Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 06 Jan 2018 07:56 AM by hasithad ගුණදාස කපුගේ ශූරීන්ගේ ගීත 34 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 212 > >> Author Messages indika76Most Senior MemberPosts:10457 11 Oct 2015 01:15 AM Quote Reply 01. උන්මාද සිතුවම් 02. දවසක් පැල නැති 03. දුක හාදු දෙන රැයේ 04. මගෙ හද මඩල 05. ගමේ එන්නට 06. පාළුව දෙවනත් කරලා (උලලේනෝ) 07. ඔබ පෙම් කරනා 08. සුදු නැන්දා 09. සබද අපි කදු නොවෙමු 10. මං මුලාවී 1 indika76Most Senior MemberPosts:10457 11 Oct 2015 01:18 AM Quote Reply 01. උන්මාද සිතුවම් උන්මාද සිතුවම් මැවේ බිදේ මීදුම් වලා මැද අතීතයේ බිඳුණු පෙමින් ගිනිගත් හදවත් තනිවේවි එක්ටැම්ගේ අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදකලා සුළඟ පමණි උරුමේ හඬා වැටෙන සිත සදා සරණ මත තනිවේවි එක්ටැම්ගේ උන්මාද සිතුවම් ... ... ... දහසක් මල් මැද එකම මලයි පැතුවේ එමල කිමද සරදම් කර සැඟව ගියේ දැනේ තවම මට මලේ සුවඳ පොද තනිවේවි එක්ටැම්ගේ උන්මාද සිතුවම් ... ... ... ගායනය: ගුණදාස කපුගේ ගී පද: සුනිල් ආරියරත්න ගී තනු: සරත් දසනායක 02. දවසක් පැල නැති දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුනදා බිරිඳකගේ සෙනහෙ ගියා යෝධ ඇළේ නැම්මේ ඔඛෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ ඔඛෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ කොළඹ අහස කළු කරගෙන මූදු හුලඟ අඩලනකොට ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එන..තුරු ඉඳිකඩ ළඟ ඉන්නවා... .... ද අම්මේ ... ... ගායනය: ගුණදාස කපුගේ ගී පද: රන්බණ්ඩා සෙනෙවිරත්න ගී තනු: ගුණදාස කපුගේ 0 indika76Most Senior MemberPosts:10457 11 Oct 2015 01:19 AM Quote Reply 03. දුක හාදු දෙන රැයේ දුක හාදු දෙන රැයේ හිත පතුලටම වෙලා යෞවනේ අකට විය විරහී හද ගිලන්වෙලා දුක හාදු දෙන රැයේ ... ... ... ගහ කොළද මල් පිපේ ඇල දොළ නිල කඩා හැලේ පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ දුක හාදු දෙන රැයේ ... ... ... නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා දුක හාදු දෙන රැයේ ... ... ... ගායනය: ගුණදාස කපුගේ ගී පද: වසන්ත බණ්ඩාර දිසානායක ගී තනු: ගුණදාස කපුගේ 0 indika76Most Senior MemberPosts:10457 11 Oct 2015 01:20 AM Quote Reply 04. මගෙ හද මඬල මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී ඔඛෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී සිනා සිසී දෝතින් යහන තැනූ ලියේ මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ මටම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ මදෙස බල බලා නාඬන් කුමාරියේ මගෙ හද මඬල ... ... ... පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුනු ලියේ මල් සුවඳකට බැඳි වරලස ඉනුව ලියේ පවලම් පොටින් ගිලිහුණු තාරකාවියේ කරපු පවට නාඬන් දේවතාවියේ මගෙ හද මඬල ... ... ... ගායනය: ගුණදාස කපුගේ ගී පද: ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ගී තනු: ගුණදාස කපුගේ 0 indika76Most Senior MemberPosts:10457 11 Oct 2015 01:25 AM Quote Reply 05. ගමේ එන්නට ගමේ එන්නට හිතෙන්නෑ මට නඟේ නුඹ හින්දා ලියුම් කරදහි කොතෙක් ලිව්වත් මෙහෙම මං ඉන්නා මෙහෙම මං ඉන්නා වසර ගණනක් පෙරුම් පුරලත් එක හිතක් නැත්නම් වසර ගණනක් ... ... ... මගේ කඳුලට වේදනා මං තනිව විදගන්නම් තනිව විදගන්නම් හිතේ ඇතිවුන ආදරේ ගැන උඹට ඇයි රිදවුම් හිතේ ඇතිවුන ... ... ... නුඹේ සෙනෙහස අහක ගියදෙන් තනිව මං ඉන්නම් තනිව මං ඉන්නම් ගමේ එන්නට ... ... ... ගායනය: ගුණදාස කපුගේ ගී පද: සුනිල් ආර්. ගමගේ ගී තනු: ගුණදාස කපුගේ 0 maduranga001Most Senior MemberPosts:14123 11 Oct 2015 01:30 AM Quote Reply ඊයෙටත් අදටත් හෙටටත් තුන් කල්හිම අසන්නට රසවිදින්නට පුළුවන් ගීත රැසක් තමයි කපුගේ ශුරින්ට තියෙන්නේ.. බොහොම ස්තුතියි මේ ගීත පෙළ ගීත එකතුවක් විදියට ස්ටන් එකට එකතු කිරීමට එකතුවීම පිළිඹඳව.. හැකි විටකදී ඒ ගීතයේ එම්පීත්‍රි එක හෝ යූ ටියුබ් ගීතයත් එකතු කල හැකි අවස්ථාවක එකතු කරන්න. ගීතය රස විඳින්න ඒක පිටිවහලක් වේවි. වෙනත් සාමාජිකයන්ට උනත් මේ සදහා උදව් කරන්න පුළුවන් නේ. අලුත් ත්රෙඩ්ස් අවශ්‍ය කාළයක ඉන්දික76 අයියගේ කාර්‍යය ඉතා අගේ කොට සලකනවා. 0 maduranga001Most Senior MemberPosts:14123 11 Oct 2015 01:36 AM Quote Reply මෙහි පළමුවෙනි ගීතය විදියට ඉදිරිපත් කල "උන්මාද සිතුවම්" ගීතය මගේ ඉතා කැමතිම කපුගේ මහත්මයා ගායනා කරපු ගීතය. ඉන්දික අයියා මේ ගීතය මෙහි පළමු ගීතය විදියට යෙදුවේ අහම්බෙන්ද..? නැත්නම් වෙනයම් හේතුවක් නිසාද දන්නේ නැහැ. මම කැමති මේකේ ඔරිජිනල්ම ඔරිජිනල් ගීතය.. "එක් ටැම් ගේ" පහළ ඉදලා උඩට නගිනකම් චිත්‍රපටයේ ඇහෙන නියම ගීතයට. චිත්‍ර පටය නරඹගෙන යද්දී ඒ ගීතය ඇහෙනකොට අපිත් නිකන් මුහුද මැද්දේ තනි වෙලා කියල දැනෙනවා.. 0 gaminiVeteran MemberPosts:4475 11 Oct 2015 07:57 AM Quote Reply ඔබගේ රස වින්දනය සදහා ගුණදාස කපුගේ මහතා ගයපු මම ප්‍රිය කරන මෙම ගීතයත් එකතු කරන්නද? පාළුව දෙවනත් කර නාඬන් උල ලේනෝ කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා උල ලේනෝ... උල ලේනෝ... හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උල ලේනෝ... උල ලේනෝ... ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ උල ලේනෝ... උල ලේනෝ... සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ නිවනට ගියදා මේ හැම දුක නැති වන්නේ උල ලේනෝ... උල ලේනෝ... ගුණදාස කපුගේ රං බණ්ඩා සෙනෙවිරත්න 0 gaminiVeteran MemberPosts:4475 11 Oct 2015 08:03 AM Quote Reply Posted By gamini on 11 Oct 2015 07:57 AM ඔබගේ රස වින්දනය සදහා ගුණදාස කපුගේ මහතා ගයපු මම ප්‍රිය කරන මෙම ගීතයත් එකතු කරන්නද? පාළුව දෙවනත් කර නාඬන් උල ලේනෝ කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා උල ලේනෝ... උල ලේනෝ... හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උල ලේනෝ... උල ලේනෝ... ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ උල ලේනෝ... උල ලේනෝ... සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ නිවනට ගියදා මේ හැම දුක නැති වන්නේ උල ලේනෝ... උල ලේනෝ... ගුණදාස කපුගේ රං බණ්ඩා සෙනෙවිරත්න ශ්‍රී ලංකාවේ පළමු තරුණ නැඟිටීම ලෙස සැලකෙන්නේ එකදාස් නමසිය හැත්තෑඑකේ අප්‍රේල් කැරැල්ලයි. අප්‍රේල් පස්වැනි දා ඇරැඹි ඒ කැරැල්ල සති කීපයක් යන විට අඩපණ වී ගොස් කැරලිකරුවෝ කැළෑ වැදුණා. එසේ සියල්ල අහිමිව පරාජිතව වනගත වී සිටින මොහොතක කැරලිකරුවකුට මුළු රාත්‍රිය පුරා ඇසෙන්නේ උලලේනාගේ හඬයි. (ඒ කැරලිකරුවා මෙහි රචකයා දැයි මම නොදනිමි) විප්ලවයේ මළගම මෙ හඬත් සමඟ ඔහු අත්විඳියි.රන්බණ්ඩා සෙනෙවිරත්නයන් පසුකලෙක මේ ගීතය සඳහා යොදා ගන්නේ මේ අනුභූතියයි. එහෙත් මේ අත්දැකීමෙන් පරිබාහිර ව වුවද මේ නිර්මාණයෙන් යම් රසයක් අත්විඳිය හැකි ය. එහෙත් මෙම අත්දැකීම ඔස්සේ සියල්ලට ම වඩා හොඳින් මේ නිර්මාණය රසවිඳිය හැකි ය. වනාන්තරය පාළු ය. ඒ පාළුව දෙවනත් වන්නේ උලලේනාගේ හඩිනි. මේ කැරලිකරුවාට ඊයේ මුණගැසුණු සහෝදර කැරලිකරුවන් අද ළඟ නැත. ඔහුට ඔවුන් සිහිවෙයි. සියලු දෙනාට ම එළඹී ඇත්තේ නපුරු කලදසාවකි. දරන්නට බැරි තනිකමක බර මේ මොහොතේ හිතට දැනෙයි. "පාළුව දෙවනත් කරලා නාඬන් උලලේනෝ කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උලලේනෝ..." කැරලිකරුවෝ කීපදෙනෙක් වනාන්තරයේ තනිවී සිටිති. ඔවුන්ට මේ මොහොතේ උරුමව ඇත්තේ සීත සුළඟත් හිරිකඩත් පමණි. ඔවුන් බලාපොරොත්තු වූ ලෝකය සුණුවිසුණු වී ගොස් ය. උලලේනාට නම් පියාඹන්නට තටු ඇත. ඒත් වනාන්තරයේ තනිවූ මේ කැරලිකාර යෞවනයන්ට ඉතිරි වී ඇත්තේ ලී දඬු කපා අටවා ගත් කුඩා පැලක් පමණි. ඔවුන්ට වඩා නිදහසක් උලලේනාට ද ඇත. රන්බණ්ඩා සෙනෙවිරත්න, කපුගේ "සීත සුළං හිරිකඩයි කැලේ අපට උරුමේ උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උලලේනෝ..." විප්ලවය පිළිබඳ බලාපොරොත්තු ඉහිරුණු කිරි කළයකට සමාන ය. යළි ඒ කිරි කළයට එකතු කළ නොහැකි ය. දැන් හිත හදාගත යුතුය. උලලේනා ද අඬාවැටෙන්නේ දුකකට විය යුතු ය. හඬා වැලපීමෙන් පලක් නැති බව උලලේනා ද ඉගෙන ගත යුතුය. උලලේනාට ද ආත්ම ධෛර්යය දිය යුතු ය. ශෝකය දුක ඉදිරියේ විලාප දීමෙන් පලක් නොමැති බව උලලේනාට ද උගන්වන්නට තරම් ඔහු තුළ ආත්ම ධෛර්යය ඉතිරි ව තිබේ. "ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ උඹටත් එක්කයි මම මේ කවිය කියන්නේ උලලේනෝ...." එසේත් නැත්නම් උලලේනා වියෝ දුක කාට හෝ සන්නිවේදනය කරනවා විය යුතුය. එහෙත් මේ කිසිවකින් පලක් නැත. සංසාරයේ හැටි උලලේනා ද අවබෝධ කරගත යුතුය. ඊයේ තමා ළඟ සිටි මිත්‍රයන් වෙඩි උණ්ඩයකට ජීවිතය දන් දී තිබේ. සංසාරයේ දුක උලලේනාට වඩා හොඳින් මේ කැරලිකරුවා අවබෝධ කරගෙන සිටී. දේශපාලන විමුක්තියෙන් පවතින බව ඔහු ද පසක් කර ගනී. "සංසාරේ හැටි තමයි වියෝග ඇතිවන්නේ නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ උලලේනෝ..." මේ ගීයේ අර්ථ ගාම්භීර්ය වඩාත් හොඳින් දක්නට ලැබෙන්නේ මේ අවසාන පද කීපයෙනි. ජීවිතයේ පරාජයන්ට, එසේම වියෝ විරහ වේදනාවන්ට ගොදුරු වූ ඕනෑ ම පුද්ගලයකුට ගැඹුරු ජීවන යථාර්ථයක් උකහාගැනීමේ හැකියාව මේ ගීතයේ පවතී. පාළු ශෝකී රසය අතරින් භාවයන් පමණක් නොව බුද්ධිය ද අවදි කරවීමේ හැකියාව මේ නිර්මාණයේ පවතී. 1 Ind007kaMost Senior MemberPosts:12931 11 Oct 2015 06:18 PM Quote Reply ඉතාමත් ගබුරු අදහසක් තියෙන්නෙ ..මම ගොඩක් ආසා ගායකයෙක් 0 samanthaMost Senior MemberPosts:13194 11 Oct 2015 10:27 PM Quote Reply මමත් ආසම කරන ගායකයෙක් තමයි කපුගේ. බොහොමත්ම ස්තූතියි ඉන්දික මල්ලී මේ උත්සාහයට. 0 gaminiVeteran MemberPosts:4475 15 Oct 2015 07:48 AM Quote Reply ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා ... සාගර වෙරලේ සොඳුරු සැඳෑවක රඟහල කෙලවර අඳුරු නිමේෂෙක අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය පෙර දවසක මා තුරුලට වී ඉඳ මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා ... සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය සනහස සඟවා දෙනෙත නුරාවෙන් මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා ... 0 maduranga001Most Senior MemberPosts:14123 15 Oct 2015 11:51 AM Quote Reply 0 gaminiVeteran MemberPosts:4475 15 Oct 2015 12:07 PM Quote Reply Posted By maduranga001 on 15 Oct 2015 11:51 AM 0 gaminiVeteran MemberPosts:4475 15 Oct 2015 12:12 PM Quote Reply සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ මාමණ්ඩී මට ඇයි මඟ හැරියේ හීන් හඬට ඉකි බිඳුම් ඇසෙන්නේ හීන් නඟා ඇයි ගේ මුල්ලේ.. වෙනදා ඉදිකඩ අද මට හරස් වෙලා වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා රිදී පොටක් හංගාගෙන ආවා හීන් නඟේ නුඹ නෑ දන්නේ.. තටු පොරවා ගෙන සැළයා කූඩු වෙලා කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා පාන් පැලට අද පරමල් වැඩලා ගලේ විහාරෙත් ගොළුවීලා.. පද: ලූෂන් බුලත්සිංහල තනු: විශාරද ගුණදාස කපුගේ හඬ: විශාරද ගුණදාස කපුගේ 0 Ind007kaMost Senior MemberPosts:12931 15 Oct 2015 06:12 PM Quote Reply Posted By maduranga001 on 15 Oct 2015 11:51 AM මම හිතුවා album එකක් දැම්මා කියලා 0 isurusamSuper Senior MemberPosts:7342 15 Oct 2015 08:22 PM Quote Reply මමත් ගොඩක් ආස ගායකයෙක් .තැන්ක්ස් 0 sha733Super Senior MemberPosts:7332 16 Oct 2015 04:52 AM Quote Reply ගුණදාස කපුගේ ශූරීන්ට තියෙන්නෙ අමුත=ම ආකාරයේ කටහඩක් ගීත කොයිතරම් කාලයක් ඇහුවත් අහන්න පුලවන් බොහෙම ස්ත=තියි අයියේ මේ ලබා දුන් ගීත සියල්ලට 0 indika76Most Senior MemberPosts:10457 28 Oct 2015 04:31 AM Quote Reply 06. පාළුව දෙවනත් කරලා (උල ලේනෝ) පාළුව දෙවනත් කර නාඬන් උල ලේනෝ කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා උල ලේනෝ... උල ලේනෝ... හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උල ලේනෝ... උල ලේනෝ... ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ උල ලේනෝ... උල ලේනෝ... සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ නිවනට ගියදා මේ හැම දුක නැති වන්නේ උල ලේනෝ... උල ලේනෝ... 0 indika76Most Senior MemberPosts:10457 28 Oct 2015 04:32 AM Quote Reply 07. ඔබ පෙම් කරනා ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා ... සාගර වෙරලේ සොඳුරු සැඳෑවක රඟහල කෙලවර අඳුරු නිමේෂෙක අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය පෙර දවසක මා තුරුලට වී ඉඳ මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා ... සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය සනහස සඟවා දෙනෙත නුරාවෙන් මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා ... 0 Add Reply Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit