Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Oct 2016 10:28 PM by Prasad Maduranga හිනා නොයන ජෝක්ස් (උපුටා ගැනීම අන්තර්ජාලයෙනි) 77 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 4 << < 1234 > >> Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 27 Jul 2015 06:25 PM මෙ කතා නම් ඇත්ත 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 05 Oct 2015 09:46 PM නගරයේ ඇති හොඳම බැංකුවේ ATM මැෂිම අසල මෙම නිවේදනය දක්නට ලැබින. "ළඟදීම,..." "ඔබට වාහනයේ සිටම මුදල් ආපසු ලබා ගැනිමේ ATM යන්ත්‍රයක සේවාව හඳුන්වාදෙන බව සියළු ගනුදෙනුකරුවන් වෙත ඉතා ප්‍රීතියෙන් දැනුම් දෙමු... එමගින් මුදල් ලබාගැනීමට පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න" මසක පමණ කාළයක් කල සමීක්ෂනයකට පසු පහත සඳහන් නිවේදනය දකින්නට ලැබුනි. "මුදල් ආපසු ලබාගැනීම සඳහා පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න" "මහත්වරුන්" 1.යන්ත්‍රය අසල වාහනය නවත්වන්න. 2. වාහනයේ විදුරුව පහත් කරන්න. 3. ඔබේ කාඩ්පත් ඇතුල් කර, රහස් අංකය ලබාදෙන්න. 4. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කර මුදල් ලබාගන්න. 5. ඔබේ කාඩ්පත හා රිසීට් පත ලබාගන්න. 6. වාහනයේ වීදුරුව ඔසවන්න. 7. ස්තූතියි...ඔබට පිටත්විය හැක.. "නෝනාවරුන්...." 1. යන්ත්‍රය වෙත වාහනය පදවන්න 2. සුක්කානම අසල දොරේ වීදුරුව යන්ත්‍රයට ලඟාවන සේ වාහනය ඉදිරියට හෝ පසුපසට ගන්න. 3. "හෑන්ඩ් බ්‍රේක්" ඇද, වීදුරුව පහත දමන්න. 4. ඔබේ අත් බෑගය ගෙන එහි ඇති සියල්ල ඉදිරිපස අනෙත් අසුනට දමා කාඩ් පත සොයගන්න. 5. දුරකතන ඇමතුමට,මදක් රැදී සිටින ලෙස දන්වා පසෙකින් තබන්න. 6. කාඩ් පත යන්ත්‍රය වෙත යොමු කිරීමට උත්සාහ කරන්න. 7. වාහනය යන්ත්‍රයට වඩා දුර බැවින්, ඔබේ පහසුව සඳහා වාහනයේ දොර විවෘත කරන්න. 8. ඔබේ කාඩ් පත ඇතුල් කරන්න. 9. නැවත වරක් කාඩ් පතේ නිවැරදි පැත්ත ඇතුල් කරන්න. 10. ඔබේ අත් බෑගය ගෙන, දින පොතේ අවසාන පිටුවේ ඇති රහස් අංකය සොයාගන්න. 11. ඔබේ රහස් අංකය ඇතුල් කරන්න. 12. "CANCEL" බොත්තම ඔබා නැවත රහස් අංකය ඇතුලත් කරන්න. 13. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කරන්න. 14. පසු පස බලන වීදුරුවෙන් ඔබේ රුව බලන්න. 15. මුදල් හා රිසීට් පත ලබාගන්න. 16. අත් බෑගය නැවත හිස් කොට මුදල් පසුම්බිය ගෙන ලබාගත් මුදල් එහි තැන්පත් කරන්න. 17. ලබාගත් මුදල දිනපොතේ සටහන් කොට, රිසීට් පත දිනපොතේ කවරයට ඔබන්න. 18. නැවතත් කන්නාඩියෙන් ඔබේ රුව බලන්න. 19. වාහනය අඩි දෙකක් ඉදිරියට ගන්න. 20. නැවතත් යන්ත්‍රය වෙත රිවර්ස් කරන්න. 21. ඔබේ කාඩ් පත ලබාගන්න 22. නැවතත් අත් බෑගය ඉවත්කොට කාඩ් රඳවනය ගෙන නිවැරදි ස්ථානයේ එය රඳවන්න. 23. පසු පස වාහනයේ ගනුදෙනු කරු වෙත රුදුරු බැල්මක් හෙලන්න. 24. නැවත වාහනය පනගන්වා පිටත්වන්න. 25. දුරකතන ඇමතුම ගත් තැනත්තා නැවත අමතන්න. 26. සැතපුම් 2-3 වාහනය පැදයන්න. 27. "හෑන්ඩ් බ්‍රේක්" ලිවරය පහත දමන්න. 0 Imalka HewageVeteran MemberPosts:4533 05 Oct 2015 10:35 PM Posted By Ind007ka on 05 Oct 2015 09:46 PM නගරයේ ඇති හොඳම බැංකුවේ ATM මැෂිම අසල මෙම නිවේදනය දක්නට ලැබින. "ළඟදීම,..." "ඔබට වාහනයේ සිටම මුදල් ආපසු ලබා ගැනිමේ ATM යන්ත්‍රයක සේවාව හඳුන්වාදෙන බව සියළු ගනුදෙනුකරුවන් වෙත ඉතා ප්‍රීතියෙන් දැනුම් දෙමු... එමගින් මුදල් ලබාගැනීමට පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න" මසක පමණ කාළයක් කල සමීක්ෂනයකට පසු පහත සඳහන් නිවේදනය දකින්නට ලැබුනි. "මුදල් ආපසු ලබාගැනීම සඳහා පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න" "මහත්වරුන්" 1.යන්ත්‍රය අසල වාහනය නවත්වන්න. 2. වාහනයේ විදුරුව පහත් කරන්න. 3. ඔබේ කාඩ්පත් ඇතුල් කර, රහස් අංකය ලබාදෙන්න. 4. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කර මුදල් ලබාගන්න. 5. ඔබේ කාඩ්පත හා රිසීට් පත ලබාගන්න. 6. වාහනයේ වීදුරුව ඔසවන්න. 7. ස්තූතියි...ඔබට පිටත්විය හැක.. "නෝනාවරුන්...." 1. යන්ත්‍රය වෙත වාහනය පදවන්න 2. සුක්කානම අසල දොරේ වීදුරුව යන්ත්‍රයට ලඟාවන සේ වාහනය ඉදිරියට හෝ පසුපසට ගන්න. 3. "හෑන්ඩ් බ්‍රේක්" ඇද, වීදුරුව පහත දමන්න. 4. ඔබේ අත් බෑගය ගෙන එහි ඇති සියල්ල ඉදිරිපස අනෙත් අසුනට දමා කාඩ් පත සොයගන්න. 5. දුරකතන ඇමතුමට,මදක් රැදී සිටින ලෙස දන්වා පසෙකින් තබන්න. 6. කාඩ් පත යන්ත්‍රය වෙත යොමු කිරීමට උත්සාහ කරන්න. 7. වාහනය යන්ත්‍රයට වඩා දුර බැවින්, ඔබේ පහසුව සඳහා වාහනයේ දොර විවෘත කරන්න. 8. ඔබේ කාඩ් පත ඇතුල් කරන්න. 9. නැවත වරක් කාඩ් පතේ නිවැරදි පැත්ත ඇතුල් කරන්න. 10. ඔබේ අත් බෑගය ගෙන, දින පොතේ අවසාන පිටුවේ ඇති රහස් අංකය සොයාගන්න. 11. ඔබේ රහස් අංකය ඇතුල් කරන්න. 12. "CANCEL" බොත්තම ඔබා නැවත රහස් අංකය ඇතුලත් කරන්න. 13. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කරන්න. 14. පසු පස බලන වීදුරුවෙන් ඔබේ රුව බලන්න. 15. මුදල් හා රිසීට් පත ලබාගන්න. 16. අත් බෑගය නැවත හිස් කොට මුදල් පසුම්බිය ගෙන ලබාගත් මුදල් එහි තැන්පත් කරන්න. 17. ලබාගත් මුදල දිනපොතේ සටහන් කොට, රිසීට් පත දිනපොතේ කවරයට ඔබන්න. 18. නැවතත් කන්නාඩියෙන් ඔබේ රුව බලන්න. 19. වාහනය අඩි දෙකක් ඉදිරියට ගන්න. 20. නැවතත් යන්ත්‍රය වෙත රිවර්ස් කරන්න. 21. ඔබේ කාඩ් පත ලබාගන්න 22. නැවතත් අත් බෑගය ඉවත්කොට කාඩ් රඳවනය ගෙන නිවැරදි ස්ථානයේ එය රඳවන්න. 23. පසු පස වාහනයේ ගනුදෙනු කරු වෙත රුදුරු බැල්මක් හෙලන්න. 24. නැවත වාහනය පනගන්වා පිටත්වන්න. 25. දුරකතන ඇමතුම ගත් තැනත්තා නැවත අමතන්න. 26. සැතපුම් 2-3 වාහනය පැදයන්න. 27. "හෑන්ඩ් බ්‍රේක්" ලිවරය පහත දමන්න. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 06 Oct 2015 10:53 PM 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 21 Nov 2015 04:00 PM ප්‍රශ්නෙ ඒකයි ධනාත්මක චින්තනයේ බලය නමැති ග්‍රන්ථයේ කතුවරයා එක් සාදයකදී තරුණයන් පිරිසකට මුණ ගැසිණ. හේ ග්‍රන්ථ කර්තෘවරයකු සේ ම ප්‍රකට දේශකයකු ද විය. තරුණ පිරිස සිටියේ මී විතෙන් සප්පායම් වී බමන මතින් දොඩමලු වෙමිනි. “තමුන්නාන්සෙ කරුණාකරල අපිට පැහැදිලි කරලා දෙනවද ඔය ධන - රින චින්තනවල තියෙන වෙනස මොකක්ද කියලා.” එහි සිටි සෙනෙවි ඇසුෙව් ගොත ගසමිනි. “පුතා ඔයා මත් නොවී, හොඳ සිහියෙන් ඉන්න වෙලාවක ඇහැව්වොත් මට පුළුවන් වේවි ඔය ප්‍රශ්නෙට සාර්ථක උත්තරයක් දෙන්න.” කතුවරයා ඉවසීමෙන් පිළිතුරු දෙමින් කීවේය. “ඒ වුණාට සර්, අපි මත්නොවී ඉන්න වෙලාවට ඔය වගේ ප්‍රශ්න මතු වෙන්නෙ නැහැනෙ.” සෙනෙවි කීවේ ය. මම නෙ ගෙනාවේ නගරය මැද පිහිටි මහල් තිහකින් යුත් ගොඩනැඟිල්ලකට ටයි පටයක් පැළඳ, බ්‍රීෆ් කේසයක් සුරතින් ගෙන මනෝ ඇතුළු වූයේ එහි ඉහළ මාලයක පිහිටි ප්‍රකට සමාගමක ප්‍රධාන කාර්යාලයකට යාමේ අදහසිනි. එම ගොඩනැඟිල්ලේ විදුලි සෝපානයට ඇතුළු වූ හේ සෝපාන ක්‍රියාකාරි දෙස බලා “10 වැනි තට්ටුවට” යයි කීවේ උඩඟු ස්වරයකිනි. එසැනින් ඉහළට ඇදී ගොස් සුළු මොහොතකින් නතර වූ විදුලි සෝපානයේ ස්වයංක්‍රීය දොරටුව විවෘත වෙද්දී සෝපාන ක්‍රියාකාරි මෙසේ කීවේ ය. “දහවැනි තට්ටුව, දරුවා!” “තමුසෙ මොකද මට දරුවා කියලා කතා කෙරුවේ. මම තමුසෙගෙ පුතෙක් නෙමෙයිනෙ.” මනෝ, විදුලි සෝපාන ක්‍රියාකාරි දවා අළු කරන බැල්මක් හෙළමින් ඇසුවේ රළු ස්වරයකිනි. “මමනෙ ඔහෙව ඉහළට අරගෙන ආවේ. ඒකයි එහෙම කිව්වේ.” සෝපාන ක්‍රියාකාරි සෝපහාස සිනාවක් නඟමින් කීවේ ය. ඒකෙ හැටියට මේක? දිනක් සේවකයකු ගේ මඳ ප්‍රමාදයක් දුටු දෙහිවල සත්තු වත්තේ සිටි කොටියකු වහා තම කූඩුවෙන් එළියට පැන පාර දිගේ දුවගොස් මඳ උස්බිමක, ගස් සෙවණක රැඳුණේ ය. ඒ මොහොතේ ම මාර්ග අංක 176 පෞද්ගලික බස් රථයක් මගීන් පුරවාගෙන ඒ අසල මාර්ගයේ ගමන් කරමින් තිබුණි. පාපවුරුවේ ද, බස් රථය තුළ ද හිරවී, ගුලි වී, ඉමහත් අසීරුවෙන් තෙරපී සිටි බස් මගීන් දෙස උනන්දුවෙන් බලා සිටි කොටියා වහා දුවගොස් ආපසු සත්තු වත්තට රිංගා තම කූඩුවට පැන ගත්තේ සිතෙන් මෙසේ මුමුනමිනි. “මගෙ අම්මෝ! ඒ කූඩුවේ කොයිතරම් නං සෙනඟක් තෙරපි තෙරපි ඉන්නවද? එහෙම බැලුවා ම මේ කූඩුවේ ඉන්න එක හරි ජොලි වැඩක් නෙ.” ඒකත් නිදහසක් නේද? “ඇයි එළදෙන ලංකාවට නිදහස ලැබුණු අවුරුද්ද ඇහැව්වම නියම දිනේට අවුරුදු පහළොවකටත් වඩා වැඩි අවුරුද්දක් කිව්වේ?” තම දියණියට එරෙහිව මූණු පොතෙන් එල්ලවන ප්‍රහාර මධ්‍යයේ සැලුණු මව දියණියගෙන් ඇසුවේ කෝපයෙනි. “මට උත්තරේ විදියට කියැවුණේ අම්මලා කසාද බැන්ද අවුරුද්ද නෙ. එක අතකට ඒකෙ වැරැද්දක් තියෙනවයැ. අම්මව තාත්තගෙ කරේ එල්ලලා ආච්චියි, සීයයි නිදහස් වුණේ ඒ අවුරුද්දෙනෙ.” දියණිය කීවා ය. ඒ හින්දා තමයි ප්‍රවීණ සාහිත්‍යධරයකු ලෙස නමක් දිනූ වයෝවෘද්ධ ලේඛකයා කලින් වෙන්කර ගත් වේලාවකින් තොරව තමා හමුවීමට කිසිවකු හට අවසර නොදුන්නේ නිස්කාංසුවේ කියැවීම සහ ලිවීම සඳහා තම මුළු කාලයම යොදවා සිටි බැවිනි. වරක් එසේ ලබාගත් අවසරයකින් තොරව ඔහු හමුවට කඩාපාත් වූ තරුණ පුවත්පත් කලාවේදියකු සමාව අයදින ස්වරයකින් මෙසේ කීවේ ය. “සර්.... මම දන්නවා සර් ට කාලය හුඟක් වටිනවා කියල.” “ඔව් ඉලන්දාරියා. මමත් දන්නවා තමුසෙලා මගේ කාලය තේරුමක් නැතුව කාලාදානවා කියල. ඒ හින්දා තමයි මාව මුණගැහෙන්න අවසරයක් ඕනෑ කරන්නෙ.” ලේඛකයා කීවේ ය. එඩ්වඩ් චන්ද්‍රසිරි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Nov 2015 08:49 PM දෙහිවල සත්තු වත්තේ කොටියාගේ කථාව නම් මරු... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 21 Nov 2015 11:04 PM බොහොමත්ම ස්තූතියි රෝසි නංගී මේ විහිළු ටිකට. තව හොයගෙන එන්න. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Nov 2015 01:54 AM 176 කියන්නේ මට හොදට හුරු පුරුදු බස් එකක්. හැබැයි ඔය බස් එක එතනින් යද්දී නම් ඔච්චර සෙනග නැහැ.. මොකද ගමනාන්තය වන කරගම්පිටිය හන්දියට තියෙන්නේ එක හෝල්ට් එකයි. නමුත් ඉතින් සත්තු වත්තට ඈදලා එපයි කතාව කියන්න.. බැරි වෙලාවත් කොටිය හවස පහෙන් පස්සේ 138ක් එහෙම දැක්ක නම් මොනව කොරාවිද කියල හිත ගන්න බෑ.. රෝසිගේ කතා ටිකට බොහොම ස්තුතියි. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Nov 2015 02:32 AM ලංකාවේ වැලේ වැල් නැතුව ඉඳලා කොහොමහරි ඇමෙරිකාවට පැනගත්ත බුවෙක් හිටියා. අපි කියමුකෝ "සිරා" කියලා. අමාරුවෙන් ඇමෙරිකාවට ආවට මොකද ජොබක් නැතිව පොර වේලි වේලි ඉන්නේ. ඔය අතරේ මිනිහට ආරංචි උනා මයික්‍රොසොෆ්ට් එකේ ජොබ් වේකන්සියක් ගැන.මෙදාට ඉන්ටවිව් තියෙනවා, අහවල් තැනට එන්න කියලයි දැනගන්න ලැබුනේ. මිනිහත් ගියා කියමුකෝ. අම්ම ගහයි.. හෝල් එකෙන් එකයි සෙනග. මූට එවෙලෙම දමලා ගහලා එන්න හිතුනත් ආපු එකේ ඉඳලා බලනවා කියලා හිටියා. දැන් ඔක්කොම කට්ටිය හෝල් එකේ වාඩි වෙලා ඉද්දි පොඩ්ඩක් දැකලා පුරුදු බුවෙක් ස්ටේජ් එකට නැග්ගා. පිස්සු පීකුදු.. මෙන්න යකඩෝ බිල් ගේට්ස්. ඔන්න ගේට්ස් වැඩේ පටන් ගත්තා. "නෝනාවරුනි, මහත්වරුනි, අපේ ඉන්ටවිව් එකට ආවට ස්තුතියි.කරුණාකර ආචාර්ය උපාධියක් තියෙන සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා හැර අනික් අය ඉවත් වෙන්න." මල කෙලියයි හෝල් එකෙන් භාගයක්ම හිස්. අපේ ලොක්කට මොන උපාධි ද.. ඕන *#ක් කියලා පොර නැගිටලා නොයා හිටියා. ගේට්ස් ඊලඟට කිව්වා මෙහෙම. "කරුණාකර ඔබේම කියා නව සොෆ්ට්වෙයා එකක් නිර්මාණය කොට ඇති අය හැර අනෙක් අය එලියට යන්න" ඔන්න දැන් ඉතිරි පනහක් විතර ඕං. අපේ බුවා නෙමෙයි ඒත් නැගිට්ටේ. ගේට්ස් ඊලඟට කිව්වා මෙහෙම. "කරුණාකර වයස අවුරුදු 24ට අඩු අය හැර අනෙක් අය එලියට යන්න" දැන් මුලු හෝල් එකේම ඉතිරි 8 දෙනයි. ඊලඟ කඩඉම. "කරුණාකර හංගේරියන් භාෂාව කතා කල හැකි අය හැර අනෙක් අය එලියට යන්න" සිරා පිටිපස්ස බැලුවා.මූයි තව එකෙකුයි විතරයි ඉතිරි. මූත් ඉතින් දස *#රියා. දැන් ඉතින් ඕන මගුලක් උනාවේ කියලා ඉන්නවා. ඊලඟට ගේට්ස් කියනවා "මට බොහොම සතුටුයි ඔබ දෙන්නා ගැන. දැන් දෙන්නම හංගේරියන් භාෂාවෙන් කතා කරමුකෝ බලන්න " කෙලියා තාප්පෙට. අපේ එකා සිංහල දන්නෙත් බාගෙට. හැබැයි මූත් ඇරියේ නෑ. හැරුනා පස්සට. කිව්වා අනිත් එකාට මෙහෙම, "අය්යණ්ඩිය බිය නොවන්න. මැරෙනා සැටි මම පෙන්වමි" එතකොට අනික් පොර කියනවා, "අම්මට *#යි කිව්වලු, තෝත් ලංකාවෙද යකෝ " 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 23 Nov 2015 07:15 AM 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Nov 2015 02:46 AM අන්තිම දෙන්න කෙසේ වෙතත් මේ කතාව ලියපු එකා නම් හන්ගේරියන් වචන ටිකක් කතාව අතරින් පතර කොටල තියෙනව.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Nov 2015 10:29 AM Posted By maduranga001 on 25 Nov 2015 02:46 AM අන්තිම දෙන්න කෙසේ වෙතත් මේ කතාව ලියපු එකා නම් හන්ගේරියන් වචන ටිකක් කතාව අතරින් පතර කොටල තියෙනව.. අර කොටු දාලා තියෙන්නේ හංගේරියන් භාෂාවද ? 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Nov 2015 05:15 PM මමත් අද මයි හන්ගෙරියන් බාශාව දැනගත්තෙ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 29 Nov 2015 01:14 PM දෙන්නම එකයි උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකු වූ වීරසිංහ සහ ජයසිංහ තම විවේකාගාරයේ තණ පිටියේ වාඩිවී කතාබහ කරමින් සිටියේ තම පණිවුඩකරුවන් ලෙස සේවය කළ පොලිස් භටයන් දෙදෙනාගේ මෝඩකම් පිළිබඳවය. ඔවුන් දෙදෙනා අතරින් වඩාත්ම මෝඩ කවුරුන්දැයි විමසීමට ඔවුන් එහිදී කතිකා කළෝය. ඒ අනුව වීරසිංහගේ විධානයෙන් ඔහුගේ සේවක ප්‍රේමදාස ඔවුන් ඉදිරියේ පෙනී සිටියේය. “ප්‍රේමදාස උඹ ඔෆිස් එක ළඟ තියෙන සාප්පුවට ගිහින් මට මේකෙන් ඉස්තරම්ම වයින් බෝතලයක් අරගෙන වරෙන්.” වීරසිංහ කීවේ රුපියල් විස්සේ නෝට්ටුවක් ඔහු වෙත දිගු කරමිනි. ප්‍රේමදාස නික්ම යත්ම ජයසිංහගේ විධානයෙන් සිරිපාල එතැනට ආවේය. “සිරිපාල උඹ අපෙ ඔෆිස් එකට ගිහින් බලපං මම තාම ඔෆිස් එකේ ඉන්නවද කියල.” සිරිපාල ද පිටත් වුණි. ප්‍රේමදාසත්, සිරිපාලත් මහමඟදි මුණ ගැසුණි. ප්‍රේමදාස සිරිපාල දෙස බලා සිනාසී මෙසේ කීවේය. “අපේ බොසා මහ පිස්සු පොරක් මචං. ඒ යකාට නිනව්වක් නෑ අද වයින් සාප්පුව වහලා කියල.” “ඇයි බං අපේ බොසා! එයා ඊට හපන්. එයා ඔෆිස් එකේ ඉන්නවද බලන්ඩ මාව යවන්ඩ ඕනෙයැ. කෝල් එකක් දීලා ඒක ලේසියෙන් දැනගන්ඩ තිබුණනෙ.” සිරිපාල කීවේය. වෙනසක් අවශ්‍යයි “යුෂ්මතා මේ පැමිණිලිකාරිය සමඟ පුරා වසර 20ක් පවුල් කාලා, ඊට පස්සෙ කිසිම සාධාරණ හේතුවක් නැතුව ඇයව ද්වේශ සහගත ලෙස අත්හැරලා ගියා කියල පැමිණිලි පක්ෂය චෝදනා කරනවා. ඒ චෝදනාවට තමා වැරැදිකාරය ද, නිවැරැදිකාරය ද?” උසාවියේ විභාගයට ගැනුණු නඩුවක විත්තිකරු දෙස තියුණු බැල්මක් හෙළමින් විනිසුරුවරයා ඇසීය. “නිවැරැදි කාරයා ස්වාමිනි, මම පැමිණිලිකාරියත් එක්ක අවුරුදු දහයක් පවුල් කාපු එක ඇත්ත. දැන් මට ඒක ඇතිවෙලා. මට වෙනසක් අවශ්‍යයි. ඒකයි මම ඇයව අත්හැරියෙ. වෙනසක් අවශ්‍යයි කියල පහුගිය කාලෙ මුළු රටේම ලොකු කලබැගෑනියක් ඇතිවෙද්දි මමත් වෙනසක් බලාපොරොත්තු වීම වැරැද්දක් ද ස්වාමිනි?” පැමිණිලිකරු විනිසුරු වෙත පැනයක් යොමු කරමින් කීවේය. කිහිලිකරු මොකට ද? එය තරුපහේ සුපිරි හෝටලයක පැවැති විවාහ මංගල උත්සවයකි. ඊට ආරාධනා ලැබු චන්ද්‍රසිරි යුවළ එහි ගොස් දන්නා හඳුනන අය හා සාද කතාවෙන් කල්ගත කොට දහවල් වෙද්දී දිවා භෝජන සංග්‍රහය සඳහා අසුන් ගත්හ. කෑම බෙදා ගැනීමෙන් අනතුරුව චන්ද්‍රසිරි වේටරයකු කැඳවා අත් සෝදන බඳුනක් ගෙනෙන්නැයි කීවේය. “ඇයි අනේ මේ හැඳි ගෑරුප්පු තියෙද්දි ෆින්ගර් බෝල් මොකට ද?” ශාන්ති තම සැමියා දෙස බලා සෙමින් මිමිණුවා ය. “කකුල් දෙක හොඳට තියෙද්දි කිහිලිකරුවලින් ඇවිදින්නෙ මොකට ද?” චන්ද්‍රසිරි තම බිරියට පෙරළා ප්‍රශ්නයකින්ම දමා ගැසුවේය. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Nov 2015 07:15 PM කිව්වත් වගේ වෙනසක් අවශ්‍යයි කියපු වෙලාවේ අපටත් වෙනසකට මුල පුරල බලන්න තිබ්බෙ. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 30 Nov 2015 08:37 AM වෙනසකට පෙලගැසෙමු ... හික්ස්. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 30 Nov 2015 10:16 AM වෙනසක් අවශ්‍ය වෙලාවක්... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Nov 2015 07:00 PM 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 30 Nov 2015 09:23 PM අය්යලාගේ පැත්තෙන් බැලුවහම අසාධාරණයකුත් නැහැ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Dec 2015 03:24 AM අයියල අක්කල නංගිල මල්ලිල ඔය ඔක්කොම එකයි.. හැම ජාතියේම එවුන් ඔය හැම වර්ගෙම ඉන්නව දැන්.. 0 You are not authorized to post a reply. Page 2 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor