You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2020 02:00 PM by  tea man
මුද්දර - සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර
 193 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 10 << < 12345 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
22 Jan 2015 08:56 AM
Posted By maduranga001 on 22 Jan 2015 07:33 AM
ඔයා ඔය මුද්දර කවර කොහෙන්ද කොහොමද මිලදී ගන්නේ කියලත් කියනවද? එකත් අපේ සාමාජිකයන්ට වැදගත් වේවි. තැපැල් කන්තෝරුවල ඒ මුද්දර නිකුත් කරන දවස්වලට ගන්න යන්න ඕනෙද? නිවෙසටම ගෙන්වා ගන්නා ක්‍රමයක් තියෙනවද?

සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර මිලදී ගැනීමට ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මුද්දර කාර්යාංශය වෙතින් පුළුවන්. නැතිනම් එහි ලියාපදිංචි වී නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. නැතිනම් පෞද්ගලිකව මුද්දර විකුණන පුද්ගලයින්/ආයතන තිබෙනවා. සමහර තැපැල් කාර්යාල වල සන්නිවේදන පියස් වලත් මුල්දින කවර විකිණීමට තිබෙනවා. මුද්දර නම් ඕනෑම තැපැල් කාර්යාලයකින් මිලදී ගන්න පුඵවන්. (මම කියුවේ කෙටියෙන්. ඉඩ තියෙන වෙලාවක සම්පූර්ණ පැහැදිලි කිරීම කර දෙන්නම්)

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
22 Jan 2015 08:58 AM
Posted By indika76 on 22 Jan 2015 08:56 AM

me denam godak wadagath.....thanks.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
22 Jan 2015 09:00 AM
Posted By samantha on 22 Jan 2015 08:12 AM
මෑත කාලයේ සිහිවටන පත් හරිම ලස්සණයි. ඉමල්ක මල්ලී මේ සිහිවටන පත්‍රිකවේ මුල්දින මුද්‍රාව තබා ගන්නේ නැතිද?

අයියේ සාමාන්‍යයෙන් සිහිවටන පත්‍රිකාවල දින මුද්‍රාව සලකුණු කරන්නේ නැහැ.

එය සිදුකරනු ලබන්නේ මුල්දින කවරයේ පමණයි.

පහළ තියෙන්නේ මුල්දින කවරයක්...

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
22 Jan 2015 09:05 AM

සමාවෙන්න මට  මේ දෙක මාරු වුණා..

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
22 Jan 2015 05:30 PM
Posted By indika76 on 22 Jan 2015 09:00 AM
Posted By samantha on 22 Jan 2015 08:12 AM
මෑත කාලයේ සිහිවටන පත් හරිම ලස්සණයි. ඉමල්ක මල්ලී මේ සිහිවටන පත්‍රිකවේ මුල්දින මුද්‍රාව තබා ගන්නේ නැතිද?

අයියේ සාමාන්‍යයෙන් සිහිවටන පත්‍රිකාවල දින මුද්‍රාව සලකුණු කරන්නේ නැහැ.

එය සිදුකරනු ලබන්නේ මුල්දින කවරයේ පමණයි.

පහළ තියෙන්නේ මුල්දින කවරයක්...

me kotiya inna eka nam dakala thiyenawa wage mathakai

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
22 Jan 2015 08:40 PM
Posted By indika76 on 22 Jan 2015 04:45 AM

(14) ශ්‍රී ලංකාවේ ජාතික වනොද්‍යාන මුද්දර පෙළ යටතේ 2014 අගෝස්තු මස 22 දින නිකුක්වූ මෙම සිහිවටන පත්‍රිකාවේ මුද්දර 6 ක් ඇතුලත් විය.

පරෙවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය තේමාකරගත් මෙහි

Rock Pigeon (Rs. 7.00), Spern Whale (Rs. 10.00), Blacktip reef Shark (Rs. 15.00),

Butterfly Fish (Rs. 25.00), Scaly Rock Crab (Rs. 35.00), Knotted fan Coral (Rs. 50.00)

ලෙසින් සමුද්‍රවාසී ජීවීන් නිරූපනය කරන ලදී.

meee harima lassanai. mama nam dekalama tibune ne. bohoma sthuti indika ayye

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
23 Jan 2015 08:53 PM

(18) වර්ෂ 1992 දී බාසිලෝනා හි පැවති ඔලිම්පික් තරඟාවලියට සමගාමීව සිහිවටන පත්‍රිකාවක්

1992 සැප්තැම්බර් මස 15 දින නිකුත් විය.

මෙහි දිවීමේ, ඉලක්කයට වෙඩි තැබීම, පිහිනුම් හා බර ඉසිලීම් අවස්ථා නිරූපනය විය.

මෙම සිහිවටන පත්‍රිකා 40,000 ක් නිකුත් විය.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
23 Jan 2015 08:57 PM
godak vatinawa medewal.......................
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
23 Jan 2015 09:14 PM

shaa marune ..dakketh adamai

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
23 Jan 2015 10:29 PM
Posted By indika76 on 22 Jan 2015 08:56 AM
Posted By maduranga001 on 22 Jan 2015 07:33 AM
ඔයා ඔය මුද්දර කවර කොහෙන්ද කොහොමද මිලදී ගන්නේ කියලත් කියනවද? එකත් අපේ සාමාජිකයන්ට වැදගත් වේවි. තැපැල් කන්තෝරුවල ඒ මුද්දර නිකුත් කරන දවස්වලට ගන්න යන්න ඕනෙද? නිවෙසටම ගෙන්වා ගන්නා ක්‍රමයක් තියෙනවද?

සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර මිලදී ගැනීමට ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මුද්දර කාර්යාංශය වෙතින් පුළුවන්. නැතිනම් එහි ලියාපදිංචි වී නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. නැතිනම් පෞද්ගලිකව මුද්දර විකුණන පුද්ගලයින්/ආයතන තිබෙනවා. සමහර තැපැල් කාර්යාල වල සන්නිවේදන පියස් වලත් මුල්දින කවර විකිණීමට තිබෙනවා. මුද්දර නම් ඕනෑම තැපැල් කාර්යාලයකින් මිලදී ගන්න පුඵවන්. (මම කියුවේ කෙටියෙන්. ඉඩ තියෙන වෙලාවක සම්පූර්ණ පැහැදිලි කිරීම කර දෙන්නම්)

බොහොම ස්තුතියි තොරතුරු වලට. හැකි නම් මුල්දින කවරයක සහ සිහිවටන පත්‍රිකාවක ඇති වෙනසත් පැහැදිලි කරලා දෙන්න. ඔය දෙකම එක දවසේ නිකුත් කරන දෙයක් ද? එහෙම වර්ග දෙකක් තිබෙන්න ඇයිද යන්න වග.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
23 Jan 2015 10:58 PM
wedagath prashnayak...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
23 Jan 2015 11:16 PM
Posted By maduranga001 on 23 Jan 2015 10:29 PM

බොහොම ස්තුතියි තොරතුරු වලට. හැකි නම් මුල්දින කවරයක සහ සිහිවටන පත්‍රිකාවක ඇති වෙනසත් පැහැදිලි කරලා දෙන්න. ඔය දෙකම එක දවසේ නිකුත් කරන දෙයක් ද? එහෙම වර්ග දෙකක් තිබෙන්න ඇයිද යන්න වග.

මුද්දරයක් නිකුත් වන සෑම අවස්ථාවකදීම මුල්දින කවරයක් නිකුත්වේ. මුල් දින කවරයක් යනු ලිපි කවරයක මුද්දරයේ තේමාවට අදාල පසුබිම නිර්මාණය කර මුද්දරයක් ද අලවා එය අවලංගු කරනු ලබයි. එසේම මුද්දය නිකුත් වූ හේතුව සඳහන් විස්තරාත්මක ලිපියක් එයට අන්තර්ග්‍රහණය කර තියෙනවා. (මම මුල් දින කවරත් ඉදිරිපත් කරන්නම්). සාමාන්‍යයෙන් වසරකට මුල්දින කවර 25 ත් 50 ත් අතර ප්‍රමාණයක් නිකුත් වනවා.

ඒත් සිහිවටන පත්‍රිකා නිකුත් වන්නේ විශේෂ අවස්ථාවලදී පමණයි. සාමාන්‍යයෙන් වසරකට නිකුත් වන්නේ සිහිවන පත්‍රිකා 10 ටත් අඩු ප්‍රමාණයකි.

මුද්දරයත්, මුල් දින කවරයත්, සිහිවටන පත්‍රිකාවත් එකම දිනයේදී නිකුත් වේ.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
23 Jan 2015 11:19 PM
e thorathuru godak watinawa. Bohoma sthuthiyi sarala pehedili kereemata.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
26 Jan 2015 05:23 AM
saralawa pahadili krimak.thanks.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
31 Jan 2015 09:27 PM

(19) වෙසක් උත්සවය නිමිතිකරගෙන 1995.04.29 දින නිකුත්වූ මෙම සිහිවටන පත්‍රිකාවේ බුදුරජණන් වහන්සේ පුරන ලද පාරමිතාවන් අැතුලත් වේ.

වීරිය පාරමිතාව (රු. 1.00), ක්ෂාන්ති පාරමිතාව (රු. 2.00), සත්‍ය පාරමිතාව (රු. 10.00) හා අධිෂ්ඨාන පාරමිතාව (රු. 17.00) මෙහි අැතුලත්වේ.

මෙවැනි සිහිවටන පත්‍රිකා 25,000 ක් නිකුත් විය.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
31 Jan 2015 09:40 PM
මේවා බොහොම පරෙස්සම් කර ගතයුතු ඒවා බවයි මගේ හැගීම. ගොඩක් ස්තුතියි මේවා අපටත් පෙන්වන්න නිර්ලෝභී වීම පිළිබදව.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
31 Jan 2015 09:49 PM
mewani de apith ekka beda gannawata pin.
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
01 Feb 2015 06:50 AM
Posted By indika76 on 31 Jan 2015 09:27 PM

(19) වෙසක් උත්සවය නිමිතිකරගෙන 1995.04.29 දින නිකුත්වූ මෙම සිහිවටන පත්‍රිකාවේ බුදුරජණන් වහන්සේ පුරන ලද පාරමිතාවන් අැතුලත් වේ.

වීරිය පාරමිතාව (රු. 1.00), ක්ෂාන්ති පාරමිතාව (රු. 2.00), සත්‍ය පාරමිතාව (රු. 10.00) හා අධිෂ්ඨාන පාරමිතාව (රු. 17.00) මෙහි අැතුලත්වේ.

මෙවැනි සිහිවටන පත්‍රිකා 25,000 ක් නිකුත් විය.

aneee harima lassanai. godak Sthuti ayye. harima vatinava

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
01 Feb 2015 09:55 AM

harima watinawa ane...mewa ape daruwanata wath dakin nethi wei idiriyata.bohoma sthtiiii

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
02 Feb 2015 11:23 PM

(20) පින්නවල අලි අනාථාගාරය ඇගයීම පිණිස 2003 ජූලි 13 දින මෙම සිහිවටන පත්‍රිකාව නිකුත් විය.

එහි මුද්දර 4 ක් නිරූපිතය.  මෙහි විශේෂත්වය වූයේ මේවා ඡායාරූප ආශ්‍රයෙන් ලබාගැනීමයි‍.

රු. 4.50 වටිනා මුද්දරයෙන් අලි දෙදෙනෙකු හා පැටවුන් දෙදෙනෙකුත්,

රු. 16.50 වටිනා මුද්දරයෙන් තරුණ අලි සමග ඇත්ගොව්වෙකුත්,

රු. 23.00 වටිනා මුද්දරයෙන් අබාධිත අලි මවත් සහ පැටවෙකුත්, (මෙහි සුවිශේෂී කථාවක් ගැබ්ව තියෙනවා)

රු. 26.00 වටිනා මුද්දරයෙන් අන්ධ ඇතින්නකු වූ රාජා ඇතින්නත් දක්නට ලැබෙනවා..

මෙම සිහිවටන පත්‍රිකා 25,000 ක් නිකුත් විය.

0
You are not authorized to post a reply.
Page 3 of 10 << < 12345 > >>