You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Nov 2016 02:17 PM by  Sithara Godewatta
නිරෝගී දිවියක රහස්
 154 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 8 << < 12345 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 May 2016 03:03 AM
Posted By Imalka on 05 May 2016 10:25 PM
Posted By Ind007ka on 05 May 2016 06:13 PM
මම නම් ඇල් වතුර නිවලා බොන්නෙ


මම නම් එකදහස්නමසිය බරගනන්වල ඉඳන් එහෙම කරනවා හිටං 


… …අපි ඒක දන්නවා එහෙනං
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 May 2016 05:30 AM
me dawas wala nam unuwathura mathak ka epa
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 May 2016 08:17 AM
මේ දවස් වල ඔය වතුර ජාති දෙකම එක වගෙයිනෙ.
අයියෝ මෙහෙම කරුමයක්.....කෝ වැස්ස ??????????
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 May 2016 04:01 PM
කවදා පුරුදු වෙලාද මන්දා ..මාත් උදේට උණුවතුර වීදුරුවකින් ථංආඅ දවස පටන්ගන්නේ ....මන් හිතන්නේ එක ඇගට ගොඩක් ගුණයි .
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 May 2016 04:55 AM
මෙහෙට දැන් ඔන්න උණු වතුර වටිනවා
ඊයෙත් පැලෙන්න වැස්ස අදත් වහින්න වගේ
මමනං දැනුත් උණු වතුර වීදුරැවක් ගැහුව
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 May 2016 07:36 AM
උදේට මද රස්නෙන් උනු වතුර වීදුරුවක් බොන එක කොලස්ටරෝල් අඩු වෙන්න එක හේතුවක්...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 May 2016 10:40 AM


                              මිහිරි ගී අසා බිහිරි වීම

ඉයර්ෆෝන් හෝ හෙඩ්ෆෝන් ලෙස හදුන්වන නනට සමීප කළ ස්පීකර් භාවිතා කිරීම නිසා කන් බිහිරි වන්නට පුළුවන්ය යන මතය වෝක්මන් යන්ත්‍ර මුලින්ම හදුන්වාදුන් 80 දශකයේ සිටම පතල වූවත් එය මිත්‍යාවක් පමණක්ය කියා සිතුවෝ බොහෝ වූහ. එහෙත් ඉයර්ෆෝන් භාවිතා කිරීම නිසා බොහෝ ශ්‍රවණ දෝෂ ඇති වෙන්නට හෝ කන් බිහිරි වන්නට හෝ පුළුවන් බව දැන් විද්‍යාත්මකව තහවුරු කර තිබේ.

110dB වැඩි ශබ්ද මගින් ශ්‍රවණ සංවේදී ස්නායු විනාශ වන අතර ඉයර්ෆෝන්වලින් නික්මෙන හඬ 140dB පමණ වේ.

එංගල්නතයේ ලේසෙස්ටර් විශ්ව විද්‍යාලයේ මාටින් හමාන් ඇතුළු පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ තිබෙන්නේ ඩෙසිබල් (dB) 110කට වඩා වැඩි හඬ විසින් ස්නායු සෛල විනාශ කරනු ලබන බවයි. ස්නායු සෛල හෙවත් නියුරෝන තුළින් ගමන් කරන ස්නායු ආවේග, පිටතට කාන්දු නොවී නියමාකාර ලෙස එතුළින් ගමන් කරන්නේ නියුරෝනවලට පිටතින් ඇති මයලීන් කොපුව නම් ආවරණය නිසාය. එහෙත් ඩෙසිබල් 110ට වඩා වැඩි ශබ්ද නිතරම නියුරෝන තුළින් ගමන් කරන විට මයලීන් කොපුවෙන් ස්නායු සෛල වෙන් වී යයි.

කනේ සිට මොළයේ ශ්‍රවණ පාලක මධ්‍යස්ථානය හෙවත් ශ්‍රවණ බාහිකය වෙත ආවේග ගෙන යන ස්නායු මෙම අනතුරට ලක් වූ විට නියමාකාර ලෙස ආවේග ගමන් නොකරන නිසා ශ්‍රවණාබාධ ඇතිවේ. එසේම ඩෙසිබෙල් 110ට වඩා වැඩි හඬ නිතර ඇසීම නිසා සදාකාලික බිහිරි බව වුවත් ඇතිවිය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ඔවුන් සදහන් කරන්නේ දැන් තිබෙන ඉයර්ෆෝන් හෝ හෙඩ්ෆෝන්වලින් නික්මෙන හඬ අඩි 100ක් දුර සිට මැන්නද ඩෙසිබල් 140ක් තෙක් වන බවයි.

ඉයර්ෆෝන් (හෝ හෙඩ්ෆෝන්) පාවිච්චි කරන සෑම සිය දෙනෙකුගෙන්ම පනස් තුන් දෙනෙකුට ශ්‍රවණ ආබාධ ඇතිවී තිබෙන බව ඇමරිකාවේ කථන, භාෂා හා ශ්‍රවණ සංගමය හෙවත් ආෂා (ASHA – The American Speech Language Hearing Association) ආයතනය පසුගිය අවුරුදු දහයක කාලය පුරාවට කළ සමීක්ෂණ වලින්ද හෙළිවී ඇත.

පරිගණක පියස භාවිතා කරන ඔබත් නිතර නිතර ඉයර්ෆෝන් පාවිච්චි කරන්නේ නම් හැකි තරම් එහි භාවිතය අවම කිරීම හෝ තීව්‍රතාවය ඩෙසිබල් 110ට අඩු හඬක් නිකුත් වන ලෙස ඉයර්ෆෝනයේ ශබ්දය අඩු කොට භාවිතයට ගැනීම යන කාරණා කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔබගේ ශ්‍රවණ අවයවන් ආරක්ෂා කර ගත හැකියි.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 May 2016 12:59 AM
හෙඩ් ෆෝන් එක මෙතරම් දරුණුයි කියලා හිතුවේ නෑ..
මමත් ගොඩක් වෙලාවට භාවිතා කරන දෙයක්..
ස්තූතියි ලිපියට..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 May 2016 01:02 AM
මම නම් හෙඩ් ෆොන් බාවිතයක් නැහැ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 01:11 AM
මම නිතරම පාවිච්චි කරනවා අපො තවත් නම් ගහන්නෙ නෑහෑ කන් දෙක ඉවරයි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 May 2016 08:28 AM
මේක ඇත්ත.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 May 2016 07:11 AM
දැන් ඉන්න පරපුරෙන් 50% වඩා මේ හෙඩ් / ඉයර් ෆෝන් භාවිතා කරනවා.. ඒ නිසා කියන කිසිම දෙයක් , බාහිර ශබ්ධ කිසිවක් එයාලට ඇහෙන්නේ නැහැ..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 May 2016 07:19 AM
ඕවා කනේ ගහන් පාරෙ යද්දි නිච්චි නෑ.ඉතින් යටවෙලා මැරෙනවා. ( අපේ උං )
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Jun 2016 12:48 PM
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Jun 2016 01:05 PM
මම නම් දැනට මාසයකට පෙර ඇස් පරීක්ෂාවක් කර ගත්තා. බොහොමත්ම වටිනා ලිපියක්. ස්තූතියි නංගී.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Jun 2016 06:46 PM
අමූ බයෙ බැහැ
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
22 Jun 2016 07:18 PM
ඇස් දෙක පෙන්න ගන්න ඕන. පෙනීම නම් බලල තියෙනව ඒත් මේ වගේ දෙයක් බලල නෑ. ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jun 2016 07:25 PM
අපි සාමාන්‍ය අක්ෂි සායනයකට ගිහිං මට ග්ලුකෝමා තියෙනවද කියල බලන්න කියල අපි කවුරුවත් බලාවි කියල හිතන්න බැහැ. ලංකාවේ තත්ත්වය නම් එහෙමයි. ඉතිං හැබෑවටම අපි කොහොමද මෙවැනි රෝග තත්ත්ව නිශ්චය කර ගන්නේ? ඇසේ පෙනීමත් අඩුවෙන්නේ සෙමින් නිසා ඒ ගැන තැකීමක් තියේවි කියලත් කියන්න බැහැ.

මේ ලිපියේ තවත් කොටසක් තියෙනවද රෝසී? තියෙනවා නම් දාන්න.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Jun 2016 09:11 PM
විශේෂයෙන් කොලෙස්ටරෝල්, ලේ වල සීනි තියෙන අය මේ පරීක්ෂාව කර ගැනීම වැදගත්. ලංකාවේත් රෝහල් වල කොලෙස්ටරෝල් සායන වල වාර්ෂිකව මේ පරීක්ෂණයත් කරනවා.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Jun 2016 08:05 AM
මටත් බලව ගන්න ඕනා.මගේ වම් ඇසේ බොඳ වෙන ගතියක් තියෙනවා.
0
You are not authorized to post a reply.
Page 3 of 8 << < 12345 > >>