Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2016 09:55 AM by hasithad දෙයියෝ සාක්කි... 268 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 8 of 14 << < 678910 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 14 Mar 2015 04:50 AM Posted By kingD on 13 Mar 2015 09:49 PM කැන්ටිමේ හොරුන් අල්ලන්න ගහපු ගැටේට මුදලාලි අහුවෙලා 2015 මාර්තු මස 14 00:00:57 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු) ලොරි රථ රියැදුරන් අතර ජනපි‍්‍රය ආපනශාලාවක නිතරම සිදුවන කෑම හොරකමක් අල්ලන්න ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවි කරන්නට ගිය එම ආපනශාලාවේ හිමිකරුවාට වූ ඇබැද්දියක් පසුගියදා වයඹ පළාතේ නගරයකින් වාර්තා විය. මෙම ආපනශාලාව උදේ සවස නිතරම ජනයාගෙන් පිරී තිබෙන්නක් වූයේ මෙය කාලයක සිටම හොඳින් පවත්වාගෙන ආපු නිසාය. මුදලාලි මහත්මයත් කඬේට එන සියලූම දෙනාට හොඳින් සලකයි. එත් ටික දවසක ඉඳලා හවසට ලාභ පාඩු බලපු මුදලාලි මහත්මයාට ආදායමේ පොඩි අඩුවීමක් නිසා එය සොයා බැලූවත් හොයා ගන්න බැරුව ගිය නිසා ඔහුගේ හිතවතකු දීපු උපදෙසක් මත කඬේ සියලූම පැති පේන විදියට බර ගාණක් වියදම් කර ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවිකර තිබේ. දින කිහිපයකට පසුව එම දර්ශන තමන්ගේ බිරිය හා නිරීක්‍ෂණය කරද්දී දිනපතා එහි එන පූස් තඩියෝ කීප දෙනෙක් බේකරි නිෂ්පාදන හොරා ගෙන යන ආකාරය දිස් වීමෙන් හොරු අල්ලාගත් නිසා මුදලාලි සතුටට පත්වෙලා සිටියත් ඉදිරි දර්ශනවලදී කඬේට එන රුව ඇති ළඳුන්ට මුදලාලි නොමිලයේම බඩු දෙන ආකාරයද බිරිය දැකගත් නිසා මුදලාලිට දෙවියෝ බුදුන් සිහිවුණාලූ. මුදලාලි බිරිය තම හිතවතුන්ට පවසා ඇත්තේ කඬේ හොරුන් කෙසේ වෙතත් අලූත් කැමරාව නිසා තම සැමියාගේ හොරකම් අල්ලගන්න නම් පුලූවන්වුණ බවය. එදා සිට ගෙදරට වී සිටින මුදලාලි අලූත් කැමරාවක් නිසා තමන්ටවුණ වියෝව ගැන කල්පනා කරමින් ඉන්නවලූ. මරේ මරු ....කුකුල් මුදලාලියට හොඳ වැඩේ 0 maduranga001Most Senior MemberPosts:14123 14 Mar 2015 05:30 AM කැමරා හයි කරගත්තම අමතක වුනාද හැම එකම ඕකේ රැකොර්ඩ් වෙනවා කියලා.. සල්ලි තිබුණට මොලේ නැහැ. 0 kingDVeteran MemberPosts:3362 16 Mar 2015 10:26 PM යාළුකමට ඔසුසලට ආ තරුණිය බේත් දීලා 2015 මාර්තු මස 16 13:33:48 | ලංකාදීප කර්තෘ මණ්ඩලය රජයේ රෝහලක සායනයට පැමිණි රෝගියා පෝලිමේ ගමන් කර වෛද්‍යවරයා හමුවිය. ”ඉඳගන්න” වෛද්‍යවරයා කාරුණික හඬින් පැවසීය. රෝගියා පරීක්ෂා කළ හෙතෙම රෝගය සඳහා දෙනු ලබන බෙහෙත රෝගියා රැුගෙන ආ පොතේ සටහන් කර නැවත භාරදීමට කටයුතු කළේය. පොත රැුගත් රෝගියා බෙහෙත් නිකුත් කරන කවුන්ටරයට එය භාරදුන් අතර කවුන්ටරයේ සිටි ඖෂධවේදියා පොත පරීක්ෂා කර බලා එම බෙහෙත අවසන් වී ඇති බව පැවසීය. රෝගියා නැවත වෛද්‍යවරයා හමුවී එම ඖෂධය නොමැති බව පැවසූ විට වෛද්‍යවරයා ඖෂධයේ නමින් බෙහෙත් තුණ්ඩුවක් ලියාදී, ”මේ බෙහෙත ෆාමසියකින් ගන්න” යැයි පැවසීය. නගරයේ පිහිටි ෆාමසියකට පිවිසි රෝගියාට කවුන්ටරය අසල සිටි රුවැති තරුණියක් දක්නට ලැබිණි. ”මොනාද ඕනේ” ඇය ඉංග‍්‍රීසි හුරුවට සිංහල උච්චාරණය කරමින් විමසුවාය. ඔහු බෙහෙත් තුණ්ඩුව ඇය අත තැබීය. එය කියවා බැලූ ඇය ”බෙහෙත් නිකුත් කරමින් සිටි සුදු හැඳගත් තරුණියකගෙන් ”කාබමැස්පින් ඉස් වට්?” (කාබමැස්පින් කියන්නේ මොකක්ද) යනුවෙන් ඉංග‍්‍රීසියෙන් විමසුවාය. එවිට සුදු හැඳගත් තරුණිය ඖෂධයේ වෙළෙඳ නාමය පවසා තිබෙන ස්ථානය ද පෙන්වූවාය. ඖෂධ සොයා ගත් තරුණිය එය රෝගියාට දීමට කටයුතු කළාය. පසුව දැනගන්නට ලැබුණේ රුවැති තරුණිය ෆාමසියේ සේවය කරන තරුණිය හමුවීමට පැමිණි ඇයගේ යෙහෙලියක් බවය. 0 kingDVeteran MemberPosts:3362 17 Mar 2015 03:15 AM ඉතුරු රුපියල් 2 නොදුන්නැයි දේව රූපය ළඟ තිබූ මුදල් අරන් 2015 මාර්තු මස 17 11:03:34 | ලංකාදීප කර්තෘ මණ්ඩලය | (තෙල්දෙණියේ එම්. බණ්ඩාර ඒකනායක) පෞද්ගලික බසයක ගමන් ගත් අයකු රුපියල් දහයක් දී ඉතිරි රුපියල් දෙක ගැනීමට කොන්දොස්තර සමග වාදයකි. රුපියල ඉස්සර දුන්නෙත් නැහැ දැනුත් දහයම ගන්නවා. ‘‘හරි අංකල් හෙටත් එනවනේ හෙට දෙන්නම්’’ ‘‘හෙටත් ඔය වගේම තමා’’ ‘‘හරි මෙන්න මගේ අත්සන දාලා රුපියල් දෙකක් දෙන්න තියෙනව කියල පිටපැත්තේ ලියපු ටිකට් එක තියෙනවා. ඒක පරෙස්සම් කර ගන්න.” ‘‘හරි කමක් නැහැ’’ කියා බසයේ ඉදිරිපස දේවරූපයකට තබා තිබූ බඳුනක වූ කාසිවලින්් රු. 2/-ක් අරන් බැස්සේය. ‘‘ ඕවා දෙයියන්ට වෙන් කරපුවා.’’ කොන්දොස්තර මොර ගෑවේය. ‘‘දෙයියන්ට දීලා තියෙන්නේ අපේ සල්ලිනෙ, දෙයියන්ට කියනව මම රු. 2/-ක් ගත්තා කියලා. 0 Ind007kaMost Senior MemberPosts:12931 17 Mar 2015 03:32 AM ane mewath kathada ban 0 kingDVeteran MemberPosts:3362 24 Mar 2015 09:33 PM පොල් පැහිලා දැයි බලන්න යැවූ පණිවුඩකරු පොල් ටික කඩාගෙන ගිහින් 2015 මාර්තු මස 18 00:00:59 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (දූනගහ බටේපොල විජයසිරි) වත්තේ පොල් කැඞීමට පොල් පැසී ඇති දැයි බලන්නට යැවූ පණිවුඩකරුවා පොල් කඩා විකිණීමේ පුවතක් දිවුලපිටියට නුදුරු ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය. දිවුලපිටියට නුදුරු ගමක ඉඩමක් නගරවැසියකුට අයත්ය. එම ඉඩමේ ගස්වල පොල් කඩන්නේ ගස් නැගි පොල් කඩන්නකු විසිනි. පොල් කඩන්නා නගරවැසියා හමුවට ආවේ වත්තේ පොල් පැසී ඇත්නම් කඩමුද කියා අසමිනි. ඉඩම් හිමියා කීවේ ”ටික දිනකින් වත්තට ගියේ නැහැ. පොල් පැහිලා නම් කඩමු. වත්තට ගිහින් බලල මට පණිවුඩයක් එවන්න” කියාය. ”පොල් පැහිලා නම් පණිවුඩයක් එවන්නම්. නැත්නම් මම ඒ පාරෙන් ගෙදර යන්නම්. මෙහේ එන්නෙ නෑ” පොල් කඩන්නා කීය. එසේ කියූ පොල් කඩන්නා වත්තට ගොස් පොල් ගස් 5කට නැග පොල් ගෙඩි 55 ක් කැඩුවේය. එය අසල කඩයකට වික්කේ මහත්තයට සල්ලි බේරන්න යන්න හදිසියි කියමිනි. පොල් ගෙඩි ටික විකුණා ගත් පොල් කඩන්නා මුදල් ද රැුගෙන ගෙදර ගියේ වතුහිමියාට පින් දෙමිනි. පසුදින වතුහිමියා ඉඩමට ආවේ පොල් පැසී ඇතිදැයි බැලීමටය. එවිට ඔහුට පොල් කඩන්නාගේ ක‍්‍රියාව දැන ගත හැකිවිය. ඒත් ඔහු පොලිසි ගියේ නැත. ඔහු කීවේ ”දැන් හොරුත් නැත. බඩුත් නැත. පොලිසි ගියොත් මට පොල් කඩන්නාද නැත” කියමිනි. 0 kingDVeteran MemberPosts:3362 24 Mar 2015 09:34 PM නැකත හදන්න කලින් කතගේ සිරුරේ උපන් ලප හොයලා 2015 මාර්තු මස 19 00:00:53 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක) ගෙට ගෙවැදීමේ උත්සවයකට නැකතක් හදා ගැනීම සඳහා දෛවඥයකු වෙත ගිය කතකට සිදු වූ සන්තෑසියකි. සිද්ධිය මෙසේය. නව නිවෙසට ගෙවැදීමට පෙර නැකතක් හදාගැනීමට කාන්තාවක දෛවඥයකු වෙත ගොස් ඇත. එවිට දෛවඥයා ඇයගෙන් උපන් වේලාව ඉල්ලා තිබේ. වේලාව බලා ඇයට අපල උපද්‍රව ඇති බවත් ඒවා දුරු කර ගැනීමට මුද්දක් පැළඳිය යුතු බවත් පවසා ඇත. එම කතගේ පියා මුදල් රැගෙන ඒමට ගිය අවස්ථාවේ ඇය දෙස යටැසින් බැලූ දෛවඥයා සිරුරේ උපන් ලප තිබේ දැයි අසා ඇගේ සිරුර ස්පර්ශ කිරීමට පටන් ගෙන තිබේ. ඉන් කුපිත වූ කත දෛවඥයාට බැණ වැදී එතැනින් පලා ගිය බව වාර්තා වේ. 0 kingDVeteran MemberPosts:3362 24 Mar 2015 09:35 PM බාගෙට ඇඳන් ගිය කලිසම දරුවකු එල්ලී බිම වැටිලා 2015 මාර්තු මස 20 00:00:17 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (මාවනැල්ල විශේෂ සමන් විජය බංඩාර) දැන් දැන් අලූත් විලාසිතාවක් ලෙස බොහෝ තරුණයන් තම කලිසම අඳින්නේ යටි බඩටත් පහතින්ය. මෙසේ කලිසම බාගෙට ඇඳ ගිය තරුණයකුගේ කලිසමේ කුඩා දරුවකු එල්ලීම නිසා දරුවායි කලිසමයි බිමට වැටුණු සිද්ධියක් මැදරට ප‍්‍රදේශයේ නගරයකින් වාර්තා විය. සිද්ධිය මෙසේය. තම අඳින පළදින ඇඳුම් අතරින් නිතරම ඩෙනිම් අඳින ඔහු තමන් එම කලිසම අඳින්නේ යටි බඩටත් පහතින්ය. කලිසම එල්ලා වැටෙන ස්වභාවයෙන් ඉන්න මොහු ආඩම්බරයෙන් කලිසම් අඳින්නේ විලාසිතාවක් ලෙස සිතා වන්නට ඇත. ඩෙනිමට දමා ඇති දිග ලොකු පොකට් එකේ භාගයක් එළියට පේන අතර පොකට් එක ඇත්තේ කලිසම ඇන්ද පසු දණහිසට අඟල් 3ක් පමණ ඉහළින්ය. දිනක් ඔහු බසයට නගින්නට යද්දී කුඩා දරුවකු සෙල්ලමට මෙන් පැමිණ පොකට් එක ගැනීමට කලිසමේ එල්ලී ඇත්තේ නොතේරුම් කම නිසාවෙනි. ඒ සමගම ඇඳ සිටි කලිසම ගැලවී ඒත් එක්ක ළමයාද බිමට ඇද වැටී ඇත. සිද්ධ වූ ඇබැද්දිය නිසා දෙනෝ දාහක් සෙනඟ මැද කලිසම නැවත උඩට කර ගත් ඔහු එයද අල්ලා ගෙන දිව ගියේ ලැජ්ජාව දරා ගැනීමට නොහැකි නිසාවෙනි. 0 kingDVeteran MemberPosts:3362 24 Mar 2015 09:37 PM අතවර සිද්ධියේ සැකකරු සරම දමා ගෙදර ගිහින් 2015 මාර්තු මස 23 00:00:42 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (ගම්පොල සුරංග රාජනායක) රාත‍්‍රී කාලයේ නිවසට ඇතුළු වූ පුද්ගලයකු එහි නිදා සිටි දෙදරු මවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කර යට ඇඳුම හා සරම දමා පලා ගොස් තිබිය දී මහනුවර නිල සුනඛ අංශයේ නයිනා එම සැකකරු අල්ලා දීමට සමත්ව ඇත. මෙම දෙදරු මවගේ සැමියා වෙනත් කාමරයකත් දරුවන් සමග ඇය තවත් කාමරයකත් නිදාගෙන සිටිය දී සැකකරු රාත‍්‍රී 1 ට පමණ නිවසේ ජනේලයෙන් පැනවිත් ඇයට මෙසේ අතවර කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. බිරියගේ කාමරයෙන් ඇසුණු ශබ්දයකට ඇහැරී පැමිණෙන විට සැකකරු සරම හා යට ඇඳුම දමා පලා ගොස් තිබුණි. නයිනා සුනඛයා විසින් සැකකරුගේ නිවෙසට ගොස් ඇඳේ නිදා සිටි ඔහු අල්ලා දී ඇත. මොහු එම ගමේම පදිංචිකරුවකු වන අතර සැකකරු ගම්පොළ මහේස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වැනිදා දක්වා රිමාන්ඞ් කරන ලෙස නියෝග කළේය. ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා, සහකාර පොලිස් අධිකාරී චූලනී වීරරත්න, පොලිස් ස්ථානාධිපති යාපා බණ්ඩාර, අපරාධ අංශ ස්ථානාධිපති ටී.ආර්. තල්වත්ත යන නිලධාරීන්ගේ උපදෙස් මත උ.පො.ප. මිත‍්‍රසේන, පො.සැ. (6371) බණ්ඩාර, පො.සැ. (28946) රෝහිත, කා.පො.සැ. (759) කමලා යන නිලධාරීහු පරීක්ෂණ සිදුකළහ. 0 kingDVeteran MemberPosts:3362 24 Mar 2015 09:38 PM දරුපල නැති බව දැනගෙන දෑවැද්දට දුන් එළදෙන ගෙනිහින් 2015 මාර්තු මස 24 11:48:30 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (තිහගොඩ උපසේන ලියනගම) විවාහයෙන් පසු උපදින දරුවන් දේශීය කිරිවලට හුරුකිරීම සඳහා දෑවැද්දට දුන් එළදෙනක එම පවුලට දරුවන් නොලැබීම නිසා ආපසු ගෙන ගිය වෙද මාමා කෙනකු පිළිබඳ අපූරු පුවතක් අසන්නට ලැබුණේ වියළි කලාපයේ ”පැලැස්ස” නම කියැවෙන ගම්මානයකිනි. තම ඥාති පවුලක දියණියකගේ විවාහ උත්සවයේ දී දායාද දීම පිළිබඳව කතා කළ මේ වෙද මාමා ඇයට අපූරු දායාදයක් දෙන බව පවසමින් මේ තරුණ එළදෙන ඇයට දුන්නේ ලැබෙන දරුවන්ට වඩාත් පෝෂ්‍යදායක එළකිරි දෙන ලෙස පවසමිනි. අසල්වැසි ගමක ස්ථිර පදිංචියට ගිය මේ නව යුවළට වසර පහක් වනතුරුම දරුවකු ලැබුණේ නැත. මෙය දැනගත් වෙද මාමා එම නිවෙසට ගිය අවස්ථාවක ”දැන් ඉතින් මේ දෑවැද්දෙන් උඹලට වැඩක් නෑ නෙව” කියමින් මේ වන විට දෙවරක්ම පැටව් ලබා සිටි මේ එළ ගවදෙන ආපසු තම ප‍්‍රදේශයට ගෙන ගියා ලූ. 0 kingDVeteran MemberPosts:3362 24 Mar 2015 09:39 PM අලි එළවන්න ඇවිත් අලි අමාරුවක වැටිලා 2015 මාර්තු මස 25 00:00:50 | ලංකාදීප කර්තෘ මණ්ඩලය (හිඟුරානේ නවරත්න සමරතුංග) අලියකු එළවන්නට ගිය තරුණයකු අලි අමාරුවක වැටුණ බව කියන සිද්ධියක් හිඟුරාණ තෙලගම්පුර ගමෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය: රාත‍්‍රියේ ගමට පැමිණි අලියකු එළවීමට ඔහු සමග තවත් පිරිසක් එක්ව සිටියහ. අලියා සිටින ස්ථානය අසලට ඔහු තම යතුරු පැදියෙන් පැමිණ එය පාලමක් මත නතරකර ගොස් අලියා එළවා දැමීමට එක්ව සිටියේය. දින දෙකක් ගතවිය. යතුරුපැදි සඳහා සේවා ලබාගන්නා සටහන් යොදන පොතක් එම ගමේ ඇලක් අසළ තිබී ඔහුට හමුවිය. තම යතුරුපැදියේ පොතද එයම වූයෙන් එය දමා තිබුණ තම යතුරුපැදියේ ලොකරය විවෘත කර බැලීය. එවිට ඔහුට දැනගන්නට ලැබුණේ එහි යතුරු කට්ටලය සහිත යතුරුපැදියේ රක්ෂණ සහතිකය, වාර්ෂික බලපත‍්‍ර ඇතුළු ලියකියවිලිද කිසියම් අයෙකු විසින් සොරාගෙන ගොස් ඇතිබවය. ගමට පැමිණි අලියා එළවීමට ගිය අතර වාරයේ කිසියම් අයෙකු යතුරුපැදියේ ලොකරය ඇර සොරකමක් කිරීම නිසා ඔහු දැන් අලි අමාරුවක වැටී සිටින බව කියති 0 kingDVeteran MemberPosts:3362 26 Mar 2015 12:02 AM මෙහෙකාරිය නිවැසියන්ට හොරෙන් අල්ලපු ගෙදර මේසන් බාස්ට කෑම බීම ඇදලා 2015 මාර්තු මස 26 09:04:25 |(නයිනමඩුම - චන්දන ප‍්‍රනාන්දු) වසර ගණනාවක් ඉතා යහපත්ව නිවෙසක සේවය කළ කාන්තාවක් අල්ලපු ගෙදර තාවකාලිකව සේවය කළ පෙදරේරු තරුණයකුට නිවැසියන්ට හොර රහසේ කන්න බොන්න දී මුදල් ද දුන් පුවතක් පසුගියදා වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය මෙසේය. රජයේ වැදගත් රැුකියාවක නියුතු පවුලක කාර්ය බහුලත්වය නිසාම හිතවතකුගේ මාර්ගයෙන් මෙයට වසර කිහිපයකට පෙර නිවසේ වැඩකටයුතු කර ගැනීමට කාන්තාවක් සොයාගෙන තිබේ. එම සේවිකාවත් නිවැසියන්ගේ සිත් දිනාගෙන බොහෝ හොඳින් සිටියත්, ගෙදර උයන පිහින කෑමවල මෙන්ම මුදල් ද නිතරම අස්ථාන ගත වීම ගැන සිතා ගත නොහැකි වීම නිසා එම ගෙදර සිටි වැඩිමහල් දරුවන් එසේ කරනවා යයි සිතාගෙන සිටියත්, එම කරුණ නිතරම වීම නිසා සොයා බැලීමේදී ඉහත පෙදරේරුවා සේවිකාව රවටා මෙලෙස කෑම බීම හා මුදල් ගෙන ඇති බව හෙළිකරගන්න හැකිවී තිබේ. දිගු කාලයක් තමන් ළඟ සේවය කළ නිසාත්, සේවිකාවගේ පවුල් පසුබිම අසරණ තත්ත්වයක සිටි සේවිකාවට විරුද්ධව නීතිය ඉදිරියට නොගිය නිවැසියන් වංචාකාර පෙදරේරුවාට විරුද්ධව පොලිසියට පැමිණිලි කර තිබේ. 0 kingDVeteran MemberPosts:3362 26 Mar 2015 12:04 AM කෑම බීම , සල්ලි එහෙම මේ විදිහට නිකන් දෙන්නෙ ඇයි ඉතින් 0 RosiSuper Senior MemberPosts:5335 28 Mar 2015 07:13 PM නැකත හදන්න කලින් කතගේ සිරුරේ උපන් ලප හොයලා ලපෙන්ද දන්නේ නැ නැකත හදන්නේ .... ස්තුති අයියා ... ලංකාවේ මිනිසුන්ටත් වෙන්නේ පුදුම වැඩ තමා 0 maduranga001Most Senior MemberPosts:14123 28 Mar 2015 08:22 PM Posted By kingD on 26 Mar 2015 12:04 AM කෑම බීම , සල්ලි එහෙම මේ විදිහට නිකන් දෙන්නෙ ඇයි ඉතින් නිකන් වෙන්න ඇති බන් ඉතිං.. ඔව්.. ඔව්.. නිකං.. 0 isurusamSuper Senior MemberPosts:7342 28 Mar 2015 08:38 PM Posted By kingD on 26 Mar 2015 12:04 AM කෑම බීම , සල්ලි එහෙම මේ විදිහට නිකන් දෙන්නෙ ඇයි ඉතින් ආදරේට වෙන්නැති ... 0 Ind007kaMost Senior MemberPosts:12931 29 Mar 2015 06:38 PM 0 isurusamSuper Senior MemberPosts:7342 29 Mar 2015 07:20 PM Posted By Ind007ka on 29 Mar 2015 06:38 PM 0 kingDVeteran MemberPosts:3362 19 Apr 2015 09:43 PM රියැදුරාගේ ගැටේට අසුවූ ලොක්කා සුබ පැතුමකුත් කරලා 2015 මාර්තු මස 27 00:00:45 | ලංකාදීප කර්තෘ මණ්ඩලය තරුණ රියැදුරකුගේ සොහොයුරිය විදේශයක සේවය කළාය. දිනක් ඇය ඔහුට කතා කොට ලංකාවට එන බවත්, ඇය කැටුව යෑමට පැමිණෙන ලෙසත් දැන්වූවාය. රියැදුරාගේ සේවා ස්ථානයේ සතියේ දිනවල නිවාඩු ලබාගැනීම අසීරුය. නිවාඩුවක් ගන්නේ කෙසේ දැයි කල්පනා කළ ඔහුට ගණදෙවි නුවණ පහළ විය. හෙතෙම ප‍්‍රධානියාගේ කාමරයට ඇතුළු විය. ”මොකද මනෝජ්” ප‍්‍රධානියා විමසීය. ”සර් මට සිකුරාදා කොළඹ යන්න වෙලා. වැදගත් කාරණාවකට” මනෝජ් පැවසීය. එවිට ප‍්‍රධානියා ”මනෝජ් දන්නවානේ සතියේ දවස්වල නිවාඩු ගන්න බැරි බව. මොකක්ද ඔය තරම් ලොකු හදිස්සිය” යනුවෙන් විමසීය. ”සර් මගේ ගෑණු ළමයයි මමයි මුදු මාරු කර ගන්නවා. එදාට” තරුණ රියැදුරා පැවසීය. ”ඔය වගේ දේකට නිවාඩු නොදී බැහැනේ. ඔයා යන්න. මම එදාට වෙන කෙනෙක් හොයාගන්නම්” ප‍්‍රධානියා ද කීය. සිකුරාදා තම කටයුත්ත ඉටු කළ රියැදුරා සඳුදා සේවා ස්ථානයට පැමිණියේය. ඔහු දුටු ප‍්‍රධානියා ”මයි කන්ග‍්‍රැජුලේෂන්” යනුවෙන් සුභ පැතීය. ”කෝ රින්ග් එක” ප‍්‍රධානියා විමසූ විට ”සර් මට සමාවෙන්න. අක්කා රට ඉඳන් ආවා. එයාව ගේන්න මම එයාපෝර්ට් ගියා. මෙහෙන් නිවාඩු දෙන්නැති නිසයි මම බොරුවක් කීවේ” රියැදුරා පැවසීය. ”හරි කමක් නැහැ. බොරුවක් කළේ තමන්ගේ අක්කා වෙනුවෙන්නේ” ප‍්‍රධානියා සිනාසෙමින් කීය. මේ දිනවල රියැදුරා අත වෙලාගෙන සිටින අතර ඔහු හේතුව නොකියන්නේ ඒ බොරුවක් කියා සමහරු සිතන බැවිනි. 0 kingDVeteran MemberPosts:3362 19 Apr 2015 09:45 PM ලොතරැයිපත් වෙළෙන්ඳා මියගියදා ‘නිධානයක්’ මතුවෙලා 2015 මාර්තු මස 28 00:00:11 | ලංකාදීප කර්තෘ මණ්ඩලය | (තිහගොඩ උපසේන ලියනගම) ලොතරැයි ටිකට් පත් හලෙන් දිනපතා ටිකට් පත් දෙතුන්සියයක් රැගෙන අලෙවි කිරීම ඔහුගේ රාජකාරිය විය. මෙම මුදලින් බිරිඳක් නඩත්තු කළද දරුවන් නැති නිසා ඉන් ලැබෙන ආදායම ඔහුට ප‍්‍රමාණවත් විය. පසුගියදා පාපැදියෙන් ටිකට් පත් අලෙවි කරද්දී හදිසි හෘදයාබාධයකට ලක්ව ඇද වැටී රෝහල්ගත කළද ඔහුට ජීවත්වීමේ වාසනාවක් නොවීය. මෙය දරාගත නොහැකිවූ බිරිඳ අවමඟුල් කටයුතු සඳහාවත් මුදලක් නැති හෙයින් ඔහුගේ පොත් අඩංගු යකඩ පෙට්ටිය අවුස්සා බැලීය. එහි වූ රාජ්‍ය බැංකු පොතක ඔහු නමින් රුපියල් දොළොස් ලක්‍ෂ විසි හතර දහසක් ඇති බව දැක මවිතයට පත්ව යහලූවන්ගෙන් ණයට මුදල් ගෙන අවමඟුල සිදු කළේය. එහෙත් මෙය දැනගත් ඔහුගේ සොහොයුරන් දෙදෙනකු තම සහෝදරයා ඇය ස්ථිරව විවාහ කර නොගෙන ඇති බවත්, ඔහුගේ අන්තිම කැමති පත‍්‍රයක් නැති බවත් දැන මේ මුදලට අයිතිවාසිකම් කියනවලූ. දකුණු පළාතේ ප‍්‍රධාන නගරයකින් අසන්නට ලැබුණු පුවතකි. 0 You are not authorized to post a reply. Page 8 of 14 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor