Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Jan 2020 11:03 PM by Imalka Hewage හිනා යන්නේ නැති විහිලු 003 - රස පරීක්ෂක තනතුර 36 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 212 > >> Author Messages Imalka HewageVeteran MemberPosts:4533 30 Jun 2019 11:02 PM ඔන්න ඔහේ මාත් හිනා යන ත්‍රෙඩ් එක අරින්න හිතුවා.....කොහොමත් හිනා යනවා නෙ..නේද? 0 Imalka HewageVeteran MemberPosts:4533 30 Jun 2019 11:04 PM මේවා අන්තර් ජන්ජාලයෙන් උස්සපු ඒවා...හොඳද ? ඇම්ඩන් සීරීස් එකේ.....සැර අඩු අලුත් කතා සෙට් එකෙකින් එකක් ඔන්න එහෙනම් ඇම්ඩා සහ හන්ඩ්‍රඩ් පසන්ට් ඇම්ඩ ඉතින් ලෝකෙ තියෙන කැ&% වැඩ සේරම කරපු බව කශ්ටිය දන්නවනෙ., ඔන්න ඉතින් මූ දැන් බැඳල එහෙම පිළිවෙලකට නෝමල් ලයිෆ් එකක් ගෙවනවලු,, වයිෆ්ට දැන් බබෙකුත් හම්බ වෙන්නයි ඉන්නෙ.. ඔන්න දැන් වයිෆ්ට බබා හම්බ වෙන්න අමාරු වෙලා වයිෆ්ව අරන් ගියාලු ඩොක්ටර් ලඟට,. යන ගමන් අහනවලු... "ඇම්ඩන් පැටියෝ, බබා හම්බ වෙද්දි ගොඩක් අමාරු වෙයිද අනේ, මට බයයි" මූ ඉතින් ඔලුව අත ගාල කියනවලු.. "බය වෙන්න එපා පැටියෝ, ඔක්කොම හොඳින් සිද්ද වෙයි" දෙන්නත් එක්ක හොස්පිටල් ගියාම මෙන්න ඩොක්ටර් මුන්ට හඳුන්වල දෙන්න ගත්ත අලුත් මැෂින් එකක්,. "මේක මේ මම නිෂ්පාදනය කරපු අලුත්ම මැෂින් එකක්, මේකෙන් කරන්නෙ බබා හම්බ වෙද්දි අම්මට ඇති වෙන අමාරුව (විලි රුදාවද මොකක්ද එක, labour pain) බබාගෙ තාත්තට මාරු කරන එකයි, මේකෙ තාත්තට ට්‍රාන්ස්ෆර් කරන්න ඔන වේදනා ප්‍රතිශතය දුන්නාම මේකෙන් තාත්තට වේදනාව ට්‍රාන්ස්ෆර් කරනවා, ඇත්තටම මේ අම්ම කෙනෙක් දරන්නෙ පිරිමියෙකුට දරන්න බැරි තරම් වේදනාවක්, පිරිමියෙක් නම් මරනයට පවා පත් වෙන්න පුලුවන්". ජෝඩුව ඉතින් වැඩේට ෆුල් සැටිස්.. වයිෆ්ට බබා හම්බ වෙන්න එද්දි, ඇම්ඩවත් ඇඳකින් නිදි කරවල ඩොක්ටර් වැඩේ පටන් ගත්තලු.. "ඔන්න එහෙනම් මන් මේක 10% කට දානව, 10%ක් කියන්නෙ ඇම්ඩම් ඔයාට ගොඩක් අමාරු වෙන්න ඉඩ තියෙනව, හාන්සි වෙලා ඉන්න" මුට ගානක්වත් නෑලු.. ඒ පාර ඇම්ඩ හිනාවකුත් දාල.. "ඩොක්ටර් ඕක 20%ක් දාන්න",. එත් මූ සැපට ඉන්නව, ගානක්වත් නෑ., ඒ පාර මූ... "ඩොක්ටර් ඕක 50%ක්ම දාන්න ඩොක්ටර්" ඒත් මූ ශෝක් එකට ඉන්නව, ගානක්වත් නෑ.. ඩොක්ටර්ටත් පුදුමයි, ගෑනිටත් අමාරුව ගොඩක් අඩුයි., ඒ පාර මූ ගෑනිගෙ මූනත් බලල සනසවන්න වගේ හිනාවකුත් දාල, වීරය වගේ... "ඩොක්ටර් හන්ඩ්‍රට් පසන්ට් තාත්තට දාන්න ඩොක්ටර්" ඩොකත් ඉතින් ඇම්ඩගෙ හාට් බීට්, බ්ලඩ් ප්‍රෙශර් චෙක් කරල එහෙම නෝමල් හින්ද 100% දැම්මලු., අම්මට හුඩු පට්ට, ගෑනිට පොඩ්ඩක්වත් අමාරුවක් නෑලු, ඇම්ඩටත් මොන ඉහෙන් බහින අමාරුවක්වත් නැතුව කැ&* හිනාවකුත් දාගෙන ඉන්නවලු., ගෑනිට මොන හෙනයක්වත් නැතුව ඇඟට නොදැනිම නිරෝගී බබෙක් හම්බ උනාලු., මුන් දෙන්නත් එක්ක බබාවත් අරන් දැන් ගෙදර යන්න හොස්පිටල් එකෙන් එලියට ආවලු..,. ඇවිල්ල බලද්දි මෙන්න ඩ්‍රයිවර් වාහනේ ඇතුලෙ මැරිල.. 0 Dilki kapugeAdvanced MemberPosts:958 30 Jun 2019 11:55 PM 🙈🙈🙈 හපොයි ඩ්‍රයිවරය 😂 0 Imalka HewageVeteran MemberPosts:4533 01 Jul 2019 12:06 AM Posted By Dilki on 30 Jun 2019 11:55 PM 🙈🙈🙈 හපොයි ඩ්‍රයිවරය 😂 බලන්න කෝ නොසැලකිල්ල.....සේවකයින්ගේ අසනීප ගැන හාම්පුතාලා කිසිම තැකීමක් නැහැ, 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 01 Jul 2019 12:36 AM 😂😂😂 පිරිමියෙක් නම් මරනයට පවා පත් වෙන්න පුලුවන්". ඩ්‍රයිවර් මැරිල ඉන්නව දැක්කම ඇම්ඩට මැශින් එකට සෙට් නොකරම පණ යන්න ඇති 😅 0 Imalka HewageVeteran MemberPosts:4533 01 Jul 2019 12:49 AM Posted By Udari on 01 Jul 2019 12:36 AM 😂😂😂 පිරිමියෙක් නම් මරනයට පවා පත් වෙන්න පුලුවන්". ඩ්‍රයිවර් මැරිල ඉන්නව දැක්කම ඇම්ඩට මැශින් එකට සෙට් නොකරම පණ යන්න ඇති 😅 හෆ්ෆට සිරි...තනි ඇහැට ඇඩේනවා ...කතාවේ ලොකු ෆෝල්ට් එකක් තියෙනවනේ......කට වහගෙන හිටු නංගියේ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Jul 2019 07:17 AM හ්ම්ම්ම් හැබැයි ඇම්ඩා ලොල්ලෙක් කිඅයලා කලින් කතාවල තිබුනෙ නැහැ .මේක ඇම්ඩගෙ චරිතයට කල අපහාසයක් .කොමිසමක් පත් කරන්න ඔනේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Jul 2019 11:55 AM Posted By Imalka on 01 Jul 2019 12:06 AM Posted By Dilki on 30 Jun 2019 11:55 PM 🙈🙈🙈 හපොයි ඩ්‍රයිවරය 😂 බලන්න කෝ නොසැලකිල්ල.....සේවකයින්ගේ අසනීප ගැන හාම්පුතාලා කිසිම තැකීමක් නැහැ, ඩ්‍රයිවර්ට හාට් ඇටෑක් එකක්ද? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Jul 2019 12:05 AM මොන වෙලේක හරි ඔය මැෂින් එක කොහේ හරි ආයෙත් පාවිච්චි කරන වෙලාවක ඇම්ඩගෙත් පණ යාවි. අපි දන්නවනෙ පොරගෙ තරම. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 02 Jul 2019 07:14 AM මේ කියන මැෂින් එක නැවත ඇම්ඩාට ගැහුවොත් තව කීදෙනෙක් මැරෙයිද ... 0 Imalka HewageVeteran MemberPosts:4533 08 Jul 2019 11:54 AM අද 8 යි ලු නේද ? ඔන්න ඉතින් ලියුම් ලියනවා නම්. ගණිතයද ජ්‍යාමිතියද ව්‍යාපාර කළමනාකරණය ද මොනාද අඩු.. කෝ කියමු බලන්න මේ ඩබල උසස්පෙළට ඉගෙනගත්තු ගත්තු විෂය ධාරාවන් මොනාද කියලාවත් -fb- 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Jul 2019 02:36 PM බදින්න බැරි වුනට එකට හේතුවක් තියෙනවානේ... කෙල්ල එක ලක්ෂයක, කොල්ලා තව ලක්ෂයක නේ ඉදලා තියෙන්නේ.. ලක්ෂ දෙක සමපාත කරලා 1 සහ 0 තියරිය භාවිතා කරලා 0 ඇතුලට 1 දැම්මනම් කිසි ගැටළුවක් නෑ... විවාහයෙන්ම තමයි කෙළවර වෙන්නේ... 0 Imalka HewageVeteran MemberPosts:4533 08 Jul 2019 04:11 PM Posted By indika76 on 08 Jul 2019 02:36 PM බදින්න බැරි වුනට එකට හේතුවක් තියෙනවානේ... කෙල්ල එක ලක්ෂයක, කොල්ලා තව ලක්ෂයක නේ ඉදලා තියෙන්නේ.. ලක්ෂ දෙක සමපාත කරලා 1 සහ 0 තියරිය භාවිතා කරලා 0 ඇතුලට 1 දැම්මනම් කිසි ගැටළුවක් නෑ... විවාහයෙන්ම තමයි කෙළවර වෙන්නේ... X හා Y විදිහට හිටියම වැඩේ ලේසියි බං. X වමට හෝ දකුණට යනකොට Y ඉහලට හෝ පහලට හෝස් මාධ්‍ය ලක්ෂයෙදී (0 - ස්ථානයේ) හමුවෙන්න පුළුවන්. දෙන්නාම සරල රේඛීය පථයක ගියොත් තමයි හමුවෙන්නේ නැත්තේ. කොහොම හරි ජ්‍යාමිතිය උපයෝගී කරමින් වැඩේ පහදලා තියෙන්නේ, උඹ අර දෙකේ පාදයේ සංඛ්‍යා වලින් හදපු ගාණ....... මෙතන නම් X අක්ෂයේ හා Y අක්ෂය ලෙස සිටිමින් මූල ලක්ෂය හරහා රේඛාව යවලා අනුක්‍රමණය හොයන්න ගිහින් අන්තක්ඛණ්ඩය නැතිඋන කතාව කිව්වේ ඒකයි. බැරි වෙලාවත් සරල රේඛාව මගින් යම් ශ්‍රිතයක් නිර්මාණය වී. එය ඛණ්ඩනය වෙමින් අලුත් වස්තුවක් නිර්මාණය වීමට තරම් ජීව විද්‍යාත්මක මෙන්ම භෞතික සාධක තුලනය වුනා නම් අන්න උඹ කිව්ව පියවර අනුගමනය කරන්න සිදුවෙන්න ඉඩ තිබුනා 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 Jul 2019 09:30 PM ඉන්දික අය්ය ද ඒ පෙම්වතා නැත්තම් ඉමල්ක අය්ය ද 🤔😂 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 Jul 2019 09:30 PM හම්මේහ් ................ ඒ දෙන්න සයන්ස් කරා නම් මැරි කරල මෙලාකට බබාලත් ඉඳී..........😍 0 Imalka HewageVeteran MemberPosts:4533 08 Jul 2019 09:37 PM Posted By Udari on 08 Jul 2019 09:30 PM ඉන්දික අය්ය ද ඒ පෙම්වතා නැත්තම් ඉමල්ක අය්ය ද 🤔😂 හෑ................ගානක් සාධනය කරගන්න උත්සාහා කරා කියලා අපිට පද හදනවා නෙවෙයි ....ආ 0 Imalka HewageVeteran MemberPosts:4533 08 Jul 2019 09:39 PM Posted By Udari on 08 Jul 2019 09:30 PM හම්මේහ් ................ ඒ දෙන්න සයන්ස් කරා නම් මැරි කරල මෙලාකට බබාලත් ඉඳී..........😍 දෙන්නම සයන්ස් තමයි කරන්න ඇත්තේ. පිසිකල් සයන්ස් වත් කරන්න ඇති.....දැන් ගණිත ටීචරියක් ය කිව්වේ. මේක ඇත්ත කතාවක් ලු. 0 Dilki kapugeAdvanced MemberPosts:958 09 Jul 2019 08:49 AM අපොයි ඒ ලව් එක තේරුම් ගන්න නම් ආයි ස්කෝලෙ ගිහින් එන්න ඕන 0 Imalka HewageVeteran MemberPosts:4533 09 Jul 2019 10:25 AM Posted By Dilki on 09 Jul 2019 08:49 AM අපොයි ඒ ලව් එක තේරුම් ගන්න නම් ආයි ස්කෝලෙ ගිහින් එන්න ඕන ඉස්කෝලේ ගිහින් කර ගත්තු ඒවා තමයි ඔය හිටං. ආයේ ගියාට ඕවා කරගන්න හදන්න එපා තේරුමක් නැහැ. ඉස්කෝලේ යන කාලේ ඉගෙනගන්න දේවල් ජීවිත කාලෙටම වැදගත් කියන්නේ ඒකයි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Jul 2019 04:44 PM හොඳ වෙලාවට මේ දෙන්න බැන්දේ නැත්තෙ. නැත්නම් ගෙදරම ගණිත පන්තියක් වේවි. හම්බ වෙන පොඩි එවුන්... කොහොමද කිරි ඉල්ලලා එහෙම අඬන විදිහ. 0 You are not authorized to post a reply. Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor