You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Aug 2020 09:03 AM by  indika76
ශ්‍රී ලංකාවේ චිත්‍රපට
 166 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 9 << < 56789 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Feb 2020 08:49 AM
36. දුප්පතාගේ දුක

තිරගත කළ දිනය: 1956-08-10

Main Actor : Laddy Ranasinghe
Main Actress : Gerly Gunawardana
Director : T.R. Sundaram , Mithradas
Producer : K. Gunaratnam
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Feb 2020 08:54 AM
දුප්පතාගේ දුක

‘‘1815, ඔක්​තෝබර් මාසය මුල දවසෙක සවස් කාලයේ සූර්යාස්ථයට පැයකට පමණ පෙර - පයින් ම ගමන් ගත් එක්තරා මිනිසෙක් ප්‍රංශයේ දා.......... නම් කුඩා නගරයට පිවිසියේය. ​ෙම් වේලාවේ ගෙදොර සිටි නුවරුන් ඔහු නැරඹුයේ තරමක් සැක සංකාවෙනි. අනන්තයට ම පින් පිරිහුණු දැකුම් ඇති මඟියා නූස් ය; නො මිටිය; කාය බලයෙන් ඔද වැඩුණු නි​රෝගී දේහයෙන් යුක්ත ය. ඔහුගේ වයස හවුුරුද සත සාළිසක් නොහොත් අට සාළිස් යයි කිව හැකි යි. හිරු රැසින් දැවී මැලවී ඩා දියෙන් තෙමී ගිය මුහුණ පැත්තක් වැසෙන සේ යම් කේතුවෙකින් යුක්ත ශිරස්කයක් හේ ලා සිටියේ ය. කසාවන් දළ පිළියෙන් පිළියෙළ කොට රිදී අංකරයෙකින් කර පියවා අඳින ලද ඉහිල් අංගරකාව අස්සෙන් ලොමින් ගැවැසි ඔහු ළ පැත්ත පෙනිණි. දෙපට කොට ඇඹරූ රැහැනක් සේ හගළ දෙපසින් රැඳ රෙදි පටියෙක දවටා ඇඳ සිටි සරුවාලය නිල් මෙට්ට රෙදි වර්ගයෙකින් මසන ලද්දෙකි ය. පැරැණිය; එක් දණ හිසෙකින් ඉරී වියැකී අනෙක් දණහිසෙන් සායම් දිය වී සුදට පෙනිණ, කමිසයට උඩින් ඇඳ සිටි කංචුකය ද අණ්ඩ ඇල්ලුණු වැරැහැල්ලෙකි. කට ගහ පිරි ලොකු අලුත් ඔලොඟුවක් පිටෙන් එල්ලා ගෙන සිටි ඔහු අතෙහි ගැට ​ෙමාට මහ මුඟුරෙක් ද පාද ජාලා සහිත දෙපයෙහි යකඩ ඇඩි ගැසුණු සපත්තු සඟලෙක් ද විය. ඔහු හිස මුඩුය; රැවුල මහත්ය. ඩා දිය, දාහය, දූලි, ගමන් විඩාව යන මේ ආදිය නිසා මගියාගේ දුගී පෙනුම වඩාත් අශෝභන වී ය.

අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල විසින් 1953 වසරේ ලියා පළ කළ පෙරමුණ මුද්‍රණාලයයේ මුද්‍රිත ‘‘මනුතාපය’’ නම් කෘතියේ ප්‍රධාන චරිතය වූ ජනවර්ජන ගැන පළමු පරිච්ඡේදයෙන් හඳුන්වා දෙන්නේ ඒ ආකාරයටය. ප්‍රංශ මහා ලේඛක වික්ටර් හියුගෝ විසින් ලියන ලද ‘‘ද ලේ මිසරාබ්ල’’ (Les Miserables) නවකතාවේ සාංක්ෂිප්ත සිංහල පරිවර්තනයක් වූ ‘‘මනුතාපය’’ 1957-1960 ඉංග්‍රීසි සිංහල පොදු සහතික පත්‍ර විභාගයට නියමිත පාඨ ග්‍රන්ථයක් විය.

Les Miserables ඇසු​ෙරන් ඉංග්‍රීසි භාෂාවෙන් නිපදවූ 1935 වසරේ Twentieth century Pictures සමාගම විසින් චිත්‍රපටයක් නිපදවා ඇත. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ Fredric March ය. සෙසු චරිත රඟපා ඇත්තේ Charless Laughton, cedric Hardwicke හා Rochelle Hudson ය. අධ්‍යක්‍ෂවරයා Richard Boleslawski ය. 1935 අප්‍රේල් 20 වෙනිදා ලෝකය පුරා රටවල මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වූ අතර එහි ධාවන කාලය විනාඩි 108 කි. මෙහි ප්‍රංශ භාෂාවෙහි නිපැයූ I Miserabili චිත්‍රපට 1958 මාර්තු 18 වෙනිදා තිරගත වී ඇත. අධ්‍යක්‍ෂණය Jean - Paul Le chanois ය. චිත්‍රපටයේ ධාවනය කාලය විනාඩි 217 කි. ප්‍රධාන චරිතය රඟපා ඇත්තේ Jean Gabin ය.

මේ කතාව ඇසුරෙන් K. Ramnoth අධ්‍යක්‍ෂණය කළ Ezhai Padum Paady ‘‘එලෙයි පාඩම් පාඩු’’ ද්‍රවිඩ චිත්‍රපටය 1950 නොවැම්බර් 06 වෙනිදා තිරගත වී ඇති අතර එය ලාංකීය ජනතාවට නැරඹීමේ අවස්ථාව ලැබී ඇත. Chittor V. Nagaiah, M.N. Ranjam, Javar seetharaman ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 197 කි. මේ කතාව ඇසුරෙන් සොරාබ් මෝඩි (Sohrob Modi) නිපදවූ ‘‘කුණ්ඩාන්’’ (Kundan) චිත්‍රපටය 1955 තිරගත විය.

1956 අගෝස්තු 10 වෙනිදා තිරගත වූ ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයට ඍජුව බලපෑවේ Ezhai Padum Paadu (එලෙයි පාඩුම් පාඩු) දෙමළ චිත්‍රපටයයි.

1955 වෙන විට සිනමාස් සමාගම ‘‘සුජාතා’’ (1953) ‘‘වරද කාගේද’’, ‘‘රදළ පිළිරුව’’ (1954), ‘‘දොස්තර’’ (1956) චිත්‍රපට නිපදවා තිබුණී. මුල් වරට විදේශීය නව කතාවක් තම අලුත්ම චිත්‍රපටය සඳහා තෝරා ගැනීමට නිෂ්පාදක කේ. ගුණරරත්නම් සිතුවේය. ඒ සඳහා 1950 තිරගත වූ ‘‘එලෙයි පාඩුම් පාඩු’’ චිත්‍රපට කතාව​ තෝරා ගත්තේය. මේ චිත්‍රපටයේ මුල්ම නම ‘‘කාලකණ්ණියා’’ ය. සේලම් නුවර මොඩර්න් චිත්‍රාගාරයේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකුව සිටි ඒ. මිත්‍රදාසන් (ඇන්ටනි මිත්‍රදාස) අධ්‍යක්ෂවරයා විය. මේ චිත්‍රපටය රූප ගත කළේත් සිනමාස් සමාගම නිෂ්පාදනය කළ ‘‘රදළ පිළිරුව’’ මොඩර්න් චිත්‍රාගාරයේ රූගත කරන කාල​ෙය්දීමය. එහි අධ්‍යක්‍ෂවරයා වූයේ ටී.ආර්. සුන්දරම්ය. ‘‘රදළ පිළිරුව’’ ටී.බී. ඉලංගරත්න ද, ‘‘දුප්පතා​ගේ දුකට’’ සුදුසු අන්දමට සකස් කිරීමේ වගකීම පැවරී තිබුණේ හියුගෝ ප්‍රනාන්දුටය. එහි දෙබස් රචනා කිරීමටද එහි එන ‘‘පුර හඳ ලෙස මම බබලනවා’’ (ගායනය - ලතා), ‘‘ඉඟි බිඟි පාලා කුල්මත් වීලා’’ (ගායනය - ලතා හා දක්‍ෂිණමූර්ති), ‘‘සේතන් අයියාගෙ හෙ​ා්ටලෙ මේ’’ - (ගායනය - ඩොමී ජයවර්ධන හා ලතා) යන ගීත රචනා කිරීමටද ඔහුට භාර විය.
‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා එස්. දර්ශන මූර්තිය. එහි හියුගෝ ලියූ ගීත මෙන්ම ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ ‘‘චන්ද්‍රා කාන්ති සාගරේ’’ (ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා), ‘‘තමන් සතු ​ෙද් දෙන්න අනුන් සතු දේ නොගන්න’’ (ගායනය - ​​​ෙමාහිදීන් බෙග්), ‘‘ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ’’ (ගායනය - ලතා සහ පිරිස), ‘‘දුක් වේදනා වින්දේ අ​හෝ’’ (ගායනය - ජී.එස්.බී. රානි පෙ​ෙර්රා), ‘‘ආයි ආයි ලොව පෙරළෙනවා’’ (ගායනය - ලතා), ආනන්ද සමරකෝන් රචනා කළ ‘‘වෙසතුරු මහ රජිඳා’’ (ගායනය - මොහිදීන් බෙග්) ගීත අතිශයින්ම ජනප්‍රිය වී ඇත.

‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයේ කතාව විකාශනය වී ඇත්තේ මෙසේය.

බලදේව කරුණාබර හදවතක් ඇති පුද්ගලයෙකි. එහෙත් ඔහු දුප්පත්ය. දිළිඳුය. ඔහුට ආධාර උපකාර කිරීමට කිසිවකු සිටියේ නැත. ඔහුගේ නැඟනිය කණවැන්දුම් තැනැත්තියක් නිසා ඇයගේ සිඟිති දරුවන්ගේ නඩත්තුව සැළසීමට ද බලදේවට නොයෙක් දුක් ගැහැට විඳීමට සිදුවිය. දරුවන්ගේ කුස ගින්න නිවීමට ඇතැම්විට බැල මෙහෙවර කළේය. සොරකම් කළේය. වරෙක ඔහු පාන් ගෙඩියක් සොරකම් කළේ දරුවන්ගේ බඩගින්න බලා සිටිය නොහැකි නිසා ය. වරක් පාන් ගෙඩියක් සොරා ගනිද්දී ඔහු පොලීසියට හසු වී සිරගත වෙයි.

මේ අතර කම්කටොළු මැද කණවැන්දුම් නැඟනිය හා ඇගේ දරුවන්ට භයානක ඉරණමකට මුහුණ දීමට සිදු වෙයි. දරුවන්ගෙන් ඉතුරුවූයේ පද්මා නම් දරුව පමණි. වැඩිවියට පත් පද්මා මන පිනවන රූමත් තැනැත්තියක් වූවාය. අවාසනාවට ඇය කාමුකයකුගේ වසඟයට පත්ව අනාථ වෙයි.

බලදේව සිර ගෙදරින් නිදහස්ව ආ පසු ද අවුරුදු පහක් යන තෙක් පොලීසියේ පෙනී සිටිය යුතු විය. ඔහු කුසගින්නට ගෙයක් ගෙයක් ගානේ ගිය ද වතුර පොදක් දීමට ද කිසිවකු ඉදිරිපත් ​ෙනාවීය. වරක් ඔහුට නගරයේ පූජකතුමාගේ කරුණාව හිමි වී දේවස්ථානයේම නතරවීමට ඉඩ ප්‍රස්ථාව උදා විය. රාත්‍රියේ නින්දට ගිය ඔහු දිලිසෙන රිදී භාජන දැක ඒවා සොරා ගැනීමට ලොල් වෙයි. ඔහු එළිවීමට ප්‍රථම ඒ රිදී භාණ්ඩද රැගෙන යද්දී පොලීසියට හසු​ෙවයි. රිදී භාණ්ඩ ද බලදේව ද පොලිස් නිලධාරීහූ දේවස්ථානයට කැටුව යති. එහිදී පූජකතුමා ඔහු නිදහස් කර ගනී, තවත් රිදී බඳුන් ඔහුට දෙන පූජකතුමා ‘‘මේවා විකුණා මුදල් කොට වෙළඳ ව්‍යාපාරයක් අරඹා දියුණු වීමට’’ උපදෙස් දුන්නේය.

දැන් බලදේව නගරයේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයා ය.

ඔහු දුප්පතුන්ට උපකාර කළේය. ඒ වෙනවිට මියගිය පූජකතුමාගේ උපදෙස් ඔහු අකුරටම පිළිපැද්දේය. ඔහු නගරයේ නගරාධිපතිවරයා වෙයි. ජනතාව ඔහුට කැමැතිය. ඔහුගේ පරිත්‍යාගශීලී ගති ගුණ කවුරුත් අගයති.
එහෙත් ඔහුට සතුරෙක් සිටියේ ය. ඒ ඉන්ස්පෙක්ටර් ජයසිංහ ය. ඔහු නීතිය අකුරටම ඉටුකරන අවංක එහෙත් හදවතේ තෙතමනයක් නැති පුද්ගලයෙකි. සිරගෙදර සිටම දැන සිටි ඔහුට නව නගරාධිපතිවරයා නීතියේ රැහැනට හසුකර ගත හැකි මං සෙවීය. ඒ හැම අවස්ථාවකම බලදේව හිතට අවංකව ඇත්ත කීවද අධිකරණය එය පිළි නොගනී. ඉන්ස්පෙක්ටර් ජයසිංහ ඒ හැම තැනකදීම පරාජයට පත්වෙයි. අවසානයේ ඔහු නීතියේ ගරුත්වය ගැන සිතා දිවි නසා ගනී, බලදේව යහපත් ජීවිතයකට පිවිස, නැති බැරි අයට උදව් කරයි.

බලදේවගේ චරිතය රඟපෑ​ෙව් වේදිකාවේත්, සිනමාවේත් ජය කෙහෙළි නංවා සිටි ලැඩී රණසිංහ ය. ලැඩීගේ විශිෂ්ට රඟපෑම පොදු ප්‍රේක්‍ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ ප්‍රසාදයට හේතු විය. ඉන්ස්පෙක්ටර් ජයසිංහ ලෙස රඟපෑවේ මාක් සමරනායක ලැඩීට නොදෙවෙනි ලෙස රඟපෑවේය. මාක්ගේ ද චිත්‍රපට ජීවිතයේ විශිෂ්ටතම රඟපෑම වූයේ මේ චරිතයය.

ලැඩී හැමවිටම කීවේ මේ චිත්‍රපටයේ හොඳම නළුව තමා නොව මාක් කියාය. මාක් කීවේ තමා යම් සාර්ථක රඟපෑමක් ඉදිරිපත් කළ ද එයට බලපෑවේ ලැඩී කියාය. ‘‘කතා දෙකක් නෑ ලැඩී තමයි මිනිහා. හොඳම නළුවා ඔහු’’ මාක් කියා ඇත.

ලැඩී පාන් ගෙඩියක් සොරා ගන්නා දර්ශනය ගැන මහජන ප්‍රදර්ශක මණ්ඩල මැසිවිලි නැඟූ බවක් අපට අසන්නට ලැබුණි. චිත්‍රපටය සමඟ තිරගත වූ ‘‘වෙස්සන්තර’’ ජාතකය ඇසුරෙන් නිපදවා තිබූ දර්ශනාවලියට මහජන ප්‍රදර්ශක මණ්ඩලයේ විරෝධය පළ වී ඇත. 1956 අගෝස්තු 17 වෙනදා ‘‘ජනතා’’ පත්‍රයේ ‘‘වෙස්සන්තර නැටුම කෝ?’’ ගැන මැයෙන් රාජා තිලකරත්න ප්‍රවෘත්තියක් පළ කොට තිබුණි. තම චිත්‍රපටයේ එන ‘‘වෙස්සන්තර ගීය’’ (මොහිදීන් බෙග් ගැයූ වෙසතුරු මහ රජිඳ’’ ගීත මහජන ප්‍රදර්ශන මණ්ඩලය මගින් කපා ඇතැයි නිෂ්පාදක කේ. ගුණරත්නම් තැපැල් ඇමති ඒ.සී.එස්. මරික්කාර් මහතාට පැමිණිලි කොට තිබුණි. පරීක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයන් වූ කොළඹ නගරාධිපති වී.ඒ. සුගතදාස රජයේ කලායතනයෙ​් අධිපති ජේ.ඩී.ඒ. පෙ​ෙර්රා, පොලිස්පති ඔස්මන්ඩ් ද සිල්වා යන මහතුන් ගුණරත්නම් ගේ ඉල්ලීමට පක්ෂපාතී වී ඇති බව ‘‘ජනතා’’ පත්‍රයේ පළ වී ඇත.

මහජන ප්‍රදර්ශනයට සුදුසු නැතැයි මහජන ප්‍රදර්ශන මණ්ඩලය කපා දැමූ ‘‘වෙස්සන්තර ගීතය’’ ඇතුළත් ගීතය යළිත් ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටය සමඟ පෙන්වීමට මහජන ප්‍රදර්ශන පාලක සභාවේ සභාපති සර් රාසීක් ෆරීඩ් අනුමැතිය දුන් බවත්, චිත්‍රපටයෙන් පරිබාහිරව ආරම්භයේදීම මෙය ප්‍රදර්ශනය කිරීමට අවසර දුන් බව 1956 අගෝස්තු 23 වෙනිදා ‘‘ජනතා’’ පත්‍රයේ පළ වී තිබුණි. ‘‘වෙස්සන්තර’’ ​ෙකටි චිත්‍රපටයේ වෙස්සන්තර රජු මෙන් ඇල්ප්‍රඩ් එදිරිමාන්න ද ක්‍රිෂ්ණජිනා ලෙස සෝමා විලියම් (පසුව ‘‘චණ්ඩාලි’’ චිත්‍රපටියේ සෝමා මහවලගේ) රඟපෑහ.

‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටය ගැන විචාරයක් ලියූ කරුණාසේන ජයලත් (1956 අගෝස්තු 22 බදාදා - ලංකාදීප) බලදේවගේ හා ඉන්ස්පෙක්ටර් ජයසිංහගේ චරිත ගැන මෙසේ කියා තිබුණි.

‘‘බලදේව ලෙස රඟ පෑ ලැඩී රණසිංහ මුල සිටම අග දක්වා චිත්‍රපටයේ බර කර පිටින් ගෙන යයි. ඔහුගේ හැම වචනයක්ම, ඉරියව්වකම බැල්මකම උසස් නළුවකු නිරූපණය වී සිටී. ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයේ ඊළඟ නළුවා මාක් සමරනායකය. කඩතොළු නැතිව ඔහු දක්‍ෂ ලෙස සිය චරිත නිරූපණය කරයි. දුෂ්කර වූ අවසාන කොටස ඔහු විශේෂ දක්‍ෂතාවයකින් ඉටු කරයි.’’

ලැඩී රණසිංහ කියා තිබුණේ සිනමා ජීවිතයේ තමා රඟ පෑ අසීරුම චරිතය බලදේවගේ චරිතය බවයි. එක් දර්ශනයක දී තමා ස්ටැන්ලි පෙරේරා කරේ තබාගෙන විශාල පාලමක් යට වූ බෝක්කුවක් දිගේ වතුර පීරාගෙන යන අසීරු අවස්ථාව මට විස්තර කළේ මුහුණෙ ඉරියව් මවමින් ඔහුගේ ගැඹුරු හඬ අවදි කරමිනි.

‘‘මේ දර්ශනය දින තුනක් කැමරා ගත කළා. වතුරේ සිටි නිසා සීතලය සෑදී ඇඟ කැසීම නිසා මා සේලම් රෝහලක දින තුනක් ගත කළා. මේ දර්ශනය ඔබ දකින විට ඒ සඳහා මම කොතරම් දුකක් වින්ඳා ද යනු ඔබට තේරුම් යනු අැති.’’

ඉන්ස්​ෙපක්ටර් ජයසිංහ ලෙස රඟපෑ මාක් සමරනායක වැලිවේරියේ තම නිවසේ දී තමා රඟපෑ අවස්ථාවක් ගැන මට මෙසේ විස්තර කළේය.

‘‘මේ චිත්‍රපටයේ බලදේවගෙ​් නැඟණිය ලෙස රඟපෑවේ මගේ බිරිඳ පර්ල්. ඒ වගේම බලදේවගේ කුඩා ලේලිය ලෙස ‘‘බඩගිනියි මා​ෙම්’’ කියා හඬන්නේ මගේ දියණිය ශිරානි. මගේ ජීවිතේට අමතක නොවන දර්ශනයක් තිබුණා. ලැඩී වරෙක ධර්මවර්ධන කියන නගරාධිපති ලෙස රඟපානවා. මම පොලිස් ඇඳුමින් සැරසී ඔහු අසළට ඇවිදගෙන එනවා. ඔහු මට ‘‘එන්න එපා ඉන්ස්​ෙපක්ටර් මා ගාවට’’ කියලා පුටුවකින් ගහන දර්ශනයක් තිබුණා. දර්ශනය ඉස්සර වෙලා මම ලැඩීට කිව්වා,

‘‘මචං මට හෙමින් ගහපන්’’ මම ලැඩීට පින්සෙන්ඩු වුණා.

ඒත් ලැඩී මට ඇත්තටම ගැහැව්වා. මගේ හිසේ තිබුණ ​ෙපාලිස් කැප් එක හිල් කරගෙන ගිහින් පුටුවේ තිබුණු ඇණයක් මගේ හිස පසාරු කරගෙන ගියා. ලැඩී මාව වැළඳගෙන ‘‘මචං මට සමාවෙයන්’’ කීවා. මම දන්නවා ලැඩී ඕනෑකමින් හිතල මතල කිසිවක් කරන්නේ නැති නළුවෙක්. හැබැයි මේ දර්ශනය අගේට කැමරා ගත වුණා. මගේ තුවාලයට බෙහෙත් දා ගන්න රෝහලට යන්න සිද්ධ වුණා.’’

‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් ලංකාවේ තිරගත වී ඇත. ඒ සඳහා අධ්‍යක්‍ෂ මිත්‍රදාසන් ඇතුළු පිරිස ලංකාවට පැමිණ ඇත. මේ චිත්‍රපයේ ඩොමී ජයවර්ධන, කාන්ති ගුණතුංග, ස්ටැන්ලි පෙරේරා, ගර්ලි ගුණවර්ධන, හියුගෝ ප්‍රනාන්දු, මිලී කහඳවල, උදුලා දාබරේ, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, බන්දු ගුණසේකර සෙසු චරිත රඟපෑහ.

1956 වර්ෂයෙහි තිරගත වූ චිත්‍රපට සඳහා ලංකාදීප පත්‍රය සංවිධානය කළ 1957 අප්‍රේල් 07 වෙනිදා පැවැත්වූ දෙවැනි දීපශිඛා සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයේ බලදේව ලෙස රඟපෑ ලැඩීය. නිළිය වූයේ ‘‘රේඛාවේ’’ රඟ පෑ අයිරාංගනී සේරසිංහ ය.

1957 වසරේ ජනවාරි 25 වැනිදා තිරගත වූ ‘‘සිරකරුවා’’ චිත්‍රපටයට ද පාදක වූයේ මේ කතාවම ය. එහි ප්‍රධාන නළුවා ලෙස රඟපාමින් චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ සිරිසේන විමලවීර විසිනි.

‘‘මා වික්ටර් හියු​ගෝ නම් විශිෂ්ට ප්‍රංශ නවකතාකරුවා ගේ ‘‘ද මිසරාබ්ල’’ ඇසුරෙන් තැනූ දෙමළ චිත්‍රපටයේ රූපරාමු ඒ විදිහටම අනුකරණය කළේ නෑ. මට අවශ්‍ය වූයේ ඒ කතා තේමාව අරන් දේශීයත්වයක් මනුෂ්‍යත්වයත් මතු කිරීමට. ඒ නිසා ම​ගේ සිරකරුවා ඉංග්‍රීසි චිත්‍රපටය වත් දෙමළ චිත්‍රපටයේත් අනුකරණයක් නොවෙයි.’’ සිරිසේන විමලවීරයන් සිනමා සඟරාවකට කියා තිබුණි.

‘‘සිරකරුවා’’ චිත්‍රපටයේ එක දර්ශනයකට ද මහජන ප්‍රදර්ශන මණ්ඩලයේ වාරණයට ලක්වී ඇත. එහි ප්‍රධාන සිරකරු ‘‘එක ආප්පයකට දහ අට අවුරුද්කට සිර බත් කන්න සිදුවුණා’’ යන දෙබසේ ‘‘එක අාප්පයක්’’ යන දෙබස් ඛණ්ඩය වාරණය කර ඇත. මේ චිත්‍රපටයේ සිරිසේන විමලවීර, එන්.ආර්. ඩයස්, එච්.එස්. ජෝතිපාල, ප්‍රේම කාන්ති, උපසේන විමලවීර රඟපෑහ.

කෙ​ෙස් වුවද වික්ටර් හියුගෝ නම් ප්‍රංශ නවකතාකරුගේ ‘‘ද ලා මිසරාබ්ල’’ නවකතාව සිංහල සිනමාවටද බලපෑ බව මේ කරුණුවලින් පැහැදිලිවේ. ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටය සිංහල සිනමා වංස කතාවේ සුවිශේෂී මං සළකුණකි. ඒ චිත්‍රපටයේ රඟපෑ හා වෙනත් අයුරින් සම්බන්ධ වූ නළු නිළියන් බොහෝ දෙනකු අද ජීවිතයෙන් සමුගෙනය. අපට යම් තොරතුරක් ගැනීමට හැකි වන්නේ කාන්ති ගුණතුංග හා උදුලා දාබරේ යන නිළියන් දෙදෙනාගේ හා බන්දු ගුණසේකර නළුවාගෙන් පමණි.
0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
27 Feb 2020 10:13 AM
supiri
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Feb 2020 04:53 PM
37. සුරතලී

තිරගත කළ දිනය: 1956-09-19

Main Actor : Ravindra Rupasena
Main Actress : Leena De Silva
Director : Syril P. Abeyrathna
Producer : Jaber A.Kadar
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Feb 2020 05:03 PM
හින්දි චිත්‍රපටයකින් හැදූ ‘සුරතලී’ චිත්‍රපටය

සුදත් හා සුසිල් ගජ මිතුරන් දෙදෙනෙකි. එහෙත් ඔවුන්ගේ ගති ගුණ අහසට පොළොව මෙන් දුරස්ථය. සුදත් සාමාන්‍ය පවුලක චාම්, සරල ජීවිතයක් ගත කරන අහිංසක ගති පැවතුම් ඇති තරුණයෙකි. සංගීතයට කැමති ඔහු මැන්ඩලීනය වාදනය කරමින් තනිවම සතුටක් ලබයි. ධනවත් තරුණයකු වූ සුසිල් විනෝදකාමියෙකි. සල්ලාල ගති ගුණ ඇත්තෙකි. දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වූ ඔහුගේ ඇතැම් ගති ගුණ සුදත් අනුමත නොකළ ද ඔවුන්ගේ මිතුදමට එයින් බාධාවක් නොවීය. නුවරඑළියේ සුසිල්ගේ වත්තක නිවාඩුවක් ගත කිරීම සඳහා සුදත්ට ඇරැයුම් ලැබෙයි. සුදත් නුවරඑළියට ගියේ සුසිල්ගේ මොරිස් මයිනර් කාර් එකෙනි. ඔවුහු අතරමඟදී දිය ඇල්ලක දිය නාමින් ගී ගයමින් සිටින තරුණියන් පිරිසක් දකිති. කෙළිලොල් ගති ඇති සුසිල් බිමට බැස්සේය. තරුණියන් අතර සිටි මානෙල් විසින් වෙනත් පැත්තකට වීසි කරන ලද මඩ පහරක් සුසිල්ට වැදීම නිසා මහත් අකරතැබ්බකට මුහුණ දුන්නේය. මේ තරුණිය පිළිබඳ අදහසක් ඇති වූ සුසිල් ඇය හා ආදර සබඳතාවක් ඇති කර ගැනීමට සිතා ඇය ලවාම තමාගේ ඇඟේ වූ මඩ පැල්ලම මකා දැමීමට මාර්ගයක් උදාකර ගත්තේය. තරුණිය එනම් - මානෙල් මේ සිද්ධිය නිසා සුසිල් කෙරෙහි ආදරයක් ඇති කර ගත්තාය. යළිත් ඉක්මනින් හමුවන පොරොන්දුව පිට සුසිල් මානෙල්ගෙන් සමුගත්තේය. සුදත් සමඟ තම වත්තට ගිය සුසිල්ගේ පරම අදිටන වූයේ මානෙල්ගේ පහස ලබා සතුටුවීමටය. මිතුරන් දෙදෙන බංගලාවට යන විට එහි මෙහෙකාර පොඩියන් සියලු පහසුකම් සලසා තිබුණි. තම මිතුරු සුසිල්ට වූ ඇබැද්දිය ගීතයට නැඟූ සුදත් මැන්ඩලීනය ගෙන එය වයමින් ගීතයක් ගැයුවේය.

‘පිටිසරෙහි අගේ සිරි නරඹමිනේෙ
ගිය ගමනක විසිතුරු කියමි මෙසේ
මම ගයමි මෙසේ
දිය කෙළින ලෙසේ පිරිවැරුණ තොසේ
කෙල්ලන් දැක ධනපති කොල්ලෙකුගේ
සිතු උමතු වුණේ
මරු විකල වූවෙකු ලෙස කෝපයෙනේ
වැදි මුහුණ පුරා මඩ පහරයෙනේ
මැත දොඩමින පැන ගිය නමුදු අනේ
සිනහවට ඇගේ ඔහු වසඟ වුණේ
නාදලු වැනි මේ තොල් රතට රතේ
නිල්මිණි පරදයි නෙත් සඟළ ඇගේ
සිහිනිඟ රිය සක වැනි උකුළ ළැමේ
රණ තිසරු ගෙනෙයි පෙම් ලොවක සැපේ
(ගායනය - ධර්මදාස වල්පොල)

සුදත් හා සුසිල් මේ දැකුම්කළු පරිසරයේ සතුටින් කාලය ගත කරති. සුසිල්ගේ වතුයායේ හුදෙකලාවේ සැරිසැරූ සුදත්ට දිනක් සේපාලිකා මල් නෙළමින් සිටින සුරූපී තරුණියක් හමුවෙයි. ඇයගේ නියම නමට වඩා ගම්මානයේ ප්‍රකටව සිටියේ “සුරතළි” නමිනි. සුසිල්ගේ බංගලාවේ උඩු මහලේ රාත්‍රියේ හුදකලාවේ සුදත් මැන්ඩලීනය වයමින් ගී ගයන විට ඒවා රසවිඳීමට සුරතලී සෑදී පැහැදී සිටියාය. මේ පරිසරය ඔස්සේ සුදත් හා සුරතලී අතර ප්‍රේමයක් ඇතිවිණ. සුදත්ගේ පරම පවිත්‍ර පැතුම වූයේ සුරතලිය විවාහ කර ගෙන සැපවත් ජිවිතයක් ගත කිරීමටය. නගරයේ තරුණියන් ඇසුරු කරන සුසිල්ගේ අදිටන වූයේ පිටිසරින් හමු වූ මානෙල්ගෙන් අයුතු ප්‍රයෝජන ලබා විනෝදවීමටය. තරුණ මිතුරන්ගේ මේ පෙම් හබ පෙම්වතියන්ගේ මාපියන්ට ආරංචි විය. සුසිල්ට මෙයින් යම් සහනයක් ලැබුණේ මානෙල්ගේ පියාට ඔහු රැකියාවක් ලබා දුන් නිසාය. එබැවින් ඔහුගෙන් සුසිල්ට බාධාවක් නොවීය. දිනක් රාත්‍රියේ සුසිල්ගේ අභිප්‍රාය ඉටු කරමින් මානෙල් ඔහු අතින් අනාථ වූවාය. මෙය වැළක්වීමට සුදත් ගත් උත්සාහයෙන් පළක් නොවීය. මේ නිසා සුදත් තම මිතුරා පිළිකුල් කළේය.

එක්තරා පුන් පොහොදාක මහ රෑ සිය නවාතැනින් උඩුමහලට වී බුදුගුණ ගීතයක් සුදත් ගයනු සුරතලී අසා සිටියාය.
සාධූ ශ්‍රී මේ ලෝ හී පතුරා
මේ පූර්ණ පොහොදා රාජනීය අහසේ නැගෙනා
සාධු ශ්‍රී
ශ්‍රද්ධාලෝකය හැම තැන විහිදා සාධු ජනා පුබුදා
තිලෝගුරු ස්වාමිගෙ ත්‍රෛ මංගල ශ්‍රී
ලෝ සතහට දුන් දිනය සිහි වේ නෑර අදා”
(පසුබිම් ගායනය - ධර්මදාස වල්පොළ)

බුදුගුණ ගීතයක් ගයන සුදත් හදිසියේම දුටුවේ සිය පෙම්වතිය (සුරතලී) මහ රෑ කෙසෙල් ගසක් යටට වී තමා විසින් ගයන බුදුගුණ ගීතය අසා සිටින බවය. සුදත් හනික කළේ තම පෙම්වතිය හැකි ඉක්මනින් ගෙදර බලා යැවීමය. එතැනට පැමිණි සුරතලීගේ පියා සමඟ ඒදණ්ඩ උඩ දී කළ සටනක ප්‍රතිඵලය වූයේ සුදත්ට සති කිහිපයක් කොළඹ රෝහල් ගතවීමය. සිය පෙම්වතා නැතිව ළතැවී සිටි සුරතලී ඔහු සොයා මහ මඟට බැස්සාය. කොළඹ පැමිණි ඇය ගණිකා මඩමක නවාතැන් ගන්නේ තම පෙම්වතා සොයා දෙන පොරොන්දුවක් දුන් ස්ත්‍රියකගේ මුසාබසට හසුවීමෙනි. සුරතලී මේ කිසිවක් නොදැන සිටියාය. මේ ගණිකා මඩමට නිතර යන එන සුසිල් තම මිතුරු සුදත්ගේ පෙම්වතිය බව දැන දැනම ඇයට අතවර කිරීමට සූදානම් වන විට සුරතලීගේ පහරකින් ලේ සහිතව ඔහු බිම ඇද වැටෙයි. සුදත් නැඟී සිටීමට පෙර එතැනින් පැන යන සුරතලීට ශබ්ද විකාශන යන්ත්‍රයකින් තම පෙම්වතා වූ සුදත් ගීතයක් ගයනවා ඇසෙයි. ඇය ඔහු සොයා දුෂ්කර ගමනක් යයි. සුදත් හමු වී සියලු පුවත් පවසන්නීය.

ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන සුදත් සුසිල් සොයා ගොස් කරුණු පහදාදෙයි. ඉන් පසු සුසිල් සමග මානෙල් සොයා ගොස් ඔවුන් විවාහ කර දීමට කටයුතු කරති. සුදත් හා සුරතලිය විවාහ වන්නේ ඉන් පසුවය. හතර දෙනාම සුසිල්ගේ මොරිස් මයිනර් රථයෙන් ගීතයක් ගයමින් සතුටින් ගමන් ගනිති.

‘පුදුමයකි ලෝකෙ මැවුණා වූ ප්‍රේමේ
ගයමු අමා පෙම් ගීතා විනෝදේ
ස්ථිර ආලේ පෑ මා හදේ
සිරියාවි මා ඔබේ සැමදා වෙමි ප්‍රියේ
සැප සදනා ප්‍රේමේ ඔබ වේය මාගේ
දෙව් ලෝ සැපා නැතේ පෙම් ලෝ විනා මෙසේ”
(පසුබිම් ගායනය - ධර්මදාස වල්පොල, ජී.එස්.බී. රාණි, ස්වර්ණා අබේරත්න, එච්.ආර්.ජෝතිපාල)

1956 සැප්තැම්බර් 19 වැනිදා තිරයට පැමිණි 36 වෙනි සිංහල චිත්‍රපටය වූ “සුරතලී” චිත්‍රපටයේ කතාව විකාශය වන්නේ ඒ ආකාරයටය. මේ චිත්‍රපටය සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කළේ ජබීර් ඒ. කාදර්ය. 1949 වසරේ ප්‍රදර්ශනය කළ රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ BARSAAT චිත්‍රපටයේ කතාව ඇසුරෙන් සුරතලී කතාව සකස් කර ගෙන ඇති බව පැවසේ. “බර්සාත්” ප්‍රධාන චරිතය රඟපෑවේ රාජ් කපූර්, නර්ගීස්, ප්‍රේම්නාත් හා නිම්මිය. Barsaat යනු “වැස්ස” (Rainy Season) යන තේරුමයි. මෙහි ප්‍රධාන චරිත හතර ප්‍රාන් (රාජ් කපූර්) රෙෂ්මා (නර්ගීස්), ගෝපාල් (ප්‍රේම්නාත්) හා නීලා (නිම්මි) ය. මෙහි කතාව රාමනන්ද් සාගර් ගෙනි.

“සුරතලී” චිත්‍රපටයේ කතා පිටපත සිරිල් පී. අබේරත්න විසින් සකස් කර ඇත. සිරිල් මේ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයාද විය. අනෙක් සම අධ්‍යක්ෂවරයා ඉන්දීය ජාතික කේ. වෙම්බුය. සිරිල් චිත්‍ර ශිල්පියකු, නාට්‍ය රචකයකු, ගීත රචකයකු ද විය. කැලණියේ උපත ලබා කෑගල්ලේ ශාන්ත මරියා හා ගාල්ලේ සාන්ත ඇලෝසියස් විද්‍යාලවල ඉගෙනීම ලැබූ ඔහු, කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරාගෙන් චිත්‍ර කලාව ඉගෙන ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේම කලක් සේවය කොට ඇත. “සැකය”, “සිහිනය”, “අවිවාහක හිත”, “අවසාන හසුන” ඔහු රචනා කොට නිෂ්පාදනය කළ වේදිකා නාට්‍යය ය. එඩී ජයමාන්නගේ ඉතා ප්‍රකට “අච්චාරු භාෂාව” විකට ජවනිකාව ද ඔහුගේ රචනයකි. “සුජාතා” චිත්‍රපටයේ ද කතා පිටපත සකස් කළ ඔහු සුරංගනී චිත්‍රපටයේ ද අධ්‍යක්ෂවරයා ය.

“බර්සාත්” චිත්‍රපටයේ කතාව එහෙම පිටින්ම කොපි නොගෙන සුළු සුළු වෙනස්කම් ඇතුව “සුරතලී” කතාව දෙබස් හා ජවනිකා ලියූ සිරිල් පී. අබේරත්න ඊළඟට කළේ ඊට සුදුසු නළු නිළියන් සෙවීමය. ඔහුගේ සිතට නැඟුණේ “අහංකාර ස්ත්‍රී” චිත්‍රපටයේ රඟපෑ රවීන්ද්‍ර රූපසේන වෙතය. ඔහු සුදත්ගේ චරිතයට තෝරා ගත් පසු සුරතලීගේ චරිතයට සුදුසු නිළියක් සෙවීය. විසඳුම ගෙනාවේ රවීන්ද්‍ර රූපසේනය. “මිස්ටර් අබේරත්න මේ චරිතයට හොඳ ළමයෙන් ඉන්නවා. “අහංකාර ස්ත්‍රී” චිත්‍රපටයේ “ලංකා මාතාව” හැටිය රඟ පෑ පුංචි කෙල්ලක්. නම ලීනා ද සිල්වාය. ඇය ඉන්නේ මරදානේ ආනන්ද බාලිකාව ගාව පන්සල පාරේ. මගේ නංගිලා එක්ක ලීනා ආනන්ද බාලිකාවේ ඉගෙන ගන්නේ.” රවීන්ද්‍ර කීවේය. දිනක් සිරිල් පී. අබේරත්න, ගීත රචක විල්ප්‍රඩ් ද සිල්වා හා රවීන්ද්‍ර සමග මරදානේ ටෙම්පල් පාරේ ලීනාගේ ගෙදරට ගියේය. මේ අතර ගුවන් විදුලියේ ආරියදාස පීරිස් ද ලීනාගේ ඡායාරූපයක් තමාට දී තිබූ බව අබේරත්නට මතක් විය. ලීනා දුටු අබේරත්න ඇය ගැන දෙවතාවක් නොසිතා සුරතලීගේ චරිතයට තෝරා ගත්තේය. චිත්‍රපටයේ එන මානෙල් නම් අහිංසක චරිතයට “පුදුම ලේලි” හා “දොස්තර“ චිත්‍රපටවල රඟ පෑ සිරිමතී රසාදරීව තෝරා ගත් අධ්‍යක්ෂවරයා සුසිල් නම් දඟකාර, විනෝදකාමී තරුණයාගේ චරිතය සඳහා අලුත් චරිතයක් හඳුන්වා දීමට සිතුවේය. එදා සිනමාවේ දුෂ්ට චරිත රඟ පෑ ඩොමී ජයවර්ධන, මාක් සමරනායක මේ චරිතයට උචිත නොවේ යයි මුල සිටම ඔහු සිතා තිබුණි. දිනක් සිරිල් පී. අබේරත්න මරදානේ සිට බොරැල්ල දෙසට ට්‍රොලි බස් රියක ගමන් කරමින් සිටියේය. ෆුට්බෝල් ක්‍රීඩා කරන විට අඳින ජර්සියක් ඇඳගෙන බූට් දෙක කරේ දාගත් දහඩියෙන් මුහුණ පිසදමමින් කඩවසම් තරුණයෙක් ට්‍රොලි බසයට නැග්ගේය. අබේරත්නගේ උකුසු ඇස් දෙකට මේ තරුණයා හසුවිය. මේ තරුණයාගේ නම ආනන්ද ජයරත්නය. ආනන්ද 1972 මට “සරසවිය” පත්‍රයේ සේවය කරන කාලේ තමා “සුරතලී” චිත්‍රපටයට තෝරා ගත් සැටි කියා තිබුණි. ඒ කාලයේ මම ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස මා උපන් බණ්ඩාරවෙල උගන්වමින් සිටියේ. මම එදා (1955) කොළඹට ආවේ ලංකා පාපන්දු කණ්ඩායමේ තරග පුහුණුවකටය. මා සමග ලංකා කණ්ඩායමට පීටර් රණසිංහ, හෂීම් ඩීන්, ටී.ඇම්. ඔසන් වගේ “ෆුට්බෝල් ස්ටාස්ලා” සෙල්ලම් කළේ. මටත් ඕනෑ වුණේ “පාපන්දු තරුවක්” වීමටය. මා ළඟ හිටිය මහත්තයෙක් මගෙන් මෙහෙම ඇසුවා.

“මිස්ට කැමති නැද්ද චිත්‍රපටයක රඟපාන්න? ඔබට ඒ සඳහා අවශ්‍ය හැඩ රුව තියෙනවා.
“කවුද ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් අකමැති” මම කිව්වා.
“මගේ නම සිරිල් පී. අබේරත්න. “සුරංගනී” චිත්‍රපටයේ අධ්‍යක්ෂ. මේ දවස්වල මම “සුරතලී” කියලා චිත්‍රපටයක් සැලසුම් කරනවා. එකේ තියෙන සෙල්ලක්කාර, විනෝදකාමී චරිතයට ඔබ හොඳට ගැළපෙනවා. ඔබ සිගරට්ටුව බොන විදිහ මම නිරීක්ෂණය කළා. මගේ චිත්‍රපටයේ ඒ විනෝදකාමී චරිතයට ඒක හොඳට ගැළපෙනවා.

ආනන්ද ජයරත්න “සුරතලී” හි සුසිල් වූයේ මේ අයුරිනි.

ආනන්දට මුලින්ම රඟපෑමට අවස්ථාව ලැබී ඇත්තේ ගීතමය ජවනිකාවකි. තමාට අයත් වතුයායේ ගීතයක් ගයමින් අවට සොබා සිරිය නරඹමින් ගයන මේ ගීතය ආනන්දට සරිලන ලෙස ගැයීමට සුදුසු ගායකයකු අධ්‍යක්ෂවරයා සෙවීය. ඒ අනුව එච්.ආර්. ජෝතිපාල නම් ජනප්‍රිය ගුවන් විදුලි ගායකයා ‘සැඩසුළං’ චිත්‍රපටයේ රඟපෑ ‘සුරතලී’ චිත්‍රපටයේත් රඟපෑමට තෝරාගෙන සිටි ඇම්.පී. ගැමුණු විසින් සිරිල් පී.අබේරත්නට හඳුන්වා දෙනු ලැබීය. ජෝතිපාල හඬට සතුට පත් වූ ඔහු නිෂ්පාදක ජබීර් ඒ. කාදර්ට හඳුන්වා දෙනු ලැබීය. විල්ප්‍රඩ් සිල්වා රචනා කළ ඉන්දීය ජාතික චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ ටී.ආර්. පාපාගේ සංගීත සංයෝජනයට ජෝතිපාල ගැයූ මේ ගීතය ආනන්ද ජයරත්නට ජාඩියට මූඩිය මෙන් ගැළපුණේය. එය එදා අතිශයින්ම ජනප්‍රිය වූ ගීතයක් විය.

‘සිරියා මේ සාරා නැගෙවි හද මෝරා
දී ප්‍රේමේ අමධාරා, හෝ ප්‍රේමේ අම ධාරා
ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා
හෝ.... හෝ....

ප්‍රධාන චරිතවලට රවීන්ද්‍ර, ලීනා, ආනන්ද හා සිරිමතී තෝරා ගත් අධ්‍යක්ෂ අබේරත්න ඔවුන් ජබීර් ඒ. කාදර්ට අයිති මරදානේ ක්‍රවුන් සිනමා හලේ උඩුමහලේ කාමරයක් වෙන්කර ඔවුන්ට දෙබස් කටපාඩම් කිරීමට දී නාට්‍යානුසරයෙන් එම දර්ශන පුහුණු කර ඇත. මාස ගණනක පුහුණුවකින් පසුවය නළු නිළි පිරිස හා අධ්‍යක්ෂකවරයා මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයට ගොස් ඇත්තේ.

‘සුරතලී’ චිත්‍රපටයේ රඟපෑමට ගොස් සිදු වූ ඇඟ කිළි පොළා යන සිද්ධීන් කිහිපයක් ඇත. එක් දර්ශනයක් රූගත වී ඇත්තේ බණ්ඩාරවෙලදීය. බණ්ඩාරවෙල ආනන්ද ජයරත්නගේ උපන් ගමය. එක් දර්ශනයක හැටියට සිරිමතී රසාදරී ජලාශයට පැන්න පසු ඇය බේරා ගැනීමට තිබුණේ ආනන්දට ලු. නියමිත වේලාවට සිරිමතී ජලාශයට පැන්නාය. ගත වූයේ සුළු මොහොතකි. ඇය ජලාශයේ ගැඹුරු තැනකට ඇදී ගිය බව අවට සිටි අය දැක නැත. හැම කාර්මික ශිල්පියකුම කාර්මික අංශයේ වැඩ කටයුතුවල යෙදී ඇත. කිහිප වතාවක් වතුර පෙවී ගිලුණු සිරිමතී නැවත වරක් උඩ එන විට ආධාර ඉල්ලා අත වනනු දුටු ආනන්ද තත්ත්වය තේරුම්ගෙන එක් වරම ඇඳුම් පිටින්ම දියට පැන සිරිමතීව ගොඩ ගත්තේය. ආනන්ද ගොඩට එන විට අධ්‍යක්ෂ කෝපයෙන් පුපුරා පුපුරා දුව ගෙන විත් ‘වැඩේ කෑවා වැඩේ කෑවා ඇයි මම ‘ඇක්ෂන්’ කියන්න ඉස්සෙල්ලා වතුර පැන්නේ’ යයි ආනන්දගෙන් විමසුවේ සිදු වූ දෙය කිසිවක් නොදැනයි. පසුව ආනන්ද සිදු වූ ඇත්තම සිද්ධිය කී පසු හැමෝම භීතියට පත් වී ඇත. එදා ආනන්ද මේ සිද්ධිය නුදුටුවා නම් සිරිමතී කෙනෙකු ඉන්පසු ප්‍රේක්ෂකයින්ට දකින්ට නොලැබෙනු ඇත. මේ සත්‍ය සිද්ධිය ප්‍රේමකීර්ති ජයසේන නම් ලේඛකයා විසින් ‘කලා’ සිනමා සඟරාවට ලියා තිබුණි

‘සුරතලී’ චිත්‍රපටයේ සුරතලී වූ ලීනාද සිල්වා තමා ලැබූ අත්දැකීමක් මට මෙසේ විස්තර කළාය.
චිත්‍රපටයේ රඟපෑමට ගොස් දින දෙකක් පිට පිටම රාත්‍රියේ සිට පාන්දර පහ දක්වා වතුර බාල්දි ගණනාවක් නහවද්දී සීතලේ වෙවුල වෙවුලා කැමරාවට මුහුණ දුන්නා. මේ අවස්ථාවේ රවීන්ද්‍ර රූපසේන ගීත ගායනා කරනවා. මම සිටියේ කුඩා ලෑලි පාලමක් උඩ. එම ඒදණ්ඩ කඩා වැටිලා මාව වතුරට වැටෙන කොට රවීන්ද්‍රට තිබුණේ මාව බේරගන්න. මේ දර්ශනය රූප ගත කරන්න මට මුළු රැයම වතුරේ ඉන්න සිදුවීම නිසා සති කිහිපයක් රෝහල් ගත වීමට සිදු වුණා.

‘සුරතලී’ චිත්‍රපටයෙන් තවත් අලුත් විකට නළුවකු සිනමාවට එක්විය. ඇල්.ඇම්. පෙරේරා නම් ඔහු ජබීර් ඒ. කාදර්ගේ සිනමාහලක කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටියේය.
ඇල්.ඇම්. රඟපෑවේ සුසිල්ගේ වතුයායේ බංගලාවේ පොඩියන් නම් ද්‍රවිඩ සේවකයා ලෙසය. රක්වානේ උපත ලැබූ ඇල්.ඇම්. ට වතු දෙමළ මිනිසුන්ගේ භාෂාව හොඳින් දැන සිටිය නිසා ඔහු ගී ගයමින් රඟන විලාසය දුටු නරඹන්නන් සිනා සයුරේ ගිලී ඇති බව වාර්තා වී තිබුණි.

මේ චිත්‍රපටයේ සෙසු චරිත රඟ පා ඇත්තේ මේ නළු නිළි පිරිසය. රෝහිණී ජයකොඩි (නෙළුම්), නිමලා අතපත්තු (කුසුමා), ප්‍රමිලා කුරප්පු (ක්ලැරිස්) ලිලියන් එදිරිසිංහ (ඇසිලින් නෝනා), ඇම්.පී ගැමුණු (කට්ටඩියා). මේ හැර සැම්සන් දිසානායක, ඇලෝයි විජේරත්න, ලෙනී ප්‍රනාන්දු, ආරියසිංහ කාරියවසම්, විල්ප්‍රඩ් සිල්වා රඟපා ඇත.

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘සිංහල චිත්‍රපට ගීතාවලිය 1947-1956’ කෘතියේ සඳහන් කර ඇත්තේ ‘සුරතලී’ චිත්‍රපටයේ සියලු ගී තනු හින්දි හා දෙමළ චිත්‍රපවලින් උපුටාගෙන ඇති බවය. ‘සිරියා මේ සාරා’ ‘සංගීතේ රසේ වෙලී’ ‘සීත ජලේ’ ‘ප්‍රේමේ මෝරන කාලේ’ ‘සාධු ශ්‍රී’ ‘ආලෝකේ දේය’ ‘පිටිස​රෙහි අගේ’ ‘ගීත දේවි’ යන ගීත ජනප්‍රිය වූ බවය. ධර්මදාස, ජෝතිපාල, රාණි හැර ස්වර්ණා අබේරත්න (සිරිල් පී.අබේරත්නගේ දියණිය) මේ චිත්‍රපටයේ ගීත ගයා ඇත.

බුදුන් වහන්සේ කෙලෙසුන් මැඩ ජයගත් පසුව උන් වහන්සේගේ ජයග්‍රහණය බිඳලීම පිණිස උන්වහන්සේ ඉදිරියෙහි රැගුම් දැක් වූ මරඟනන් පිළිබඳ නැටුමක් ‘සුරතලී’ චිත්‍රපටයට ඇතුළත් කරන බවත් මෙම චිත්‍රපටයේ රඟපෑමට එක් මරඟනක් සඳහා ඉන්දියානු චිත්‍රපට ලෝකයේ සුප්‍රකට ට්රැන්කෝර් සොහොයුරියන්ගෙන් කෙනෙකු වන රාගිනී නළඟන තෝරාගත් බව ඒ දිනවල පුවත්පත්වල පළ වී තිබුණි. ඒ පුවත දුටු ලංකා බෞද්ධ මණ්ඩලය සිනමාව මගින් මෙවැනි දේ පෙන්වීමට නුසුදුසු යයි කියා තිබූ නිසා ‘සුරතලී’ නිෂ්පාදක එම මරඟන රැඟුම වෙනුවට ‘ලියතඹරා’ කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කළ බව ආතර් යූ. අමරසේන ලියූ ‘සිංහලේ මහා සිනමා වංශය’ කෘතියේ සඳහන් වෙයි.

‘ලියතඹරා’ කෙටි චිත්‍රපටයේ නැටුම් අධ්‍යක්ෂණය කළේ ශේෂා පළිහක්කාර විසිනි. මේ මුද්‍රා නාට්‍යය. ට්‍රැවන්කෝර් නළඟන වූ රාගනිද ශේෂාගේ සරඳපානි කලායතනයේ නර්තන ශිල්පීන් වූ චන්ද්‍රා විජේතිලක, මානෙල් ඉලංගකෝන් සහ චාන්දනී නානායක්කාර ආදින් සහය වූ බව ද එම ග්‍රන්ථයේ සඳහන් වෙයි. මේ ලිපියේ එන ඇල්.ඇම්.පෙරේරා, ආනන්ද ජයරත්න හා රවීන්ද්‍ර රූපසේන පෙනී සිටින ඡායාරූප දෙක එම ග්‍රන්ථයෙන් සපයා ගත් බව කෘතඥතා පූර්වකව සඳහන් කරමි.

1956 ජුනි 19 වෙනිදා මහජන දර්ශනය ආරම්බ වුවද අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හා මැතිනියගේ ප්‍රධානත්වයෙන් ජුනි 12 වෙනිදා කොල්ලුපිටියේ ලිබර්ටි සිනමාහලේ දී විශේෂ දර්ශනයක් පවත්වා ඇත. එයට සියලුම නළු නිළියන්ද සහභාගි වී ඇත. මරදානේ සෙන්ට්‍රල් සිනමාහලේ මාස 2 යි දින 15 ක් තිරගත වී ඇත.

ඒ.ඩී. රන්ජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Feb 2020 05:09 PM
38. රම්‍යලතා

තිරගත කළ දිනය: 1956-11-25

Main Actor : Aruna Shanthi
Main Actress : Clarice De Silva
Director : A.B. Raja
Producer : S.M.Nayagam
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Feb 2020 05:10 PM

- රම්‍යලතා -

1956 - නොවැම්බර් මස 25 වෙනිදා තිරයට පිවිසි "රම්‍යලතා" , S.M. නායගම්, ශ්‍රී මුරුගන් නවකලා සමාගම මඟින් නිෂ්පාදිත 6 වෙනි චිත්‍රපටයයි. එය සිංහල සිනමාව ආක්‍රමණය කල 38 වෙනි චිත්‍රපටය ලෙස සැලකේ. මෙහි කතාව, නිෂ්පාදක නායගම් විසින් යයි නාමාවලියෙහි සඳහන් වුවද, සත්‍යවශයෙන්ම "රම්‍යලතා" චිත්‍රපටයට යොදා ගෙන ඇත්තේ, P. නාශේවර් රාවෝ සහ අංජලී දේවි රඟපෑ දේව්දාස් නැමැති තෙළිඟු චිත්‍රපටයට ඇතුලත් කතාවමය. මේ නමින් හිංදි චිත්‍රපට දෙකක්ද නිෂ්පාදනය කෙරින.
මෙම විත්‍රපටය අධ්‍යක්ෂනය කලේ ඊට පෙර 'අහංකාර ස්ත්‍රී' චිත්‍රපටය අධ්‍යක්ෂනය කල A බාස්කර් රාජ් විසනි. කැමරාව මෙහෙය වීම සඳහා S.S නාදන් යොදාගනු ලැබීය. ශබ්ද සංකලනය වොල්ටර් පී. ජයතිලක විසින් සිදුකල අතර සංස්කරනය S. රාමනාදන්ගෙනි. වේශ නිරූපනය සඳහා P.K. තංගප්පන්ගේ දායකත්වය ලැබින. නැටුම් පුහුණුව ශේෂා පලිහකක්කාරගේ මෙහෙයවීම යටතේ සිදුවිය. රම්‍යලතා - රූපගත කිරීමේ සහ රසායනාගාර කාර්යයන් කඳානේ සුන්දර සවුන්ඩ් විත්‍රාගාරය තුල සිදු කෙරින.
දෙබස් හාතිරනාකය ය. බෙන්ඩික් ප්‍රනාන්දුගෙන් සැකසුනු අතර සංගීතය අධ්‍යක්ෂවරයා R. මුත්තුසාමිය. රම්‍යලතා චිත්‍රපටය ඇතුලත් වු ගීත 12 හම ප්‍රබන්ධ කරනු ලැබුවේ බෙනඩික් ප්‍රනාන්දු විසිනි.

පසුබිම් ගායනා සඳහා ලතාවල්පොල ධර්මදාස වල්පොල සහ R. මුත්තුසාමි දායක වුහ.
රම්‍යලතා ගීත
1 මග බලා බලා ( ධර්මදාස වල්පොල)

2 පෙම්යාත්‍රාවතනා ( ලතාවල්පොල)

3 ප්‍රීතිය හර්දේ පුරා ( ලතා සහ පිරිස )

4 සසරේ මේ ප්‍රේමේ කාන්තාරයේ ( ලතා සහ ධර්මදාස වල්පොල)

5 ලෝ සුරා සුරයින්ගේ සුරා ( ධර්මදාස වල්පොල)

6 ආදරේ ශාපේදෝ (ලතා)

7 හර්දේ ඇයි මේ ( ධර්මදාස වල්පොල)

8 ඕ.. ප්‍රේමසිරි ( ලතා - ධර්මදාස වල්පොල)

9 සංගීතයේ සිරිරහ රසසේ ( ලතා වල්පොල)

10 මනමාලි ශෝක වෙලා ( ධර්මදාස වල්පොල)

11 ඕ... ප්‍රේමසිරී ( ළමා ගීය)

12 භූමිය මත සියළු සතට ( R.මුත්තුසාමි)

මෙම ගීත කලාහේන් ලේබලය යටතේ අංක 101 - 102 - 103 - 104 - 105 - ලෙසින් ග්‍රැමෆොන් තැටි නිකුත් කෙරින. මෙහි එන භූමිය මත ගීය කලින් H.R. ජෝතිපාල විසින් පටිගත කලද නමුත් චිත්‍රපටයට ඇතුලත් කර ඇත්තේ R. මුත්තුසාමි ගැයු ගීතයයි.

නළුනිලි
අරුණ ශාන්ති ( ප්‍රේමසිරි) ජීවාරත්නායක (ප්‍රභාවතී) මාක්සමරනායක(සනී) බෙන්ඩික් ප්‍රනාන්දු (ටිකිරි බංඩා) ට්‍රිශිලා මාටිස් ( ප්‍රභාවතීගේ මව) පියශිලි ෆොන්සේකා ( මංගෝ හාමි) බෙන්ජමින් ප්‍රනාන්දු ( කරෝලිස්) පිටිපන සිල්වා ( ගුරාවරයා) සුජාතා විජේසේකර ( ප්‍රභාගේ යෙහෙලිය) - රොමිලස් පෙරේරා ( වංශපාල) M. සිල්වා (මුදලි තුමා) දයා අමරතුංග ( මුදලි බිරිඳ) ඇතුළු පිරිස රංගනයෙන් දායක වුහ.

සීමාසහිත සිනමාස් සමාගමේ සිනමා ශාලා 13 ක ' රම්‍යලතා' පලමු වටයේදී ප්‍රදර්ශණය කර ඇත. නායගම් නිපද වූ මාතලන්. අහංකාර ස්ත්‍රී මෙන්ම රම්‍යලතා චිත්‍රපටය ද අතිශය ජනප්‍රිය වුනු ආදායම් වාර්තා තැබු චිත්‍රපටයක් ලෙස සඳහන් කල හැකිය.

ප්‍රේමසිරි සහ ප්‍රභාවතී බාල අවධියේ සිටම එකම පාසලේ එකම පංතියේ ඉගෙනුම ලබන, එකිනෙකාට ලෙන්ගතු කම් ඇති දරුවන් දෙදනෙකි. ප්‍රේමසිරිගේ පියා ධනමානයෙන් හා කුල මානයෙන් උදම්ව සිටින ප්‍රභූවරයෙකි. ඔහු ධනපාල මුදලිතුමා නමින් ගමේ කා අතරත් ප්‍රකටව සිටින්නෙකි. ඔහුගේ බිරිඳ ඉතා කාරුණික ගතිපැවතුම් ඇති දරු ස්නේහයෙන් පිරි ගුණවත් මාතාවකි.

ප්‍රේමසිරි ඉගෙන ගන්නා ගමේ පාසැල පවා ධනපාල මුදලිගේ මුදලින් ගොඩනගන ලද්දකි. එහි උගන්වන ගුරුවරයාට පවා වැටුප් ගෙවන ලද්දේ ඔහු විසිනි. දිනක් ප්‍රේමසිරි බොරු ලෙඩක් ඇති බව හඟවා පාසැලින් පිටව යනුයේ ප්‍රභාවතීටද පැමිනෙන ලෙසට ඉඟි කරමිනි.

ප්‍රේමසිරි බාලවයසේ සිටම දඟකාර කම්කරන - හිතුවක්කාර දරුවෙකි - දිනක් ඔහු සුළු වැරැද්ද්කට ප්‍රභාවතීට පහරදී කැලෑ පැන්නේය. ප්‍රභාවතිගේ ආච්චි වන මංගොහාමි ඒ බව මුදලි තුමාට පැමිණිලි කලේය. ඉන් කිපුනු ධනපාල මුදලි. ප්‍රේමසිරිට හොඳටම තැලුවේය.
ඔහු එසේ දඩුවම් දීමෙන්ද නොදැහී ප්‍රේමසිරිව අගනුවර පාසැලකට ඇතුළු කර ඔහු අවතේව සඳහා තම සේවක කරෝලිස්ද පිටත් කලේය. කෙළි සෙල්ලම් කිරීමට පුරුදුව සිටින ප්‍රභාවතීට ප්‍රේමසිරි ගමේ නොමැතිවීම නිසා කනස්නලු වුවාය.
වසර 15 ක් ගතවිය.

දැන් ප්‍රභාවතී නෙත් සිත් පිනවන මනා දේහයෙකින් පිරිපුන් රූමත් තරුණියෙකි. ප්‍රේම සිරිද කඩවසම් තරුණයෙකි. දෙදනා මෙසේ යොවුන් වියට පත්වීමෙන් පසුව බාල කාලයේ පටන් පැවති ලෙන්ගතු කම ප්‍රේමයකට හැරින. ප්‍රේමසිරිගේ අප්‍රේක්ෂාව වුයේද ප්‍රභාවතීව විවාහ කර ගැනීමටය. දිනක් මංගෝහාමි මුදලි වලව්වට ගොස් ධනපාල මැතිනිය හමුවී ප්‍රභාවතී සහ ප්‍රේමසිරිගේ විවාහය ගැන කතා කලාය. ධනපාල මැතිනියද කලක පටන්ම දෙදනාගේ ඇසුර දැන සිටි බැවින්, ඊට තම කැමැත්ත පල කලාය. කෙසේ වෙතත් මේ සඳහා මුදලි තුමාගෙන්ද විමසීම සුදුසු යැයි ඇය වැඩි දුරයත් පැවසුවාය.

පසු දිනෙක මුදලිතුමා, ප්‍රභාවතීගේ පියාවන ටිකිරි බංඩාව තම වලව්වට කැඳවා තම පුතුට එවැනි යෝජනාවක් ගෙන ඒම ගැන බැන වැඳුනේ, ප්‍රභාවතී තම කුලගෝත්‍රයට නොගැලපෙන දුප්පත් එකියක බව පවසමිනි. ඉන් උරන වූ ටිකිරි බංඩා ආපසු පැමිනියේ තම දියණියට, ප්‍රේමසිරිට වඩා ධනවත්, කුලවත් පුරුෂයෙකුට විවාහ කරදීමට තීරණය කරගනිමිනි.
ඒ අනුව ඔහු බිරිඳ මියගිය, දරුවන් සතරදෙනෙකු සිටින කනවැන්දුම් පුරුෂයෙකු වු වංශපාල මන්ත්‍රිවරයාට තම දියණිය පාවා දීමට තනි තීරණයක් ගනු ලැබුයේ, ඔහු මුදලි තුමාටත් වඩා උසස් ධනවත් පුද්ගලයෙකු වු බැවිනි. තම පියා ප්‍රභාවතීට නොකැමති බව ටිකිරි බංඩාට පවසන අවස්ථාවේදී ප්‍රේමසිරි ද එම සංවාදයට කන්දීගෙන සිටියේය. පියාගේ එම තීන්දුව ප්‍රේමසිරිගේ හදවතට හෙලු අතුල් පහරක් විය.

තමා, වෙනත් අයෙකුට විවාහ කරදීමට තම පියා විසින් ගනු ලැබු දැඩි තීන්දුව අසා සිටි ප්‍රභාවතීද අපමන වු දුකින් තැවෙන්නට වුවාය. දිනක් රාත්‍රියක ඇය තනිවම ප්‍රේමසිරි හමුවීමට පැමිනියේ එම වේදනාව දරාගත නොහැකි වු බැවිනි. එහිදී ඔහු ලඟ දනින් වැටුනු ප්‍රභාවතී - තම පියාගේ යෝජනාවක් අනුව වයස්ගත කනවැන්දුම් පුරුෂයෙකුට තමා විවාහ කරදීමට කටයුතු කරන බව පවසමින් - තමා ප්‍රේමසිරිට හැර අන් අයෙකු සමඟ විවාහ වීමට ඇති අකැමැත්ත ප්‍රකාශ කර සිටියාය. මෙහිදී ඔහු මුහුන පෑවේ උභතෝකෝටික ප්‍රශ්නයකටය.

තමා මුළු හදවතින්ම ප්‍රභාට ප්‍රේම කරන නමුත් පියාගේ කැමත්ත නොමැතිව ඇය හා විවාහ වීම ඔහු හට අකීකරු වීමක් බව කියා සිටියේය. එම වදන් ඇසීමෙන් තවදුරටත් කම්පනයට පත් වූ ප්‍රභාවතී එතැනින් පිටව ගියාය. ප්‍රේමසිරි ආපසු කොළඹ තම නිවසට පැමිනියේ විසදාගත නොහැකි ප්‍රශ්නයකට මුහුන දෙමිනි.

කරෝලිස් සමඟ හිදින එම නිවසේ ප්‍රේමසිරිගේ යහළුවෙකු වු සනීද එහි නැවතී සිටියේය. ප්‍රේමසිරි තුලින් ඔහුට වෙනසක් පෙනුනි. ඔහු ඒ පිළිබඳ සියල්ල සනීට පැවසුවේ සිත සැහැල්ලු කරගැනීමේ අටියෙනි. මෙහිදී සනී පැවසුවේ තමා තරුණියකට ප්‍රේම කලේ නම් කව්රු විරුද්ධ වුව ද ඇයව විවාහ කර ගන්නා බවය. එයද ප්‍රේමසිරිට අතුල් පහරක්සේ දැනුනේ තමාට එවැනි ධෛර්යයක් නොමැති බව පසක් වෙමිනි.

කෙසේ වෙතත් තම හිතවතගේ දුක් වේදනාවන් නැති කිරීමේ අදිටනින්, සනී, ඔහුට රම්‍යලතා නමැති ප්‍රකට නලඟන වෙතට කැඳවා ගෙන ගියේය. එහෙත් ඇයගේ අසංවර නැටුම අප්‍රිය කල ප්‍රේමසිරි ආපසු පැමිනියේය. - ඉන්පසු සනීගේ වෑයම වුයේ සියළු වේදනාවන් නැසිය හැකි මත්වතුරට ප්‍රේමසිරිව යොමු කර වීමටය. එතැන් පටන් ප්‍රේමසිරි මත් ලෝලියෙකු බවට පත්විය. දිනක් ඔහු රම්‍යලතා වෙත ගොස් ඇය දැන් ගත කරන දිවියේ නිසරු බව පෙන්වා දුන්නේය. එතැන් සිට රම්‍යලතා සිය රැගුම් වැයුම් සියල්ල නතර කර ගත්තේ ප්‍රේමසිරිගේ අවවාදය පිළිගනිමිනි.

මේ වනවිට ප්‍රභාවතී, අකැමැත්තෙන් වුවද පියාගේ යෝජනාවට එකඟ වෙමින් මහළු වංශපාල සමඟ විවාහ වී ඔහුගේ නිවසේ පදිංචියට ගියාය. එතැන් පටන් ඇය අතීතය වලලා දමා වංශපාලගේ කලින් විවාහයේ දරුවන්ගේ දුක සැප බලමින්ම ඔවුනට මවක වුවාය. දැන් ප්‍රේමසිරි අන්ත බේබද්දකු බවට පත්ව සිටියි. ඔහුට සුරාවෙන් තොර ජීවිතයක් නොමැත. සිය වියහියදම් සඳහා ඔහු කරෝලිස් ලවා පියාගෙන් මුදල් ගෙන්වාගෙන ඒ සියල්ලක්ම බීමට වැය කලේය.

අන්තිමේදී ඔහු පෙනහළු ආබාධයෙන් පෙලෙන රෝගියෙකු බවට පත්විය. ඉන්පසු ඔහු තමාසතු සියළුම මුදල් රම්‍යලතාට පරිත්‍යාග කොට, කරෝලිස්ද කැටුව තම ගම් බලා යන අදහසින් දුම්රියට නැගුනේය. ඔහුට, තවමත් ප්‍රභාවතීව අමතක කල නොහැකිය. දැන් ඇය තම සැමියා සමඟ අරනායක පදිංචිව සිටින බව කල් තබාම දැන සිටි ප්‍රේමසිරි, දුම්රිය මාව නැල්ලට පැමිනි විට, තද නින්දේ සිටි කරෝලිස්ට ද නොදන්වා, දුම්රියෙන් බැස, ඒ අසල සිටි තරත්ත කරුවෙකු සමඟ අරනායක බලා මහරැම පිටත් විය. ඒ දිනවල තද වැසී වැසීම නිසා පාර අබලන්ව තිබූ බැවින් කරත්තයේ ගමන ප්‍රමාද වින. කෙසේ හෝ පාන්දර වන විට කරත්තය අරණායකට සේන්දු විය. ඒ වන විට ප්‍රේමසිරි ගේ රෝගී තත්වය තවදුරටත් අසාධ්‍ය බවට පත්ව තිබින. කරත්ත කරුවා මහත් ආයාශයෙන් ඔහුව ඔසවා, තන පලස මත තැබුවේය. ඒ සඳහා අවශ්‍ය කුලියද දීමට ප්‍රේමසිරිට හැකිවිය. කරත්ත කරුවා ආපසු ගියේය.

මෙහිදි නොදැනුවත්ව හෝ පැමින සිටියේ ප්‍රභාවතී වෙසෙන නිවෙස ආසන්නයටය. බිම වැතිරී පන අදින ප්‍රේමසිරි වෙත පැමිනි වංශපාලගේ ලොකු පුතා වහා ගොස් ඒ බව දන්වා සිටියේය. ඒ අනුව ඔහු කවරෙකුදැයි දැන ගැනීමට ප්‍රභාවතී උඩු මහලේ ජනේලය අසලට ගිය විටදී පණ අදිමින් සිටින ප්‍රේමසිරි දැකීමෙන් කම්පාවට පත්ව කවුළුවෙන් බිමට පැන්නාය. ඇයගේ රුව අවසන් වරට දැකගත් ප්‍රේමසිරි අවසන් හුස්ම හෙළුවේය. දෙමාපියන්ගේ දුරදිග නොබැලීම නිසා තරුණ ජීවිත දෙකක අවසානය එසේ සිදුවිය..

- කලා භූෂන - වැළිහිද මුනිරත්න -

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
04 Mar 2020 04:12 PM
ඉස්සර එක ෆිල්ම් එකක තියෙනවා කැසට් එකක් ගහන්න තරම් සිංදු.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
05 Mar 2020 04:02 PM
ඔව් මල්ලී ගොඩක් චිත්‍රපටවල ගීත දහයක් දොළහක් ආවා...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
07 Mar 2020 12:34 PM
39. රේඛාව

තිරගත කළ දිනය: 1956-12-28

Main Actor : Ananda Weerakoon , Somapala Dharmapriya
Main Actress : Myrtle Fernando , Mallika Pilapitiya
Director : Dr. Lester James Peries
Producer : Dr. Lester James Peries
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
07 Mar 2020 12:35 PM
- රේඛාව -

1956 වසර අවසන් වුයේ එතෙක් පැවති සිංහල සිනමාව නව නැම්මකට යොමුකරමින්, අන්තර්ජාතික සම්මාන උළලේදී ප්‍රමුඛතාවය ලත් රේඛාව නමැති සිනමා කෘතිය දායාද කරරමිනි. එතෙක් කාලයක් එකම රාමුවේ වට්ටෝරු සම්ප්‍රදායට අයත් චිත්‍රපට 54 ක් සිනමාවට එක්වීම තුලින් සහින ලෝකවල පැය 2 1/2 ගතකල සිනමා ලෝලයින්ගේ රසඥතාව ලෙහෙසියෙන් ඉවත්කිරිමට නොහැකි වීම නිසා බොහෝ ප්‍රේක්ෂකයින්ට ‘‘රේඛාව‘‘ දිරවාගැනීමට අපහසු විය.

එකල පුවත්පත් වල පලවනු වාර්ථා අනුව, සුපුරුදු සිහින ලෝකයේ සැරිනැරීමට ප්‍රේක්ෂකයා රේඛාව නරඹා සිනමා හලෙන් ඉවතට ආවේ, ටිකට් පතට වැය කල මුදල් අපතේ ගියේ යැයි සිතමිනි.
එහෙත් සිංහල සිනමාවට පැයූ මෙම අළුත් රිදී රේඛාව අන්තර් ජාතික කීර්තියට පත්වේ යැයි කිසිවෙකුත් සිතන්නට නැත රේඛාව චිත්‍රපටය අගය කල යුත්තේ එය ජාත්‍යන්තර කීර්තීය ලත් නිසාම නොව එය එතෙක් පැවති වට්ටෝරු සිනමාවට අභියෝගයක් ද වු බැවිනි. මෙතෙක් චිත්‍රාගාර තුලම කැමරාගත කල දර්ශන සම්පුර්ණයෙන්ම එළිමහනේදී රූප ගත කිරීම එහි නිෂ්පාදකවරුනට අභියෝගයක් විය.
ලංඩනයේ ප්‍රකට පුවත්පත් කලාවේදියෙකු ලෙස කලක් සේවය කල ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් නමැති මේ මහා කලාවේදියා පසු කලෙක ලංකාවට පැමින රජයේ චිත්‍රපට අංශයට බැඳුනේය. එහෙත් ස්වල්ප කාලයකින්ම එහි සේවය ඔහුට රිසි නොවින ඔහුට අවශ්‍ය වුයේ සිංහල සිනමාව නව මගකට යොමු කරවීමටය. එබැවින් ඔහු ප්‍රවෘත්ති අංශයෙන් අස්වී සීමාසහිත චිත්‍ර ලංකා නමින් පිහිටුවා ගත් සමාගමට, ටයිටස් තොටවත්ත සහ විලී බ්ලෙක් සම්බන්ද කරගත්තේය. එම ත්‍රිමුර්තිය එක්වීමේ මහැගි ප්‍රථිඵලය වුයේ, සිංහල සිනමාවේ 55වන චිත්‍රපටය ලෙස "රේඛාව” බිහිවීමය. ලාංකික ගැමි ජීවිතය අලලා ලෙස්ටර් විසින් ලියූ කතාවේ - දෙබස් රචනය කරන ලද්දේ ප්‍රවීන ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකවරයකුවු K. A. W පෙරේරා විසිනි.
ගාමිනී ‍ෆොන්සේකා සහ ප්‍රේමනාත් මොරායස් රේඛාවේ නිශ්පාදන කලමණාකරුවන් ලෙස දායක වුහ. විලී බ්ලෙක් කැමරාව මෙහෙයවු අතර ටයිටස් තොටවත්ත චිත්‍රපටය සංස්කරනය කලේය. වේශ නිරූපණය ඩෙරික් ඩෙනිස්ගෙන්ද ශේෂ පලිහක්කාර (කලා අධ්‍යක්ෂණයෙන්ද) ඉටු කෙරිනි.
රේඛාවට ඇතුලත් වුනු ගීත තනු සකසනු ලැබුවේ සුනිල ශාන්ත විසිනි. ගරු මර්යලීනු ජයකොඩි පියතුමා එම ගීත තනු වලට අර්ථ පූර්ණ පද මාලා ලියූ වේය. මෙම ගීත සඳහා සංගීතය සැපයූවේ බඔරැන්ද ශ්‍රීනාත් පෙරේරා නොහොත් B.S. පෙරේරාය. චිත්‍රපටියේ පසුබිම් සංගීතය සහ වාදන K.A. දයාරත්නගෙනි.
ගීත
1. සුදු සඳ එළියේ - ඉන්ද්‍රානි විජේබණ්ඩාර
2. ඕලු නෙළුම් නෙරියරඟාලා - සිසිර සේනාරත්න
3. ඉර හඳ ඇනිල්ලේ වැලිමත ලියවෙනවා - තිලකසිරි ප්‍රනාන්දු
4. අනුරාපුර පොලොන්නරුව (විරිඳු) - අයිවෝ ඩෙනිස්
5. සීගිරි ලඳකගෙ මල්වට්ටියෙ ලා - ලතා වල්පොල
6. වෙසක් කැකුළු අතු අග ඉද - ඉන්ද්‍රානි විජේබණ්ඩාර සහ පිරිස
රේඛාව චිත්‍රපටියේ ගීත පටිගත කරනලද්දේ ඉන්දියාවේ ශබ්දාගාරයකදීය. එම ගීත B ROWWS සමාගමේ ලෝටස් ලාංඡනය යටතේ අංක 2000 - 2001 සහ 2002 යටතේ ග්‍රැමෆෝන් තැටි නිකුත් කෙරින.
සැයු. අංක 1955 තිරගත වුනු චිත්‍රපට අතුරෙන් හොඳම චිත්‍රපටය ලෙස දීපසිඛා සම්මානය හිමි වූයේ රේඛාවටය.
රේඛාවේ සියළුම එළිමහන් දර්ශන රූගත කලේ අලව්වේ වෑවල ගම්මානයේදීය.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
07 Mar 2020 12:41 PM
රාජකීය වික්‍රමයෙන් සිංහල චිත්‍රපටයත්, කඩවුණු පොරොන්දුවෙන් සිංහල කථානාද චිත්‍රපටයත් උපන්නා නම් සිංහල සිනමාව කියා කිව හැකි දෙයක උපත සිදු වූයේ රේඛාවෙනි. සිනමා කැමරාවක් ඉදිරියට පමුණුවන ලද රූකඩ නැටුම් වර්ගයක් සිංහල චිත්‍රපට හැටියට ප්‍රදර්ශනය කෙරුණු යුගයක ප්‍රථමවරට සිනමා මාධ්‍යය හඳුනාගෙන නිෂ්පාදිත චිත්‍රපටය රේඛාවයි.

එය බිහි වූයේ සිනමාව ගැන අපමණ භක්තියකුත්, එකල නිපදවෙමින් තිබූ බහු බූත චිත්‍රපට ගැන එතරම්ම ද්වේශයකුත් ඇතිව සිටි තරුණ කණ්ඩායමක් විසිනි. 'චිත්‍ර ලංකා' නමින් සමාගමක් පිහිටුවා ගත් මේ පිරිසගෙන් මූලිකයා වූයේ ලංකාවේදී කලක් පුවත්පත් කලාවේදියකු හැටියට ජීවිතය අරඹා ඒ රක්ෂාවම කිරීමට ලන්ඩනයට ද ගොස් සිටියදී සිනමාව ගැන ආශාවකුත් අවබෝධයකුත් ඇති කරගෙන අහම්බෙන් මෙන් ලංකා රජයේ චිත්‍රපට අංශයේ සේවයට බැඳුණු ලෙස්ටර් ජේම්ස් පීරිස්ය.

ලෙස්ටර් ජේම්ස් පීරිසුත් ඔහු සමඟ එකට සේවය කළ කැමරා ශිල්පී විලියම් බ්ලේක් සහ සංස්කාරක ටයිටස් තොටවත්ත (එකල ටයිටස් ද සිල්වා) 1955 සැප්තැම්බර් 1 වැනිදා රජයේ චිත්‍රපට අංශයෙන් අස් වී රේඛාව නිපදවීම ආරම්භ කළහ. 'රේඛාව' පටන් ගන්නා කාලයේ එළිමහනේ චිත්‍රපට ගැනීම කියා දෙයක් ලංකාව අහලකවත් තිබුණේ නැත. චිත්‍රපටයක් නිපදවිය හැක්කේ චිත්‍රාගාරයක් තුළ පමණක් බවත්, හොඳ සිංහල චිත්‍රපටයක් නිපදවිය හැක්කේ දකුණු ඉන්දියානු චිත්‍රාගාර තුළ පමණක් බවත් එකල ඇදහීම විය. ෆියට් ස්ටේෂන් වැගන් රියක සිනමා කැමරාවකුත්, අනෙක් ආම්පන්නත් රැගෙන කුරුණෑගල, අලව්ව ආදී පළාත්වල හිරු එළියෙන් එළිමහනේ චිත්‍රපට ජවනිකා ගත් මේ 'පිස්සු මිනිස්සුන්' ට ඒ කාලයේ බොහෝ දෙනා ඔච්චම් කරමින් සිනාසුණහ. 'රේඛාව' ප්‍රදර්ශනය කළ විට 'මැස්සන් ඇහිරෙන' තත්ත්වයට සිනමාහල් පැමිණි වේලේ මේ සිනහව තවත් දැඩි විය. එහෙත් සිංහල සිනමාවට සිනමාව එක් වුුණේ රේඛාවෙනි.

ලංකාවේ සම්මත සිනමා සම්ප්‍රදායයන්ට විරුද්ධව රේඛාව නිපදවීමිට දරන ලද ප්‍රයත්නය වෙනස චිත්‍රපටයකට කතා වස්තුවක් සැපයීමට තරම් සිද්ධීන්ගෙන් අනූනය.

එහි නළු නිළියන් තෝරා ගන්නා ලද්දේ ද සම්මතයට ඉඳුරා පටහැනි ක්‍රමයකටය. ලෙස්ටර් ජේම්ස් පීරිස් එකල පදිංචිව සිටියේ මොරටුවේ ලක්ෂපතියේය. ඒ ගෙවල් ළඟ සිටි පොඩි කොලුවෙක් චිත්‍රපටයේ ප්‍රධාන කොටස වූ සේනගේ ළමා චරිතයට තෝරා ගන්නා ලදී. ඒ තරම්ම වැදගත් වූ ළමා නිළියගේ කොටසට ගන්නා ලද්දේ 'පුදුම ලේලි' චිත්‍රපටයේ ළමා චරිතයක් රඟපෑ මර්ටල් ප්‍රනාන්දු දැරියයි. (ඇය අඩු වයසින්ම රෝගයක් වැළඳී මිය ගියාය) ලෙස්ටර්ගේ වාර්තා චිත්‍රපටයක රඟපෑ ඉංග්‍රීසි වේදිකා නිළියක වූ අයිරංගනී මීදෙනිය (පසුව සේරසිංහ) මවගේ චරිතයට ගන්නා ලදී. රේඛාවේ පෙම්වතුන්ගේ ලෝකයක් ද විය. ඒ කොටස්වලට සමකාලීන සිනමාවෙන් ආනන්ද විරකෝනුත්, එකල රඟපෑමේ කිසිම පළපුරුද්දක් නොතිබූ මල්ලිකා පිලපිටියත් තෝරා ගනු ලැබීය. විමලවීරගේ චිත්‍රපටවල නාස්තිවෙමින් සිටි ඩී. ආර්. නානායක්කාර සහ එන්. ආර්. ඩයස් හමස් පෙට්ටියෙන් ගෙනා වැදගත් චරිත දෙකකට යෙදැවිණි.

එකල සිනමාවේ නියුක්තව සිටියවුන්ගෙන් 'රේඛාව'ට යන්තම්වත් අතක් දුන්නේ සිරිසේන විමලවීර බව මෙහිදී සඳහන් කළ යුතුය.

හින්දි තාල කොපි කළ යුගයක අලුත්ම තනු පිළිවෙළ කිරීම පිණිස සංගීත අධ්‍යක්ෂණයට සුනිල් ශාන්තව ගත් අතර, ප්‍රථම වරට සිංහල චිත්‍රපටයක ගීත රචනය පූජකවරයකුට බාර දෙමින් මර්සලීනු ජයකොඩි පියතුමා ගීත රචනයට ගන්නා ලදී.

මෙසේ ඇරැඹි චිත්‍රපටයේ ජවනිකා ගැනීමේදී නොයෙකුත් නව ක්‍රම යොදනු ලැබීය. දර්ශන ගන්නා ලද්දේ වහලක් නැති ගෙයකය. ඒ හිරු එළිය යහමින් ලබා ගැනීමටයි. චිත්‍රපටයේ එක් තැනක සේනගේ දේව බලයෙන් අසනීප සුව කර ගැනීමට එන එක් ළමයකුට 'ඔය ළමයාව පොඩ්ඩක් එළියට ගේනවා'යි කියන දෙබසක් ඇත. එය එසේ කරන ලද්දේ කතාවේ වුවමනාවට වඩා කැමරා ශිල්පියාගේ වුවමනාවටය. ජවනිකාව නිවස තුළ ගැනීමට තරම් එළිය මදි නිසා එසේ එසේ එළියට ගන්නා ලදී.

මේ අන්දමින් නිපදවන ලද චිත්‍රපටයේ රසායන කටයුතු සඳහා රජයේ චිත්‍රපට අංශයට බාරදීමට අදහස් කෙරිණි. එහෙත් එතැනින් 'පැනගිය' අයගේ වැඩ බාර ගැනීමට ඔවුන් කැමැති නැති බව නොකියා කියන ලදී.

ඉන්දියාවේ චිත්‍රාගාරයකට එය රසායන කටයුතු සඳහා ඉදිරිපත් කෙරුණි. සේදූ පසු චිත්‍රපටය බාර ගන්නා බවට රු: 1,50,000 ක ඇපයක් ඉල්ලන ලදී. එයත් ඉටු කෙරිණි. ඊළඟට චිත්‍රපටය එහි යවන ලද අවස්ථාවේ මදුරාසියේ ගින්දර ග්‍රීෂ්මයේ ටකරන් වහලවල් සහිත ගබඩා කාමරයක තුන් මාසයක් එය දමන ලද ගමන් තිබුණේය. පුදුමයකට මෙන් එයිනුත් චිත්‍රපටයට කිසිවක් නොවිය.

එදිනෙදා ගන්නා ජවනිකා ඊට පසුවදාම බැලීම සාමාන්‍යයෙන් චිත්‍රපට නිපදවිමේ සිරිත නමුදු 'රේඛාවේ' දර්ශන සෝදා බලන්න ලැබුණේ ඒවා කැමරාගත වී අවුරුද්දකට කිට්ටු කාලයක් ගිය පසුවය. ඒ ඉන්දියාවේ! ලංකාවේදී සිදුවුයේ ඊටත් වඩා අරුම පුදුම සිද්ධියකි.

රේඛාව කතාවේ එක ප්‍රධාන සිද්ධිය නම් දේව වරමකින් සාත්තර කීමේ වරම ලබාගන්නා ළමයාට යකෙක් වැහී ඇතැයි ගම්මුන් ඔහුට කරන අමානුෂික වධහිංසායි. කවදාවත් නැති නියඟයක් ගමට එයි. ඒ කොලුවාගේ යක්ෂ බැල්ම නිසා යැයි සැක කරන ගැමියෝ ඔහුට වධ දෙති.

'රේඛාව'ට ජවනිකා ගත් ගමේද ඒ දවස්වල නියඟයක් ඇති වී සරම්ප රෝගය පැතිර ගියේය. ඊට හේතුව කොළඹ චිත්‍රපටකාරයින් ගමට ඒම හැටියට සලකන ලදී. පුවත්පත්වලින් නොමසුරු පැසසුම් ලැබුණ ද 'රේඛාව' ජනප්‍රියත්වය අතින් එකල සාර්ථක නොවීය.

ලෙස්ටර් ජේම්ස්ගේ මුල්ම චිත්‍රපටය වූ 'සොලිලොකියු' නිෂ්පාදනය කෙරුණේ 1949 දීය. විනාඩි විස්සක කෙටි චිත්‍රපටයක් වූ එය 1951 දී ලන්ඩනයේ දී හොඳම කෙටි චිත්‍රපටය සඳහා කුසලානයක් දිනීය.

ලන්ඩනයේ සිට ලෙස්ටර් ආපසු ලංකාවට එනවිට මේ කුසලානය ලංකා රේගු නිලධාරීන් විසින් රාජසන්තක කරනු ලැබීය. එය ආපසු දෙන ලද්දේ කුසලානේ විටිනාකම රේගුවට ගෙවීමෙන් පසුවය. 'රේඛාව' නිපදවීමෙන් පසුවත් ලෙස්ටර්ට ලැබුණේ අර රේගු නිලධාරින්ගේ එවැනිම සැලකිල්ලකි.

එහෙත් මෙරටින් නොලද සැලකිල්ල එයට විදේශිකයින්ගෙන් හිමි විය. විදේශ සිනමා උත්සව කීපයකදීම එය ඉහළින් පිළිගනු ලැබිණි. රටවල් ගණනාවකම එය ප්‍රදර්ශනය කරනු ලැබිණි. පොදු රාජ්‍ය මණ්ඩලයීය රටක ඕනෑම චිත්‍රපටයක් බ්‍රිතාන්‍යයේ සිනමාහල්වල ප්‍රදර්ශනය කරන විට විකිණෙන සෑම ටිකෙට්ටුවකටම ආපසු පැන්සයක මුදලක් නිෂ්පාදකයින්ට දීමේ සිරිතක් ඇති නිසා 'රේඛාව' ආණ්ඩුවකින් විශේෂ දීමනාවක් ලත් මුල්ම සිංහල චිත්‍රපටය බවට ද පත් විය.

සිනමාව පිළිබඳ ලෝ පතළ විශාරදයකු වන ප්‍රංශ ජාතික ජෝජස් සැඩුල් කාණ්ඩ කීපයකින් ලියූ 'හිස්ටොයිරේ සිනමා' (සිනමාවේ ඉතිහාසය) චිත්‍රපට පිළිබඳ බයිබලය හැටියට සැලකේ. පිටු හයසිය ගණනකින් යුත් එහි එක් කාණ්ඩයකට 1961 දී පමණ ලංකාව ගැනත් පේළි 40 ක් එක් වී ඇත. එය ද ලංකාව ගැන නොව 'රේඛාව' ගැන යැයි කිව යුතු තරම්ය. මෙන්න එහි කොටසක්.

1947 ත් 1960 ත් අතර චිත්‍රපට 30 ක් පමණ නිෂ්පාදනය කරන ලදී. මේ කාලය තුළ විශේෂයෙන් 1955 න් පසු අලුත් ලක්ෂණයක් නම් භාෂාව පමණක් සිංහල එහෙත් අනෙක් හැම දෙයක්ම ලාංකික ජීවන ක්‍රමයට සම්බන්ධයක් නැති නිෂ්පාදන මදුරාසියේදී තැනීමයි. එහෙත්, මෙවැනි නොවැදගත් කර්මාන්තයකට වුවද 1957 දී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව නිර්මාණය වීම වැළැක්විය හැකි නොවීය. එය සත්‍යයෙන් හා ගීතවත්කමින් පිරි කැමරා ශිල්පයත් රඟපෑමත් විශේෂයෙන් අයිරාංගනී මීදෙනියගේ නිසා විශේෂත්වයෙන් පෙනෙන, උසස් තත්ත්වයක චිත්‍රපටයකි.

එවන් කලා කෘතියක් මෙවැනි නොදියුණු කර්මාන්තයකින් හදිසියේ බිහිවීම පීරිස්ගේ අනුපම නිර්මාණ කෞශල්‍යය නිසාම වූවක් නොවේ. එය ලංකාවේ ශ්‍රේෂ්ඨ වූත්, චමත්කාර ජනක වූත් කලාත්මක හා සංස්කෘතික දායාදයන්ගේ උරුමයකි. ප්‍රංශකාරයකුට පෙනුණු මේ සත්‍යය අදත් නොදුටු සිංහල පොට්ටයින්ගේ සංඛ්‍යාව සුළුපටු නොවේ.

රේඛාවෙන් යුගයක් ඇරැඹි දසකයක් ගියේය. 1947 න් ඇරැඹි ප්‍රථම සිනමා දසකයේ අවසාන චිත්‍රපටය වුයේ 'රේඛාවයි'. සිංහල සිනමාවට පහළවුණු ප්‍රථම අධ්‍යක්ෂවරයාත් අදත් සිංහල සිනමාවේ සිටින හොඳම අධ්‍යක්ෂවරයාත් ලෙස්ටර් ජේම්ස් පීරිස් බවට වාදයක් නැත.

ලෙස්ටර්ගේ චිත්‍රපටවල ප්‍රධාන ලක්ෂණය මානුෂික සම්බන්ධතා හා මිනිසුනුත් පරිසරයත් සමඟ ඔවුන්ගේ ගැටුම් දෙස කැමරාවෙන් බලන්න දරන උත්සාහයයි. 'සංදේශය' හා 'රන්සළු' හැරුණු කළ අප සාමාන්‍යයෙන් සලකන කතන්දර කීමේ සිරිත ලෙස්ටර්ගේ චිත්‍රපටවල නැත.

ඔහුගේ අනෙක් ප්‍රධාන හැකියාව නළු නිළියන්ගේ ද දක්ෂම රඟපෑම උලුප්පා ගැනීමයි. ඔබ සිංහල සිනමාවේ දුටු හොඳම චරිත නිරූපණයක් කල්පනා කරන්න. එය ජෝ අබේවික්‍රමගේ රඟපෑමක් නොවේ නම් එය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයක රඟපෑමක් වීමට බොහෝ දුරට ඉඩ ඇත.

ප්‍රකට නළු නිළියන් ගෙන දක්ෂම නළුවකු හා නිළියක කොට චිත්‍රපටයකින් දෙකකින් අතහැර දැමීම ලෙස්ටර්ගේ සාමාන්‍ය ක්‍රමයයි. ලෙස්ටර්ගේ ලොකුම දක්ෂකම නළු නිළියන්ගෙන් ඔහු ලබාගන්නා දක්ෂ රඟපෑමයි. කලින් කිසිම නමක් නැති කෙනෙක් සිනමාවට ගෙන ඔහු හෝ ඇය 'තරුවක්' කොට ඊළඟට අත්හැර දැමීම ලෙස්ටර්ගේ පුරුද්දක් බඳුය.

රේඛාවේ පළපුරුදු නළුවන් වූ ඩී. ආර්. නානායක්කාර හා ඉංග්‍රීසි වේදිකාවට සීමා වී සිටි අයිරාංගනී සේරසිංහගේ පටන් සෝමපාල ධර්මප්‍රිය හා අන්ධ තරුණියක හැටියට මර්ටල් ප්‍රනාන්දුගෙන් (තවත් ළමයෙක් කොරෙක් හැටියට සුළු කොටසක දක්ෂ ලෙස රඟපැවේය) ඔහු ලබාගත් රඟපෑම්වල පටන් සංදේශයේ ගාමිණී ෆොන්සේකා (තමාගේ චිත්‍රපටවලින් රඟපෑම් දුර්වලම එක සංදේශය බව ලෙස්ටර් පිළිගනී) 'ගම්පෙරළියේ' පුණ්‍යා හීන්දෙනිය 'දෙලොවක් අතරේ' ටෝනි රණසිංහ, 'රන්සළු' වේ යළිත් පුණ්‍යා සහ 'ගොළු හදවතේ' අනුලා කරුණාතිලක ඉදිරිපත් කළ රඟපෑම් අගය කළ හැකි වන්නේ මේ හැමෝම ඊට ඉහත වෙනත් අධ්‍යක්ෂවරු යටතේ කළ රඟපැම් හා සසඳන කල්හිය.

සංදේශයේ රඟපෑවේ ඊට කලින් දෛවයෝගය හා පිරිමියෙක් නිසා චිත්‍රපටවල රඟපෑ ගාමිණී ෆොන්සේකා නොවන්නේ ලෙස්ටර්ගේ අධ්‍යක්ෂණ කුසලතාව නිසාය. අධ්‍යක්ෂවරයකු සතු විය යුතු ප්‍රධානතම ගුණය වන සෙසු සහාය ශිල්පින්ගෙන් හොඳම උකහා ගැනීමට ලෙස්ටර් තරම් හොඳින් කරන තවත් අධ්‍යක්ෂවරයකු සිංහල සිනමාවේ නැත. ඔහුගේ චිත්‍රපටවල කැමරාව, සංගීතය, චිත්‍රපට කතා කෙටුම්පත, සංස්කරණය ආදී හැම අංගයක්ම වෙනත් සාමාන්‍ය සිංහල චිත්‍රපටවලින් විශේෂ කොට දක්වන උසස් නිමාවක් ඇත්තේ එහෙයිනි.

ලෙස්ටර්ගේ අනෙක් දක්ෂකම ශිල්පය හුදෙක් ශිල්ප හරඹ සඳහාම භාවිත නොකිරීමය. ඔහු කැමරාවෙන් විජ්ජා පෙන්නන්න නොයයි. සමීප රූපයක් පවා ඔහු යොදන්නේ අත්‍යාවශ්‍ය අවස්ථාවකදී පමණි. ඒ්ත් ඔහුගේ චිත්‍රපටවල ශරීරයේ අංගවල හෝ රූප කොටස්වල හෝ සමීප රූප යොදන ගතිය නැත්තටම නැති තරම්ය.

සංස්කරණයේදී පවා ඔහු ක්ෂණික කැපිලි (ගොළු හදවතේ අත්‍යවශ්‍ය කානිවල් ජවනිකා හැරෙන්න) යොදන්නේ නැත.

ඔහුට බොහෝ දුරට වරදින්නේ සින්දු යෙදීමෙහිය. ලෙස්ටර්ගේ චිත්‍රපටයක උචිත ලෙස සින්දු යෙදුණු තැන් ඇත්තේ රන්සළුවේ ගී ඛණ්ඩ පමණකි. රේඛාවේ සිට එන මේ දුබලකමට එක අතකින් වරදකරු මහජනතාවය. අනෙක් අතට ලෙස්ටර්ය. ලංකාවට සින්දු ඇතිවත් පිටරටවල සින්දු නැතිවත් පෙන්වීමට බලාපොරොත්තුව චිත්‍රපට නිපද වූ ලෙස්ටර් ඒවා ලෙහෙසියෙන් කපා දැමිය හැකි ලෙස යොදන්න පුරුදු වූයේය.

අධ්‍යක්ෂ විනය හා සංයමය අතින් ලෙස්ටර් ජේම්ස් පීරිස්ට කිට්ටු විය හැකි කෙනෙක් තවම අපේ සිනමාවේ නැත. ඔහුගේ සිනමාත්මක විනය පමණක් නොව ලෙස්ටර් චිත්‍රපටයක කිසිමදාක ඇතුළත් නොවන ග්‍රාම්‍ය හා අවිනීත ගතිය මෙහිදී සැලකිල්ලට ගත යුතුය.

උපුටනය: සුනිල් මිහිඳුකුල සංස්කරණය කළ ජයවිලාල් විලේගොඩගේ 'නොපළ ලිපි' ග්‍රන්ථයෙනි.

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Mar 2020 10:35 PM
මේ චිත්‍රපටයේ ගීත සියල්ලම මගේ ලග තියෙනවා.
මාරම පරනයි.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Mar 2020 08:26 AM
40. සිරකරුවා

තිරගත කළ දිනය: 1957-01-25

Main Actor : Mathayas Fernando
Director : Sirisena Wimalaweera
Producer : Sirisena Wimalaweera
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Mar 2020 08:27 AM
1957 නිපද වූ 'සිරකරුවා' චිත්‍රපටය 'එලෙයි පඩුම් පාඩු' ද්‍රවිඩ චිත්‍රපට අනුකරණය කරමින් තැනූ චිත්‍රපටයකි. විමලවීරයන් ඉන්දියාවේ කාර්මිකයන් මෙරට ගෙන්වා ගත්තත් තමාගේ පුතුන් දෙදෙනා වූ දයා විමලවීර (විශිෂ්ට කැමරා ශිල්පියෙකු හා චිත්‍රපට අධ්‍යක්ෂ) හා උපසේන විමලවීර (චිත්‍රපට සංස්කරණ ශිල්පී හා චිත්‍රපට නිෂ්පාදක) ඇතුළු තරුණ කාර්මිකයන් ඔවුන් ළඟ පුහුණුවීමට කටයුතු යෙදුවේය. ඩබ්ලිව්. ඒ. බී. සිල්වා (සම්මානනිය කැමරා ශිල්පී) හා දයා කරුණාරත්න (සම්මානනීය කලා අධ්‍යක්ෂ) එසේ පුහුණු වී විශිෂ්ට කලාකරුවන් දෙදෙනෙකි.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Mar 2020 08:28 AM
41. ජීවිත සටන

තිරගත කළ දිනය: 1957-02-23

Main Actor : Shantha Kumar Senevirathna
Main Actress : Sitha Jayawardana
Director : Shantha Kumar Senevirathna
Producer : Shantha Kumar Senevirathna
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Mar 2020 08:29 AM
1957 ශාන්ති කුමාර්ගේ තුන්වන චිත්‍රපටය වූ 'ජීවිත සටන' තිරගත විය.

සැමුවෙල් බට්ලර්ගේ නවකතාවක් වූ 'වේ ඔෆ් ඕල් ෆ්ලේශ්' නවකතාව ඇසුරෙන් 'ජීවිත සටන' චිත්‍රපටයේ කතා පිටපත සකස් කළේ ඩී. වී. සෙනෙවිරත්නය. මේ චිත්‍රපටය ගැන ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සිටි සිරිපාල තිලකසේන 1990. 03. 01 සරසවියට ලියූ (ශාන්ති කුමාර් ගැන) ලිපියක මෙසේ සඳහන් වී ඇත.

'ශාන්ති කුමාර් මා හැඳින ගත්තේ ඔහුගේ 'ජීවිත සටන' චිත්‍රපටයෙනි. මේ චිත්‍රපටයේ කතාව ලියූ පුවත්පත් කලාවේදී ඩී. වී. සෙනෙවිරත්න මහතා 'ජීවිත සටන' චිත්‍රපටයේ සහාය දෙබස් රචකයෙකු වශයෙන් මා ගෙන ගොස් ශාන්ති කුමාර්ට භාර දුන්නේය. ගැටවරයකු වශයෙන් චිත්‍රපට කෙරෙහි තිබුණු අසීමිත ඇල්ම නිසා පැහැදීමට පත් ඔහු 'ජීවිත සටන' චිත්‍රපටයේ නළු නිළි කණ්ඩායමත් සමඟ මා මදුරාසියට කැඳවා ගෙන ගොස් එම චිත්‍රපටයේ නීතිඥයකු වශයෙන් පෙනී සිටීමට අවස්ථාව සලසා දුන්නේය. දකුණු ඉන්දියාවේ චිත්‍රගාරවල සැරිසරමින් ද එම්. ජී. රාමචන්ද්‍රන්, ශිවාජි ගනේෂන් ආදී නළු නිළියන් සමඟ ඇසුරට වැටෙමින් ද චිත්‍රපට කලාව පිළිබඳ සෑහෙන අවබෝධයක් ලබා ගැනීමට ශාන්ති කුමාර් දොර විවෘත කර දුන්නේය. ශ්‍රී ලාංකිකයකුට නොතිබුණු තරම් නමක් හා සැලකිල්ලක් මදුරාසියේදී ශාන්ති කුමාර්ට තිබුණි. ඔහුගේ මෝටර් රථයෙහි ලංකාවේ සිංහ කොඩිය ලෙළ දෙමින් තිබුණේය. එයට ගල් ගැසූ කෙනෙක් නැත. මහ මඟ යන එන විටත්, චිත්‍රාගාරවලදීත් ශාන්ති කුමාර්ට සැලකුවේ ලංකාවේ ආණ්ඩුකාරවරයකුට සලකන්නාක් මෙනි. එක් අතකින් අද අප කතාකරන සිංහල දෙමළ සමගියේ පුරෝගාමියකු හැටියට ශාන්ති කුමාර් කැපී පෙනෙයි. තමා මහා ජාතීන්ට අයත් වුවත් සුළු ජාතීන් සමඟ ඉතා මිත්‍රත්වයෙන් කටයුතු කිරීමට ශාන්ති දක්ෂයෙක් විය.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Mar 2020 08:30 AM
42. සූරයා

තිරගත කළ දිනය: 1957-03-29

Main Actor : Laddy Ranasinghe
Director : T.R. Sundaram , Krishna Rao
Producer : K.Gunarthnam
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Mar 2020 08:38 AM
43. සිරියලතා

තිරගත කළ දිනය: 1957-06-27

Main Actor : Herbert M. Senewirathna
Director : S.S. Rajan
Producer : Rukmani Devi , Eddy Jayamanna
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Mar 2020 08:40 AM
සිරියලතා

හෙළයේ මහා ගත් කරු ලෙස ප්‍රකට වූ ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගේ කුළුදුල් නවකතාව සිරියලතා හෙවත් අනාථ තරුණියයි - ඔහුගේ නව කතා හතක් මේ වන විට සිනමාවට නැගී ඇති අතර "පාසල් ගුරුවරී " නව කතාව ටෙලි නාට්‍යක් ලෙසින් නිර්මානය විය. " කැලැ හඳ " ප්‍රථම වරට සිනමාවට නැඟුනු ප්‍රථම නව කථාවයි. ඉන්පසු - රඳළ පිළිරුව- සිරියලතා - දෙයියන්ගේ රටේ - හිඟන කොල්ලා - දෛව යෝගය සහ හඳහන ඔහුගේ අනෙක් කෘතීන් වන්නේය.

එඩී ජයමාන්න සහ රුක්මනී දේවී අඹු සැමි යුවල විසින් " ජයරුක් " සමාගම පිහිටුවා ගැනීමෙන් පසු ඔවුන්ගේ ප්‍රථම නිෂ්පාදනය ලෙස තෝරා ගනු ලැබුවේ "සිරියලතා" ය එය තරමක සංකීර්ණ චරිත ඇතුලත් කතා පුවතක් වුවද - සිල්වා ශූරීන්ගේ නව කතාවට කිසිදු හානියක් ඇති නොවන අයුරින් චිත්‍රපටයට නැඟී තිබීම පැසසුම් කට යුතුය.
1957 ජූනි සම 27 වෙනිදා සිට සිනමාස් සමාගමේ - ගාමිනී - සැපයර් - වෙම්බලි ඇතුළු ප්‍රාදේශීය සිනමා ශාලා රැසක ප්‍රදර්ශනය ඇරඹුනු " සිරියලතා" ඉතා සාර්ථක අයුරින් ප්‍රෙක්ෂක හදවත් වැළඳගනු ලැබූහ.

මදුරාසියේ ප්‍රකට චිත්‍රාගාරයක් වන වාහුනී හිදී සියළු නිෂ්පාදන කටයුතු කෙරුනු සිරියලතා : අධ්‍යක්ෂණය කලේ - එස්. එස්. රාජන්ය. ඩී.ටී. පෙරේරා ඔහුගේ සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කලේය.

"සිරියලතා" චිත්‍රපටය වඩාත් පැසුමට ලක් වීමට එක් හේතුවක් වූයේ, සංගීත අධ්‍යක්ෂ ආර්.මුත්තුසාමිගේ ස්වතන්ත්‍ර තනු රැගත් ගීතයයි. එම ගීත ප්‍රබන්ධය කරන ලද්දේ හර්බට් එම්. සෙනවිරත්න විසිනි. එම ගීත රුක්මනී දේවී - ලතා වල්පොල - මොහිදින් බෙග් සහ ධර්මදාස විල්පොල විසින් ගායනා කරනු ලැබ අතිශය ජනප්‍රියතාවයට පත්වින.

ගීත
1. අලංකාජෙනි සෑදූ - රුක්මනී දේවී - තැටි අංක W.N 603 - H.M.V
2. සැමදාම ඔබ මගේ කියා - ධර්මදාස වල්පොල - තැටි අංක W.N 605 - H.M.V
3. සොම්නස් උනා හදේ - ලතා වල්පොල - තැටි අංක W.N 606 - H.M.V
4. ආලේ කලා නම් - රුක්මනී දේවී - තැටි අංක W.N 604 - H.M.V
5. ඇසේ ගීතේ ‍-රුක්මනී දේවී/ධර්මදාස වල්පොල- තැටි අංක W.N 602 - H.M.V
6. හොඳ කාලේ යලි ආවේ - ලතා වල්පොල - තැටි අංක W.N 605 - H.M.V
7. රූපය ශාපය වේ මගේ - රුක්මනී දේවී - තැටි අංක W.N 606 - H.M.V
8. හරිගියා පරමාර්තේ මාගේ- ලතා - මොහිදින් බෙග් - තැටි අංක W.N 604 - H.M.V
9. මේ කෲර ලෝකේ - රුක්මනී දේවී - තැටි අංක W.N 602 - H.M.V
10. අඬාලා වැලපීලා පලක් නෑ- මොහිදින් බෙග් - තැටි අංක W.N 603 - H.M.V
මෙම ගීත ඇතුලත් ග්‍රැමෆෝන් තැටි - H M V ලේබලය යටතේ නිකුත්වින.

රංගන දායකත්වය
රුක්මනී දේවී (සිරියාලතා/සිරියාවතී) - ලැටීශියා (කැරලිනා) - එඩී ජයමාන්න (කොරනිස්) හර්බට් එම් සෙනවිරත්න (සිරිමාන්න රිටිගල) මාක් සමරනායක (වික්ටර් ගුණසේකර) හියුගෝ ප්‍රනාන්දු (ජොරනිස් පෙරේරා) මිලී කහඳවල (සිමෝනා) බර්නාඩ් පෙරේරා මිය( හොඩ්වින් නෝනා) රූබිද මෙල් (රිටිගල මැතිනිය) - සිරිල් ප්‍රනාන්දු (විජේසූරිය පියතුමා) එස්.ඩී.එලිසබෙත් (විජේසූරිය බිරිඳ) පීටර් පීරිස් (සර් ජෝජ්) ස්ටැන්ලි මල්ලවාරච්චි (ජුලියස් තෙන්න කෝන්) ඇතුළු - සූරිය රානි - ප්‍රෙඩී ඩැනියෙල් ට ජෝජ් පෙරේරා - පද්මා ශාන්තිනි අතිරේක චරිත සඳහා දායක වූහ.

විශේෂ සිදුවීම්
සිරියලතා නිශ්පාදනය කිරීම සඳහා ණය මුදලක් ලබාගත්තේ ඔවුන් පදිංචිව සිටි ජයරුක් නිවස උගසට තැබීමෙනි. චිත්‍රපටය ප්‍රදර්ශනය වීමෙන් ලබන ආදායමින් එම ණය ගෙවා දැමීම ඔවුන්ගේ අභිප්‍රායය විය. එඩී රුක්මනී සිංහල සිනමාව කෙරෙහි පැවති භක්තිය හා කැපවීම එයින්ම පැහැදිලිය. එහෙත් සිරියලතා සාර්ථක ආදායම් ලබමින් තිබියදී සිනමාහල් වලින් ඉවත් කෙරින. මේ නිසා ඔවුනට තමන් වෙහෙස මහන්සි වී ගොඩනගා ගත් නිවස ඔවුන්ට අහිමි වීම ඛේදජනකය. මෙහි සත්‍යතාවය හෙලිදරව් කිරීම කාලෝචිත නොවේ. සිරිසේන විමලවීරයන්ට නව ජීවන චිත්‍රාගාරය අහිමි වූයේද මේ අයුරිනි.

සිරියලතා කතා සාරාංශය
පසලොස්වන වියේ පසුවන ඇග්නස්, දින දින රූපශ්‍රීයෙන් වැඩෙන යුවතියකි. තම පියා කවුරුන්දැයි නොදත් ඇය ජීවත් වූයේ තම මෑණියන් වන සිරියාවතී සමඟ කුලී නිවසකය. ඈ වරින් වර තම පියා ගැන විමසුවද සිරියාවතී ඊට නිහඬව සිටියා මිස නිශ්චිත පිළිතුරක් නොදුන්නාය. තම මෑණියන් එය රහසක් ලෙස ගබා ගෙන සිටින වග තේරුම්ගත් ඇග්නස් ඉන්පසුව නිහඬවිය. මේ වන විට සිරියාවතී අසාධ්‍ය රෝගයකින්පෙලෙමින් සිටියද, ඊට සුදුසු ප්‍රථිකාර ගැනීමටවත් ඔවුන් සන්තකයේ මුදල් නොතිබින. අවසානයේදී ඇය ප්‍රථිකාර නොලබාම දිවියෙන් සමුගනු ලැබුවේ තම දියණියගේ අතෙහි සුරයක් ගැට ගසිමිනි.

මව මියයාමෙන් පසුව ඇග්නස් ජීවිත කතරේ අතරමං විය. ඉන්පසු අසල් වැසි ස්ත්‍රියක විසින් ඇයව ජොරනිස් පෙරේරා වෙත කැඳවාගෙන ගොස් එහි සේවිකාවක ලෙස සේවය කිරීමට සැලසුවාය. ජොරනිස් පෙරේරාගේ දියණිය කැරලිනා ද කිසිදු තෙතමනයක් නොමැති තරුණියකි. ඕ - ඇග්නස් නම හොඳ වැඩියයි පවසා ඇයට ගුස්තිනා යන නම තැබුවාය.
මේ අතර කැරලිනාගේ බූදලයට ඇස ගසා ගෙන සිටින වික්ටර් ගුණසේකර නැමැති පෙරක දෝරුවා ඇයව විවාහ කරගැනීමේ අදහසින් නිතර කැරලිනා හමුවූයේය. එහිදී පලමු වරට ඇග්නස්ව දැක ගැනීමෙන් පසුව ඔහු - ඇය කෙරෙහි ඇල්ම කැල්ම දමන්නට වූයේ කැරලිනාට නොදැනෙන පරිද්දෙනි.

කොරනිස් වු කලී ජොරනිස් පෙරේරාට අයත් නිවාස වල කුලී එකතු කරන්නෙකි. ඔහු ඇග්නස්ගේ නිවාස කුලී අය නොකිරීම ගැන තදින් කොපවූ ජොරනිස් පෙරේරා - ඔහුව සේවයෙන් ඉවත් කලේ හිඟ වැටුප් ගෙවීම පවා පැහැර හරිමිනි. මින් කෝපයෙන් දැවුනු කොරනිස් කවදා හෝ ජොරනිස්ගෙන් පලිගන්නෙමියි පවසා පිටව ගියේය.
වසර පහක පමණ කාලයක් ගෙවී යද්දී රූපශ්‍රීයෙන් අගතැන්පත් වූ ඇග්නස් කෙරෙහි වික්ටර් තුල තිබූ හැඟීම් තවදුරටත් පල දරන්නට විය. කැරලිනාට වඩා ඇග්නස් හොඳය යන්න ඔහුගේ තීරණය විය. දිනක් වික්ටර් සහ කැරලිනා නිවෙසින් පිටවී සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් සිටියහ. මේ අවස්ථාවේදී සුරාමතින් වියරුව සිටි ජොරනිස් පෙරේරා ඇග්නස්ට බලහත්කාරකම් කරන්නට තැත් කරත්දී කැරලිනා සහ වික්ටර් එහි පැමිණියේය. තම පියාගේ මෙම නොසන්ඩාල ක්‍රියාව කෙරෙහි කුපිතවූ කැරලිනා ඔහුට බැනවඳින්නට වූවාය. එය පසුව දබරයකට පෙරලෙද්දී ඇග්නස් වහා නිවෙසින් පිටව අඳුරේම මඟට බැස්සාය. පියා සහ දියණියගේ කලහය වැඩිවීමත් සමඟම - වික්ටර් තවත් එහි නොරැඳී ඇග්නස්ව ලුහුබඳින්නට විය. යායුතු මඟක් නොදැන අලාමුලායෙන් ගමන් කරන ඇග්නස්ට - තමා පසුපස දුව එන වික්ටර්ව දැකීමෙන් තැතිගත්තාය. මේ අවස්ථාවේදී ඇයගේ වාසනාවකට මෙන් රික්ෂෝ රියෙකින් පැමිනි තරුණයෙකු - ඇයව බේරාගත් අතර තමාට සිදුවූ අකරතැබ්බය ඔහු හමුවේ තැබුවේ ඔහුගේ ආරක්ෂාව තව දුරටත් අපේක්ෂාවෙනි ඉන් සසලවූ තරුණයා - ඇයට උපකාරක කල යුතුයැයි තීරණය කරගනිමිනි. තමා දන්නා හඳුනන ගුඩ්වින් ටියුටරියට ඇයව කැඳවා ගෙන ගොස්, ගුඩ්වින් මැතිනියට බාරදුන්නේය.

මොහු වූ කලී උසස් රඳළ පෙලපතකින් පැවත එන උගත්, ශිෂ්ඨ සම්පන්න තරුණයෙකි. ඔහු නමින් සිරිමාන්න රිටිගල වුවද ඔහු ඇග්නස්ට පැවසුවේ තමාගේ නම මාෂල් බවයි. එහිදී ඇයට සියළු පහසුකම් දෙන ලෙසත් ඒ සඳහා තමා මුදල් ගෙවන බවටත් ගුඩ්වින් නෝනාට පැවසූ රිටිගල, නැවත එන බව ඇග්නස්ට පවසා පිටව ගියේය.
ඇග්නස් කෙරෙහි පැහැදුනු රිටිගල ඇය තම සහායිකාව කර ගැනීමට තීරණය කරගනිමින් - යලි දිනෙක් පැමින ඇයට විවාහ යෝජනාවක් කලේ තම අතෙහි වූ පෙරැස් මුද්ද ඇයගේ අතෙහි පළඳවමිනි. එය තම පොරොන්දුවේ සංකේතය විය. ඊට සතියකට පමන පසු ඇග්නස් හමුවූ රිටිගල, වැඩිදුර අධ්‍යාපනය සඳහා තමාට එංගලන්තය බලා යාමට සිදුවී ඇති බවත් ආපසු පැමිනි විගස ඇග්නස්ව විවාහ කර ගන්නා බවටත් පවසා ඇයගෙන් සමු ගත්තේය.

මේ අතර ජොරනිස් පෙරේරාගෙන් පලි ගැනීමට මාන බලමින් සිටි කොරනිස්, වික්ටර් ගුණසේකරගේ මාර්ගයෙන් තැපැල් පියුම් කමක් ලබා ගත්තේය. ගුණසේකර එම උදව්ව කලේ කොරනිස් ලවා ඇග්නස් සිටින තැනක් පිලිබඳව දැනගැනීමේ අභිප්‍රායෙනි.
දින කීපයකින් ගුඩ්වින් ටියුටරියට ලියුම් බෙදීමට ගිය කොරනිස්ට, එහි වෙසෙන ඇග්නස්ව දැක ගත හැකි විය. ඔහු වහාම ඒ බව වික්ටර්ට දැනුම් දුන්නේය. එතැන් පටන් රිටිගල විසින් එවන සියළුම ලිපි කොරනිස් වෙතින් ලබාගත් වික්ටර් , ඒ වෙනුවට ඇයගේ සිත බිඳෙන අයුරින් වෙනම ලිපියක් සකසා ඇග්නස් වෙත යැවීය. එසේ එක් ලිපියක සඳහන් වුයේ තමා එංගලන්තයේදී සුදු කාන්තාවක සමඟ විවාහ වූ බවය. මෙය විශ්වාස කල ඇග්නස් ටියුටරියෙන් පිටවී සියදිවි නසා ගැනීම් වස් කැළණිගංගොඩ වෙත යද්දී එහි සක්මන් කරමින් සිටි විජේසුරිය දේව ගැති තුමා විසින් ඇයව ගලවා ගත්තේය.
දැන් ඇග්නස් වෙසෙනුයේ දේවගැති නිවසේය. එම අඹුසැමි යුවල ඇයට දරුවෙකු මෙන් සලකා සියළුම සැප පහසුකම් දුන්නේය. මෙම දේවගැති තුමා කලකට පෙර වික්ටර් ගුණසේකරගෙන් පොළියට ණය මුදලක් ලබාගෙන තිබින. එහෙත් ඔහු එම ණය පෙන් පොළිය ගෙවීම අතපසු කල බැවින් - වික්ටර් දේවගැති නිවසට පැමිනි විට ඇග්නස් එහි සිටිනු දුටුවේය. ඒ සමඟම ඔහු දේවගැතිතුමාට කල යෝජනාව වුයේ - තමාට ඇග්නස්ව විවාහ කර දෙන්නේ නම් ණය මුදල කපා හරින බවය. මෙම යෝජනාව ගැන දැනගත් ඇග්නස් තම ජීවිතය ගලවා ගත් දේව ගැතිතුමාව ණය බරින් නිදහස් කරනු වස්, වික්ටර් සමඟ විවාහ වීමට එකඟ වූවාය.
වික්ටර් ගුණසේකරට අවශ්‍යවූයේ කැරලිනාගේ බූදලය ද අත්පත් කරගෙන ඇග්නස් සමඟ විවාහවීමටය. ඔහුගේ සැලසුම වූයේ, තම පියාගැන කලකිරී සිටින කැරලිනා ලවා - ජොරනිස් පෙරේරාට වස දීමටය. ඒ සඳහා විශාල මුදලක් ගෙවන බවට පොරොන්දු වී කොරනිස්ට එම කාර්යය පැවරුවේය. පියා මරා දමා ඔහුගේ බූදලය අත්පත් කරගෙන විකටර් සමඟ විවාහවීමට සිහින මවන කැරලිනා, කොරනිස් විසින් බාරදුන් වස තම පියාගේ වතුර වීදුරුවට දමා ඔහුව ජීවිතක්ෂයට පත්කලේය.
තම පියාට වස දී මරණය සිදුකල කැරලිනාට සිරබත් කෑමට සිදුවිය. ඒ අතර ජොරනිස් පෙරේරාව මරා දැමීමට සහයෝගය දුන් කොරනිස්ට, පොරොන්දුවූ මුදල දීමද වික්ටර් ප්‍රතික්ෂේප කලේය. මින් කෝපයට පත් හෙතාම වන බිරිඳ වූ සිමෝනාට මෙම අසාධාරණය හෙලිකලේ ඊට ඇයගෙන් විසඳුමක් අපේක්ෂාවෙනි. සිමෝනා ඒ වන විට හිරගෙදර මේට්‍රන්වරියකි. ඇය කොරනිස්ගෙන් සියලු තතු දැනගෙන කිසියම් උපායක් යෙදුවේය.
ගුණසේකර සහ ඇග්නස් විවාහවී පල්ලියෙන් එලියට එනවිට, සිමෝනාගේ උදව්වෙන් එලියට පැමිනි කැරලිනා, වික්ටර්ට වෙඩි තැබුවේය. ඒ සමඟම ඇග්නස් ක්ලාන්තවූ අතර වික්ටර් දැඩි ලෙස තුවාල වීමෙන් රෝහලට ඇතුලත් කරනු ලැබීය. මේ අවස්ථවේදී වික්ටර්ව හදාවඩා ගත් ජුලියස් තෙන්නකෝන් පැමින කණගාටුවෙමින් පැවසුවේ.. වික්ටර් ගේ නපුරු ගති පුරුදු වී ඇත්තේ ඔහුගේ මවගෙන් බවයි. වසර කිහිපයකට පෙර ජුලියස් සමඟ විවාහවූ සිමෝනාට ඔහුගෙන් වෙන් වීමට සිදු වූයේ ඇයගේ නපුරු දඩබ්බර ගති නිසාමය. තමා මෙතෙක් කැරලිනාට උපකාර කලේ තමාගේ පුත්‍රයා ඝාතනය කිරීමට නොවේදැයි දැනගත් සිමෝනා - වික්ටර් වෙතට ආසන්න වෙත්ම - ඔහු මිය ගියේය.
මේ අතර අධ්‍යාපන කටයුතු හමාර කර සිය රටට පැමිනි රිටිගලට දැනගන්නට ලැබුවේ ඇග්නස් ටියුටරියෙන් අතුරුදහන් වී ඇති බවය. ඉන් ඔහු දැඩි ශෝකයට පත්විය.
ඒ අතරේදී රිටිගල ගේ පැමිනීමෙන් නිවෙස් පැවති සම්භාෂනයට දේවගැතිදෙමහල්ලන්ටද ආරාධනා ලැබී තිබින. ඔවුන් කල් වේලා ඇතුව ඇග්නස් සමඟ රිටිගල වලව්වට පැමිණියේය. එහිදී ඇග්නස්ට - රිටිගල මුණ ගැසින. ඉන්පසු ඔහු සමඟ සුහද කතබහේ යෙදෙමින් වලව්ව තුල සැරිසරන ඇග්නස්ට තම මෑණියන්ගේ ඡායාරූපයක් එහි තිබෙනු දැක පුදුමයට පත් වූවාය. ඇය ඒ බව රිටිගලට පවසමින් සිය මෑණියන් විසින් අතෙහි බඳින ලද සුරය පෙන්නුවාය. එහි හුන් පිරිසද එතැනට රොක් වුහ. රිටිගල මැතිනිය විසින් සුරය ඇතුලේ තිබූ ලිපිය පිටතට ගෙන කියවීමෙන් පසු ඇග්නස් පිළිබඳව මෙතෙක් පැවති රහස් හෙළිදරව් විනි. ඒ අනුව ඇගේ මෑණියන් විවාහවී ඇත්තේ රිටිගල මැතිනියගේ සොහොයුරා වන සර් ජෝජ් සමඟය. සර් ජෝජ් කෙරෙහි ඇතිවුන බොරු සැකයක් නිසා සිරියාවතී ඔහුගෙන් වෙන් වී ගිය බවද හෙළිදරව්විනි. කෙසේ වෙතත් ඇග්නස් තම දියණිය බව දැනගත් සර් ජෝජ් ඇයව වැළඳගෙන සතුටු කඳුළු හෙලන්නට වුයේ අන් සියල්ලෝම ප්‍රීති සයුරේ ගිලෙද්දීය.
ඉන් සතියකට පසු රිටිගල තම නෑනන්ඩිය වන ඇග්නස් සමඟ සරණ බන්ධනයට ඇතුලත් විය.
0
You are not authorized to post a reply.
Page 7 of 9 << < 56789 > >>