Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Nov 2017 09:29 PM by Indika Kodithuwakku විස්කි | වොඩ්කා | ජින් | රම් ගැන සිංහලෙන් 100 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 6 << < 12345 > >> Author Messages chamara duleepMost Senior MemberPosts:13471 19 Mar 2017 04:13 AM මුංඇට නම් මමත් කන්න ආසයි.ස්තුතියි අයියේ මේ ලිපියට 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 19 Mar 2017 07:58 AM හරි වටින තොරතුරු අඩංගු ලිපියක්.....ස්තුතියි සමන්ත අයියේ. මේක ඔන්න මම සේව් කර ගත්තා. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 19 Mar 2017 08:41 AM Posted By chamaramind on 19 Mar 2017 04:13 AM මුංඇට නම් මමත් කන්න ආසයි.ස්තුතියි අයියේ මේ ලිපියට මුං ඇට කනකොට ලැජ්ජයි එහෙම නැත්නම් බයයි.. ඔය වගේ කේස් නැද්ද චාමර මලයට? දැන ගන්න අහන්නෙ. (විහිළු කරන්නෙ මලෝ හොඳේ. තරහ ගන්න එපා.) 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 20 Mar 2017 09:40 AM ගුණ බව දැනන් උන්නට මුන් ඇට මෙච්චර ගුණයි කියලා දන්නේ මේක කියෙවුවම ..ස්තුති මේ ලිපියට . 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 May 2017 09:20 PM කන්නට සුදුසු පලතුරු හඳුනා ගන්න විවිධ රටවල සිට මෙරටට ආනයනයකරන ආහාර ද්‍රව්‍ය අතර පලතුරුවලට හිමිවන්නේ විශේෂිත ස්‌ථානයකි. ඇපල්, කහ පැහැති නාරං, දෙළුම්, මිදි වැනි පලතුරු විශේෂ මෙහිදී වඩා වැදගත්කොට සලකන අතර, තවත් බොහෝ පලතුරු වර්ග මේ අතර වේ. මෙසේ ගෙන්වන පලතුරු විශේෂ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දක්‌වා තිබේ. එනම්, 1. ජාන තාක්‌ෂණික විශේෂ 2. කෘෂි රසායන භාවිතයෙන් වවන විශේෂ 3. කාබනික ගොවිතැන හා සම්බන්ධ පලතුරු විශේෂ වශයෙනි. මෙම පලතුරු විශේෂ අතරින් නාගරික ප්‍රදේශවල පදික වේදිකාවේ හා කුඩා සිල්ලර වෙළෙඳසල්aවල අලෙවි කෙරෙනුයේ ඉහත සඳහන් කළ අංක 1 - 2 යටතේ මෙරටට ගෙන්වන පලතුරු විශේෂයන්ය. මෙම පලතුරු ගෙඩි මත බොහෝවිට කුඩා ස්‌ටිකරයක් අලවා තිබේ. එහි දැක්‌වෙන අංක මගින් පෙන්වා දෙන්නේ එම පලතුරු නිෂ්පාදනය කර ඇත්තේ කවර ආකාරයකින්ද යන වගයි.එනම්. ඉහත දක්‌වා ඇති ක්‍රමවේද තුනෙන් එකක් ඊට අයත්ය. ජාන තාක්‌ෂණයෙන් හෝ කෘෂි රසායන භාවිතයෙන් නිපදවන පලතුරු හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය, මිනිසාගේ පරිභෝජනයට සුදුසු නොවන බව නොදන්නා අයෙක් මේ වනවිට නැති තරම්ය. එබැවින් අඩු මිල ගණන් යටතේ ඕනෑ තරමක ප්‍රමාණයක් සපයා ගැනීමේ හැකියාව තිබුණත්, එවැනි දේ පරිභෝජනයට ගන්නවාද? නැද්ද යන්න සම්බන්ධයෙන් කීපවරක් කල්පනාකර බැලීම අප කවුරුත් පාහේ කළයුතු දෙයකි. දැන් ඉතිරිව ඇත්තේ අංක 3 යටතේ ගෙන්වන පලතුරු විශේෂයන්ය. පරිභෝජනයට වඩාත් සුදුසු වන්නේ මෙම කාණ්‌ඩයට අයත් පළතුරු විශේෂ වන නමුත්, ගෙන්වන ප්‍රමාණය සීමිතවීම, මිල අධිකවීම හා අලෙවි කෙරෙන ස්‌ථාන තෝරා ගැනීමට ඇති අපහසුව වැනි ගැටළුවලට මෙහිදී පාරිභෝගිකයාට මුහුණදීමට සිදුවේ. මේ නිසා ප්‍රමිතියෙන් යුතු හොඳ තත්ත්වයේ ආනයනික පලතුරු විශේෂ සාමාන්‍ය පාරිභෝගිකයා අතට පත්වීමට ඇති ඉඩ ප්‍රස්‌ථාව බොහෝ අඩුය. ලෝකයේ පලතුරු වෙළෙ¹ම සහ විශේෂිත පලතුරු විශේෂ සම්බන්ධයෙන් සලකා බලනවිට ශ්‍රී ලංකාව බොහෝ යුරෝපීය රටවලට වඩා ඉදිරියෙන් සිටින රටක් බව නොරහසකි. අවාසනාවකට මෙරට පලතුරු අපනයන ප්‍රතිපත්තීන්වල පවතින අඩුපාඩුකම් සහ නොසැලකිලිමත්භාවය හේතුවෙන් අපේ පලතුරු අපනයන විශේෂ කිහිපයකට පමණක් සීමාවී ඇතත්, මෙරට වැවෙන කරඹ ගෙඩියේ පටන් ගෙන බලනවිට පලතුරු විශේෂ 200 කට අධික සංඛ්‍යාවක් මේ වාසනාවන්ත රට තුළ ජනිත වී තිබේ. මේ පලතුරු විශේෂ සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුකර ඒවා ලෝකයට හඳුන්වා දෙනවා වෙනුවට අප කරන්නේ ලෝකයේ වෙනත් රටවල වස විස මේ රටට ගෙන්වාගෙන රස බැලීමේ සංස්‌කෘතියක් ගොඩනඟා ගැනීමය. මෙය මේ රටේ සෞඛ්‍ය හා පෝෂණය සම්බන්ධයෙන් සලකා බලනවිට අති මහත් ගැටළුවක් බව අමුතුවෙන් පහදා දියයුතු කරුණක් නොවේ. අප කුඩා කාලයේ මෙන්ම අද ද බොහෝ ගම්මානවල කුඹුර, කමත, ලන්ද, බඩවැටිය මේ කොතැනක වත් කුඩා පලතුරු විශේෂ බොහොමයක් තිබේ. ඉහළ පෝෂණ ගුණයකින් යුතු මේවා ගඩා ගෙඩි නමින් හඳුන්වයි. හිඹුටු, මාදං, බලුදං, බෝවිටියා, කරඹ, ඇඹිල්ල, කෝං, ඇඹුල් පේර, කොච්චි පේර, සීනි පේර, කජු පුහුලන්, පළුකං, කටුගෙඩි, වේගෙඩි, ඉඳි, එරමිණියා, කොහු, කිරිල්ල, චිංචවු, රත්මල්ගෙඩි, කිරළ, පඩගෙඩි, කොට්‌ටං, බුළු, ඇටඹ වැනි පලතුරු විශේෂ ගඩා ගෙඩි, අතර මුල්තැන ගන්නා පලතුරුය. මේවා කිසිදාක මුදල් ගෙවා මිලදී ගෙන රස විඳින පලතුරු විශේෂද නොවේ. මේ හැරුණුවිට පලු, වීර, මොර, ගල් සියඹලා වැනි පලතුරු විශේෂ තිබුණද බොහෝවිට මේවා වර්තමානය තුළ රක්‌ෂිත වන භූමි වලට පමණක් සීමාවී තිබේ. නමුත්. අද නාගරික සමාජයේ වෙසෙන දරුවෙකුට මේ පලතුරක නමක් හෝ අසන්නට දකින්නට ලැබේ නම් එයද වාසනාවකි. පිටරටවලින් ගෙන්වන පලතුරු නැතුවාට අපේ ලඳු කැලෑවල වැවෙන ගඩාගෙඩිවලින් ලැබෙන පෝෂණය පමණක්‌ම අපේ දරුවන්ට ප්‍රමාණවත්ය. මේ හැරුණුවිට දේශීය වෙළෙඳපොලෙන් හා ගෙවත්තෙන් සපයාගතහැකි දේශීය පලතුරු විශේෂ සංඛ්‍යාව සුළු පටු නොවේ. මේවා රසයෙන් හා ගුණයෙන් ඉතාමත් ඉහළය. මේ නිසා සෑම වැඩිහිටියකුගේම යුතුකම තමන් ආදරය කරන දරුවන්ව මේ රටේ වැවෙන එළවළු පලතුරු වලට හුරු කිරීමය. එය අපගේ නීරෝගීභාවයට මෙන්ම, රටේ ආර්ථිකයේ නිරෝගීභාවයටද වැදගත් වේ. මාදම්පේ චන්ද්‍රපාල අතලගේ 0 Dushan ShyomalVeteran MemberPosts:2536 25 May 2017 12:00 AM බොහොම වටිනා තොරතුරු ටිකක් 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 25 May 2017 08:04 AM අපේ වත්තේ මට පුලුවන් හැම පලතුරක්ම වගේ හිටවනවා. ගෙඩි හැදෙන නොහැදෙන එක වෙන වැඩක්. වහ නං ගෙදර ගේන්නේ නෑ. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 25 May 2017 10:56 PM Posted By samantha on 24 May 2017 09:20 PM කන්නට සුදුසු පලතුරු හඳුනා ගන්න විවිධ රටවල සිට මෙරටට ආනයනයකරන ආහාර ද්‍රව්‍ය අතර පලතුරුවලට හිමිවන්නේ විශේෂිත ස්‌ථානයකි. ඇපල්, කහ පැහැති නාරං, දෙළුම්, මිදි වැනි පලතුරු විශේෂ මෙහිදී වඩා වැදගත්කොට සලකන අතර, තවත් බොහෝ පලතුරු වර්ග මේ අතර වේ. මෙසේ ගෙන්වන පලතුරු විශේෂ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දක්‌වා තිබේ. එනම්, 1. ජාන තාක්‌ෂණික විශේෂ 2. කෘෂි රසායන භාවිතයෙන් වවන විශේෂ 3. කාබනික ගොවිතැන හා සම්බන්ධ පලතුරු විශේෂ වශයෙනි. මෙම පලතුරු විශේෂ අතරින් නාගරික ප්‍රදේශවල පදික වේදිකාවේ හා කුඩා සිල්ලර වෙළෙඳසල්aවල අලෙවි කෙරෙනුයේ ඉහත සඳහන් කළ අංක 1 - 2 යටතේ මෙරටට ගෙන්වන පලතුරු විශේෂයන්ය. මෙම පලතුරු ගෙඩි මත බොහෝවිට කුඩා ස්‌ටිකරයක් අලවා තිබේ. එහි දැක්‌වෙන අංක මගින් පෙන්වා දෙන්නේ එම පලතුරු නිෂ්පාදනය කර ඇත්තේ කවර ආකාරයකින්ද යන වගයි.එනම්. ඉහත දක්‌වා ඇති ක්‍රමවේද තුනෙන් එකක් ඊට අයත්ය. ජාන තාක්‌ෂණයෙන් හෝ කෘෂි රසායන භාවිතයෙන් නිපදවන පලතුරු හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය, මිනිසාගේ පරිභෝජනයට සුදුසු නොවන බව නොදන්නා අයෙක් මේ වනවිට නැති තරම්ය. එබැවින් අඩු මිල ගණන් යටතේ ඕනෑ තරමක ප්‍රමාණයක් සපයා ගැනීමේ හැකියාව තිබුණත්, එවැනි දේ පරිභෝජනයට ගන්නවාද? නැද්ද යන්න සම්බන්ධයෙන් කීපවරක් කල්පනාකර බැලීම අප කවුරුත් පාහේ කළයුතු දෙයකි. දැන් ඉතිරිව ඇත්තේ අංක 3 යටතේ ගෙන්වන පලතුරු විශේෂයන්ය. පරිභෝජනයට වඩාත් සුදුසු වන්නේ මෙම කාණ්‌ඩයට අයත් පළතුරු විශේෂ වන නමුත්, ගෙන්වන ප්‍රමාණය සීමිතවීම, මිල අධිකවීම හා අලෙවි කෙරෙන ස්‌ථාන තෝරා ගැනීමට ඇති අපහසුව වැනි ගැටළුවලට මෙහිදී පාරිභෝගිකයාට මුහුණදීමට සිදුවේ. මේ නිසා ප්‍රමිතියෙන් යුතු හොඳ තත්ත්වයේ ආනයනික පලතුරු විශේෂ සාමාන්‍ය පාරිභෝගිකයා අතට පත්වීමට ඇති ඉඩ ප්‍රස්‌ථාව බොහෝ අඩුය. ලෝකයේ පලතුරු වෙළෙ¹ම සහ විශේෂිත පලතුරු විශේෂ සම්බන්ධයෙන් සලකා බලනවිට ශ්‍රී ලංකාව බොහෝ යුරෝපීය රටවලට වඩා ඉදිරියෙන් සිටින රටක් බව නොරහසකි. අවාසනාවකට මෙරට පලතුරු අපනයන ප්‍රතිපත්තීන්වල පවතින අඩුපාඩුකම් සහ නොසැලකිලිමත්භාවය හේතුවෙන් අපේ පලතුරු අපනයන විශේෂ කිහිපයකට පමණක් සීමාවී ඇතත්, මෙරට වැවෙන කරඹ ගෙඩියේ පටන් ගෙන බලනවිට පලතුරු විශේෂ 200 කට අධික සංඛ්‍යාවක් මේ වාසනාවන්ත රට තුළ ජනිත වී තිබේ. මේ පලතුරු විශේෂ සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුකර ඒවා ලෝකයට හඳුන්වා දෙනවා වෙනුවට අප කරන්නේ ලෝකයේ වෙනත් රටවල වස විස මේ රටට ගෙන්වාගෙන රස බැලීමේ සංස්‌කෘතියක් ගොඩනඟා ගැනීමය. මෙය මේ රටේ සෞඛ්‍ය හා පෝෂණය සම්බන්ධයෙන් සලකා බලනවිට අති මහත් ගැටළුවක් බව අමුතුවෙන් පහදා දියයුතු කරුණක් නොවේ. අප කුඩා කාලයේ මෙන්ම අද ද බොහෝ ගම්මානවල කුඹුර, කමත, ලන්ද, බඩවැටිය මේ කොතැනක වත් කුඩා පලතුරු විශේෂ බොහොමයක් තිබේ. ඉහළ පෝෂණ ගුණයකින් යුතු මේවා ගඩා ගෙඩි නමින් හඳුන්වයි. හිඹුටු, මාදං, බලුදං, බෝවිටියා, කරඹ, ඇඹිල්ල, කෝං, ඇඹුල් පේර, කොච්චි පේර, සීනි පේර, කජු පුහුලන්, පළුකං, කටුගෙඩි, වේගෙඩි, ඉඳි, එරමිණියා, කොහු, කිරිල්ල, චිංචවු, රත්මල්ගෙඩි, කිරළ, පඩගෙඩි, කොට්‌ටං, බුළු, ඇටඹ වැනි පලතුරු විශේෂ ගඩා ගෙඩි, අතර මුල්තැන ගන්නා පලතුරුය. මේවා කිසිදාක මුදල් ගෙවා මිලදී ගෙන රස විඳින පලතුරු විශේෂද නොවේ. මේ හැරුණුවිට පලු, වීර, මොර, ගල් සියඹලා වැනි පලතුරු විශේෂ තිබුණද බොහෝවිට මේවා වර්තමානය තුළ රක්‌ෂිත වන භූමි වලට පමණක් සීමාවී තිබේ. නමුත්. අද නාගරික සමාජයේ වෙසෙන දරුවෙකුට මේ පලතුරක නමක් හෝ අසන්නට දකින්නට ලැබේ නම් එයද වාසනාවකි. පිටරටවලින් ගෙන්වන පලතුරු නැතුවාට අපේ ලඳු කැලෑවල වැවෙන ගඩාගෙඩිවලින් ලැබෙන පෝෂණය පමණක්‌ම අපේ දරුවන්ට ප්‍රමාණවත්ය. මේ හැරුණුවිට දේශීය වෙළෙඳපොලෙන් හා ගෙවත්තෙන් සපයාගතහැකි දේශීය පලතුරු විශේෂ සංඛ්‍යාව සුළු පටු නොවේ. මේවා රසයෙන් හා ගුණයෙන් ඉතාමත් ඉහළය. මේ නිසා සෑම වැඩිහිටියකුගේම යුතුකම තමන් ආදරය කරන දරුවන්ව මේ රටේ වැවෙන එළවළු පලතුරු වලට හුරු කිරීමය. එය අපගේ නීරෝගීභාවයට මෙන්ම, රටේ ආර්ථිකයේ නිරෝගීභාවයටද වැදගත් වේ. මාදම්පේ චන්ද්‍රපාල අතලගේ මැන්ගුස් කන්න නම් මමත් ආසයි, 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 May 2017 12:39 AM ආස වුනත් වස විස නැති පලතුරක් හම්බවෙන්නෙ කලාතුරකින් 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 27 May 2017 08:35 AM ගම් වල නම් තවම මේවා තියෙනවා අයියේ. ඒක අපිට හොදයි. 0 isuru sampathSuper Senior MemberPosts:7342 27 May 2017 05:25 PM Posted By Ind007ka on 26 May 2017 12:39 AM ආස වුනත් වස විස නැති පලතුරක් හම්බවෙන්නෙ කලාතුරකින් දැන් හැම දේටම වස විස දානවා .......ඒවානම් නොකා ඉන්න තරමට හොදයි . 0 Udeshika HerathVeteran MemberPosts:3960 27 May 2017 06:04 PM කඩේ තියන පලතුරු වල විස කවලම් කරනවනෙ ගොඩක් . මිනිසු මිනිස්සුන්ටම වහ කවනව. අනේ මන්ද 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 27 May 2017 07:17 PM අපි නම් දැන් කෙහෙල් ගෙඩියක් වත් කන්න බයයි 0 chamara duleepMost Senior MemberPosts:13471 27 May 2017 08:36 PM ස්තුතියි අයියේ වටිනා ලිපියට.මම කන්නේ කොළ පාට ඇපල්,දෙළුම්,කෙසෙල්,කොළපාට මිදී,ජම නාරං,කටු ආතා,අන්නාසි,පැශන්,කටු ලොවි 0 Indika DampahalaVeteran MemberPosts:3410 29 May 2017 12:18 AM මේ අන්තිම පිංතුරේ තියෙන්නෙ වැලි ආත්ත නේද ? මී පැණි වගේ රහයි මේවා 0 Indika DampahalaVeteran MemberPosts:3410 29 May 2017 12:22 AM මේ අන්තිම පිංතුරේ තියෙන්නෙ වැලි ආත්ත නේද ? මී පැණි වගේ රහයි මේවා 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 05 Jun 2017 05:45 AM ගෙදර හදා ගන්න දෙයක් තමා ඉතින් වසවිස නැතුව කන්න පුළුවන් . 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Jun 2017 03:32 AM Posted By Ind007ka on 27 May 2017 07:17 PM අපි නම් දැන් කෙහෙල් ගෙඩියක් වත් කන්න බයයි කෙසෙල්. කෙසෙල් තමයි අයියෙ දැන් අම්බානකටම විස කවල එවන්නෙ. මන් දන්න නිසයි කියන්නෙ. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 07 Jun 2017 04:54 AM එහෙනම් මෙයා වෙන්න ඇති විස කවන්නේ ,,ඔය තරම දන්නවා කියන්න 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Jun 2017 06:26 AM Posted By Rosi on 07 Jun 2017 04:54 AM එහෙනම් මෙයා වෙන්න ඇති විස කවන්නේ ,,ඔය තරම දන්නවා කියන්න නෑ. අපි විස කවන්නේ නැහැනෙ. විසි නම් විසම තමා. ඒවා අපි ළඟ නැත. හැබැයි වැඩි පලදාවක් ගන්න යොදවන්න පුළුවන් විෂ ජාති වගේම කෙසෙල් ඉක්මනින් ඉදවීම සඳහාත් යොදවන ජාති වැඩිපුර දීමෙන් විෂ වෙනවා. මේවා කරන්නේ නම් පලතුරු වෙළෙන්දෝ. ඒ වගේම කෙසෙල් වල ඇතිවෙන දිලිර සහ අනෙකුත් රෝග ඇති කරන පලිබෝධකයින් විනාශ කිරීමට සාන්ද්‍ර ප්‍රමාණයෙන් විෂ එකතු කරනවා ගොවියන් විසින්. පලදාව හොඳ මුත් ශරීරයට යම් බලපෑමක් කරන පුළුවන්. ශාකයට අවශ්‍ය පෝෂක ලබාදීම එකක්. පලිබෝධ නාශක කියන්නේ තව ජාතියක්. මම පොඩි පැහැදිලි කිරීමක් කළේ. 0 You are not authorized to post a reply. Page 3 of 6 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner