Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Oct 2016 10:28 PM by Prasad Maduranga හිනා නොයන ජෝක්ස් (උපුටා ගැනීම අන්තර්ජාලයෙනි) 77 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 01 Dec 2015 08:10 AM Kolla hoda nam aiyya udau nokara inne nanee 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Dec 2015 06:52 PM Posted By Rosi on 01 Dec 2015 08:10 AM Kolla hoda nam aiyya udau nokara inne nanee අයියෝ නංගී තාම කොල්ලෝ ගැන දන්නේ නැද්ද.. වෙන හොද එකක් සෙට්වුන ගමන් කොල්ලො ඒකී පස්සේ යනවනේ... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 01 Dec 2015 09:19 PM හැබැයි එහෙම උදව් කරන අයියලත් නැතුවා නෙමෙයි. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 17 Dec 2015 06:01 AM ලයින් එක එන්ගේජ් හදිසියේ තම නිවෙස අසලට පියඹා පැමිණි ගිරවකු අල්ලා ගත් චමිල ඌ කූඩුවක දමා නිවෙස ඉදිරිපිට අඹ ගසේ අත්තක එල්ලා තැබුවේ ය. ගිරවා කතාබහ ඉගැන්වීමට සිතූ චමිල දිනක් ගිරා කූඩුව අසලට ගොස් මෙසේ කීවේ ය. “පෙත්තප්පු හලෝ... පෙත්තප්පු හලෝ...” එහෙත් ගිරවා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා කිරා වැටෙනු දුටු චමිල නැවතත් මෙසේ කීවේ ය. “පෙත්තප්පු හලෝ... හලෝ...” ගිරවා ඒ ඇමතුම කනකට නොගෙන දෑස් පියා ගෙන ම සිටියේ ය. “පෙත්තප්පු හලෝ... හලෝ...හලෝ...” චමිල එවර මඳක් උස් හඬින් ගිරවාට කතා කළේ ය. “තමුසෙ දිගටම හලෝ... හලෝ... කියල බෙරිහන් දුන්නට වැඩක් නැහැ. ලයින් එක එන්ගේජ් වෙන්ඩ ඇති” ගිරවා බාගෙට ඇහැක් ඇර කීවේ ය. දවස් තුනට තුන් දෙනෙක් හික්කඩුවේ සංචාරක හෝටලයකදී චිකන් සුප් බඳුනක රහ බැලූ විදෙස් සංචාරකයා එමඟින් ඔහුට දැනුණු රසයෙන් පිනා ගොස් හෝටලයේ කළමනාකරු හමුවී එම හෝටලයේ කෝකියා මුණ ගැසීමට කැමැත්ත පළ කළේ සුප් බඳුන් රස වර්ණනා කරමිනි. කළමනාකරු වහාම කෝකියා සංචාරකයා වෙත පැමිණ වී ය. කෝකියාට තම සුරත දිගු කරමින් සුබ පැතූ සංචාරකයා මෙසේ කීවේ ය. “මම රටවල් ගණනාවක සංචාරය කරලා තියෙනවා. ඒත් කවදාවත් ඒ කොයිම රටකදීවත් මේ තරං රස සුප් එකක් බීලා නැහැ. මම තව දවස් තුනක් මෙහේ ඉන්නවා. මට හැමදාම හවසට මේ සුප් එකක් බොන්ඩ පුළුවන් නේද?” “සර්. මෙයාට මේ රසටම සුප් එක ඕනෑ වෙන හින්දා දවස් තුනට මට කැරෙපාත්තො තුන් දෙනෙක් ඕනෑ කරනවා. මොකද අද මේ සුප් එක හැඳි ගාද්දියි මම දැක්කෙ ඒකට කැරපොත්තෙක් අහම්බෙන් වැටිලා තියෙනවා” කොකියා කළමනාකරු දෙස බලා සිංහලෙන් එසේ කීවේ ය. ඒක පොලිසියේ වැඩක් පොලිසිය ඉදිරිපිට ඊට අයත් භූමි භාගය තුළ මැරී වැටී සිටි බල්ලකු දුටු මහජන පැමිණිලි භාර ගැනීමේ සේවයේ යෙදී සිටි පොලිස් භටයා වහාම අසල පිහිටි නගර සභා කාර්යාලයට දුරකථන ඇමතුමක් දෙමින් මෙසේ කීවේ ය. “හලෝ මේ කතා කරන්නෙ පොලිසියෙන්. අපේ පොලිසිය ඉස්සරහ බල්ලෙක් මැරිලා. කවුරුහරි එවලා පුළුවන් තරං ඉක්මනට ඌව එතැනින් අයින් කරනවද?” “දඩාවතේ යන බල්ලෙක් මළානං කිසි ප්‍රශ්නයක් නැතුව අපිට ඒ මළ කුණ ඉවත් කරන්න පුළුවන්. මැරිලා තියෙන්නෙ පොලිස් ඉඩමෙදි හින්දා ඌ පොලිස් බල්ලෙක් වෙන්ඩත් බැරි නැහැ නේද? එහෙම නං මරණ පරීක්ෂණයක් තියන්ඩ වෙනවනෙ. එහෙම පරීක්ෂණයක් කරලා බල්ලා වළලන එක අයිති පොලිසියටනෙ...” එහා පැත්තෙන් පිළිතුරු ලැබිණ. වැරැදීමක් කැතරින් පල්ලිය වෙත ගොස් එහි දේවගැති වරයා හමුවී තමා විසින් සිදුකරන ලද පවක් සමාකර ගැනීමට අවශ්‍ය බැව් පැවසුවා ය. “මොකක්ද ඔබ ඔය කියන පව?” දේවගැතිතුමා ඇයගෙන් විමසීය. “ස්වාමීනි මම හැමදාම උදේට කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මගේ රූපය දිහා බලලා මම කොයි තරම් ලස්සන ද කියල උඩගු විදියට හිතනවා” කැතරින් කීවා ය. “දරුවා, ඒක පවක් නෙමෙයි. ඒක ලොකු වැරැදීමක් විතරයි.” දේවගැතිවරයා පැහැදිලි කළේ ය. දැන් මොකටද? රාජ්‍ය සංස්ථාවක යතුරු ලියන්නකු ලෙස පත්වීමක් ලද කොළඹගේට තම සේවා ස්ථානයෙන් සුදුසු පුටුවක් සහ මේසයක් ලැබුණ ද හේ ඉතා මිටි පුද්ගලයකු වූ බැවින් දෙපා රඳවා ගැනීම පිණිස උස් පා රඳවනයක අවශ්‍යතාව තදින් දැනිණ. අනෙක් යතුරු ලියන්නන්ට මෙන් ම තමාට ද පා රඳවනයක් ලබාදෙන ලෙස ඉල්ලා හේ සැපයුම් අංශයට ලිපියක් යැවී ය. යතුරු ලියන අංශයේ ඔහුගේ පුටුවට හා මේසයට අදාළ ය. රඳවනයට කුමක් වීදැයි විමසමින් ඊට පිළිතුරක් ලැබිණ. තමා හට භාරදුන් මේසය හා පුටුව සමඟ හා රඳවනයක් නොවූ බැව් හේ ලියා යැවී ය. එසේ නම් ඔහුට පුටුව හා මේසය පමණක් ප්‍රමාණවත් නොවන්නේ දැයි විමසීමත් ඒ සඳහා කොළඹගේට ලැබිණ. පා රඳවනයක් නොමැති වීමෙන් රාජකාරි කටයුතු කිරීමේදී ඇතිවන බාධා සහ අපහසුතා පිළිබඳව ඔහු ලියා යැවී ය. මෙසේ පා රඳවනයක අවශ්‍යතාව පිළිබඳ ලිපි ගනුදෙනුව දිගින් දිගටම ඇදී යාමේ හේතුව මත කොළඹගේ පසුව එම ඉල්ලීම අත්හැර දැමී ය. මාස කීපයකට පසු පා රඳවනය පිළිබඳ ඉල්ලීම අත්හැර දැමීම පිළිබඳව සැපයීම් අංශයෙන් විමසීමක් කෙරුණි. කොළඹගේ එම ලිපියට මෙසේ පිළිතුරු ලීවේ ය. පා රඳවනයක අවශ්‍යතාවය දන්වා දැනට කලකට පෙර මා ඔබ අංශය වෙත යොමු කළ ලිපියේ පටන් ඊට අදාළව මා විසින් කරන ලද විමසීම් සහ ඊට මවිසින් ලබාදන ලද පිළිතුරු ඇතුළත් ඉතා විශාල ලිපි ගොනුව පා රඳවනයක් ලෙස දැනට මා පාවිච්චි කරන බැවින් දැන් පා රඳවනයක අවශ්‍යතාවයක් පැන නොනඟින බැව් දන්වමි. එඩ්වඩ් චන්ද්‍රසිරි 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Dec 2015 06:45 AM රාජ්‍ය සේවයේ කර්යක්ෂමතාවය කොච්චරද කියලා පේනවා නේද? බොහොමත්ම ස්තූතියි.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Dec 2015 06:41 PM Posted By samantha on 17 Dec 2015 06:45 AM රාජ්‍ය සේවයේ කර්යක්ෂමතාවය කොච්චරද කියලා පේනවා නේද? බොහොමත්ම ස්තූතියි.. මේක කාර්යක්ෂමතාවය නෙමෙයි අයියේ... ක්‍රමවේදය... රාජ්‍ය සේවයේ පවතින්නේ පැරණි ක්‍රමවේදයක්.. එකේදි යම් ලිපියක් මට්ටම් කිහිපයක් නිලධාරීන් කිහිප දෙනෙකු අතට යන්න වෙනවා.. මේ පියවර ටික ගොස් එනවිට කාලයක් යනවා... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 18 Dec 2015 04:10 AM 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Jan 2016 02:42 AM (අන්තර්ජන්ජාලයෙන් උපුටා ගැනීමකි.) + නීල් ආම්ස්ට්‍රෝංග්ට පෙන්නන්නම බැරි ගීතය - සඳ මිදුලට එනවා + දරුණු රෝගයක් ගැන කියැවෙන ගීතය - කෝමා පැතූ ඔබෙ ආදරේ + සමාජවාදය හා සම්බන්ධ ගීතය - ඔබ මන්ද ලෙනින් පිටවෙලා ගියේ,මං සිංහයාට බයයි නංගියේ. + රූම් ගිය කෙල්ලෙක් ගැන කියැවෙන ගීතය - නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ + සහතික ඇත්ත කියැවෙන ලෝකයේ එකම ගීතය - සඳ සඳ වගේ,තරු තරු වගේ + ගණිතමය මූලධර්ම වලට පටහැනි ගීතය - පිණි වැටුනට සුදු නෙළුමක බර වැඩිවෙන්නෑ + මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධ ගීතය - හිංසා කරන්නේ,වෙන්වී ගිහින් + කොටු පනින අක්කියෙක් ගැන කියැවෙන ගීතය - යන්න රට වටේ,එන්න මා ප්‍රියේ + ජොයින්ට් පොඩ්ඩක් ගැසූ අවස්ථාවක් ගැන කියැවෙන ගීතය - පියඹා... යනවා මා ආකාසයේ + අසභ්‍ය වීඩියෝ පට ගැන කියැවෙන ගීතය - සිලිං තුනයි වැල,උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ + නෙට් එක ඇතුලට මදුරුවෙක් ආපු වෙලාවක් ගැන කියැවෙන ගීතය - ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ + ජීවිතේට සිද්දවෙන්නෙ නැති දෙයක් ගැන කියැවෙන ගීතය - දවසක්දා...හැන්දෑවක,පොතක් බලන්නට සිතුනා + හොරෙන් පැන යාම දිරිමත් කිරීම සඳහා ගැයුණු ගීතය - හඳපානේ ගමන් යන්න,සවනට කොඳුරා කියන්න + ගිනි නිවන හමුදාවේ ජාතික ගීතය - ඇවිලුනු ගිනිදැල්,නිවි නිවි යා දෙන්. + බාර් එකේ මාමා නිතිපතා ගයන ගීතය - ආදරයේ වේදනාව හදට දැනෙන යම් දවසක,හුදෙකලාව නොතැවී යලි එන්න මා සොයා. + රූමත් සමලිංගික කාන්තාවක් ගැන කියැවෙන ගීතය - දේදුනු පාටයි මුහුණ ඔබේ,ලස්සන සමනලියේ + අක්කි පාරක් ටෝක් කරගැනීමක් ගැන කියවෙන ගීතය - අක්කෙ ටිකක් ඉන්නකෝ,ඇවිදින් ඉඳගන්නකෝ,පුංචි කතාවක් කියන්න තියෙනවා. + යුගයේ ලියවුණු කුපාඩිම ගීතය - කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා.ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා.මගේ මල්ලියා සුරතලා චන්ඩියා. + ජොයින්ට් එකක් ගැන කියවෙන ගීතය - පත්තර පිටුවක ඔතලා තිබුනා. + එන්රිකේ අයියා ගැයූ මුල්ම ගීතය - සීගිරියේ අප්සරාව දුටුවම.මට දුක හිතෙනව අවිහිංසක මං ගැනම. + හොල්මන් ගැන කියවෙන අද්භූත ගීතය - ඔබ ඇස්පිය නොහෙලා බැලුවා,ඔබ ඇස්පිය නොහෙලා බැලුවා + දැල්ලෙකු විසින් බූවල්ලෙක අමතා කියන ගීතය - අපේ ජීවත මේ මහ සාගරේ,ගෙවිලා යනවා අයියේ. + ජංගම දුරකථන සමාගමක් ගැන කියවෙන ගීතය - ආවාට "නොකියා"ම ජීවිතෙන්,නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්. + සනී ලියෝන් අක්කි බබා ගැන කියවෙන ගීතය - රෑ තුන්යම හිත අවුලන නපුරු සඳවති. + විභාගෙට ගිහිං පේපරේ අතට ගත්තු කුජීත මොහොත ගැන කියවෙන ගීතය - මට සිතන්න බෑ,අදහගන්න බෑ.හිතන්නවත් හිත නෑ. + ගොළු පුද්ගලයකු කතා කල බව සනාථ වන මානව ඉතිහාසයේ එකම ගීතය - ගොළු දරුවෙක් උනා කියල අනේ අම්මෙ මාව.දාල ගියේ ඇයි මේ ලෙස ළමා නිවාසයක 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 Jan 2016 02:59 AM Posted By samantha on 18 Dec 2015 04:10 AM මේ කැත වැඩේ මොකක්ද... මේ කඩෙන් නම් බත් කන්න කම්මැලියි... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 Jan 2016 03:02 AM Posted By maduranga001 on 14 Jan 2016 02:42 AM (අන්තර්ජන්ජාලයෙන් උපුටා ගැනීමකි.) + නීල් ආම්ස්ට්‍රෝංග්ට පෙන්නන්නම බැරි ගීතය - සඳ මිදුලට එනවා + දරුණු රෝගයක් ගැන කියැවෙන ගීතය - කෝමා පැතූ ඔබෙ ආදරේ + සමාජවාදය හා සම්බන්ධ ගීතය - ඔබ මන්ද ලෙනින් පිටවෙලා ගියේ,මං සිංහයාට බයයි නංගියේ. + රූම් ගිය කෙල්ලෙක් ගැන කියැවෙන ගීතය - නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ + සහතික ඇත්ත කියැවෙන ලෝකයේ එකම ගීතය - සඳ සඳ වගේ,තරු තරු වගේ + ගණිතමය මූලධර්ම වලට පටහැනි ගීතය - පිණි වැටුනට සුදු නෙළුමක බර වැඩිවෙන්නෑ + මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධ ගීතය - හිංසා කරන්නේ,වෙන්වී ගිහින් + කොටු පනින අක්කියෙක් ගැන කියැවෙන ගීතය - යන්න රට වටේ,එන්න මා ප්‍රියේ + ජොයින්ට් පොඩ්ඩක් ගැසූ අවස්ථාවක් ගැන කියැවෙන ගීතය - පියඹා... යනවා මා ආකාසයේ + අසභ්‍ය වීඩියෝ පට ගැන කියැවෙන ගීතය - සිලිං තුනයි වැල,උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ + නෙට් එක ඇතුලට මදුරුවෙක් ආපු වෙලාවක් ගැන කියැවෙන ගීතය - ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ + ජීවිතේට සිද්දවෙන්නෙ නැති දෙයක් ගැන කියැවෙන ගීතය - දවසක්දා...හැන්දෑවක,පොතක් බලන්නට සිතුනා + හොරෙන් පැන යාම දිරිමත් කිරීම සඳහා ගැයුණු ගීතය - හඳපානේ ගමන් යන්න,සවනට කොඳුරා කියන්න + ගිනි නිවන හමුදාවේ ජාතික ගීතය - ඇවිලුනු ගිනිදැල්,නිවි නිවි යා දෙන්. + බාර් එකේ මාමා නිතිපතා ගයන ගීතය - ආදරයේ වේදනාව හදට දැනෙන යම් දවසක,හුදෙකලාව නොතැවී යලි එන්න මා සොයා. + රූමත් සමලිංගික කාන්තාවක් ගැන කියැවෙන ගීතය - දේදුනු පාටයි මුහුණ ඔබේ,ලස්සන සමනලියේ + අක්කි පාරක් ටෝක් කරගැනීමක් ගැන කියවෙන ගීතය - අක්කෙ ටිකක් ඉන්නකෝ,ඇවිදින් ඉඳගන්නකෝ,පුංචි කතාවක් කියන්න තියෙනවා. + යුගයේ ලියවුණු කුපාඩිම ගීතය - කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා.ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා.මගේ මල්ලියා සුරතලා චන්ඩියා. + ජොයින්ට් එකක් ගැන කියවෙන ගීතය - පත්තර පිටුවක ඔතලා තිබුනා. + එන්රිකේ අයියා ගැයූ මුල්ම ගීතය - සීගිරියේ අප්සරාව දුටුවම.මට දුක හිතෙනව අවිහිංසක මං ගැනම. + හොල්මන් ගැන කියවෙන අද්භූත ගීතය - ඔබ ඇස්පිය නොහෙලා බැලුවා,ඔබ ඇස්පිය නොහෙලා බැලුවා + දැල්ලෙකු විසින් බූවල්ලෙක අමතා කියන ගීතය - අපේ ජීවත මේ මහ සාගරේ,ගෙවිලා යනවා අයියේ. + ජංගම දුරකථන සමාගමක් ගැන කියවෙන ගීතය - ආවාට "නොකියා"ම ජීවිතෙන්,නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්. + සනී ලියෝන් අක්කි බබා ගැන කියවෙන ගීතය - රෑ තුන්යම හිත අවුලන නපුරු සඳවති. + විභාගෙට ගිහිං පේපරේ අතට ගත්තු කුජීත මොහොත ගැන කියවෙන ගීතය - මට සිතන්න බෑ,අදහගන්න බෑ.හිතන්නවත් හිත නෑ. + ගොළු පුද්ගලයකු කතා කල බව සනාථ වන මානව ඉතිහාසයේ එකම ගීතය - ගොළු දරුවෙක් උනා කියල අනේ අම්මෙ මාව.දාල ගියේ ඇයි මේ ලෙස ළමා නිවාසයක මරු සිංදු ටික... කුකුලෙක් කියන සිංදුවකුත් තියෙනවා නේ... ඔයා නිසා හඩලා ... කියලා.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 15 Jan 2016 07:14 AM මරේ මරැ සින්දු ටික ඔන්න මගෙනුත් එකක් + ගණිතමය මූලධර්ම වලට ලැදි ගීතය සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් අතර 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 15 Jan 2016 02:44 PM සින්දු ටික නම් මාරු තමා... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 31 Jan 2016 12:35 AM 2030 වසරේ දී මෙගාපොලිස් නගරයේ දවසක් 1. බස් නැවතුමේ කතාවක්. Source – zercustoms.com සෙනෙවිරත්න- ජයේ මතකද ඉස්සර? මෙතන ඔට්ටාව ඉටෝටුව කියාගෙන බුලත් කෙළ ගහගෙන බස් නවත්තන්නෙ. ඊට පස්සෙ අපිව බලෙන් ඇතුලට ඇදගෙන ඉස්සරහට යන්ඩයි පස්සට යන්ඩයි කිය කිය දීපු වදේ. දැන් ඒකට ඩ්‍රයිවැර්ලත් නෑ කොන්දොස්තරලත් නෑ කූල් එකේ නැග්ගා කූල් එකේ ඕන තැනින් බැස්සා. අනික බලන්ඩෙපැයි දැන් බස්හෝල්ටුත් ඒසී. ජයවීර- කොන්දොස්තරලටත් හොඳ කලක් ගියා නේද සෙනේ? අලුතින් හදන මහල් නිවාස ඩිසයින් කරන්නෙ ඒගොල්ලොනෙ. ලොකු සෙනගක් දාන්න පුලුවන් එවයෙ. 2. ත්‍රීවීල් ස්ටෑන්ඩ් එක Source – vehiclepassion.com මචං ඊයේ නියම ඉටැලියන් ඔපෙරා එකක් ඇවිත් තිබ්බ බන් තියටර් එකට. මායි වයිෆුයි ගියා බබාව බේබි සිටර් කෙනෙක්ට බාර දීල. බලන් ඉන්න බෑ හෙන දුක් සීන් එක. අලුතින් ඕපන් කරපු හයි ස්පීඩ් ත්‍රීවිල් ට්‍රැක් එකේ ඔටෝපයිලට් දාල විනාඩි 10න් ගියා. 3. පෙම්වතුන් හමුවක් පෙම්වතිය- ඔයාට දුක නැද්ද අනේ මට මෙහෙම කරන්න? පෙම්වතා- මොන දුකක්ද? දැන් මෙගාපොලිස් යටතේ මුලු ජනතාවම සතුටින් අනේ. බලෙන්වත් දුක හිතාගන්න බෑ . 4. පල්ලෙහා තට්ටුවේ ගෙදර ආච්චි Source – flickr.com/geraldpereira, cnn.com උඹලෑ තාත්තගෙ දහ අවුරුද්දෙ දානෙ සිහිකරල බත් එකක් දෙන්න හිඟන්නෙක් වත් නෑනෙ බන්. ඒකට ඉස්සර පාරට බැස්සම උන්ට හිඟමන් දීල අපිව හිඟමනට වැටෙන තත්වයක්නෙ තිබ්බෙ. මේ අවුරුද්ද ලැබුවාත් හරි පිනක් දහමක් වත් කරන්න බැරි උනා. හාමුදුරුවො උනත් ඉන්ටනෙට් හරහා නොවැ වඩින්නෙ, ඇමොසොන් එකෙන්වත් පිරිකරක් අරන් යවමු නේද පුතේ? 5. එහා ෆ්ලැට් එකේ කතා බහක් පුතා- තාත්ති අපි මේ සති අන්තෙ කොහෙ හරි ට්‍රිප් එකක් යමු ආ… තාත්තා- පුතා යන්න ආස කාර් එකේද? මොනො රේල් එකේද? ප්ලේන් එකේද? ජෙට් එකේද? 6. අපේ ගෙදර Source – Udithawix https://www.flickr.com/photos/126915310@N08/ මම- දුප් බල්ලා! එයා- මොකද ඔයා හීනයක්වත් දැක්කද? මම- ඔව් අනේ මම හීනෙන් දැක්ක පාරෙ ඉන්න තඩි කලු බල්ලෙක් මගෙ පස්සෙන් එළවනවා. එයා- ඔයාට විකාර, දැන් කොහෙද පාරවල්වල බල්ලො. විකාර අමතක කරල නිදාගන්න! 7. පාරේ අංකල් කෙනෙක් Source – helpfulgardener.com, gizmodo.com පුතා ක්‍රිකට් ගැහුවට කමක් නෑ. ඔය එහා පැත්තෙ කෘතිම වනන්තරේට බෝලෙ ගියොත් හොයන්න යනව එහෙම නෙමේ හොඳද.? එහෙම උනොත් අපේ R2D2 යවල බෝලෙ හොයාගන්න. 8. පාක් එක Source – flickr.com/yimhafiz කොල්ලා – ස්ස්… මේ නංගි… හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ හරිද? කෙල්ල- හානේ… අයියා කොළඹ කීයෙද? කොල්ලා – කොළඹ 30, උතුරු කළුතර නංගි. 9. ඉස්කෝලෙ Source – chulie.wordpress.com ගුරුතුමිය- අතීතයේ පැවති කොළොන්නාව කුණු කන්ද වැනි… (ළමයින්ගෙන් බාධා) ළමයි- ටීචර් කුණු කියන්නෙ මොනවද?? 10. ගමේපොලිස් පොලිස් නිලධාරී- මහත්මයා ඔබේ නිවසේ සංගීත ශබ්දය පිළිබඳ පැමිණිලි ලැබී තිබෙනවා. එය අසල්වැසියන්ට හිරිහැරයක්. කරුණාකර ශබ්දය මදක් අඩු කරන්න. නිවැසියා- අයියෝ රාළහාමි දන්නැද්ද අපි සෙට් එක පොඩි ජොලියක් දානව. රාළහාමිලටත් Blue label ගල් විස්කි එකක් ලෑස්තියි. පොලිස් නිලධාරී- කාරුණිකව ප්‍රතික්ෂේප කරනවා මහත්මයා. නැවත එවැනි අයුතු යෝජනාවක් කළොත් රාජකාරියේ යෙදී සිටින නිලධාරියෙකුට මත්පැන් අල්ලසක් දීමට තැත්කිරීමට ඔබව අත්අඩංගුවට ගැනීමට සිදුවනවා. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 31 Jan 2016 12:45 AM මෙගා පොලිස් කුජිතම කරලා නෙහ්. පොලිස් නිලධාරී- මහත්මයා ඔබේ නිවසේ සංගීත ශබ්දය පිළිබඳ පැමිණිලි ලැබී තිබෙනවා. එය අසල්වැසියන්ට හිරිහැරයක්. කරුණාකර ශබ්දය මදක් අඩු කරන්න. නිවැසියා- අයියෝ රාළහාමි දන්නැද්ද අපි සෙට් එක පොඩි ජොලියක් දානව. රාළහාමිලටත් Blue label ගල් විස්කි එකක් ලෑස්තියි. පොලිස් නිලධාරී- කාරුණිකව ප්‍රතික්ෂේප කරනවා මහත්මයා. නැවත එවැනි අයුතු යෝජනාවක් කළොත් රාජකාරියේ යෙදී සිටින නිලධාරියෙකුට මත්පැන් අල්ලසක් දීමට තැත්කිරීමට ඔබව අත්අඩංගුවට ගැනීමට සිදුවනවා. සිහිනෙන් හරි මෙවන් පොලිස් නිලධාරින් සිටින කාලයක් උදාවේ යැයි බලාපොරොත්තු දල්වාගෙන ඉමු. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 01 Feb 2016 04:38 PM මොනවද බන් කුණු කියන්නේ .. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 16 Feb 2016 05:42 AM හි හි දැනුයිනේ දැක්කේ මන් මේ කතා ටික.. නියමයි 0 Dushan ShyomalVeteran MemberPosts:2536 16 Feb 2016 05:45 AM Posted By samantha on 31 Jan 2016 12:35 AM 2030 වසරේ දී මෙගාපොලිස් නගරයේ දවසක් 1. බස් නැවතුමේ කතාවක්. Source – zercustoms.com සෙනෙවිරත්න- ජයේ මතකද ඉස්සර? මෙතන ඔට්ටාව ඉටෝටුව කියාගෙන බුලත් කෙළ ගහගෙන බස් නවත්තන්නෙ. ඊට පස්සෙ අපිව බලෙන් ඇතුලට ඇදගෙන ඉස්සරහට යන්ඩයි පස්සට යන්ඩයි කිය කිය දීපු වදේ. දැන් ඒකට ඩ්‍රයිවැර්ලත් නෑ කොන්දොස්තරලත් නෑ කූල් එකේ නැග්ගා කූල් එකේ ඕන තැනින් බැස්සා. අනික බලන්ඩෙපැයි දැන් බස්හෝල්ටුත් ඒසී. ජයවීර- කොන්දොස්තරලටත් හොඳ කලක් ගියා නේද සෙනේ? අලුතින් හදන මහල් නිවාස ඩිසයින් කරන්නෙ ඒගොල්ලොනෙ. ලොකු සෙනගක් දාන්න පුලුවන් එවයෙ. 2. ත්‍රීවීල් ස්ටෑන්ඩ් එක Source – vehiclepassion.com මචං ඊයේ නියම ඉටැලියන් ඔපෙරා එකක් ඇවිත් තිබ්බ බන් තියටර් එකට. මායි වයිෆුයි ගියා බබාව බේබි සිටර් කෙනෙක්ට බාර දීල. බලන් ඉන්න බෑ හෙන දුක් සීන් එක. අලුතින් ඕපන් කරපු හයි ස්පීඩ් ත්‍රීවිල් ට්‍රැක් එකේ ඔටෝපයිලට් දාල විනාඩි 10න් ගියා. 3. පෙම්වතුන් හමුවක් පෙම්වතිය- ඔයාට දුක නැද්ද අනේ මට මෙහෙම කරන්න? පෙම්වතා- මොන දුකක්ද? දැන් මෙගාපොලිස් යටතේ මුලු ජනතාවම සතුටින් අනේ. බලෙන්වත් දුක හිතාගන්න බෑ . 4. පල්ලෙහා තට්ටුවේ ගෙදර ආච්චි Source – flickr.com/geraldpereira, cnn.com උඹලෑ තාත්තගෙ දහ අවුරුද්දෙ දානෙ සිහිකරල බත් එකක් දෙන්න හිඟන්නෙක් වත් නෑනෙ බන්. ඒකට ඉස්සර පාරට බැස්සම උන්ට හිඟමන් දීල අපිව හිඟමනට වැටෙන තත්වයක්නෙ තිබ්බෙ. මේ අවුරුද්ද ලැබුවාත් හරි පිනක් දහමක් වත් කරන්න බැරි උනා. හාමුදුරුවො උනත් ඉන්ටනෙට් හරහා නොවැ වඩින්නෙ, ඇමොසොන් එකෙන්වත් පිරිකරක් අරන් යවමු නේද පුතේ? 5. එහා ෆ්ලැට් එකේ කතා බහක් පුතා- තාත්ති අපි මේ සති අන්තෙ කොහෙ හරි ට්‍රිප් එකක් යමු ආ… තාත්තා- පුතා යන්න ආස කාර් එකේද? මොනො රේල් එකේද? ප්ලේන් එකේද? ජෙට් එකේද? 6. අපේ ගෙදර Source – Udithawix https://www.flickr.com/photos/126915310@N08/ මම- දුප් බල්ලා! එයා- මොකද ඔයා හීනයක්වත් දැක්කද? මම- ඔව් අනේ මම හීනෙන් දැක්ක පාරෙ ඉන්න තඩි කලු බල්ලෙක් මගෙ පස්සෙන් එළවනවා. එයා- ඔයාට විකාර, දැන් කොහෙද පාරවල්වල බල්ලො. විකාර අමතක කරල නිදාගන්න! 7. පාරේ අංකල් කෙනෙක් Source – helpfulgardener.com, gizmodo.com පුතා ක්‍රිකට් ගැහුවට කමක් නෑ. ඔය එහා පැත්තෙ කෘතිම වනන්තරේට බෝලෙ ගියොත් හොයන්න යනව එහෙම නෙමේ හොඳද.? එහෙම උනොත් අපේ R2D2 යවල බෝලෙ හොයාගන්න. 8. පාක් එක Source – flickr.com/yimhafiz කොල්ලා – ස්ස්… මේ නංගි… හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ හරිද? කෙල්ල- හානේ… අයියා කොළඹ කීයෙද? කොල්ලා – කොළඹ 30, උතුරු කළුතර නංගි. 9. ඉස්කෝලෙ Source – chulie.wordpress.com ගුරුතුමිය- අතීතයේ පැවති කොළොන්නාව කුණු කන්ද වැනි… (ළමයින්ගෙන් බාධා) ළමයි- ටීචර් කුණු කියන්නෙ මොනවද?? 10. ගමේපොලිස් පොලිස් නිලධාරී- මහත්මයා ඔබේ නිවසේ සංගීත ශබ්දය පිළිබඳ පැමිණිලි ලැබී තිබෙනවා. එය අසල්වැසියන්ට හිරිහැරයක්. කරුණාකර ශබ්දය මදක් අඩු කරන්න. නිවැසියා- අයියෝ රාළහාමි දන්නැද්ද අපි සෙට් එක පොඩි ජොලියක් දානව. රාළහාමිලටත් Blue label ගල් විස්කි එකක් ලෑස්තියි. පොලිස් නිලධාරී- කාරුණිකව ප්‍රතික්ෂේප කරනවා මහත්මයා. නැවත එවැනි අයුතු යෝජනාවක් කළොත් රාජකාරියේ යෙදී සිටින නිලධාරියෙකුට මත්පැන් අල්ලසක් දීමට තැත්කිරීමට ඔබව අත්අඩංගුවට ගැනීමට සිදුවනවා. මේ ටික නම් නියමයි සමන්ත අයියේ මරු 0 isuru sampathSuper Senior MemberPosts:7342 16 Feb 2016 07:45 AM මම දැක්කෙත් දැන්.මරු කථා ටික . 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 28 Mar 2016 10:35 PM ඩ්‍රයිවර් ගායකයාවෙලා එක්තරා නිෂ්පාදකවරයෙක් ඔහුගේ හදිසි වැඩක් සඳහා පිටත්ව යන්න ලැහැස්තිවෙලා ඔහුගේ රියැදුරු එනකම් බලා ඉන්නවලු. "කෝ මේ යකා තාම නැත්තෙ මොකද? ලොකේෂන් එකේ කට්ටියට අද සල්ලි ගෙවන්නත් තියෙනවා, බැංකු යන්න තියෙනවා. කෝල් එකක්වත් දීලා බලනවකො දැන් කොයි හරියෙද කියලා," නිෂ්පාදකවරයා ඔහුගේ නිවසේ අලුතින්ම වැඩට ඇවිත් ඉන්න සේවකයාට කිව්වලු. සේවකයා රියැදුරුගේ දුරකථන අංකයට කෝල් එකක් ගන්නවා. ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් වෙන්න පටන් ගන්නවා. "අනේ සර් අපේ ඩ්‍රයිවර් උන්නැහෙ සින්දුවක් රෙකෝඩ් කරනවා වගේ මට නම් හිතෙන්නෙ," ඔහු හාම්පුතාට කියනවා. "සින්දුවක්? අනේ බයිලා කතා කරන්න එපා බං. ඒ යකා ගායකයෙක්ද සින්දු කියන්න." "ඔව් ඔව් සෑර් එහෙම තමයි කෝල් එකේ කියන්නෙ. අපි කතා කරන්න හදන ගායකයා සම්බන්ධ කරන්න බැහැයි කියන්නෙ. ෂුවර් එකටම සින්දුවක් රෙකෝඩ් කරනවා ඇති. බොරුනම් සර් අහලා බලන්න..." ඔහු රිසීවරය හාම්පුතාට දෙනවා. "ඔබ ඇමතූ ග්‍රාහකයා මේ මොහොතේ සම්බන්ධ කළ නොහැක...." 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Mar 2016 01:15 AM අපිත් ඉතින් ගායකයෝ තමයි.. ෆෝන් එක ඕෆ් කලාම. 0 You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor