You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2019 09:56 PM by  Prasad Maduranga
මුද්දර විනෝදාංශය
 216 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 11 << < 7891011 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Oct 2017 10:13 PM
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Oct 2017 10:25 PM
ලබන වසරේ එක නම් බලන්න යනවා..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Oct 2017 07:02 PM
Posted By samantha on 26 Jul 2017 01:28 AM
THE ROYAL WEDDING -1981-JULY 29












රාජකීය මුද්දර...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Dec 2017 05:53 AM
ආවේණික කුරුල්ලන් සිව්දෙනකුගේ සමරු මුද්දර 4ක්

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් සිව් දෙනෙකුගේ රුව ඇතුළත් සමරු මුද්දර 4ක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.

‘ශ්‍රී ලංකා කළු ඉසැසි කොණ්ඩයා, ශ්‍රී ලංකා වන රැවියා, ශ්‍රී ලංකා පිට තඹලයා, ශ්‍රී ලංකා සිළු කවුඩා’ යන කුරුල්ලන් මෙම මුද්දර පෙලින් නිරූපණය කර තිබේ.

සංචාරක ආකර්ෂණීය බවින් යුත් මුද්දර වාර්ෂිකව නිකුත් කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම මුද්දර හෙට (16) දිනයේදී නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම මුද්දර රුපියල් 4.00, 10.00, 15.00 සහ 35.00 යන වටිනාකම්වලින් යුක්ත ඒවා බව ද තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Dec 2017 08:03 AM
ඉස්සර නම් මුද්දර අපිත් එකතු කළා..දැන් තමයි කෙරෙන් නැත්තේ....

අලුතින් නිකුත් කරන ලද මුද්දර..කුරුල්ලන් ගැන විස්තරයක්...මේවා ළමයින්ට වැදගත් වෙනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Dec 2017 09:11 PM
මුද්දර ත්‍රෙඩ් එක පන ගහල ඇවිත් තියෙන්නෙ. මම ආසාවෙන් බලපු ත්‍රෙඩ් එකක්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Feb 2018 04:07 AM
තේමා අනුව මුද්දර එකතු කිරීම

වර්තමාන කාලයේ ජනප්‍රිය වී ඇත්තේ විවිධ තේමා අනුව මුද්දර එකතු කිරීමේ ක්‍රමය යි.
එය රටවල් අනුව මුද්දර එකතු කිරීමට සාපේක්ෂව බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ, අද වන විට ලෝකයේ විවිධ රටවල් මෙසේ විවිධ තේමා අනුව මුද්දර නිකුත් කිරීමට උත්සුක වී ඇති නිසයි.
වන සතුන්, ජනප්‍රිය පුද්ගලයින්, ක්‍රීඩා, විසිතුරු මල්, තාරකා විද්‍යාව සම්බන්ධිත මුද්දර, යාන වාහන, ජලජ ජීවින් යනාදි මුලික තේමා රැසක් හා ඊට අදාළ අනු තේමා යටතේ මෙසේ මුද්දර එකතු කරනු ලබනවා.
උදාහරණයක් ලෙස ඔබ මූලික තේමාව ලෙස වන ජීවීන් යන්න තෝරා ගත්තා යැයි සිතමු.. දැන් මේ යටතේ අලි ඇතුන්, පක්ෂීන්, උභය ජිවීන් වැනි විවිධ අනු තේමා යොදාගනිමින් ඔබේ මුද්දර එකතුව සකස් කර ගත හැකියි.
විවිධ රටවලින් මෙවැනි තේමා යටතේ නිකුත් කරනු ලබන මුද්දර එකම තැනකට ගෙන ආ හැකි වීම මෙහි විශේෂත්වයයි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Feb 2018 09:51 PM
තේමා අනුව මුද්දර එකතු කිරීම 01

තේමාව - ක්ෂිරපායීන්
අලි අැතුන්



අලියා ගොඩබිම වසන විශාලතම සත්වයාය. අප්‍රිකානු අලියා සහ ආසියානු අලියා ලෙස අලි විශේෂ දෙකක්‌ දිවිගෙවන අතර අප රටේ දිවිගෙවන්නේ ආසියානු අලියාය. විද්‍යාත්මකව මෙම විශේෂය Elephas Maximus ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ දිවිගෙවන වන අලියා ඉන්දියානු හෝ වෙනත් රටවල ආසියානු විශේෂයෙන් තරමක්‌ වෙනස්‌කම් දරන බැවින් ශ්‍රී ලංකානු අලියා අප රටට ආවේණික උප විශේෂයක්‌ ලෙස සැලකේ. එබැවින් ශ්‍රී ලංකානු අලියා හැඳින්වීමට Elephas Maximus Maximus යන උප විශේෂ නාමය භාවිත වේ.

ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශවලදී වන අලි - ඇතුන් බහුලව හමුවේ. දකුණු පෙදෙසේ හම්බන්තොට සිට උතුරු පළාතේ චුණ්‌ඩිකුලම් දක්‌වාද, නැවතත් පුනරීන් සිට වයඹ පළාතේ පුත්තලම දක්‌වාද වූ මුහුදු තීරය ඔස්‌සේ රට තුළ වියළි කලාපීය පෙදෙස්‌වල ඇති වනාන්තරවල අලි -ඇත්තු දිවිගෙවති. තෙත් කලාපයට අයත් සිංහරාජය, සමනල අඩවිය හා කොස්‌ලන්ද පෙදෙස්‌වලද ඉතා සීමිත අලි ගහනයක්‌ දක්‌නට ලැබේ.

1900 වර්ෂය පමණ වන විට මෙරට වන අලින් 10000 ක්‌ දෙනා දිවි ගෙවූ බවට වාර්තා පළවී ඇති නමුත් පසුගිය දශකයක පමණ කාලය පුරාවට පිළිගැනීමට ලක්‌වූයේ මෙරට වනාන්තරවල ඉතිරිව ඇත්තේ අලි -ඇතුන් 3500 ක පමණ ප්‍රමාණයක්‌ බවයි. අලි - මිනිස්‌ ගැටුම් උග්‍ර අතට හැරී මේ වන විට වාර්ෂිකව අලි 150 - 200 ක්‌ හා මිනිසුන් 100 ක්‌ පමණ ජීවිතයෙන් සමුගනිති. ආසියානු අලියා වඳවීමේ තර්ජනයට ලක්‌ව ඇති ජීවියකු ලෙස ලෝක සංරක්‍ෂණ සංගමය මගින් නම්කර රතු දත්ත ලේඛනයට පවා ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකාවේදීද වන අලින් හා ඇතුන් නිරතුරු ඝාතනයට ලක්‌වන අතර දේශීය රතු දත්ත වාර්තාවේද අලියා තර්ජනයට ලක්‌වූ ජීවියකු ලෙස නම් කර තිබේ.

(ආසියානු) අලියා අඩි 8-9 දක්‌වා උසින් වැඩෙන අතර ගැහැනු සතා (ඇතින්න හෝ කෙණර) උපරිම අඩි 8 දක්‌වා වැඩේ. එහෙත් අඩි 11 ක්‌ පමණ දක්‌වා උසින් වැඩුණු හස්‌තිරජුන්ද අප රටෙන් වාර්තා වී ඇත.

ශරීර ලක්‍ෂණ, හැඩහුරුකම් යනාදිය අනුව කුල දහයකට අයත් අලි ඇතුන් අපේ රට තුළ දිවිගෙවන බවට පැරැන්නන් විසින් වර්ග කරනු ලැබන ඇත. ඒ පහත පරිදිය.

1. කලාවක 2. ගංගෙයH, 3. තඹර, 4. පිංගල, 5. පණ්‌ඩර 6. මංගල, 7. ගන්ධ, 8. හේම, 9. උපෝසත, 10. සද්ධන්ත. මෙයින් සද්ධන්ත කුලයේ අලි ඇතුන් උසස්‌ම කුලයේ සතුන් ලෙස සැලකේ. ඔවුන්ගේ හොඬය, ලිංගය, වල්ගය හා අත්පා සතර ඇතුළු අඟපසඟ හතක්‌ පොළොවේ ස්‌පර්ශවීම විශේෂත්වයකි.

අප්‍රිකානු අලියා උස මහතින් හා බරින් වැඩිම සත්වයාය. ආසියානු අලියා මීට වඩා ශරීර ප්‍රමාණයෙන් තරමක්‌ කුඩාය. ආසියානු අලියකු සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 3000 - 5000 අතර ප්‍රමාණයක බරින් යුක්‌ත වේ.

වැඩුණු අලියකු දිනකට ආහාර කිලෝග්‍රෑම් 250 - 300 අතර ප්‍රමාණයක්‌ ආහාර ලෙස ගනී. තෘණ හා කොළ දඬු යනාදිය මෙලෙස ආහාර ලෙස බුදී. එසේම දිනකට ජලය ලීටර් 200-250 අතර ප්‍රමාණයක්‌ පානය කරයි. මේ සඳහා දිනකට කිලෝමීටර් 20-25 ක්‌ දුර ඇවිද යැම වන අලියාගේ සිරිතය. සවස හතරත් පෙරවරු පහත් අතර සක්‍රීය වන අලියා දිවා කාලයේදී තරමක්‌ අලස ගති ලක්‍ෂණ පෙන්වන අතර මධ්‍යාහ්නයේදී ඝන වනවදුල තුළ සැඟව හෝ රූස්‌ස ගස්‌ සෙවණට වී විඩා නිවා ගනී. ආහාර සොයා තෘණ පිටි හා ලඳු කැලෑවල දිවිගෙවීම සක්‍රිය කාලයේදී දැකගත හැකිය.

අලි මවකට පැටවකු ලැබෙන්නේ සාමාන්‍යයෙන් වසර 4 කට වරකි. ගැබ් කාලය වසර 1 1/2 ක්‌ වීමත්, ඉතිරි කාලය පැටවා කිරි දී පෝෂණය කිරීමත් ඊට හේතුවයි.

සොඬවැල අලියාගේ විශේෂිතම අවයවයයි. අනෙකුත් සතුන්ගෙන් අලි - ඇතුන් වෙනස්‌වීම සඳහාද මෙම සොඬ හේතුවී ඇත. අනෙකුත් ක්‍ෂීරපායින්ගේ මෙන් නොව මෙසේ සොඬක්‌ පිහිටන බැවින් අලියා මමාලියා නම් ක්‍ෂීරපායි වර්ගයේ ප්‍රොබසීඩියා (Probascidea) ගෝත්‍රයට ගොනුකොට ඇති අතර එලිµන්ටිඩේ (Elephantidae) කුලයට අයත් වේ.

ආසියානු අලියාගේ සොඬ මස්‌ පිඬු 5000 කින් පමණ සමන්විත වේ. මෙය කිලෝග්‍රෑම් 200 ක පමණ බරකින් යුක්‌තවන අතර දිගින් මීටර් 2 ක්‌ පමණ වේ. නාස්‌පුඬු දෙකක්‌ද එක්‌ සොඬැගිල්ලක්‌ද ඇති සොඬවැල මගින් කිලෝග්‍රෑම් 350 - 400 ක පමණ බරක්‌ ඉසිලිය හැකිය. සොඬ තුළ ජලය ලීටර 8 ක්‌ පමණ රඳවාගත හැකිය.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Mar 2018 05:38 AM
බොහොම ස්තුතියි 76 මේ ත්‍රෙඩ් එක නැවත සක්‍රීය කරාට. මගේ ගාව මුල්දින කවර සහ මුද්දර සිහිවදන පත්‍රිකා එකතුවක් තිබුනා. පහුගිය මැයි මාසේ ගංවතුරට ඒවා ඔක්කොම අහු උනා, නමුත් මම සුද්ද කරලා නැවත යතා තත්වයට පත් කරගත්තු මුද්දර සහ මුල්දින කවර ටික ඉක්මනට මේ ත්‍රෙඩ් එකේ දාන්නම්.
මට වයස අවුරුදු 10-16 අතර කාලේ විශේෂිත විනෝදාංශයක් තමයි මුද්දර එකතු කිරීම
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Mar 2018 06:25 PM
මටත් තියෙනවා එහෙම අතීතයක්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Mar 2018 07:36 PM
ආයෙත් එකතු කරන්න පටන් ගනිල්ලකෝ.. මම උදව් කරන්නම්...
නැතිනම් දරුවන්ට හරි පුරුදු කරන්න...
මෙයින් ලොකු දැනුමක් ගන්න පුළුවන්...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Mar 2018 07:40 PM
ඉස්සර මං ගාව තිබ්බා පිටරට ඒවත්.දැන් ඒවා නැහැ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Mar 2018 09:43 PM
70 දශකයේ මගේ ලඟත් මුද්දර 6000ක පමණ එකතුවක් තිබුණා. ඒ මුද්දර ඇල්බම් එක පාසැලේදී නැතිවුණා. ඒත් මම මෑත කාලයේ සිට නැවත මුද්දර එකතු කරනවා. අවශ්‍ය අයට හුවමාරු කරගන්න පුළුවන්..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Mar 2018 09:55 PM
පිටරට තියන මුද්දර එහෙම තියේ නම් දෙන්නකෝ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Mar 2018 10:00 PM
Posted By chamaramind on 02 Mar 2018 09:55 PM
පිටරට තියන මුද්දර එහෙම තියේ නම් දෙන්නකෝ
ලබන මාසේ මම ලංකාවට ආවම  දෙන්නම්  මල්ලී.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Mar 2018 10:37 PM
ජර්මනියේ මුද්දර කිහිපයක් එනකොට මටත් ගෙනත් දෙන්න අයියෙ. මගේ දුවටත් පුරුදු කරන්න ඕන මුද්දර එකතු කිරීමේ පුරුද්ද. .රටවල් සියයකට ආසන්න මුද්දර ප්‍රමාණයක් මගේ ලඟත් තිබුණ. අන්තරස්ධාන උනා ඔක්කොම එක සැරේට.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Mar 2018 10:43 PM
Posted By maduranga001 on 02 Mar 2018 10:37 PM
ජර්මනියේ මුද්දර කිහිපයක් එනකොට මටත් ගෙනත් දෙන්න අයියෙ. මගේ දුවටත් පුරුදු කරන්න ඕන මුද්දර පුරුද්ද. .රටවල් සියයකට ආසන්න මුද්දර ප්‍රමාණයක් මගේ ලඟත් තිබුණ. අන්තරස්ධාන උනා ඔක්කොම එක සැරේට.
ඉන්දික 76 මල්ලීට නම් මම කලින්  තැපැල් මඟින් මුද්දර ටිකක් එව්වා. දැන් කාල වේලාව නොමැති නිසා ආවම ඔයාලට දෙන්නම්.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Mar 2018 10:47 PM
Posted By Imalka on 02 Mar 2018 05:38 AM
බොහොම ස්තුතියි 76 මේ ත්‍රෙඩ් එක නැවත සක්‍රීය කරාට. මගේ ගාව මුල්දින කවර සහ මුද්දර සිහිවදන පත්‍රිකා එකතුවක් තිබුනා. පහුගිය මැයි මාසේ ගංවතුරට ඒවා ඔක්කොම අහු උනා, නමුත් මම සුද්ද කරලා නැවත යතා තත්වයට පත් කරගත්තු මුද්දර සහ මුල්දින කවර ටික ඉක්මනට මේ ත්‍රෙඩ් එකේ දාන්නම්.
මට වයස අවුරුදු 10-16 අතර කාලේ විශේෂිත විනෝදාංශයක් තමයි මුද්දර එකතු කිරීම
ඔයාගේ මුද්දර සහ මුල්දින කවර ටික දාල වෙනම ත්‍රෙඩ් එකක් පුළුවන් නම් කරන්න මචං. අපට ඒක වෙනමම ෆලෝ කරන්න පුළුවන් එතකොට.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Mar 2018 10:47 PM
Posted By samantha on 02 Mar 2018 10:43 PM
Posted By maduranga001 on 02 Mar 2018 10:37 PM
ජර්මනියේ මුද්දර කිහිපයක් එනකොට මටත් ගෙනත් දෙන්න අයියෙ. මගේ දුවටත් පුරුදු කරන්න ඕන මුද්දර පුරුද්ද. .රටවල් සියයකට ආසන්න මුද්දර ප්‍රමාණයක් මගේ ලඟත් තිබුණ. අන්තරස්ධාන උනා ඔක්කොම එක සැරේට.
ඉන්දික 76 මල්ලීට නම් මම කලින්  තැපැල් මඟින් මුද්දර ටිකක් එව්වා. දැන් කාල වේලාව නොමැති නිසා ආවම ඔයාලට දෙන්නම්.
ඒකට කමක් නැහැ අයියෙ. ආවහම දුන්නම ඇති. ස්තූතියි අයියෙ.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Mar 2018 12:34 AM
Posted By samantha on 02 Mar 2018 10:00 PM
Posted By chamaramind on 02 Mar 2018 09:55 PM
පිටරට තියන මුද්දර එහෙම තියේ නම් දෙන්නකෝ
ලබන මාසේ මම ලංකාවට ආවම  දෙන්නම්  මල්ලී.


හරි අයියේ එතකන් මමත් බලාගෙන ඉන්නවා
0
You are not authorized to post a reply.
Page 9 of 11 << < 7891011 > >>