You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 62 of 77 << < 6061626364 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Jul 2018 05:58 AM
පට්ට් කෑම ටිකක් නේ තියෙන්නේ...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Jul 2018 07:10 AM
ස්තුතියි අය්ය මේ රස කෑම අරන් එනවට
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Jul 2018 05:57 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Jul 2018 06:29 PM



0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Jul 2018 08:24 PM
හම්මේ අදත් උදෙන්ම පනීර් බ්‍රෙඩ් එක්ක බැදපු මාලු සලාදෙ හිතින් කෑව😋😋
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
14 Jul 2018 12:09 PM
මේව කාල ලෙඩ වෙයිද මංද
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2018 02:49 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2018 08:22 PM
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Jul 2018 09:20 PM
හ්ම්, කැරට් සුදුවට කළුවට කොහොම හැදුවත් රසායි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Jul 2018 10:24 PM
Posted By Udari on 13 Jul 2018 08:24 PM
හම්මේ අදත් උදෙන්ම පනීර් බ්‍රෙඩ් එක්ක බැදපු මාලු සලාදෙ හිතින් කෑව😋😋
දැන් ග්ලූටන් ප්‍රශ්නේ නැද්ද මේවා කෑවම?

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Jul 2018 11:47 PM
කොච්චර ග්ලූටන් තිබ්බත් පාන් නැති ලෝකයක් ( පිටි කෑම ) හිතාගන්න බෑ හයියෝ......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
16 Jul 2018 11:03 AM
ග්ලූටන් නිසා කට්ටිය පිටි කෑම වර්ජනය කරනවද
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jul 2018 08:31 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jul 2018 08:31 PM
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jul 2018 09:14 PM
අද දාපු කෑම මට පේන් නෑනි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jul 2018 04:35 AM

ෆ්‍රයිඩ් සැන්ඩ්විච්


 

අවශ්‍ය ද්‍රව්‍ය
සැන්ඩ්විච් පාන් පෙති අවශ්‍ය තරමට
මස්, මාළු හෝ කැමති පිරවුමක්
පාන්පිටි
ලුණු රසට අනුව
බිස්කට් කුඩු අවශ්‍ය තරමට
බිත්තරයක්
බැදගැනීමට තෙල්

සාදන ආකාරය
පාන් පෙත්තක් ගෙන එහි හොඳින් තැවැරුම අ‍ලේප කර ගන්න. දැන් තවත් පාන් පෙත්තක තැවරුම ගා එය ඒ මත හොඳින් තද කර අලවා ගන්න. දැන් මේ සැන්ඩ්විච් එක මුල්ලෙන් මුල්ලට කපා ත්‍රිකෝණාකාර කොටස් 4 ක් සාදා ගන්න. පාන්පිටිවලට වතුර, ලුණු, බිත්තරයක් දමා උකු බැටරයක් සාදා ගන්න. දැන් මේ පාන් කොටස් බැටරයේ ගිල්වා පාන්කුඩු මත පෙරලා ගන්න. නැවත බැටරයේ ගිල්වා පාන් කුඩු තවරා ගන්න. හොඳින් පාන් කුඩු තවරාගත් පාන් කොටස් රත්වූ තෙලට දමා මදගින්දරේ රන්වන් පාටට බැද ගන්න.

 

 

හතු පෆ් පේස්ට්‍රි


අවශ්‍ය ද්‍රව්‍ය
හතු ග්‍රෑම් 500
ලොකු ලූනු ග්‍රෑම් 200
සුදුලූනු බික් 5යි
අමුමිරිස් කරල් 5යි
කරපිංචා කිනිත්තක්
උම්බලකඩ ලියාගත් මේස හැඳි 3
තෙල් ටිකක්
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
පෆ් පේස්ටි ෂීට් අවශ්‍ය තරමට (මේවා වෙළඳසලෙන් ලබාගත හැකිය)

සාදන ආකාරය
හතු සෝදා හොඳින් දිය බේරා ගන්න. දැන් ඉතාම සිහින් කෙඳි ලෙස ඉරාගන්න. ලූනුද සිහින්ව ලියා ගන්න. අමුමිරිස්ද ලියාගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට සිහින්ව කපාගත් කරපිංචා, ලූනු, සුදුලූනු, අමුමිරිස්, උම්බලකඩ දමන්න. බැඳිගෙන එන විට හතු සමග ලුණු, ගම්මිරිස් දමන්න. මද ගින්දරේ හොඳින් මලවා ගන්න.  දැන් ෆප් පේස්ට්‍රි ෂීට් ගෙන අඟල්
4 x4 කැබැලිවලට කපාගන්න.
ඉන් එක කැබැල්ලක් ගෙන එහි මැදට හතු මිශ්‍රණයෙන් ටිකක් දමන්න. දැන් තවත්
ෂීට් කැබැල්ලක් ඒ මත තබා එය වසන්න. ඉන්පසු කොන් අල්ලා ‍ලේන්සුවක් නවන ආකාරයට උඩට එකතු කර බිත්තර සාරු ආ‍ලේප කර හොඳින් අලවා ගන්න. එහි දාරවලට හොඳින් බිත්තර සාරු ගා ගන්න. දැන් 220C උෂ්ණත්වය
සහිත උඳුනක විනාඩි 20ක් බේක් කර ගන්න.

 

 

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jul 2018 04:51 AM

මුහුදු මාළුවලින් රසවත් කෑම

සී ෆුඩ් බර්ගර්

අවශ්‍ය ද්‍රව්‍ය

ඉතාම කුඩා ඉස්සන් ග්‍රෑම් 200

දැල්ලන් ග්‍රෑම් 200

තලපත් වැනි සුදු මාළු ග්‍රෑම් 100

තරමක අල ගෙඩි 2ක්

ලොකුලූනු ගෙඩියකින් 1/2ක්

ලුණු රසට අනුව

බිත්තර කහමද

අමුමිරිස් කරල් 2ක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

සාදන ආකාරය

අල මෘදු වන තුරු තම්බාගන්න. ඉස්සන් ‍පොතු ඉවත් කර ගන්න. මාළුවල කටු ඉවත් කරන්න. දැල්ලන්ද සුද්ද කර ඉතාම හොඳින් දෙහි යුෂ මිශ්‍ර වතුරෙන් සෝදා දිය බේරා ගන්න. මේ සියල්ල අඹරා ගන්න.

නැතිනම් ඉතාම කුඩා තිත් වැනි ප්‍රමාණයට කපා ගන්න. ලූනු, අමුමිරිස් ද ඉතාම සිහින්ව කපා ගන්න. දැන් තම්බාගත් අලවල ‍පොතු ඉවත්කර අතින් හොඳහැටි ‍පොඩි කරගන්න. දැන් එයට ලුණු. ගම්මිරිස් අඹරා හෝ කපාගත් මාළු වර්ග සියල්ලද බිත්තර කහමදයද දමා හොඳින් කලවම් කර ගන්න. දැන් තරමක ගුලි සාදා අතින් කුඩා රොටි ලෙස වඩා ගන්න. දැන් බටර් හෝ තෙල් ගා ගත් තැටියක දමා විනාඩි 10ක් පමණ දෙපැත්ත දමමින් වසා පුළුස්සා ගන්න.

බ්‍රේක් ක්‍රීම් ක්‍රැබ්

අවශ්‍ය ද්‍රව්‍ය

තරමක් ලොකු

කකුළුවන් 5ක් පමණ

ලොකුලූනු ගෙඩියකින් 1/2

සැල්දිරි නටු කැබැල්ලක්

බටර් ග්‍රෑම් 100, පිටි ග්‍රෑම් 100

කිරි අඬු කෝප්ප 1/2

ලුණු රසට අනුව

ගම්මිරිස් රසට අනුව

පාස්ලි කිනිති කීපයක්

සාදන ආකාරය

කකුළුවන් හොඳින් සෝදා පිරිසිදුකරගෙන ලුණු ස්වල්පයක් දමා තම්බා ගන්න. දැන් එහි මස් ටික ගලවා බඳුනකට දමන්න. කකුළුවන්ගේ කටු ටික හොඳින් සෝදා පසෙකින් තබන්න. දැන් ලූනු, සැල්දිරි, පාස්ලි වෙන වෙනම ඉතාම කුඩාවට කපාගන්න. දැන් බටර් ස්වල්පයක් ළිප තබා රත්වන විට කපාගත් ලූනු, සැල්දිරි දමන්න. දැන් කුඩාවට ගලවාගත් කුකුළු මස් එකතු කරන්න. එය පසෙකින් තබන්න. බටර් ටික ළිප තබන්න. රත්වනවිට පිටි ටික දමා යන්තම් බැදෙන ලෙස කූරුගාන්න. දැන් එයට කිරි ද එකතු කර උකු ද්‍රාවණයක් සාදා ගන්න. ලුණු, ගම්මිරිස් දමා කලවම් කරගන්න. දැන් කකුළු කටුගෙන ඒ තුළට කකුළු මස් පුරවා ගන්න. ඒ මත සාදාගත් සෝස් මිශ්‍රණය ටිකක් වත් කරන්න. කපාගත් පාස්ලි උඩින් ඉස විනාඩි 10ක් පමණ බේක් කර ගන්න.

සී ෆුඩ් පැටිස්

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩා ඉස්සන් ග්‍රෑම් 200

ලොකු ලූනු ගෙඩියකින් 1/2 පමණ

තම්බාගත් අල ගෙඩි 3ක්

පිටි ග්‍රෑම් 250

බිත්තර 2යි

ලුණු රසට අනුව

මාගරින් මේස හැඳි 1

අමුමිරිස් කරවල් 2යි

සාදන ආකාරය

පිටි, ලුණු, මාගරින්, බිත්තර දමා අතේ නොඇලෙන ගානට පැටිස් මිශ්‍රණය සාදා ගන්න. එය පසෙකින් තබන්න. ඉස්සන් ‍පොතුහැර හොඳින් සෝදා ගන්න. ලූනු, අමුමිරිස් සිහින්ව කපාගන්න. තම්බාගත් අල ‍පොතු ඉවත්කර හොඳින් ‍පොඩිකරගන්න. දැන් තෙල් ස්වල්පයක් ළිප තබා රත්වන විට කපාගත් ලූනු, අමුමිරිස්, තම්බා ‍පොඩිකරගත් අල, ලුණු, ගම්මිරිස් දමා හෙඳින් මිශ්‍ර කර ගන්න. දැන් කලින් සාදාගත් පිටි මිශ්‍රණය තුනී කර අඟල් 4ක් පමණ විෂ්කම්භය

සහිත රවුම් කපාගන්න. දැන් ඒ කපාගත් පිටි රවුමක් ගෙන එහි එක් පසෙකට සාදාගත් මිශ්‍රණය දමා දෙකට නවා බිත්තර සාරු ටිකක් ගා අලවා ගන්න. දැන් මේවා තැටියක අඩුක් කර පැය 1/2ක් පමණ මධ්‍යම උෂ්ණත්වයේ බේක් කර ගන්න.

දැල්ලන් බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

තරමක් ලොකු දැල්ලන් ග්‍රෑම් 500

සහල් පිටි ග්‍රෑම් 150

තෙල් අවශ්‍ය තරමට

කෝන් පිටි ග්‍රෑම් 150

දෙහි යුෂ ටිකක්

මිරිස් කුඩු ස්වල්පයක්

ලුණු රසට අනුව

බිත්තරයක්

සාදන ආකාරය

දැල්ලන් ඉතා හොඳින් දෙහි යුෂ යොදා සෝදා ලොකු රවුම් කපා ගන්න. දැන් එයට දෙහි යුෂ, ලුණු දමා ටික වේලාවක් සීසන් වන්නට තබන්න. පිටි, බිත්තරය, ලුණු, මිරිස් කුඩු දමා උකු බැටරයක් සාදා ගන්න. දැන් දැල්ලන් රවුම් ගෙන බැටරයේ ගිල්වා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැදගන්න.

සී ෆුඩ් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩා ඉස්සන් ග්‍රෑම් 50

දැල්ලන් ගෑම් 50

මාළු ග්‍රෑම් 50

දෙහි කොළ 4ක් පමණ

සේර අඟල් 2ක පමණ කැබැල්ලක්

චිලි පේස්ට් මේස හැඳි 1

ටොමැටෝ පේස්ට් මේස හැඳි 1

තරමක තක්කාලි ගෙඩියක්

මාගරින් තේ හැඳි 1

දෙහි යුෂ ටිකක්

ලුණු රසට අනුව

සාදන ආකාරය

මාළු වර්ග සියල්ල හොඳින් දෙහි යුෂ මිශ්‍ර වතුරේ දමා සෝදා කුඩාවට කපාගන්න. දැන් සේර කැබැල්ල තලා ගන්න. දෙහි කොළ කුඩාවට කපා ගන්න. දැන් මාගරින් ළිප තබා රත්වන විට සේර දමන්න. දැන් මාළු වර්ග සියල්ලද දමා යන්තමට තෙම්පරාදු වන්නට හරින්න. දැන් ඉතිරි කළමනා සමග වතුර එකතු කර හොඳහැටි තැම්බෙන්නට හරින්න. ළිපෙන් බාගත් පසු දෙහි යුෂ දමා උණුවෙන්ම රස බලන්න.

සීෆුඩ් මික්ස් ග්‍රිල්

අවශ්‍ය ද්‍රව්‍ය

තරමක ඉස්සන් ග්‍රෑම් 250

දැල්ලන් ග්‍රෑම් 250

බෙල්ලන් ග්‍රෑම් 250

සුදුලූනු බික් 4-5ක් පමණ

සැල්දිරි නටු කැබැල්ලක්

ලුණු රසට අනුව

ගම්මිරිස් රසට අනුව

ලොකු ලූනු ගෙඩියක්

සාදන ආකාරය

හොඳින් පිලී යන ලෙස මාළු සෝදා ගන්න. ඉස්සන්ගේ වලිගය ඉතිරි කර ‍පොතු ඉවත් කරගන්න. දැල්ලන් රවුමට කපා ගන්න. බෙල්ලන් මද ටිකද ඒ ලෙසම තබා ගන්න. දැන් සුදුලූනු තලා ගන්න. ලූනු ලොකුවට කපා ගන්න. සැල්දිරිද කුඩාවට කපා ගන්න. මාළුවලට ලුණු සහ දෙහි යුෂ දමා සීසන් වන්නට හරින්න. තෙල් ටිකක් දමා ගත් තැටියක් වැනි පෑන් එකක් ගෙන ළිප තබා රත් කරන්න. දැන් මාළු වර්ග සියල්ල දමා හොඳින් පිළිස්සී බැදෙන ලෙස තබන්න. තලාගත් සුදුලූනු, සැල්දිරි, ලූනු, ලුණු, ගම්මිරිස් දමා උණුවෙන්ම කෑමට ගන්න.

සීෆුඩ් මික්ස් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩා ඉස්සන් ග්‍රෑම් 200

දැල්ලන් ග්‍රෑම් 200

කටු ඉවත් කරගත්

බෙල්ලන් මද ග්‍රෑම් 200

ග්‍රීන්පීස් ග්‍රෑම් 100

ඔලිව්තෙල් මේස හැඳි 3

රතු පාට, කොළ පාට,

කහ පාට බෙල් පෙපර් ග්‍රෑම් 75

අඹරාගත් සුදුලූනු මේස   හැඳි 2

සිහින්ව කපාගත්

ලොකු ලූනු ග්‍රෑම් 50

බාස්මතී සහල් ග්‍රෑම් 500

ලුණු රසට අනුව

සාදන ආකාරය

ඉස්සන් ‍පොතු ගලවා ගන්න. දැල්ලන් රවුම් කපා ගන්න. මාළු වර්ග සියල්ල දෙහි යුෂ මිශ්‍ර වතුරෙන් සෝදා දිය බේරා ගන්න. සහල් ගරා සෝදා දිය බේරෙන්නට තබන්න. දැන් බත පිසින භාජනය ගෙන එයට ඔලිව් තෙල් ටික දමා රත් කරන්න. අඹරාගත් සුදුලූනු, ලූනු දමන්න. තෙම්පරාදු වී ගෙන එන විට මාළු වර්ග සියල්ල දමන්න. ලුණු එකතු කරන්න. යන්තමට තෙම්පරාදු වී ගෙන එනවිට සහල් ද දමා එහාට මෙහාට කූරුගාමින් තරමක් බැද ගන්න. ග්‍රීන්පීස් එකතු කරන්න. දැන් අවශ්‍ය තරමට වතුර තබා නටවා ගන්න. වතුර අඩුවීගෙන එනවිට ගින්දර හොඳටම අඩුකර ඉතා මදගින්දරේ පිසගන්න. උණුවෙන්ම කෑමට ගන්න.

උපදෙස් ප්‍රවීණ සූපවේදී විමල් නාගොඩවිතාන

සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jul 2018 04:55 AM






0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jul 2018 07:21 AM
හම්මේ අද කෑම ටිකේ රස.....
0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
17 Jul 2018 12:02 PM
කටට කෙලත් උනනවා කියවනකොට .......අම්මේ ......හ්ම් හ්ම්
0
You are not authorized to post a reply.
Page 62 of 77 << < 6061626364 > >>