You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2020 02:00 PM by  teaman
මුද්දර - සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර
 193 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 10 << < 12345 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
19 Jan 2015 09:03 AM

(11) පුරාණ කාසි වලින් නිර්මාණය වූ මුද්දර ඇතුලත් සිහිවටන පත්‍රිකාවක් 2001 ජුනි 18 දින නිකුත් විය.

මෙහි කහවනු, විජයබාහු, සේතු හා බුද්ධ ජයන්ති කාසි ඇතුලත් විය.

පත්‍රිකා 30,000 ක් මුද්‍රණය විය.

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
19 Jan 2015 09:12 AM

(12) වෙසක් උත්සවය වෙනුවෙන් බුද්ධ වර්ෂ 2525 දී එනම් ක්‍රිස්තු වර්ෂ 1981 මැයි 05 දින නිකුත් වූ සිහිවටන පත්‍රිකාවේ මුද්දර 03 ක් ඇතුලත් විය‍.

සාංචි ස්තූපයෙහි සිතුවමක්, බෝසත් රුව සහිත සේද කොඩිය හා පැරිසියේ තිබෙන බෝසත් රුවකින් මෙය සිතුවම් විය.

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
19 Jan 2015 09:30 AM

(13) ශ්‍රී ලංකාවේ කුරුල්ලන් 6 දෙනෙකු අැතුලත් මුද්දර 6 ක් 1979 දෙසැම්බර් 13 දින නිකුත් විය.

ගාමිණි රත්නවීර මහතාගේ නිර්මාණයකි.

කැහිබෙල්ලා (0.10), ගිරාමලිත්තා (0.15), ලංකා අරංගයා (0.75), හබන් කුකුලා (1.00),

ඉදිරිපස කහ පැහැති බාබට් (5.00), කහ කන් කොණ්ඩයා (10.00) යන කුරුල්ලන් මෙහි ඇතුලත් විය.

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
19 Jan 2015 04:31 PM

මේවා දකිනවිට කණගාටුවකුත් සිතට දැනෙනවා. මොකද මගේ ලඟත් මේවා තිබුණ නිසා. බෙහෙවින්ම ස්තූතියි මල්ලී නැවතත් මේවා දකින්නට ලබාදුන්නාට.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
19 Jan 2015 06:16 PM
kurlullan sambanda eva godak tiyanava vage. godak sthuti ayye. harima vatinava. maa hithannet net eke kohevath me vage deval nam hoya ganna na kiyalai
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
19 Jan 2015 07:31 PM
Mewa okkoma oya ekathu kara gaththa ewa da?
Kohoma namuth sehenna watina wedak. Mewa mehema eka thread ekakin dakinna amaruyi. Mehema wistharath ekka.

Methanin denuma laba ganbath puluwan thenak weema saththutata kaaranayak!

Thank you very much for your great effort!
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
19 Jan 2015 07:50 PM
හිමාලි නංගීට:
මම ගොඩක් ආස සතුන් සම්බන්ධ මුද්දර එකතු කරන්න. දෙස් විදෙස් සතුන්ගේ මුද්දර ගොඩක් මං ලග තියෙනවා. විශේෂයෙන් කුරුල්ලන්ගේ මුද්දර රාශියක් මා ගාව තියෙනවා.

මධුරංග මල්ලීට:
ඔව් මේ සියල්ල මා සතුව තියෙනවා. මම මේ අතරින් පතර දමන්නේ. ගොඩක් පැරණි මුද්දර, මුල්දින කවර, සිහිවටන පත්‍රිකා මා සතුව තියෙනවා.
ඉඩලැබෙන විදියට මේකට දමන්නම්.
ඒ වගේම මා සතුව පැරණි මුදල් ද තිබෙනවා. ඒකත් ත්‍රෙඩ එකක් විදියට ලබා දෙන්නමි.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
19 Jan 2015 09:52 PM
නියමයි.ඔය මුද්දර වැඩේ මමත් ආසාවෙන්ම කළ වැඩක්.එත් මගේ මුද්දර ටික එක සැරේට හොරකම් කරගත්තට පස්සේ වැඩේ නතර කළා ඒ හොරාට කරන ඝෞරවයක් විදිහට. එත් මුද්දර වලට තියෙන ආසාව නම් එහෙමමයි. මගේ ළග තිබුනා රටවල් 100 ක පමණ මුද්දර. ඔයාගේ මේ වැඩේ නිසා ඒ මතකය අලුත් උනා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
19 Jan 2015 10:12 PM
Posted By maduranga001 on 19 Jan 2015 09:52 PM

oya horath muddara ekathu karana ekeke wenna athi..hoya ganna amaru wena ekak naha try kalaoth

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
19 Jan 2015 10:13 PM
Posted By indika76 on 19 Jan 2015 09:03 AM

(11) පුරාණ කාසි වලින් නිර්මාණය වූ මුද්දර ඇතුලත් සිහිවටන පත්‍රිකාවක් 2001 ජුනි 18 දින නිකුත් විය.

මෙහි කහවනු, විජයබාහු, සේතු හා බුද්ධ ජයන්ති කාසි ඇතුලත් විය.

පත්‍රිකා 30,000 ක් මුද්‍රණය විය.

me muddara nam mama adamai dakke..ekak wath mage lanaga nahane

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
19 Jan 2015 10:20 PM
Posted By Ind007ka on 19 Jan 2015 10:12 PM
Posted By maduranga001 on 19 Jan 2015 09:52 PM
නියමයි.ඔය මුද්දර වැඩේ මමත් ආසාවෙන්ම කළ වැඩක්.එත් මගේ මුද්දර ටික එක සැරේට හොරකම් කරගත්තට පස්සේ වැඩේ නතර කළා ඒ හොරාට කරන ඝෞරවයක් විදිහට. එත් මුද්දර වලට තියෙන ආසාව නම් එහෙමමයි. මගේ ළග තිබුනා රටවල් 100 ක පමණ මුද්දර. ඔයාගේ මේ වැඩේ නිසා ඒ මතකය අලුත් උනා.

oya horath muddara ekathu karana ekeke wenna athi..hoya ganna amaru wena ekak naha try kalaoth

e horaa muddara horakam kale wikunanna.. eya muddara ekatukaranna kamathi kenek neweyi.. ehema real taste ekak thiyena kenek ehema karanne nehe. horaa kawuda kiyalath mama dannawa.. horath dannawa mama dannawa kiyala.. wedak nehe.. policy yannaye.. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
19 Jan 2015 10:28 PM
samantha ayyagei maduranga ayyagei dennagema muddara horakam karalane
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
22 Jan 2015 04:45 AM

(14) ශ්‍රී ලංකාවේ ජාතික වනොද්‍යාන මුද්දර පෙළ යටතේ 2014 අගෝස්තු මස 22 දින නිකුක්වූ මෙම සිහිවටන පත්‍රිකාවේ මුද්දර 6 ක් ඇතුලත් විය.

පරෙවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය තේමාකරගත් මෙහි

Rock Pigeon (Rs. 7.00), Spern Whale (Rs. 10.00), Blacktip reef Shark (Rs. 15.00),

Butterfly Fish (Rs. 25.00), Scaly Rock Crab (Rs. 35.00), Knotted fan Coral (Rs. 50.00)

ලෙසින් සමුද්‍රවාසී ජීවීන් නිරූපනය කරන ලදී.

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
22 Jan 2015 05:07 AM

(15) යාල ජාතික වනෝද්‍යානය වෙන‍ුවෙන් 2013 ජූලි 28 දින නිකුත්වූ මෙම සිහිවටන පත්‍රිකාව දැකුම්කළු අයුරින් නිර්මාණය විය.

අලියෙකු දැක්වුනු මෙම පත්‍රිකාවේ Black Necked Stroke හා Elephant (Tusker) ගේ රුවින් වර්ණවත් විය.

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
22 Jan 2015 05:42 AM
godak wadagath karunu tikak....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
22 Jan 2015 07:00 AM

(16) 2013 ජූලි 28 දින නිකුත්වූ මෙම සිහිවටන පත්‍රිකාවේ වලසකු (Sloth Bear) දැක්වේ.

මෙහි Wild Boar හා Swamp Crocodile දැක්වේ.

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
22 Jan 2015 07:04 AM

(17) 2013 ජූලි 28 දිනයේදීම නිකුත්වූ දිවියෙකු (Loepard) දැක්වෙන මෙම සිහිවටන පත්‍රිකාවේ

Hawksbill Turtle හා Spotted Deer දැක්වේ‍.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
22 Jan 2015 07:33 AM
ඔයා ඔය මුද්දර කවර කොහෙන්ද කොහොමද මිලදී ගන්නේ කියලත් කියනවද? එකත් අපේ සාමාජිකයන්ට වැදගත් වේවි. තැපැල් කන්තෝරුවල ඒ මුද්දර නිකුත් කරන දවස්වලට ගන්න යන්න ඕනෙද? නිවෙසටම ගෙන්වා ගන්නා ක්‍රමයක් තියෙනවද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
22 Jan 2015 08:12 AM
මෑත කාලයේ සිහිවටන පත් හරිම ලස්සණයි. ඉමල්ක මල්ලී මේ සිහිවටන පත්‍රිකවේ මුල්දින මුද්‍රාව තබා ගන්නේ නැතිද?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
22 Jan 2015 08:15 AM
Posted By maduranga001 on 22 Jan 2015 07:33 AM
ඔයා ඔය මුද්දර කවර කොහෙන්ද කොහොමද මිලදී ගන්නේ කියලත් කියනවද? එකත් අපේ සාමාජිකයන්ට වැදගත් වේවි. තැපැල් කන්තෝරුවල ඒ මුද්දර නිකුත් කරන දවස්වලට ගන්න යන්න ඕනෙද? නිවෙසටම ගෙන්වා ගන්නා ක්‍රමයක් තියෙනවද?

ඉස්සර කාලයේ නම් මුද්දරය නිකුත් කරන දවසට ලංකාවේ ප්‍රධාන තැපැල් කාර්යාල වලින් මිළදී ගන්න පුළුවන්කම තිබුණා. පසුකාලීනව එය වෙනස් වුණාද කියා මා දන්නේ නැහැ. එහෙම නැතිනම් මුද්දර කාර්යාංශය මගින් ගන්න ත් පුළුවන්.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 2 of 10 << < 12345 > >>