You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Nov 2016 02:17 PM by  Sithara Godewatta
නිරෝගී දිවියක රහස්
 154 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 8 << < 34567 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Aug 2016 08:44 AM

ව්‍යායාම සහ ක්‍රීඩා පිළිබඳ වැරදි ආකල්ප


ව්‍යායාම සහ ක්‍රීඩා පිළිබ`දව අප සමාජයේ බොහෝ දෙනෙකුට තිබෙන්නේ නිවැරදි සහ ධනාත්මක ආකල්ප නොවේ. එවැනි වැරදි සහ Rණාත්මක ආකල්ප ඇත්තේ සමාජයේ සාමාන්‍ය මිනිසුන්ට පමණක්‌ නොවේ. ඇතැම් විශේෂඥ වෛද්‍යවරුද, බොහෝ වෛද්‍යවරුද, ක්‍රීඩාව පිළිබ`දව රටේ වගකීම් උසුලන උදවියද, ජාතික මට්‌ටමේ මෙන්ම ඔලිම්පික්‌ මට්‌ටමේ ක්‍රීඩකයෝද ඒ අතර වෙති.

නිදසුනක්‌ ලෙස ප්‍රවීන විශේෂඥ වෛද්‍යවරයෙක්‌ දිනක්‌ අප සමග පැවසුවේ මිනිස්‌සුන්ට නිරෝගී වීමට විධිමත් ව්‍යායාම වැඩසටහන් අවශ්‍ය නැති බවය. වත්තේ පිටියේ වැඩ කිරීම හො`දටම ප්‍රමාණවත් බවය. මෙය නිවැරදි ආකල්පයක්‌ නොවේ.

මෙවැනි වැරදි ආකල්ප නිසා පොදුවේ සමාජයම ව්‍යායාම වලින් ඈත් වීමට පෙළඹේ. එම වැරදි ආකල්ප මොනවාද යන්න පිළිබ`දවත් ඒවායේ හානිකරභාවය පිළිබ`දවත් එවායින් මිදී නිවැරදි ආකල්ප ඇති කර ගන්නේ කෙසේද යන්න පිළිබ`දවත් අපි මෙවර ලිපියෙන් සාකච්ඡා කරමු.

සිරුර නිරෝගී කරන විධිමත් ව්‍යායාම වලට වඩා තරගකාරී ක්‍රීඩා හො`ද යෑයි සිතීම.

බොහෝ දෙනා සිතන්නේ සහ ක්‍රියා කරන්නේ හො`දම ක්‍රීඩා තරගකාරී ක්‍රිකට්‌ වැනි ක්‍රීඩා කියාය. ජාතික ප්‍රතිපත්ති සකස්‌ වන්නේද විශාල වශයෙන් මුදල් සහ සම්පත් නාස්‌ති කරන්නේද මාධ්‍ය මගින් විශාලතම ප්‍රචාරයක්‌ ලබාදෙන්නේද එවැනි ක්‍රීඩා ස`දහාය. දෙමවුපියන් නහින්නේද මෙවැනි ක්‍රීඩාවකට තම දරුවන් කෙසේ හෝ රිංගවා ගැනීමටය. ක්‍රීඩා ලෝලීන් සියලු වැඩ අත් හැර කමින් බොමින් මාස ගණන් බලන්නේද එවැනි ක්‍රීඩාය.

නමුත් අද වාණිජ ලෝකයේ විකිණෙන තරගකාරී ක්‍රීඩා වලින් අවම වශයෙන් ක්‍රීඩා වලින් ලැබෙනවායෑයි කියන ජය පරාජය සම සේ වි`දීමට හුරුවීම ආදී ගුණාංගවත් ලැබෙන්නේ නැත. සෞඛ්‍යය සම්බන්ධයෙන් වැදගත් මෙහෙයක්‌ කොහොමටවත් අද ඒවායින් ඉටුවන්නේ නැත. හො`දින් හෝ නරකින් කෙසේ හෝ දිනීමේ තරගකාරීත්වය නිසා ක්‍රීඩකයාගේ කායික මානසික සෞඛ්‍යය බි`දවැටීමට ලක්‌ වේ. බොහෝ ක්‍රීඩකයන් තහනම් උත්තේජක භාවිතයට පෙළඹී තිබෙන්නේ ඒ නිසාය. ඇත්ත වශයෙන්ම අද මෙවැනි තරගකාරී ක්‍රීඩා සහ සූදු අතර කිසිම වෙනසක්‌ නැත. මෙවැනි ක්‍රීඩා ස`දහා සූදු වලටත් වඩා ඔට්‌ටු ඇල්ලීමෙන් සහ ක්‍රිඩකයන් මිලදී ගැනීමෙන් ඒ බව ඔප්පු වේ. ලෝක පූජිත මෙවැනි ක්‍රීඩකයන්ට හෘදයාබාධ වැළ`දී බයි පාස්‌ ඔපරේෂන් කරන ලද අවස්‌ථා අපට නිතර අසන්නට ලැබේ. ක්‍රීඩාවේ නිසි ප්‍රතිඵල ඔවුන්ට ලැබී තිබුණානම් එවැනි ශෝචනීය ඉරණමකට ඔවුන් ගොදුරු වන්නේ නැත. වරකට 13 දෙනෙකුට පමණක්‌ ක්‍රීඩා කළ හැකි ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගනයක්‌ ඉදිකරලීමට යන අති විශාල ජාතික ධනස්‌කන්ධයෙන් දහස්‌ ගණනක හුදී මහජනයාට ඇවිදීමේ ව්‍යායාමය කළ හැකි ඇවිදින මංතීරු කීයක්‌ නම් ඉදිකළ හැකිද?

ආයෙ මොන ව්‍යායාමද? ගෙදර දොරේ වැඩ කළහම ඇති යෑයි සිතීම.

අප ව්‍යායාම වැඩසටහන් කරන විට නිතර ඇසෙන දෙයක්‌ වන්නේ අපට නම් ඔය ව්‍යායාම ඕනැ නෑ අපි ගෙදර දොරේ කරන වැඩ හො`දටම ඇති යන්නයි. ව්‍යායාම වැඩසටහන්වලට සහභාගී වන ලෙස බොහෝ දෙනාට ආරාධනා කළ විට හෝ වෛද්‍ය නිර්දේශයක්‌ ලබා දුන් විටද ඔවුහු එයම ප්‍රකාශ කරති. ඔවුන්ගේ මතයේ වැරදි බව ඔවුන්ට වැටහෙන්නේ දියවැඩියාව හෝ හෘදයාබාධයක්‌ වැළ`දුණු පසුය. එවිට පෙරහැර ගොස්‌ අවසානය. ගෙදර දොරේ වැඩ වෙහෙස වී කිරීම හො`ද දෙයකි. නමුත් බොහෝ දෙනා ගෙදර දොරේ වැඩ පවා කරන්නේ හිට හිට කකා බිබී ගිමන් හැර හැරය. එවිට ඒවායින් කිසිම ව්‍යායාම ගුණයක්‌ ලැබෙන්නේ නැත. ගෙදර දොරේ වැඩද අඛණ්‌ඩව ක්‍රමානුකූලව අවම වශයෙන් පැය භාගයක්‌ ර`දවා ගන්නා ලෙස කිරීමෙන් ව්‍යායාම බවට පත් කර ගත හැකිය.

නමුත් වත්මන් සමාජයේ සියලු දෙනා විසින් තේරුම් ගත යුතු කාරණය වන්නේ සීනි, කොලෙස්‌ටරෝල් සහ ඇ`ගේ තෙල් තැන්පතුව උපරිම වී නහුතයට පැමිණ ඇති අයට ගෙදර දොරේ වැඩ අපිළිවෙළට කිරීම පමණක්‌ කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය. ව්‍යායාම පිළිබ`දව ප්‍රවීණයන් පවසන්නේ එසේ ගෙදර දොරේ වැඩ කිරීමෙන් ඇතිවන්නේ හුදු තෙහෙට්‌ටුවක්‌ පමණක්‌ වන බවය. කායික, මානසික සෞඛ්‍යය ඔප් නංවා ගැනීමට ඕනෑම කෙනෙකුට විධිමත් ව්‍යායාමයක්‌ අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කළ යුතුමය.

ඇ`ග, සීනි, කොලෙස්‌ටරෝල් වැඩි අය විතරක්‌ ව්‍යායාම කළහම ඇති යන ආකල්පය.

ඇ`ග, සීනි, කොලෙස්‌ටරෝල් වැඩි අයට ව්‍යායාම අත්‍යවශ්‍ය ය. ඒ පිළිබ`දව කිසිම තර්කයක්‌ නැත. නමුත් අන් සියලුම දෙනාටත් ව්‍යායාම අත්‍යවශ්‍ය ය. එවැනි ප්‍රශ්න එනතුරු නොසිට ව්‍යායාම සිදු කිරීමෙන් එවැනි ප්‍රශ්න අනාගතයේදී ඇතිවීම පවා වළක්‌වාගත හැකිය. එපමණක්‌ නොව ව්‍යායාම විධිමත් ලෙස කිරිමෙන් අතිවිශාල ගුණ සමුදායක්‌ ඕනෑම කෙනෙකුට ලබා ගත හැකිය. එම ගුණ සමුදාය පිළිබ`දව ව්‍යායාමවල තිස්‌ වැදෑරුම් ගුණ යන මාතෘකාව යටතේ අපි ඉදිරි ලිපියකදී සාකච්ඡා කරමු.

ප්‍රෙෂර් තියෙනකොට, හෘදයාබාධ හැදුණු අයට, බයිපාස්‌ කරපු අයට ව්‍යායාම හො`ද නෑ යන ආකල්පය.

අප, බොහෝ දෙනෙකුට ව්‍යායාම කරන ලෙස යෝජනා කළ විට කියන්නේ ප්‍රෙෂර් තියෙන නිසා මට ව්‍යායාම කරන්න හො`ද නෑ යන්නයි. හෘදයාබාධ සෑදුණු අතීතයක්‌ තිබෙන අය සහ බයිපාස්‌ ඔපරේෂන් වලට භාජන වූ අය පවසන්නේද එයමය. ඇත්ත වශයෙන්ම අනෙක්‌ අයටත් වඩා හො`දින් ව්‍යායාම කළ යුත්තේ මෙවැනි ගැටළු ඇති අයයි. එකම කාරණය වන්නේ ඔවුන් ව්‍යායාම ඇරඹීමට පෙර තමන් ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයාගෙන් ඒ පිළිබ`දව උපදෙස්‌ ලබා ගැනීමට අවශ්‍ය වීමයි. දීර්ඝ කාලීන ව්‍යායාම වලින් අධිරුධිර පීඩනය පාලනය කිරීමේ විශාල ගුණයක්‌ ලැබෙයි. නැවත හෘදයාබාධ වැළ`දීමේ අවදානමද ව්‍යායාම කිරීමෙන් වැළකී යයි. හෘදයාබාධ වැළ`දී සුව වූ අයටත් බයිපාස්‌ ඔපරේෂන් වලට භාජන වූ අයටත් හෘද රෝග විශේෂඥයන් ලබා දෙන උපදෙසක්‌ වන්නේ දවසට අවම වශයෙන් පැය භාගයක්‌වත් ඇවිදීම කළ යුතු බවයි.

ඔපරේෂන් කරල තියෙන හින්දා ව්‍යායාම කරන්න හො`ද නෑ යන මතය.

මෙම මතයට නතු වී ඇති අය යම් ශල්‍යකර්මයකින් පසු වසර ගණන් අකර්මණ්‍යව සිට නැති ලෙඩ රෝග සාදා ගනිති. තමා භාජන වූ ශල්‍යකර්මයට අදාළ තුවාල සුව වී සිරුර යළි යථා තත්ත්වයට පත් වන තුරු ව්‍යායාම කොකළ යුතු බව සැබෑය. නමුත් අප රටේ බොහෝ දෙනා තමාගේ ඉදිරි සමස්‌ත ජීවිත කාලයටම එය අදාළ කර ගනිති. නමුත් පොදුවේ ගත් කල ශල්‍යකර්මයක්‌ සිදු කර මාස 3 කට පසුව ව්‍යායාම සිදු කළ හැකිය. හැකි ඉක්‌මනින් ව්‍යායාම වෙත යොමු වීමෙන් පසු ශල්‍යකර්ම සංකූලතා අවම වන බව බොහෝ ශල්‍ය වෛද්‍ය විශේෂඥයන්ගේ නිර්දේශය යි. කෙසේ වෙතත් ඔබ ශල්‍ය කර්මයකට භාජන වී ඇති කෙනෙක්‌ නම් ව්‍යායාම ඇරඹීමට පෙර අදාළ ශල්‍ය වෛද්‍යවරයාගෙන් හෝ ශල්‍ය සායනයෙන් උපදෙස්‌ ලබාගන්න.

දරු ප්‍රසූතියෙන් පසු ව්‍යායාම කිරීම හො`ද නෑ යන මතය.

දරු ප්‍රසූතියෙන් පසුව මවුවරුන් විසින් කිසිම ව්‍යායාමයක්‌ නොකිරීම නිසා ඔවුන්ගේ උදරය ප්‍රදේශය දුර්වල වී ඉතා අසෝබන ලෙස ඉදිරියට නෙරා ඒම සිදුවේ. එසේම උදර ප්‍රදේශයේ සහ ශ්‍රොaණි ප්‍රදේශයේ මාංශපේශී දුර්වල වීම නිසා පසුකාලීනව හර්නියා ඇතිවීම ගර්භාෂය පහත්වීම වැනි සංකූලතාවන්ට මුහුණ දීමටද ඔවුන්ට සිදු වේ. මෙවැනි කනගාටුදායක තත්ත්වයන් වළක්‌වා ගැනීම ස`දහා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කරන්නේ දරු ප්‍රසූතියෙන් පසු හැකි ඉක්‌මනින් ව්‍යායාම ආරම්භ කරන ලෙසටය. අප වෛද්‍ය ශිෂ්‍යයන්ව සිටි අවධියේ අපට ඉගැන්වූ ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරියක්‌ පැවසුවේ අප රටේ කාන්තාවන් දරු ප්‍රසූතිය දක්‌වා මොන තරම් හො`දට හැඩ රුව පවත්වාගෙන ආවත් දරු ප්‍රසූතියෙන් පසු සියල්ලම අවසන් වන බවයි. ඇය එයට ප්‍රධාන හේතුව වශයෙන් දැක්‌වූයේ දරු ප්‍රසූතියෙන් පසු මවුවරුන් විසින් කිසිම ව්‍යායාමයක්‌ නොකිරීමයි.

ඕවා වැඩක්‌ නැති අයගෙ වැඩ යෑයි සිතන ආකල්පය.

අප සමාජයේ බොහෝ දෙනා තවමත් සිතන්නේ ව්‍යායාම සිදුකිරීම වැඩක්‌ නැති අයට කාලය කා දැමීම ස`දහා පමණක්‌ අවශ්‍ය වන දෙයක්‌ ලෙසයි. එසේ සිතන්නන් අතර ඇතැම් රෝහල් ප්‍රධානීන් ද වෙති. එවැනි රෝහල් ප්‍රධානීන් වඩා හො`ද වන්නේ රෝගීන් රැක බලා ගැනීමට නොව වතු පිටි රැක බලා ගැනීමට බව කනගාටුවෙන් වුවද කිව යුතුය. අප වසර ගණනාවක අත්දැකීම් සම්භාරයක්‌ තුළින් පවසන්නේ ව්‍යායාම වැඩක්‌ නැති අයගෙ වැඩ නොව වැඩ සියල්ලම හො`දට කරන අයගේ, නූතන භාෂාවෙන් කියනවානම් නියම වැඩ කාරයන්ගේ වැඩ බවයි.

අපට නම් ඕව කරන්න ලැ-ජාවෙ බෑ යන ආකල්පය.

වෛද්‍යවරුන් රෝගීන්ට කොපමණ ව්‍යායාම නිර්දේශ කරතත්, ව්‍යායාම කිරීම ස`දහා කැමැත්තක්‌ සහ උවමනාවක්‌ ඔවුන්ට තිබුණත් ඔවුන් ඊට යොමු නොවන්නේ ලැ-ජාව සහ පැකිළීම නිසාය. එසේ වීමට හේතු වන්නේ අප සමාජයේ බොහෝ දෙනා ව්‍යායාම දෙස වපර ඇසින් බැලීමත්, ව්‍යායාමවලට අවඥාවෙන් සිනා සීමත් ව්‍යායාම කරන අයට උපහාස, අපහාස සහ නින්දා කිරීමත්ය. එයින් නොනවතින සමහරු ව්‍යායාම වල යෙදෙන අයට බැණ වැදීමද සිදුකරයි. ඒ බව අපි අත්දැකීමෙන්ම දනිමු. ව්‍යායාම වල වටිනාකම නිසි පරිදි අවබෝධ කරගත් ඔබ ව්‍යායාම කිරීම ස`දහා ඔය එක දෙයකින් වත් මන්දෝත්සාහී නොවන්න. ඔබ නිසි පරිදි ව්‍යායාම වල යෙදුණහොත් ඔබට අවඥාවෙන් සිනා වන ඹබට උපහාස කරන අයට ඔබටම සිනා විය හැකි දිනය අත ළ`ගය. නොදුරු අනාගතයේදීම ඔවුන් ව්‍යායාම ඉගෙන ගැනීමට ඔබ ළ`ගටම වුවද ආ හැකිය.

ව්‍යායාම අද බෑ හෙටම කරනවා යන ආකල්පය.

අප සමාජයේ බොහෝ දෙනා හො`ද දේවල් සියල්ලම හෙටට කල් දැමීමේ නරක පුරුද්දකින් පෙළෙයි. ඔවුන් ව්‍යායාම ගැන දරන්නේද එම ආකල්පය යි. නමුත් ඒ හෙට බාලගිරි දෝෂය මෙන් එළඹෙන හෙටක්‌ නොව හැම දාම කල් යන හෙටකි. එබැවින් ඔබ කළ යුත්තේ ව්‍යායාම හෙට ට කල් නොදමා අද අදම වහ වහා සිදු කිරීමයි.

ඔහොම නහින්න පුළුවන් කාටද? අපි කොහොමත් මැරෙනවානෙ යන ආකල්පය.

බොහෝ දෙනා සිතන්නේ කාලය කැප කරලා මහන්සි වෙලා ව්‍යායාම කළත් වයායාම නොකළත් කොහොමත් මැරෙන නිසා ව්‍යායාම අවශ්‍ය නැති බවයි. මෙය ඉතාම වැරදි මතයකි. ව්‍යායාම කරන කෙනා අතිශයින් ඉහළ ගුණාත්මක ජීවිතයක්‌ වැඩි කලක්‌ පවතින පරිදි ගෙවන බව ඔබ අවධාරණය කර ගත යුතුය.

අපි ඒ කාලෙ ව්‍යායාම කළ නිසා දැන් ඕනැ නෑ යන ආකල්පය.

ව්‍යායාම කොතරම් විශිෂ්ට දෙයක්‌ වුවත් ඔබට එය එක්‌තරා කාලයකදී සිදුකර මුදල් බැංකුවේ දමා ඉතුරු කරනවා වාගේ ඉතුරු කර ගත හැකි දෙයක්‌ නොවේ. ව්‍යායාම වල විශිෂ්ට ගුණ එය නවත්වා දින කීපයක්‌ යන විට සිරුරෙන් බැහැර වෙයි. එම නිසා එම විශිෂ්ට ගුණ දිගටම පවත්වා ගැනීමට නම් ඔබ අඛණ්‌ඩව නිතිපතා ව්‍යායාමවල යෙදිය යුතුය.

ව්‍යායාම කළහම ඇ`ග වැහැරිලා යනවා යෑයි සිතන ආකල්පය.

ව්‍යායාම කිරීමෙන් සිදුවන්නේ ඇ`ග වැහැරී යැම නොව ඇ`ගට හිමි නියම ලාක්‌ෂණික හැඩ රුව ඇති විමයි. එම නිසා ඔබ කිසි විටකත් මෙම වැරදි ආකල්පයට නතු වී ව්‍යායාමවල යෙදීමෙන් වැළකී නොසිටින්න.

තරුණ කාලයට ව්‍යායාම අවශ්‍ය නැත යන ආකල්පය.

බොහෝ දෙනා සිතන්නෙA තරුණ කාලයේ කිසි ලෙඩක්‌ හැදෙන්නේ නැති නිසා ව්‍යායාම අවශ්‍ය නැති බවයි. නමුත් සත්‍ය තත්ත්වය එය නොවේ. දැන් කාලයේ තරුණ අයට පමණක්‌ නොව කුඩා දරුවන්ට පවා දියවැඩියාවේ සිට පිළිකා දක්‌වා සියලු බෝ නොවන රෝග කිසි අඩුවකින් තොරව වැළෙ`දයි. එබැවින් නිසි ව්‍යායාම තරුණ අයට පමණක්‌ නොව අවුරුද්දට වඩා වයස කුඩා දරුවන්ටද අත්‍යවශ්‍ය ය.

දැන් අපි වයසයි. අපේ මේ නහින දෙහින කාලයට මොන ව්‍යායාමද යෑයි සිතන ආකල්පය.

අප රටේ බොහෝ වැඩිහිටියන් සිතන්නේ ජීවිතයේ සැඳෑ සමය කිසිවක්‌ කරන්නට බැරි නහින දෙහින කාලය ලෙයසි. එසේ සිතා සියලු හො`ද දේවල් අතහැර ඔවුන් උකටලීව ජීවත් වෙයි. ඔවුන්ට ජීවිතය එපා වෙයි. වැඩිහිටියන්ට නිසි ව්‍යායාම වල යෙදීමෙන් ඒ සියලු Rණාත්මක තත්ත්වයන්ගෙන් මිදී ඉතා ක්‍රීයාශීලී ජීවිතයක්‌ සහිතව දීර්ඝායුෂ වි`දිය හැකිය. ජපානයේ වැඩිහිටියන් ඒ ස`දහා හො`ද ආදර්ශයකි.

මුන්ට විසේ හැදිල. ගෙදර දොරේ වැඩක්‌ නැතුව. ඔයිට වඩා හො`ද නැද්ද මඤ්ඤොක්‌කා ගස්‌ දෙකක්‌ හිටව ගත්තහම යන ද්වේශ සහගත ආකල්පය.

අප රටේ නිසි ව්‍යායාම වලට යොමු වූ අය ගැන යොමු නොවූ අය බලන්නේ එවැනි ද්වේශ සහගත වෛරීය ආකල්පයකිනි. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්‌ වන අතර බොහෝ දෙනා නිසි ව්‍යායාම වෙත යොමු නොවීමටද එය බලපායි. තමන් ව්‍යායාම නොකරනවානම් කරන අය ද්වේශයෙන් විවේචනය නොකර සිටීමට තරම්වත් අප ආචාර සම්පන්න විය යුතුය. අප තමන්ට කරන්නට බැරි හො`ද දෙය අනෙක්‌ අය කරනවා ඉවසන්නට බැරි ජාතියක්‌ වන්නේ ඇයි? 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Aug 2016 09:56 AM
මේ කතාව නම් ඇත්තම තමා.
මේ දැනුවත් කිරීම කාටත් වටිනවා.ස්තූතියි ලිපියට.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Aug 2016 11:01 PM
මේක නම් හොද ආර්ටිකල් එකක්...අපිත් දැන් නිකන්ම ඉදල ලෙඩ්ඩු වෙනවා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Aug 2016 02:49 AM
මේකෙන් සමහරක් අපේ හිත්වල නැතුවාම නෙවෙයි
කියෙව්වාම තේරෙනවා හිත් වල තියෙන ඒව බොරැ කියල
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Aug 2016 06:13 AM
මම නම් පාපන්දු ක්‍රීඩාවෙ යෙදෙන්නෙ මෙ දවස් වල
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Aug 2016 08:35 AM
Posted By Ind007ka on 26 Aug 2016 06:13 AM
මම නම් පාපන්දු ක්‍රීඩාවෙ යෙදෙන්නෙ මෙ දවස් වල

මමත් කාලයක් කලා .. නියම ක්‍රීඩාව..

මේක කරනවානම් හොදම ව්‍යායාමයක්..


0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Aug 2016 10:19 AM
මේ දවස්වල මම කොන්ක්‍රීට් බදාම කලුගල් එක්ක ටිකක් වැඩ
හම්මේ හොද ගණන්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Aug 2016 11:36 PM
මම නම් දිහටම ජිල් බෝල ගහන එක තමයි. ඉඳල හිටලා විනෝදාංශයක් හැටියට ඇමරිකාවේ බැකිංහම් මාලිගාවේ පුස්තකාලේ ට ගිහින් පත්තරේ  කියවනවා හිටං රත්තරන්  අස්පෙයෝ සැට් එක ඔස්ට්‍රේලියාවට නඩු දානවලු  මේ දවස්වල හුටන්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Aug 2016 06:01 AM
ඒක තමයි උඹේ බඩ වැඩිවෙලා තිබුණේ..
කොහොමටත් තෙල් කෑම ටිකක් අඩු කරපං..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
28 Aug 2016 09:23 AM
මේ දවස්වල තෙල් බෙදන හින්දා ටිකක් කැවෙනවා වැඩියි බං
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Sep 2016 09:36 AM
ඒ විදියට බැලුවොත් අයිය අරක්කු බාර් එකක ඉදගෙන අරක්කු බෙදුවොත් කොහොම කියෙයිද
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Sep 2016 04:06 PM

සියදහස්‌ වාරයක්‌ අසා ඇති නමුත් හරි හැටි නොදන්නා ඥාන දත

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Sep 2016 04:11 PM





0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Sep 2016 04:12 PM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Sep 2016 07:24 PM
දත් ගැන නොදත් කතා... ස්තූතියි රෝසි නංගි...
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Sep 2016 01:32 AM

දත් ගැන හොද විස්තරයක් ස්තූතීයී අක්කී

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Sep 2016 01:34 AM
දත් ගැන නොදත් තතු වලට බොහොමත්ම ස්තූතියි නංගී..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Sep 2016 01:38 AM
කෙල්ලො හොදට දන්නවා දත් ගැන. මොකද දත් ගලවන එකමනේ වැඩෙ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Sep 2016 10:42 AM
මල්ලිගෙත් එකක් දෙකක් ගලවලා වගෙයි.තක්කෙටම ඒ ගැන කියන්නේ......
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Sep 2016 01:29 PM
Posted By DanuLiyanage on 14 Sep 2016 01:38 AM
කෙල්ලො හොදට දන්නවා දත් ගැන. මොකද දත් ගලවන එකමනේ වැඩෙ


මෝඩ කොල්ලෝ නේ අහුවෙන්නේ ඕවට 
0
You are not authorized to post a reply.
Page 5 of 8 << < 34567 > >>