Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari Jayasekara කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 15 of 77 << < 1314151617 > >> Author Messages Samantha AbayasekaraMost Senior MemberPosts:13196 21 Mar 2017 10:08 PM අර හාල්මැස්සන් ඉස්ම හිඳෙන්න හදලා කාලා තියෙනවා.. කියලා තියෙන පරිදි කෙහෙල් කොලේ ඔතල ගත්තම තියෙන්නේ පුදුම රසක්.. 0 nilshani de silvaBasic MemberPosts:216 22 Mar 2017 03:07 AM Chamarage recipe nam niyamai.....onna mamath oyage කුකුළු මස් ඇඹුල්තියල් recipe eka save kara gatta......tnx chamara 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 22 Mar 2017 10:41 AM අගනා කෑම වට්ටෝරු කිහිපයක්ම තියෙන්නේ, වේලාවක හදන් කන්නට ඕන. තනිමංකඩ ඉන්න මට නම් ගොඩක් වැදගත් ඕවා, ස්තුති චාමර ඔබට 0 chamara duleepMost Senior MemberPosts:13471 26 Mar 2017 05:35 PM 0 chamara duleepMost Senior MemberPosts:13471 26 Mar 2017 05:37 PM 0 chamara duleepMost Senior MemberPosts:13471 26 Mar 2017 05:39 PM 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Mar 2017 10:20 PM අච්චාරු ටික නම් මරු.. මේවා මතක් වෙනකොට නම් ඉන්න බැහැ.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 27 Mar 2017 07:49 AM ඇයි ඒ විතරක්ද සැන්ඩ්විච් තොගයකුත් තියෙන්නේ. එක එක විදියට හදපුවා. 0 chamara duleepMost Senior MemberPosts:13471 28 Mar 2017 05:43 AM හෙළ සූපවේදයේ රස රහස් රැගත් අවුරුදු කැවිලි ලිව්වේ ප්‍රසන්නි ගී තරංගමා කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නට ආසිරි රැගත් අලුත් අවුරුද්දක් අත ළඟය. ඒ සමඟින්ම අලුත් අවුරුද්දේ සතුට පවුලට කැඳවාලීමේ වගකීමක් ඔබ අභිමුවේ තිබේ. ‘අලුත් අවුරුදු කෑම මේසය’ සැබැවින්ම මේ යුතුකම කාගේත් පැසසුම් මැදින් ඉටුකරන්නට අපි ඔබට දිරි දෙමු. ඒ අවුරුදු කෑම මේසය සඳහා බැඳුණු හෙළ සූපවේදයේ රස රහස රැගත් අවුරුදු කැවිලි අතිරේකය මෙලෙස ඔබේ දෝතට තිළිණ කරමිනි. ඔබේම දෑතින් සෑදුණු රසකැවිල්ලෙන් මෙවර අවුරුදු මේසය පිරේවා! තරුණී පැතුමයි. අලුත් අවුරුදු කැවිලි මේසය වෙනුවෙන් පාරම්පරික සූපවේදී දැනුම ඔබට තිළිණ කරන ඈ සුජාතා ජයරත්න මහත්මියයි. කැවිලි සාදා ගැනීමේදී වැඩිදුරටත් දැනුවත්වීම් අවැසි නම් ඇගේ දුරකථනය 0773760101. අග්ගලා උණු උණු පැණි අග්ගලයක් එක්ක කහට කෝප්පයක්...! අලුත් අවුරුද්දේ ගෙදරට එන අමුත්තන් මේ අපූරු සංග්‍රහයට ‘එපා’ නොකියාවි. ඉක්මනින්ම සකසා ගත හැකි රසකැවිල්ලක් නිසා නෑදෑ හිතවතුන්ට උණු උණුවේම අග්ගලා හදා පිළිගන්වන්න ඔබට පුළුවනි. අවශ්‍ය දෑ: තම්බපු හාල් කිලෝ 1/2 ක් සීනි ග්‍රෑම් 100 ක් පැණි බෝතල් 1/4 ක් ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක් ලුණු ස්වල්පයක් කරදමුංගු කුඩු ස්වල්පයක් සාදන ආකාරය: තම්බපු හාල් රන්වන්පාටට පුපුරන තුරු කබලේ බැද පිටි අඹරා හලාගන්න. පැණි හා සීනි ළිප තබා උණුකරන්න. පත් පැණි වීමට පෙර එයට ගම්මිරිස් කුඩු - ලුණු හා කරදමුංගු කුඩු ස්වල්පය එකතු කර ළිපෙන් බාගන්න. එයට ගුළි සකසා ගත හැකි තරමට පිටි ටික ටික එකතුකර මිශ්‍ර කරන්න. දැන් මේ මිශ්‍රණයෙන් දෙහි ගෙඩි තරමට අග්ගලා ගුළිකර ගන්න. දැන් පැණි අග්ගලා බැදගත් හාල්වලින් කොටාගත් පිටි ටිකක දවටන්න. මේ අවුරුදු කාලයේ අවශ්‍ය විටදී අග්ගලා හදන්න කල් තබාම අග්ගලා පිටි ටිකක් සකසා සුළං නොවදින පරිදි අසුරා තබාගන්න. අවුරුදු කිරිබත රසබර කැවිලි පිරවරා හිඳින කිරිබත අලුත් අවුරුදු මේසයේ අග රැජන වැනියි. අවුරුදු කිරිබත කටට රසට හදාගන්න රස රහසයි මේ. අවශ්‍ය දෑ: සුදු කුකුළු හාල් සේරු 1 යි වියළි පොල් ගෙඩියක කිරි ලුණු කැට මිටක් සීනි මේස හැන්දක් රම්පා කොළයක් වතුර කෝප්ප 3 ක් පමණ සාදාගන්නා ආකාරය: හාල් සෝදා ගරා ගල් වැලි ඉවත්කර ඉඩ ඇති මුට්ටියකට දමන්න. ලුණු, රම්පා කොළයක් හා අතැඟිලි මැදට වතුර එකතු කරන්න. ඊළඟට එය ළිප තබා ගින්දර පාලනය කරමින් ඉදවා ගත යුතුයි. බතේ ඇට හොඳින් ඉදී ඇතිදැයි හැඳි මිටකින් කූරු ගා බලන්න. බත් ඇට හොඳින් ඉදී ඇති නම් පොල්කිරි හා සීනි මේස හැන්දක් එකතුකර පත්තකින් මිශ්‍ර කරන්න. අඩු ගින්දරේ කිරිබත ඉදවන්න. කැට කපා ගැනීමට කිරි බතේ දියාරු ස්වභාවය අඩු විය යුතුයි. දැන් සකසා ගත් කිරිබත කෙසෙල් කොළ ඇතිරූ වට්ටියක් හෝ බන්දේසියක් මතට දමා පොල් කිරි ඉසිමින් කෙසෙල් කොළයකින් තුනී කරගන්න. මෙහිදී රෝලිං පින් එකක් භාවිත කරන්නේ නම් හොඳ නිමාවක් ලැබේවි. තුනී කරගත් කිරිබත මඳක් නිවුණු පසු කැමැති හැඩයකට එක සමාන ප්‍රමාණයෙන් කපාගන්න. මුං කැවුම් කර කර ගා රසට හැපෙන මුං කැවුමක් අලුත් අවුරුදු මේසයේ අනිවාර්යය සංකේතයක් වගෙයි. රසයෙන් වගේම පෝෂණයෙන් අනූන මුං කැවුම් නිසි ප්‍රමිතියට හදා ගත්තෝතින් කල් තබා ගන්නත් පුළුවනි. පිරවුමට අවශ්‍ය දෑ: හාල් ග්‍රෑම් 500 ක පිටි මුං ඇට ග්‍රෑම් 500 ක් සීනි ග්‍රෑම් 450 ක් වතුර කෝප්ප 1/2 ක් ලුණු ස්වල්පයක් කරදමුංගු කුඩු ටිකක් බැදීමට තෙල් බැටර් එකට අවශ්‍ය දෑ: හාල් පිටි ග්‍රෑම් 100 ක් පාන් පිටි ග්‍රෑම් 100 ක් ලුණු ස්වල්පයක් කහ කුඩු ස්වල්පයක් පොල් බෑයක කිරි සාදාගන්නා ආකාරය: පළමුව මුං ඇට සෝදා වේළා කබලේ බැද කොටා පිටි හලා ගන්න. හාල් පිටි ටිකත් රන්වන් පැහැය වනතුරු කබලේ බැදගන්න. දැන් සීනි ටිකක් ද ළිප තබා කර කර එයට වතුර කෝප්ප භාගයක් දමා දියකර ගන්න. දැන් එයට ඉතිරි සීනි එකතු කරන්න. මේ පැණි ටික පත් පැණි ප්‍රමාණයට උණුකර ගත යුතුයි. ඉන්පසු එයට හාල් පිටි, මුං ඇට පිටි සහ මුං කප්පි ස්වල්පයක්, ලුණු ස්වල්පයක් සහ කරදමුංගු කුඩු ටිකක් එක්කර කලවම් කරන්න. මෙය හැඳිගාමින් හොඳින් තම්බා ගත යුතුයි. පිටි ටික එකතු වී අතේ නොඇලෙන පදමට ආ විට තම්බාගත් පිටි මිශ්‍රණය වෙනත් බඳුනකට ඉවත් කරන්න. මෙහිදී පිටි මිශ්‍රණය තද ගතියකට පත් වී ඇත්නම් පිටි මිශ්‍රණය සාදාගත් බඳුනට වතුර ටිකක් දමා එහි ඉතිරිය දියකර ළිප තබා උණු කරගන්න. එලෙස සකසා ගත් කැඳ පිටි මිශ්‍රණයට එක්කර හොඳින් අත් ගසන්න. දැන් ලෑලල්ක් මත බැදපු පිටි ස්වල්පයක් තුනීකර ඒ මත පිටි මිශ්‍රණය අතුරා රෝලිං පින් එකකින් තුනී කරගන්න. ඉන්පසු පිටි මිශ්‍රණය කැබලිවලට කපන්න. ඊළඟට ඔබ කළ යුත්තේ බැටරය සකසා ගැනීමයි. ඒ සඳහා හාල් පිටි, පාන් පිටි, ලුණු සහ කහ කුඩු පොල් කිරෙන් ඝනකම් දියරයක් ලෙස අනාගන්න. දැන් සාදාගත් මුං කැවුමේ මැද කොටස බැටරයේ ගිල්වා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 28 Mar 2017 07:32 AM අපි ගිය පාරත් අවුරුදු කෑම තොගයක හදන විදිය දැම්මා නේද .....ඔන්න මේ පාර චාමර මල්ලි ගානෙ. 0 chamara duleepMost Senior MemberPosts:13471 28 Mar 2017 06:46 PM 0 chamara duleepMost Senior MemberPosts:13471 28 Mar 2017 06:49 PM පැණි කිරිබත බාල, තරුණ වැඩිහිටි සියලු දෙනා ප්‍රියකරන ප්‍රණීත රසයෙන් යුතු කිරිබතකි. අවශ්‍ය ද්‍රව්‍ය : කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1 තල ඇට ග්‍රෑම් 250 සීනි ග්‍රෑම් 150 කරදමුංගු ඇට කීපයක් කරාබු නැටි දෙක තුනක් මුංඇට ග්‍රෑම් 250 රුලං ග්‍රෑම් 250 වියළි මිදි ග්‍රෑම් 250 රටඉඳි ග්‍රෑම් 200 පොල්ගෙඩි දෙකක් කිතුල් හකුරු ග්‍රෑම් 250 කජුමද ග්‍රෑම් 250 පොල්පැණි අඬු කෝප්ප 1/2 ලුණු රසට අනුව සාදන ආකාරය : මුංඇට ගරා සෝදා පෙගෙන්නට හරින්න. දැන් සහල්වලට මිශ්‍රකර තැම්බිමට ප්‍රමාණවත් ලෙස වතුර තබා තැම්බෙන්නට හරින්න. මුංඇට තැම්බිගෙන එන විට පිරිසිදු කර සෝදා ගත් තල ඇට රුලං එකතු කරන්න. දැන් කරදමුංගු කරාබු නැටි තලා දමන්න. හකුරු සිහින්ව ලියා ගෙන උකුවට මිරිකාගත් පොල්කිරිවලට මිශ්‍ර කරන්න. දැන් එයටම ලුණු, සීනි දමා කලවම් කරගන්න. බත හොඳින් මෘදු වී ගෙන එන විට පොල්කිරි, පැණි සිහින්ව කපාගත් කජු, රටඉඳි වියළි මිදි දමා කලවම් කරන්න. මදගින්දරේ මිශ්‍ර කරමින් අත ගා ගන්න. කෙසෙල් කොළයක් මත වඩා කැමති හැඩයට කෑලි කපා ගන්න. 0 chamara duleepMost Senior MemberPosts:13471 28 Mar 2017 06:51 PM තායි ජාතිකයනගේ ෆ්‍රයිඩ් රසිස් එකක් තායි චිලි ෆ්‍රයිඩ් රයිස් අවශ්‍ය ද්‍රව්‍ය බාස්මතී සහලින් පිසගත් බත් ග්‍රෑම් 200 සිහින්ව කපාගත් ගෝවා ග්‍රෑම් 25 සිහින්ව කපාගත් නිවිති ග්‍රෑම් 25 සේර ග්‍රෑම් 5 අමුමිරිස් කරල් 3 යි මාළු සෝස් තේ හැඳි 3 බිත්තර 1 යි එළවළු තෙල් තේ හැඳි 3 කුඩාවට කොටු කපාගත් කුකුල් මස් ග්‍රෑම් 50 කුඩාවට කපාගත් ඉස්සන් ග්‍රෑම් 50 ලූනු කොළ ග්‍රෑම් 50 චිලි ඔයිල් තේ හැඳි 2 ලුණු රසට අනුව, තෙල් අවශ්‍ය තරමට සාදන ආකාරය කුකුල් මස් කැබැලි සහ ඉස්සන් රත්වූ ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද ගන්න. සේර සිහින්ව කපා ගන්න. දැන් බඳුනකට තෙල් ටිකක් දමා ළිප තබන්න. එය රත්වූ පසු ගෝවා, නිවිති එකතු කර විනාඩියක් පමණ පිසගන්න. දැන් බිත්තරය කඩා දමා කූරු ගාන්න. දැන් සේර සිහින්ව කපාගත් අමුමිරිස් ද එකතු කරන්න. පිසගත් බත් වලට මාළු සෝස්, ලුණු එකතු කර විනාඩි කීපයක් කලවම් කරමින් පිසගන්න. දැන් චිලී ඔයිල් බැදගත් මස්, ඉස්සන්, කපාගත් ලූනු කොළ එකතු කර හොඳින් මිශ්‍ර කර උණුවෙන්ම පිළිගන්වන. 0 chamara duleepMost Senior MemberPosts:13471 28 Mar 2017 06:52 PM විවිධ රසයෙන් යුතු තායි කෑමක් ස්පයිසි පීනට් චිකන් අවශ්‍ය ද්‍රව්‍ය කුඩා කොටු කපාගත් කුකුල්මස් ග්‍රෑම් 200 කොටු කපාගත් ගර්කින් ග්‍රෑම් 15 කොටු කපාගත් ලොකුලූනු ග්‍රෑම් 15 කොටු කපාගත් බෙල්පෙපර් ග්‍රෑම් 15 කොටු කපාගත් තක්කාලි ග්‍රෑම් 15 රටකජු ග්‍රෑම් 15 පීනට් බටර් ග්‍රෑම් 75 තක්කාලි සෝස් තේ හැඳි 3 චොප් කරගත් ඉඟුරු තේ හැඳි 1 චොප් කරගත් සුදුලූනු තේ හැඳි 1 ස්ටොක් වතුර අඬු කෝප්ප 1 චිලි පේස්ට් තේ හැඳි 1 සීනි තේ හැඳි 1 එළවළු තෙල් අවශ්‍ය තරමට ලුණු රසට අනුව සාදන ආකාරය කුකුල් මස් සෝදා කෑලි කපා රත්වූ ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න. දැන් බඳුනක් ළිප තබා එයට තෙල් මේස හැඳි 2ක් පමණ දමා රත්කරන්න. ඉඟුරු, සුදුලූනු එකතු කර බැදෙන්නට හරින්න. දැන් එයට ස්ටොක් වතුර එකතු කරන්න. ටික වේලාවක් පිස ගන්න. මෙයට තක්කාලි සෝස්, චිලි පේස්ට්, රටකජු, සීනි, රටකජු පේස්ට්, ලුණු එකතු කරන්න. දැන් බැදගත් කුකුල් මස් කැබැලි දමා කලවම් කරගන්න. ගර්කින්, තක්කාලි ලොකුලූනු, බෙල්පෙපර්ද මෙයට දමා හොඳින් කලවම් කර උණුවෙන්ම කෑමට ගන්න. සිනමන් බනානා අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් ඉදුනු නමුත් බෙරි නොවූ ඇඹුල් කෙසෙල් ගෙඩි 10ක් පමණ දෙහි ගෙඩියක යුෂ අයිසින් සීනි රසට අනුව කුරුඳු කුඩු ස්වල්පයක් කරදමුංගු කුඩු ටිකක් වතුර අඬු කෝප්ප 1/2 පමණ සාදන ආකාරය කෙසෙල් ගෙඩි ලෙලි ගලවා බඳුනකට දමන්න. එයට දෙහි යුෂ දමා දෙහි යුෂ කෙසෙල්වලට හොඳින් කාවැදෙන ආකාරයට ගෑරුප්පුවකින් සිදුරු කරන්න. දැන් අයිසින් සීනි බඳුනකට දමා මේ කෙසෙල් ගෙඩි පෙරලමින් හොඳින් සීනි තවරා ගන්න. ඒ මතට හොඳින් කුළුබඩු කුඩු ද ඉසින්න. ඉන්පසු ළිප තැබිය හැකි බඳුනකට අඩුක් කර වතුර ඉතා ස්වල්පයක් දමා මදගින්දරේ පිසගන්න. උණුසුම තිබියදීම කෑමට ගන්න. නැතිනම් හොඳින්ම ශීතකර ආහාරයට ගන්න. නෙළුම් අල අච්චාරුවක් සාදා ගන්නා අයුරු අවශ්‍ය ද්‍රව්‍ය නෙළුම් අල ග්‍රෑම් 500 රතුලූනු ග්‍රෑම් 200 වෙන් නොවන සේ දෙකට පලාගත් අමුමිරිස් කරල් 7යි අබ තේ හැඳි 2 යි පදමට ලුණු පදමට ගම්මිරිස් සීනි තේ හැඳි 1/2 සාදන ආකාරය නෙලුම් අල පෙති කපා හොඳින් මඩ ඉවත්වන ලෙස සෝදා කහ කුඩු සහ ලුණු ටිකක් දමා බාගෙට තම්බා ගන්න. අබ ටික විනාකිරෙන් අඹරාගන්න. දැන් මැටි වළඳක් ළිප තබා එයට විනාකිරි එකතු කර රත්කරන්න. දැන් ලූනු සහ අමුමිරිස් දමා යන්තමට තම්බා ගන්න. දැන් එයටම අඹරාගත් අබ, ලුණු, ගම්මිරිස්, සීනි සහ තම්බාගත් නෙළුම් අලද දමා හොඳින් මිශ්‍රකර දවසකට පමණ පසු කෑමට ගන්න. 0 chamara duleepMost Senior MemberPosts:13471 28 Mar 2017 06:54 PM කටට රසට බාබකිව් සෝස් සාදා ගන්නා අයුරු අවශ්‍ය ද්‍රව්‍ය අන්නාසි ග්‍රෑම් 250 ලූනු ග්‍රෑම් 25 ඉඟුරු ග්‍රෑම් 15 කජු මද ග්‍රෑම් 50 සුදුලූනු ග්‍රෑම් 10 අඹ චට්නි ග්‍රෑම් 50 හකුරු ග්‍රෑම් 50 තක්කාලි සෝස් මිලි ලීටර් 200 කෑලි මිරිස් ග්‍රෑම් 20 කෝන් ඔයිල් මිලි ලීටර් 50 ලුණු රසට අනුව සාදන ආකාරය අන්නාසි, ලූනු, ඉඟුරු, සුදුලූනු ඉතා කුඩාවට කපා ගන්න. කජු මද ටිකද කුඩාවට කපන්න. අඹ චට්නි ටික අඹරා ගන්න. දැන් තෙල් ටික ළිප තබා රත්වන විට එයට ලූනු, ඉඟුරු, සුදුලූනු දමා තෙම්පරාදු කරගන්න. දැන් එයට අන්නාසි කැබැලි සිහින්ව ගා ගත් හකුරු, ලුණු ඇතුළු සියල්ල දමා පදම එනතුරු පිසගන්න. 0 chamara duleepMost Senior MemberPosts:13471 28 Mar 2017 06:55 PM කැරමල් කස්ටඩ් අවශ්‍ය ද්‍රව්‍ය කිරි මි.ලී. 250 සීනි මේස හැඳි 8 බිත්තර 2 යි සීනි මේස හැඳි 3 යි සාදන ආකාරය මුලින්ම සීනි මේස හැඳි 8 සමග බිත්තර හොඳින් ක්‍රීම් කරගන්න. දැන් එයට කිරි එකතු කර හොඳින් කලවම් කර ගන්න. සීනි මේස හැඳි දෙක බඳුනකට දමා උණුකර ගන්න. එය දුඹුරු පාට වන තෙක් කැරමල් කරගෙන සුදුසු බඳුනක් ගෙන එහි පතුල පුරා කැරමල් ටික දමා තවරා ගන්න. දැන් කිරි මිශ්‍රණය දමා කස්ටඩ් සවිවන තුරු වාෂ්පයෙන් තම්බා ගන්න. 0 chamara duleepMost Senior MemberPosts:13471 28 Mar 2017 06:57 PM චොක්ලට් බනානා බ්‍රෙඩ් අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි ග්‍රෑම් 250 කොකෝවා පවුඩර් ග්‍රෑම් 30 සීනි ග්‍රෑම් 200 බේකිං පවුඩර් තේ හැඳි 1 බේකිං සෝඩා තේ හැඳි 1/4 චොක්ලට් ග්‍රෑම් 85 බිත්තර 2 යි මාගරින් ග්‍රෑම් 113 ඉදුනු ආනමාලු හෝ ඇම්බුම් ගෙඩි 3යි වැනිලා බිංදු කීපයක් ලුණු ස්වල්පයක් සාදන ආකාරය පිටි, බේකිං පවුඩර්, බේකිං සෝඩා, ලුණු, කොකෝවා පවුඩර් හොඳින් මිශ්‍රකර හලා ගන්න. එය පසෙකින් තබන්න. කෙසෙල් ගෙඩි ටික ලෙලි හැර බඳුනකට දමා හොඳින් පොඩි කරගන්න. දැන් එයට මාගරින් ඩබල් බොයිල් ක්‍රමයට උණුකර දමන්න. බිත්තරද දමන්න. වැනිලා සහ සීනි දමා හොඳින් බිට් කරන්න. දැන් මේ මිශ්‍රණයට පිටි මිශ්‍රණය දමා හොඳින් කලවම් කර ගන්න. බටර් ගා ගත් 9 * 5 පාන් තැටියක දමා 180ංජ උෂ්ණත්වයේ මිනිත්තු 35ක් පමණ බේක් කර ගන්න. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 30 Mar 2017 10:23 PM අවුරුදු කෑම හදන කාලේ ඇවිත් නේද.. අපිට කොයින්ද කැවුම් කොකිස් .. අපේ ගෙදර තියෙන්නේ විදුලි ලිපක්. තාච්චි ගෙනාවට තියන්න බැහැ.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 31 Mar 2017 08:36 AM අපොයි....ගන්නත් නැද්ද සමන්ත අයියේ....? 0 chamara duleepMost Senior MemberPosts:13471 02 Apr 2017 06:07 PM 0 You are not authorized to post a reply. Page 15 of 77 << < 1314151617 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes