Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: බෝගම්බර සිරකරුවන්ගේ කුරුටු ගී Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: බෝගම්බර සිරකරුවන්ගේ කුරුටු ගී Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Nov 2016 08:28 PM Posted By sha733 on 30 Nov 2016 12:43 AM වැරදි කරපු මිනිහා හිරකූඩුවේ ඉන්නකං කියන්නේ අයෙනං මම වැරදිකරන්නෙැහැ ජීවිතේට කියල නමුත් නිදහස් වෙලා ගෙදර ඇවිත් සිල්ගත්ත වගේ ඉන්නේ උපරිම සතියයි මේක ඇත්ත මලයෝ.. හිරේ ගිහින් ආවට පස්සේ හිතන්නේ චන්ඩියෝ කියලා.. chamara duleepMost Senior MemberPosts:13471 30 Nov 2016 05:28 PM සිරකරුවන් මනුෂ්යයන් hasitha dhananjayaSuper Senior MemberPosts:5795 30 Nov 2016 09:29 AM එව්වා එහෙම තමයි අයියේ.....අද සල්ලි වලට කරන්න බැරි මොනවද. Samantha AbayasekaraMost Senior MemberPosts:13196 30 Nov 2016 12:54 AM අද හිර ගෙයත් මුදලට බලයට යට වෙලා.. සල්ලී තියෙනවා නම් හිර ගෙදරත් රජ සැප ගන්න පුළුවන්.. බලය තියෙනවා නම් රෝහලේ ගත කරන්න ත් පුළුවන්. ගොඩක් අයට හිර ගෙදරට ගියාම ලෙඩ වෙලා රෝහලට යන්නත් හැකියාව තියෙනවා. හැබැයි ඒ වගේම සල්ලිත් , බලයත් තියෙන්නම වෙනවා. shanaka kelumSuper Senior MemberPosts:7332 30 Nov 2016 12:43 AM වැරදි කරපු මිනිහා හිරකූඩුවේ ඉන්නකං කියන්නේ අයෙනං මම වැරදිකරන්නෙැහැ ජීවිතේට කියල නමුත් නිදහස් වෙලා ගෙදර ඇවිත් සිල්ගත්ත වගේ ඉන්නේ උපරිම සතියයි Dushan ShyomalVeteran MemberPosts:2536 29 Nov 2016 11:29 AM ඔව් එක නම් සහතික ඇත්ත හසිත අයියේ hasitha dhananjayaSuper Senior MemberPosts:5795 29 Nov 2016 10:23 AM ඔව් ඒක නම් එහෙම තමයි. නිවැරදි කෙනා හිරේ.....වැරදිකාරයා ගෙදර. shanaka kelumSuper Senior MemberPosts:7332 29 Nov 2016 05:05 AM අන්තිමට වැරදි කාරයා වෙන්නේ නිවැරදිකාරයෙක් වෙන මිනිහෙක් කරපු වැරැද්දක් නිසා සල්ලිවලටත් දැන් හැමදේම වගේ යටයිනේ Danu LiyanageVeteran MemberPosts:3457 29 Nov 2016 01:26 AM අනිවරෙන් හොඳ අයත් ඉන්නවා තමන්ට අසාදාරනයක් උන ඉවසගන්න බැරුව මිනි මරපු අය මම ඕන තරම් දැකලා තියෙනවා Samantha AbayasekaraMost Senior MemberPosts:13196 29 Nov 2016 12:25 AM මේ අතර නිවැරදි කරුවනුත් ඉන්න පුළුවන්. Dileeka MadushaniVeteran MemberPosts:2100 28 Nov 2016 10:59 PM සිරකරුවෝ කියන්නෙත් මිනිස්සුම තමයිනේ.... ham123Veteran MemberPosts:1636 24 Feb 2015 10:33 PM okkoma kiyevva. dukama hituna kaviya නිහඬව ඇයි පුතුනි, වදනක් දොඩාපන් සුරතල් වෙවී මගේ පාලූව මකාපන් තනිව ඉන්න මගේ දුක නන් කිිරි පුතේ නුඹ මට වාසනාවන් eth ithin hira gedarata yanna atte varaddak karalane kapila ranjithBasic MemberPosts:115 23 Feb 2015 06:29 AM thanks dear thanks bohooma duka hithenawa isuru sampathSuper Senior MemberPosts:7342 23 Feb 2015 06:10 AM thanks....fide Sithara GodewattaSuper Senior MemberPosts:5335 23 Feb 2015 06:06 AM godaak sthuthi fide... duka hithenawa samahara kavi kiyawaddi.. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Feb 2015 05:33 AM අන්සතු වෙලා සිටියත් ඇය හැමදාම දුකින් පිරුණු ජීවිතයක මම මෙහෙම හිතට දුකක් දැනුණා ඇය මිය යාම හිත හැඬුවා මට නොදැනිම මුළු රෑම sure ekatama me hira kaarayge gaani wenna athi..paw wade...tx FIDE share kalata Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Feb 2015 05:21 AM බොහොම ස්තුතියි.. අනිවාර්යයෙන්ම මම මේ කවි අදහස් සිතිවිලි සියල්ල දෙසරයකට වඩා කියවනවා කියන එකනම් ෂුවර්.. Chess FIDEBasic MemberPosts:238 23 Feb 2015 05:04 AM මෙයට වසරකට පෙර මහනුවර බෝගම්බර සිරගෙදර වසා දැමීමෙන් පසුව, සාමාන්ය මහජනතාවට සිර ගෙදර නැරඹීමට මාසයක පමණ කාලයක් ඉඩ ලබා දී තිබිණ. අතිවිශාල ජනකායක් සිරගෙදර නැරඹූහ. එල්ලූම් ගස පවා දැකගන්නට ඔවුනට හැකි විය. සිර කුටි තුළ හා වෙනත් ස්ථානවල ඇඳ තිබූ සිතුවම්, ලියා තිබූ කවි, වැකි වැනි දේවල්ද බලාගන්නට කියවා ගන්නට හැකියාවක් ලැබිණ. සිරකුටි තුළට කොටු වී අනන්ත අප්රමාණ දුක් ගිනි විඳිමින් සිටි සිරකරුවන්ගෙන් ඇතැම් සිරකරුවන් අතට අසුවූ පැන්සල් කෑල්ලකින්, වැලි කැටයකින් අඳින ලද හා ලියන ලද සිතුවම් හා කවි රැුසක් එහි තිබුණේය. යම් යම් අවසරයන් මත ලැබුණු තීන්ත පැන්සල් ආදිය උපයෝගී කරගෙන කර තිබූ නිර්මාණයන්ද එහි දක්නට ලැබිණ. ඒවා අතර විශිෂ්ට ගණයේ නිර්මාණද විය. ලියා තිබූ ඇතැම් කවි, වැකි කියවා ගත හැකි තත්ත්වයේ නොතිබිණ. ඇතැම් කවි, වැකි කියවා ගැනීමට හැකිවූයේ දැඩි අසීරුවෙනි. එහි තිබූ විවිධ නිර්මාණ සිරකරුවන්ගේ සිතුම් පැතුම් පිළිබිඹු කරන කැඩපතක් වැනිය. එයින් කිහිපයක් ඔබගේ රස වින්දනය හා විමර්ශනය පිණිස මෙහි පළකරමු. සිනාසෙන්න බැහැ කඳුළැලි හැලෙන නිසා අඬන්නට බැහැ යහලූවෝ සිනහා වෙන නිසා කියන්නට බැහැ කවුරුත් අහන් නැති නිසා ලියන්නම් මෙවන් අසරණ අම්මා ගැන සිතා අන්සතු වෙලා සිටියත් ඇය හැමදාම දුකින් පිරුණු ජීවිතයක මම මෙහෙම හිතට දුකක් දැනුණා ඇය මිය යාම හිත හැඬුවා මට නොදැනිම මුළු රෑම කුඩා කලම මව් සෙනෙහස දුරස් විය අයාලයේ නොසිතු දිවි ගමන ගිය හොඳ හා නරක මිතුරන් ඇසුරේ සිටිය අවසානයේ සිර කුටියම උරුම විය H 20460 සිිපිරි ගෙදර හුදකලාව මට දැන් හුරුවෙලා දිවා රැයේ කල්ගෙවනවා කුටියක තනිවෙලා මගේ සිහින හැම දෙයක්ම බිතු සිතුවම් වෙලා දිවි ඇතිතෙක් සිපිිරිගෙදර බත් කන්නට වෙලා අම්මා ගියා අප රැකගන්නට එතෙර මල්ලී ඇඬුවා කිරි ඉල්ලා හැම විට නිතර නංගී ඇඬුවා අම්මා සිහි කර කර නිතර නිල් කොළ වටින්නේ නැහැ අම්මේ ඔබ විතර J+K+D බලන බලන හැම අතකම කඳු වැටිය බහිරව කන්දේ බුදුරුව නුවරට සිරිය බෝගම්බර සිපිිරිගෙට කොටු වී මා විඳිනා සිරිය අද අවසන් හුස්ම හෙලයි බෝගම්බර සිපිරි ගෙය 2014-01-14" H 20460 දළදා සමිඳු වැඩ සිටිනා මේ මහනුවර ඉන්න උනත් දිවි ඇතිතෙක් හිරගෙදර කොපමණ කල් බත් කන්නද හිරගෙදර යන්නට දිනක් මට නැතිවද මගෙ ගෙදර සිපිරි ගෙදර මිය යන්නට කලින් මට යන්න ලැබේවා මට මෙඟ පුතු ළඟට ඒ සිහිනය ඉටු වේදැයි හිතන්නට දිවි ඇති තෙක් කොටුවෙලා සිපිරි ගෙට නිහඬව ඇයි පුතුනි, වදනක් දොඩාපන් සුරතල් වෙවී මගේ පාලූව මකාපන් තනිව ඉන්න මගේ දුක නන් කිිරි පුතේ නුඹ මට වාසනාවන් පන්විල මාමා සල්ලි ඇති එකාට මොළේ නැත මොළේ ඇති එකාට සල්ලි නැත සල්ලියි බලයයි ඇති එකා ළඟ මනුස්සකම නැත මනුස්සකම ඇති එකා ළඟ හොඳ හිත ඇත H 20460 මකුණන් මදුරුවන් අපේ ලේ ටික බොනවා පනුවන් සමඟ බටු මෑ අපි දෙනවට කෑවා හිරගෙට ඇවිත් මැල්ලූම එක්ක තණකොළ කෑවා ඒ බතත් මුන් ටික ටික හොරාට කනවා තිදෙනාම එකෙකි වැරදි කරන්නේ මිනිසාය දඬුවම් දෙන්නේ මිනිසාය දඬුවම් විඳින්නේ මිනිසාය මිනිසාට මිනිස්කම අමතකද? සල්ලිත් නැහැ සනීපත් නැහැ ළඟ හිටිය යාලූවොත් නැහැ සෙවණැල්ල වුවද අපට සිටින්නේ ආලෝකයේදී පමණි උතුම් ධර්මය සිහිකොට සසර ගංගා තරණ කොට එඩිතර නුවන් දැඩිකොට දිවි මඟ ගමන් නිම කොට අප වේදනා විඳිය යුත්තේ මිතුරෙකු අමනාප වීම ගැන නොව ඔහු හඳුනා ගැනීමට නොහැකි වීම ගැනය මහින්ද පුතුට ආදරේ ඇය හට ලබා දුන්නා වී තුරුලට සමු දුන්නෙමු ආදරේට මගේ ජීවිතේම වැනසීමට ශ්රී ලංකා ඉතිහාසයේ දායාදයක් වූ බෝගම්බර නිධානයකි... හෙට... දුක පැකට් කරලා විකුණනවානම් අදටත් අපි මිනිස්සු අයියා සුදේව අය මං වැරදි කරන් නෑ ආත්ම විස්වාසය ආත්මාවබෝධය ආත්ම ශක්තිය විසින් මුවහත් කරනු ලැබූ මට ඕනෑම දෙයක් කළ හැකිය. සෙනෙහස ආදරය දයාව කරුණාව ජීවිතයේ දුෂ්කරමකාරිය මිනිසා අඳුනා ගැනීමයි ලෙඩා මිය ගියත් ලෙඬේ මිය නොයයි Art by Deepal දළදා සමිඳු පිහිටයි Mahesh Buddika Eny time Eny where සිනාවෙන් හෝ කථාවෙන් බැහැ - මනින්නට මිනිසා ආදරණීය සුමනක්කේ චමිලා කුමාරි ආපසු එන්නේ නෑ ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට ඕනෑවට වඩා ඕනෑම නැහැ ජනපතිතුමාගේ නිසි අවසරය පිට එල්ලා මරණ දඬුවම ඇත නියම කොට මේවා වළක්වන්න බැහැ කිසි කෙනෙකු හට මේ... (ඉතිරි කොටස කියවිය නොහැකිය) සියලූ ආශාවන් දුකත් සමඟ පටලැවී ඇත නිතරම මතක් වෙයි අම්මේ ඔබ මාගේ වින්දේ කටුක දුක් බෝගම්බර සිපිරි ගේ පදවැල් බඳිමි මගේ නංගෝ ආලේ මගේ ඇයි දැයි කියන්නකෝ අහිමි රැජින මගේ Niro Kalu Ampitiya සිදුවුණු සෑම දෙයක්ම සතුටින් බාරගැනීම නම් කවර අවාසනාවක හෝ ප්රතිඵල ජය ගැනීමේ ප්රථම පියවරයි Disa පිළිමතලාව මිනිස් ජීවිතය සුන්දර වන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්රී සද්ධර්මය මුණ ගැසීමෙන් පමණි http://www.lankadeepa.lk/index.php/articles/298725