You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2019 09:56 PM by  Prasad Maduranga
මුද්දර විනෝදාංශය
 216 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1112345 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Aug 2016 09:43 AM

    මුද්දර විනෝදාංශය

     

    ක්‍රමවත්ව මුද්දර රැස් කිරීම හා ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමේ විනෝදාංශය (Philately) ලොව ජනප්‍රියම විනෝදාංශය ලෙස හඳුනාගෙන තිබෙනවා. සමාජයේ සෑම තරාතිරකටම මෙන්ම වයස් කාණ්ඩයකටම අයත් ඕනෑම පුද්ගලයෙකුට තම විවේකය ඵලදායි අන්දමින් ගත කිරීම සඳහා වඩාත්ම පහසුවෙන් තෝරාගත හැකි විනෝදාංශය, මුද්දර රැස් කිරීම බව වසර 150ට වඩා ඈත ඉතිහාසයක් තුලින් පැහැදිලි වෙනවා...

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    26 Aug 2016 09:57 AM
    ඉතිහාසය

    ලොව ප්‍රථම මුද්දරය එංගලන්තයේදී 1840 මැයි 06 දින සිට භාවිත විය. වික්ටෝරියා රැජිනගේ රුව රැගත් එය පැන්ස 1 ක වටිනාකමින් යුක්ත වූවා.
    එක කළු පැහැ නිසා පෙනී බ්ලැක් යනුවෙන් හැදින්විය. රෝලන්ඩ් හිල් මහතා විසින් මුද්දරය නිර්මාණය කිරීමේ පුරෝගාමියා විය.
    බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබූ ශ්‍රී ලංකාවේද 1857 අප්‍රේල් මස 01 දින මෙරට ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් කරන ලදී.
    වික්ටෝරියා රැජින‍ගේ උඩුකය රූපයක් රැගත් එම මුද්දරයේ වටිනාකම පැන්ස 6 කි.
    එම මුද්දර වල වර්තමානයේ මෙන් සිදුරු විදමන් නොමැති බැවික් වෙන් කිරිමට කතුරකින් කැපීමට සිදුවිය.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    26 Aug 2016 10:01 AM

    ලොව ප්‍රථම මුද්දරය (Penny Black)
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    26 Aug 2016 10:12 AM

    ලංකාවේ ප්‍රථම මුද්දරය
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    26 Aug 2016 10:12 AM
    මීට කලින් දැකල තිබුනෙ නැහැ ස්තූතියි අයියේ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    26 Aug 2016 10:17 AM
    මෙන්න නියම ත්රෙඩ්ස්. නියමයි ඉන්දික අයියෙ. මුද්දර ගැන මේ ත්‍රෙඩ් එකෙන් වැදගත් තොරතුරු රැසක් නම් ඒකාන්තයි.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    26 Aug 2016 10:28 AM
    විනෝදාංශයක් ලෙස විකාශනය

    මුද්දර භාවිතය ඇරඹී කෙටි කලකින් ඒ පිළිබඳ උනන්දුව දැක්වූ විවිධ පුද්ගලයන් ඒවා රැස් කිරීම ආරම්භ කරන ලදී.
    එකල යුරෝපයේ ඉතා ජනප්‍රියව පැවතුනේ කුරුළු පිහාටු එකතු කිරීමේ විනෝදාංශයයි.
    එය අභිබවමින් මුද්දර එකතු කිරීම ජනප්‍රිය වූ අතර එය ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන ලදී.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    26 Aug 2016 10:32 AM
    විනෝදාංශයක් වශයෙන් මුද්දර එකතු කිරීම

    මුද්දරය කලා කෘතියක් ලෙස හැදින්විය හැකිය. පහසුවෙන් ලබාගන්න හැකිවීමක් සීමිත ඉඩකඩක් ප්‍රමාණවීමත් නිසා මෙය ඉතා ජනප්‍රිය වූවා.
    දර්ශනීය හා දැකුම්කළු භාවය නිසා සිතට සහනයක් ලැබෙනවා.
    සැලසුම් සහගත ලෙස මුද්දර එකතු කිරීමට පුරුදුවීම මගින් ක්‍රමවත් අයුරින් වැඩකටයුතු කිරීම සඳහා ජීවිතය හැඩගස්වා ගන්න පුළුවන
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    26 Aug 2016 10:34 AM
    අධ්‍යාපන මට්ටම දියුණු කර ගැනීමට මුද්දර එකතු කිරීම

    මුල් කාලයේදී ලෝකයේ බොහෝ රටවලින් නිකුත් වූයේ රාජ්‍ය පාලකයින්, ලාංඡන ආදිය පිළිබිඹු වන මුද්දරයි.
    එහෙත් පසු කාලීනව රටවල් පිළිබඳව සියළු තොරතුරු ගෙන එන තේමාවන් රැගත් මුද්දර නිකුත් කිරීමඇරඹිණි.
    මේ නිසා හොඳ මුද්දර එකතුවක් විශ්ව කෝෂයක් බඳුයි. ඒ තුලින් මුළු ලෝකයම දකින්නටත් තොරතුරු ඉගෙන ගන්නටත් හැකිවී තිබෙනවා.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    26 Aug 2016 10:36 AM
    ආයෝජනයක් ලෙස මුද්දර එකතු කිරීම

    පැරණි, දුර්ලභ මෙන්ම විවිධ වැරදි සහිතව මුද්‍රණය වූ මුද්දර සඳහා මුද්දර රැස් කරන්නන් අතර හොඳ ඉල්ලුමක් පවතිනවා.
    ඒ නිසා ක්‍රමවත් ව මුද්දර රැස් කරන හා ඒ පිළිබඳව අධ්‍යයනය කරන පුද්ගලයන් ට ඒවා ඉහළ මිල ගණන් වලට අලෙවි කර ගැනීමේ අවස්ථාව උදාකර ගත හැකියි.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    26 Aug 2016 10:38 AM
    මුද්දර රැස් කිරීම ආරම්භ කළ හැක්කේ කෙසේද?

    ඔබට පහසු ආකාරයෙන් මුද්දර රැස් කිරීම ආරම්භ කරන්න පුළුවන්.
    ප්‍රධාන වශයෙන් එය මේ අයුරින් බෙදා දැක්විය හැකිය.

    1. අවලංගු කළ මුද්දර එකතු කිරීම
    2. මුද්‍රිත තත්ත්වයේ මුද්දර එකතු කිරීම‍
    3. මුල් දින කවර එකතු කිරීම‍
    4. සිහිවටන පත්‍රිකා එකතු කිරීම
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    26 Aug 2016 08:20 PM
    එල එල ..කො අපෙ ඉසුරු මල්ලිගෙ මුද්දර පොත කවුරුහරි ඉස්සුවද ?
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    26 Aug 2016 09:56 PM
    1. අවලංගු කළ මුද්දර එකතු කිරිම

    තැපැල් කටයුතු සඳහා යොදාගත් මුද්දර ඒවා අලවා ඇති කඩදාසි වලින් ඉවත් කර එකතු කිරීමයි.
    කඩදාසියෙන් මුද්දරය ඉවත් කිරීමේදි ටික වේලාවක් ජලයේ පොගවා ගත්විට පහසුවෙන් ඉවත්කල හැකිය.
    පසුව එය මද පවනේ වේලාගැනීම කළ යුතුය.
    ඉරුණු, පළුදුවුනු, දැති කැඩුණු හෝ තදින් දින මුද්‍රාව වැදී අවලක්ෂණ වූ මුද්දර ඉවත් කළ යුතුය.

    0

    Madhawa Ariyarathna
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    26 Aug 2016 11:26 PM
    මං ගාවත් ටිකක් ලොකු මුද්දර එකතුවක් තියෙනවා, මුද්දර වගේම කාසි හා මුදල් නොට්ටුත්.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    27 Aug 2016 02:09 AM
    Posted By madhawas on 26 Aug 2016 11:26 PM
    මං ගාවත් ටිකක් ලොකු මුද්දර එකතුවක් තියෙනවා, මුද්දර වගේම කාසි හා මුදල් නොට්ටුත්.

    නියමයිනේ මාධව මල්ලී..

    මගේ ළගත් මුදල් නෝට්ටු හා කාසි එකතුවකුක් තියෙනවා ...


    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    27 Aug 2016 02:26 AM
    මුද්‍රිත තත්ත්වයේ මුද්දර එකතු කිරීම

    මුද්‍රිත තත්ත්වයේ අවලංගු නොකල මුද්දර එකතු කිරීම මගින් දර්ශනීය මුද්දර එකතුවක් ගොඩනගා ගත හැකිය.
    ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ මුද්දර කාර්යාංශ කවුළුවකින් මුද්දර මිලදී ගැනීමට පුළුවන.
    මුද්දරය පසුපස ඇති මැලියම් ආරක්ෂාවන පරිදි සුරක්ෂිතව තැන්පත් කර ගැනිම ඉතා වැදගත් වෙනවා.
    (මුද්දරය පසුපස ටැල්කම් පවුඩර් ස්වල්පයක් තැවරීමෙන් මැලියම් තට්ටුව ආරක්ෂාකර ගැනීම පුළුවන්)

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    27 Aug 2016 02:35 AM
    ඉදිරියේදී පුළුවන් කමක් තිබුනොත් සහ ළඟ තියෙනවා නම් අවලංගු කල මුද්දර සහ අවලංගු කිරීමට හේතුත් එක්ක දෙන්නකො. මමත් ඒ වගේ කීපයක් දැකල තියෙනව. ප්‍රින්ටින් මිස්ටේක්ස් එහෙම තිබිච්ච ඒවා.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    27 Aug 2016 02:39 AM
    විවිධ හේතූන් නිසා අවලංගු කරන මුද්දර තියෙනවා. මම එය පසුව සඳහන් කරන්නම්..
    ඒ මෙතන අවලංගු කිරීම කියා හදුන්වා තියෙන්නේ තැපැල් කිරීමේදී වදින දින මුද්‍රාව හෝ
    ඔප්පුවක වගේ නම් මුද්දරය කැපී යන ලෙස යොදන අත්සන ආදියෙන් අවලංගු වන මුද්දරයි..
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    27 Aug 2016 02:44 AM
    ආ.. හරි. හරි. මට තේරුණා.
    ඒ වගේම ප්‍රින්ටින් මිස්ටේක්ස් තියෙන මුද්දර එකතු කරන අයත් දැකල තියෙනවා. අපේ හිටියා සිය ගණනක් විතර සෙට් එකක් ඉස්කෝලේ ඔහොම විවිධ වර්ගයේ මුද්දර එකතු කරන. මගේ ලඟත් තිබුනා රටවල් සියයක පමණ මුද්දර. ඔක්කොම අද අතුරුදහන්.

    ඔයාගේ කාරනා හතරට අමතරවද මන්දා එහෙම දේවලුත් තියෙනවා. මුද්‍රණ දෝෂ සහිත පැරණි මුද්දර විකුණන්නේ ගිනි ගණන් වලට. ඒවායේ තියෙන දුර්ලභ බව නිසා.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    27 Aug 2016 02:45 AM
    3. මුල්දින කවර එකතු කිරීම

    සෑම මුද්දරයක්ම නිකුත් කිරීමේදී ප්‍රථම දින මුද්‍රා තබා අවලංගු කිරීමෙන් පසු ඒවා භාවිතයට නිදහස් කරනු ලබනවා.
    ඒ සඳහාම මුද්‍රණය කරනු ලබන දර්ශනීය මුද්දර කවරයක මුද්දරය අලවා දින මුද්‍රා තබා අවලංගු කරනු ලබනවා.
    මුල්දින කවරය සමග ලබාදෙන නිවේදන පත්‍රිකාවේ මුද්දරය පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා.
    මුල්දින කවර එකතු කිරීමෙන් ලොකු දැනුමක් ලබාගැනීමට පුළුවන..

    0
    You are not authorized to post a reply.
    Page 1 of 1112345 > >>