You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 77 << < 1213141516 > >>
Author Messages

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
09 Mar 2017 09:09 PM
Posted By Rosi on 08 Mar 2017 04:50 AM
චාමර ගේ නෝනා නම් ලකී නේද
ගොඩක් ස්තුති චාමර මේවා ගෙනාවට ,,ඕනේ ඕනේ වෙලාවට මාත් මේවා බලනව ,එත් හදන්න නම් බරු වුනා තාම .එක තමා දුක .
නෝනා නම් ලකී කිව්වෙ ...හිතුවද චාමරය මේවා නෝනට හදල දෙයි කියල...නෑ මු මේව එකතු කරන්නෙ බැදපු දවසක නෝනට පෙන්නල හදව ගන්න 

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Mar 2017 06:10 PM

 චිකන් ලිවර් ඕම්ලට්

අවශ්‍ය වන්නෙ

බිත්තර - 2

චිකන් ලිවර් - 50 g

කපාගත් රතුලූනු - 50 g

අමු මිරිස් කරල් - 4

පදමට ලුණු, ගම්මිරිස්

තෙල් මේස හැඳි - 1

 

පිළියෙල කරන ආකාරය

පළමුව බිත්තර සහ චිකන් ලිවර් එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. දැන් මෙය භාජනයකට දමා එයට කපාගත් ලූනු, මිරිස් සහ ගම්මිරිස් දමා හොඳින් කළවම් කරගන්න. දැන් තරමක සාස්පානක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් දමා සාමාන්‍ය බිත්තර ඕම්ලට් එකක් දමන ආකාරයට ඕම්ලට් එක පිළියෙල කරගන්න.

ඇඹුල් තියල් කියූ සැණින් අපේ මතකයට එන්නේ මාළු. මාළු ඇඹුල්තියල් කල්තබා ගන්නත් පුළුවන් නිසා ගෘහිණියන් අතර හරිම ජනප්‍රියයි. වර්තමානයේ බහුලව තිබෙන කුකුළුමස් ඇඹුල්තියල් කරලා ආහාරයට ගන්න තිබෙනවානම් එය තරමක වෙනස් අත්දැකීමක් වේවි.

කුකුළු මස් ඇඹුල්තියල්

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුළු මස් - 1 kg

තම්බා අඹරාගත් ගොරකා - 100 g

අඹරාගත් ඉඟුරු, සුදුලූනු - 30 g

ගම්මිරිස් කුඩු තේ හැඳි - 1

පදමට ලුණු

කරපිංචා ඉති - 1

 

සාදන ආකාරය

මුලින්ම කුකුළු මස් සාමාන්‍ය ප්‍රමාණයේ කෑලිවලට කපා හොඳින් සෝදා ගන්න. දැන් සාමාන්‍ය ප්‍රමාණයේ මැටි ඇතිලියක් ගෙන එයට තම්බා අඹරාගත් ගොරකා ටික දමන්න. දැන් මෙයට අඹරාගත් ඉඟුරු, සුදුලූණු, ගම්මිරිස් සහ මිරිස් කුඩු දමා කළවම් කර එයට කුකුළු මස් කැබැලි ටික ද දමා කළවම් කරන්න.

ඉන්පසුව එයට වතුර අඬු කෝප්ප එකක් එකතු කර ළිප තබා මඳ ගින්දරේ හින්දවා ගන්න. 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
10 Mar 2017 09:11 PM
කුකුල් මස් ඇඹුල්තියල් ගැන දනගෙන හිටියේ නැහැ.. හදලා බලන්න ඕනෑ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Mar 2017 06:30 PM

https://i.imgsafe.org/5f36e8378f.jpg

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Mar 2017 06:32 PM

https://i.imgsafe.org/5f36ca3091.jpg

https://i.imgsafe.org/5f3700caec.jpg

https://i.imgsafe.org/5f372953fa.jpg

https://i.imgsafe.org/5f36fa1775.jpg

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Mar 2017 06:47 PM
නියම රෙසිපි ටිකක් ..ස්තුත්යි මලයො
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
13 Mar 2017 01:03 AM
චාමර කුක් කෝ..

ස්තූතියි මල්ලි රෙසිපි සෙට් එකටම.
කුකුල් මස් ඇඹුල් තියල්? ඒ කොහේ තියෙන කෑමක් ද බන්? එල.. එල.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Mar 2017 03:46 AM
http://navaliya.com/2017/03/13/17.03.13.28.jpg
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Mar 2017 06:50 PM

https://i.imgsafe.org/89d5020d6a.jpg

https://i.imgsafe.org/89d4e92ffe.jpg

https://i.imgsafe.org/89d4397c9e.jpg

https://i.imgsafe.org/89d4c054c1.jpg

https://i.imgsafe.org/89d4a777cf.jpg

https://i.imgsafe.org/89d4baf402.jpg

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Mar 2017 09:25 PM
නියම කෑම ටිකක් තියනව. මාත් ගත්ත ඕන්..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
14 Mar 2017 11:46 PM
කරවල වලින් හදන්න පුලුවක් කෑම ටික නම් මරු ඇති නේද.. ඒත් කරවල කොයින්ද අපිට..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Mar 2017 04:09 PM

පොඩිත්තන්ට රසැති කෑම

දැන් කාලෙ පුංචි දරුවන්ටත් නානාප්‍රකාර ලෙඩ රෝග. මේවාට මූලිකවම හේතු වෙන්නේ ඔවුන් ගන්නා ආහාර පාන. විශේෂයෙන් අපේ අම්මලා තමන්ගේ සුව පහසුව ගැන සිතා කිසිම සෙවීමක් බැලීමක් නොකර විවිධ ආහාර වර්ග ළමයින්ට රැගෙන දෙනවා. දැන් ඒ අය ඒ කෘත්‍රිම රසකාරකවල රසයට ඇබ්බැහි වෙලා. ගෙදර හදල දෙන කෑම ප්‍රතික්ෂේප කරනවා. මේ ඇබ්බැහිය නතර කරන්න නම් අම්මා තදින් ඉන්නම වෙනවා. එහෙම කළොත් පමණයි එය කළහැකි වන්නේ.

 

ඔන්න අද අපි තරුණී සුවිශේෂී කෑම අතිරේකය හරහා ඒ සඳහා ඔබට ගත හැකි විකල්ප ක්‍රම ඉදිරිපත් කරනවා. අම්මට පුංචි කැපකිරීමක් කරන්න වුණත්, ඔබේ උත්සාහය අපතේ යන එකක් නෑ. ඒ ඔබේ සිඟිත්තා මේ රසවත් කෑම වර්ග ප්‍රතික්ෂේප කරන්නේ නැතිව ආසාවෙන් රස විඳින බව අපට විශ්වාස නිසයි. එහෙම නම් ඔබට ඉඩ පහසු ආකාරයට මෙම කෑම සකසා රස විඳින්න. අරපිරිමැස්මට වගේම පසුම්බියටත් වාසියක් සැලසේවි.


 පාන් රෝල්ස්

 අවශ්‍ය ද්‍රව්‍ය:

පාන් පෙති කිහිපයක්

පිරවීම සඳහා කරියක් හෝ

පැණි පොල් මිශ්‍රණයක්

බැදීමට තෙල්

පාන් පිටි ටිකක්

 සාදන ක්‍රමය:

මේ සඳහා දින 2 - 3 ක් පරණ පාන් තෝරා ගන්න. පාන් පෙති තුනියට කපා වාටි ඉවත් කරගන්න. ඉන්පසු රෝලිං පින් එකක් ආධාරයෙන් තුනී කරන්න.

පාන් පිටි ටිකට වතුර එක්කර තරමක් ඝනකමට දියකර ගන්න. දිය කරගත් පාන් පිටි පාන් පෙත්ත මත තවරා සූදානම් කරගත් මිශ්‍රණය ටිකක් (පිරවුම) පාන් පෙත්තේ මැදට තබන්න. ඉන්පසු රෝල්කර කෙළවර පාන් පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක් ගා අලවා ගන්න.

තෙල් ටිකක් තාච්චියට දමා රත්වූ පසු සාදාගත් රෝල්ස් එහි දමා මඳගින්නේ රන්වන් පාටට බැදගන්න


  පුරවාගත් පතෝල රෝල්ස්

 අවශ්‍ය ද්‍රව්‍ය:

එක සමාන මහත පතෝල කරලක්

පාන් පිටි ග්‍රෑම් 250 ක්

පාන් කුඩු

සොසේජස් කරල් කිහිපයක් හෝ සුදුසු පිරවුමක්

බැදීමට තෙල්

සාදන ක්‍රමය:

පතෝල කරලේ පොත්ත සූරා සෝදාගෙන අඟල් 4 ක් පමණ දිගට කැබලි කපන්න. ඉන්පසු ඇට ඉවත්කර ලුණු මිශ්‍ර උණුවතුරේ විනාඩි 4 - 5 ක් තම්බා ගන්න. නැතිනම් ස්ටීම් කරගන්න. ඉන්පසු කරල ඇතුළට සොසේජස් කරල හෝ වෙනත් පිරවුමක් පුරවා ගන්න.

පාන් පිටිවලට වතුර සහ ලුණු ස්වල්පයක් දමා බැටරයක් සාදාගන්න. දැන් පුරවාගත් පතෝල කැබලි පාන් පිටි බැටරයේ ගිල්වා පාන් කුඩු තවරන්න. මේ ආකාරයට වාර 2 ක් පිටි මිශ්‍රණය හා පාන් කුඩුවල දවටා රත්වූ ගැඹුරු තෙලේ රන්වන් පාට ට බැදගන්න.


 ෆෘට් ඇන්ඩ් නට් බනානා ෆිටර්ස්

 අවශ්‍ය ද්‍රව්‍ය:

ඉදුණු කෙසෙල් ගෙඩි ග්‍රෑම් 500 ක්

රටඉඳි ග්‍රෑම් 150 ක්

කජු ග්‍රෑම් 50 ක්

පාන් පිටි ග්‍රෑම් 250 ක්

කෝන් පිටි ග්‍රෑම් 150 ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/2 ක්

රස අනුව ලුණු

වතුර හෝ නැවුම් කිරි කෝප්ප 1/2 ක්

බැදීමට තෙල්

පැණි ටිකක්

සාදන ක්‍රමය:

 කෙසෙල් ගෙඩි පොත්ත ඉවත්කර පොඩි කරගෙන බඳුනකට දමන්න. එයට සිහින්ව කපාගත් රටඉඳි හා කජු එකතු කරන්න. එයට පාන් පිටි, කෝන් පිටි, බේකිං පවුඩර්, ලුණු එක්කර වතුර හෝ නැවුම් කිරි දමා උකුවට බැටරයක් සාදන්න.

තාච්චියට තෙල් දමා ළිප තබා රත් වූ පසු සාදාගත් බැටරයෙන් ටික බැගින් තෙලට දමමින් රන්වන් පාටට බැදගන්න. බැදගත් පසු මතුපිටින් පැණි වත්කර කෑමට ගන්න.


  වට්ටක්කා මෆින්

 අවශ්‍ය ද්‍රව්‍ය:

පිටි කෝප්ප 1 1/2 ක්

සීනි කෝප්ප 3/4 ක්

වට්ටක්කා ග්‍රෑම් 250 ක්

බටර් හෝ මාගරින් මේස හැඳි 6 ක්

යෝගට් 1 ක්

බිත්තර 2 ක්

සුවඳ කුඩු තේ හැඳි 1/2 ක්

ආප්ප සෝඩා තේ හැඳි 1/2 ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/2 ක්

වැනිලා ස්වල්පයක්

රස අනුව ලුණු

වියළි මිදි ග්‍රෑම් 150 ක්

සාදන ක්‍රමය:

වට්ටක්කාවල පොත්ත ඉවත්කර කැබලි කපා සෝදා ස්ටිම් කරගන්න. තැම්බුණු පසු වතුර මිශ්‍ර නොකර බ්ලෙන්ඩ් කරගන්න. පිටිවලට බේකිං පවුඩර්, සුවඳ කුඩු, බේකිං සෝඩා මිශ්‍ර කරගන්න. සීනිවලට බිත්තර එකතුකර බීට් කරගන්න. එයටම යෝගට් එක්කර සීනි කැට දියවන තුරු බීට්කර උණු කරගත් බටර් හෝ මාගරින් එකතු කරන්න. ඉන්පසු බ්ලෙන්ඩ් කරගත් වට්ටක්කා එකතුකර පිටි, ප්ලම්ස්, වැනිලා දමා හොඳින් මිශ්‍ර කරන්න. මෆින් තැටියට පේපර් කප් දමා ඒවාට මිශ්‍රණයෙන් 3/4 ක් පුරවා සෙල්සියස් අංශක 180 ට රත් කරගත් අවන් එකක තබා විනාඩි 20 ක කාලයක් බේක් කරගන්න.


මඤ්ඤොක්කා වඩේ

 අවශ්‍ය ද්‍රව්‍ය:

සිහින්ව ගා ගත් මඤ්ඤොක්කා ග්‍රෑම් 500 ක්

අමුමිරිස් කරල් 4 - 5 ක්

රතුලූනු ග්‍රෑම් 100 ක්

කරපිංචා කිනිති 2 ක්

කඩල පිටි හෝ පාන් පිටි ටිකක්

ලුණු ස්වල්පයක්

බැදීමට තෙල්

සාදන ක්‍රමය:

මඤ්ඤොක්කා පොතු හැර සෝදා ග්‍රේටරයකින් ගා ගන්න. එය මිරිකා බඳුනකට දමන්න. මෙයට සිහින්ව ලියාගත් ලූනු, අමුමිරිස්, කරපිංචා, ලුණු එකතු කරන්න. මෙම මිශ්‍රණයට කඩල පිටි හෝ පාන් පිටි ටිකක් දමා බදාමයක් ලෙස අනාගන්න. දැන් මෙම මිශ්‍රණය කුඩා කොටස්වලට වෙන් කරගෙන ගුලි සාදා තරමක් පැතැලි කරන්න. ඉන්පසු රත්වූ ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න. සාමාන්‍යයෙන් වඩේ බැදීමෙන් පසු ඇතුළත සුදු පාටට තිබිය හැකියි. එය ගැටලුවක් නොවේ.


පැණි දැමූ ඉඳිආප්ප

 අවශ්‍ය ද්‍රව්‍ය:

වියළාගත් හාල් පිටි

ඉඳිආප්ප 10 - 15 ක්

බැදීමට තෙල්

පැණි හෝ සීනි

සාදන ක්‍රමය:

කෑමෙන් පසු ඉතිරි වෙන ඉඳිආප්ප විසිකරන්න එපා. ඒවා සෞඛ්‍යාරක්ෂිත ලෙස වියළා ටින් එකක දමා වසා තබන්න. අවශ්‍ය අවස්ථාවේදී පිටතට ගන්න.

තාච්චියකට තෙල් ටිකක් දමා හොඳින් උතුරන විට ඉඳිආප්ප එක බැගින් තෙලට දමා බදින්න. මේවා මලක් මෙන් සුදුපාටට පිපී එයි. ඒවා කරවෙන්නට ඉඩ නොදී දෙපැත්ත හරවා බැදගෙන තෙල් බේරෙන්නට තබන්න.

  සීනි කෝප්පයකට වතුර කෝප්පයක් අවශ්‍යයි. මුලින් බඳුනකට සීනි ස්වල්පයක් දමා කරවෙන්නට හැර උණුසුම් වතුර ටිකක් එක්කර ඉතිරි සීනි ටිකත් දමා නූලක් ආකාරයට වැටෙන තෙක් උණුකර ගන්න. සීනි සුදුපාටට උණුකර ගෙන අවශ්‍ය වර්ණයක් එකතුකර ගැනීමටත් පුළුවනි. පැණි හොඳින් උණු කරගෙන බැදගත් ඉඳිආප්ප උඩට රටාවකට වත්කර ගන්න. සවස තේ වේලාවට අගෙයි.


පැණිපොල් පිරවූ කප් පිට්ටු

 

 

අවශ්‍ය ද්‍රව්‍ය:

හාල් පිටි ග්‍රෑම් 500 ක්

පොල් ගෙඩි 1 ක්

පැණි හෝ සීනි ග්‍රෑම් 150 ක්

රස අනුව ලුණු කුඩු

එනසාල් ඇට 2 - 3 ක්

වතුර කෝප්ප 1 ක්

සාදන ක්‍රමය:

පොල් ගෙඩියේ පොල්වලින් භාගයක් ගෙන පැණි පොල් සාදන්න. ඒ සඳහා සීනි ටිකක් බඳුනකට දමා කරවෙන්නට හැර උණු වතුර ටිකක් දමා ඉතිරි සීනි එක්කර පැණි උණුකරන්න. එයට පොල්, ලුණු හා එනසාල් කුඩු එක්කර තෙත නැතිවෙන ආකාරයට පැණි පොල් මිශ්‍රණය සාදාගන්න. එය නිවෙන තෙක් පසෙකින් තබන්න.

ඉතිරි පොල්වලට ලුණු ස්වල්පයක් එක්කර මිශ්‍ර කරන්න. දැන් මෙයට හාල් පිටි ස්වල්පය බැගින් ඉසිමින් කුඩා කැට සාදන්න. මේ ආකාරයට පිට්ටු සාදන්න.

කුඩා කෝප්ප කිහිපයක් ගෙන තෙල් තවරා කැට කරගත් පිට්ටුවලින් ටිකක් එයට දමා ඒ මත පැණි පොල් ටිකක් දමන්න. නැවත පිට්ටු මිශ්‍රණය දමන්න. මෙම කප්ස් ස්ටීමරයක තබා තම්බා ගන්න. තැම්බුණු පසු මුනින් අතට හරවා ගලවා ගෙන සංග්‍රහයට යොදාගන්න.


 කොස් පිට්ටු

 අවශ්‍ය ද්‍රව්‍ය:

හාල් පිටි ග්‍රෑම් 250 ක්

පැසුණු කොස් මදුළු 10 ක්

පොල් ගෙඩි 1/2 ක පොල්

ලුණු (රස අනුව)

වතුර ටිකක්

අවශ්‍ය නම් පලා වර්ගයක්

සාදන ක්‍රමය:

පොල් ටික සිහින්ව ගා ගන්න. කොස් මදුළු පමණක් ගෙන සිහින්ව කපාගන්න. බඳුනකට පොල්, ලුණු හා හාල් පිටි දමා මිශ්‍ර කරන්න. එයටම ඉතාමත් සිහින්ව කපාගත් කොස් මදුළු එක්කර වතුර ස්වල්පයක් ඉස කැට කරන්න. මෙයට වතුර එතරම් අවශ්‍ය නැත. කැමැති නම් මෙයට සිහින්ව කපාගත් පලා කොළ වර්ගයක් ද එක්කර කැට කරන්න. ඉන්පසු සාමාන්‍ය පිට්ටු තම්බන ආකාරයට පිට්ටු බම්බුවට දමා වාෂ්පයෙන් තම්බා ගන්න.


 ගුල්හා

  අවශ්‍ය ද්‍රව්‍ය:

තම්බාගත් මාළු ග්‍රෑම් 250 ක් (කෙලවල්ලා හෝ බල)

පොල් ගෙඩි 1/2 ක පොල්

අමුමිරිස් කරල් 2 ක් හෝ

කොච්චි කරල් 2 ක්

මුරුංගා කොළ මේස හැඳි 2 ක්

දෙහි යුෂ ස්වල්පයක්

ලොකු ලූනු ගෙඩියක්

ලුණු (රස අනුව)

ගම්මිරිස් කුඩු (රස අනුව)

පිටි මිශ්‍රණය සඳහා:

පිටි කෝප්ප 1 ක්

ලුණු කුඩු ස්වල්පයක්

තෙල් කෝප්ප 1/2 ක්

මඳ උණුසුම් වතුර ටිකක්

සාදන ක්‍රමය:

තම්බාගත් මාළු ටික හොඳින් පොඩිකර බඳුනකට දමන්න.

එම බඳුනට පොල්, ලුණු, ගම්මිරිස්, ලියාගත් අමුමිරිස් හෝ කොච්චි, මුරුංගා කොළ, දෙහි යුෂ හා ලියාගත් ලූනු එකතුකරන්න. මෙම මිශ්‍රණයෙන් කුඩා බෝල සාදන්න.

පිටිවලට ලුණු හා තෙල් ටිකක් එක්කර මඳ උණුසුම් වතුරෙන් රොටි පදමට අනාගන්න.

ඉන්පසු කුඩා බෝල සාදා රොටියක් ආකාරයට තුනීකර එහි මැදට මුලින් සාදාගත් පිරවුමෙන් ටිකක් තබන්න. ඉන්පසු නැවත බෝල කරන්න. ඉන්පසු මෙම බෝල ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න.

 උපදෙස් - තලවතුගොඩ සහ කෑගල්ල

ෆන්සිටි කේටර්ස් අධිපතිනී

ප්‍රවීණ සූපවේදිනී

සුනේත්‍රා ඒකනායක

0773763669

ඡායාරූප - හිරන්ත නේෂාන් ගුණතිලක

 සටහන් - මාලනී වේරගොඩආරච්චි

-Tharuni-

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Mar 2017 06:27 PM

https://i.imgsafe.org/f2f89f381b.jpg

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Mar 2017 06:28 PM

https://i.imgsafe.org/f2f94e4358.jpg

https://i.imgsafe.org/f2f910b22d.jpg

https://i.imgsafe.org/f2f90d2c8e.jpg

https://i.imgsafe.org/f2f965298d.jpg

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
19 Mar 2017 11:24 PM
චාමර මල්ලීගේ කාම පිටුව නම් නැගලා යනවා. කෑම වර්ග ගොඩක් තියෙනවා.. ස්තූතියි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2017 04:58 AM

අලුත් අවුරුදු කෑම මේසයට නැවුම් මිහිරක් විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර/ ඡායාරූප ශාන් ප්‍රභාත් රඹුක්වැල්ල
අලුත් අවුරුද්දේ සතුටු සාදයේ මිහිරියාවට රසපිරි කෑම සංග්‍රහයකුත් එක් වුණොත් මොන තරම් රසාලිප්ත මතකයක් වේවිද? ඒ වෙනුවෙන් බටහිර කෑම මේසයකින් සංග්‍රහ කරන්න ඔබත් සිතාගෙන ඉන්නවා නම් මේ අති විශේෂ රස මිහිර ඒ වෙනුවෙන්මයි. ඔබ පිසින ආහාරය ප්‍රණීත සංග්‍රහයක් වීමට නම් සුවඳ, ආකර්ෂණය, රස, ගුණාත්මකභාවය සහ පිරිසුදුකම යන පස් ආකාරයෙන්ම පූර්ණ විය යුතු බවත් අමතක කරන්න එපා.

 

 

 

 

 

ඩීප් ෆ්‍රයිඩ් ප්‍රෝන්ස් විත් ජින්ජර් සෝස්

 අවශ්‍ය ද්‍රව්‍ය:

පොතු ඉවත්කර ශුද්ධ කරගත් සම ප්‍රමාණයේ ඉස්සන් කිලෝ ග්‍රෑම් 1 ක්

බිස්කට් කුඩු (පාන් කුඩු) ග්‍රෑම් 500 ක්

පාන් පිටි ග්‍රෑම් 200 ක්

ගසාගත් බිත්තර 2 ක්

එළවළු තෙල් මිලිලීටර් 500 ක්

චොප්කර ගත් ඉඟුරු ග්‍රෑම් 50 ක්

දෙහි ගෙඩි 3 ක යුෂ

තක්කාලි සෝස් මිලිලීටර් 100 ක්

සෝයා සෝස් මේස හැඳි 3 ක්

ලුණු, ගම්මිරිස් කුඩු (රස අනුව)

සලාද කොළ, තක්කාලි, පිපිඤ්ඤා පෙති(සරසා ගැනීමට)

සාදාගන්නා ආකාරය:

පළමුව ඉස්සන් භාජනයකට දමා එයට ලුණු, ගම්මිරිස් කුඩු, දෙහි යුෂ, සෝයා සෝස් දමා හොඳින් කලවම් කරගන්න.

විනාඩි පහකින් පසුව එයට ගසාගත් බිත්තර හා පාන් පිටි දමා කලවම් කරන්න.

ඉන්පසුව බිස්කට් කුඩුවල හොඳින් දවටා ගන්න. භාජනයක් ළිප තබා එයට එළවළු තෙල් දමා රත් වූ පසු ඉස්සන් දමා රන්වන් පැහැයට ගැඹුරු තෙලේ බැදගන්න. බැදගත් ඉස්සන් තෙල් බේරෙන්නට තබන්න. නැවතත් කුඩා භාජනයක් ළිප තබා තෙල් මේස හැඳි 3 ක් දමා රත් වූ පසු චොප්කර ගත් ඉඟුරු ටික දමාගන්න. මඳ වේලාවකින් තක්කාලි සෝස් දමා සෝස් එක සාදා ගන්න. අවසානයේ සලාද කොළ තක්කාලි හා පිපිඤ්ඤාවලින් සරසා ගත් භාජනයකට බැදගත් ඉස්සන් ටික දමා එයට උඩින් සාදාගත් ජින්ජර් සෝස් එක අවශ්‍ය පමණ දමා පිළිගන්වන්න.


 චිකන් ෆ්‍රයිඩ් රයිස්

 අවශ්‍ය ද්‍රව්‍ය:

බාස්මතී හෝ කීරි සම්බා කිලෝ ග්‍රෑම් 01 ක්

තම්බාගත් කුකුළු මස් ග්‍රෑම් 500 ක්

කැරට් ග්‍රෑම් 200 ක්

ලීක්ස් හෝ ලූනු කොළ ග්‍රෑම් 200 ක්

බිත්තර 2 ක්

සුදුලූනු බික් කිහිපයක්

අමු ඉඟුරු කැබැල්ලක්

සෝයා සෝස් මේස හැඳි 5 ක්

සෙසම් ඔයිල් මේස හැඳි 1 ක්

පිරිසුදු එළවළු තෙල් මිලිලීටර් 100 ක්

අවශ්‍ය පමණට ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු

සාදාගන්නා ආකාරය:

පළමුව සහල් සෝදා බෙරි නොවන ආකාරයට බත උයාගන්න. කුකුළු මස් තම්බා කටු ඉවත්කර කුඩා කැබැලිවලට කපාගන්න. කැරට් හා ලීක්ස් සිහින්ව ලියාගන්න. ඉන්පසුව බත කලවම් කිරීමට ප්‍රමාණවත් භාජනයක් ළිප තබා එයට එළවළු තෙල් දමන්න. තෙල් රත් වූ පසු තළා ගත් සුදුලූනු සහ ඉඟුරු දමා හැඳිගාමින් බැදගන්න. එය රන්වන් පැහැයට එනවිට ගසා ගත් බිත්තර දෙක දමා හොඳින් කලවම් කරන්න. සෝයා සෝස්, රස අනුව ලුණු, ගම්මිරිස්, සෙසමි ඔයිල්, කුකුළු මස් කැබලි හා එළවළු ද එකතුකර හැඳිගාන්න. අවසානයේ පිසගත් බත දමා තරමක් බැදගන්න.


 නාසි ගුරාන් රයිස්

 අවශ්‍ය ද්‍රව්‍ය:

බාස්මතී හාල් කිලෝ ග්‍රෑම් 1 1/2 ක්

කුඩා ඉස්සන් ග්‍රෑම් 500 ක්

කජු මද ග්‍රෑම් 100 ක්

වියළි මිදි ග්‍රෑම් 100 ක්

කුඩා කැබැලිවලට කපාගත් වියළි මිරිස් කරල් 15 ක්

මාගරින් ග්‍රෑම් 100 ක්

කුඩු කරගත් එනසාල් කරාබු නැටි ස්වල්පයක්

කුරුඳු පොතු ස්වල්පයක්

රස අනුව ලුණු

ඉස්සන් බැද ගැනීමට එළවළු තෙල්මිලිලීටර් 200 ක්

තළාගත් සුදුලූනු බික් කිහිපයක්

අමු ඉඟුරු කැබැල්ලක්

සෝයා සෝස් මේස හැඳි 5 ක්

කහ කුඩු තේ හැඳි 1 ක්

ග්‍රීන්පීස් ග්‍රෑම් 100 ක් (තම්බාගත්)

සාදාගන්නා ආකාරය:

පළමුව සහල් සෝදා බෙරි නොවන ලෙස බත උයාගන්න. එළවළු තෙල් තාච්චියකට දමා හොඳින් රත් වූ පසු පිරිසුදු කරගත් ඉස්සන්, කජු, වියළි මිදි, ග්‍රීන්පීස්, කැබැලි කරගත් වියළි මිරිස් වෙන වෙනම දමා වෙන වෙනම බැදගන්න. ඉන්පසුව බත කලවම් කිරීමට ප්‍රමාණවත් භාජනයක් ළිප තබා එයට මාගරින් දමන්න. එය රත් වූ පසු සුදුලූනු, ඉඟුරු, කරාබු නැටි, එනසාල්, කුරුඳු පොතු දමා රන්වන් පැහැ වනසේ බැදගන්න. බැදගත් ඉස්සන්, ග්‍රීන්පීස්, කජු, මිදි, වියළි මිරිස් දමා කලවම්කර එයට කහ කුඩු රස අනුව ලුණු කුඩු, සෝයා සෝස් හා පිසගත් බත දමා කලවම්කර ගන්න.


 සී ෆුඩ් රයිස්

 අවශ්‍ය ද්‍රව්‍ය:

 බාස්මතී හෝ කීරි සම්බා කිලෝ 1 1/2 ක්

ශුද්ධ කරගත් කුඩා ප්‍රමාණයේ ඉස්සන් ග්‍රෑම් 200 ක්

කුඩාවට කපාගත් දැල්ලන් ග්‍රෑම් 200 ක්

කෑලිවලට කපාගත් තලපත්, තෝර මාළු ග්‍රෑම් 200 ක්

තළාගත් සුදුලූනු බික් කිහිිපයක් සහ ඉඟුරුකැබැල්ලක්

ගසාගත් බිත්තර 2 ක්

එළවළු තෙල් මිලිලීටර් 100 ක්

සෝයා සෝස් මේස හැඳි 5 ක්

සෙසම් ඔයිල් මේස හැඳි 1 ක්

රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු

එළවළු තෙල් මිලි ලීටර් 200 ක් (ඉස්සන් බැදීමට)

සිහින්ව ලියාගත් කැරට් ග්‍රෑම් 200 ක්

සිහින්ව කපාගත් ලීක්ස් ග්‍රෑම් 200 ක්

සාදන ක්‍රමය:

පළමුව බෙරි නොවන ලෙස බත පිසගන්න. ඉන්පසුව තාච්චිය ළිප තබා එයට එළවළු තෙල් දමා රත් වූ පසුව ඉස්සන්, මාළු සහ දැල්ලන් වෙන වෙනම දමා වෙන වෙනම රන්වන් පාට වෙනතුරු බැදගන්න. ඒවා පසෙකින් තබන්න. වෙනත් බඳුනක් ළිප තබා එයට එළවළු තෙල් දමා රත්කර ඉඟුරු, සුදුලූනු දමා බැදුණු පසු ගසාගත් බිත්තර එකතු කරන්න. එය කැබැලි වන ලෙස කලවම් කරන්න. එයට කැරට්, ලීක්ස් එකතුකරන්න. පෙර බැදගත් ඉස්සන්, මාළු, දැල්ලන් ද එකතුකර සෝයා සෝස් ද රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු ද දමා කලවම් කරගන්න. අවසානයේ පිසගත් බත් එකතුකර හොඳින් කලවම්කර සෙසම් ඔයිල් ඉස බත ෆ්‍රයිඩ් කරගන්න. (තරමක් බැදගන්න).


 එග් නූඩ්ල්ස්

 අවශ්‍ය ද්‍රව්‍ය:

නූඩ්ල්ස් කිලෝ ග්‍රෑම් 1 ක්

බිත්තර 5 ක්

කැරට් ග්‍රෑම් 200 ක් (ග්‍රේට් කරගන්න)

ලූනු කොළ ග්‍රෑම් 200 ක්

ඉඟුරු කැබැල්ලක්

සුදුලූනු බික් කිහිපයක්

සෝයා සෝස් මේස හැඳි 5 ක්

ලුණු, ගම්මිරිස් අවශ්‍ය පමණට

එළවළු තෙල් මිලිලීටර් 100 ක්

සාදාගන්නා ආකාරය:

පළමුව නූඩ්ල්ස් තම්බා ඇල් දියෙන් සෝදා දිය බේරෙන්නට තබන්න. බිත්තර හොඳින් බීට් කරගන්න. පසුව භාජනයක් ළිප තබා එයට එළවළු තෙල් දමා රත් වූ පසු තලාගත් ඉඟුරු, සුදුලූනු දමා රන්වන් පැහැයට ආ පසු ගසාගත් බිත්තර දමන්න. එය හොඳින් කලවම් කරන්න. එයට ග්‍රේට් කරගත් කැරට් සහ අඟලක ප්‍රමාණයකට කපාගත් ලූනු කොළ එකතු කරන්න. රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු දමන්න. සෝයා සෝස් ද එයටම එකතුකර කලවම් කරන්න. ඒ මත තම්බා ගත් නූඩ්ල්ස් එකතුකර කලවම්කර ළිප නිවන්න.

  

ඉදිරිපත් කිරීම:-

හෝටල් සූපවේදී ක්ෂේත්‍රයේ තිස් වසරක අත්දැකීම් ලත් ජාඇල, වැලිගම්පිටිය ජයලත් ඉන් රෙස්ටුරන්ට් හි ප්‍රධාන සූපවේදී

අනුර ප්‍රියදර්ශන

(0779206145).

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2017 04:59 AM

හාල්මැස්සො ඉස්ම හිඳෙන්න උයලා බලන්නකෝ විශේෂාංග

Written by 
කරවල උයන පිහන විදිය ගැන මගෙ දෝණිට දැන් නම් හොඳ අවබෝධයක් ඇති. අපේ අම්මලා මේ ලිපි පෙළ දූවරුන්ට කියවන්න දෙන්න අමතක කරන්නට එපා.

 

ඇයි මං එහෙම කියන්නේ.

දුවගේ අනාගත ජීවිතේ හැම දෙයකින්ම සාර්ථක වෙන්න නම් උයන පිහන කලාව වගේම අරපිරිමැස්මත් නැතුවම බැරි දෙයක් දරුවෝ.

කරවල ටිකක් පිළී ගඳයි තමයි. ඒත් ලංකාවෙ අපි කන කෑමක්. සමහරු පිළී රහට දෙයක් නැති වුණාම බත් කන්නත් අදිමදි කරනවානේ. ඔය පිරිමි අයට විශේෂයෙන්ම ඒ ගතිය තියෙනවා. අපේ ආතට බත් කන්නත් ඒ වගේ දෙයක් තියෙන්නම ඕනේ. මට මතකයි අපේ අත්තම්මා හොද්දකට මාළුවක්, මසක් හෝ කරවල වගේ දෙයක් නැති වුණොත් හාල්මැස්සො ටිකක් බැදලා තියනවා. හාල්මැස්සෝත් හොද්දට, බැදුමට, තෙලට, මෝජුවට, සම්බෝලෙට, මැල්ලුමට ආදී නානාප්‍රකාර විදිහට හදනවා. දරුවනේ, ඔය කීරමින්, තොන්ඩයෝ වගේ ජාති තියෙන්නේ. ඒවා දර ළිපට දාලා තරමක් පුලුස්සලා අරගෙන ගලේ තියලා අඹරලා ලුණු මිරිසක් හදනවා. කරවල පුලුස්සලාත් ලුණුමිරිස් හදන්න පුළුවන්. මගෙ අම්මෝ ඒකෙ රස. දැන් කාලෙ ඉන්න ඔය දරුවෝ නම් විඳලා නැතුව ඇති. හාල්මැස්සෝ ගැන කතා කරමුකෝ. තද කළු පැහැයට, දුඹුරු අළු පැහැයට, සුදු පැහැයට ආදී වර්ණ කිහිපයකටම හාල්මැස්සෝ තියෙනවා. සුදු පාටට තියෙන ඒවා රසෙන් අඩුයි. ඒ හින්දා බදින්න හොඳයි. තෙල් දාන්නත් නරකම නැහැ. ඒත් හොදි උයලා නම් රස නැහැ.

අළු දුඹුරු පාට හාල්මැස්සන් ඉස්ම හිඳෙන්න ඉව්වාම බොහොම රසයි. හාල්මැස්සන්ගේ ඉහටිය (ඔළුව) කඩා ඉවත් කරගන්න දැන් ඔය ළමයි දන්නවානේ. ටිකක් ඝනකමට ඇති හාල්මැස්සෝ නම් වතුර ටිකක් දාලා යන්තම් පෙඟුනට කමක් නැහැ. හැබැයි දියවෙන ඒවා නම් පෙඟෙන්න දෙන්න එපා. පෙඟුණු හාල්මැස්සන් ටික මැටි ඇතිලියකට දාලා හොඳට අතුල්ලාගන්න. ඇළුමිනියම් නෑඹිලියකට දැම්මාමත් අතුල්ලා ගන්න පුළුවනි. වතුර ඉවත්කර හොඳින් අතුල්ලාගත් හාල්මැස්සන් පස් හය වතාවක් නැවත සෝදාගෙන දිය බේරා ගන්න.

බදින්න නම් කෑලි මිරිස් ටිකක්, කහ කුඩු ස්වල්පයක් අවශ්‍ය නම් ලුණු කුඩු ටිකක් දාලා අතගාලා වතුර නැතිව තියාගන්න. තාච්චිය ළිප තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට හාල්මැස්සො දාලා කරවෙන්න බැදගන්න. පුච්චන්න එපා. හපනකොට කර කර ගාලා කෑලි කැඩෙන පදම හරි. තෙල් දාන්නේ මං ගිය සතියේ කරවල තෙල් දාන්න කියලා දුන්න විදිහටමයි. රසට හාල්මැස්සො හොද්දක් හදන්න නම් හෝදාගත් හාල්මැස්සන්ට වියළි මිරිස් කුඩු, කහ කුඩු, අමු තුනපහ කුඩු, රතුලූනු, අමුමිරිස්, කරපිංචා, රම්පෙ දාලා උකු මිටි කිරියි දියකිරි ඇබිත්තකුයි දාලා ළිප තියලා පිසගන්න. මැටි ඇතිලියේ හදනවා නම් තමයි හොඳ. හාල්මැස්සෝ ප්‍රමාණය අනුවයි පොල් කිරි දාන්නේ. ගොඩක් කිරි දාලා හදන්න එපා. ඉස්ම හිඳෙන්න උයාගත්තාම බොහොම රසයි.

මේකට අර්තාපල් කෑලි, මාළු මිරිස් දාලා ඉව්වාම ගොඩක්ම රසයි. ඉස්සර මං ඉස්කෝලේ ගිහින් හවසට අමතර පංති ඉන්නවා. අපේ අත්තම්මා රෑට මේ විදිහට හාල්මැස්සො හොදි හදලා තියනවා. උදේට රත්කරලා තවත් ටිකක් හිඳවලා කෙසෙල් කොළේ බත් මුලට තියනවා. පුදුම රහයි. නරක් වෙන්නෙත් නැහැ.

හාල්මැස්සො උයනකොට තක්කාලි නම් දාන්න එපා.

හාල්මැස්සෝ හදන විදි ගැන අපි ඉදිරියේදී තවත් කතා කරමු. ඒ අතර අම්මලා දුවලාගේ අදහස් 0112429591 හරහා අපේ ඇන්ටන් මහත්තයාටත් කියන්නකෝ.

මීට

චාලට් නැන්දා

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Mar 2017 06:20 PM

https://i.imgsafe.org/1d0ba93794.jpg

https://i.imgsafe.org/1d0ba00cf8.jpg

https://i.imgsafe.org/1d0bf077e0.jpg

https://i.imgsafe.org/1d0e1a7fe1.jpg

https://i.imgsafe.org/1d0ead62d3.jpg

https://i.imgsafe.org/1d0bd22f27.jpg

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Mar 2017 08:07 PM
නියම රෙසිපි ටිකක් ...කෑම පිටුව නැගලා යනවා වගේ ....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Mar 2017 08:38 PM
කෙලත් උනනවා
0
You are not authorized to post a reply.
Page 14 of 77 << < 1213141516 > >>