Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 16 of 77 << < 1415161718 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 02 Apr 2017 07:35 PM 0 indika76Most Senior MemberPosts:10459 02 Apr 2017 07:52 PM කිරිබත් සහ කට්ට සම්බෝල දැක්කමට කටට කෙළ උණනවා... 0 samanthaMost Senior MemberPosts:13194 02 Apr 2017 10:45 PM මේවා දැක්කම ඉන්න බැහැ.. 0 malkiBasic MemberPosts:216 04 Apr 2017 02:37 AM chamara oyage recipe page eka nam excellent ......... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Apr 2017 04:24 AM 0 malkiBasic MemberPosts:216 04 Apr 2017 01:05 PM tnx .........................chamara 0 samanthaMost Senior MemberPosts:13194 04 Apr 2017 10:00 PM කිරිබත් වලට නම් මමත් ආසයි.. 0 chamaramindMost Senior MemberPosts:13471 05 Apr 2017 05:38 AM ජෙලි රේන්බෝ අවශ්‍ය ද්‍රව්‍ය ස්ටේරා්බෙරි රසැති ජෙලි පැකට් 1 යි අඹ රසැති රතු පාට ජෙලි පැකට් 1 යි දොඩම් රසැති කොළ පාට ජෙලි පැකට් 1 කිරි පැකට් 1 යි ජෙලටින් ග්‍රෑම් 20 වතුර මි.ලී. 1250 රසට අනුව සීනි වියළි මිදි ග්‍රෑම් 50 සාදන ආකාරය ජෙලි වර්ග උණු වතුරෙන් හොඳින් දියකර ජෙලටින් ද දමා වෙන වෙනම බඳුන් තුනකට දමා සෙට් කරගන්න. දැන් ඒවා කුඩා කොටුවලට කපා එක බඳුනකට දමන්න. එයට කිරි සහ ජෙලටින් ග්‍රෑම් 5ක් දියකර දමා මිශ්‍රකර නැවත ශීතකරණයේ දමා සෙට් කරගෙන පිළිගන්වන්න. 0 chamaramindMost Senior MemberPosts:13471 05 Apr 2017 05:42 AM පොල්-තල මිශ්‍ර පිටි අළුවා අවශ්‍ය ද්‍රව්‍ය හාල් පිටි කිලෝ ග්‍රෑම් 1 සීනි කිලෝ 1 1/2ක් මාදුරු ග්‍රෑම් 75 වැනිලා බිංදු 2-3ක් තල ඇට ග්‍රෑ. 100 හොඳින් වියළි පොල් බෑයක පමණ පොල් සාදන ආකාරය හාල් පිටි ටික හොඳින් හලාගන්න. දැන් ලොකු තාච්චුවක් හෝ කබලක් ළිප තබා රත්කර පිටි දමා රන්වන් පාට වනතුරු බැදගන්න. (දර ළිපක බදින්නේ නම් පිටි ටිකක් ගෙන ගින්දරට විසි කරන්න. නිල් පාටට දැල්ල විහිදේ නම් පදම නිවැරදිය) දැන් ගාගත් පොල් ටිකද තල ඇට ටිකද රන්වන් පාට වනතුරු කබලේ බැද පසෙකින් තබන්න. (දැන් පිටි ටිකක් අයින් කර පසෙකින් තබා ගන්න) මාදුරුද කබලේ බැද සිහින්ව කුඩුකර ගන්න. සීනි ටික ළිප තබා වතුර එකතු කර උණු කරන්න. මාදුරු, වැනිලා එකතු කරන්න. එය බිමට බා තද රස්නය ඉවත් වන තුරු පසෙකින් තබන්න. පිටි මිශ්‍රණයට පැණි ටික ටික එකතු කරමින් අනන්න. තල ඇට සහ බැදගත් පොල් රැල්ද දමන්න. අතේ නොඇලෙන පදමට මිශ්‍රණය සකසා ගන්න. තැටියකට ඉතිරි කරගත් පිටි ටිකක් ඉස ඒ මත අළුවා මිශ්‍රණය දමා තුනී කරගන්න. උඩින්ද පිටි ටිකක් ඉසින්න. අවශ්‍ය තරමේ කෑලි කපාගන්න. රස නහර පිනා යන දුන්තෙල් බත අවශ්‍ය ද්‍රව්‍ය සම්බා ග්‍රෑම් 500 කුඩාවට කපාගත් ලූනු ග්‍රෑම් 30 ලුණු රසට අනුව කරාබුනැටි 2 යි කරදමුංගු 2 යි රම්පේ කැබැල්ලක් කුරුඳුපොතු කැබැල්ලක් කරපිංචා කිනිත්තක් ගම්මිරිස් ඇට 5ක් පමණ බැදගත් කජු ග්‍රෑම් 25 බැදගත් සුල්තානා ග්‍රෑම් 25 සිහින් ගිනිකූරු ලෙස කපා බැදගත් අල ග්‍රෑම් 25 බැදගත් කරපිංචා කොල මේස හැඳි 1 දුන්තෙල් මේස හැඳි 2 සාදන ආකාරය සහල් ගරා සෝදා දිය බේරෙන්නට තබන්න. භාජනයක් ළිප තබා එයට දුන්තෙල් ටික දමා රත් කරන්න. දැන් රම්පේ කැබැල්ල සහ සිහින්ව කපාගත් ලූනු දමා රන්වන් පාට වන තුරු බැදගන්න. දැන් සෝදා ගත් සහල් ටික දමා කූරකින් එහාට මෙහාට කරමින් තරමක් බැදගන්න. දැන් අවශ්‍ය ප්‍රමාණයට වතුර සහ ලුණු එකතු කරන්න. කරදමුංගු, කරාබුනැටි, කරපිංචා, ගම්මිරිස් ඇට පිරිසිදු කුඩා රෙදි කඩක ඔතා ඒ පොට්ටනියද බතට බස්සවා හොඳින් ඇට මෘදු වන තුරු බත පිසගන්න. දැන් බත ළිපෙන් බා කූරුගා, තුනපහ පොට්ටනිය සහ රම්පේ කැබැල්ල ඉවත්කර ලොකු බඳුනකට බත දමා ගන්න. කැට ලිහාගන්න. දැන් බන්දේසියකට බත බෙදා බැදගත් අල සුල්තානා කජු සහ කරපිංචා උඩින් දමා සරසා මේසයට යවන්න. ග්‍රීන් ටොමැටෝ චට්නි අවශ්‍ය ද්‍රව්‍ය අමු තක්කාලි ග්‍රෑම් 500 සීනි ග්‍රෑම් 200 මිරිස් කුඩු මේස හැඳි 1 විනාකිරි අඬු කෝප්ප 1/4 විනාකිරෙන් අඹරාගත් අබ මේස හැඳි 1 සුදුලූනු බික් 4යි කුඩා ඉඟරු කැබැල්ලක් ලුණු රසට අනුව සාදන ආකාරය තක්කාලි ගෙඩි උණු වතුරට දමා ඉක්මනින් පිටතට ගෙන එහි පොත්ත ගසා ගන්න. දැන් තක්කාලි පෙති කපා බඳුනකට දමා එයට ලුණු කුඩු ඉස යන්තමට රත්කර ගන්න. දැන් විනාකිරි, අබ, මිරිස්, සීනි, සුදුලූනු, සීනි, ඉඟුරු සියල්ල එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. කලින් සකස්කරගත් තක්කාලි පෙති මතට මේ සාදාගත් සාරය වත්කරන්න. මද ගින්දරේ ඉස්ම හින්දා ගන්න. විවිධ ගුණයන්ගෙන් යුත් හත් මාලුව අවශ්‍ය ද්‍රව්‍ය කිරි කජු ග්‍රෑම් 100 වට්ටක්කා - කැරට් ග්‍රෑම් 100 අමු ඇඹුල් කෙසෙල් ගෙඩි 3 යි කොස් ඇට ග්‍රෑම් 100 වම්බටු ග්‍රෑම් 100 මෑ කරල් ග්‍රෑම් 100 අල ග්‍රෑම් 100 අමු තුනපහ කුඩු තේ හැඳි 2 කහ කුඩු තේ හැඳි 1 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ලුණු රසට අනුව දියකිරි අඬු කෝප්ප 4 මිටිකිරි අඬු කෝප්ප 2 කරපිංචා කිනිත්තක් සුදුලූනු බික් 6 තෙල් මේස හැඳි 2 රතුලූනු ගෙඩි කීපයක් අමුමිරිස් කරල් 2-3ක් සාදන ආකාරය අමු කජු සෝදා කුඩාවට කපා ගන්න. වියළි කජු නම් පැය කීපයක් පොඟවා තම්බා ගත යුතුය. කොස් ඇට තලා සුද්ද කර ගන්න. දැන් කෙසෙල් ගෙඩි පොතු හැර සෝදා කුඩාවට කපා ගන්න. දැන් බඳුනක් ගෙන එයට කජු, කොස් ඇට, අල, කෙසෙල් දමා එයට තුනපහ එකතු කර, ලුණු ද දමා දියකිරි දමා ළිප තබන්න. ඒවා අඩක් තැම්බිගෙන එනවිට කුඩාවට කපාගත් වම්බටු, මෑ කරල්, දමන්න. ඒවාද තැම්බි ගෙන එන විට සුඹුල හැර සුද්ද කරගත් වට්ටක්කා, කැරට් කුඩාවට කපා එකතු කරන්න. දැන් මිටිකිරි ටික දමා කලවම් කරගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට ලූනු, සුදුලූනු කරපිංචා දමා බැද තෙම්පරාදු කරගෙන මේසයට යවන්න. අවුරුදු සලාදය අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් ඉදුනු කජු පුහුලන් ගෙඩි 5 කාමරංගා ගෙඩි 4 යි ඉදුනු අඹ ගෙඩි 1 යි අන්නාසි ගෙඩියකින් 1/2ක් ඇඹරැල්ලා ගෙඩි 3ක් සීනි තේ හැඳි 3 ගම්මිරිස් තේ හැඳි 1/2 ලුණු රසට අනුව වියළි මිදි ග්‍රෑම් 50 රෝස්ට් කරගත් කජු මද ග්‍රෑම් 50 සාදන ආකාරය පුහුලන් සෝදා කුඩාවට කපා ලුණු වතුරේ දමා දිය බේරාගන්න. අනෙකුත් සියලුම පලතුරු වර්ගද එකම තරමේ කැට ලෙස කපා ගන්න. දැන් මේ සියල්ල එකතු කොට එයට ලුණු, ගම්මිරිස්, සීනි, දෙහි යුෂ දමා කලවම් කර ගන්න. දැන් දීසියකට දමා උඩින් කුඩාවට කපාගත් කජු සහ වියළි මිදි වලින් සරසා මේසයට යවන්න. 0 chamaramindMost Senior MemberPosts:13471 05 Apr 2017 05:53 AM 0 chamaramindMost Senior MemberPosts:13471 05 Apr 2017 07:00 AM කොණ්ඩ කැවුම් අවශ්‍ය දේවල් සුදු කැකුළු හාල් පිටි කිලෝ 1 පොල්තෙල් බෝතල 1 පොල් පැණි කෝප්ප 3 සීනි මේස හැඳි 2 පාන්පිටි මේස හැඳි 1 ලුණු කුඩු තේ හැඳි 1 සාදන ක්‍රමය හාල් පිටි භාජනයකට දමා පැණි හා සීනි දමා ලුණු ස්වල්පයක් ද යොදා අතින් අනාගන්න. හොඳින් ඇනුණු පසු උණුවතුර ස්වල්පයක් පාන්පිටි ද දමා හඬකින් හැඳිගාමින්පිටි පදමට සකස් කරගන්න. තාච්චිය ලිප තබා තෙල් නටන විට මේස හැන්දකින් එකක් පමණ පිටි තාච්චියට සීරුවේ වත්කරන්න. ඉන්පසු ඉරටුවකින් හෝ කූරටියකින් හෝ කැවුමේ කොණ්ඩය මුදුන් කරන්න. එක් අතකින් තෙල් හැන්දෙන් කැවුම් මතුයෙහි තෙල් ඉසිමින් අනෙක් අතින් ගත කූරටිය හෝ ඉරටුව කැවුම මැද තබා කරකවන්න. පුරුදු වූ පසු හොඳින් කොණ්ඩ කැවුම් පිසගත හැකිය. පොල් පැණි වෙනුවට කිතුල් පැණි හෝ උණු කොට ගත සීනි හෝ යොදා ගත හැකිය. මුං කැවුම් අවශ්‍ය දේවල් මුං ඇට ග්‍රෑම් 500 කැකුළු හාල් කිලෝ 2 පොල් ගෙඩි 2 පොල් පැණි බෝතල් 1 පොල්තෙල් බෝතල් 2 කහ කුඩු තේ හැඳි 1/2 ලුණු කුඩු තේ හැඳි 1 සාදන ක්‍රමය මුං ඇට කබලේ බැද, කොටා පිටි සාදා ගන්න. හාල් කොටා පිටි හළා පසෙකින් තබන්න. පැණි තාච්චියට දමා ලිප තබා ඉටි වේගෙන එන විට ලිපෙන් ඉවතට ගෙන මුං පිටි සියල්ලම දමා හැඳි ගාන්න. අවශ්‍ය පමණකට හාල් පිටි එක්කර ගෙන ලිප තබා මඳ ගින්නේ තම්බාගන්න. (අතේ නාල්ලන තරමට පිටි තම්බා ගත යුතුයි.) බන්දේසි ලෑල්ලකට දින ලද පිටි ඉස තැම්බූ මුං පිටි දමා ගසා බන්දේසි ලෑල්ල උඩ තබා බෝතලයකින් හෝ රෝලරයකින් තුනී කොට තමාට අවශ්‍ය හැඩයකට කෑලි කපා ගන්න පොල් මිරිකා කිරි කෝප්ප තුනක් පමණ ගන්න. හාල් පිටි කෝප්ප එකක් කබලේ බැද ගන්න. ඉතිරි පිටි බඳුනකට දමා කිරි ස්වල්පය බැගින් එක්කරමින් අත් ගසාගෙන කහ ස්වල්පයක් හා ලුණු ස්වල්පයක් එකතු කරන්න. මේ පිටි මිශ්‍රණය සුදු ආප්ප පිටිවලට වඩා උකු පදමට සාදා ගත යුතුයි. ඉන්පසු පැතලි තාච්චියකට තෙල් බෝතල් බාගයක් පමණ දමා ලිප තබා තෙල් නටන විට සුදු පිටි කෝප්පයකට ගෙන, මුං පිටි කැබලිවල දෙපැත්තේ ම සුදු පිටි තවර තවරා තාච්චියේ දමා බැදගන්න. බම්බි කැවුම් අවශ්‍ය දේවල් කැකුළු හාල් පිටි ග්‍රෑම් 250 මුං ඇට ග්‍රෑම් 125 පොල්තෙල් බෝතල් 1 පොල්ගෙඩි එකක පැණි පොල් පොල් කිරි කෝප්ප 2 කහකුදු තේ හැඳි 1/2 ලුණු කුඩු තේ හැඳි 1 සාදන ක්‍රමය මුං ඇට කබලෙන් බැද වංගෙඩියේ දමා තරමක් කොටා කැබලි කඩාගත යුතුයි. හාල් කොටා හළා පැත්තකින් තබන්න. පිටිවලින් අඩක් කබලේ බැදගන්න. බදින ලද හාල් පිටි ද පැණි පොල් ද ලුණු ස්වල්පයක් ද කුඩු කළ මුං ඇට ද එකට දමා හොඳ හැටි අනාගන්න. එය ලොකු දොඹ ගෙඩි පමණට ගුලි කරගන්න. පොල් මිරිකා කිරි කෝප්ප 2ක් පමණ ගන්න. ඉතිරි කර තැබූ අනෙක් පිටි ප්‍රමාණය ගෙන, භාජනයකට දමා පොල් කිරි ස්වල්පය බැගින් දමා අත්ගසා ගෙන කහ සහ ලුණු එකතු කරන්න. තෙල් තාච්චිය ලිප තබා තෙල් නටන විට ඉන් ගුළිය බැගින් ගෙන සුදු පිටියෙහි ඔබා තෙලට දමා රන්වන් පැහැය වනතුරු බැදගන්න. 0 chamaramindMost Senior MemberPosts:13471 06 Apr 2017 06:35 AM කිරිබත් අවශ්‍ය දේ : සෝදා ගරා ගත් හාල් කප් 4 උකු පොල් කිරි කප් 4 ලුණු තේ හැඳි 2 අතේ මැද ඇඟිල්ලේ දෙවෙනි පුරුක ළඟට එනකම් වතුර තියලා මුලින්ම සුදු කැකුළු බත උයාගන්න. වතුර ගානට තියාගන්න. බත බෙරි කරගන්න එපා. එහෙම වුනොත් කිරිබතට දිය රහක් එනව කොච්චර කිරි දැම්මත්. ලුණු ටික පොල් කිරි ටිකට හොඳින් දියකරගන්න. බත ඉදුණට පස්සෙ ලී හැන්දක මිට පැත්තෙන් බත කූරු ගාලා ලුණු මිශ්‍ර කරගත්ත කිරි ටික දාලා නැවත කූරු ගාගෙන කිරි ටික හිඳෙනකම් බත උයාගන්න. ලිපේ බත් උයනවනම් ගින්දර මධ්‍යම ප්‍රමාණෙන් තියාගන්න. රයිස් කුකර් එකේ හදනවනම් කිරි එක් කරන්න කලින් කුකර් එක කුක් මෝඩ් එකෙන් වොර්ම් මෝඩ් එකට වැටුණම කිරි දාලා නැවත කුක් මෝඩ් එකට දාන්න. එක එක බ්‍රෑන්ඩ් වල ලුණු වල රස වෙනස් වෙන හන්දා හදිසියේවත් ලුනු වැඩි වුනොත් තව පොල් කිරි ටිකක් එක් කරගන්න. ඉඹුල් කිරිබත් පැණි පොල් මැදට දාලා කෝම්පිට්ටුව වගේ හදන ඉඹුල් කිරිබත් හරිම රසවත් කෑමක්. මෙහෙමයි හදන්නෙ. අවශ්‍ය දේ : පැණි පොල් ගාගත් පොල් කප් 2 සීනි 100g කරඳමුංගු ඇට තුනක් වතුර 100ml සීනි තේ හැඳි 4ක් විතර උණු වෙන්න තබා රන්වන් පාට වීගෙන එන විට, වතුර එක් කර මිශ්‍රකරගෙන ඉතිරි වතුර ටික එක් කර පැණි පදමට සාදාගන්න. එයටම පොල් ටික, ලුණු චුට්ටක් සහ කරඳමුංගු එක් කර පොල් ටික මැලවෙන තුරු ලිපේ තියාගන්න. කලින් කිව්ව විදියට කිරි බත් ටික උයාගෙන චුට්ටක් නිවෙන්න අරින්න. ලන්ච් ශීට් එකක් ගෙන එයට කිරිබත් පොල් කටු හැන්දකින් හැන්දක් දමා තුනී කර සාදාගත් පැණිපොල් ටිකක් මැදට තබා ලන්ච් ශීට් එකේ දෙපැත්තෙන් ඔතාගන්න කිරි බත් බෝලයක් වගේ හැදෙන්න. එහෙමත් නැත්නම් කප් එකක් ගෙන එහි යටට කිරි බත් ටිකක් දමා තද කරන්න. එයට උඩින් පැණිපොල් දමා තද කර නැවත කිරිබත් ටිකක් දමාගන්න. පෙර පරිදිම හොඳින් තද කර අනිත් පැත්ත හරවා ගන්න. පොංගල් බත් තෛපොංගල් දවසට දමිල ගෙවල් වලින් ලැබෙන එහෙමත් නැත්නම් දේවාල පූජාවට ගියාම ලැබෙන මුරුතැන් බතට අපි කවුරුත් ආසයි. මේ පොංගල් බත හදන සාම්ප්‍රදායික ක්‍රමය නෙවෙයි, ඒත් පහසුවෙන් හදාගන්න විදියයි. අවශ්‍ය දේ : සුදු කැකුළු හාල් කප් 3 මුංඇට කප් 1 1\2 (පැය 4ක් පොඟවාගත්) උකු පොල් කිරි කප් 5 කජු ටිකක් වියළි මිදි ටිකක් ගාගත් හකුරු කප් 1 1\2 ගී මේස හැඳි 3 කරඳමුංගු කරල් 3-4ක් සාදික්කා කුඩු චුට්ටක් ලුණු මුලින්ම මුංඇට ටික තම්බා ගන්න. පෙර පරිදිම සුදු කැකුළු බතද උයාගන්න. මුංඇට සහ බත් එකට මිශ්‍ර කර එයට අනෙක් සියළු ද්‍රව්‍ය එක් කර හොඳින් මිශ්‍ර කර මද ගින්නේ කිරි හිඳෙන තුරු පිසගන්න. මුං කිරි බත් කිරි බත් කොහොමත් ටිකක් සීතල කෑමක්. ඉතින් මේ කිරි බතට මුං ඇට එකතු කලාම තවත් සිසිල් ගුණය වැඩියි. සෙම් රෝග තියෙන අයට සුදුසු නැති වුනත් මේ රස්නෙ කාලෙට උදේකට කන්න කියාපුම කෑමක් තමයි මේ. අවශ්‍ය දේ : සුදු කැකුළු හාල් කප් 3 රැයක් පොඟවාගත් මුං ඇට කප් 1 1\2 උකු පොල් කිරි කප් 4 1\2 ලුණු සෝදා ගරාගත් හාල් සහ මුං ඇට ටික එකට එක් කර හොඳින් උයාගන්න. එයට ලුණු එක් කරගත් පොල් කිරි මිශ්‍ර කර කිරි හිඳෙන තුරු උයාගන්න. රෑට මුං ඇට ටික පෙඟෙන්න දාන්න අමතක වුනා නම් මුං ඇට ටික වෙනම තම්බාගෙන උයාගත් බතට එක් කරගෙන මුං කිරි බත හදාගන්නත් පුළුවන්. ලබු කිරිබත් ලබු කිරිබත් කියන්නෙ ඇඟ සිසිල් කරවන ඉතාම ගුණ කෑමක්. විශේෂයෙන් ඌෂ්ණ සිරුරක් ඇති අයට වඩාත් සුදුසු ආහාරයක්. දැන් කාලෙ ගොඩක් අය හදන්න දන්නෙ නැති ලබු කිරි බත හදන්නේ මෙහෙමයි. අවශ්‍ය දේ : සුදු කැකුළු හාල් කප් 4 පොත්ත හැර ඇට ඉවත් කර කුඩා කොටු කපාගත් ලබු කප් 2ක් උකු පොල් කිරි කප් 4 ලුණු රම්පේ පොඩි කෑල්ලක් බත බාගෙට තැම්බීගෙන එන විට කපාගත් ලබු ටිකද එක් කර බත උයාගන්න. එයට ලුණු මිශ්‍ර කිරිද රම්පේ කැබැල්ලද දමා කිරි හිඳෙන තුරු බත උයාගන්න. (මේ සඳහ හුඟක්ම උකු පොල් කිරි ගන්න තරමට බතට රස හදා ගන්න පුළුවන්. මොකද ලබු වල ඇති දිය ගතිය නිසා කිරි රස අඩු වෙන්න පුළුවන්) 0 chamaramindMost Senior MemberPosts:13471 07 Apr 2017 07:09 PM 0 chamaramindMost Senior MemberPosts:13471 07 Apr 2017 07:12 PM 0 indika76Most Senior MemberPosts:10459 07 Apr 2017 08:41 PM එක එක වර්ගයේ කිරිබත්.. රහද මන්දා.. කිරිබත නම් කිරි රහට තියෙන්න ඕන.. 0 isurusamSuper Senior MemberPosts:7342 07 Apr 2017 08:53 PM එක එක වර්ගයේ කිරිබත් ..........නියමෙට ඇති . 0 maduranga001Most Senior MemberPosts:14123 08 Apr 2017 01:51 AM ඉඹුල් කිරිබත් විතරයි මම නම් විශේෂ කිරිබත් වලින් ඔතනින් කාල තියෙන්නෙ. අවුරුදු දවසට නම් දන්නා කියන කිරිබතම තමයි කන්න ඕන. අනෙක්ව වෙන දවසකට ට්‍රයි කරන්න කියල. නැත්නම් ඉතින් එදාට වැඩේ හබක් උනොත් බද ගින්නෙනේ ඉන්න වෙන්නෙ. චාමර කුක් කා ටත් ස්තූතියි එහෙනම් මේ අලුත් රෙසිපි ටිකට. 0 chamaramindMost Senior MemberPosts:13471 09 Apr 2017 07:19 PM 0 chamaramindMost Senior MemberPosts:13471 09 Apr 2017 07:21 PM 0 chamaramindMost Senior MemberPosts:13471 09 Apr 2017 07:22 PM 0 You are not authorized to post a reply. Page 16 of 77 << < 1415161718 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes