You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Apr 2016 11:30 PM by  sha733
හිතන්නට යමක් හිතුවක්කාරයා ගෙන්
 22 Replies
Sort:
Page 1 of 212 > >>
Author Messages

erandika119
New Member
New Member
Posts:25






--
17 Sep 2015 03:18 AM
  •  Quote
  •  Reply
"දෙයක් නැතිවුනා කියලා වැටෙන්න එපා
නැතිවුන දේයට වඩා හොද දෙයක් කරා අපි යමු "
දෛවය හා ඉරණම මත අපි තිර්ණය කරනවාට වඩා අපි විසින් තිර්ණය කිරිම හා අනුභූතීන් තොරා ගැනීම හොද බව මට හිතෙන පෞද්ගලික මතයකී .
දෙයක් නැති වීම තුල අපිට දැනෙ
එරන්දික
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
17 Sep 2015 03:35 AM
  •  Quote
  •  Reply
එක ජාතක කතාවක බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා අධිශ්ටානය මතින් කෙනෙකුගේ දෛවය වෙනස් කල හැකි බව.
දෛවය කියන්නේ වෙන්න තියෙන දේ.. නමුත් දැඩි විශ්වාසය සහ අධිෂ්ටානශීලි කැපවීම ඒ වෙන්න තියෙන දේ වෙනස් කරන්නට සමත් බව තමයි එහි මූලික අරුත.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
17 Sep 2015 03:53 AM
  •  Quote
  •  Reply
Posted By erandika119 on 17 Sep 2015 03:18 AM
"දෙයක් නැතිවුනා කියලා වැටෙන්න එපා
නැතිවුන දේයට වඩා හොද දෙයක් කරා අපි යමු "
දෛවය හා ඉරණම මත අපි තිර්ණය කරනවාට වඩා අපි විසින් තිර්ණය කිරිම හා අනුභූතීන් තොරා ගැනීම හොද බව මට හිතෙන පෞද්ගලික මතයකී .
දෙයක් නැති වීම තුල අපිට දැනෙ

සමහර අවස්ථාවලදී අපිට නැතිවන්නේ අප සතුව පවතින හොඳම දේ..

එවැනි අවස්ථාවකදී හදවතට එය දරා ගන්න ගොඩක් අපහසුයි..

එයට විසදුමක් දිය හැකි වන්නේ කාලයට පමණයි...


1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
17 Sep 2015 03:55 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 17 Sep 2015 03:35 AM
එක ජාතක කතාවක බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා අධිශ්ටානය මතින් කෙනෙකුගේ දෛවය වෙනස් කල හැකි බව.
දෛවය කියන්නේ වෙන්න තියෙන දේ.. නමුත් දැඩි විශ්වාසය සහ අධිෂ්ටානශීලි කැපවීම ඒ වෙන්න තියෙන දේ වෙනස් කරන්නට සමත් බව තමයි එහි මූලික අරුත.

 අධිශ්ඨානය හා කැපවීම දැඩිව ක්‍රියාත්මක කල විට අපට ඉටුකල යුතු යුතුකම් ගොඩක් අතපසු වෙනවා..

එවිට අප අපගේ අරමුණ කරා ළගාවන විට ගොඩක් දේ අහිමි වි අවසානයි..

1

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
17 Sep 2015 04:09 AM
  •  Quote
  •  Reply
සමහර දෙවල් අපට නැතිවෙන්නෙ අපට හිමි ගොඩක් දෙවල් අහිමිකරගෙන ...එවා කවදාවත් අයෙත් ලබගන්න නොහකි මට්ටමකට යනවා කාලයත් සමගම ..මෙ දෙවල් තෙරෙනකොට අපි ජීවිතෙ ගොඩක් දුර ගිහින් අවසානයි ..අයෙත් මුලට ගිහින් හදාගෙන එන්න තරම් ...........
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
1

erandika119
New Member
New Member
Posts:25






--
17 Sep 2015 04:14 AM
  •  Quote
  •  Reply
ඔව් සහෝ ඇත්ත
එරන්දික
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
17 Sep 2015 07:00 AM
  •  Quote
  •  Reply
හැමදේම සමබරව ලැබිච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ.. ඉතින් දෙයක් ලැබෙනකොට දෙක තුනක් අහිමි වෙලා.. ඒ නිසා තමන්ට වැදගත්ම වෙන දේ තෝරා ගෙන ඒ වෙනුවෙන් අදිශ්ටානශිලිව ලගා වීම තමයි කරන්න වෙන්නේ..

සමහර දේවල් වලට එහෙම ප්‍රායෝගිකව කරලත් තියෙනවා.. එයින් අත් හරින්න වුනු දේවල් එමටයි..

විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අධ්‍යාපනය අවසන් කරන තුරු කැප කල දේවල්.. එත් අවසානයේ ලැබුණු දේ නිසා අන් හැම දේටම වඩා සතුටු වෙන්න පුළුවන්.. නමුත් ඒ නිසා ඉතා අසා කරන දේවල් අත් හැර ගන්න වෙනවා අපට. 

අධ්‍යාපනය හැර ගොඩ යන්න කිසිම ක්‍රමයක් අප වැන්නවුන්ට කොහෙත්ම නැති නිසා වෙන කරන්න කිසිම දෙයක් නැහැ... මොකද එකම තුරුම්පුවෙන් සෙල්ලම් කරපු නිසා.. උපතින් ලොකු බුදලයක් වත් නැහැනෙ අපට..  (මේ කියන්නේ අර පාරම්පරික O/ L --> A/L --> Campus ගිහින් මොකක් හෝ ලැබෙන රස්සාවක් හොයාගෙන ඉන්න බලන එක නෙවෙයි. මොනම හෝ ශිල්පයක් විධිමත්ව සාර්ථකව හැදෑරීම තමයි මම අධ්‍යාපනය විදියට දකින්නේ.. ඉතින් ඔය දේ නිසා ළමා කාලයේත් ගැටවර වයසේත් නැති කර ගත්ත දේ එමටයි. නැතිවූ සරළ දේවල් ගැන නෙවෙයි මේ කිව්වේ.)

@ඉන්දික007 අයියා - මුලට ගියත් ආයෙත් බොහෝ දුරට එන්නේ අපි ඔය මාවත් ඔස්සේම වේවි කියල මට හිතෙනවා.. ඒ වෙලාවේ කරන්න තියෙන හොදම දේ නේ ගොඩක් වෙලාවට අපි කරන්න පෙළඹෙන්නේ.. අපි වෙන මාවතක් තෝර ගත්ත නම් සමහර විට අදට වඩා පසුතැවිල්ලක් දැනෙන්න ඉඩ තියෙනවා කියල මට හිතෙනව. හැමදේකටම නෙවෙයි.. ඇතැම් දේවල් වලට.

ඒ වගේම මට දැනිලා තියෙනවා අපි දෙයක් නැති වුනාම ලෝකෙම නැති වුනා වගේ දුක් වෙනවා මෙතනින් එහාට ජිවිතයක් නැති වුනා වගේ කියලා හිතල.. නමුත් ඒක එහෙම වෙලා තියෙන්නේ හොදටයි කියල තේරිච්ච අවස්ථාත් තියෙනවා.. පුද්ගලිකවම අවස්ථා තුනක් මට එහෙම වෙලා තියෙනවා.. ජිවිතේ තනිකරම වෙනස් කරපු අවස්ථා තුනක්..අර හොදයි කියල හිතපු විදියට ඒ අවස්ථා තුන නොවුණු එක කොච්චර හොදද කියල පස්සේ අනන්ත හිතිලා තියෙනවා..

ඒ නිසා ඔයාට නැති වෙන්නේ හොදම දේ නෙවෙයි.. හිතා ගෙන හිටපු එක දෙයක් විතරයි කියල හිතා ගන්න එක වඩාත් වැදගත් කියල මට හිතෙන්නෙ...

ජිවිතයට පාර කියන්නේ අපි ලබා ගන්න අත්දැකීම්. කාලයත් සමග අර නැතිවුණු දෙයත් ජිවිතයට එක අත්දැකීමක් විතරයි කියල හිතෙන්න ගන්නවා..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

erandika119
New Member
New Member
Posts:25






--
17 Sep 2015 08:33 AM
  •  Quote
  •  Reply
ස්තුති සහෝ මේ අර්ථකථනය තුල මට මාවම දැක ගන්න පුලුවන් උනා
එරන්දික
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Sep 2015 07:53 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 17 Sep 2015 03:35 AM
එක ජාතක කතාවක බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා අධිශ්ටානය මතින් කෙනෙකුගේ දෛවය වෙනස් කල හැකි බව.
දෛවය කියන්නේ වෙන්න තියෙන දේ.. නමුත් දැඩි විශ්වාසය සහ අධිෂ්ටානශීලි කැපවීම ඒ වෙන්න තියෙන දේ වෙනස් කරන්නට සමත් බව තමයි එහි මූලික අරුත.

මමත් මේ කථාව ඇත්තක් කරගෙන ඉන්නේ මේ වෙනකොට . 


0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Apr 2016 04:24 AM
  •  Quote
  •  Reply
ඊයේ බක් පෝය දවසේ මම සවන් දුන්න ධර්ම සාකච්චාවකින් මට තේරෙන විදිහට දෙයක් ඔයාලටත් කියන්නම් .....

*තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න.

*දෙයක් ඇසු පමණින් ඒ දේ හරි කියලා පිළිගන්න එපා ...

.....උදාහරණය තමයි අපණ්නක ජාතකය ....

අප බෝසතාණන් වහන්සේ වෙළද කුලයක ඉපදිලා 500 ගැල්හි නායකයෙක් වශයෙන් කටයුතු කරනවා. එකල්හිම තවත් ගැල් නායකයෙක් 500 ක් ගැල් සදහා නායකයෙක් වශයෙන් කටයුතු කරනවා .

දිනක් මොවුන් දෙදෙනාම වෙළදාමේ යන්න එකවිට පිටත් වෙන්න සිදු වුයෙන් බෝසතාණන් වහන්සේ මෙහෙම කල්පනා කරනවා ....

'' ගැල් 1000 ක් එක මග යන්න වුණොත් .. මග නොසෑහෙන්නේය. මනුශ්‍යයන්ට දර පැන් හා සරකට තන නොලැබ හැක්කේය.''

ඒ නිසාවෙන් බෝසතාණන් වහන්සේ අනෙක් ගැල් නායකයා කැදවා ඔහුගෙන් විමසා සිටින්නේ දෙදෙනාගෙන් එක්කෙනෙක් පලමුවත් , අනෙක් කෙනා පසුවත් ගමන් කලයුතු බවයි .

බෝසතාණන්ට ඔහු පවසා ඔහු හා පිරිස පළමුව යන බවයි .. වීම ඔහුට වාසි බව මෙසේ සිතිය .

'''''' ගැල් සකීන් නුබුන් මගින් යෙමෙන් ගැල් අදිනා ගොන් පළමු සරක් නොකෑ තන කති. මනුශ්‍යයන්ට පළමු කිසි කෙණෙකුන් විසින් නොකැඩූ පළාකොලවන් වන්නේය. ප්‍රසන්න වූ පැන් වන්නේය. කැමති පරිද්දෙන් අගය තබා ගෙන බඩු විකුණමියි .''''


බොහෝ දුරක් ගොස් කාන්තාර මග හරහා යන්නට විය .

'''''අදිගෘහිත යක්ෂයෙක් මේ මනුෂ්‍යන් ගෙන යන පැන් දම්මවා පියා දුරුවල කොට සියල්ලවුන් කමියි සිතා සර්වාංගයෙන් දවල වූ ඇලි ගොන් දෙන්නෙකු යොදන ලද සිත්කළු යානාවක් මවාගෙන දුණු හිය උරු පළඟ ආයධ ගත් අත් ඇතිව අමුනුෂ්‍යයන් දස දොලොස් දෙනෙකු පිරිවරාගෙන ඇඹුල උපුල මල් පැළඳ නෙත් තෙත් ඉසකේ හා නෙත් පිලි ඇතිව නායක පුරුෂයෙකු මෙන් ඒ රතයේ ඉඳ මඩ වැකි ගියාවූ රථයකින් යුක්තව පෙරමගට ගියේය. ඔහුගේ පිරිවර අමුනශ්‍යයෝද ඉදිරියේ පස්සේ වන්නාහූ තෙත් ඉසකේ හා තෙත් පිළි ඇතිව ඇඹුල උපුල මල් පැළඳ රත් පියුම් හෙල පියුම් මිටි ගෙන නෙළුම් අල සහ නෙළුබුදැලි කමින් පැන් බින්දු හා මඩ බින්දු වගුරමින් නික්මුනාහුය. යක්ෂයා ඉදිරියේ එන්නාවූ සාන්තු නායකයා දැක තමාගේ යනාවමගින් පහකොට කොයි යව්දැයි යනාදීන් ඔහු හා සමග සුවදව කතා කලේය. සාන්තු නායකයාද තමාගේ යානාව මගින් ඉවත් කොට සෙසෙු ගැල් යන්ට මග අවසර හැර එකත්පස්ව සිට ඒ යක්ෂයාට මෙසේ කීය. අපි වූ කලී බරණැස් නුවර සිට ආම්හ. තෙපි හැම දෙන ඇඹුල උපුළ මල් පැලඳ රත් පියුම් හෙල පියුම් ගත් අත් ඇතිව නෙළුබල හා නෙළුඹුදැලි කමින් සකල ශරීරයෙහි මඩ වකාගෙන පිනි බින්දු වගුරවා කොයි සිට අවුදැයි තොපි එන මග වැසි වටද ඇඹුල උපුල මල් ආදීයෙන් ගැවසී ගත් විල් ඇද්දැයි විචාලේය. යක්ෂයා ඔහුගේ බස් අසා යහළුව තෝ කුමක් කියයිද තෙල පෙනෙන්නේ නිල් වූ වන රේඛාවය. එතැන් පටන් සියළු වනය පැනින් ගැවසී ගත්තේය. නිඹඳ වැසි වස්නේය. කඳුරුලි පුරා දිය දුවන්නේය. ඒ ඒ තැන පියුමින් ගැවසී ගත් විල් හා පොකුණු වන්නේයැයි කියා පිළිවෙලින් යන්නාවූ ගැල් වල මනුශ්‍යයන් අතින් මේ ගැල් අරගෙන කොයි යව්දැයි විචාලේය. එකල්හි ඒ මනුශ්‍යයෝ අසවල් ජනපදයට යම්හයි කීහ. මේ මේ ගැල කිනම් බඩු දැයි විචාලේය. අසවල් බඩු යැයි කීහ. පස්සේ එන්නාවූ ගැල් ඉතා බරව එන්නේය. ඒ ගැල් වල කුමන බඩුදැයි විචාලේය. පැන් පිරු ගැල යයි කීහ.
පළමු මෙතන දක්වා පැන් ගෙන ආ තොප විසින් කලසේ ඉතා යහපත් වන්නේය. මෙතැන් පටන් තොප ගෙන යන පැනින් ප්‍රයෝජන නැත. ඉදිරියේ බොහෝ පැන් ඇත. පැන් සැලවල් බිඳ පැන් දමා පියා සැපසේ යවයි කීයේය. මෙසේ කියා තොපි යව අපට ලස් වන්නේයැයි කියා මද තැනක් ගොස් අන්තර්දානව තමාගේ යක්ෂ පුරයට ගියේය. ඒ අඥ්ඤාණ වූ ශාන්තු නායකයාද තමා නුවණ නැති බැවින් යක්ෂයාගේ බස් ගෙන සැලවල් බිඳුවා පැන් උලක්කුවක් විවරකුත් නොතිබා සියළු පැන් දම්මවා ගැල් පමණක් පදවාගෙන නික්මුනේය. ඉදිරියේ ස්වල්ප මාත්‍රයකුත් පැන් නොවිය. මනුෂ්‍යයෝ පැන් නොලැබ මිරිකී ගියාහු සවස්වන තුරු ගොස් ගැල් වලල්ලෙහි සිටුවා ගොන් ගැල් සක බැඳ සිටවූය. සරකුන්ට බොන්නටවත් මනුෂ්‍යන්ට බත් පිසන්නටවත් පැනක් නැති විය. පැන් නොළැබ මිරිකී ගියාහු මනුෂ්‍යයෝ ඒ ඒ තැන වැදහෙව නිදන්නට පටන්ගත්තාහුය. රාත්‍රි භාගයෙහි යක්ෂයෝ යක්ෂ පුරයෙන් අවුත් සරක් හා මනුෂ්‍යන් මරා මස් අනුභව කොට ඇට පමණක් තබා ගියාහුය. ...'''''

මේ හෙයින් ඔහුත් ඔහුගේ 500 ක් දෙනා පිරිසත් ,ගවයනුත් යක්ෂයන් අතින් මරුමුවට පත් විය .

මෙසේ සියල්ලන්ම විනාශ වුයේ

* දෙයක් අසු පමණින් නොවිමසා පිළිගත් නිසාත්

*ඔහුගේ අනුවණ කම නිසාත්

*දුර දිග සිතා කටයුතු නොකිරීමත් ය.

මසක් පමණ ගත වූ පසු මෙසේම බෝසත් වෙළද නායකයා වෙළදාමට පිටත් වූ අතර ඒ ලෙසින්ම යක්ෂයන් පැමිණ මුසා බස් පැවසිය.

එහිදී බෝසතුන් ට ගැල්වල පිරිස් කියා සිටියේ ගෙනාපු වතුර එහෙම හලලා යමු කියලයි...

එත් නුවණැති බෝසතුන් ඒ පිරිසගෙන් කරුණු විමසුවේ අසලකවත් වැස්ස නොමැති බව වටහා දීමටයි ..

''සීතල සුලන් රැල් ගතට දැනෙනවද ?
විදුලි කෙටුම් අහලකවත් දිස්වෙනවද ?''

''මෙවැනි මුසා බස් වලට රැවටෙන්නේ කීම... මගෙන් විමසන්නේ නැතිව එක දිය පොදක්වත් ඉවත් කරන්න එපා ..''

වෙස්වලාගෙන පැමිණි යක්ෂයන් කී දෙය අසා පමණක් නොගෙන සිතින් විමසා කියමින් නිවැරදි උපදෙස් නායකයෙක් විදිහට තම පිරිසට ලබා දෙන්නට විය .

බොහෝ දුරක් යන විට කලින් පැමිණි පිරිසට සිදු වී ඇති දෙය වටහා ගන්නට හැකි විය...

පුළුවන් විදිහට කෙටි කරලා විස්තර කළේ... හැමෝම දන්නා ජාතක කතාවක් .... පන්සීය පනස් ජාතක පොතේ අවසන් ජාතක කතාව කියලයි මෙය සදහන් වෙලත් තියෙන්නේ...

'' මේ ජාතක කතාවෙන් නම් ගන්න පුළුවන් ආදර්ශ ගොඩයි නේද අපිට....''

'' මගේ යාළුවො හැමෝටම තෙරුවන් සරණයි ..!!!!





********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 04:59 AM
  •  Quote
  •  Reply
mata nam mage jeewithe nathi una dewal kauru kohoma kiwwath marena dawasa wenakam amathaka karanna baha amathaka wenneth naha
mokada mata mage amma wagema godak watinawa mata nathi una kena mata mage jeewithetama nathi une eya witharai jeewithema mehema amma
akka akkage daruwa ayiya thaththa kelum ayiya me aya ekka katha baha karan sathutin innawa ljeewithe aye aluth jeewithaya ona nha
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Apr 2016 05:05 AM
  •  Quote
  •  Reply
Posted By thushandanushka on 22 Apr 2016 04:59 AM
mata nam mage jeewithe nathi una dewal kauru kohoma kiwwath marena dawasa wenakam amathaka karanna baha amathaka wenneth naha
mokada mata mage amma wagema godak watinawa mata nathi una kena mata mage jeewithetama nathi une eya witharai jeewithema mehema amma
akka akkage daruwa ayiya thaththa kelum ayiya me aya ekka katha baha karan sathutin innawa ljeewithe aye aluth jeewithaya ona nha
ayiyo dukin inna epaaa lamayo

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Apr 2016 05:15 AM
  •  Quote
  •  Reply
duka nha dan nam godak sathuten inne issaratat wada mokada thaniyama innakota danena sathuta nidahasa kiyaganna baha
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Apr 2016 08:34 PM
  •  Quote
  •  Reply
Posted By thushandanushka on 22 Apr 2016 05:15 AM
duka nha dan nam godak sathuten inne issaratat wada mokada thaniyama innakota danena sathuta nidahasa kiyaganna baha
humm

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
22 Apr 2016 10:00 PM
  •  Quote
  •  Reply
අපේ stun එකට ආවහම දුකක් දැනෙයි කියලා නම් හිතන්න බැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Apr 2016 10:59 PM
  •  Quote
  •  Reply
දුකක් දැනෙන්නේ නැහැ. නිදහසක් දැනෙනවා මෙතනට ආවම
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Apr 2016 11:58 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 22 Apr 2016 10:59 PM
දුකක් දැනෙන්නේ නැහැ. නිදහසක් දැනෙනවා මෙතනට ආවම

දෙන්නම්කො නිදහසේ ඉන්න හිහි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Apr 2016 12:53 AM
  •  Quote
  •  Reply
මේ වගේ කරදර කාරයෝ ඉන්න එකත් හොදයි ජොලියේ ඉන්න පුලුවන්
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Apr 2016 12:57 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 23 Apr 2016 12:53 AM
මේ වගේ කරදර කාරයෝ ඉන්න එකත් හොදයි ජොලියේ ඉන්න පුලුවන්


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Apr 2016 03:00 AM
  •  Quote
  •  Reply
Apoooo puduma karadara karayek thama bathali
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0
Add Reply
Page 1 of 212 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below