Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ගුණදාස කපුගේ ශූරීන්ගේ ගීත Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ගුණදාස කපුගේ ශූරීන්ගේ ගීත Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review hasitha dhananjayaSuper Senior MemberPosts:5795 06 Jan 2018 07:56 AM කාලෙකට කලින් පටන් ගත් ත්රෙඩ් එකක් වගේ. මේකට මම නං කලින් සම්බන්ද වෙලා නෑ. chamara duleepMost Senior MemberPosts:13471 05 Jan 2018 06:21 AM නියම වැඩක්නේ පටන් අරන් තියෙන්නේ..ලස්සන ගීත තියනවා..මමත් දායකත්වයක් දෙන්නම්කෝ Madhu WeerasingheNew MemberPosts:13 05 Jan 2018 05:34 AM මම කැමතිම ගායන ශිල්පියෙක්.... hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Sep 2016 10:42 AM මේවා දැන් ඇහෙනවා අඩුයි පෝයට වුනත් මල්ලි. Danu LiyanageVeteran MemberPosts:3457 24 Sep 2016 10:23 AM වෙසක් කාලෙට නිතර ඇහෙන ගීතයක් Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Sep 2016 09:29 AM Api asarana wela wage ... buduhamuduruwane - Gunadasa Kapuge SM THILANKAVeteran MemberPosts:1736 24 Sep 2016 04:42 AM හොද අර්ථවත් සිංදු ටිකක් දාලා තියෙනේ මාත් ගොඩක් අසා ගායකයෙක් ගුණදාස කපුගේ මහත්මයා .......... Dileeka MadushaniVeteran MemberPosts:2100 24 Sep 2016 03:39 AM ඉස්සර කාලේ සිංදු තමයි සිංදු හරිම අර්ථවත් Sithara GodewattaSuper Senior MemberPosts:5335 23 Nov 2015 03:59 PM මගේ ලැයිස්තුවේ උඩින්ම ඉන්න ගායකයා තමා ගුණදාස කපුගේ මහත්මයා ...... ජිවිතේට කවදාවත් එපා නොවන කටහඩ ගොඩක් ස්තුති අයියා Chandima MaxAdvanced MemberPosts:509 19 Nov 2015 02:30 AM share kara gattata thanks yalu Chandima MaxAdvanced MemberPosts:509 19 Nov 2015 02:30 AM share kara gattata thanks yalu Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Nov 2015 08:04 PM කපුගේගෙ තවත් ලස්සන සින්දු ටිකක් වීඩියෝ එක්කම වැටිලා තියෙන්නෙ. බොහොම ස්තුතියි..! Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Oct 2015 04:37 AM 10. මං මුලාවී මං මුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුල වු සමනලියක ගෙනි පාර අසා තිබුනේ ඈයත් නොදන්නිය ඈය යන මානය උන් හිටි තෑන් මතකය අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඈයටද පාරක් ඈති නෑති ගානය අප හමු වුයේ මන් දෑයි නොදනිමි පාර ඈසූයේ ඈයි දෑයි නොකියමි අපේ ගමන අද නවතනු හෑකි නම් අප යන ගමනද අද මෙතනින් නිමි පද: සුනිල් ආරියරත්න තනු: විශාරද ගුණදාස කපුගේ හඬ: විශාරද ගුණදාස කපුගේ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Oct 2015 04:35 AM 09. සබඳ අපි කඳු නොවෙමු සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා දවන සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින සබඳ අපි කඳු නොවෙමු ... ... ... නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන සබඳ අපි කඳු නොවෙමු ... ... ... පද: දර්ශන මේදිස් තනු: විශාරද ගුණදාස කපුගේ හඬ: විශාරද ගුණදාස කපුගේ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Oct 2015 04:33 AM 08. සුදු නැන්දා සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ මාමණ්ඩී මට ඇයි මඟ හැරියේ හීන් හඬට ඉකි බිඳුම් ඇසෙන්නේ හීන් නඟා ඇයි ගේ මුල්ලේ.. වෙනදා ඉදිකඩ අද මට හරස් වෙලා වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා රිදී පොටක් හංගාගෙන ආවා හීන් නඟේ නුඹ නෑ දන්නේ.. තටු පොරවා ගෙන සැළයා කූඩු වෙලා කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා පාන් පැලට අද පරමල් වැඩලා ගලේ විහාරෙත් ගොළුවීලා.. පද: ලූෂන් බුලත්සිංහල තනු: විශාරද ගුණදාස කපුගේ හඬ: විශාරද ගුණදාස කපුගේ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Oct 2015 04:32 AM 07. ඔබ පෙම් කරනා ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා ... සාගර වෙරලේ සොඳුරු සැඳෑවක රඟහල කෙලවර අඳුරු නිමේෂෙක අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය පෙර දවසක මා තුරුලට වී ඉඳ මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා ... සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය සනහස සඟවා දෙනෙත නුරාවෙන් මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා ... Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Oct 2015 04:31 AM 06. පාළුව දෙවනත් කරලා (උල ලේනෝ) පාළුව දෙවනත් කර නාඬන් උල ලේනෝ කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා උල ලේනෝ... උල ලේනෝ... හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උල ලේනෝ... උල ලේනෝ... ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ උල ලේනෝ... උල ලේනෝ... සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ නිවනට ගියදා මේ හැම දුක නැති වන්නේ උල ලේනෝ... උල ලේනෝ... shanaka kelumSuper Senior MemberPosts:7332 16 Oct 2015 04:52 AM ගුණදාස කපුගේ ශූරීන්ට තියෙන්නෙ අමුත=ම ආකාරයේ කටහඩක් ගීත කොයිතරම් කාලයක් ඇහුවත් අහන්න පුලවන් බොහෙම ස්ත=තියි අයියේ මේ ලබා දුන් ගීත සියල්ලට isuru sampathSuper Senior MemberPosts:7342 15 Oct 2015 08:22 PM මමත් ගොඩක් ආස ගායකයෙක් .තැන්ක්ස් Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 Oct 2015 06:12 PM Posted By maduranga001 on 15 Oct 2015 11:51 AM මම හිතුවා album එකක් දැම්මා කියලා ගාමිණී W .D.Veteran MemberPosts:4475 15 Oct 2015 12:12 PM සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ මාමණ්ඩී මට ඇයි මඟ හැරියේ හීන් හඬට ඉකි බිඳුම් ඇසෙන්නේ හීන් නඟා ඇයි ගේ මුල්ලේ.. වෙනදා ඉදිකඩ අද මට හරස් වෙලා වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා රිදී පොටක් හංගාගෙන ආවා හීන් නඟේ නුඹ නෑ දන්නේ.. තටු පොරවා ගෙන සැළයා කූඩු වෙලා කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා පාන් පැලට අද පරමල් වැඩලා ගලේ විහාරෙත් ගොළුවීලා.. පද: ලූෂන් බුලත්සිංහල තනු: විශාරද ගුණදාස කපුගේ හඬ: විශාරද ගුණදාස කපුගේ ගාමිණී W .D.Veteran MemberPosts:4475 15 Oct 2015 12:07 PM Posted By maduranga001 on 15 Oct 2015 11:51 AM Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Oct 2015 11:51 AM ගාමිණී W .D.Veteran MemberPosts:4475 15 Oct 2015 07:48 AM ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා ... සාගර වෙරලේ සොඳුරු සැඳෑවක රඟහල කෙලවර අඳුරු නිමේෂෙක අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය පෙර දවසක මා තුරුලට වී ඉඳ මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා ... සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය සනහස සඟවා දෙනෙත නුරාවෙන් මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා ... Samantha AbayasekaraMost Senior MemberPosts:13196 11 Oct 2015 10:27 PM මමත් ආසම කරන ගායකයෙක් තමයි කපුගේ. බොහොමත්ම ස්තූතියි ඉන්දික මල්ලී මේ උත්සාහයට. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 11 Oct 2015 06:18 PM ඉතාමත් ගබුරු අදහසක් තියෙන්නෙ ..මම ගොඩක් ආසා ගායකයෙක් ගාමිණී W .D.Veteran MemberPosts:4475 11 Oct 2015 08:03 AM Posted By gamini on 11 Oct 2015 07:57 AM ඔබගේ රස වින්දනය සදහා ගුණදාස කපුගේ මහතා ගයපු මම ප්රිය කරන මෙම ගීතයත් එකතු කරන්නද? පාළුව දෙවනත් කර නාඬන් උල ලේනෝ කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා උල ලේනෝ... උල ලේනෝ... හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උල ලේනෝ... උල ලේනෝ... ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ උල ලේනෝ... උල ලේනෝ... සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ නිවනට ගියදා මේ හැම දුක නැති වන්නේ උල ලේනෝ... උල ලේනෝ... ගුණදාස කපුගේ රං බණ්ඩා සෙනෙවිරත්න ශ්රී ලංකාවේ පළමු තරුණ නැඟිටීම ලෙස සැලකෙන්නේ එකදාස් නමසිය හැත්තෑඑකේ අප්රේල් කැරැල්ලයි. අප්රේල් පස්වැනි දා ඇරැඹි ඒ කැරැල්ල සති කීපයක් යන විට අඩපණ වී ගොස් කැරලිකරුවෝ කැළෑ වැදුණා. එසේ සියල්ල අහිමිව පරාජිතව වනගත වී සිටින මොහොතක කැරලිකරුවකුට මුළු රාත්රිය පුරා ඇසෙන්නේ උලලේනාගේ හඬයි. (ඒ කැරලිකරුවා මෙහි රචකයා දැයි මම නොදනිමි) විප්ලවයේ මළගම මෙ හඬත් සමඟ ඔහු අත්විඳියි.රන්බණ්ඩා සෙනෙවිරත්නයන් පසුකලෙක මේ ගීතය සඳහා යොදා ගන්නේ මේ අනුභූතියයි. එහෙත් මේ අත්දැකීමෙන් පරිබාහිර ව වුවද මේ නිර්මාණයෙන් යම් රසයක් අත්විඳිය හැකි ය. එහෙත් මෙම අත්දැකීම ඔස්සේ සියල්ලට ම වඩා හොඳින් මේ නිර්මාණය රසවිඳිය හැකි ය. වනාන්තරය පාළු ය. ඒ පාළුව දෙවනත් වන්නේ උලලේනාගේ හඩිනි. මේ කැරලිකරුවාට ඊයේ මුණගැසුණු සහෝදර කැරලිකරුවන් අද ළඟ නැත. ඔහුට ඔවුන් සිහිවෙයි. සියලු දෙනාට ම එළඹී ඇත්තේ නපුරු කලදසාවකි. දරන්නට බැරි තනිකමක බර මේ මොහොතේ හිතට දැනෙයි. "පාළුව දෙවනත් කරලා නාඬන් උලලේනෝ කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උලලේනෝ..." කැරලිකරුවෝ කීපදෙනෙක් වනාන්තරයේ තනිවී සිටිති. ඔවුන්ට මේ මොහොතේ උරුමව ඇත්තේ සීත සුළඟත් හිරිකඩත් පමණි. ඔවුන් බලාපොරොත්තු වූ ලෝකය සුණුවිසුණු වී ගොස් ය. උලලේනාට නම් පියාඹන්නට තටු ඇත. ඒත් වනාන්තරයේ තනිවූ මේ කැරලිකාර යෞවනයන්ට ඉතිරි වී ඇත්තේ ලී දඬු කපා අටවා ගත් කුඩා පැලක් පමණි. ඔවුන්ට වඩා නිදහසක් උලලේනාට ද ඇත. රන්බණ්ඩා සෙනෙවිරත්න, කපුගේ "සීත සුළං හිරිකඩයි කැලේ අපට උරුමේ උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උලලේනෝ..." විප්ලවය පිළිබඳ බලාපොරොත්තු ඉහිරුණු කිරි කළයකට සමාන ය. යළි ඒ කිරි කළයට එකතු කළ නොහැකි ය. දැන් හිත හදාගත යුතුය. උලලේනා ද අඬාවැටෙන්නේ දුකකට විය යුතු ය. හඬා වැලපීමෙන් පලක් නැති බව උලලේනා ද ඉගෙන ගත යුතුය. උලලේනාට ද ආත්ම ධෛර්යය දිය යුතු ය. ශෝකය දුක ඉදිරියේ විලාප දීමෙන් පලක් නොමැති බව උලලේනාට ද උගන්වන්නට තරම් ඔහු තුළ ආත්ම ධෛර්යය ඉතිරි ව තිබේ. "ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ උඹටත් එක්කයි මම මේ කවිය කියන්නේ උලලේනෝ...." එසේත් නැත්නම් උලලේනා වියෝ දුක කාට හෝ සන්නිවේදනය කරනවා විය යුතුය. එහෙත් මේ කිසිවකින් පලක් නැත. සංසාරයේ හැටි උලලේනා ද අවබෝධ කරගත යුතුය. ඊයේ තමා ළඟ සිටි මිත්රයන් වෙඩි උණ්ඩයකට ජීවිතය දන් දී තිබේ. සංසාරයේ දුක උලලේනාට වඩා හොඳින් මේ කැරලිකරුවා අවබෝධ කරගෙන සිටී. දේශපාලන විමුක්තියෙන් පවතින බව ඔහු ද පසක් කර ගනී. "සංසාරේ හැටි තමයි වියෝග ඇතිවන්නේ නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ උලලේනෝ..." මේ ගීයේ අර්ථ ගාම්භීර්ය වඩාත් හොඳින් දක්නට ලැබෙන්නේ මේ අවසාන පද කීපයෙනි. ජීවිතයේ පරාජයන්ට, එසේම වියෝ විරහ වේදනාවන්ට ගොදුරු වූ ඕනෑ ම පුද්ගලයකුට ගැඹුරු ජීවන යථාර්ථයක් උකහාගැනීමේ හැකියාව මේ ගීතයේ පවතී. පාළු ශෝකී රසය අතරින් භාවයන් පමණක් නොව බුද්ධිය ද අවදි කරවීමේ හැකියාව මේ නිර්මාණයේ පවතී. ගාමිණී W .D.Veteran MemberPosts:4475 11 Oct 2015 07:57 AM ඔබගේ රස වින්දනය සදහා ගුණදාස කපුගේ මහතා ගයපු මම ප්රිය කරන මෙම ගීතයත් එකතු කරන්නද? පාළුව දෙවනත් කර නාඬන් උල ලේනෝ කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා උල ලේනෝ... උල ලේනෝ... හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උල ලේනෝ... උල ලේනෝ... ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ උල ලේනෝ... උල ලේනෝ... සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ නිවනට ගියදා මේ හැම දුක නැති වන්නේ උල ලේනෝ... උල ලේනෝ... ගුණදාස කපුගේ රං බණ්ඩා සෙනෙවිරත්න Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Oct 2015 01:36 AM මෙහි පළමුවෙනි ගීතය විදියට ඉදිරිපත් කල "උන්මාද සිතුවම්" ගීතය මගේ ඉතා කැමතිම කපුගේ මහත්මයා ගායනා කරපු ගීතය. ඉන්දික අයියා මේ ගීතය මෙහි පළමු ගීතය විදියට යෙදුවේ අහම්බෙන්ද..? නැත්නම් වෙනයම් හේතුවක් නිසාද දන්නේ නැහැ. මම කැමති මේකේ ඔරිජිනල්ම ඔරිජිනල් ගීතය.. "එක් ටැම් ගේ" පහළ ඉදලා උඩට නගිනකම් චිත්රපටයේ ඇහෙන නියම ගීතයට. චිත්ර පටය නරඹගෙන යද්දී ඒ ගීතය ඇහෙනකොට අපිත් නිකන් මුහුද මැද්දේ තනි වෙලා කියල දැනෙනවා.. Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Oct 2015 01:30 AM ඊයෙටත් අදටත් හෙටටත් තුන් කල්හිම අසන්නට රසවිදින්නට පුළුවන් ගීත රැසක් තමයි කපුගේ ශුරින්ට තියෙන්නේ.. බොහොම ස්තුතියි මේ ගීත පෙළ ගීත එකතුවක් විදියට ස්ටන් එකට එකතු කිරීමට එකතුවීම පිළිඹඳව.. හැකි විටකදී ඒ ගීතයේ එම්පීත්රි එක හෝ යූ ටියුබ් ගීතයත් එකතු කල හැකි අවස්ථාවක එකතු කරන්න. ගීතය රස විඳින්න ඒක පිටිවහලක් වේවි. වෙනත් සාමාජිකයන්ට උනත් මේ සදහා උදව් කරන්න පුළුවන් නේ. අලුත් ත්රෙඩ්ස් අවශ්ය කාළයක ඉන්දික76 අයියගේ කාර්යය ඉතා අගේ කොට සලකනවා. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Oct 2015 01:25 AM 05. ගමේ එන්නට ගමේ එන්නට හිතෙන්නෑ මට නඟේ නුඹ හින්දා ලියුම් කරදහි කොතෙක් ලිව්වත් මෙහෙම මං ඉන්නා මෙහෙම මං ඉන්නා වසර ගණනක් පෙරුම් පුරලත් එක හිතක් නැත්නම් වසර ගණනක් ... ... ... මගේ කඳුලට වේදනා මං තනිව විදගන්නම් තනිව විදගන්නම් හිතේ ඇතිවුන ආදරේ ගැන උඹට ඇයි රිදවුම් හිතේ ඇතිවුන ... ... ... නුඹේ සෙනෙහස අහක ගියදෙන් තනිව මං ඉන්නම් තනිව මං ඉන්නම් ගමේ එන්නට ... ... ... ගායනය: ගුණදාස කපුගේ ගී පද: සුනිල් ආර්. ගමගේ ගී තනු: ගුණදාස කපුගේ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Oct 2015 01:20 AM 04. මගෙ හද මඬල මගෙ හද මඬල මල් යහනකි ප්රභාවතී ඔඛෙ හද මඬල කටු යහනකි ප්රභාවතී කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී සිනා සිසී දෝතින් යහන තැනූ ලියේ මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ මටම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ මදෙස බල බලා නාඬන් කුමාරියේ මගෙ හද මඬල ... ... ... පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුනු ලියේ මල් සුවඳකට බැඳි වරලස ඉනුව ලියේ පවලම් පොටින් ගිලිහුණු තාරකාවියේ කරපු පවට නාඬන් දේවතාවියේ මගෙ හද මඬල ... ... ... ගායනය: ගුණදාස කපුගේ ගී පද: ස්වර්ණ ශ්රී බණ්ඩාර ගී තනු: ගුණදාස කපුගේ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Oct 2015 01:19 AM 03. දුක හාදු දෙන රැයේ දුක හාදු දෙන රැයේ හිත පතුලටම වෙලා යෞවනේ අකට විය විරහී හද ගිලන්වෙලා දුක හාදු දෙන රැයේ ... ... ... ගහ කොළද මල් පිපේ ඇල දොළ නිල කඩා හැලේ පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ දුක හාදු දෙන රැයේ ... ... ... නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා දුක හාදු දෙන රැයේ ... ... ... ගායනය: ගුණදාස කපුගේ ගී පද: වසන්ත බණ්ඩාර දිසානායක ගී තනු: ගුණදාස කපුගේ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Oct 2015 01:18 AM 01. උන්මාද සිතුවම් උන්මාද සිතුවම් මැවේ බිදේ මීදුම් වලා මැද අතීතයේ බිඳුණු පෙමින් ගිනිගත් හදවත් තනිවේවි එක්ටැම්ගේ අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදකලා සුළඟ පමණි උරුමේ හඬා වැටෙන සිත සදා සරණ මත තනිවේවි එක්ටැම්ගේ උන්මාද සිතුවම් ... ... ... දහසක් මල් මැද එකම මලයි පැතුවේ එමල කිමද සරදම් කර සැඟව ගියේ දැනේ තවම මට මලේ සුවඳ පොද තනිවේවි එක්ටැම්ගේ උන්මාද සිතුවම් ... ... ... ගායනය: ගුණදාස කපුගේ ගී පද: සුනිල් ආරියරත්න ගී තනු: සරත් දසනායක 02. දවසක් පැල නැති දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුනදා බිරිඳකගේ සෙනහෙ ගියා යෝධ ඇළේ නැම්මේ ඔඛෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ ඔඛෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ කොළඹ අහස කළු කරගෙන මූදු හුලඟ අඩලනකොට ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එන..තුරු ඉඳිකඩ ළඟ ඉන්නවා... .... ද අම්මේ ... ... ගායනය: ගුණදාස කපුගේ ගී පද: රන්බණ්ඩා සෙනෙවිරත්න ගී තනු: ගුණදාස කපුගේ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Oct 2015 01:15 AM 01. උන්මාද සිතුවම් 02. දවසක් පැල නැති 03. දුක හාදු දෙන රැයේ 04. මගෙ හද මඩල 05. ගමේ එන්නට 06. පාළුව දෙවනත් කරලා (උලලේනෝ) 07. ඔබ පෙම් කරනා 08. සුදු නැන්දා 09. සබද අපි කදු නොවෙමු 10. මං මුලාවී