද්දර, මුල්දින කවර ආදිය නිවසටම ගෙන්වා ගන්න පුළුවන් මධුරංග මල්ලී...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Mar 2020 07:35 PM
සාමාන්‍යයෙන් කොපමණ පමණ මුදලක් ද තියන්න ඕන? සාමාන්‍යයෙන් මුල්දින කවරයක් සඳහා කොමපන මුදලක් ගෙවිය යුතුද?
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
11 Jul 2020 06:21 PM
මේ මුද්දර දකිද්දී ඇත්තටම ආස හිතෙනවා එකතු කරන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Jul 2020 03:14 PM

@ මධුරංග මල්ලී...
මම ගොඩ කාලෙකින් මුද්දර ගෙන්වා ගත්තේ නැහැ. ගිහිල්ලා තමයි ගත්තේ.
මම හිතන්නේ රු. 500/- ක වගේ තැන්පතුවක් තියන්න ඕන. සාමාන්‍යයෙන් මුල් දින කවරයක වටිනාකම මුද්දරයේ වටිනාකමට රු. 30 ක් විතර එකතු කරලා එන ගණන.
උදාහරණයක් වශයෙන් රු. 15 මුද්දරය සහිත මුල්දින කවරයක් රු. 45 ක් විතර වෙනවා...

0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
18 Jul 2020 10:15 AM
ඉස්සර මගේ ගාවත් මුද්දර සෑහෙන්න ප්‍රමාණයක් තිබුනා. ඒත් ඒවා වලට මොනවා උනාද දන්නේ නෑ ජීවිතේ කාර්‍ය බහුල උනාට පස්සෙ . අන්තිමේදී අව් රුදු 80කට වගේ කිට්ටු වෙන්න පරණ පොස්ට් කාර්ඩ් එකක් විතරයි ඉතුරු උනේ. ඒකත් දැන් කොහෙද දන්නේ නෑ. ඉස්සර මට මතකයි අපි පොඩි කාලේ තැඹිලි ගෙඩි 5 තියෙන මුද්දරේට ලොකු ගානක් දීලා ගන්නවා කියලා ලොකූ කට කතාවක් ගියා. කාටද දන්නේ නෑ මේ කතාව මතක. ඒවා ඉත්න් ඇත්තද බොරුද දන්නේ නෑ.
හැබැයි මුද්දර නැති උනත් පරණ සල්ලි වගයක් නම් මම ගෙදර ඇරන් තියලා තියෙනවා කාසිත් එක්ක
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jul 2020 11:12 AM
Posted By Sam on 18 Jul 2020 10:15 AM
ඉස්සර මගේ ගාවත් මුද්දර සෑහෙන්න ප්‍රමාණයක් තිබුනා. ඒත් ඒවා වලට මොනවා උනාද දන්නේ නෑ ජීවිතේ කාර්‍ය බහුල උනාට පස්සෙ . අන්තිමේදී අව් රුදු 80කට වගේ කිට්ටු වෙන්න පරණ පොස්ට් කාර්ඩ් එකක් විතරයි ඉතුරු උනේ. ඒකත් දැන් කොහෙද දන්නේ නෑ. ඉස්සර මට මතකයි අපි පොඩි කාලේ තැඹිලි ගෙඩි 5 තියෙන මුද්දරේට ලොකු ගානක් දීලා ගන්නවා කියලා ලොකූ කට කතාවක් ගියා. කාටද දන්නේ නෑ මේ කතාව මතක. ඒවා ඉත්න් ඇත්තද බොරුද දන්නේ නෑ.
හැබැයි මුද්දර නැති උනත් පරණ සල්ලි වගයක් නම් මම ගෙදර ඇරන් තියලා තියෙනවා කාසිත් එක්ක

 

මට මතකයි ඔය කතාව

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Jul 2020 11:18 AM

කාර්යබහුලතාවය නිසා අපේ සිත් තුල සතුට රඳවන ගොඩක් දේවල් අපෙන් ගිලිහී යනවා.

කුඩා කල අප සතුව තිබූ විනෝදාංශ එකින්එක අතහරිනවා. ඒත් ජීවිතයේ ආපස්සට හැරී බලනවිට අපි ලබාගත්ත දෙයකුත් නෑ වගේ...

ඒත් කුඩා විනෝදාංශ දෙක තුනක් අප සතුව තියෙනවානම් අපේ සිත් තුළ ඇති පීඩනය මදක් හෝ තුනී වී යාවි...

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Jul 2020 09:37 PM
ඉස්සර පිස්සුවෙන් වගේ මුද්දර එකතු කරන රැල්ලක් තිබ්බ අපේ පොඩි කාලේ එක කාලෙක. ගොඩක් දේවල් ඉගෙන ගන්නත් ලැබුණා. අපේ පොඩි අයටත් මේවා පුරුදු කරන්න ඕන. පහු ගිය කාලේ මුද්දර ගැන විස්තර අහ අහා හිටියා මගේ දුවත්.
මගේ මුද්දර කලෙක්ෂන් එක හොරු ගත්තට පස්සේ මට මුද්දර එකතු කිරිල්ල සදහටම එපා වුණා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Jul 2020 09:41 PM
Posted By Sam on 18 Jul 2020 10:15 AM
ඉස්සර මට මතකයි අපි පොඩි කාලේ තැඹිලි ගෙඩි 5 තියෙන මුද්දරේට ලොකු ගානක් දීලා ගන්නවා කියලා ලොකූ කට කතාවක් ගියා. කාටද දන්නේ නෑ මේ කතාව මතක. ඒවා ඉත්න් ඇත්තද බොරුද දන්නේ නෑ.

තැඹිලි ගෙඩි පහේ මුද්දර ලොට් එකක් තියෙන ඒත් අතේ සතේ නැති ලොකු සල්ලි හදිස්සියක හිටපු එකෙක් ඉන්න ඇති මල්ලි කොහේ හරි. 

 

 

0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
19 Jul 2020 11:04 AM
Posted By maduranga001 on 18 Jul 2020 09:41 PM
Posted By Sam on 18 Jul 2020 10:15 AM
ඉස්සර මට මතකයි අපි පොඩි කාලේ තැඹිලි ගෙඩි 5 තියෙන මුද්දරේට ලොකු ගානක් දීලා ගන්නවා කියලා ලොකූ කට කතාවක් ගියා. කාටද දන්නේ නෑ මේ කතාව මතක. ඒවා ඉත්න් ඇත්තද බොරුද දන්නේ නෑ.

තැඹිලි ගෙඩි පහේ මුද්දර ලොට් එකක් තියෙන ඒත් අතේ සතේ නැති ලොකු සල්ලි හදිස්සියක හිටපු එකෙක් ඉන්න ඇති මල්ලි කොහේ හරි. 

 

ඒක ඇත්ත. එහෙම සීන් එකක් වෙන්න ඇති.

 

 

0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
19 Jul 2020 11:06 AM
Posted By indika76 on 18 Jul 2020 11:18 AM

කාර්යබහුලතාවය නිසා අපේ සිත් තුල සතුට රඳවන ගොඩක් දේවල් අපෙන් ගිලිහී යනවා.

කුඩා කල අප සතුව තිබූ විනෝදාංශ එකින්එක අතහරිනවා. ඒත් ජීවිතයේ ආපස්සට හැරී බලනවිට අපි ලබාගත්ත දෙයකුත් නෑ වගේ...

ඒත් කුඩා විනෝදාංශ දෙක තුනක් අප සතුව තියෙනවානම් අපේ සිත් තුළ ඇති පීඩනය මදක් හෝ තුනී වී යාවි...

ඒක ඇත්ත ඉන්දික අයියේ. ජීවිතේ හරිම සුන්දර දේවල් කාර්‍යබහුලත්වයත් එක්ක නැත්තටම නැති වෙලා යනවා. පුන්චි කාලේ සුන්දර දේවල් මතක් වෙනකොට දුවලා යන්න හිතෙනවා ඒ අතීතෙට. මොන තරම් නිදහසක්ද. කිසිම වගකීමක් නැති බරක් පතලක් නොතේරෙන ඒ සුන්දර අතීතේ..

0
You are not authorized to post a reply.
Page 9 of 10 << < 678910 > >>