You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2016 08:28 PM by  indika76
බෝගම්බර සිරකරුවන්ගේ කුරුටු ගී
 17 Replies
Sort:
Author Messages

FIDE
Basic Member
Basic Member
Posts:238






--
23 Feb 2015 05:04 AM
  •  Quote
  •  Reply

මෙයට වසරකට පෙර මහනුවර බෝගම්බර සිරගෙදර වසා දැමීමෙන් පසුව, සාමාන්‍ය මහජනතාවට සිර ගෙදර නැරඹීමට මාසයක පමණ කාලයක් ඉඩ ලබා දී තිබිණ.

 


අතිවිශාල ජනකායක් සිරගෙදර නැරඹූහ. එල්ලූම් ගස පවා දැකගන්නට ඔවුනට හැකි විය. සිර කුටි තුළ හා වෙනත් ස්ථානවල ඇඳ තිබූ සිතුවම්, ලියා තිබූ කවි, වැකි වැනි දේවල්ද බලාගන්නට කියවා ගන්නට හැකියාවක් ලැබිණ. සිරකුටි තුළට කොටු වී අනන්ත අප‍්‍රමාණ දුක් ගිනි විඳිමින් සිටි සිරකරුවන්ගෙන් ඇතැම් සිරකරුවන් අතට අසුවූ පැන්සල් කෑල්ලකින්, වැලි කැටයකින් අඳින ලද හා ලියන ලද සිතුවම් හා කවි රැුසක් එහි තිබුණේය.


යම් යම් අවසරයන් මත ලැබුණු තීන්ත පැන්සල් ආදිය උපයෝගී කරගෙන කර තිබූ නිර්මාණයන්ද එහි දක්නට ලැබිණ. ඒවා අතර විශිෂ්ට ගණයේ නිර්මාණද විය.


ලියා තිබූ ඇතැම් කවි, වැකි කියවා ගත හැකි තත්ත්වයේ නොතිබිණ. ඇතැම් කවි, වැකි කියවා ගැනීමට හැකිවූයේ දැඩි අසීරුවෙනි.
එහි තිබූ විවිධ නිර්මාණ සිරකරුවන්ගේ සිතුම් පැතුම් පිළිබිඹු කරන කැඩපතක් වැනිය.

21-Page-01-Nim-4


එයින් කිහිපයක් ඔබගේ රස වින්දනය හා විමර්ශනය පිණිස මෙහි පළකරමු.

 

සිනාසෙන්න බැහැ කඳුළැලි හැලෙන      නිසා
අඬන්නට බැහැ යහලූවෝ සිනහා වෙන   නිසා
කියන්නට බැහැ කවුරුත් අහන් නැති     නිසා
ලියන්නම් මෙවන් අසරණ අම්මා ගැන     සිතා

 

අන්සතු වෙලා සිටියත් ඇය    හැමදාම
දුකින් පිරුණු ජීවිතයක මම     මෙහෙම
හිතට දුකක් දැනුණා ඇය මිය     යාම
හිත හැඬුවා මට නොදැනිම මුළු     රෑම

 

කුඩා කලම මව් සෙනෙහස දුරස්    විය
අයාලයේ නොසිතු දිවි ගමන     ගිය
හොඳ හා නරක මිතුරන් ඇසුරේ   සිටිය
අවසානයේ සිර කුටියම උරුම    විය

                                                              H 20460

 

     

සිිපිරි ගෙදර හුදකලාව මට දැන්     හුරුවෙලා
දිවා රැයේ කල්ගෙවනවා කුටියක     තනිවෙලා
මගේ සිහින හැම දෙයක්ම බිතු සිතුවම්     වෙලා
දිවි ඇතිතෙක් සිපිිරිගෙදර බත් කන්නට     වෙලා

          

අම්මා ගියා අප රැකගන්නට    එතෙර
මල්ලී ඇඬුවා කිරි ඉල්ලා හැම විට     නිතර
නංගී ඇඬුවා අම්මා සිහි කර කර     නිතර
නිල් කොළ වටින්නේ නැහැ අම්මේ ඔබ     විතර

                                             J+K+D

 

 

බලන බලන හැම අතකම කඳු     වැටිය
බහිරව කන්දේ බුදුරුව නුවරට     සිරිය
බෝගම්බර සිපිිරිගෙට කොටු වී මා විඳිනා     සිරිය
අද අවසන් හුස්ම හෙලයි බෝගම්බර සිපිරි ගෙය

                                                  2014-01-14" H 20460

 

 

දළදා සමිඳු වැඩ සිටිනා මේ     මහනුවර
ඉන්න උනත් දිවි ඇතිතෙක්     හිරගෙදර
කොපමණ කල් බත් කන්නද     හිරගෙදර
යන්නට දිනක් මට නැතිවද මගෙ     ගෙදර

 

සිපිරි ගෙදර මිය යන්නට කලින්    මට
යන්න ලැබේවා මට මෙඟ පුතු     ළඟට
ඒ සිහිනය ඉටු වේදැයි     හිතන්නට
දිවි ඇති තෙක් කොටුවෙලා සිපිරි     ගෙට
   
නිහඬව ඇයි පුතුනි, වදනක්     දොඩාපන්
සුරතල් වෙවී මගේ පාලූව    මකාපන්
තනිව ඉන්න මගේ දුක     නන්
කිිරි පුතේ නුඹ මට    වාසනාවන්

                                                         පන්විල මාමා

 

 

සල්ලි ඇති එකාට මොළේ    නැත
මොළේ ඇති එකාට සල්ලි     නැත
සල්ලියි බලයයි ඇති එකා ළඟ මනුස්සකම     නැත
මනුස්සකම ඇති එකා ළඟ හොඳ හිත     ඇත

                                                               H 20460

 

මකුණන් මදුරුවන් අපේ ලේ ටික     බොනවා
පනුවන් සමඟ බටු මෑ අපි දෙනවට     කෑවා
හිරගෙට ඇවිත් මැල්ලූම එක්ක තණකොළ    කෑවා
ඒ බතත් මුන් ටික ටික හොරාට     කනවා

 

තිදෙනාම එකෙකි
වැරදි කරන්නේ මිනිසාය
දඬුවම් දෙන්නේ මිනිසාය
දඬුවම් විඳින්නේ මිනිසාය
මිනිසාට මිනිස්කම අමතකද?
සල්ලිත් නැහැ සනීපත් නැහැ
ළඟ හිටිය යාලූවොත් නැහැ
සෙවණැල්ල වුවද අපට සිටින්නේ
ආලෝකයේදී පමණි

උතුම් ධර්මය     සිහිකොට
සසර ගංගා තරණ    කොට
එඩිතර නුවන්     දැඩිකොට
දිවි මඟ ගමන් නිම     කොට

අප වේදනා විඳිය යුත්තේ
මිතුරෙකු අමනාප වීම ගැන නොව
ඔහු හඳුනා ගැනීමට නොහැකි වීම ගැනය

 

                                                               මහින්ද

 

පුතුට ආදරේ ඇය         හට
ලබා දුන්නා වී        තුරුලට
සමු දුන්නෙමු ආදරේට
මගේ ජීවිතේම වැනසීමට

 

ශ්‍රී ලංකා ඉතිහාසයේ දායාදයක් වූ
බෝගම්බර
නිධානයකි... හෙට...

දුක පැකට් කරලා විකුණනවානම්
අදටත් අපි මිනිස්සු අයියා

 

                                                සුදේව

 

අය මං වැරදි කරන් නෑ

ආත්ම විස්වාසය
ආත්මාවබෝධය
ආත්ම ශක්තිය විසින්
මුවහත් කරනු ලැබූ
මට  ඕනෑම දෙයක්
කළ හැකිය.

සෙනෙහස ආදරය දයාව කරුණාව
ජීවිතයේ දුෂ්කරමකාරිය
මිනිසා අඳුනා ගැනීමයි
ලෙඩා මිය ගියත්
ලෙඬේ මිය නොයයි

 

                                                    Art by Deepal

දළදා සමිඳු පිහිටයි  

                                            Mahesh Buddika
                                            Eny time Eny where

 

සිනාවෙන් හෝ කථාවෙන් බැහැ - මනින්නට මිනිසා

ආදරණීය
සුමනක්කේ
චමිලා කුමාරි
ආපසු එන්නේ නෑ

 ඕනෑම දෙයක්  ඕනෑම කෙනෙකුට
 ඕනෑවට වඩා  ඕනෑම නැහැ

ජනපතිතුමාගේ නිසි අවසරය පිට
එල්ලා මරණ දඬුවම ඇත නියම කොට
මේවා වළක්වන්න බැහැ කිසි කෙනෙකු හට
මේ... (ඉතිරි කොටස කියවිය නොහැකිය)
සියලූ ආශාවන් දුකත් සමඟ පටලැවී ඇත

නිතරම මතක් වෙයි අම්මේ ඔබ    මාගේ
වින්දේ කටුක දුක් බෝගම්බර සිපිරි    ගේ
පදවැල් බඳිමි මගේ නංගෝ ආලේ    මගේ
ඇයි දැයි කියන්නකෝ අහිමි රැජින    මගේ

Niro Kalu Ampitiya

 

 

සිදුවුණු සෑම දෙයක්ම
සතුටින් බාරගැනීම නම්
කවර  අවාසනාවක හෝ
ප‍්‍රතිඵල ජය ගැනීමේ
ප‍්‍රථම පියවරයි

Disa පිළිමතලාව

 

 

මිනිස් ජීවිතය සුන්දර වන්නේ
බුදුරජාණන් වහන්සේ නමකගේ
ශ්‍රී සද්ධර්මය මුණ ගැසීමෙන් පමණි

 

http://www.lankadeepa.lk/index.php/articles/298725

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
23 Feb 2015 05:21 AM
  •  Quote
  •  Reply
බොහොම ස්තුතියි.. අනිවාර්යයෙන්ම මම මේ කවි අදහස් සිතිවිලි සියල්ල දෙසරයකට වඩා කියවනවා කියන එකනම් ෂුවර්..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
23 Feb 2015 05:33 AM
  •  Quote
  •  Reply
අන්සතු වෙලා සිටියත් ඇය    හැමදාම
දුකින් පිරුණු ජීවිතයක මම     මෙහෙම
හිතට දුකක් දැනුණා ඇය මිය     යාම
හිත හැඬුවා මට නොදැනිම මුළු     රෑම

sure ekatama me hira kaarayge gaani wenna athi..paw wade...tx FIDE share kalata

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Feb 2015 06:06 AM
  •  Quote
  •  Reply

godaak sthuthi fide... duka hithenawa samahara kavi kiyawaddi..

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Feb 2015 06:10 AM
  •  Quote
  •  Reply
thanks....fide
0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
23 Feb 2015 06:29 AM
  •  Quote
  •  Reply
thanks dear thanks bohooma duka hithenawa
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Feb 2015 10:33 PM
  •  Quote
  •  Reply
okkoma kiyevva. dukama hituna kaviya

නිහඬව ඇයි පුතුනි, වදනක් දොඩාපන්
සුරතල් වෙවී මගේ පාලූව මකාපන්
තනිව ඉන්න මගේ දුක නන්
කිිරි පුතේ නුඹ මට වාසනාවන්

eth ithin hira gedarata yanna atte varaddak karalane
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Nov 2016 10:59 PM
  •  Quote
  •  Reply
සිරකරුවෝ කියන්නෙත් මිනිස්සුම තමයිනේ....

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Nov 2016 12:25 AM
  •  Quote
  •  Reply
මේ අතර නිවැරදි කරුවනුත් ඉන්න පුළුවන්.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Nov 2016 01:26 AM
  •  Quote
  •  Reply
අනිවරෙන් හොඳ අයත් ඉන්නවා තමන්ට අසාදාරනයක් උන ඉවසගන්න බැරුව මිනි මරපු අය මම ඕන තරම් දැකලා තියෙනවා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Nov 2016 05:05 AM
  •  Quote
  •  Reply
අන්තිමට වැරදි කාරයා වෙන්නේ නිවැරදිකාරයෙක් වෙන මිනිහෙක් කරපු වැරැද්දක් නිසා
සල්ලිවලටත් දැන් හැමදේම වගේ යටයිනේ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Nov 2016 10:23 AM
  •  Quote
  •  Reply
ඔව් ඒක නම් එහෙම තමයි.
නිවැරදි කෙනා හිරේ.....වැරදිකාරයා ගෙදර.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
29 Nov 2016 11:29 AM
  •  Quote
  •  Reply
ඔව් එක නම් සහතික ඇත්ත හසිත අයියේ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Nov 2016 12:43 AM
  •  Quote
  •  Reply
වැරදි කරපු මිනිහා හිරකූඩුවේ ඉන්නකං කියන්නේ අයෙනං මම වැරදිකරන්නෙැහැ ජීවිතේට කියල
නමුත් නිදහස් වෙලා ගෙදර ඇවිත් සිල්ගත්ත වගේ ඉන්නේ උපරිම සතියයි
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Nov 2016 12:54 AM
  •  Quote
  •  Reply
අද හිර ගෙයත් මුදලට බලයට යට වෙලා.. සල්ලී තියෙනවා නම් හිර ගෙදරත් රජ සැප ගන්න පුළුවන්.. බලය තියෙනවා නම් රෝහලේ ගත කරන්න ත් පුළුවන්. ගොඩක් අයට හිර ගෙදරට ගියාම ලෙඩ වෙලා රෝහලට යන්නත් හැකියාව තියෙනවා. හැබැයි ඒ වගේම සල්ලිත් , බලයත් තියෙන්නම වෙනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Nov 2016 09:29 AM
  •  Quote
  •  Reply
එව්වා එහෙම තමයි අයියේ.....අද සල්ලි වලට කරන්න බැරි මොනවද.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
30 Nov 2016 05:28 PM
  •  Quote
  •  Reply
සිරකරුවන් මනුෂ්‍යයන්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
30 Nov 2016 08:28 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 30 Nov 2016 12:43 AM
වැරදි කරපු මිනිහා හිරකූඩුවේ ඉන්නකං කියන්නේ අයෙනං මම වැරදිකරන්නෙැහැ ජීවිතේට කියල
නමුත් නිදහස් වෙලා ගෙදර ඇවිත් සිල්ගත්ත වගේ ඉන්නේ උපරිම සතියයි


මේක ඇත්ත මලයෝ..

හිරේ ගිහින් ආවට පස්සේ හිතන්නේ චන්ඩියෝ කියලා..

0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below