You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2019 09:56 PM by  maduranga001
මුද්දර විනෝදාංශය
 216 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 11 << < 7891011 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Mar 2018 11:24 PM
තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් ශ්‍රි ලංකාවේ අම්බලම් නිරූපිත රු. 10.00, 15.00, 35.00 සහ 50.00 යන වටිනාකම් වලින් යුත් නව තැපැල් මුද්දර 04 ක් සහ රුපියල් 110.00 ක වටිනාකමින් යුත් සිහිවටන පත්‍රිකාවක් 2018මාර්තු මස .23 වැනි දින නිකුත්කරන ලදි.

“කිසියම් ශිෂ්ටාචාරයක අනන්‍යතාව තහවුරු කරන්නේ ඔවුන් විසින් භාවිතා කරන භාෂවයි. එය අනිකකින් වෙන්කොට හඳුන් වන්නේ එම ශිෂ්ටාචාරය මගින් කාලාන්තරයක්‌ ප්‍රගුණ කරන ලද කලා ශිල්පයි. එමෙන්ම එම ශිෂ්ටාචාරයේ මිනිසුන් ගෞරවයට පාත්‍ර කරවන්නේ හෝ අන්‍යයන් අතර හුවා දක්‌වන්නේ ඔවුන් විසින් ගොඩ නගන ලද වාස්‌තු විද්‍යා නිර්මාණයි. උසස්‌ ගොඩනැඟිලි නිර්මාණයන් ගෙන් තොර පිළිගත් ශිෂ්ටාචාරයක්‌ පිළිබඳ කතා නොකරන්නේම ය. එබැවින් ශිෂ්ටාචාරයක හෝ එහි එක්‌ එක්‌ යුගයන් ගේ දියුණුවේ හෝ ඒවායේ ස්‌ථාවර භාවයේ ද එමෙන්ම පරිහානියේ තත්ත්වයන් පිළිබඳ තොරතුරු අධ්‍යයනය සඳහා පිටුවහලක්‌ වන්නේ, අතීතයේ එක්‌ එක්‌ කාලයන් තුළ ඉතිහාසයට එක්‌කොට ඇති ගොඩනැඟිලි හෝ ඒවායේ නටබුන් බැවින් පුරා තත්ත්වයන් හඳුනා ගැනීමට වාස්‌තු විද්‍යාව මහත් සේ ප්‍රයෝජනවත් වන්නේ ය.”

මහාචාර්ය, නිමල් ද සිල්වා

අම්බලම් ඉදිකිරීම එහි මුල්ම යුගයේ ගිමන් නිවා ගැනීම, රාත්‍රිය ආරක්‌ෂා සහිතව ගත කිරීම ආදී මූලික කාරණාවන් වෙත උනන්දු වීමේ ප්‍රථීඵලයක්‌ විය හැකිය. කාලීනව ඊට බොහෝ කරුණු එක්‌වීමෙන් සමාජ විද්‍යාත්මක මෙන්ම වාස්‌තු විද්‍යාත්මකව ද වැදගත්කමින් යුතු පු`ඵල් වශයෙන් සාකච්ඡා කළ හැකි සංස්‌කෘතිකාංගයක්‌ බවට පත්විය. අම්බලම් මගින් සිදුවන සමාජමය කාර්යයන් වශයෙන් භාරතීය සමාජ ක්‍රමයේ එක්‌ දිගුවක්‌ වූ වර්ණ බේදය ක්‍රමයෙන් කුල ක්‍රමයට පරිවර්තනය වීමත් ආගමික කටයුතු අතින් තත් යුගයේ ජනතාවට මහඟු සේවයක්‌ ලබා දුන් ස්‌ථානයක්‌ වශයෙනුත් තත් යුගයේ සන්නිවේදන පක්‌ෂයෙන් ප්‍රබල දායකත්වයක්‌ ජනතාවට ලබා දුන් ආකාරයත් අර්ථීක කාර්යයන් වශයෙන් වාණිජ කටයුතු උදෙසා සිදු කෙරුණ සේවාවත් නීතිමය කරුණු පිළිබඳ කටයුතු ඉටු කර ගැනිමට රාජ්‍ය පාලකයින් ට පහසු වීමත් තාක්‌ෂණික හා වාස්‌තු විද්‍යාත්මක කරුණුවලට අමතරව තවත් වැදගත් කාරණා වශයෙන් සමාජ ගත විය.
අම්බලම සඳහා බිම සැකසිමේ සිට සමස්‌ථය ඉදිකර ගැනීම දක්‌වා වූ නිර්මාණාත්මක හා තාක්‌ෂණික අතින් ද ඊට නොදෙවෙනි වැදගත් කමකින් යුතු උසස්‌ ගෘහ නිර්මාණ ශිල්පය අතින් සම්භාව්‍යමය ගුණයෙන් පිරිපුන්ව පැවති බවට අම්බලම්වල පවතින නෂ්ඨාවශේෂ තුළින් මොනවට පිළිබිඹු වෙයි.

මුලාශය දිවයින බදාදා අතිරේකය,

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන අම්බලම් අතුරෙන් සුවිශේෂි අම්බලම් හතරක් වන මාරස්සන වෙළ මැද අම්බලම, කරගහගෙදර අම්බලම, පනාවිටිය අම්බලම සහ ගොඩමුන්න අම්බලම මෙම මුද්දර හතරෙන් නිරූපණය කර තිබේ.

1. මාරස්සන ගම මැද අම්බලම
මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, තලාතුඔය හඟුරන්කෙත මාර්ගයේ හමුවන මාරස්සන නගරයේ සිට දකුණින් මාරස්සන ප්‍රධාන රෝහල ඉදිරිපිට මාර්ගයේ සැතපුම් භාගයක් දුරින් මාරස්සන ගම මැද අම්බලම පිහිටා ඇත.
ඉතාමත් සිත්කළු වෙල් යායක් මධ්‍යයේ පිහිටි මෙය දැවයෙන් තනා ඇති විශාල දැව කඳන් සතරකින් යුතු අට්ටාලය මත ගොඩනංවා තිබේ. අඩි 6 ක් පමණ විශ්කම්භය ඇති එම අට්ටාලය ගොඩනගා තිබෙනුයේ සිව් දෙසට යොදා ඇති කළු ගල් හතරක් මතය.

2. කරගහගෙදර අම්බලම
කුරුණෑගල, මීගමුව මාර්ගයේ කලුගමුවෙන් දකුණට හැරී වීරඹුගෙදර මාර්ගයේ සැතපුම් 02 ක් ගිය විට කරගහගෙදර ග්‍රාමයේ මෙය පිහිටා ඇත. පැරණි පඩුවස් නුවර දක්වා මාර්ගයට සම්බන්ධව මේ අම්බලම නිමවා ඇත.
දැනට ශ්‍රී ලංකාවේ ශේෂව පවත්නා කලාත්මක හා පෞරාණික අම්බලම් අතරට එක්වන කරගහගෙදර අම්බලම, දර්ශනිය වෙල් යායක් මධ්‍යයයේ පිහිටි දැකුම්කළු ගල් තලාවක් මත ගොඩ නගා ඇත. බැලු බැල්මට චාම් මෙන්ම ඉතාමත් සිත් ගන්නා අම්බලමකි.

3. පනාවිටිය අම්බලම
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේව මැදි හත්පත්තුවේ මයුරාවතී කෝරළයේ පනාවිටිය නම් ග්‍රාමයේ මෙම අම්බලම පිහිටා ඇත. දඹදෙනිය - අනුරාධපුර මාර්ගයේ නාරම්මල නගරයෙන් දකුණු පස මාර්ගයේ හමුවන මැටියගනේ හන්දියෙන් වමට හැරී සැතපුම් 03 ක් පමණ වැලි පාරක ගියවිට පනාවිටිය ග්‍රාමයේ දර්ශනීය වෙල් යායක් මධ්‍යයේ මෙම අලංකාර අම්බලම දක්නට ලැබේ.
මෙම අම්බලමෙහි වහලය පිදුරුවලින් සෙවිලි කොට තිබී ඇති අතර කැටයම් සහිත දැව දඩු බොහෝමයක් දිරාපත් වී තිබූ බව 1961 පුරා විද්‍යා වාර්තා වේ සඳහන් වේ. එසේ වුවද පැරණි සිංහල ලී කැටයම්කරුවාගේ කෘතහස්තභාවයට දෙස් දෙන්නට තරම් සෑහෙන කැටයම් ශේෂව තිබී ඇත. මෙය සංරක්ෂණය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ චාල්ස් ගොඩකුඹුර මහතාය.
පනාවිටිය අම්බලම ශ්‍රී ලංකාවේ කලාත්මක බවින් ඉහළම සහ විශිෂ්ටතම තාක්ෂණය පිළිඹිබු කරන කැටයම් වැඩිම අම්බලම වේ.

4. ගොඩමුන්න අම්බලම
මහනුවර දිස්ත්‍රික්කයේ දකුණු ගන්දහේ කෝරළයට අයත් පාත හේවාහැට ප්‍රදේශයේ ගොඩමුන්න ග්‍රාමයේ මේ අම්බලම පිහිටා ඇත. තලාතුඔය - හඟුරන්කෙත මාර්ගයේ පළවෙනි සැතපුම් කණුව අසලින් දකුණට හැරී සැතපුම් 04 ක් පමණ ගිය විට මෙය දක්නට ලැබේ.
විශාල දැව බාල්කයක් යොදා කළ අට්ටාලයක් මත දැව කණු සවිකොට අම්බලමේ වහලය සකසා ඇත. එය මත සවි කොට ඇති දැව කුළුණු සියල්ලම ඉතා කලාත්මක ලෙස කැටයම් කොට ඇත. දැව කුළුණු කැටයම් කොට ඇතත් පිහියාවලින් සැස දැමීම නිසා කැටයම් බොහොමයක් විනාශ වී ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි දැනට තරමක් හොඳින් ආරක්ෂා වී ඇති පෞරාණික සහ කලාත්මක පුරා විද්‍යා ස්මාරකයක් ලෙස ගොඩමුන්න අම්බලම හැඳින්විය හැකිය.

කියවන මුද්දර . නිරෝෂණ පිරිස්
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Mar 2018 11:25 PM
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
24 Mar 2018 04:43 AM
අපේ රටේ මුද්දර ලස්සනයි..
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
25 Mar 2018 05:23 AM
මුද්දර ගැන හැදෑරීමෙන් ලොකු දැනුමක් ලබාගත හැකියි..
මේ එයට එක් උදාහරණයකි..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
25 Mar 2018 09:38 PM
බෙල්ලන්විල පන්සල ලඟ වෙල අසල මේ වගේ අම්බලමක් තිබුණා මතකයි. ඒ වගේම ඇතුල් කෝට්ටේ පාර අයිනේ අම්බලමක් තියෙනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
25 Mar 2018 09:52 PM
තාම තියෙනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
10 Apr 2018 03:48 AM

රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මුද්දරයක්


ශ්‍රී  බුද්ධ  වර්ෂ  2562   රාජ්‍ය වෙසක්  මහෝත්සවය   නිමිත්තෙන්  මුද්දර  එළිදැක්වීමේ  උත්සවය  බුද්ධශාසන  අමාත්‍යාංශයේ  ශ්‍රවණාගාරයේ  දී  අද(09)  සිදුකෙරිණි .

"චිත්තං  දන්තං  සුඛාවහං" (සිත දමනය  කිරිමෙන්  සැප  ලැබේ)   යන්න  මෙවර  රාජ්‍ය  වෙසක්  දින සැමරැමේ තේමාවයි.   
 
චුල්ල  සුතසෝම  ජාතික  ඊට  කදිම  නිදසුනක්  සපයන්නක් බැවින්   එම ජාතකය  මෙවර  වෙසක්  මුද්දරවල නිරෑපනය  කර  තිබේ. 

එම  මුද්දර  සහිත  මුල්දින  කවරය  තැපැල්  අමාත්‍යාංශයේ ලේකම්   ආර්.එමි. බී.බී. මීගස්මුල්ල  මහතා බුද්ධශාසන අමාත්‍ය  ගාමිණී  ජයවික්‍රම   පෙරේරා  මහතා  වෙත  පිරිනැමීය . මෙම අවස්ථාවට  බුද්ධශාසන අමාත්‍යාංශ යේ  ලේකම්  චන්ද්‍රපේම   ගමගේ   මහතා  ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඡායාරූප   චතුර එස් .කොඩිකාර

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
10 Apr 2018 09:14 PM
මෙවර මුද්දර තුනයි වගේ නිකුත් කරලා තියෙන්නේ...
වෙනදා නම් මුද්දර 4 ක් නිකුත් වෙනවා...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
19 Apr 2018 06:05 PM

රාජ්‍ය වෙසක් දිනයට මුද්දරයක්


බිඟුන් මේනක ගමගේ
 
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර කාර්යාංශය විසින් නිර්මාණය කරන ලද මුද්දරයක් ලබන 29 වැනිදා(වෙසක් පෝදා) නිකුත් කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

 
සැලසුම් ශිල්පී පාලිත ගුණසිංහ සිතුවම් කළ මෙම මුද්දරයෙන් වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වෙන බිංගිරිය රජ මහා විහාරය දැක්වේ.
 
පළමු මුද්දරය ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතාට පිරිනැමීමට නියමිතය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
19 Apr 2018 06:47 PM
අපො ඔය පතොලයට මොකට මුල්ම එක දනවද මන්දා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
21 Apr 2018 08:39 PM
මේ අවුරුද්දේ නිකුත්වූ මුද්දර ටික එකතු කරගන්නත් බැරිවුනා...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
13 May 2018 06:52 AM

මුද්දර දැක්ම ලබන 25 දා සිට

තැපැල් දෙපාර්තමේන්වේ මුද්දර කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන කොළඹ මුද්දර දැක්ම ලබන 25,26,27 යන දිනයන්හි කොළඹදී පැවැත්වේ.

මෙම මුද්දර දැක්ම ඉහත දියනහි පෙ.ව.9.00 සිට ප.ව.6.00 දක්වා කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ තැපැල් මූලස්ථානයේදී පැවැත්වේ.

පැරණි මුද්දර, කාසි, නෝට්ටු මෙන්ම දෙස් විදෙස් නව මුද්දර මිලදී ගැනීමට ද, මුද්දර සහ ඒ ආශ්‍රිත අයිතම මුද්දර ඇල්බම්, 1857 සිට නිකුත් කෙරුණු මෙරට මුද්දර ඇතුළත් මුද්දර නාමාලිය සහ මුද්දර ආශ්‍රිත බොහෝ දේ මෙහිදී මිලදී ගැනීමට මෙන්ම තැපැල් කෞතුකාගාරය නැරඹීමට ද අවස්ථාව උදාවේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
13 May 2018 07:04 AM
මමත් මේ පිළිබද අපේ සහෝදර සහෝදරියන් දැනුවත් කරන්න හිටියේ..
ස්තූතියි චාමර මල්ලී...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
13 May 2018 04:31 PM
මෙවර නම් බලන්න යන්න ඕනේ. ස්තුතියි චාමර මල්ලී දැනුවත් කලාට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
13 May 2018 06:31 PM
සමන්ත අය්යට නිවාඩු
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 May 2018 10:39 PM
යන්න ඕනේ ...බලමු.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 May 2018 08:29 PM
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
23 May 2018 08:39 PM
කල් ගිය එක හොඳයි..
නැතිනම් බලන්න වෙන්නේ නෑ...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
31 May 2018 06:39 PM
බලන්නම ඕන මේ මුද්දර දැක්ම එක නම්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
25 Jun 2018 08:06 AM
මොන එක්සිබිසොන්ද
පොඩ්ඩව ඉස්කෝලෙට දාන්න ඇඩ්මිශන් ෆෝර්ම් එකට ගහන්න රුපියල් 50 මුද්දර හොයනවා තාම
0
You are not authorized to post a reply.
Page 10 of 11 << < 7891011 > >>