You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Jul 2018 07:17 PM by  chamara duleep
කිකිලිද බිත්තරේද කතාවේ අලුත් Version එක
 5 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Sujeewa Kamburugamuwa
Basic Member
Basic Member
Posts:125






--
23 Jul 2018 01:41 AM

    කිකිලිද බිත්තරේද කතාවේ අලුත් Version එක


    ABC සමාගමේ CEO තමන්ගේ පෞද්ගලික ලේකම්ට : "සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා,ඒ ටුවර් එක ලෑස්ති කරන්න."

    පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා,ඔයාට ඒ සතියේ වැඩ තනියම කරගන්න වෙයි"

    සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "වයිෆ් සතියකට රට යනවා,අපි දෙන්නා ඒ සතියේ කොහේ හරි ඇවිදින්න යමු."

    අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මට සතියක දුර ගමනක් යන්න වෙනවා,ඔයා ඒ සතියේ පන්ති එන්න එපා."

    පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... සතියක් මට පන්ති නෑ,ටීචර්ට ගමන් යන්න තියනවා කිව්වා,සීයා එන්න මාව බලන්න."

    සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "මේ සතිය මම මගේ මුනුපුරාව බලන්න යනව,ඉන්දියාවේ ගමන කැන්සල් කරන්න"

    පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "සුභ ආරංචියක් අනේ...අපේ ටුවර් එක කැන්සල් උනා"

    සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "හරි වැඩේ, වයිෆ්ගේ ටුවර් එක කැන්සල් වෙලා,අපිට කොහෙවත් යන්න වෙන්නේ නෑ"

    අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මේ සතියේ පන්ති තියනවා...ඔයා වෙනදා වගේම එන්න"

    පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... මේ සතියේ පන්ති තියනවා...සීයා මාව බලන්න එන්න එපා"

    සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "අපි ඉන්දියාවේ ටුවර් එක යනවා,ඒක ලෑස්ති කරන්න."

    1. ABC සමාගමේ CEOට ඉන්දියාවේ යන්න පුලුවන් වෙයිද?
    2. පෞද්ගලික ලේකම්ගේ සැමියාට අනියම් පෙම්වතිය එක්ක සතියක් පෙම් කෙලින්න පුලුවන් වෙයිද?
    3. පොඩි පිරිමි ළමයට තමන් ගේ සීයා එක්ක සතියක් ගත කරන්න පුලුවන් වෙයිද?

    දැන් දීපල්ලකො උත්තර...

    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    23 Jul 2018 02:30 AM
    😂😂😂හොර කොටු පනින්න  ගියාම ඔහොම දැවෙන පුරස්න එනව හී 😂😂😂


    ( sk අය්ය ,  ඊලග සැරේ පලවෙනි කමෙන්ට් එක අය්යම දාල උඩට ගන්න, නැත්තම්  හෝම්  පේජ්  එන්නෑ)
    0

    Santha Abeysekara
    Basic Member
    Basic Member
    Posts:249






    --
    23 Jul 2018 11:17 AM
    හැමොටම හොදක් වෙන්න කියලා මුනුබුරාට තියෙන්නේ සීයා 1ක India යන්න......එතකොට හැමෝම ගොඩ .....
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    23 Jul 2018 01:26 PM
    මම මේ මේකට උත්තරේ හොයන ගමන්.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    23 Jul 2018 07:04 PM
    මේක පට්ට කතාව ..එක එක සිදුවීම් එකිනෙකට බද්දවෙන හැටි ..නියමයි
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    23 Jul 2018 07:17 PM
    මාරම සීන් එක..
    කොටු පනින්න හදපු එකක් වගේ
    0
    You are not authorized to post a reply.