You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Oct 2015 12:54 AM by  gamini
හාල්පිටි පාන් එයි
 12 Replies
Sort:
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
15 Sep 2015 09:50 AM
  •  Quote
  •  Reply

 

 

හාල්පිටි පාන් එයි

තිරිඟු පිටිවලින් සාදන පාන්වල රසයට සියයට සීයක් සමාන පාන් හාල්පිටි යොදා ගෙන නිෂ්පාදනය කළ හැකි යැයි කාර්මික තාක්ෂණ ආයතනය කියයි.

මේ අනුව හාල් පිටිවලින් පාන් නිෂ්පාදනයට අනුබල දුනහොත් මේ රටට ගෙන්වන පාන් පිටි සඳහා වසරකට වැය වන රුපියල් කෝටි 8000ක මුදලින් විශාල මුදලක් මේ රටේ ම ඉතිරි කර ගැනීමට හැකි වන අතර සහල් සඳහා තරගකාරී වෙළෙඳ පොළක් නිර්මාණය වීමට ද එය හේතු වනු ඇත.

තිරිඟු පිටි වෙනුවට හාල් පිටි යොදාගෙන පාන් පමණක් නොව, කේක් හා විස්කෝතු ද නිපදවන බව කාර්මික තාක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය අයි.පී.එස්. හේවාජුලිගේ මහත්මිය කීවාය.

මීට අමතරව හාල් පිටි සියයට සියයක් යොදා විස්කෝතු හා නූඩ්ල්ස් නිපදවීමේ තාක්ෂණයත් තම ආයතනය සතුව ඇති බවත් ඇය පවසන්නීය.

ඒ සමඟම හාල් පිටිවලින් සිරප් වර්ගයක් මෙන්ම හාල් පිටිවලින් ටිපි ටිප් වැනි ද්‍රව්‍ය මෙන්ම මාළුපාන්, වියන් රෝල් ආදිය හාල්පිටි යොදා සාර්ථක ලෙස සකස් කළ හැකි බවද හේවාජුලිගේ මහත්මිය පවසන්නීය.

.


ආදරයේ උල්පත අම්මා ......................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
16 Sep 2015 04:16 AM
  •  Quote
  •  Reply
දිය වැඩියාව තියෙන අයට හොදයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
16 Sep 2015 04:59 AM
  •  Quote
  •  Reply
අනිවා පාන් පිටි ගුලි ගිලිනවට වඩා නම් හාල්පිටි යොදාගෙන මේවා කරනවා නම් හොදයි..

මම හාල්පිටි කොත්තු කාල තියෙනවා.. බඩට හරිම සනීපයි.. අර කොත්තු කෑවම එන සුපුරුදු වේදනාකාරී අපහසුතාවය එන්නේ නැහැ. බත් කෑවා වගේ තමයි කොත්තුව කෑවත්..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
16 Sep 2015 07:06 PM
  •  Quote
  •  Reply
අනේ
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
16 Sep 2015 08:26 PM
  •  Quote
  •  Reply
කරන්න පුළුවන් නම් හොද දෙයක් මේක නම්... පාන් පිටි වලින් හදපුව කෑවහම ඉන්න බෑ බඩ පපුව දනව 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Sep 2015 01:13 AM
  •  Quote
  •  Reply
පාන් පිටි කියලා අපි කන්නේ තිරිඟු වල රොඩ්ඩ. හොඳ සාරය පිටරට පටවනවා . ඉතින් අපේ කියලා හොඳ දෙයක් කන්න තියෙනවා නම් මොනතරම් හොඳයිද.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
17 Sep 2015 01:22 AM
  •  Quote
  •  Reply
ඉතින් හාල් ගෙන්නෙත් පිටරටින් නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
17 Sep 2015 02:53 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 17 Sep 2015 01:22 AM
ඉතින් හාල් ගෙන්නෙත් පිටරටින් නෙ

දැන් එහෙනම් ඔය හාල් පෝලිමේ තියාගෙන ඉන්නේ.. වැඩේ කියන්නේ ගොවියන්ගේ හාල් ටික වත් ගන්න ආණ්ඩුවට සල්ලිත් නැහැ.. ගත්තත් තියා ගන්න ඉඩත් නැහැ.. ගත්ත ඒවායින් වැඩක් ගන්න දන්නෙත් නැහැ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
17 Sep 2015 04:12 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩක් ඉන්න පිටරටින් ගෙන්නපු හාල් තාම ඉවර නැහැ ....චන්දෙට එයල්ල වියදම් කලෙ හාල් ටික මෙහෙ විකුන ගන්න නෙ ........ඉතින් ටිකක් ඉවසන්නකො........
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
17 Sep 2015 07:15 AM
  •  Quote
  •  Reply
කොහොම නමුත් ගිය කන්නෙ ගත්ත හාලුත් තවම වී ගබඩාවල තියෙනවා කියල ගබඩා ඉඩ පහසුකම් මදි වීම ගැන අහද්දී පාලකයන් කියන්නෙ..

මම කියන්නේ මේ යාන්ත්‍රණයේ තවම කසිම විධිමත් බවක් නැහැ.. මේ වෙනුවෙන් පැහැදිලි සිස්ටම් එකක් අලුත් ආණ්ඩුවෙන් වත් දැන් වත් හැදුවොත් මේ රටේ ගොවියෝ ටික බේරේවි.. අපිත් බේරේවි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Sep 2015 07:45 AM
  •  Quote
  •  Reply
ගබඩාවල තියෙන වී සවුත්තු වෙනවා.
මේ වගේ දෙයකට මුලු ලංකාවම හැඩ ගැසුනොත් ලොකු විප්ලවයක් වෙයි
1

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
01 Oct 2015 12:28 AM
  •  Quote
  •  Reply
ඔය කියන හාල්පිටි පාන් ගන්න පුළුවන් තැනක් දන්නවද කව්රු හරි 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
01 Oct 2015 12:54 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 01 Oct 2015 12:28 AM
ඔය කියන හාල්පිටි පාන් ගන්න පුළුවන් තැනක් දන්නවද කව්රු හරි 


ක්‍රියාවට යොදවන්නට අදහස් කරගෙන සිටින්නාවූ දේශපාලන  බලදාරින්ගෙන් තමා  අහන්නට වෙන්නේ ............
ආදරයේ උල්පත අම්මා ......................
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below