You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Aug 2020 09:03 AM by  indika76
ශ්‍රී ලංකාවේ චිත්‍රපට
 166 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 9 << < 56789 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Mar 2020 04:30 PM
බොහොම ස්තුතියි මේ කරුණු වලට ..........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
11 Mar 2020 07:32 PM
රේඛාව චිත්‍රපටය සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් ලෙසයි සැළකෙන්නේ. ස්තුතියි මේ තොරතුරු සියල්ලටම.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 Mar 2020 08:39 AM
44. ලේ කඳුළු

තිරගත කළ දිනය: 1957-09-02

Main Actress : Rathna Kumari
Director : K.Walington Silva
Producer : K.Walington Silva , K.Francis Silva
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 Mar 2020 08:42 AM
45. සුකුමාලි

තිරගත කළ දිනය: 1957-10-14

Main Actor : Laddy Ranasinghe
Main Actress : Ayesha Weerakoon
Director : M. Masthan , M.K.Swami
Producer : M.S.Siwasami
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 Mar 2020 08:49 AM
46. සරදම

තිරගත කළ දිනය: 1957-01-01

Main Actor : Stanly Perera
Main Actress : Florida Jayalath
Director : T. Somasekaran
Producer : T. Somasekaran
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 Mar 2020 08:50 AM
සරදම චිත්‍රපටයේ ජෝ කළේ විකට චරිතයකි. එය ඉතා සාර්ථක රංගනයක්‌ විය.

මෙය වැඩි දෙනකුගේ පැසසුමටත්, ටික දෙනකුගේ ඊර්ෂ්‍යාවටත් හේතු විය. ඊර්ෂ්‍යාව ඇනුම්පද දොaෂාරෝපණ අපහාස, උපහාසවලට පෙරැළිණි. එහෙත් ජෝට වැඩි වැඩියෙන් චිත්‍රපට ලැබිණි. සියලු දුක්‌a පීඩා ඉවසන "අව්‍යාජ ගමේ මිනිහා" එතැනදී ද ඉස්‌මතු විණි. ජෝ වරෙක තමාට උපහාර පිදීමේ උත්සවයකදී කියා තිබුණේ...." මට හිතෙනව මම මුලින්ම රංග කලාව ඉගෙන ගත්තේ තාත්තාගෙන් කියලා. ඒත් අපේ අයියා කියන විදියට මට තිබිලා තියෙන්නේ තාත්තාගේ දක්‍ෂකම්වලින් සියයට පහයි..." යනුවෙනි.

එහෙත් "දේවසුන්දරී" චිත්‍රපටයේ පළමු රඟපෑමේ සිටම ඔහු සිය පියාගෙන් ලබාගත් සියයට පහේ දක්‍ෂතාවට සියයට අනූපහක්‌ වූ මුළු රංග කාර්යයම ජෝ යෙදූ බව නිසැකය. අප මෙනෙහි කරන විශිෂ්ට රංගධරයා බිහි වූයේ ඒ නිසාය.

"ජෝන්" අබේවික්‍රම "ජෝ" අබේවික්‍රම ලෙස කලඑළි බසින්නේ "සරදම" චිත්‍රපටයෙනි. ඊට පසු විකට චරිත රැසක්‌ම රඟපෑවද ජෝ සාම්ප්‍රදායික විකට නළුවන්ගේ මට්‌ටමට නොගිය ප්‍රශස්‌ත බවක්‌ විදහා දැක්‌වීය. මේ විකට රංගනයේ කූටප්‍රාප්තිය සනිටුහන් කළේ "අල්ලපු ගෙදර" චිත්‍රපටය බව සඳහන් කළොත් බොහෝ දෙනෙක්‌ ඊට එකඟ වන බව අපි විශ්වාස කරමු.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 Mar 2020 08:52 AM
47. සූරසේන

තිරගත කළ දිනය: 1957-12-13

Main Actor : Herbi Senewirathna
Main Actress : Kanthi Gunathunga
Director : S.M. Naidu
Producer : S.M. Naidu
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 Mar 2020 08:56 AM
“මලෛකල්ලන්” හා “ආසාද්” සිංහල සිනමාවේ “සූරසේන” වෙයි

සූරසේන ගැන ඔබ අසා තිබේද? සිනමාවට ආදරේ කරන ජ්‍යෙෂ්ඨ පුරවැසි රසිකයන්ට ඒ නම හොඳට හුරුය. මීට දසක තුනකට පමණ පෙර සිටි පරම්පරාවට නම් සූරසේන කී විට මතකයට එන්නේ රූපවාහිනියෙන් විකාශය වූ “පළිඟු මැණිකේ” ටෙලිනාට්‍යයේ ශ්‍රියන්ත මෙන්ඩිස් රඟපෑ සූරසේනගේ චරිතයයි. ඔහු නිතර කියන “පට් පට් ගාල” කියන දෙබසද මතක ඇති. අප අද කතා කරන්නේ මීට වසර 61කට පෙර 1957 දෙසැම්බර් 13 වැනිදා ලංකාවේ ප්‍රදර්ශනය වූ ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ 47 වැනි චිත්‍රපටය වූ “සූරසේන” ගැනය.

දකුණු ඉන්දියාවේ කොයිම්බතූර් හි පක්‍ෂි රාජ චිත්‍රාගාරයේදී එහි අධිපති එස්.එම්.එස්. නායිදු (1910-1976) විසින් භාෂා 6කින් අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයක සිංහල චිත්‍රපටය වූයේ “සූරසේන”ය. එයින් මුල්ම චිත්‍රපටය වූයේ 1954 වසරේ ඔහු විසින් අධ්‍යක්ෂණයකොට නිෂ්පාදනය කළ මලෛකල්ලන් (Malaikkallan) දෙමළ චිත්‍රපටයයි. දෙමළ සාහිත්‍යයේ භාෂා සාහිත්‍ය විශාරදයකු වූ නමක්කල් වී. රාමලිංගම් පිල්ලෛගේ නව කතාවක් ඇසුරෙන් නිපද වූ මේ චිත්‍රපටයේ අර්ථය කන්දේ හොරා ය. මේ නවකතාව රොබින් හුඩ් කතාව ඇසුරෙන් ලියූ එකක් බව පැවසේ. එම්.ජී. රාමචන්ද්‍රන්, භානුමතී, ශ්‍රී රාම් ප්‍රධාන චරිත රඟ පෑ මේ චිත්‍රපටය ජනාධිපති රිදී පදක්කමක් දිනාගත් ප්‍රථම දෙමළ චිත්‍රපටය වීමද විශේෂයකි.

1954 වසරේ එම කතාවම ඇසුරෙන් AZAAD (අාසද්) (එහි සිංහල අරුත නිදහස බව සිරි කහවලයෝ පවසති) නම් හින්දි චිත්‍රපටය ද නායිදු විසින් අධ්‍යක්ෂණය කර ඇත. එහි ප්‍රධාන චරිත රඟපා ඇත්තේ සුපිරි නළු දිලිප් කුමාර්, මීනා කුමාරි හා ප්‍රාන්ය. 1956 එම කතාව ඇසුරෙන් සිංහල චිත්‍රපටයක් සූරසේන නමින් නායිදු අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළේය. ඊට අමතරව නායිදු විසින්ම එම කතාවම තෙළිඟු කණ්ණඩ හා මලයාලි භාෂාවලින්ද චිත්‍රපට නිපදවීම තවත් විශේෂයකි. භාෂා හයකින් නිපදවන ලද එකම දෙමළ චිත්‍රපටය ලෙස මෙය ද්‍රවිඩ සිනමා ඉතිහාසයේ වාර්තාවක් තබා ඇති බව සිනමා පර් යේෂක ගාමිණී ගුණතිලකයෝ සඳහන් කරති.

එස්.එම්.එස්. නායිදු නිෂ්පාදනයකොට අධ්‍යක්ෂණය කළ සූරසේන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන සිටියේ රුක්මණී දේවි බව ඇය විසින් ලියන ලද මගේ ජීවිත විත්ති කෘතියේ සඳහන් වෙයි. ඉන්දියාවේ පක්ෂිරාජා සමාගම නිපදවන්නට යන සූරසේන චිත්‍රපටියේ ප්‍රධාන කොටස රඟපෑමට ද තමා ගිවිසුමට අත්සන් කර අවසාන බව එම කෘතියේ 46 වැනි පිටුවේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් රුක්මණී දේවි මේ චිත්‍රපටයේ රඟපා නැත. එහෙත් ඇගේ සැමියා එඩී ජයමාන්න අංක 441 දරණ පොලිස් නිලධාරියකු ලෙස මේ චිත්‍රපටයේ රඟපෑමට තෝරාගෙන ඇත. සූරසේන චිත්‍රපටයේ රූපාගේ චරිතයට තෝරා ගෙන තිබුණේ කාන්ති ගුණතුංගය. ප්‍රධාන චරිතය වූ සූරසේන ලෙස හර්බි සෙනෙවිරත්න ද දුෂ්ඨ චරිතය වූ රොබට් හාමු ලෙස ඩොමී ජයවර්ධන ද රඟපෑහ. මේ චිත්‍රපටය මුලින් හැඳින්වූයේ කන්දේ හොරා නමින්ද බව සිනමා සඟරාවල පළවී තිබුණා මතකය.

සූරසේන කතාව විකාශනය වෙන්නේ මෙසේය.
රූපා (කාන්ති ගුණතුංග), චන්ද්‍රදාස (පීටර් පීරිස්) නම් ඥාතියකු විසින් බාල කාලයේ සිට ඇති දැඩි කළ යුවතියකි. චන්ද්‍රදාසගේ ඥාතියකු තවත් ඥාතියකු වූ රොබට් හාමු (ඩොමී ජයවර්ධන) ඔහුගේ සහචරයකු වූ රොමියෙල් (පියදාස ගුණසේකර) නැමැත්තා ලවා රූපාව බලහත්කාරයෙන් ගෙනියයි. එකල භයානක සො​ෙරක් වූ සූරසේන (හර්බි සෙනෙවිරත්න) රොමියෙල් ඇතුළු මැරවරයන්ගෙන් රූපාව බේරාගෙන තමාගේ කඳුකරයේ පිහිටි නිවසට කැඳවාගෙන යයි.

සූරසේන භයානක සොර දෙටුවකු වශයෙන් රටේ ප්‍රසිද්ධව සිටියත්, රූපා ඔහු ඇසුරු කිරීමෙන් පසු අවබෝධ වූයේ ඔහු අවංක ඍජු යහපත් පුද්ගලයකු බවය.
රොබට් හාමුත්, ඔහුගේ සහචරයන් වූ රොමියෙල් හා ගජනායක (වෝල්ටර් ප්‍රනාන්දු) යන තිදෙනා රූපා සෙවීමේ අසාර්ථක උත්සාහයක යෙදෙති. සූරසේන ගේ වීරකම් නිසා රොබට් හාමුගේ හැම උපක්‍රමයක්ම වැළකෙයි. මේ හැම ගැටුමකටම මූලික සූරසේන ද යන්න පොලිසියට ද ප්‍රහේලිකාවකි.

කඳුකරයේ පදිංචි සයිබු නානා සූරසේනගේ හිතවතෙකි. ඔහු සූරසේනගේ කීම පරිදි රූපාව පරෙස්සමෙන් ඇගේ නිවසටම ඇරලවයි. මේ අතර සූරසේන මංකොල්ලකරුවකු නොව, අවංක එඩිතර, චරිතවත් පුද්ගලයකු බව සයිබුනානා විසින් පොලිස් ඉන්ස්පෙක්ටර්ට (මාක් සමරනායක) හා සාජන් 441 ට (එඩී ජයමාන්න) තොරතුරු ලබා දෙයි.

රොබට් හාමු විසින් රූපා තමා වෙත ගෙන්වා ගැනීම ඔහුගේ ඊළඟ උත්සාහය වූයේය. ඔහු තම පෙම්වතිය වූ ශ්‍රියා (රෝහිණි ජයකොඩි) ගේ සහාය ඇතිව රූපාව තම නිවසට ගෙන්වා ගෙන බලහත්කාරකම් කිරීමට සූදානම් වෙයි. ඊට විරුද්ධ වෙන ශ්‍රියාගේ ගෙළ මිරිකා මැරීමට තරම් රොබට් හාමු සැහැසි වෙයි. ඒ අවස්ථාවේ එතැනට කඩා වදින සූරසේන රොබට් හාමු සමග සටන් කොට ඔහු පරදවා රූපා බේරා ගනී.

මේ අතර තමා විවාහ කර නොගතහොත් රූපාගේ ඥාතියා වූ චන්ද්‍රදාස ගේ ජීවිතයට හානි කරන බවට රොබට් හාමු රූපාට තර්ජනය කරයි. පොලිසිය සයිබු නානාගේ ආධාර ඇතිව චන්ද්‍රදාස සඟවා තිබූ ස්ථානය සොයා ගනී. එහිදී රොබට් හාමු හා ඔහුගේ සහචරයෝ අතර ඇතිවූ මාරක සටනකදී සූරසේනගේ ආධාරය පොලිසියට ලැබෙයි. පොලීසියට චන්ද්‍රදාසගේ ජීවිතය ගලවා ගත හැකි වෙයි.

චන්ද්‍රදාස සූරසේනට කළගුණ සැලකීමට මාර්ග සෙවීය. සූරසේනට විරුද්ධව පොලිසිය විසින් ගොනු කර තිබූ සියළු චෝදනාවන්ගෙන් මුදාගෙන ඔහු නිදහස් පුද්ගලයකු ලෙස සමාජයට ඉදිරිපත් කිරීමට චන්ද්‍රදාස කටයුතු යොදයි. පොලීසිය ඔහු නිදහස් මිනිසෙකු ලෙස නිවේදනයක් නිකුත් කළේය.

මේ අතර සයිබුනානා විසින් චන්ද්‍රදාසට තමා සඟවා සිටි අභිරහසක් හෙළිකරයි. එනම් සූරසේන අනිකෙකු නොව බාල කාලයේ නැතිව සිටි චන්ද්‍රදාසගේම පුතා බව හෙළි කිරීමෙන් සියල්ලෝම පුදුමයට පත්වෙති. සියල්ලෝම කුතුහලයෙන් සූරසේන එනතුරු බලා සිටිති. මෙහිදී ඔවුන්ට දකින්ට ලැබෙන්නේ සූරසේනත්, සයිබුනානාත් වෙස්වළාගත් එකම පුද්ගලයකු බව පසු දිනම හෙළි වෙයි. සියල්ලෝම විශ්මයට පත් වෙති. අවසානයේ සියල්ලෝ සතුටට පත් කරමින් සූරසේන හා රූපා විවාහ වෙති.

සූරසේන චිත්‍රපටයේ බන්දු ගුණසේකර පුංචප්පු ලෙසද රූබි ද මෙල් ශාන්ති ලෙසද ඇන්තනී සී පෙරේරා මහළු සූරසේන ලෙසද රඟපෑ අතර මෙහි ඇනෙස්ටා වයලා ප්‍රනාන්දු හා ඇල්.සී. රණතුංග ද රඟපා ඇත.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුන සූරසේන (හර්බි සෙනෙවිරත්න), රූපා (කාන්ති ගුණතුංග) හා රොබට් හාමු (ඩොමී ජයවර්ධන) ගෙයක් ඇතුළේ රූගත කළ දර්ශනයකදී කාන්ති ඉතා බියගැන්වෙන දර්ශනයකට මුහුණ දුන් අවස්ථාවක් තිබේ. දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි ඇය මට කලකට ඉහත විස්තර කළේ මෙසේය.

ඒක ඇඟේ ලොමු ඩැහැගැන්වෙන බිහිසුණු අවස්ථාවක්. ඒ මාව බේරාගන්න ආ සූරසේන හා රොබට් හාමුත් අතර සටනක්. රොබට් හාමු අතේ කිණිස්සක්. ඔහු මට හා සූරසේනට අභියෝග කරනවා. මේ චරිත රඟපෑ ඩොමී හා හර්බි මට කිව්වේ කිසිදේකට බය වෙන්න එපා කියලා. ඒක උල් මුවහත තිබුණු කිණිස්සක්. ඩොමී හර්බිට අනින්න එනවා. එ් අතරට මාව මැදිවෙලා. මගේ මුහුණ ගාවින් කිණිස්ස යනවා. හර්බි කොහොම හරි ඒක වළක්වා ගන්න උත්සාහ ගන්නවා. චිත්‍රපටයේ තියෙන උද්වේගකර අවස්ථාවක් ඒ. මට එක් දර්ශනයකදී අසුපිටින් යන්න තියෙනවා. මදුරාසියේ අසුන් මෙහෙයවන උපදේශකයෙක් මට හොඳට ඉගැන්නුවා. ඊට පස්සෙ භය නැතිව කඳු ශිඛර ඇති දුර්ග මාර්ගවල මම අසුන් පදවා ගෙන ගියා. හර්බි මට බෙහෙවින් උදව් කළා. ධෛර්යය දුන්නා. කාන්ති කීවාය.

සූරසේන ලෙස රඟපෑ හර්බි සෙනෙවිරත්න ද පවසා ඇත්තේ තමා එතෙක් රඟපෑ අසීරු චරිතය එය කියාය. ත්‍රාසය, භීතිය, සන්ත්‍රාසය සපිරි මේ චරිතයට හර්බි ආදරය කළ බවයි.
වඩාත්ම ත්‍රාසජනක අත්දැකීම මට විස්තර කළේ ඩොමී ජයවර්ධනය. නායිදු අධ්‍යක්ෂවරයා තමා දෙමළ චිත්‍රපටයේ ඒ චරිතය රඟපෑ ශ්‍රී රාම්ගේ රූප රාමුත් හින්දි චිත්‍රපටයේ ඒ චරිතය රඟපෑ ප්‍රාන්ගේ රූප රාමුත් පෙන්නුවා. ඩොමී එවිට අධ්‍යක්ෂ නායිදුට පවසා ඇත්තේ මට ප්‍රාන්ටත්, ශ්‍රී රාම්ටත් වඩා වෙනස් ලෙස රඟපා පෙන්විය හැකි බවය. තමා ඉන්දියාවට පැමිණියේ බොහෝ බලාපොරොත්තු ඇතිව බවද පවසා ඇත.

මම ඉන්දියාවට යනකොට සූරසේන ඒ ආකාරයටම තෙළිඟු දෙමළ හා හින්දි චිත්‍රපටවලට නැගී තිබුණා. පක්ෂිරාජා චිත්‍රාගාරයේ සූරසේන දර්ශනයක් රූගත කිරීමෙන් පසු මලයාලි හා කර්ණාට නළු නිළියන් ලවා එම දර්ශනය ඒ ලෙසම රූපගත කිරීමට නායිදු අධ්‍යක්ෂවරයා විධිවිධාන සළස්වා තිබුණා. මේ නිසා සිංහල, කණ්ණඩ, මලයාලි ජාතික නළු නිළියන් අතර තිබුණේ ලොකු තරඟයක්. මුලින්ම කැමරා ගත වුණේ සිංහල චිත්‍රපටය. හර්බි, කාන්ති හා මම උත්සාහ කළෙත් කතා කර ගත්තෙත් අපි ලංකාවේ තත්ත්වය ආරක්ෂා කරමු කියලා. එක් දර්ශනයක් තිබුණා හර්බියි මා අතර සටනක්. මේ සටන අවසන් වන දර්ශනයේ තිබුණා හර්බි ගෙන් පහරක් වැදී මට වීදුරුවක් කඩාගෙන ඉවතට වැටෙන්න. මේ වන විට මට ආරංචි වෙලා තිබුණා මේ දර්ශනයට දිලිප් කුමාර් හා ප්‍රාන්ගේ සටන මෙතැනම කැමරා ගතවූ දින සිදුවූ අනතුරක් ගැන.

ආසාද් හින්දි චිත්‍රපටයේ මේ දර්ශනය දිලිප් කුමාර් හා ප්‍රාන් රඟපාන අවස්ථාවේ ප්‍රාන් ඒ දර්ශනයේ වීදුරුව කඩාගෙන ගිහින් වීදුරුවල කෑලිවලට ශරීරය කැපී දවස් 13 ක් රෝහලේ හිටිය කියලා. මම මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානමින් සිටියේ. කණ්ණඩ හා මලයාලි චිත්‍රපටවල මගේ චරිතය රඟපාන නළුවෝ දෙන්නා ඇස් දෙක ලොකු කරගෙන කුතුහලයෙන් මගේ වීර ක්‍රියාව බලන් ඉන්නවා. මම හෙමින් අධ්‍යක්ෂ නායිදු ළඟට කිට්ටු කළා. මේ දර්ශනය කිරීමට පෙර මම බ්‍රැන්ඩි වීදුරු තුනක් අවශ්‍ය බව කිව්වා. නිෂ්පාදන කළමනාකරු එය ඉටු කළා. මම වීදුරු තුනම බිව්වා. හර්බි මට වේගවත් පහරක් දුන්නා. මම පියාඹගෙන ගිහින් වීදුරු ජනේලය කඩාගෙන පිටතට වැටුණා. එළිමහනේ තිබූ ගලක වැදී මගේ හිස ටිකක් තුවාල වුණා. ඉක්මනින් ප්‍රතිකාර ලැබුණා. අධ්‍යක්ෂ නායිදු මට ප්‍රසංශා කළා. ඩොමි ඔබ ඒ දර්ශනය ඉතා හොඳින් කළා කියලා. හර්බි දුවගෙන ඇවිත් මගේ හිසේ වෙළුම් පටි බඳින කොට උදව් කළා. ඩොමී ජයවර්ධන මේ සිදුවීම මට විස්තර කළේ 1970 වසරේ දීය. ඒ මා සරසවිය පත්‍රයට විශේෂාංගයක් ලියන අතරතුරේදීය.

සූරසේන චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ඉන්දීය ජාතික එස්.එම්. සුබ්බයියා පිල්ලෛ නායිදු ගෙනි. මෙහි සියලුම ගීත ආනන්ද සමරකෝන් විසින් ලියා ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ සිංහල චිත්‍රපට ගීතාවලිය 1957-1961 කෘතියේ සඳහන් වෙන ආකාරයට ආනන්ද සමරකෝන් විසින් තනිවම ගී ලියූ ප්‍රථම චිත්‍රපටය සූරසේන ය. එහි සියලුම ගීත ජනප්‍රිය වූ බවත් සියලුම ගී හින්දි චිත්‍රපට ගී වලින් උපුටා ගත් ඒවා බවත් ඔහු පවසන අතර එයට උදාහරණයක් දක්වයි. ආනන්ද ශ්‍රීය වෑහෙයි ගීතය කිත්නා හසී හෛ මෝසම්. මේ ගීතයේ ගායනය ධර්මදාස වල්පොල හා ලතාගෙනි.

ආනන්ද ශ්‍රීය වෑහෙයි
සෝබා දහම් සිනාසෙයි
රූපා ඉතා සුරම්යයි
මේ මෝසම් සුළං කියා යයි
ලතා ගැයූ ජනප්‍රිය ගීත දෙකකි මේ.
ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ
මා හර්දෙ නැගෙනා ආලෝකේ
සඳ කාන්ති වැදී රාත්‍රිය මේ ශාන්ත වී ගියා
කුල්මත් ව සැලේ මා හදෙහි චේතනා දයා

ජමුනා රාණි සහ කේ. රාණි යන ජනප්‍රිය ඉන්දීය ගායිකාවන් දෙදෙනා ගැයූ මේ ගීතය ඉතාමත් ජනප්‍රිය වී ඇත.

මනරම් රැඟුමන්
කදිමයි මේ මනු ලොව කෙළි මඩුවකි
කැරකෙ කැරකෙ දයිවේ
සුමධුර ගීත කියා - කන්කළු මිහිරේ
පාමින පාමින - ප්‍රීති මෙම සාගරේ
මදහස පා උපුල් - මේ රඟ පා නිමල්

ගීත රචක ආනන්ද සමරකෝන් විසින්ම චිත්‍රපටයේ දෙබස් රචනය කර ඇත. කැමරා ශිල්පියා සයිලන්ස් බෝස්ය.

සූරසේන චිත්‍රපටයේ මංගල දර්ශනය වැල්වත්තේ සැෆයාර් සිනමාහලේ පවත්වා ඇත. එයට සහභාගි වීමට සූරසේන නිෂ්පාදක අධ්‍යක්ෂක නායිදු හා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන සිනමාස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කේ. ගුණරත්නම් ද කාන්ති ගුණතුංග, එඩී ජයමාන්න හා හර්බි සෙනෙවිරත්න ද සහභාගි වී ඇත. ඉන්දීය ජාතික නායිදු හා ගුණරත්නම් අතර තිබී ඇත්තේ සමීප සම්බන්ධතාවයකි. සිනමාස් සමාගම නිවේදනය කර තිබුණේ හාස්‍යයෙන්, ත්‍රාසයෙන්, සන්ත්‍රාසයෙන්, මනස්කාන්ත රැඟුමෙන්, දක්ෂ රඟපෑම් වලින් යුත් මෙතෙක් රිදී තිරයට නොආ කතා පුවතක් ඇතුළත් සූරසේන ලෙසය. ගාමිණී, කැපිටල්, සැෆායර්, කුයින්ලන් ඇතුළු සිනමාස් සමාගමේ සිනමාහල් 16ක මේ චිත්‍රපටය තිරගත වී ඇත. ලංකා චලන චිත්‍ර සඟරාවේ කර්තෘ සෝමපාල රණවීර (සෝපාරවි) විවේචනයක් (1958 ජනවාරි 01) ලියමින් “සූරසේන නරක නැත” ලියා එඩී ජයමාන්නට විශේෂ ප්‍රසංශාවක් කර තිබුණි.

ඒ.ඩී. රන්ජිත් කුමාර
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
15 Aug 2020 08:19 AM
Ekamath Eka Rataka / එකමත් එක රටක

Film No : 48

Released Date : 1958-02-14
Colorimeter : Black & White
Video Format : 35mm
Category : Drama
Company : Nawa Jeewana Films Company
Studio : Studio Nawa Jeewana
Main Actor : Tiurin Fernando

Main Actress : Rita Dorin

Director : Sirisena Wimalaweera

Producer : Sirisena Wimalaweera

ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීත අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය
0

Pragith
Basic Member
Basic Member
Posts:230






--
18 Aug 2020 03:36 AM
me films download karanna balanna widiyak nadda?
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
18 Aug 2020 09:19 AM
ති.නා.site එකේ බලන්න
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Pragith
Basic Member
Basic Member
Posts:230






--
18 Aug 2020 02:49 PM

Indika google karata mukut labune na. Puluwan nam link ekak denna. thanks

<script src="chrome-extension://hhojmcideegachlhfgfdhailpfhgknjm/web_accessible_resources/index.js"></script>
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
18 Aug 2020 05:43 PM
මගේ ළගත් ෆිල්ම් ගොඩක් තිබුණා. අපේලෝඩ් කරන්න තමයි ලේසි නැත්තේ...
ඉදිරියේදී බලමු...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Aug 2020 12:33 PM
Vanaliya / වනලිය
Film No : 49
Released Date : 1958-02-21
Colorimeter : Black & White
Video Format : 35mm
Category : Drama
Company : Ceylon Studio
Main Actor : B.A.W. Jayamanne

Main Actress : Shirley Blythe

Director : B.A.W. Jayamanne

Producer : B.A.W. Jayamanne
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Aug 2020 12:35 PM
Sohoyuro / සොහොයුරෝ
Film No : 50
Released Date : 1958-03-15
Colorimeter : Black & White
Video Format : 35mm
Category : Drama
Company : Sri Murugan Nawa Kala Films
Studio : Sundara Sounds - Kandana

Main Actor : Aruna Shanthi
Main Actress : Clarice De Silva
Director : A.B. Raja
Director : L.S. Ramachandran
Producer : Richard Albert
Producer : S.M. Nayagam
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Aug 2020 12:39 PM
සොහොයුරෝ

ශ්‍රී මුරුගන් නවකලා මගින් කදානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේදී සම්පූර්ණයෙන්ම රූපගත කල සොහොයුරෝ චිත්‍රපටය එස්.එම්.නායගම් විසින් නිෂ්පාදිත හත්වෙනි නිෂ්පාදනයයි. ඔහුගේ චිත්‍රපට අතුරෙනි මාතලන් චිත්‍රපටය පමණක් මදුරාසියේ වාහිනි චිත්‍රාගාරයේ නිපදවු නමුදු අනෙක් සියළුම චිත්‍රපට නිපදවනු ලැබුවේ ඔහුටම අයත් සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ දීය.

සීමාසහිත සිනමාස් සමාගමට අයත් මරදානේ ගාමිනි, වැල්ලවත්තේ සැෆයර්, මහනුවර වෙම්බිලි ඇතුළු සිනමාශාලා කිහිපයක සොහොයුරෝ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ වූයේ 1958 මාර්තු 15 වෙනිදාය.එය සිංහල සිනමාවේ 49 වෙනි චිත්‍රපටය ලෙස සැලකේ.සොහොයුරෝ අධ්‍යක්ෂණය සඳහා මේවර නායගම් විසින් තෝරාගනු ලැබුවේ, ද්‍රවිඩ චිත්‍රපට රැසක්ම අධ්‍යක්ෂණය කළ එල්.එස්.රාමචන්ද්‍රන්ය.ඔහු අධ්‍යක්ෂවරයෙකු පමනක්ම නොව පළපුරුදු සංස්කරන ශිල්පියා වූයේද රාමචන්ද්‍රන් බව සඳහන් කළයුතුය.එබැවින් සොහොයුරෝ චිත්‍රපටය අධ්‍යක්ෂන්ණය සහ සංස්කරන කටයුතුද ඔහු වෙතට පැවරින.පැරණි පුවත්පත් සඟරා වල ඇතුළත්වූ ලිපිලේඛන අනුව මෙම චිත්‍රපටයේ කතාව සකස්කර ඇත්තේ ඒ.එස්.නාගරාජන් විසින් බව සඳහන් වන අතර දෙබස් සහ ගීත සම්පාදනය කරන ලද්දේ ඩබ්ලිව්.බෙනඩික් ප්‍රනාන්දු විසිනි.කැමරා ශිල්පීයා බී.එස්.මානියම් වූ අතර ශබ්ද පරිපාලනය කලේ වෝල්ටර් පී.ජයතිලකය.කලා අධ්‍යක්ෂනය සහ වේශ නිරූපනය පිලිවෙළින් එම්.ජී.නාරායන් සහ පී.කේ.තංගප්පන් වෙතින් ඉටුකෙරින.නිරංජලා දේවිය නම් නැටුම් අධ්‍යක්ෂිකාව වූවාය.ආර්.මුත්තුසාමි සංගීතවත් කළ සොහොයුරෝ චිත්‍රපටයට ගීත දහයක් ඇතුළත් විය.එම ගීත සඳහා දායක වූයේ ලතා වල්පොල, ධර්මදාස වල්පොල, මොහිදීන් බෙග්, සිඩ්නි ආටිගල, ඇන්ජලින් ගුණතිලක, සුජාතා පෙරේරා සහ චන්ද්‍රා ද සිල්වා වැනි ප්‍රකට ගායක ගායිකාවන්ය.

චිත්‍රපටයට ඇතුළත් ගීත

(1) වංචාවෙන් පිරිලා (මොහිඔදින් බෙග්)

(2) කෝමල ප්‍රේමදාස (ලතා සහ දර්මධාස වල්පොල)

(3) යන්නේ කොහෙද මා (ධර්මදාස වල්පොල)

(4) නිසංසලයි ලෝකේ (ධර්මදාස වල්පොල)

(5) කැරකේවී රථ් රෝදේ (ධර්මදාස වල්පොල)

(6) වැසුනා දොර ආදරේ (ලතා වල්පොල)

(7) ආදර අඹරේ ( සිඩ්නි ආටිගල සහ ඇන්ජලීන් ගුනතිලක )

(8) රත්තරනින් රන් රුවසේ (ධර්මධාස වල්පොල)

(9) සිත මගෙ ප්‍රීති (චන්ද්‍රා ද සිල්වා)

(10)සකුන්තලා නාට්‍ය ගීතය ( සුජාතා පෙරේරා )

මෙම ගීත KALA PHONE වෙළඳ තැටි තුනක් මගින් නිකුත් කෙරුනේ SMN106, SMN107, සහ SMN108 අංක යටතේය.අංක 7,8,9,10 ගීත වෙළඳ තැටි වලට නැගුනේ නැත.

නළුනිළි

රවින්ද්‍ර රූපසේන (සරත්), ක්ලැරිස්ද සිල්වා ( තිලකා ), අරුණ ශාන්ති ( ජගත් ), ආනන්ද ජයරත්න ( විලී ), ලීනාද සිල්වා ( සුනිලා ) ඩී.එච්.පෙරේරා ( මුදලී ), ශීලා පීරිස් ( මුදලිගේ දෙවන බිරිඳ ), පිටිපන සිල්වා (පිලෝරිස් මුදලාලි ), මිලී කහඳවල ( පිලෝරිස්ගේ බිරිඳ ), එඩී යාපා ( ජිමී ), ජෝෂප් සෙනෙවිරත්න ( සැමි ), පියශීලි වික්‍රමසිංහ ( සරත් සහ ජගත්ගේ මව ), මල්ලිකා ද සිල්වා (ඩල්සි- ජිමීගේ පෙම්වතිය ), ඕමාර් මහත්මිය ( නීටා ) ඇතුළුව අතිරේක නළුනිළි රැසක්ම සොහොයුරෝ චිත්‍රපටයට දායක වූහ.එස්.එම්.නායගම් මීට පෙර නිපදවූ චිත්‍රපට මෙන්ම සොහොයුරෝ චිත්‍රපටයද ප්‍රේක්ෂක රුචියට ගැළපෙන අයුරින් සකස්කර තිබ්බීම නිසා ආදායම් අතින්ද සරු විය.මෙහි අධ්‍යක්ෂවරයා වූ එල්.එස්.රාමචන්ද්‍රන්ට එතැන් පටන් විවිධ නිෂ්පාධකවරුන්ගේ චිත්‍රපට සඳහාද ආරාධනා ලැබින.ඒ අනුව ඔහු සුහද සොහොයුරෝ, දෙයියන්නේ රටේ, සරුබිම, කුරුළු බැද්ද, සිකුරු තරුව, සොඳුරු යුවල, නළඟන ඇතුළු දේවසුන්දරි ( නැවත ප්‍රථිසංස්කරණය ) කිරීම් වැනි කාර්යයන්ට උර දුන්නේය.පසු කලෙකදී ද්‍රවිඩ ශිල්පීන් වෙතින් චිත්‍රපට අධ්‍යක්ෂනය කිරීමට ඉගෙනගත් ඇතැම් සිංහල ශිල්පීන්ගේ දැඩි විරෝධය මත එල්.එස්.රාමචන්ද්‍රන් නමැති සංවේදි අධ්‍යක්ෂවරයා ලංකාව අතහැර සිය රට බලා ගියේය.


සොහොයුරෝ කතාව

සරත්ගේ වයස අවුරු දොළසකි.ඔහුගේ මළනුවන්ගේ වයස අටකි.මේ වනවිට ඔවුන්ගේ පියා මියගොසිනි.දුගීභාවයේ පත්ල බලමින්, කුඩා පැල්පතක දිවිගෙවන ඔවුනට අසනීප තත්වයෙන් පෙළෙන තම මෑණියන් රැකබලා ගැනීමේ වගකීමද පැවරින.තම ජීවන මාර්ගය යම්තරමකින් හෝ පවත්වාගෙන යාම තම යුතුකමසේ සැලකු සරත් පළාතේ ප්‍රභූවරයෙකු වූ ජයසිංහ මුදලිතැනගේ නන්ධිරයේ බැලමෙහෙවර කිරීමට ගියේ තම මෑණියනුත් මලනුවනුත් රක්ෂා කරනු පිණිසය.ජයසිංහ මුදලිගේ තම පළමු බිරිඳ මියයාමෙන් පසුව දෙවෙනි විවාහයක් කරගත්තේය.එම කාන්තාව කිසිදු තෙතමනයක් නොමැති සැරපරුෂ එකියකි.සුළු අත්වැරදීම් වලදි පවා සරත්ට ඇයගෙන් අත්විඳින්නට සිදුවූ අඩන්තේට්ටම් නිමක් නැත.කෙසේ හෝ ඔහු ඒ සියල්ල ඉවසාගෙන සිටියේ මුදලිගේ පළමු බිරිඳගේ දියණිය වූ තිලකා තමා කෙරෙහි දැඩි අනුකම්පාවක් දැක්වීම නිසාය.එහෙත් කුඩා තිලකාටද ඒ නිසා තම කුඩම්මාගෙන් ගුටිබැට කන්නට සිදුවිය. දිනක් සරත් තම සේවය නිමවා නිවෙස කරා යද්දී හදිසියේම මේඝ ගර්ජනා සහිත මහා වරුසාවක් කඩා හැලෙන්නට විය.අකුණු කෙටීම්,විදුලි කෙටීම් බහුල විය.මහ මඟ ගසතු ඇඹරී බ්මට පතිත වෙද්දී හදිසියේම සරත් වෙත එල්ලවුනු අකුණු පහරකින් ඔහු අන්ධයෙකු බවට පත්වින.එතැන් පටන් රැකියාවද අහිමිවූ සරත් තමා විසින්ම තනාගත් පොල්කටු වීණාවක් වයමින් මහමඟ සිඟා යදින්නට විය.සරත් මෙවැනි අසරන තත්වයකත පවුවද තිලකා තුළ ඔහු කෙරෙහි පැවති කරුණාව දයාව කිසිවිටෙකත් නොබිඳින.කාලය කෙමෙන් ගෙවී යද්දී සරත්, ජගත් සහ තිලකා යොවුන් වියේ ඵල නෙලන අවධියට පැමින සිටියහ.ධෛර්යමත් තරුණයෙකු වූ ජගත් මේ අතර නැටුම් ශිල්පය ප්‍රගුණ කර තම දැනූම හා හැකියාව උපයෝගි කරගනිමින් නැටුම් පුහුණු කෙරෙන පාසැලක් ආරම්භ කළේය.මේ නිසා සරත්ට තවදුරටත් සිඟමන් යැදීමේ අවශ්‍යතාවයක් ඇති නොවූයේ තම බාල සොයුරා පවුලේ සියළු අගහිඟ සපුරා දීම නිසාය.මේ අතර තිලකා තම දෙමාපියන්ට හොරෙන් සරත්ටත් ඔහුගේ මවටත් ආවතේව කරමින් නිතර නිතර ඔහුගේ නිවෙසට යාමීම් කළාය.මේ බව දැනගත් මුදලිතැන තිලකට නිවසින් පිටව යාම තහනම් කළේ තර්ජනය ද කරමිනි.ඇයට අවසර ලැබුනේ පාසැල් යෑමේ අවස්ථාව පමණි.කාලයක්ම තිලකාගේ නොපැමිණීම නිසා කනස්සල්ලටපත් සරත් ඇය උගෙනුම ලබන පාසැල අසලට ගොස් තම වීණාව වාදනය කරන්නට වූයේය.මෙය දුටු ජගත්ගේ ශිෂ්‍යාවෝ ඒ බව ඔහුට සැලකර සිටියෙන් ඉන් ලජ්ජාවටත් කෝපයටත් පත් ජගත් තම අන්ධ සොයුරා සා මෑණියන් තනිකරදමා නිවෙසින් පිටව ගොස් වෙනත් ප්‍රදේශයක පදිංචි වූයේය.එම පළාතේ ඩනවතෙකු වූ පිලෝරිස් මුදලාලිගේ එකම දියණිය වන සුනිලාද ජගත්ගේ නැටුම් පංතියට පැමිණියාය.කාලය ගෙවී යද්දී ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක්ද ඇතිවිය.මේ අතර පිලෝරිස්ගේ බෑණා කෙනෙකු වන විලී නමැත්තාද සුනිලා කෙරෙහි බලාපොරොත්තුවෙන් කල් ගෙවද්දි ඇය ජගත් සමඟ ප්‍රේමයෙන් බැඳී සිටින බව දැනගත් හෙතෙම ඔවුන්ගේ සම්බන්ධය කඩාබිඳ දැමීමට නොයෙකුත් උප්පරවැට්ටි යෙදූ නමුත් සුනිලාගේ ප්‍රේමය කිසිසේත් වෙනස් නොවින.මේ වනවිට ජගත් කෙරෙහි පැහැදී සිටින පිලෝරිස් මුදලාලි තම දියණිය ඔහුට විවාහ කරදීමට කටයුතු යෙදුවේය.විවාහ උත්සවය පැවැත්වෙන දිනයේ ඒ බව දැනගත් සරත් තම මෑණියන් ද සමඟ පැමිණියේ නව යුවලට ආශිර්වාද කිරීම පිණිසය.එහෙත් සුනිලාගේ මව ඔවුන්ව නිවෙසින් පන්නා හැරියේ අනේක නින්දා අපහාස කරමිනි.විලී වූ කලි සියළු දුශ්චරිතයන්ගෙන්ම පෝෂිතවූ දුෂ්ඨයෙකි.ඔහුගේ එක් උපායක් වූයේ තම මාමා වන පිලෝරිස් මුදලාලිව පොළඹවාගෙන චිත්‍රපටයක් නිපදවීම සඳහා ඔහුව යොදවාගැනීමයි.එහෙත් විලී චිත්‍රපට සම්බන්ධ කිසිවක් නොදත්තෙකු වූ බැවින් සුළු කලකින්ම බංකොලොත් වූයේ පිලෝරිස් මුදලාලි අන්ත් ණයකාරයෙකු බවට පත්වෙමිනි.

මෙම තත්වයෙන් ගොඩගැනීම සඳහා ඉදිරිපත්වූ ජගත් තම මාමන්ඩිය ණය බරින් ගලවාගනු වස් තමා දන්නා ජයසිංහ මුදලාලි සොයාගෙන ගියේ ඔහුගෙන් ණය මුදලක් ලබාගැනීමේ අපේක්ෂාවෙනි.මෙහිදී සරත්ගේ සොයුරු ජගත්ව හඳුනාගත් තිලකා තමා කෙසේ හෝ සරත් ළඟට කැටුව යන ලෙසට කන්නලව් කළාය.ඒ අනුව පසුදිනෙක තිලකා වෙත ලිපියක් යවන ජගත් පසුදා රාත්‍රී 12 ට තමා මෝටර් රථයකින් පැමිනෙන බවත් ඒ සඳහා ගමනට සූදානම්ව සිටීන ලෙසත් දැනුම්දෙයි.මෙම වැඩපිළිවෙල දැනගත් විලී එදින රාත්‍රියේදි ජගත්ට බොරු හිතවත්කමක් පාමින් තිලකාව රැගෙන යාමට තමාද උදව් කරන බව පැවසුවේ ජගත්ට සිහි නැතිවන බීමක් දීමෙනි.ඉන්පසු ඒ මෝටර් අන්ධකාර රාත්‍රියේ මෝටර් රථය රැගෙන ගිය විලී තිලකාව පැහැරගෙන යාමට තැත්කරද්දි හදිසියේම එතැනට පැමිණෙන තිලකාගේ පියාට විලී විසින් වෙඩි තබයි.එයින්ම ඔහු මරණයට පත්විය.ඒ හාම බලහත්කාරයෙන් තිලකාව රැගෙනගිය විලී පාළු කඳුකරයක ඇයව සිරකර තබනු ලබයි.තිලකාව පැහැරගෙන යන අවස්ථාවේදි ඇය අතින් ගිලිහුනු ජගත්ගේ ලිපිය පොළිස් නිළධාරින් අතට පත්වීම තුළින් මුදලිගේ මිනීමරුවා ජගත් බවට සැක කරමින් ඔහුව පොළිස් අතඩංගුවට ගනු ලබයි.මිනීමැරුම් චෝදනාව මත උසාවිය මගින් ජගත්ව එල්ලුම්ගසට තීන්දු කරයි.මේ අතර තම සොයුරා මරණීය දණ්ඩනනයෙන් නිදහස් කරගැනීම පිණිස සරත් නීතියේ පිළිසරන පතයි.මුදලිතුමා මරණයට පත්කළ පිස්තෝලයත්,ඒ සමඟම තිලකාද සොයාගත හැකි වූවොත් ජගත් මරණ දණ්ඩනයෙන් නිදහස් කරගත හැකි බව නීති වේදීන් සරත්ට පවසයි.ඉන්පසු විලීගේ කල්‍යාන මිත්‍රයින් වන ජිමී, සැමී සහ විලීගේ ආදරවන්තිය වන නීටා හමුවූ සරත් ඔවුන්ට මුදල් ප්‍රදානය කරමින් උදව් ඉල්ලා සිටියේය.තිලකා සිරකර සිටින ගල්ගුහාව පිළිබඳව සියළු විස්තර දන්නා ජිමී ඇතුළු පිරිස සරත්ට උපකාර කිරීමට පොරොන්දු වූහ.තම සගයින්ගේ වැඩ පිළිවෙල දැනගත් විලී කෝපයෙන් වියරු වැටී ඔහු වෙනත් පිරිසක් සමඟ ගුහාවට ගොස් ඔවුන්ව බැඳ තබා සියල්ලෝම මරණයට පත්කිරීමේ අභිලාෂයෙන් ඩයිනමයිට් වෙඩිල්ලක් දල්වා වහා එතැනින් පලා ගියහ.ගිනිගෙන දැවෙන නූල ක්‍රමක්‍රමයෙන් පිරිස දෙසට ලංවෙමින් තිබේ.(මෙහිදී සිදුවනුයේ කිසියම් හාස්‍ය රසයක් මතු කරවන සිදුවීම් මාලාවකීවෙඩි නූල පත්තුවීමට පෙරාතුව එය කෙසේ හෝ නිවා දැමීමට උත්සාහ කරන්නට වූ ජිමී ඇතුළු පිරිස ඉන්පසු කළේ හැකිතරම් වෙඩි නූල වෙතට කෙළ ගසමින් එය නිවා දැමීමටය.අවසානයේදී ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වූයේ අප්‍රමාන ලෙස කෙළ ගැසීම නිසා වෙඩි නූල නිවී යාමයි.ඒ නිසා ඔවුන්ගේ ජීවිත ගැලවුනා පමණක් නොව තිලකා සහ ඇයගේ පියා මරණයට පත්කළ විලීගේ පිස්තෝලයද පොලිසියට සොයාගත හැකිවීමෙන් ජගත් මරණ දණ්ඩනයෙන් නිදහස් වූ අතර, තිලකාගේ පියා මැරීමේ චෝදනාව මත විලී නීතියේ රැහැනට අසුවීමය.


-කලාභූෂන-වැළිහිඳ මුනිරත්න-
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
24 Aug 2020 04:39 PM
Deyyange Rate / දෙයියන්ගේ රටේ
Film No : 51
Released Date : 1958-05-01
Colorimeter : Black & White
Video Format : 35mm
Category : Drama
Company : Heladiwa Films Arts Company
Studio : Sundara Sounds - Kandana

Main Actor : Senadeera Kuruppu
Main Actress : Punya Heendeniya
Director : L.S. Ramachandran
Producer : S.D.S. Somarathna
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
24 Aug 2020 04:41 PM
Salli Malli Salli / සල්ලි මල්ලි සල්ලි
Film No : 52
Released Date : 1958-07-18
Colorimeter : Black & White
Video Format : 35mm
Category : Drama
Company : Kanthi Films Company
Studio : Studio Sri Krishna - Madras

Main Actor : Prem Jayanth
Main Actress : Shanthi Lekha
Director : M.R.S. Mani
Producer : K.E.Karunarthna
Producer : K.K.Panikkar
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
24 Aug 2020 04:41 PM
Daskama / දස්කම
Film No : 53
Released Date : 1958-07-25
Colorimeter : Black & White
Video Format : 35mm
Category : Drama
Company : Ceylon Theaters
Studio : Ceylon Studio

Main Actor : Ravindra Rupasena
Main Actress : Disna Ranjani
Director : Jyotish Sinha
Producer : Bertram Fernando
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
24 Aug 2020 04:45 PM
Suneetha / සුනීතා
Film No : 54
Released Date : 1958-08-21
Colorimeter : Black & White
Video Format : 35mm
Category : Drama
Company : Ceylon entertainments
Studio : Studio Wahini - Madras

Main Actor : Ravindra Rupasena
Main Actress : Leena De Silva
Director : P. Neelakanthan
Producer : Jaber A.Kadar
0
You are not authorized to post a reply.
Page 8 of 9 << < 56789 > >>