Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 Sep 2016 03:27 AM by Dileeka Madushani ~~~~ගීත අසමු~~~~ 125 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 7 << < 12345 > >> Author Messages Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 09:47 AM Quote Reply Posted By Himali on 28 Mar 2015 09:41 AM mata type karanna kammali ane කොහොමත් දැන්නම් ඔයාට නිදිමතත් ඇතිනෙ. ඒ වගේ වෙලාවටනම් ටයිප් කරන්න එපා වෙනව ඇති. 0 Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 09:55 AM Quote Reply ඔබෙ කඳුළැල්නම් මට පේන්න හඬන්නට එපා දුක හිතෙන තරම් ඔය විදියට බලන්නට එපා මල් කිරිල්ලියක් සේ ඔබ ඉන්න කූඩුවේ ඔය කඳුළ දෙන්න මට හඬන්න ඔබ හඬන්නෙපා මගේ ලොවේ කඳුළු හංඟ තිබුණෙ ගොඩක් කල් එදා හැඬුවෙ ඉවර වෙන්න නෙතේ කඳුළු වැල් මගේ ළඟ ම ඔබ හිඳින්න වෙලී සදාකල් එහෙම ඉන්න අපි දෙන්නට නැති ද සිනා රැල් ඔබෙ කඳුළැල්නම් ............. මගේ ළඟට ආ ඔබ මම හොඳින් රකින්නම් සතුට පෙණුනෙ නැතුවට හිත පුරා තියන්නම් කවුරු බැලුවෙ නැතුවත් මම ඔබට බලන්නම් ජීවිතය ම ගෙවෙනා තුරු ළඟින් හිඳින්නම් ඔබෙ කඳුළැල්නම් ............. ගායනය :- කුමාරසිරි පතිරණ 0 Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 09:56 AM Quote Reply Posted By indika76 on 28 Mar 2015 09:41 AM නියම වැඩක්.. දිගටම කරගෙන යමු මල්ලී... බොහොමත් ම ස්තූතියි අයියා 0 HimaliVeteran MemberPosts:1636 28 Mar 2015 09:56 AM Quote Reply 76 ayyage yaluvek vage. 76 ayyath godak danava kumarasiri pathiranage sindu. math dl karala ahala balanna ona. bohoma shtuti 0 Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 10:08 AM Quote Reply කවියක් වී තොල් පෙති මත මුමුණන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න සඳසාවී ඔබ හද කුටියට එන්න ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම තනුවකි ගීයකි මිහිරිය රැඳූනාම සංසාරෙ ම සුවඳ දේවි බැඳූනාම සඳ දෙව්දුව යන්න එපා නොකියාම කවියක් වී .............. කඳූළු තාම නෙතු අද්දර නොදැනේද බිඳූණු දාක මට තරවටු නොම වේද රිදුම් එපා පෙම් කළ හිත කිසිදාක ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක කවියක් වී .............. ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස් 0 Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 10:09 AM Quote Reply Posted By Himali on 28 Mar 2015 09:56 AM 76 ayyage yaluvek vage. 76 ayyath godak danava kumarasiri pathiranage sindu. math dl karala ahala balanna ona. bohoma shtuti 76 අයියත් එහෙනම් කුමාරසිරි පතිරණයන්ගෙ ගීතවලට කැමති ඇති. මාත් එයාගෙ කැමති ගීත විශාල ප්‍රමාණයක් තියෙනව. අහල බලන්නකො. 0 HimaliVeteran MemberPosts:1636 28 Mar 2015 10:13 AM Quote Reply kaviyak vee sinduva mage priyathama sinduvak. dl kara ganna onane. eka mage langa tiyanava. siyak varayak ahala athi. 0 Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 10:15 AM Quote Reply එහෙනම් ඔයාට සිංදුව කටපාඩම් ඇති. මාත් ගොඩක් කැමති සිංදුවක් 0 HimaliVeteran MemberPosts:1636 28 Mar 2015 10:42 AM Quote Reply ow ow. mata padam 0 Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 10:43 AM Quote Reply සිංදු කියන්නත් පුළුවන් ද? 0 HimaliVeteran MemberPosts:1636 28 Mar 2015 10:43 AM Quote Reply puluwan. habai katavath ahagena inna be 0 Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 10:44 AM Quote Reply සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිඳින්නම් සෑමදා ළඟින් මියෙනා තුරා ඔබේ සෙවනට වෙලා දෙපා මුළ දැවටිලා රැඳී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා සුපෙම් සුවඳක් අරන් .............. ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා පිරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා හිතේ නැවතුන නිසා මමත් ඔබගෙයි සදා සුපෙම් සුවඳක් අරන් .............. ගායනය :- රොෂාන් ප්‍රනාන්දු හා තිළිණි ප්‍රනාන්දු 0 Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 10:45 AM Quote Reply Posted By Himali on 28 Mar 2015 10:43 AM puluwan. habai katavath ahagena inna be ඒක ඉතින් තීරණය වෙන්නෙ අහගෙන ඉන්න කෙනා අනුව තමයි 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 28 Mar 2015 03:02 PM Quote Reply ෂා මාලිංග මල්ලි මේක නම් අපුරු වැඩක් ...ඒවගේම ඔයාගේ සින්දු එකතුවට මන් ගොඩක් කැමති ,, දිගටම කරන්න , අපිට ගොඩක් ලස්සන ගීත රසවිදින්න පුළුවන් වේයි නේද ගොඩක් ස්තුති මල්ලි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Mar 2015 08:35 PM Quote Reply බොහොම ස්තුතියි මාලිංග මල්ලි.. ඔය ලස්සන ත්‍රෙඩ් එකක් ඕපන් කරලා තියෙන්නේ.. අලුත් තෙඩ්ස් බැහැ කියපු අය.. පුළුවන් අවස්ථාවල ඒ ගායකයන්ගේ චායාරුපයක් වගේ දෙයකුත් එකතු කරන්න.. නමුත් වෙනත් වෙබ් අඩවි වල නම් එහෙම නැති.. ඒවාට ලින්ක් නොවුණු ඒවා.. නැවත අප්ලෝඩ් කරලා ගන්න.. තවත් ත්‍රෙඩ් එකකට ඔයාට දායක වෙන්න පුළුවන්.. පොඩි අළුත් වැඩක් තියෙනවා.. කියන්නම්කෝ කැමති නම්.. 0 Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 09:18 PM Quote Reply Posted By Rosi on 28 Mar 2015 03:02 PM ෂා මාලිංග මල්ලි මේක නම් අපුරු වැඩක් ...ඒවගේම ඔයාගේ සින්දු එකතුවට මන් ගොඩක් කැමති ,, දිගටම කරන්න , අපිට ගොඩක් ලස්සන ගීත රසවිදින්න පුළුවන් වේයි නේද ගොඩක් ස්තුති මල්ලි බොහොමත් ම සතූතියි අක්කෙ. ගීතනම් ගොඩක් දාන්න බලාපොරොත්තු වෙනව 0 Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 09:19 PM Quote Reply Posted By maduranga001 on 28 Mar 2015 08:35 PM බොහොම ස්තුතියි මාලිංග මල්ලි.. ඔය ලස්සන ත්‍රෙඩ් එකක් ඕපන් කරලා තියෙන්නේ.. අලුත් තෙඩ්ස් බැහැ කියපු අය.. පුළුවන් අවස්ථාවල ඒ ගායකයන්ගේ චායාරුපයක් වගේ දෙයකුත් එකතු කරන්න.. නමුත් වෙනත් වෙබ් අඩවි වල නම් එහෙම නැති.. ඒවාට ලින්ක් නොවුණු ඒවා.. නැවත අප්ලෝඩ් කරලා ගන්න.. තවත් ත්‍රෙඩ් එකකට ඔයාට දායක වෙන්න පුළුවන්.. පොඩි අළුත් වැඩක් තියෙනවා.. කියන්නම්කෝ කැමති නම්.. පුළුවන් දෙයකටනම් දායක වෙන්න පුළුවන්. බොහොමත් ම ස්තූතියි අයියා. එහෙම හැකි අවස්ථාවලට චායාරූප එකතු කරන්න බලන්නම්. 0 Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 09:29 PM Quote Reply ආදර ගීත දාපු එකේ විරහ ගීත ටිකකුත් දාන්න එපායෙ මුලු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැවුවෙමි මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුණු හැටි බලා දුක් වෙමි නිසංසල තැනකට වෙලා අඬන ඇස් මගෙ ඇස් දෙක බලා කියන්නොකො දෙවියනේ මෙහෙවිත් කොහොම ඉන්න ද ඉවසලා මගේ අත ගෙන කනට ලංවී අනේ සුදු මම ආදරේ යැයි කින්නට සිතුනේ ඇයි ද සුදු නොසිතුවෙ ද මට දුක් ලැබේ යැයි නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා සිනා සුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්න ද ඉවසලා එදා රෑ ගං ඉවුර අසබඩ සුපුන් සඳ පායන වෙලාවක කථා කී හැටි මතක් වෙනකොට දුක දැනෙයි පවතින අපායක මෙහෙම ලෝකෙක ඉපදිලා සිතෙහි අදහස් සුන්වෙලා මා උපන්නේ දුක් විඳින්න ද දුක් අඳුරු මැද තනිවෙලා මුලු හදින් මම ඇයට පෙම් කොට ....... ගායනය :- නාරද දිසාසේකර 0 Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 10:50 PM Quote Reply පින්න ඇතුරු තණ පලසට මුතුපොට ඔබනම් කඳුළු නොදුටු ඔබෙ දෙනෙතට කඳුළ ද මානම් ආදරයට දුප්පත්කම බාධාවක් නම් සමුගන්නට අවසර තරහක් නෑ මානම් සඳ ඉල්ලන පොඩි දරුවෙක් නොවෙයි මං අද නොලැබුණු සෙනෙහස අභියස නපුරු වුණා ද ආදරයට විරහව විඳ ගන්නට හැකි ද මේ තරමට මගෙ සිත රිදවන්නෙ කොහොම ද පින්න ඇතුරු තණ පලසට .............. ඔබේ දිවියෙ සෙවනැල්ල ද වෙන්න හිමි නැතී මගේ සිහින ඔබ හට විහිලුවක් වෙන්නැතී නොතේරෙන පැණය ඔබමයි පිළිතුරක් නැතී සදා තනිව හිඳිනට මේ දඬුවම ම ඇතී පින්න ඇතුරු තණ පලසට .............. ගායනය :- නිමල් රංජිත් 0 Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 10:53 PM Quote Reply ලංවී ඉන්නට පෙරුම් පෙරූ දින පැතූ පැතුම් සුසුමක තබමින් සමුගෙන යන්නට පාර සොයනව ද ඔබේ දයාබර දෑස තුළින් සිහින කුමාරියො සුරංඟනාවියො සෙනෙහස සොයනා උමතු ලොවේ අහිංසකාවියෙ මට රිදවන්න ද ආදරයෙන් ඔබ වෙන්ව ගියේ ලංවී ඉන්නට ............ බිඳුණු ස්නෙහය සිහිවෙන මොහොතට ඉවසන්නට බැහැ මට ලඳුනේ පෙම් කළ මගෙ සිත සාප කරන්නට ඉඩ දෙන්නේ නැහැ ඔබට ප්‍රියේ ලංවී ඉන්නට ............ ගායනය :- ජයන්ත දිසානායක 0 Add Reply Page 2 of 7 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit