Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Nov 2017 09:29 PM by Indika Kodithuwakku විස්කි | වොඩ්කා | ජින් | රම් ගැන සිංහලෙන් 100 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 612345 > >> Author Messages Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Dec 2015 09:24 PM නිර්මාංශිකයින්ට මස් මාළු වලින් තොරව ප්‍රොටීන ලබා ගත හැකි ආකාර.. නිර්මාංශමය ආහාර වේලක බොහෝ ප්‍රෙයා්ජනයන් ඇත. නමුත් බොහෝ දෙනාට ගැටළුවක් වී ඇත්තේ නිර්මාංශමය ආහාර වේලකින් අපට අවශ්‍ය ප්‍රෝටීන ලැබෙනවාද යන්නයි. බොහෝ නිර්මාංශිකයින් ප්‍රෝටීන ගැටළුව නිසා නැවතත් මස් වර්ග ආහාරයට පෙළඹේ. නමුත් නිර්මාශ ආහාර වේලක් හරිහැටි ගැනීමෙන් අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය ලබාගත හැකිය. නිර්මාංශමය ප්‍රෝටීන ආහාර අඩු කැලරි ප්‍රමාණයක් ඇති අතර, දිරවීම ද පහසුය. මස් මාළු වලින් තොරවූවන්ට කිරි වැඩිපුර පානය කිරීම ද සුදුසුය. නමුත් සමහර පුද්ගලයින් කිරි පවා පානය කිරීමෙන් වැළකී සිටී. මේ සියළුම නිර්මාංශික පුද්ගලයින්ට ප්‍රයෝජනවත් වන ප්‍රොටීන ප්‍රභවයන් ලැයිස්තුවක් මේ ලිපියෙන් ගෙන ඒ. 01. ග්‍රීන් පීස් සළාද වර්ග ආහාරයට ගන්නා විට ඒ සමග ග්‍රීන් පීස් වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැන්‍ීම මගින් දිනකට ග්‍රෑම් 4ක් පමණ ප්‍රෝටීන ප්‍රමාණයක් ලබා ගත හැකි වේ. 02. අර්තාපල් අර්තාපල් වල ඇත්තෙන්ම ප්‍රෝටීන අන්තර්ගත වේ. මධ්‍යම ප්‍රමාණයේ අර්තාපල් අලයක ග්‍රෑම් 5ක පමණ ප්‍රෝටීන ප්‍රමාණයක් අන්තර්ගත වේ. 03. Brussels Sprouts මේවායේ විටමින් හා ඛණිජ වර්ග වලට අමතරව ප්‍රෝටීන ද අන්තර්ගත වේ. 04. නිවිති නිවිති කෝප්පයකින් දිනකට අවශ්‍ය ප්‍රෝටීන ග්‍රෑම් 5 – 6ක් පමණ ලබාගත හැකිය. 05. පරිප්පු පරිප්පු හොද ප්‍රෝටීන ප්‍රභවයකි. ඉන්දියානු ආහාර වර්ග සෑදීමේදී පරිප්පු සෑම විටම වැඩියෙන් භාවිතා වේ. නිර්මාංශික ඔවුන්ගේ සාම්බාර් හා පොංගල් සෑදීමේද්‍ී පරිප්පු වැඩියෙන් භාවිතා වේ. 06. ආමන්ඩ් ආමන්ඩ් රැය පුරා වතුරේ පෙගෙන්නට දමා උදෑසන ආහාර වේලට එක්කර ගැනීමෙන් ප්‍රෝටීන ලබාගත හැක. 07. බ්‍රොකොලි තන්තුමය ආහාරයක් වන බ්‍රොකොලි, හොද ප්‍රෝටීන ප්‍රභවයක් ද වේ. 08. බඩ ඉරිගු මේවාද හොද ප්‍රෝටීන් ප්‍රභවයන් ය. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Dec 2015 09:24 PM 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Dec 2015 11:16 PM මස් මාංශ විෂ වීමේ සම්භාවිතාව ඉතාමත් වැඩියි.. ඒ වගේම නොහිතන විදියට අහිතකර වෙන්න පුළුවන්.. මස් මාංශ අනුභව නොකර ඉන්න එකම තමයි හොඳ.. දවස් කිහිපයකට කළින් මගේ හොදම මිතුරියක්, යෙහෙලියක් වගේම මගේ බිරිඳගේ ද හොදම මිතුරුයක් කුකුල් මස් විෂ වීමෙන් රෝහල් ගත කෙරුණා.. ICU එකේ දවස් තුනක් ඉඳලා ඊයේ රාත්‍රියේ රාති දෙකට පමණ ජිවිතයෙන් සමු ගත්තා. මම හෙට සිට දවස් දෙකක් ඇගේ අවසන් කටයුතු සඳහා පිටත්ව යනවා. ඇයට අවුරුදු දෙකක කුඩා දැරියක් ද සිටිනවා.. කුකුල් මස් විෂවීමෙන් ඇතිවූ අසාද්මිකතාවයක් කියලා රෝහලින් දැනටමත් කියලා අවසන්.. පුළුවන් තරම් නිර්මාංශ වීම ජිවිතයට ලොකු අවධානමක් අඩු වීමක් කියල කිව්වේ එකයී.. මගේ යෙහෙළියට ස්ටන් එක වෙනුවෙන් නිවන්සුව පතමු..! 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Dec 2015 11:30 PM Posted By maduranga001 on 17 Dec 2015 11:16 PM මස් මාංශ විෂ වීමේ සම්භාවිතාව ඉතාමත් වැඩියි.. ඒ වගේම නොහිතන විදියට අහිතකර වෙන්න පුළුවන්.. මස් මාංශ අනුභව නොකර ඉන්න එකම තමයි හොඳ.. දවස් කිහිපයකට කළින් මගේ හොදම මිතුරියක්, යෙහෙලියක් වගේම මගේ බිරිඳගේ ද හොදම මිතුරුයක් කුකුල් මස් විෂ වීමෙන් රෝහල් ගත කෙරුණා.. ICU එකේ දවස් තුනක් ඉඳලා ඊයේ රාත්‍රියේ රාති දෙකට පමණ ජිවිතයෙන් සමු ගත්තා. මම හෙට සිට දවස් දෙකක් ඇගේ අවසන් කටයුතු සඳහා පිටත්ව යනවා. ඇයට අවුරුදු දෙකක කුඩා දැරියක් ද සිටිනවා.. කුකුල් මස් විෂවීමෙන් ඇතිවූ අසාද්මිකතාවයක් කියලා රෝහලින් දැනටමත් කියලා අවසන්.. පුළුවන් තරම් නිර්මාංශ වීම ජිවිතයට ලොකු අවධානමක් අඩු වීමක් කියල කිව්වේ එකයී.. මගේ යෙහෙළියට ස්ටන් එක වෙනුවෙන් නිවන්සුව පතමු..! ඉතාමත් කණගාටුදායක පුවතක්.. කුඩා දරුවෙකුගේ මවක් වීම තවත් සංවේ දීයි. සොයුරිය ඔබට මතු ජාතියේදී මෙවන් අකල් මරණයක් අත් නොවේවායි පතන අතර නිවන් සුවය ලැබේවා !!! 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 18 Dec 2015 01:47 AM නිවන් සුව ලැබෙවා ...! බුදු අම්මො බයෙ බැහැ ..බයිට් කන එක නතර කරන්න වෙයි වගෙ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 18 Dec 2015 02:18 AM නිර්මාංශික වෙලා බැහැ අයියේ දැන් එලවලුවල ගණන් අහපුවම දඹුල්ල මාර්කටි එකේම හිටියත් පිස්සු හැදිලා ඉන්නේ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 20 Dec 2015 08:44 AM Aneeeee harima kanagatui. ..pawww daruwa th thani una...eyata niwan suwa ...newatha mewani akal maranayak nolebewa. Vegetarian wenna thiyenawa nam eka hemotama loku yahapathak . 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Dec 2015 09:39 AM අවසන් කටයුතු නිමා වුනාට පස්සේ මම ආවා.. ඒ දරුවා වගේම මහත්තයත් බොහොම අසරණ වෙලා.. අම්ම කෙනෙක් නැතිව දරුවෙක් හදන එක ගැන මට නම් හිත ගන්නවත් බැහැ.. දරුවෙකුට අම්ම තාත්ත දෙදෙනාම ඉන්නම ඕනේ.. අම්ම කෙනෙකුගේ අඩුව කාට නම් පුරවන්න පුලුවන්ද..? කුකුල් මස් අනුභව කරලා විනාඩි 15ක් ඇතුලත මුළු ස්නායු පද්ධතියම අකර්මන්‍ය වෙලා කියල තමයි දැන ගන්නට ලැබුණේ.. ඔන්න අපි නොහිතන විදියට මස් මාංශ වලින් වෙන්න පුළුවන් විපත. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Dec 2015 05:29 PM දැන් මෙ කුකුල් මස් නිද්පාදකයන්ට එරෙහිව නඩු ගොනු කරලද ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Dec 2015 05:51 PM එහෙම කළත් වැඩක් වෙන එකක් නැහැ මම හිතන්නේ.. නඩු දාල හිර කරනව නම් කරන්නත් පුළුවන් උදවිය තමයි මෙයාල.. එයාගේ තාත්තගේ අයිය තමයි සබරගමු පළාතේ ඉන්න සුපිරිම ධනවතා..මම දන්නා විදියට ඊට එහා ධනවතෙක් නැහැ. එයාල මේක එහෙම දුරට අරගෙන යාවිද කියන්න නම් අමාරුයි.. කොහොම නමුත් කුකුල් මස් තමයි විෂ වුනේ.. ඒක නම් ෂුවර්.. 0 Chandima MaxAdvanced MemberPosts:509 20 Dec 2015 06:30 PM nice article 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Dec 2015 07:07 PM කොත්තු රොටි ආහාරයට ගත් සිසුවා හදිසියේ මිය ගිහින් GossipClanka.com හෝටලයකින් මිලදී ගත් කොත්තු රොටියක් රාතී‍්‍ර ආහාරයට ගෙන නිදාගත් 18 හැවිරිදි සිසුවකු පසුගිය 17 වෙනිදා රාති‍්‍රයේ මිය ගොස් ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය කියයි. එසේ මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය පොලිසියේ සැරයන් වරයකුගේ පුතෙකු වන දැහැමි අයේෂාන් පතිරාජ නමැති 18 හැවිරිදි පාසල් සිසුවකු බවත් පොලිසිය කියයි. මෙම සිසුවාගේ වයස 24 ක් වන වැඩිමහල් සොහොයුරා විසින් නගරයෙන් ගෙනෙන ලද කොත්තුරොටි ඉකුත් 17 වැනිදා රාතී‍්‍ර ආහාරයට ගැනීමෙන් පසු සුපුරුදු පරිදි දෛනික පාඩම් කටයුතුවලින් පසු ඔහු නින්දට ගොස් ඇති අතර ඊට පැය කිහිපයකට පසු නින්දේදීම මෙම සිසුවා මරණයට පත් වී ඇති බව වෛද්‍ය පරීක්‍ෂණයේ දී හෙළිව ඇත. මෙම සිසුවාගේ මව්පියන් වන ඞී.ජී. ශ‍්‍රීයා (43) සහ නිහාල් පතිරාජ (43) අප හා පැවසුවේ පිරිමි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවෙනි දරුවා වූ අයේෂාන් මෙම අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු වී ඇති බවයි. ඌරගහ නගරයේ කඩයකින් ගෙනෙන ලද කොත්තු රොටිවල යීස්ට් හා රසකාරක අධිකව තිබීමෙන් ආමාශයේ තැන්පත්ව තිබූ එම ආහාරවල යුෂ පෙණහලූවල රැුඳීමෙන් මෙම මරණය සිදුව ඇති බව වෛද්‍යවරු පැවසුවා. අපේ දරුවාට මෙන් වෙනත් දරුවන්ට මෙවැනි අවාසනාවන්ත මරණවලට පත් නොවන ආකාරයෙන් ප‍්‍රමිතියක් ඇති කොත්තුරොටි නිෂ්පාදනයට නිසි ක‍්‍රමවේදයක් ඇති කරන ලෙස බලධාරීන්ගේ අවධානය යොමු කරන්නැයි අපි ඉල්ලනවා යැයි වේදනාවෙන් ක`දුළු සලමින් අප හා පැවසූහ. ඉකුත් බ‍්‍රහස්පතින්දා සවස සුමුදු මධුෂාන් පතිරාජ නමැති මිය ගිය සිසුවාගේ අයියා නගරයෙන් මිලදී ගත් කොත්තු රොටියක් මියගිය සිසුවා ආහාරයට ගැනීමෙන් පසු සිය නිවසේ කාමරයක තනිව නිදා ගෙන ඇත. පසුදා උදේ සිසුවා අවදි නොවීම නිසා මව ඔහු ගැන සොයා බැලීමේදී ඔහුගේ සිරුර ගල් ගැසී සීතල වී තිබීම ගැන කෑමෝර ගසද්දී අසල්වැසියන් පැමිණ ඔහු ඌරගස්මංහන්දිය දිසා රෝහලට රැුගෙන ගොස් ඇත. වෛද්‍යවරුන් පවසන්නේ ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බවයි. මෙම සිසුවා කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සමස්ත ලංකා වොලිබෝල් කණ්ඩායමේ හා දිවීමේ තරග හා උස පැනීමේ කී‍්‍රඩා ඉසව්වලදී පාසලේ දක්‍ෂතම කී‍්‍රඩකයකු බවත් උසස් පෙළ වාණිජ අංශයෙන් ලබන වසරේ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවකු බවත් පොලිසිය කියයි. ඌරගස්මංහන්දිය හදිසි මරණ පරීක්‍ෂක ඞී.ඊ.එල්.පෙරේරා මහතා ඉදිරියේ පැවැති මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්‍ෂණයේ දී ඌරගස්මංහන්දිය පොලිසියේ මෙහෙයවීමෙන් මිය ගිය සිසුවාගේ මව්පියන් හා සොහොයුරෙකු සාක්‍ෂි ලබාදී ඇති අතර මරණයට හේතුව වෛද්‍ය පරීක්‍ෂණයෙන් පසු ප‍්‍රකාශයට පත් කර ඇත. මියගිය සිසුවාගේ දේහය පිළිබඳව හදිසි මරණ පරීක්‍ෂණය හා දිස්ති‍්‍රක් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය ඇල්පිටිය මූලික රෝහලේ දී සිදු කිරීමෙන් පසු එහි සඳහන් වන්නේ රාතී‍්‍ර ආහාර වේලේ ආමාශික යුෂ පෙණහලූවලට ගමන් කිරීමෙන් ඇතිවූ ආසාදිත තත්ත්වයක් මෙම මරණයට හේතු වී ඇති බවයි. 2015-12-21 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 20 Dec 2015 09:23 PM ලංකාවේ දී නම් දැන් මොනවත් කන්න භය හිතෙනවා.. සල්ලි නිසා මොනතරම් වස විස පාරිභෝගිකයන් හට විකුණනවාද.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Dec 2015 09:45 PM හොදම දෙ ගෙදර උයලා කන එකයි ..ඉන්දල හිටලා පිට හොටලයකින් කැවට කමක් නැලු 0 Imalka HewageVeteran MemberPosts:4533 21 Dec 2015 12:02 AM මියගිය සොයුරියටත් සොයුරාටත් නිවන් සුව ලැබේවා ! 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Dec 2015 12:11 AM ආහාර විෂවිමෙන් සමුගත් සොයුරාටත් සොයුරියටත් නිවන් සුව... මේ දෙය හෙට අපට වෙන්න පුළුවන්... 0 isuru sampathSuper Senior MemberPosts:7342 21 Dec 2015 12:20 AM ගොඩක් කඩ වල ඉස්සරහ හොදට පෙන්න තිබුනට කුස්සිය පැත්තට පොඩ්ඩක් ඔලුව දැම්මනම් කඩ වලින් කන්නේ නෑ ....... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Dec 2015 07:57 AM මගේ යෙහෙලියත් ඒ වගේම ඉහතින් සඳහන් කල ලිපියෙත් දෙදෙනාම මිය ගිහින් තියෙන්නේ 17 වෙනිදා රාත්‍රියේ ආහාර විෂ වීමෙන්.. ඒ වගේම මගේ බිරිඳගේ පාසලේ ඇය උගන්වා ඇති දැන් වයස 23ක් වෙන ළමයෙකුත් මිය ගිහින් තියෙනවා කොත්තු රොටියක් විෂ වීමෙන්. දැන ගත්තේ අද.. එත් හරියටම 17 වෙනිදා රාත්‍රියේ.. මේක මහා පුදුමයක්.. 17 වෙනිදා ආහාර විෂවිමෙන්ම 3 දෙනෙක් මිය ගිහින්.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 06 Jan 2016 10:04 PM ප්‍රොටීන සපිරි පළතුරු වර්ග.. ප්‍රෝටීන යනු සිරුරේ වර්ධනයට අත්‍යාවශ්‍ය පෝෂකයකි. පළතුරු යනු ප්‍රෝටීන ලබාගත හැකි හොඳම ආකාරයකි. එමෙන්ම එලවළු හා මස් මාංශ ද මෙලෙස සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් සැපයුම සිදු කරයි. මේ ලිපියෙන් ගෙන එන්නේ ප්‍රෝටීන සපිරි පළතුරු වර්ග කීපයකි. 01. පේර අනෙකුත් පළතුරු වලට වඩා වැඩියෙන් ප්‍රෝටීන අන්තර්ගත වේ. එමෙන්ම මෙහි lycopene අඩංගු වන බැවින් පිළිකා නාශක ගුණයන් සපිරි වේ. මෙහි ඇති vitamin C නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතියට ද වැදගත් වේ. 02. රටඉඳි රටඉඳි ප්‍රෝටීන ලබාගැනීමට හොඳම ක්‍රමයකි. සිරුරේ පොටෑසියම් ප්‍රමාණය ද වැඩි කරවයි. සිරුරට අවශ්‍ය තන්තු ප්‍රමාණය ද ලබා දේ. කොලෙස්ටරෝල් ප්‍රතිශතය අඩු කර, සිරුරේ ග්ලූකෝස් පුමාණය පාලනය කරයි. 03. වරකා වරකා වල ප්‍රෝටීන අඩංගු වේ. එමෙන්ම මෙහි vitamin C හා තන්තු ද අඩංගු වේ. සිරුරේ පොටෑසියම් ප්‍රමාණය වැඩි කරවයි. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරකයන් නිසා පිළිකා නාශනය කරයි. 04. මිදි මේවායේ ප්‍රෝටීන ඇතුවාක් මෙන්ම බර අඩු කරගැනීමට ද දායක වේ. සිරුරට තන්තු සැපයීම ද සිදු කරයි. මේවායේ කැලරි අඩුවෙන් අන්තර්ගත වන අතර, දෛනික ක්‍රියාකාරකම් වලට අවශ්‍ය ශක්තිය ලබා දේ. 05. කෙසෙල් කෙසෙල් වල සිරුරට අවශ්‍ය ප්‍රෝටීන, තන්තු අඩංගු වන අතර, බර අඩු කරගැනීමට, රුධිර පීඩනය නිසි පරිදි පවත්වා ගැනීමට හා ජීර්ණ පද්ධතිය පවත්වාගැනීමට ද දායක වේ. 0 isuru sampathSuper Senior MemberPosts:7342 06 Jan 2016 10:13 PM තැන්ක්ස් සමන්ත අයියේ මේ විස්තර වලට . 0 You are not authorized to post a reply. Page 1 of 612345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner