You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Aug 2020 09:03 AM by  indika76
ශ්‍රී ලංකාවේ චිත්‍රපට
 166 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 9 << < 23456 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Dec 2019 10:34 AM
13 වන චිත්‍රපටය ගැන කතා කරමු නේද දැන්.. දිගු නිහැඬියාවකට පසු.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Dec 2019 04:02 PM
13. උමතු විශ්වාසය

තිරගත කළ දිනය: 1952-05-09

Main Actress :  Florida Jayalath
Director :  B.A.W. Jayamanne
Producer :  B.A.W. Jayamanne
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Dec 2019 04:07 PM
1952 මැයි 9 සිට එල්ෆින්ස්ටන් (මරදාන) හිදී (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). සුදට සුදේ සිරිය දිලේ, කොළොම්පුරේ ශ්‍රියා, ඉස්තීර ආලේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
ද්විත්ව චර්ත නිරූපණයක් (රුක්මණී දේවි මව සහ දුව ලෙස) රැගත් පළමු සිංහල චිත්‍රපටිය.
රුක්මනී දේවි, එඩී ජයමාන්න, හර්බට් සෙනෙවිරත්න, සුමිත් බිබිලේ, මේබල් බ්ලයිත්, ලැටීෂියා පීරිස්, රූබි ද මෙල්, බී. ඒ. ඩබ්. ජයමාන්න, ස්ටැන්ලි මල්ලවාරච්චි, බර්ට්‍රම් ප්‍රනාන්දු රංගනයෙන් දායක විය.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Dec 2019 04:19 PM
සුදට සුදේ සිරිය දිලේ පුන්සදේ...

https://youtu.be/Hj8Jy-Vchm8

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Dec 2019 04:29 PM
14. සිරිසඟබෝ

තිරගත කළ දිනය: 1952-07-18.

Main Actor : T.V.Edvin Perera
Main Actress : Theresa Weerasighe
Director : Wernan Jayawardana
Producer : Wernan Jayawardana
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Dec 2019 04:30 PM
උපුටාගැනීම ලංකාදීප පුවත්පතෙනි...

රුපියල් 30,000කින් සිංහල චිත්‍රපටයක් නිපද වූවා යයි කිවහොත් එය විශ්වාස කළ හැකිද? 1952 වසරේ එවැනි සිද්ධියක් සිංහල සිනමා ඉතිහාසයෙන් අනාවරණයවී ඇත. සිංහල චිත්‍රපට නිපදවීමට ඉන්දියානු චිත්‍රාගාරවල පිහිට සෙවූ ඒ කාලයේ වර්නන් ජයවර්ධන නම් සිංහල කැමරා ශිල්පියා ටවර් යුගයේ ජනප්‍රියව තිබූ ‘සිරිසඟබෝ’ නාට්‍ය ඇසුරෙන් චිත්‍රපටයක් නිපදවීමට සිතා තමා සතු කැමරාවත් තම ශිල්පීන් සමග එළිමහනකට ගොස් ඇත. ඔහු රඟපෑම සඳහා තෝරා ගත්තේ ද ටවර් නළු නිළියන්මය. එපමණක් නොව ටවර් යුගයේ චිත්‍රාභරණද පසුතල දර්ශනද තෝරා ගෙන අත්තනගල්ල, අනුරාධපුරය, කොට්ටාව ආදී ප්‍රදේශවල එළිමහන් දර්ශනද ගන්නා ලදි. එඞ්වින් පෙරේරා දෙබස් ලියා අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයේ රජමාළිගා, ඇතුළු අභ්‍යන්තර දර්ශන රාශියක් ගොඩනැගිල්ලක නිර්මාණය කළේ ටවර් යුගයේ අති දක්‍ෂ නළුවකුව සිටි එම්. රොමානිස් ප්‍රේරාගේ පුත්‍රයකු වූ එම්. පියදාසය.


වර්නන් ජයවර්ධනගේ තොරතුරු ‘ලංකාදීප’ පත්‍රයෙන් විටින් විට ඉදිරිපත් කළේ ඩී.වී සෙනෙවිරත්න විසිනි. ලංකාවේ ප්‍රථම සිංහල නිහඬ චිත්‍රපටය වූ “පලිගැනීමේ” (1936) ඡායාරූප ශිල්පියාද වර්නන් බව ඔහු පවසා ඇත. ඔහු කියන ආකාරයට ‘සිරිසඟබෝ’ චිත්‍රපටයට පෙර 1947 වසරේ වර්නන් ජයවර්ධන විසින් “සරදියෙල්” නම් කෙටි චිත්‍රපටයක් ලියා අධ්‍යක්‍ෂණය කර ඇත.


“1947 ජනවාරි මාසයේදී පමණ මා ඇතුළු පිරිසකට ජයවර්ධනගේ “සරදියෙල්” නම් කෙටි චිත්‍රපටය කොළඹ බේස්ලයින් පාරේ පිහිටි ඔහුගේ නිවසේ ප්‍රදර්ශනය කළා. ඡායාරූප ශාලාවක් හිමි ඔහුට බයිස්කෝප් කැමරා කිහිපයකුත්, ප්‍රදර්ශන යන්ත්‍ර කිහිපයකුත් තිබුණා. මේ චිත්‍රපටය පාසල් ශිෂ්‍යයන්ටත් කලා සංගම්වලටත් ප්‍රදර්ශනය කළා.”


වර්නන් ජයවර්ධන ‘සිරිසඟබෝ’ චිත්‍රපටයේ රූප ගත කිරීම් නිම කළත්, පසුබිම් හඬ හා ශබ්ද කැවීමට මුදල් නැතිවීම නිසා ප්‍රශ්නකාරී තත්ත්වයකට මුහුණ දුන්නේය. රූගත කළ එක රීලයක් ජයවර්ධන විසින් සිලෝන් තියටර්ස් අධිපති ගාඩිනර්ට් රීගල් සිනමාහලේදී පෙන්විය. ඔහුගෙන් ලැබුණු මුදලින් චිත්‍රපටයේ හඬ කැවීමට, දෙබස් කැවීමට මදුරාසියේ සරස්වතී චිත්‍රාගාරයට ගියේය. එහිදී ජයවර්ධන හා අධ්‍යක්‍ෂ එඞ්වින් පෙරේරා අතර “මත ගැටුමක්” ඇතිවිය. එඞ්වින් තමා සතු ගීත, දෙබස් ජයවර්ධනට නොදී ලංකාවට පැමිණියේය. ජයවර්ධනට එතැන දී පිහිටට ආවේ වතුරේගම සෝමාලංකාර හිමියන්ය. උන්වහන්සේ දෙබස්, ගාථා, ගීත අලුතින් ලියා දුන්හ. මුල්වරට බෞද්ධ භික්‍ෂූන්වහන්සේ කෙනෙකු සිනමාවට සම්බන්ධ වන්නේ ‘සිරිසඟබෝ’ චිත්‍රපටයෙනි.


අලුතින්ම චිත්‍රපටයේ වැඩ කටයුතු ඇරඹූ වර්නන් ජයවර්ධන තමාගේ අධ්‍යක්‍ෂණයෙන් යුතුව, ටී.ඩී. ඇඞ්වින් පෙරේරා, පියදාස පෙරේරා, තෙරේසා වීරසිංහ, දේවි සකුන්තලා, ලක්‍ෂ්මි බායි, ක්ලෙමන්ට් ගවුඩර් සමග නැවත මදුරාසිය බලා පිටත්වී හඬ ගන්නා එහි පළමු රීලය සිලෝන් තියටර්ස් සමාගමට ප්‍රදර්ශනය කොට මුදල් ලබා ගත්තේය. වැඩ නිම කළ “සිරිසඟබෝ” 1952 ජූලි 18 වැනිදා සිලෝන් තියටර්ස් සමාගමට අයත් එල්ෆින්ස්ටන් සිනමාහලේ නළු නිළියන්ගේ ප්‍රධානත්වයෙන් මංගල දර්ශනය පවත්වා ඇත. වැල්ලවත්තේ රොක්සි, අම්බලන්ගොඩ ලක්‍ෂ්මි, ත්‍රිකුණාමලේ නෙල්සන් හා මහනුවර වේල්ස්, බණ්ඩාරවෙල රෝයල් යන සිනමාහල්වල ද චිත්‍රපටය තිරගත විය. පුවත්පත් දැන්වීම්වලට චිත්‍රපටය ගැන මෙසේ සඳහන් වී තිබුණි.


“රජකුගේ විශිෂ්ට පරිත්‍යාගය විදහා දැක්වෙන, ලංකාවේ අතීත ඉතිහාසයෙන් පිටුවක් ආගමික සහ ඓතිහාසික වටිනාකමෙන් යුතු පුවතකි.”
“අපේ රටේ පැරණි සෞභාග්‍ය විදහාපාන ලංකාවේ ධර්මිෂ්ඨ රජතුමා පිළිබඳ මෙම චිත්‍රපටිය සෑම සිංහලයකු විසින්ම නැරඹිය යුතුය.”
“ලංකාදීප” කර්තෘ ඩී.බී. ධනපාල මහතා චිත්‍රපටයට දිරි දෙමින් විවේචන පළ කරමින් හැකි හැම උපකාරයක්ම දුන්නේය. නූතන අත්තනගල්ල විහාරස්ථානයේ දර්ශනයක් සමඟ එහි වැයෙන ඝන්ටාර රාවයේ නාදයෙන් බුදු දහම ඔස්සේ සිත් යවමින් පටන් ගැනෙන මේ චිත්‍රපටයේ භික්‍ෂූන් වහන්සේ නමකගේ මඟ පෙන්වීම අනුව සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය කුමාරයන් තිදෙනා අනුරාධපුර බලා නික්මෙන ගමන චිත්‍රපටයට නගා ඇති අයුරු පැසසිය යුතු බව 1952 ජූලි 20 වෙනිදා ‘ලංකාදීප’ පත්‍රයට තිලක (සිරිපාල තිලකසේන) ලියා තිබුණි.
වර්නන් ජයවර්ධන ‘සිරිසඟබෝ’ චිත්‍රපටය සාර්ථක වූයේ නම් සිංහල කතානාද චිත්‍රාගාරයක් හැදීමට ලොකු ආසාවකින් සිටි බව ඩී.වී. සෙනෙවිරත්න කියා තිබුණි. අවාසනාවට දින දහයක් තිරගතව තිබියදී ‘සිරිසඟබෝ’ චිත්‍රපටය සිනමාහල්වලින් ඉවත් කළේ දින 2කට පමණ මරදානේ ටවර් සිනමාහලට මාරු කොට යැව්වේය. මෙසේ ‘සිරිසඟබෝ’ චිත්‍රපටය දින 10කින් ඉවත් කළේ දිලිප් කුමාර් රඟ පෑ “ආන්” හින්දි චිත්‍රපටය තිරගත කිරීමට ගත් තීරණය නිසාය. එහෙත් බොහෝ දෙනා පුල පුලා බලා සිටි දිලිප් කුමාර් 1952 ජූලි 20 වැනිදා ලංකාවට පැමිණියේ නැත. දිලිප් එනතුරු එල්ෆින්ස්ටන් සිනමාහලේ තිරගතවී ඇත්තේ ‘සම්සාරම්’ නම් ද්‍රවිඩ චිත්‍රපටයයි. 1952 අගෝස්තු 12 දිලිප් ලංකාවට එන විට වර්නන් ජයවර්ධන නම් උත්සාහවන්ත මිනිසාට සිදු විය හැකි හැම දුෂ්කරතාවක්ම විඳීමට සිදුව ඇත.
කෙසේ වුවද මේ “දිරිය මිනිසා”ගේ ප්‍රයත්නය අගය කළේ “ලංකාදීප” පත්‍රය පමණි. ඔහුගේ නම සිංහල සිනමා ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් වී තිබුණි. එහෙත් මේ චිත්‍රපටයේ පිටපතක් අනාගත පරපුරට දැක ගන්නට නොලැබීම අවාසනාවකි.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Dec 2019 07:46 AM
බොහොම ස්තුතියි මේ විස්තර වලට ..........මේ දේවල් දැනන් හිටියේ නෑ .
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
18 Dec 2019 12:10 PM
15. එදා රෑ

තිරගත කළ දිනය: 1953-02-14

Main Actor : Shantha Kumar Senevirathna
Main Actress : Seetha Jayawardana
Director : Shantha Kumar Senevirathna
Producer : Sisil Disanayaka
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
18 Dec 2019 12:11 PM
සිංහලයෙකු සම අධ්‍යක්ෂණය කළ (ශාන්ති කුමාර්) පළමු චිත්‍රපටය 'අශෝකමාලා' (1947)ය. එහෙන් මේ චිත්‍රපටයෙන් ඇරඹුණු ශාන්ති කුමාර් තනිව අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වූයේ (1953) 'එදා රෑ' ය.
මෙහි ශාන්ති කුමාර් හා සීතා ජයවර්ධන ප්‍රධාන චරිත රඟපෑහ. ශාන්ති කුමාර්ගේ සිනමා ගමන බාධා සහිත එකකි.
'එදා රෑ' චිත්‍රපටයට චිත්‍රාගාර පහසුකම් ලැබී ඇත්තේ රාත්‍රී කාලයේ නිසා චිත්‍රපටය රාත්‍රී කාලයට උචිත ලෙස සකස් කිරීමට සිදු වී ඇත.
එහෙත් 'අශෝක මාලා' තරම් 'එදා රෑ' සාර්ථක නොවීය.

(සරසවිය පුවත්පතෙනි)
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
18 Dec 2019 12:16 PM
(මේ ලංකාදීප පුවත්පතෙන් උපුටාගන්නා ලද ලිපියකි)

මහ රෑ හැදූ ලංකාවේ මුල්ම චිත්‍රපටය

ඊයේ රෑ පෙන්වන්නට පටන් ගත් එදා රෑ මෙතෙක් ලංකාවේම නිපද වූ එකම චිත්‍රපටියකි.

1953 පෙබරවාරි 15 ඉරිදා ලංකාදීප පත්‍රයේ 13 වැනි පිටුවේ පළ වූ විශේෂාංගයක ධරම්සි ලියා තිබුණි. ධරම්සි යනු ඉරිදා ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ ව සිටි ධර්මසිරි ජයකොඩිය. එදා රෑ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළේ 1953 පෙබරවාරි 14 වෙනිදා සිටය.

අශෝකමාලා චිත්‍රපටය 1947 වසරේ සම අධ්‍යක්ෂණය කළ ශාන්ති කුමාර් සෙනෙවිරත්න විසින් මුල් වරට තනිවම අධ්‍යක්ෂණය කළ එදා රෑ චිත්‍රපටය කඳානේ සුන්දර චිත්‍රාගාරයේ ආරම්භ කළේ 1951 ජුනි 20 වෙනිදාය. මේ ප්‍රවෘත්තිය ලංකාදීප පත්‍රය වාර්තා කර තිබුණේ මේ ශීර්ෂ පාඨයෙනි.

සිනමා චිත්‍රපටි ලංකාවේම නිපදවයි.

එතෙක් දකුණු ඉන්දීය චිත්‍රාගාරවල නිපද වෙමින් තිබූ සිංහල චිත්‍රපට ලංකාවේ චිත්‍රාගාරයක නිපදවීමට මුල් පියවර තැබුවේ ශාන්ති කුමාර් සෙනෙවිරත්න බව මේ ප්‍රවෘත්තියෙන් මොනවාට පැහැදිලි වෙයි. බෞද්ධ, හින්දු, මුස්ලිම් හා රෝමානු කතෝලික ආගම්වල චාරිත්‍ර අනුව ආගමික සිරිත් විරිත් පවත්වා කඳානේ දී එදා රෑ (That Night) චිත්‍රපටය ඇරැඹුණු බව ද එහි වාර්තා වී තිබුණි. අශෝකමාලා චිත්‍රපටය නිෂ්පාදනය කළ සිලෝන් තියටර්ස් සමාගමට රුපියල් ලක්ෂ දෙක හමාරක් උපයා දුන් නිසා ශාන්ති කුමාර්ගේ එදා රෑ නිපද වීමට සිලෝන් තියටර්ස් සමාගම එකඟ විය.

මේ කාලයට ආසන්න (1950) දිනක් ලංකාදීප පුවත් පතේ උප කර්තෘවරයකු වූ ඩී.වී. සෙනෙවිරත්නට ශාන්ති කුමාර් හමු වී ඇත.

බලන්න සෙනේ, අශෝක මාලා ත් කරලත් අවුරුදු එක හමාරක් ගත වුණා. මට තවම දෙවෙනි චිත්‍රපටිය හදන්න බැරි වුණා නොවැ. මගේම වියදමින් චිත්‍රපටියක් හදන්න මිල මුදල් තිබුණා නම් ඉන්දියාවට ගිහින් චිත්‍රපටියක් කරනවා. ශාන්ති කුමර් කනස්සල්ලෙන් කියූ කතාවක් ගැන 1969 වනිතාවිත්ති පුපත් පතට ඩී.වී. සෙනෙවිරත්න ලියා තිබුණි.

එය ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ සංක්‍රාන්ති සමය විය. චිත්‍රපටියක් අධ්‍යක්ෂණ්‍ය කිරීම පසෙක දමා තමා භාරතයේ දී මැනවින් ප්‍රගුණ කළ නර්තන කලාව උගන් වන පාසලක් ඇරඹුවේය. එය ශාන්ති නිකේතනය නම් විය. එ් අතර ශාන්ති රජයේ චිත්‍රපට අංශය (G.F.U.) තිබුණි. වාර්තා චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කිරීමට පවරා ඇත. මේ චිත්‍රපට දෙකේ ලුවී රුද්‍රිගු, ජෝසප් සෙනෙවිරත්න, සිරිමතී රසාදරී, චාන්දනී ගුණතිලක රඟපෑහ.
තමා විසින්ම ඉංග්‍රීසි​ෙයන් ලියන ලද කතා පිටපතක් රැගෙන ශාන්ති සිලෝන් තියටර්ස් අධිපති සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් හමුවීමට කොටුව​ රීගල් සිනමා හලට යාබදව ඇති ඔහුගේ කාර්යාලයට ගියේය. කතා පිටපත කියවා බැලූ සර් ගාඩිනර් එය නිෂ්පාදනය කිරීමට එකඟ විය. කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි එම්පයර් සිනමා හලේ කාමරයක සිට ශාන්ති කුමාර් තමා ලියූ කතාව විකාශය කළේය. එවකට සිලෝන් තියටර්ස් සමාගමේ ප්‍රචාරක නිලධාරියාව සිටි ප්‍රේමනාත් මොරායස් මේ කතාවට අනුව දෙබස් රචනා කළ අතර ඒ සඳහා ශාන්තිගේ බාල සොහොයුරු හර්බි සෙනෙවිරත්න හා ලුවී රුද්‍රිගු සහය වූහ.

ආලයත් විවාහයත් අතර ඇති වන ගැටීම් අලලා සමාජ සාමයට බාධක උස්මිටිකම් පහත්කොට තකන කතාවක් තමා විසින් ලියන දැයි ශාන්ති කුමාර් ඉරිදා ලංකාදීපයට කියා තිබුණි. චිත්‍රපට කතා පිටපත සකස් කිරීමෙන් පසු කාර්මික ශිල්පීන්, නළු නිළියන් තෝරා ගත් ඔහුට මුහුණ දුන් ලොකුම අභියෝගය වූයේ ලංකාවේ චිත්‍රාගාරයක් ​ෙත්රා ගැනීමය.

ශාන්ති මුලින්ම ගියේ රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධානියා හමුවීමටය. වාණිජ චිත්‍රපටයක් කිරීමට තම අයතනයෙන් පහසුකම් සලසන්නේ නැතැයි ඔහු ශාන්තිට කියා ඇත. ඊළඟට ඔහුගේ අවධානය යොමු වූයේ කඳානේ අභිනවයෙන් ඉදිකෙරුණු සුන්දර චිත්‍රාගාරය වෙතය.

එහි අධිතිවරයා එස්.එම්. නායගම් හමුවීමට ශාන්ති ගියේ චකිතයකිනි. ප්‍රථම සිංහල කතා නාද චිත්‍රපටය ඉදිරිපත් කිරීමේ තරගය නිසා නායගම් හා ශාන්ති අතර මත භේදයක් තිබුණ ද ඔහු සිලෝන් තියටර්ස් සමාගමට උදව් කිරීමට එකඟ විය.

කඳානේ සුන්දර චිත්‍රාගාරයේ මුලින්ම කැමරා ගත කළ චිත්‍රපටය එදා රෑ ය. චිත්‍රපටයේ වැඩ කටයුතු භායක් පමණ නිම වෙද්දී නායගම් සිලෝන් තියටර්ස් සමාගම සමග තිබූ ගිවිසුම කඩ කළේය. නායගම් නිෂ්පාදනය කිරීමට සැලසුම්කොට තිබූ බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ වැඩ කටයුතු කඩිමුඩියේ ආරම්භ කළේය. දවල් කාලයේ මේ චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා කැමරා උපකරණ හා පසුතල ලබා ගත හැකි වූයේ රාත්‍රී කාලයේ දී බව කණස්සල්ලෙන් ඉරිදා ලංකාදීපයට (1953 පෙබරවාරි 15) කියා තිබුණි.

එහි මෙසේ සඳහන් වී ඇත.

අවුරුදු දෙකකට පමණ පෙර මුහුර්තය පවත්වා කඳානෙන් ඇරඹුණු එදා රෑ ශාන්ති කුමාර්ට දිගින් දිගටම රෑ නින්ද නැති කළ රෑම නිපද වූ චිත්‍රපටයකි. රෑ වී එළිවෙන තුරුත් රෑ තිස්සේ එදා රෑ නිපදවන්නට සිදු වූයේ එදා රෑ නිපද වූ සුන්දර චිත්‍රාගාරයේ නිෂ්පාදන භාණ්ඩ දවල් තිස්සේ වෙනත් වැඩවලට නායගම් යොද වන ලද බැවිනි.

නායගම් ට අවශ්‍යව තිබුණේ එදා රෑ වැඩ කටයුතුවලට බාධා පමුණුවා එය තිරගත කිරීමට පෙර තමාගේ චිත්‍රාගාරයේ තමා නිපද වූ බණ්ඩා නගරයට පැමිණීම මුලින්ම තිරගත කිරීමටය. ශාන්ති කුමාර් ද උත්සාහය අත්හැරියේ නැත. නළු නිළියන් හා කාර්මික පිරිසගේ නොමඳ සහායත් අප්‍රතිහත ධෛර්යයත් ඔහුට ලැබිණි. එහෙත් ලංකාවේ ප්‍රථම වරට චිත්‍රපට ගත කළ සිංහල චිත්‍රපටය ලෙස ඉතිහාසගත කිරීමට ශාන්ති කුමාර් සමත් විය.
එදා රෑ චිත්‍රපටයේ කතාව විකාශය වන්නේ මෙසේය.

රංජිත් කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂතා දක්වයි.

සිය පවුලේ නඩත්තුව සඳහා විශල අරගලයක් කළත් රංජිත්ගේ පියා තම පුතුගේ අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යාමට හැම උපකාරයක්ම කරයි. තමා කරන සුළු ව්‍යාපාරයෙන් ලැබෙන මුදල අරපිරිමසා ගෙන පියා රංජිත්ව උසස් පාසලකට ඇතුළු කරන්නේ සතුටු කඳුළු වගුරුවමිනි. උසස් ලෙස සමත් වන රංජිත් තම පියා මෙතෙක් කළ දුක්ඛිත ජීවිතයෙන් මුදවා ගැනීමට රැකියාවක් සොයයි. පියාගේ පැතුම ඉටු කරමින් රංජිත් විශාල වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ ලෙස්ලි ගුණරත්න යටතේ උසස් රැකියාවක් ලැබෙයි. රංජිත්ගේ බුද්ධිය නිසා ගුණරත්නගේ ව්‍යාපාර දියුණුවට පත්වෙයි.

දැන් රංජිත් කඩවසම් ක්‍රියාශීලී නිහතමානී තරුණයෙකි. ඔහු කෙරෙහි තරුණියන්ගේ සිත් ඇදී යන්නේ නිරායාසයෙනි. ධනවත් පවුලක තරුණියක් වූ චන්ද්‍රා රංජිත් හා ප්‍රේම සබඳතාවක් පත්වාගෙන ගියාය. රංජිත්ගේ වත්පොහොසත් කම ගැන නොසිතූ චන්ද්‍රා ඔහු සමග විවාහ වීමට කැමති වූවාය. චන්ද්‍රාගේ පියා මුදලිඳු කෙනෙකි. ඔහු සහ ඔහුගේ බිරිඳ ධන මානයෙන් හිස උදුම්මා ගත් දෙදෙනෙකි. චන්ද්‍රා හා රංජිත් අතර සම්බන්ධය දැනගත් ඔවුන් තම දුවට තර්ජනය කරමින් ඔවුන්ගේ සම්බන්ධයට තහනම් නියෝග පැනවූහ.

රංජිත් සේවය කළ මහා පරිමාණයේ ව්‍යාපාරයේ අධිපති ගුණරත්න මහතාගේ බිරිඳ මියගොස්ය. ඔහුට සිටියේ එකම පුතා වික්ටර් ගුණරත්න නාස්තිකාරයෙකි. ඔහුට බීමත් කමට මෙන්ම සල්ලාලකමට ළැදි අපූරු මිතුරන් කිහිප දෙනෙකුගේ ඇසුර ලැබිණි. වික්ටර් මිතුරන් සමග සමාජ ශාලාවල කාලය කා දැම්මේය. බීමත්ව තරුණියන් පහස ලබමින් වික්ටර් පියාගේ ධානය නාස්ති කළේය.

චන්ද්‍රාගේ මව (මුදලි බිරිඳ) ගුණරත්නගේ සොහොයුරියකි. තම පුතු වික්ටර්ට විවාහ කර දීමෙන්වත් ඔහු සුමගට යොමු වේ යැයි ගුණරත්න සිතුවේය. මේ ගැන ගුණරත්න තම සොහොයුරිය හා මස්සිනා සමග කතා කළේය. චන්ද්‍රා සමග පැමිණ තම නිවසේ නවතින්න යයි ගුණරත්න තම සොහොයුරියට ආරාධනය කළේ ද උපායක් වශයෙනි.

චන්ද්‍රා නොදැක සිටීමත් ඇගේ ප්‍රිය සල්ලාපයෙනුත් ඈත්වී සිටි රංජිත් බලවත් සංතාපයට පත් විය. දිනක් චන්ද්‍රා කොළඹ දී රංජිත්ට හමුවීමට අවස්ථාව සැළසුණි. මේ හමු වීම දුටු වික්ටර්ගේ කෝපයත් ක්‍රෝධයත් දස දහස් වාරයකින් දැඩි විය. මේ සම්බන්ධය වහාම නතර කරන්නැයි රංජිත්ට තර්ජනය කිරීමෙන් සෑහීමකට පත් නොවූ වික්ටර් ඔහුට පහර දුන්නේය.

රංජිත්ගේ හා චන්ද්‍රාගේ පෙම් සබඳතාව නොබිඳිය හැකි බව සක්සුදක්සේ දැනගත් චන්ද්‍රාගේ මව වික්ටර් සමග එක්වී රංජිත් තම පියාගේ ව්‍යාපාරික කටයුතුවලින් නෙරපා දැමීමට උත්සාහ ගත්හ. අවංක සේවකයකු වූ රංජිත් රැකියාවෙන් අස්කිරීමට පෙර මේ සම්බන්ධය නතර කරන ලෙස ගුණරත්න අවවාද ක​ෙළ​්ය. ගුණරත්නට අවශ්‍ය වූයේ වික්ටර් හා චන්ද්‍රාගේ විවාහය ඉක්මණින් කිරීමටය.

වික්ටර් පිළිකුල් කළ චන්ද්‍රා රංජිත් සේවයෙන් පහ කිරීම හේතුවෙන් මුරණ්ඩු වූවාය. රැකියාවද පෙම්වතිය ද අහිමි වූ රංජිත් රැකියාවක් සොයා කොළඹට පැමිණ එයින් ප්‍රතිඵල නොලැබ ඔහු පොළොන්නරුව බලා ගියේ ජනපද යෝජනා ක්‍රමය යටතේ රැකියාවක් ලබා ගැනීමටය.

රංජිත් දැන් ජීවත්වන්නේ හැඟීමකින් තොරවය. ඔහුට අනාගතයක් ගැන හැඟීමක් නැත. ඔහුගේ සිත බලවත් ලෙස කැළඹුණේ හදිසියේම තමා බලමින් සිටි පුවත්පතේ පළවී තිබුණු චන්ද්‍රා - වික්ටර්ගේ විවාහය ළඟදීම සිදුවන බව දක්වන ප්‍රවෘත්තියෙනි.

තම පියාගේ හදිසි මරණයට පැමිණීමට තරම්වත් රංජිත්ගේ මානසික තත්ත්වය අවුල් වී තිබුණි. මිතුරන්ගේ බල කිරීම නිසා ඔවුන් ලබාදුන් මුදල් ද රැගෙන පියාගේ මෘත දේශය අවසන් වරට දැක ගැනීමට රංජිත් පිටත් විය.
වික්ටර් - චන්ද්‍රා විවාහ කර ගැනීමේ උත්සවයට තව ඇත්තේ සතියකි. එහෙත් තම පරණ පුරුදු අත්නොහළ වික්ටර් මිතුරන් සමග දූකෙළියට ගියේය. දුරාචාරයේ, යෙදුණේය. තම පියාගේ ධනය දහස් ගණනින් විනාශ කර දැම්මේය. දූ කෙළියේ දී වික්ටර් තමා සතු මුළු මුදලම පැර දී වෙරි මරගාතේ මුදල් දිනූ තැනැත්තාට වෙඩි තැබීය. ඔහු මැරී වැටුනේය.

බලවත් සේ කැලඹුණු වික්ටර් ගෙදර පැමිණියේ මරු විකලයෙනි. චන්ද්‍රා බලෙන්ම තම මෝටර් රථයට ගොඩනංවා ගත් වික්ටර් අධික වේගයෙන් රථය පැදවීය. තම රථයට මිනිසෙකු වේගයෙන් හැපුණේය. ඔහු රංජිත්ය.
ජීවිතයේ කිසිදු අරමුණක් නොමැතිව සුන් වූ බලාපොරොත්තු ඇතිව පාරේ යමින් සිටි රංජිත් පාරේ ඇවිද්දේ උම්මන්තකයකු ලෙසය. අනතුරට ලක් වූ රංජිත් විසිවී බිම වැටුණි. වික්ටර්ගේ මෝටර් රථය පාලනය කර ගත නොහැකිව පාරෙන් පිටට පැන ගොස් පෙරළුණි. මේ මාරක අනතුරින් වික්ටර් එතැනම මියගිය අතර චන්ද්‍රා බරපතළ ලෙස තුවාල ලැබුවාය.

රංජිත් හා චන්ද්‍රා රෝහලට ගෙන එනු ලැබීය. ඔවුන් දෙදෙනාම පිය වී සිහිය ලැබෙන විට දින ගණනක් ගත වී තිබුණි. දෙදෙනා එකිනෙකා හඳුනා ගත්හ. අනපේක්ෂිත ලෙස යළිත් පෙම්වතුන් යුවළ හමු වූහ. යළිත් වෙන් කරලිය නොහැකි ලෙස මේ පෙම්වතුන් යුවල ප්‍රේමාභිෂේක ලැබූහ.

එදා රෑ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ චන්ද්‍රා ලෙස රඟපෑවේ සීතා ජයවර්ධන (1925-1978) චිත්‍රපටයක රඟ පෑ මුල්ම අවස්ථාව විය. ඇය පුවත්පත් කලාවේදිනියකි. ලේඛිකාවකි. උඩරට නැටුම් මෙන්ම භරථ, මනිපුරි, කථකලි මෙන්ම බටහිර නර්තයෙන් ද කුසලතා පෙන්වා තිබුණි. නිව්මන් ජුබාල්ගේ ලිලියම්, එදිරිවීර සරච්චන්ද්‍රගේ පබාවතී නාට්‍යවල රඟ පෑ ඇය ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතේ කාන්තා පිටුවේ සංස්කාරකවරිය ද වූවාය. එංගලන්තයේ පුවත්පත් කලාව හැදෑරූ ඇය ඊවිනිං ස්ටෑන්ඩඩ් පුවත් පතේ ද කලක් සේවය කර තිබුණි. හිටපු අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකගේ ලේලියකි. ඇය ඇගේ පියා කර්නල් සී.පී. ජයවර්ධනය. එවකට ආදායම් බදු කොමසාරිස්වරයකුව සිටි සාලි පරාක්‍රම ඇගේ සැමියාය. පසු කලෙක සීතා ඔබ්සර්වර් පත්‍රයේ උපකතුවරියක් ලෙස ද සිලෝන් වුමන් පත්‍රයේ ද සංස්කාරිකාවක ලෙස ද කටයුතු කළාය.

රංජිත් ලෙස රඟපෑවේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ශාන්ති කුමාර් සෙනෙවිරත්න (1916-1967) ය. වික්ටර් ලෙස මයිකල් සන්නස් ලියනගේ (1908 - 2006) ද, ලක්දාස් ලෙස ප්‍රේමනාත් මොරායස් (1923-1998) ද බණ්ඩා ලෙස හර්බි සෙනෙවිරත්න (1925-198....?) මුදලි ලෙස ඔස්ටින් අබේසේකර (1912-1984) ලෙස ද මුදලි බිරිය ලෙස Phyllia Perera ද, මැගී ලෙස වංශවතී දවුලගල ද රඟ පෑ අතර බර්ගර් ජාතික නළු නිළියන් වන Chelvathy phillipe, Molly De Hoedt, Lueilly Perere, Moriain Perera, Jimmy Uonsanden, Stanly Joseph, Aseez mihla ද චරිත නිරූපණය කර ඇත. පසු කලෙක චිත්‍රපට නළුවකු හා අධ්‍යක්ෂවරයකු වූ ඩඩ්ලි වානගුරු (1922 - 2003) ගායකයකු හා නළුවකු වූ තිලකසිරි ප්‍රනාන්දු (1913 - 1974) මෙහි සෙසු චරිත රඟපෑහ.

එදා රෑ චිත්‍රපටයේ ගීත හා දෙබස් ඇතුළත් සිංදු පොතක් නිකුත් වී ඇත. එහි ඉංග්‍රීසියෙන් ද තොරතුරු පළ වී ඇත. සීතා ජයවර්ධන හා ශාන්ති කුමාර් රඟපාන ප්‍රේ‍ම ජවනිකාවක් සහිත මේ සිංදු පොත Shanti Kala Niketan Present THAT NIGHT කියා හඳුන්වා තිබුණි. එහි සඳහන්ව ඇති පරිදි චිත්‍රපටයට සම්බන්ධ පිරිස මෙසේ දක්වා ඇත.

කතාව හා කතා පිටපත ශාන්ති කුමාර්, දෙබස් - හර්බි සෙනෙවිරත්න සහ ලුවී රුද්‍රිගු, ගීත රචනය - ඩී.ටී. ප්‍රනාන්දු, හර්බි සෙනෙවිරත්න හා ලුවී රුද්‍රිගු, කැමරාකරණය - වී.කේ.බී. මානියම්, ශබ්ද පරිපාලනය ඒ.එස්. රාම මූර්ති, සංගීතය මොහොමඩ් ගවුස්, වේෂ නිරූපණය සී.එල්. බාස්කරන්, කලා අධ්‍යක්ෂණය ජේ.ඒ. වින්සන්ට්, කේ.ඩී. මුත්තු නිෂ්පාදන විධායකය.

එදා රෑ චිත්‍රපටයට ගීත 12 ඇතුළත් වී ඇත. මෙහි ගී තනු ස්වතන්ත්‍ර බව පවසන මාහාචාර්ය සුනිල් ආරියරත්න එයින් ආනන්දේ ආනන්දේ හර් දේ පෙම් ගීත රසේ ගීත දෙක ජනප්‍රිය වූ බවත් (සිංහල චිත්‍රපට ගීතාවලිය (1947-1956)) සඳහන් කරයි.

ශාන්ති කලා නිකේතන ඉදිරිපත් කරන එදා රෑ සිංදු පොතේ 1953 ගීතය පෙර කෙටි හැඳින්වීමක් ද කර තිබුණි. එය චිත්‍රපට දෙබස් හා කතා වෙන සේ එදා ස්වරූපය වටහා ගැනීමට කදිම සාක්ෂියකි. කෙනෙකු උත්සාහ කළොත් මේ ශක්ති සම්පන්න ප්‍රාසාදය වුණත් විනාශ කරන්ඩ පුළුවන් රංජිත් කියයි.

නෑ රංජිත්, එය මේ ලෝකයේ කිසිම කෙනෙකුට කරන්නට පුළුවන් දෙයක් නොවෙයි. මම ඔයාට බැඳී තිබෙන ආදරය ස්ථිරයි.

රංජිත්ගේ උත්තරයේ පිළිතුරක් වශයෙන් මේ කිව්වේ චන්ද්‍රාය. දෙදෙනාට ​ෙදදෙනා මුහුණ ළං කර ගත්තෝ ය. ප්‍රේමය නමැති මලේ රස උරා බොන මේ බඹරුන් දෙදෙනා මේ මනු ලෝකයේ අනංගයාගේ මඟුල් මඩුවේ අඹුසැමි දෙදෙනාත්ය.

ඊළඟට එන්නේ චන්ද්‍රා හා රංජිත් ගයන ප්‍රේම ගීතයකි. හර්දේ පෙම් ගීත රසේ ගීතය ගයන ගායක යුවළ හෝ ගීත රචකයගේ නම් පළවී නැත. (මේ ගීතය මොහිදින් බෙග් සහ රුද්‍රාණි ගයන බවත් එහි පද මාලාව ඩී.ටී. ප්‍රනාන්දුගේ බවත් සිංහල චිත්‍රපට ගීතාවලියේ (1947-1956) කෘතියේ සඳහන් වෙයි.

රංජිත් හා චන්ද්‍රා ගයන හෝ දුල් වේ ප්‍රේ‍ම ධාරා (ගායනය මොහිදින් බෙග් සහ රුද්‍රාණි. ගීත රචනය ඩී.ටී. ප්‍රනාන්දු) මේ ගීතයේ හැඳින්වීම මෙසේය.

එකිනෙකා ළඟ සිට ගෙන ප්‍රේම රසය භුක්ති විඳින්නාක් මෙන් ගීත භාණ්ඩයේ හඬින් එය අසා සිටින කාට වුවත් වැටහෙන්නේය. ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ මොහිදීන් බෙග් ගැයු ගී නාදේ ශාන්ත ප්‍රේමයේ ගිතය සඳහා පෙනී සිටින්නේ රංජිත්ය. මේ ගීතය ගැන එන විවරණයේ මෙසේ සඳහන් වෙයි.

දැන් නම් චන්ද්‍රාට මේ ලෝකය අපායකි.

තම පවුලේ රහස් සියල්ලම සක්සුදක්සේ පෙනේ. අහෝ ලෝකයක හැටි.

චන්ද්‍රා තම පියා වූ මුදලිට මෙසේ කීවාය. තාත්තා රංජිත් මේ ගමෙන් ඈත්වීමටත් ඔහුගේ පියාගේ හදිසි මරණයකටත් මම ද හවුල්කරුවෙක්.

රුද්‍රාණි ගයන ගීතයකි. ආනන්දේ ආනන්දේ ප්‍රේම හර්දේ මනෝහාරි රුද්‍රානි සහ මොහිදින් බෙග් ගැයූ නයනා රසී මේ ඔබ මා සුදා වේ ගීතයේ රචනය ඩී.ටී. ප්‍රනාන්දුගෙනි. මේ ගීතයේ විවරණය සඳහන් වී ඇත්තේ මෙසේය.
හදිසියෙන් ලැබුණ ටැලිපෝන් පණිවිඩයකි. එදා හවස බෝට්ටු පැදීමේ මේ විනෝදයට රංජිත්ගේ ආරාධනාවට චන්ද්‍රා කැමති වුණේ හඳ එළියෙන් බබලන්නා වූ සන්ධ්‍යා සමයේ චන්ද්‍රයෝ දෙදෙනෙකුගේ ආලෝකය රංජිත්ට ලබා දෙන අදහසිනි.

මොහිදීන් බෙග් ගයන ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ ස්ථිර ආලෙ යයි පලා දුප්පත් වූ කල්හි ගීතය ගැන සිංදු පොතේ ඇති විස්තරයයි මේ.

එක් සන්ධ්‍යාවක හවස් මානයේ පත්‍රයක් බලමින් සිටි රංජිත්ට හදිසියේම දක්නට ලැබුණේ චන්ද්‍රාගේත්, වික්ටර්ගේත් විවාහ ගිවිස ගැනීමයි.

​ෙමය රංජිත් කවදාවත් නොසිතූ දෙයකි. ක්ෂණයකින්ම රංජිත්ගේ මුඛයෙන් මේ වචන ස්වල්පය පිට විය. දුප්පතා වූ කල්හි ස්ථිර ආලයත් පළා යයි.

එදා රෑ චිත්‍රපටයට විකට ගීත ද ඇතුළත් ව තිබුණි. මැගී (වංශවතී දවුලගල) හා බොංසෝ (ලුවී රුද්‍රිගු) මවන මේ ප්‍රේම ජවනිකාවට පසුබිම් ගිතයක් ඇතුළත්ව ඇත. මයි ප්‍රීති ප්‍රීති ඩාලින් ප්‍යාරි වෙන්ඩකෝ ආලේ නම් මේ ගීතය ගයා ඇත්තේ හර්බි සෙනෙවිරත්න සහ ලතා ප්‍රනාන්දු (වල්පොල) විසිනි. ලතා චිත්‍රපට පසුබිම් ගායනයට එක් වූ මුල්ම අවස්ථාව මෙය විය. මේ ගීතියේ රචනය ලුවී රුද්‍රිගු ගෙනි.

ගීතමය අවස්ථාව ගැන සිංදු පොතේ මෙසේ විස්තර කර ඇත.

කො​ෙහ් හිටියත් මට නං මැගීව මතක් වෙනවාමයි. ඒක හින්ද නොමැ හොයා ගෙනම ආවේ.

මෙවැනි ආදාර සුරතල් වචන දෙදෙනා හුවමාරු කර ගත්තාය.

මැගී ලෙට්ස් බයි. ගෝන්ස් බී බයි ගොන්ස් කියා බොංසෝ මැගී ගේ අතින් ඇල්ලුවේ සදහටම මැගීව බොංසෝට හිමි වේ ය යන අදහසිනි.

බංඩා (හර්බි සෙනෙවිරත්න) හා මැගී (වංශ වතී දවුලගල) විවාහක යුවළ ගයන ගීතයකි. හැබෑම මාගේ ලක් කාලේ මේ ආවේ ඔයා නිසයි. ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ මේ ගීතය ගයන්නේ හර්බි හා ලතාය. ගීතයේ පසුබිම මෙසේය.

තම භාර්යාව ද රේස් සූදුවේ අගතැන්පත් කෙනෙක් බව දන්නා බංඩා ගෙදර ඇවිත් ප්‍රියාවිගේ ද දැන මුතුකම් ලැබ සූදුවට යන්ට පිටත් විය. නමුත් මුදල් කෙරෙහි කෑදරකමක් ඇත්තා වූ මැගී රේස් සූදුවෙන් බංඩා දිනුවොත් ඒ මුදලින් සික්ස් සිලින්ඩර් නෑෂ් කාර් එකක් ගේන්ඩ කිව්වේ ඇගේ ලක් එක ආවේ බංඩා විවාහ කර ගත්තාට පසුවය කියමිනි.

ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ රුද්‍රානි ගැයූ දැවේ ගිනි ජාලයෙන් හර් දේ නොවාවිද නම් ගීතය චන්ද්‍රා ප්‍රේම වියෝවෙන් ගයන ගීතයකි. බංඩා හා මැගී ගයන යුග ගීයක් වූ ලතා හා හර්බි ගයා ඇත. මේ ගීතයේ රචනය හර්බි ගෙනි.
හරි හරි හා හා හා හරි හරි තෑගි නං කෝක වුණත් සිටියා. නම් ගීතයට පෙර මේ දෙබස් ඛණ්ඩය ඇතුළත්ව ඇත.

අනේ මැගී අද නම් සුබම ආරංචියක්. එහෙනං කියපල්ලා කෝ.

බංඩාගෙන් සියලු විස්තර දැනගත් මැගී අන්තිමට මුකුලු සිනාවක් පෙන්වීය. දැන් නම් බංඩා මැගීට ඉනා වෙලාය.

එහෙනං මැගී උඹ ඉල්ලන ඕනෑම එකක් අරන් දෙනවා.

ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ බයිලා ගීතයක් ද මේ චිත්‍රපටයට ඇතුළත් විය. සිංහල චිත්‍රපටයක ආ මුල්ම බයිලා ගීතයයි මේ. ලුවී රුද්‍රිගු සහ පිරිස ගයන මගේ පණා දිලේ සුවිට් බබා වගේ නම් මේ ගීතයට බොංසෝ නෝනා බණ්ඩා මැගී යන චරිත රංගනයෙන් එකතු වූහ.

ගීතයට පෙර එන දෙබස් ඛණ්ඩයකි මේ.

දැන් බොංසෝට බයිලා ජොලියයි ඕනෑ. ලියන මහත්තයම පටන් ගන්ඩ මමත් උදව් වෙන්නම්. අරක්කු බෝතලය කටේ වත්කර ගනිමින් මේ කීවේ බංඩාය.

බොංසෝත් දැන් මනමාලයෙකි. තම ප්‍රියාවද සියල්ලන්ට අඳුන්වා දීමට කැඳවා ගෙන ආවේ විනෝද ගමෙනන් පසුව තමාගේ මගුල ද උත්සවශ්‍රීයෙන් ගන්නා අදහසිනි. දැන් සියල්ලෝම (රංජිත්, චන්ද්‍රා, බංඩා, මැගී බොංසෝ) සතුටු ගීතයක් ගයමින් මෝටර් රථයේ අවසාන විනෝද ගමන යන්නේ මේ මඟුල් සක්වල ඒ අයට සදහටම හිමි වූ බව සිතාය.

ගී රසේ ලෝකේ පුරා සදනවා නම් මේ සමූහ ගීතය ඩී.ටී. ප්‍රනාන්දු රචනය කළ අතර මොහිදින් බෙග්, රුද්‍රාණි ඇතුළු පිරිස ගයා ඇත. මෙය චිත්‍රපටයේ සමාප්ති ගීතයයි.

අසෝක මාලා චිත්‍රපටයේ ස්වතන්ත්‍ර ගීත තනු 10 නිර්මාණය කළ මොහොමඩ් ගවුස් ගේ ඒ ගී අතිශයින්ම ජනප්‍රියව විචාරක ප්‍රසංශාවට ද ලක් විය. එහෙත් එදා රෑ චිත්‍රපටයෙහි ආ ගී දොළොසම ගවුස් මාස්ටර්ගේ යැයි සිතිය නොහැකි තරම් නීරස ඒවා බවත් ඒ අතරින් රසිකයන් අතර යාන්තමින් හෝ රඳා සිටියේ රුද්‍රාණි ගැයූ ආනන්දේ අනන්දේ ප්‍රේම හර්දේ මනෝහාරි ගීත පමණක් බව මහාචාර්ය සුනිල් ආරියරත්න (ගාන්ධර්ව අපදාන I) සඳහන් කර ඇත.

ලංකාවේ තිර ගත වූ 15 වන සිංහල චිත්‍රපටය ලෙස තිර ගත වූ එදා රෑ සිංහල සිනමාව බිහි වී වසර හයක් සපිරුණු සමයේ එනම් 1953 පෙබරවාරි 14 වෙනිදා සිලෝන් තියටර්ස් සමාගමේ සිනමා හල්වල තිර ගත විය. මේ චිත්‍රපටය නිපදවීමට එම සමාගමට රු එක්ලක්ෂ විසි පන් දහසක් පමණ වියදම් වූ බව පැවසේ. වියදමට වඩා හත් අට ගුණයක් රුපියල් ලක්ෂ 15 ක් ආදායමක් ලැබුවත් ගවුස් මාස්ටර් ගේ සංගීතය සඳහා වැඩි මුදල වැය වූ බව පවසා ඇති ඩී.වී. සෙනෙවිරත්න චිත්‍රපටයේ දුර්වල අධ්‍යක්ෂණය මතු වී පෙනුණ බව දක්වා තිබුණි.

චිත්‍රපටයේ විකට ගතිය මතු වූයේ බංඩා විසින් මී හරකෙකු එළවන දර්ශනය රූගත කරන විට කැමරාවට හසු නොවන හරියේ සිටින වුන් විසින් වැලිගසන ආකාරයත්, මල් වැලක ආධාරයෙන් ජවනිකාවක මල් ගොමු සොලවන සැටිත් චිත්‍රපටයේ පැහැදිලිව සෙනෙවිරත්නයන්ට පෙනී ඇත. (වනිතා වික්ති 1969)



එ්.ඩී. රන්ජින් කුමාර
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Dec 2019 10:47 AM
16. ප්‍රේම තරඟය

තිරගත කළ දිනය: 1953-03-27

Main Actor : Hugo Fernando
Main Actress : Ayesha Weerakoon
Director : A.B. Raja
Producer : S.M.Nayagam

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Dec 2019 10:52 AM
ලතා වල්පොල, ධර්මදාස වල්පොල, හරූන් කුමාර් මෙහි චික්‍රපටයේ ගීත ගායනා කරන ලදී...

ඉතා ජනප්‍රිය ගීතයක් වූ “හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැහැ නොහොඳ නරක දිනුවේ“ මෙම චිත්‍රපටයේ ගීතයකි...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Dec 2019 11:42 AM
17. පිටිසර කෙල්ල

තිරගත කළ දිනය: 1953-04-24

Main Actor : Eddy Shanthpriya
Main Actress : Theresa Weerasighe
Director : Sirisena Wimalaweera
Producer : Sirisena Wimalaweera
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Dec 2019 11:46 AM
වැදගත් ලිපියක් හමුවුනා. ඒත් මේ ලිපිය ලියන ලද පුද්ගලයාගේ නම නම් හමුවුනේ නැහැ..

සිංහල සිනමාවේ කාන්තා ප්‍රවේශය.

1947 ජනවාරි 21 වන දින ප්‍රදර්ශණය වූ 'කඩවුනු පොරොන්දුව' සිංහල සිනමාවේ මුල්ම කථානාද චිත්‍රපටය ලෙසින් සිනමා වංශ කතාවට එක්වුවද ඊට පෙරාතුව එනම් 1926 දී 'රාජකීය වික්‍රමය' නමින් චිත්‍රපටයකට අඩිතාලම දැමීම බැහැර කළ නොහැකිය.නූර්බායි නැමැත්තෙකු නිෂ්පාදනය කළ එම චිත්‍රපටය ලංකාවට ගෙන ඒමට පෙරාතුව ඉන්දියාවේදී අභිරහස් ලෙස විනාශවූ බව ඓතිහාසික තොරතුරු ගවේශනයේදී හෙලි වන්නේය. 'රාජකීය වික්‍රමය' ශ්‍රී ලංකාවේ තිරගත් වූයේ නම් එහි ප්‍රධාන චරිතය රඟපෑ සිබ්ලි සිමී නමැති තරුණිය ප්‍රථම කතා නායිකාව ලෙස පිළිගැනීමට සිදුවනු ඇත.කෙසේ වෙතත් සිංහල සිනමාවේ ප්‍රථම කාන්තාව වීමේ භාග්‍යය ලද්දේ ඒ වනවිට ගායිකාවක හා වේදිකා නාට්‍ය ශිල්පිනියක ලෙස ප්‍රකටව සිටි රුක්මනි දේවිය බව සඳහන් කළ යුතුය.

'කඩවුනු පොරොන්දුව' තිරගත වී තෙමසක් ගතවූ කල 1947 අප්‍රේල් 09 වෙනිදා තිරගත වූ 'අශෝකමාලා' චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූයේ එමලින් දිඹුලානාය.එය ඇයගේ ප්‍රථම හා අවසාන චිත්‍රපටය විය. කලින් කලට වැඩ ඇනහිටිමින්, විවිධ දුෂ්කරතා මාධ්‍යයේ කළ තෙවැනි චිත්‍රපටය 'දිව්‍ය ප්‍රේමය'යි.1948 ජූනි 04 වෙනි දින සිට ප්‍රදර්ශනය කළ එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ශ්‍රීමතී කරුණාදේවි යයි.ඇය ප්‍රකට ගායිකාවක් වන චන්ද්‍රිකා සිරිවර්ධනගේ මෑණියන් වන්නීය. 1949 අගෝස්තු 19 වන දින රිදී තිරයට පිවිසි 'අම්මා' චිත්‍රපටයෙන් සිනමා ගමන ඇරඹූ පර්ල් වාසුදේවි ඉන්පසු සිය දිවියෙන් සමුගන්නා තෙක්ම සිනමාවේ විවිධ චරිත රඟපාමින් කළ මෙහෙයද අමතක නොවන්නේය.

මි.මී 16 දළ සේයා පට උපයෝගී කරගනිමින් නිපදවූ 'ගම්බද සුන්දරී' වර්ණ චිත්‍රපටය 1950 ජනවාරී 27 දින කොළඹ ක්‍රවුන් සිනමාශාලාවේ ප්‍රදර්ශනය කෙරින.එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ජනප්‍රිය ගායිකාවක වන ශීලා පීරිස්ය. 1951 මාර්තු 09 වන දින සිට ප්‍රදර්ශනය ඇරඹුනු 'සීදේවී' චිත්‍රපටයේ කතානායිකාව වූයේ ජේ.සී.කේ.රූපවතී නමැත්තියයි. 1952 වසර සිනමාවේ නව ප්‍රබෝධයක් ඇතිකරමින් ලංකාවේ ප්‍රථම චිත්‍රාගාරය වන සුන්දර සවුන්ඩ් ගොඩනැගින.එහි මුලින්ම රූගත කළ 'එදා රෑ' චිත්‍රපටය 1953 පෙබරවාරි 14 දින ප්‍රදර්ශනය කෙරුනේ සීතා ජයවර්ධන නමැති කාන්තාව ප්‍රධාන චරිතයට පනපොවමින්.ඉන්පසු කලෙක ඇය 'ජීවිත සටන' , 'සංසාරේ' චිත්‍රපට වල රඟපෑවාය.

සිංහල සිනමාවට එක්වුනු 16 වන චිත්‍රප්පටය 'ප්‍රේම තරඟය' යි.එහි කතා නායිකාව වූ අයේශා වීරකෝන් පසුව ජීවිත සටන, සුකුමලී, සිහිනය වැනි චිත්‍රපට කිහිපයක් රඟපා සිනමාවෙන් සමුගනු ලැබුවාය. 1953 අප්‍රේල් 24 දින තිරයට පිවිසි 'පිටිසර කෙල්ල' එහි නිෂ්පාදක සිරිසේන විමලවීරයන් විසින් ගොඩනැගූ කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයේ ප්‍රථම නිෂ්පාදනයයි.'පිටිසර කෙල්ල ' චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූයේ හලාවත ලුණුවිල ග්‍රාමයේ උපත ලද තෙරේස් වීරසිංහය.ඉන්පසුව ඇය 'සරදියල්' , 'උතුම් ස්ත්‍රිය', 'සුරේඛා' චිත්‍රපට වලටද දායක වූවාය.

1953 මැයි 04 දින ප්‍රදර්ශනය වූ බන්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ කතානායිකාව වූයේ ජනප්‍රිය නම් ප්‍රේම් ජයන්තගේ බිරිඳ බවට පත්වුනු ශ්‍යාමලී නන්ද ලීලානායකයි.ඉන්පසු ඇය පුදුම ලේලි චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව විවාහ දිවියට එලඹ සිනමාවෙන් සමුගනු ලැඹුවාය.1953 මාර්තු 27 වන දින තිරගත් වූ 'පුදුම ලේලි' චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ක්ලැරිස්ද සිල්වා දෙවැනි සහායක නිළිය වූයේ සිනමාවේ දිගු ගමනක ආරම්භයක් ලෙසිනි.ඇය ප්‍රථම වරට කතානායිකාව වූයේ 1955 අගෝස්තු 27 දින ප්‍රදර්ශනය ඇරඹුන මාතලන් චිත්‍රපටයෙනි.

1953 මැයි 27 දින ප්‍රදර්ශනය වූ ලැළැහඳ චිත්‍රපටයේ සහාය නිළියක වූ රීටා රත්නායක ප්‍රධාන නිළිය බවට පත්වූයේ 1954 අප්‍රේල් 10 වෙනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ වුනු 'වරද' කාගෙද ' චිත්‍රපටයෙනි. 1953 ජූනි 26 දින ප්‍රදර්ශනය ඇරඹූ 'සුජාතා' හි කතා නායිකාව වූයේ ඊට කලින් ප්‍රදර්ශනය වූ 'සැඟවුනු පිළිතුර' චිත්‍රපටයේ සාලිය අශෝකමාලා නාට්‍යයේ නාට්‍ය ශිල්පිනියක් ලෙස සුළු චරිතයකින් තිරයට පිවිසි ෆ්ලොරීඩා ජයලත් ය.ඉන්පසු ඇය සැඩ සුළං, සරදම්, දරුවා කාගෙද ආදී චිත්‍රපට රාශියකම රඟපෑවාය.ඉන්පසුව ඇයට රදළ පිළිරුව,රම්‍යලතා, සුකුමලී ආදී චිත්‍රපට රැසකම රඟපෑමේ භාග්‍යය ලැබිනි.

1955 පෙබරවාරි 19 දා ප්‍රදර්ශනය ඇරඹුනු 'සුරඟනි' සිරිල් වී.අබේරත්නගේ කතාව දෙබස් සහිතව කේ.වෙම්බු නමැති ද්‍රවිඩ අධ්‍යක්ෂකවරයෙකු අධ්‍යක්ෂනය කළ සිලෝන් තියටර්ස් සමාගමේ ප්‍රථම නිෂ්පාදනයි.මෙහි කතා නායිකාවක ලෙස රඟපෑවේ විවාහක කාන්තාවක වූ දිශ්නා රංජනීය.ඇය දස්කම, සුභද්‍රා චිත්‍රපට වල රංගනයෙන් පසුව සිනමාවෙන් සමුගනු ලැබුවාය. 1955 මාර්තු 04 වෙනිදා සිට සිනමාස් සමාගමේ සිනමාහල් වල තිරගත කෙරුනු 'අශෝකා' චිත්‍රපටයේ කතා නායිකාව වූයේ පුෂ්පා ජෙනට්ය.ඉන්පසු ඇයගේ රඟපැම් සීමා වූයේ 'පොඩි පුතා' චිත්‍රපටය පමනි. සිංහල සිනමාවට අළුතින්ම දායක වූයේ එස්.ඒ.සාමි අධ්‍යක්ෂනය කළ 'ඩිංගිරි මැණිකා' නවකතාවයි.කතා නායිකාව වූයේ විමලා වෙනීශියා නමැත්තියකි.ඇයගේ රංගනයද ඩිංගිරි මැණිකාට පමනක් සීමා විය.

1956 පෙබරවාරි 02 දා තිරගත වුනු සිනමාස් සමාගමේ 'දුප්පතාගේ දුක' චිත්‍රපටයේ කතා නායිකාව වූයේ 'සුරන්ගනී' සිතුවම් පටින් උප ප්‍රධාන චරිතය රඟපෑ කාන්ති ගුනතුංග නමැති සුරූපී තරුණියයි.ඉන්පසුව ඇයට ශූරයා, වන මෝහිනී, සංදේශය, සූරසේන වැනි අතීශය ජනප්‍රිය චිත්‍රපට වල රඟපෑමේ අවස්ථාව ලැබින.1956 සැප්තැම්බර් 19 දා තිරගත වුනු 'සුරතලී' චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලැබුවේ සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගමේ ප්‍රථම නිපැයුම වශයෙනි.එහි ප්‍රධාන කතා නායිකාව ලෙස තෝරාගනු ලැබුවේ 'අහංකාර ස්ත්‍රී' චිත්‍රපටයේ නැටුම් ශිල්පිනියක වූ ලීනාද සිල්වා ය. බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නයන්ගේ සෑම චිත්‍රපටයකම කතා නායිකාව වූයේ රුක්මනී දේවියයි.එහෙත් 1956 මැයි 23 දා තිරගත් වුනු 'දෛව විපාකය' චිත්‍රපටයට බී.ඒ.ඩබ්ලිව් විසින් කතා නායිකාව ලෙස තොරාගනු ලැබුවේ එතෙක් ඔහුගේ චිත්‍රපට වල විකට නිළියක ලෙස රඟපෑ මේබල් බ්ලයිත් ය.

සිංහල සිනමාවේ මෙතෙක් පැවති වානිජ රැල්ල කණපිට හරවාලමින් රිදී රේඛාවක් පෑවූයේ 1956 දෙසැම්බර් 28 වෙනිදාය.එය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමැති ප්‍රවීන සිනමාකරුවාගේ 'රේඛාව' යි. 'රේඛාව' තුළින් ප්‍රධාන කාන්තා භූමිකාව ලෙස සැලකුව හැක්කේ අයිරාංගනී සේරසිංහ නමැති කෘතහස්ත නිළියගේ සිනමා ප්‍රවේශය සිදුවීමයි. 1958 අගෝස්තු 21 දින ප්‍රථම වරට තිරගත වුනු සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගමේ දෙවැනි නිෂ්පාදනය වූ සුනීතා චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයට තෝරාගනු ලැබුවේ අශෝකා චිත්‍රපටයේ පණීභසරතගේ නැටුම් ශිල්පිනියක ලෙස සුළු චරිතයකින් සිනමාවට පිවිසි පුන්‍යා හීන්දෙනියයි.ඒ අතරේදී ඇයට ප්‍රධාන චරිතය රඟපෑමට ලැබුනේ 1958 දී තිරගතවුනු 'දෙයියන්ගේ රටේ' චිත්‍රපටයෙනි.එතැන් සිට ඇය වානිජ රැල්ලෙන් මිදී කුරුළුබැද්ද, සිකුරු තරුව, ගම්පෙරළිය, රන්සළු වැනි චිත්‍රපට වලට දායක වෙමින් සම්මානනීය නිළියක බවට පත්වූවාය.

1957 ජනවාරි 25 දා නවජීවන චිත්‍රාගාරයෙන් බිහිවුනු 'සිරකරුවා' ප්‍රංශ කතාවක් වන වික්ටර් හියුගෝගේ The less miserable ඇසුරෙන් ලාංකික පරිසරයට අනුකූලව තැනුනු චිත්‍රපටයකි.මෙහි ප්‍රධාන කාන්තා චරිතයට යොදාගනු ලැබුවේ කුමාරි මානෙල් නම් යුවතියකි.ඉන්පසු ඇය වනමල, මා ආලය කළ තරුණිය, චායා වැනි චිත්‍රපට කිහිපයකටම රංගන දායකත්වය සැපයූවාය. 1958 ජූලි 188 ප්‍රදර්ශනය කළ 'සල්ලි මල්ලි සල්ලි' තුළින් සිනමාවට පිවිසි ආශා පෙරේරා පසුව 'සුභ සරණ සැප සිතේ' රඟපෑමෙන් පසු සමුගත්තාය. ලංකා චිත්‍රාගාරයෙන් බිහිවූ 'ගැහැණු ගැට' චිත්‍රපටය ප්‍රදර්ශණය වූයේ 1959 ජූලි 24 දාය.ජේ.සිංහ අධ්‍යක්ෂනය කළ මෙම චිත්‍රපටයේ කතා නායිකාව වූයේ කුමාරි බිබිලේ නමැත්තියකි. සුජාතා විජේසේකර ප්‍රධාන කතා නායිකාව වෙමින් 1959 සැප්තැම්බර් 11 දින සිට ප්‍රදර්ශනය කෙරුණු සිරිමලී චිත්‍රපටය අධ්‍යක්ෂනය කරනු ලැබුවේ රොබින් තම්පෝ විසිනි. සී/ස සිනමාස් සමාගමේ සෑම චිත්‍රපටයක්ම නිපදවූයේ දකුණු ඉන්දියාවේ චිත්‍රාගාර තුළය.ඔවුන් එසේ නිපදවූ අවසන් චිත්‍රපටය වීර විජයයි. සේතු මාධවන් අධ්‍යක්ෂනය කළ වීර විජය චිත්‍රපටයේ කතා නායිකාව ජීවරානී කුරකුලසූරියයි.ජීවරානි බෙහෙවින්ම ජනප්‍රිය නිළියක් බවට පත්වූයේ රන්මුතු දූව චිත්‍රපටයේ රඟපෑම තුළිනි.එතැන් පටන් ඇයට කතා නායිකාව රැගත් චිත්‍රපට ගලාගෙන එන්නට විය.

නව ජීවන චිත්‍රාගාරයෙන් බිහිවූ තවත් චිත්‍රපටයකි වැදිබිම.එම්. පී. ගිල්මන් අධ්‍යක්ෂණය කළ වැදිබිම හි ප්‍රධාන නිළි චරිතය හෙබවූයේ අහංකාර ස්ත්‍රී චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි රෝහිණි ජයකොඩිය.1963 සැප්තැම්බර් 04 දින තිරගතවූ රොබින් තම්පෝගේ සුදු සඳේ කළු වළා චිත්‍රපටයට එක්වුනු සුවිනීතා වීරසිංහ එතැන් පටන් ඇය සුදෝ සුදු, දෙලොවක් අතර, වැලිකතර, සිකුරු ලියා, හුලවාලි ආදී වශයෙන් සිනමාපට 19 කට පමන සිය රංගන දායකත්වය සපයමින් පැසසුම් ශිල්පිනියක බවට පත්වූවාය. තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ ගැටවරයෝ සිතුවම් පටය රිදීතිරයේ ආක්‍රමනය කලේ 1964 පෙබරවාරි 26 වෙනිදාය.එහි කතා නයිකාව වූයේ සෝබනී අමරසිංහය.

ඇයගේ සිනමා දිවිය.සාරවිට, හන්තානේ කතාව සහ ලස්සෙට කොඩිය චිත්‍රපට හතරට සීමා විය. කොළඹ බ්ලූමැන්ඩල් තට්ටු නිවාසයක දිවි ගෙවූ ඉවෝන් පෙරේරා නමැති යුවතියක් එක් සන්ධ්‍යභාගයක නවජීවන චිත්‍රාගාරයට පිවිසියේ එහි නිෂ්පාදනය කිරීමට සූදානම්වූ රොඩී කෙල්ල චිත්‍රපටයේ රඟපැමේ වරම් ලැබීමටය.අහේතුවකට මෙන් එම චිත්‍රපටයේ වැඩකටයුතු ඇනහිටි නමුත් සන්ධ්‍යාභාගයේදී නිළියක වීමේ අපේක්ෂාවෙන් පැමිනි ඉවෝන් පෙරේරා පසුකලෙක සන්ධ්‍යා කුමාරි නමින් හැඳින්වුනි.විජය චිත්‍රාගාරයේ මුල්ම චිත්‍රපටය වන අදට වැඩිය හෙට හොඳයි හි උප ප්‍රධාන චරිතයක් රඟපෑ අතර 1964 අප්‍රේල් 10 දා තිරගත වුනු සිනමාස්ගේ ධීවරයෝ චිත්‍රපටයේ රොසලින්ගේ චරිතය තුළින් ඇය සිංහල සිනමාවට නැතුවම බැරි නිළියක් බවට පත්වූවාය.එසේ 1963දී ඇරඹුනු ඇයගේ සිනමා ගමන 1978 දක්වා දිවයමින් සිනමාපට 43කට පමන ඇයගේ රංගන දායකත්වය ලැබින.

හෙළදිව ෆිල්ම් ආර්ට් සමාගමේ චන්ඩාලි චිත්‍රපටය 1964.08.14 දා මුලින්ම තිරගත වූයේ ජෙනී විනිප්‍රීඩා නමැති යුවතිය කතා නායිකාව බවට පත් වෙමිනි. ආරියදාස පීරිස් අධ්‍යක්ෂනය කළ සෝබන සිත 1964 දෙසැම්බර් 11 වන දින තිරයේ දිගහැරුනේ සුභද්‍ර මානෙල් නමැත්තියක ප්‍රධාන කතා නායිකාවක බවට පත්වෙමිනි. ප්‍රතිභා පූර්ණ නිළියක වූ අනුලා කරුණාතිලක මුලින්ම සිනමාවට පිවිසියේ 1965 මාර්තු 18 දා මුලින්ම තිරගත වූ ටයිටස් තොටවත්තයන්ගේ චන්ඩියා චිත්‍රපටයෙනි.සිනමාස්ගේ චන්ඩියා එකල ආදායම් වාර්තා තබමින් අතීශය ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත්වූයේ අනුලා කරුණාතිලකට දීප්තිමත් අනාගතයක් උරුම කරවමිනි.එතැන් සිට ඇය සොඳුරු යුවල,පරසතුමල්, සීතල වතුර, දරුදුක ආදී සිනමාපට 21 පමන රංගනයෙන් පිදුම් ලැබුවාය.

ඩබ්ලිව්.එම්.එස්.තම්පෝ අධ්‍යක්ෂනය කළ ලඳක මහිම 1965 දෙසැම්බර් 24 දින තිරගත වූයේ නවක නිළියක වන නීට ප්‍රනාන්දු දොරට වැඩීමෙනි.සතුටයි කඳුලයි, ලයට ලය, රුහුනු කුමාරි, පික් පොකට් වැනි සිනමා පට 40කට පමන ඇයගේ රංගන දායකත්වය ලැබිනි. සොහොයුරෝ, පුරුෂ රත්නය වැනි සිනමා පටවල සුළු චරිත රඟපාමින් සිනමාවට පිවිසි විජිත මල්ලිකාට ප්‍රධාන චරිතයක් ලැබුණේ 1965 පෙබරවාරි 03 වෙනිදා තිරගත කෙරුනු හඳපාන චිත්‍රපටය තුළිනි.ඇය ඉන්පසු සිනමාපට 42ක පමන රඟපාමින් ඉමහත් ජනාධරයට පත් ශිල්පිනියක් බවට පත්වූවාය.ජී.ඩී.එල්.පෙරේරා අධ්‍යක්ෂනය කළ සාමා චිත්‍රපටයෙන් ලියෝනි කොතලාවල ප්‍රධාන නිළිය වූවාය.නිව් ඔලිම්පියා සිනමාහල්වල සාමා ප්‍රදර්ශනය ඇරඹුනේ 1965 මැයි 23 දාය.කොළඹ හාදයෝ 1966 පෙබරවාරි 25 වෙනි දින මංගල ප්‍රදර්ශනය පැවැත්විය.එහි ප්‍රධාන කාන්තා චරිතය රඟපෑවේ ශිරානි ගුණතිලකය.ඉන්පසු ඇයගේ රංගන දායකත්වය ලැබුනේ වනසරා චිත්‍රපටයටය.

1966 ජූලි 07 වෙනිදා තිරගත වුනු සීගිරි කාශ්‍යප චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි නන්දා වීරක්කොඩිගේ රංගනයද එම සිතුවම් පටයට පමනක් සීමා විය. සිංහල සිනමාවේ මං සලකුණක් ලෙසින් 1967 පෙබරවාරි 22 වෙනිදා රිදී තිරයට පිවිසි සත්සමුදුර අධ්‍යක්ෂනය කළේ ආචාර්‍යා සිරී ගුණසිංහය.දොස්තර ලීනස් දසනායක නිෂ්පාදනයෙන් සහායවුනු සත්සමුදුරහි විශිෂ්ඨ රංගනයක් යෙදුනු ස්වර්ණා මල්ලවාරච්චි කිසිදාක අමතක නොවන ශිල්පිනියක බවට පත්වීමට මඟපෑදුනේ හන්තානේ කතාව, තුංමං හන්දිය, නිම්වලල්ල, මාතර ආච්චි වැනි වානිජ නොවන කෘතීන් තුළ ජීවත්වීමේ භාග්‍යය ලද බැවිනි. 1967 මාර්තු 07 වෙනිදා තිරගතවු ‘හැංගි හොරා’ චිත්‍රපටය අධ්‍යක්ෂනය කළේ ප්‍රවීණ නිළියලක වන රෝහිනී ජයකොඩි විසිනි.එම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට තෝරාගනු ලැබුවේ ඇයගේම වැඩිමහල් දියණිය වූ නිරූපා ජයකොඩිය.

රුක්මනි දේවියගෙන් පසුව කතා නායිකාවන් බොහෝ පිරිසක් සිනමාවට දායක වෙමින් තම කුසලතාවන් දක්වමින් සිටි යුගයේ 1968 වර්ෂය විශේෂ වන්නේ සිනමාවේ දීර්ඝ ගමනකට සූදානමින් පැමිනි යුවතියකි.ඇය මාලනී සෙනෙහලතා ෆොන්සේකාය.වයසින් මෙන්ම දැනුමින් හා හැකියාවෙන්ද පරිපූර්ණව හිඳින මාලනීගේ කුළුඳුල් සිනමා රංගනය වනුයේ 1968 පෙබරවාරි 26 දා තිරගත වූ පුංචි බණ්ඩා සිතුවමයි.1997 වසර අවසානය වන විට ඇය සිනමා සිත්තම් 127 කට දායක වී සිටින්නීය. විමලනාත් දසනායකගේ 'මාතෘ භූමි'චිත්‍රපටය තිරගත් වූයේ 1968 අප්‍රේල් 11 වෙනිදාය.එහි ප්‍රධාන නිළිය චන්ද්‍රකලා නම් වූවාය.1968 ජනවාරි 17 දින තිරයට පිවිසි සුදුසු දා ඇම් රෝස් නිෂ්පාදකයින්ගේ දෙවෙනි නිපැයුම වූ අතර පද්මා සිරිවර්ධන එහි ප්‍රධාන නිළිය බවට පත්විය.

1969 අගෝස්තු 10 වෙනිදා තිරගත් වු මුදලිනායක සෝමරත්නගේ බිනරමලී චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ස්වර්ණා කහවිට ඉන්පසු අභිරහස, පූජිතයෝ, රන් ඔංචිල්ලා වැනි චිත්‍රපට 14 කට පමන සිය රංගන දායකත්වය ලබා දෙමින් සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක බවට පත් වූවාය.ජේ.සෙල්වරත්නම් අධ්‍යක්ෂනය කළ ඔහොම හොඳද සිතුවම් පටය මහජන ප්‍රදර්ශනයට පිවිසියේ 1969 ඔක්තෝම්බර් 11 වෙනිදායා.කොහොමද වැඩේ චිත්‍රපටයේ නැටුම් ජවනිකාවක් තුළින් සිනමාවට පිවිසි සෝනියා දිසානායක ප්‍රථම වතාවට කතා නායිකාව වූයේ ඔහොම හොඳද චිත්‍රපටය තුළිනි.1955 වසර වන විට ඇය සිනමාපට 84කට පමන දායක වූවාය. 1969 දෙසැම්බර් 21 වෙනිදා තිරයට පිවිසි රෝමියෝ ජුලියට් කතාව අධ්‍යක්ෂනය කළ පී.ඩී.එල්.පෙරේරා කතා නායිකාව ලෙස තෝරාගත් මෝනා මංගලා නමැත්තියගේ සිනමා ගමන එම චිත්‍රපටයට පමණක් සීමා විය.

1970 ජූලි 15 වන දින සිට සිලෝන් තියටර්ස් සමාගමේ සිනමාහල් තුළ ප්‍රදර්ශනය ඇරඹුනු ගීතා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ජානකී කුරුකුල සූරියගේ රඟපෑම සීමිත චිත්‍රපට කිහිපයකට පමණක් සීමා වූයේය.නිම්වලල්ල, කතුරුමුවාත් ඇය රඟපෑ චිත්‍රපට ලෙස දැක්විය හැක. අමරනාත් ජයතිලක අධ්‍යක්ෂනය කළ ප්‍රියංගා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුනේ 1970 සැප්තැම්බර් 20 වෙනිදාය.එහි කතා නායිකාව වූ කාන්ති ලංකා ඊටපසු සුජීවා, සිතිජයය, දයාබර නිලූ, හලෝ ශ්‍යාමා, පෙම් රජ දහන ආදී චිත්‍රපට 15 කට පමන සිය රංගන දායකත්වය ලබා දුන්නාය. 1968 අප්‍රේල් 04 වෙනිදා තිරගත් වූ ගොළු හදවත චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ශ්‍රියානි අමරසේන නමැති සුරූපී නිළියට ප්‍රධාන කාන්තා චරිතය ලැබුණේ 1971 සැප්තැම්බර් 17 වෙනි දින තිරගත කෙරුනු සීයේ නෝට්ටුව චිත්‍රපටයෙනි.එතැන් සිට ඇයගේ සිනමා ගමන හතරදෙනාම සූරයෝ, අපරාධය සහ දඬුවම, කල්‍යානි ගංගා, සිහසුන, දෑස නිසා, රත්‍රං අම්මා ආදී වශයෙන් විහිදුනේය.

කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂනය කළ කළණ මිතුරෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි නීලා ලියනගෙදරගේ රංගනය කතුරුමුවාත්, මෙහෙම හරිද, හතර පෙරළිය වැනි සිනමාපට කිහිපයකට පමනක් සීමා වූවාය.කළණ මිතුරෝ 1971 මාර්තු 03 වෙනිදා තිරයට පිවිසියේය. 1972 මැයි 22 දා සිලෝන් තියටර්ස් සිනමාශාලා වල ප්‍රදර්ශනය ඇරඹූ රොබින් තම්පෝ ගේ අද මෙහෙමයි සිතුවම් පටින් සිනමාවට පිවිසි රුවිනා දීපානිගේ රංගනයද සීමා විය.1972 නොවැම්බර් 17 දින තිරගත වුනු මිරිඟුව සහ 1972 දෙසැම්බර් 20 වෙනිදා තිරගත වූ රොඩී ගම තුළින් එඩ්නා සුගතපාල සහ විමලා ජයවර්ධනගේ සිනමා ගමනද චිත්‍රපට කිහිපයකට පමනක් සීමා වූයේය.1972 දෙසැම්බර් 21 දා තිරයට පිවිසි වනරජා චිත්‍රපටයෙන් ප්‍රධාන නිළිය පර්ල් කුරේය.ඊට පෙරාතුව ඇය පික්පොකට්, හරි මග, සුළි සුළං, රන් ඔංචිල්ලා, වීදුරු ගෙවල් වැනි චිත්‍රපට වලට දායක විනි. බියුලා ඩයස්ගේ සිනමා ගමන ආරම්භ කෙරුනේ කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා දුලීකා චිත්‍රපටයෙනි.

1974 අප්‍රේල් 27 දින ප්‍රදර්ශනය ඇරඹුනු රොබින් තම්පෝගේ සුරේඛා චිත්‍රපටයේ ප්‍රධාන නිළියක ලෙස රංගනයෙහි යෙදුනු ජෙනීටා සමරවීරගේ සිනමා ගමන චිත්‍රපට 31 ට පමන සීමා වූයේ ඇය විවාහ පත්වීමෙන් පසු සිනමාවෙන් සමුගත් බැවිනි. මාලිනි ෆොන්සේකාගෙන් පසුව් සිනමාවට පිවිසි ජනකාන්ත නිළියක බවට පත්වුනු ගීතා කුමාරසිංහගේ ප්‍රථම රංගනය වාසනා චිත්‍රපටයෙන් ඇරඹුවද ඇය ප්‍රේක්ෂකයින්ගේ ආකර්ශනයට ලක්වූයේ 1975 ජූනි 20 දා තිරගත වූ නීල් රූපසිංහගේ ලස්සන කෙල්ල චිත්‍රපටයෙනි.වාසනා චිත්‍රපටය නිසාම වාසනාවන්ත නිළියක බවට පත්වුනු ගීතා කුමාරසිංහ 1987 වසර වන විට සිනමා කෘති 73 කට දායක වීම ඇයගේ රංගන කුසලතාව කොතෙක් දුරට සාර්ථක දැයි නිගමනය කළ හැකිය.සිංහල සිනමාවේ දීර්ඝ ගමනකට සූදානමින් 1978 සැප්තැම්බර් 01 වෙනිදා සිට ප්‍රදර්ශනය කෙරුනු අප්සරා චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්න වූ වීණා ජයකොඩි ද 1987 වසර වන විට සිනමා පට 33 කට පමන රංගන දායකත්වය දෙමින් තවමත් සිනමාවේ රැඳී සිටින රංගන ශිල්පිනියක වීම විශේෂත්වයකි.

කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා නිෂ්පාදනය සහ අධ්‍යක්ෂනය කළ ජනක සහ මංජු චිත්‍රපටයෙන් සිනමාවට අත්පොත තැබූ ගෝතමී පතිරාජ එතැන් සිට වජිරා, සත්කුළු පව්ව, යස ඉසුරු,පූජා වැනි ජනප්‍රිය චිත්‍රපට රාශියකට ඇයගේ රංගන දායකත්වය ලැබින.1978 මාර්තු 17 වෙනිදා සිට තිරගත කෙරුනු සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස්ගේ ගැහැණු ළමයි සිතුවම් පටය තුළින් සිනමා ගමන ආරම්භ කළ වසන්ති චතුරානි තවමත් සිනමාවේ හා රූපවාහිනියේ සිය කුශලතාවයන් දැක්වීම අගය කළ යුතුය. 1963 දී ප්‍රදර්ශනය කෙරුනු සිනමාස්ගේ අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටයේ සහාය නිළියක ලෙස දොරට වැඩි අග්‍රා සජීවනීද අල්විස් ප්‍රථම වරට කතා නායිකාව වූයේ ඇය විසින්ම නිෂ්පාදිත 1974 සැප්තැම්බර් 14 වෙනිදා තිරයට පිවිසි සුගන්දි සිතුවම් පටයෙනි.ඇය එහි ගීත ගායනා කරමින් ද්විත්ව චරිතයන්ද රඟපෑවාය.

1988 නොවැම්බර් 07 වෙනිදා සිට මහජන ප්‍රදර්ශනයට තැබූ කාංචනා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි නදීකා ගුණසේකර 1996 වනවිට සිනමා කෘති 30 කට පමන දායකත්වය දෙමින් තවමත් සිනමාවේ රැඳී සිටීම ඇයගේ රංගන හැකියාවන් පෙන්නුම් කරන්නකි. සිංහල සිනමාවේ මුල් වකවානුවේදී ජනප්‍රිය නළු නිළි යුගල බවට පත්ව සිටි ස්ටැන්ලි පෙරේරාගේ සහ ගර්ලි ගුණවර්ධනගේ දියණියක වන සබීතාට දෛවෝපගත ලෙසින් ප්‍රථම වරට සිනමාවට පිවිසීමට අවස්ථාව ලද්දේ තම නමින්ම නිෂ්පාදනය කෙරුනු සබීතා චිත්‍රපටයෙනි.එතැනින් ඇරඹුනු ඇයගේ සිනමා ගමන තවදුරටත් ඔප් නැංවීමට හැකියාව හැකියාව හා වාසනාව ඇයට ලැබිනි.1980 නොවැම්බර් 07 වෙනිදා සිට තිරගත කෙරුනු සබීතා ට ඉන්පසුව රංගන අවස්ථා වැල නොකැඩී ගලා එන්නට විය.1997 වනවිට ඇය සිනමා කෘති 70 කට අධික සංඛ්‍යාවක රංගනයේ යෙදෙමින් සිංහල සිනමාවට කළ සේවය අගය කළ යුතුය.

සිංහල සිනමා ආරම්භයට දේදුන්නක් පෑයූවේ 1990 අප්‍රේල් 14 වෙනිදාය.රස සාගර මැවූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක යස පාලිත නානායක්කාරගේ දේදුන්නෙන් සමනළියක් සිතුවම තුළින් සිනමාවට පිවිසි සමනළිය දිල්හානි අශෝකමාලා ඒකනායකය.සබීතා පෙරේරා මෙන්ම සිනමාවට සුවිශාල වූ රංගන දායකත්වය දෙමින් සිනමා ගමන් මඟ හෙළි පෙහෙළි කරගත් දිල්හානි 1997 වසර වන විට චිත්‍රපට 33 කට පමන තම හැකියාව කැපකර තිබීම විශේෂ්යෙන්ම සඳහන් කළ යුතුය.තවමත් ඇය සිනමාවේ රැඳී සිටීමද ඇයගේ ජනප්‍රිය භාවය මොනවට පිළිඹිමු කරන්නීය.

1992 තිරගත වුනු It’s the matter of time චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසි සංගීතා වීරරත්න ප්‍රතිභා සම්පන්න රංගන ශිල්පිනියක ලෙස හඳුන්වා දීම නිවැරදිය.එතැන් සිට යසස, ලස්සනයි බලන්න, සප්ත කන්‍යා, අරගලය, නොමියන මිනිසුන් ආදී සිනමා පට වල රංගනයේ යෙදුනු සංගීතා 1997 වසර වන විට සිනමා කෘති 19 කට පමන දායක වී සිටීමද වැදගත් සේ සැලකීම වටී.

පූජා උමාශංකර් යනු ඉන්දු-ශ්‍රී ලාංකික සම්භවයක් සහිත, දෙමළ, සහ සිංහල සිනමාවේ, ජනප්‍රිය හා සම්මානනීය රංගන ශිල්පිණියකි..ශ්‍රී ලාංකික සිංහල මවකට (සන්ධ්‍යා) හා ඉන්දියානු කර්ණාටක පියෙකුට (එච්.ආර්.උමාශංකර්) දාව, ශ්‍රී ලංකාවේදී පූජා උපත ලැබුවාය.ශ්‍රී ලංකාව තුලදී සිය පෙරපාසල් අධ්‍යාපනය හමාර කල පූජා, පසුව ඉන්දියාව වෙත සංක්‍රමණය වූවාය. කන්නාඩා, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා හැසිරවීමේ හැකියාවද පූජා සතු බව සඳහන් වෙයි.අංජලිකා 2006, ආසයි මං පියාඹන්න 2007, සුවඳ දැනුනා ජීවිතේ 2010, කුස පබා 2012, පත්තිනි 2016 සිනමා දිවියේ හොඳම රංගනය සහිත චිත්‍රපටි ලෙස සැළකෙයි.
2

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
02 Jan 2020 05:26 PM
ලතා වල්පොල, ධර්මදාස වල්පොල, හරූන් කුමාර් මෙහි චික්‍රපටයේ ගීත ගායනා කරන ලදී...

ඉතා ජනප්‍රිය ගීතයක් වූ “හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැහැ නොහොඳ නරක දිනුවේ“ මෙම චිත්‍රපටයේ ගීතයකි...
අදටත් හොඳටම ප්‍රසිද්ධයි මේ ගීතය. ස්තුතියි ඉන්දික අයියේ තිරතුරු වලට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Jan 2020 08:51 AM
බොහොම ස්තුතියි මේ විස්තර වලට ඉන්දික අයියේ ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
06 Jan 2020 07:59 AM
18. කැලෑ හඳ 

තිරගත කළ දිනය: 1953-05-27

Main Actor : B.A.W. Jayamanne
Main Actress : Rita Rathnayake , Rukmani Devi
Director : B.A.W. Jayamanne
Producer : B.A.W. Jayamanne
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
06 Jan 2020 08:06 AM
සත්මඩල වෙබ් අඩවියෙනි...

ඩබ්ල්යු. ඒ. සිල්වාඑදා කියූ කතාවක්

මරදාන ටවර් නෘත්‍ය ශාලාවේ ජේ. ඩී. ඒ. පෙරේරාගේ ‘වෙස්සන්තර’ වේදිකා නාට්‍යය නරඹමින් සිටි චිත්‍රපට අධ්‍යක්ෂ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අසල අසුනේ තවත් මහත්මයෙක් වාඩි වී සිටියේය. විවේක කාලයේදී මීට ඉහත ජයමාන්න නොහඳුනන මේ මහතා ඔහු හා මිත්‍ර වී කතාවකට මුලපිරී ය.

“ජයමාන්න මහත්තයා චිත්‍රපටගත කරන්නේ ඔබ ලියූ මිනර්වා නාට්‍ය පමණ ද?” “නැහැ මහත්මයා, මගේ අලුත් චිත්‍රපටය සඳහා අවශ්‍ය කතාවක් ගැන මම විපරමින් සිටින්නේ. චිත්‍රපටයකට නඟන්න හොඳ නවකතාවක් ඉල්ලලා මම කමර්ෂල් රේඩියෝ එකේ (ගුවන්විදුලියේ වෙළෙඳ සේවයට) මම දැන්වීමකුත් දැම්මා. පොත් හුඟාක් ආවා. වැදගම්මකට නැහැ.”

“ඇයි, ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයගේ හොඳ නවකතා තියෙන්නේ? ‘කැලෑ හඳ’ වගේ කතාවක් හොඳ නැද්ද?”

“කැලෑ හඳ පංකාදු නවකතාවක් නොවැ. මේ දවස්වල සිංහල ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ විභාගයටත් නියමිත නේ. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. සිල්වා මහත්තයා හරියට බර්නාඩ් ෂෝ වගේලු. කිව්වොත් කිව්වමලු. වචන දෙකක් නැහැ.” “ජයමාන්න මහත්තයා ඔය තරම්ම ‘කැලෑ හඳ’ට කැමැති නම් මට පුළුවනි උපකාර කරන්න. සිල්වා මහත්තයා මගේ මිත්‍රයෙක්.”

එදා 1951 වසරේ අගභාගයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නට හමු වූ මේ අමුත්තාගේ නම මාතර කේ. එච්. ඒ. ධර්මසේකර ය. පසු කලෙක ‘කතා රජ කතාව’ නම් ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන්ගේ අපදාන කතාව ලියා රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ ඔහු ය.

එදා කතා කරගත් ආකාරයට ධර්මසේකර කපුකම කිරීමට බාර ගත්තේය. සිල්වා සූරීන් හා ජයමාන්න අතර ලිපි හුවමාරු විය.

“කැලෑ හඳ නවකතාව මට පවරා දෙන්නේ නම් මෙතෙක් සිංහල සිනමාවට ආ චිත්‍රපට සියල්ල පරදවන චිත්‍රපටයක් නිපදවන්නම්.”

ජයමාන්න සිල්වා සූරීන්ට ලියූ අවසාන ලිපියේ සඳහන් කළේය.

සියල්ල නිසි ලෙස සිදු විය. කැලෑ හඳ නවකතාව සිනමාවට නැඟීමට ‍තීරණය විය. මේ සියලු කටයුතුවල ‘නිශ්ශබ්ද වීරයා’ වූයේ ධර්මසේකරයන් ය. සිල්වා සූරීන්ගේ ඇරියුම පරිදි ජයමාන්න, එඩී ජයමාන්න, රුක්මණී දේවි හා ධර්මසේකර සිල්වා සූරීන් පදිංචිව සිටි දියතලාවේ ‘ද නූක්’ නිවෙසට ගිය ගමන ධර්මසේකරයන් තමා ලියූ ‘කතා රජ කතාව’ කෘතියේ එදා තිබූ භෝජන සංග්‍රහය ගැන විස්තර වන්නේ මෙසේය.

“එළු මස්, කුකුළු මස්, හරක් මස්, ඌරු මස් යන සිව් වැදෑරුම් ගොඩ මසින් ද, තෝර මාළු, බල මාළු, මූදු ඉස්සන් යන තෙවැදෑරුම් දිය මසින් ද, ගෝවා, බෝංචි, කැරට්, මුරුංගා යන සිව් වැදෑරුම් එළවළු යෙන් ද, සීනි සම්බෝලයකින් හා ලූනු මිරිස් අච්චාරුවකින් ද, පලතුරු සලාදයකින් ද සමන්විත වූ විසිතුරු කෑම මේසය මුළුමනින් ම අප කතානායක (සිල්වා මහතා) අතින් පිළියෙල වූයේය. කුඩා කොල්ලකුගේ උදව් පමණක් ඇතිව මේ සියලු රසමසවුළු ඔහුගේ ම දෙඅතින් ඉවුම් පිහුම් කෙරුණු කාරණය ඉතාම පුදුමයකි.”

“මම මගේ දියණියකට වගේ කැලෑ හඳට ආ‍දරෙයි. අද ඔබට ඇය විවාහ කර දෙනවා” යි සිල්වා සූරීන් භෝජන සංග්‍රහය අවසානයේ සියල්ලන් හිනස්සමින් කියා ඇත. කැලෑ හඳ සිනමාවට නැඟීමට පෙර එහි ප්‍රධාන චරිතය වූ මාලිනි ලෙස රඟපෑ රුක්මණී දේවියට සිල්වා ශූරීන් උපදෙස්දී ඇත චිත්‍රපට ගත කිරීම් කළ මදුරාසියේ සිටිඩ්‍රල් චිත්‍රාගාරයට ද ඔහු ගොස් රූපගත කිරීම් නිරීක්ෂණය කර ඇත. අධ්‍යක්ෂක බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න තමා ඊට පෙර නිෂ්පාදන අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලට වඩා රුපියල් ලක්ෂ 1 1/2 ක් වැඩිපුර වියදම් කර නිපදවූ කැලෑ හඳ චිත්‍රපටයේ එන ඇ‍ඩා ජයපාල නිතර හිඳ සිටින කළුවර ලීයෙන් තැනූ නාග පුටුව ගැන සිල්වා සූරීන් විශේෂයෙන් සැලකිලිමත් වී ඇත.

මේ නාග පුටුව සෑදීමට කලා අධ්‍යක්ෂ කේ. ප්‍රභාකර්ට මාස එකහමාරක් ගත වූ බව වාර්තා වේ.

චිත්‍රපටයේ නන්දරාල ලෙස රඟපෑ අධ්‍යක්ෂ ජයමාන්න චිත්‍රපටයේ කැපී පෙනෙන නළුවා වූ අතර ඔහු 1956 මුල්වරට පැවැත්වූ දීපශිකා සිනමා සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙස ද, මාලිනී ලෙස රඟපෑ රුක්මණී දේවි ජනප්‍රිය චිත්‍රපට නිළිය ලෙස දිනමිණ චිත්‍රපට තරගයෙන් සම්මාන දිනා ගත්හ. ජෝන් ජයපාලගේ චරිතයට වෙන්නප්පුවේ ජෝසප් වාස් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිටි ස්ටැන්ලි පෙරේරා තෝරාගත් අතර, ඇඩා ජයපාලගේ චරිතයට මිලී කහඳවල හා ඩේසි අත්තනායකගේ චරිතයට රීටා රත්නායක ද රඟපෑමට බී. ඒ. ඩබ්ලිව්. තෝරා ගත්තේය. මේ නළු නිළියන් නවක අය වීම තවත් විශේෂයකි.

කැලෑ හ‍ඳේ එඩී ජයමාන්නට සුදුසු චරිතයක් නොවීය. මේ නිසා කනස්සල්ලට පත් එඩී, සුපුරුදු විකට යුවල බී. ඒ. ඩබ්ලිව්. ගේ චිත්‍රපටයක නැති වීම වාණිජ අතින් අසාර්ථක වීමට හැකි යයි තර්ක කර ඇත. බී. ඒ. ඩබ්ලිව් මේ බව සිල්වා සූරීන්ට සැලකර විට ඔහු කෝපයට පත් විය.

“ඔය අදහසට මම කොහෙත්ම කැමැති නෑ. එහෙම කළොත් මගේ කතාවට වන්නේ බලවත් හානියක්” සිල්වා ශූරීන් කියා ඇත.

“අපි කතාවට හානියක් නොවන ලෙස අන්ද්‍රා හා මිසීගේ චරිතය යොදා ගමු.”

අධ්‍යක්ෂවරයාගේ හඬට ඇහුම්කන් දුන් සිල්වා සූරීන් අන්ද්‍ර හා මිසීගේ චරිතය උචිත දෙබස් ‍ටික් ලියාදී ඇත. මිසී ලෙස රඟපෑවේ මේබල් බ්ලයිත් ය. චිත්‍රපටයේ එන සංගිලි පාලම ලංකාවේ අරණායකදීම රූපගත කළ යුතු බවට සිල්වා ශූරීන් කොන්දේසියක් පනවා තිබිණි. එය එසේම සිදු විය. අරණායක, මීගමුව, කටාන, මා ඔය ගඟ ඇත්ගාල යන ප්‍රදේශවල දර්ශන රූගත කිරීමට ද්‍රවිඩ කාර්මික පිරිස ලංකාවට පැමිණ ඇත.

1933 වසරේ සිල්වා සූරීන් රචනා කළ ‘කැලෑ හඳ’ නවකතාව 1953 වසරේ තිරගත විය. චිත්‍රපටයේ ගීත අතිශයින්ම ජනප්‍රිය වීය. විශේෂයෙන් රුක්මණි දේවිත්, මොහිදින් බෙග් ගැයූ ගීත එදා සිනමා රසිකයන්ගේ තුඩ තුඩ රැව් දුන් බව එදා සිටි වැඩිහිටියන් කියන කතාවලින් මොනවට පැහැදිලි වේ. ‘මැවිලා පෙනේවි රූපේ’, ‘දෙවා ගිනි මවා දුක්’, ‘අන්න සුදෝ අර පාට වලා’, ‘මගෙය ප්‍රේම මාලිනි’, ‘පෙම් අමධාරා’ මේ ගීත අතර ප්‍රධාන ය. හින්දි ගීත තනු ඇසුරෙන් හර්බට් එම්. සෙනෙවිරත්න ලියූ ගීත එස්. එස්. වේදා සංගීතවත් කර තිබිණි.

‘කැලෑ හඳ’ චිත්‍රපටය අතිශයින් ජනප්‍රියව ආදායම් උපදවමින් තිරගත වුවද විචාරකයන්ගේ දැඩි විචාරයට ලක්වී ඇත. ‘සංස්කෘති’ සඟරාවට විචාරයක් ලියූ ගණනාථ ඔබේසේකර ‘කැලෑ හඳ’ නරක චිත්‍රපටයක් ‍බවත්, තමා දුටු පහත් නිෂ්පාදනයක් බවත් කියා තිබිණි. ගුණදාස අමරසේකර පසු කලෙක සරසවිය සිනමා වාර්ෂිකයට (1964) පවසා තිබුණේ මෙසේය.

“සිංහල චිත්‍රපටි අතරින් මා දැක ඇත්තේ ඉතා සුළු ගණනක් පමණි. ‘කැලෑ හඳ’ චිත්‍රපටය බැලීමට යෑමෙන් පසු මම ජනමාන්නලාගේ චිත්‍රපට බැලීමට නොගියෙමි.”

විමල් අභයසුන්දරයන් කියා තිබුණේ වෙනස් මතයකි.

“දෙතුන් වතාවක්ම ‘කැලෑ හඳ’ කියවා මා ‘කැලෑ හඳ’ චිත්‍රපටය නැරඹුවේ අපූර්ව චමත්කාරයක් ලබමිනි. ග්‍රන්ථ රූපයේ රස නිෂ්පාදනය චිත්‍ර රූපයේ රස නිෂ්පාදනයට වඩා උසස් යැයි මට සිතිණි. කියැවීමෙන් ලැබූ ආහ්ලාදය මගේ සංවේදිතයෙහි තරයේ බැඳී සිටි හෙයිනැයි හිතමි.”

සිල්වා සූරීන් නවකතා ලියූවේ සිනමාවට නැඟීම උචිත ලෙස බව ඇතැම් විචාරකයන්ගේ මතය විය. ඔහුගේ නවකතා කිහිපයක්ම සිනමාවට නැඟී ඇත. ‘කැලෑ හඳ’, ‘රදල පිළිරුව’, ‘දෙයියන්නෙ රටේ’, ‘දෛවයෝගය’, ‘සිරියලතා’, ‘හඳපාන’, ‘හිඟන කොල්ලා’ හා ළඟදි තිරගත වන ‘විජයබා කොල්ලය’ ද මේ අතර කැපී පෙනෙයි.

එදිරිවීර සරච්චන්ද්‍රයන් 1951 ලියූ ‘සිංහල නවකතා ඉතිහාසය හා විචාරය’ ග්‍රන්ථයේ මුල්වරට සිල්වා සූරීන්ගේ කෘතිවල ඇති සිනමාත්මක ලක්ෂණ ගැන ඉඟියක් කර තිබිණි.

“කැලෑ හඳ සිල්වා මහතාගේ නොවටනාම කෘතියයි හැ‍ඟේ. කතා නායිකාව වන මාලිනීගේ චරිතය නිරූපණය කරමින් ආරම්භ කරන ලද මේ කතාව ඉක්මනින් හොලිවුඩ් චිත්‍රපට හෑල්ලක තත්ත්වයට පිරිහෙයි. මේ කතාව අභව්‍ය සිදුවීම්වලින් හා දෛවයෝගවලින් ද අනූන ය.”

විචාරකයන් අභව්‍ය සිදුවීම්වලින් ගහන බව කියද්දී පණ්ඩිත ගුණපාල සේනාධීරයන් ‘කැලෑ හඳ’ හිදී මාලිනි ලවා සිය පණ නසාගන්නට සැලැස්වීම මැයකොට ගනිමින් එකල පුවත්පත් මඟින් පැවැත්වුණු වාදයක් ගැන ආවර්ජනය කර ඇත. එහිදී එක පක්ෂයක් ‘කැලෑ හඳ’ කතුවරයා මාලිනියට එබඳු ඉරණමක් අත්කැරදීම බලවත් වරදෙකැයි කියා ඇති අතර දිනෙක මේ පිළිබඳ වැ සිල්වා සූරීන්ගේ අදහස ගුණපාල සේනාධීරයන්ගේ අදහස විමසා ඇත.

“වෙන මොනවද අයිසේ, ඒකිට කරන්න තිබුණෙ? එහෙන් අර උද්ධච්ච අම්මණ්ඩි (ජයපාල මැතිනිය) පුතාගේ (ජෝන් ජයපාල) මහන්තත්තේ පරිස්සම් කර දෙන්ඩ ඒකව කන්න හදනවා. මෙහෙන් මේ සෙවෙලයා (ජෝන්) ඇගේ පස්සෙන් එලවනවා. බේරුමක් නෑ. ඒ සේරටම වැඩිය අර වලව්කාරි (ජයපාල මැතිනිය) ඇවිත් මේකිට කරපු කන්නලව්ව කොච්චර බරපතළ එකක් ද, මාලිනි වගේ ගමක ලැජ්ජා බය ඇතිව හැදුණු ගෑනියකුට? ගෑනියෙක් තවත් ගෑනියකට ඒ වගෙ ඉල්ලීමක් කළාම මොන හැදිච්ච ගෑනිට ද ඒක තකන්නෙ නැතිව ඉන්ඩ පුළුවන් වෙන්නෙ? මේ වගේ කරුණුවලදී අපට අහසින් වැටිච්ච මිනිස්සු වගේ යමක් දිහාව බලන්න බෑ. මේක බලන්න ඕනෑ මාලිනිගෙ අච්චුවෙ ගෑනියකගේ තත්ත්වෙ ඉඳගෙන. අන්තිමට වුණේ අල්ලපු ‍අත්තත්, පය ගහපු අත්තත් කියන දෙකම නැති වුණ එක. සැනසිල්ලේ ජීවත් වෙන්න තියා මැරෙන්නවත් ඈට නිදහසක් තිබුණ ද?”

“‘කැලෑ හඳ’ චිත්‍රපටයේ ප්‍රධාන ස්ත්‍රී චරිතය රඟපෑ රුක්මණී දේවි ගැන ද ගුණපාල සේනාධීරයෝ මෙසේ කියා තිබිණි. එය රංගනයට පිවිසෙන, පිවිසි නිළියන්ට අපූරු උපදෙසකැයි අපට සිතිණි.

“මේ පුවත මට ‘ඩබ්. ඒ.’ ගෙන් දැනගන්නට ලැබුණේ ‘කැලෑ හඳ’ චිත්‍රපටය පිළිබඳ ‘මුහුර්ත මංගල්‍යය’ සිදුවීම පිළිබඳ පුවත, පත් මඟින් දැනගන්නට ලැබුණු අලුත දිනෙකය. එදින සිල්වමියරයෙහි ඩබ්. ඒ. හමු වූ මම මේ පිළිබඳ එක්තරා තොරතුරු එතුමාගෙන් විමැසීමි. මුහුරත් මංගල්‍යයෙන් පසු විවේක නිකේතනයක සාදයක් චිත්‍රපටයේ නිෂ්පාදක සමාගම විසින් පවත්වන්නට යෙදිණ. මේ හමුවෙහිදී රුක්මණී දේවිය තමා ඉදිරියට අවුත් දණින් වැටී තම දෙපා වැඳි බව කීයේ දුක්බර සිතිනි. එහිදී ‘ඩබ්. ඒ.’ මතුකර කීයේ ඇගේ ගුණවත් බව ය. නළුකම වැනි රැකියාවකට පිවිසුණ ද ඇය යහපත් මව්පියන් ඇසුරෙහි හැදුණු වැඩුණු ආචාරශීලි කාන්තාවක බව තමාට එදා වැටහුණු බව ‘ඩබ්. ඒ.’ සඳහන් කළේය.”

අවසාන වශයෙන් කරුණාසේන ජයලත් කී මේ ප්‍රකාශයෙන් ලිපිය අවසන් කරමි.

“ඩබ්ලිව්. ඒ. සිල්වාගෙන් සිංහල සිනමාවට සිදු වූ සේවාව මීට වඩා පුළුල් ලෙසත්, ක්‍රමවත් ලෙසත් සාකච්ඡාවට භාජන විය යුතු කාලය එළැඹ ඇතැයි සිතමි.”

.... ඒ.ඩී. රන්ජිත් කුමාර ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
06 Jan 2020 08:32 AM
19. සුජාතා

තිරගත කළ දිනය: 1953-06-26

Main Actor : Prem Jayanth
Main Actress : Florida Jayalath
Director : Chari , T.R. Sundaram
Producer : K. Gunaratnam
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
06 Jan 2020 08:41 AM
සුජාතා යනු බරී බෙහෙන් නම් බොලිවුඩ් චිත්‍රපටය මත පදනම්ව 1953 වසරෙහිදී තැනුනු ශ්‍රී ලාංකික ප්‍රේම වෘත්තාන්ත සංගීතමය චිත්‍රපටයකි. එකල වන තෙක් තැනුනු වඩාත් සාර්ථක ශ්‍රී ලාංකික චිත්‍රපටය එය වූ අතර, අලජ්ජ ලෙසින් ඉන්දියානු චිත්‍රපට කොපි කිරීමෙහි නැඹුරුව එයින් ඇරඹිණි.


කතා සාරාංශය
ඔවුන්ගේ මවගේ මිය යෑමෙන් පසුව, කතානායිකාව වන සුජාතා විසින් තම අධ්‍යයන කටයුතු අතහැරදමන්නේ ඇයගේ බාල සොහොයුරිය ප්‍රේමා පෝෂණය කිරීම සඳහාය. ප්‍රේමා හට හොඳ අධ්‍යාපනයක් ලබා දීමේ සිහිනය ඔවුන්ගේ මව තුල සැමවිටම වූ බැවින් මෙම කැපකිරීම අතිශයින් යෝග්‍ය බව සුජාතා විශ්වාස කරයි. කෙසේවෙතත් ප්‍රේමා නගරයට සම්ප්‍රාප්ත විමෙන් පසු, තොඳොල් බසින් කතාවෙහි රුසි රැවටිලිකාර සල්ලාලයෙක් වූ විකී වෙතින් දූෂණය වී ගැබිණියක වෙයි. විකී විසින් අත්හැරදමනු ලබන ප්‍රේමා යළි තම වැඩිමහළු සොහොයුරිය සමග ජීවත්වීමට යයි. ඔවුනට අස්වැසිල්ලක් ලැබෙන්නේ සුජාතා සමග පෙමෙන් වෙලෙන නිහාල් නමැති සානුරෝධ දොස්තර මහතෙකු නිසාය.


නළු නිළි කැල සහ චරිත

ෆ්ලොරිඩා ජයලත් - සුජාතා
ප්‍රේම් ජයන්ත් - නිහාල්
ශාන්ති ලේඛා - ප්‍රේමා
ඩොමී ජයවර්ධන - විකී
ජෙමිණි කාන්තා
ඩේවිඩ් ධර්මකීර්ති


ගීත
"ප්‍රේමාලෝකය නිවී" – ජමුනා රානි සහ මොහිදීන් බෙග්,(පද මාලා ඩී. ටී. ප්‍රනාන්දු විසිනි)
"සුමධුර වේ" – කේ. රානි
"අයියෝ බබා බබා" – සුනිල් ප්‍රේමදාස, කේ. රානි සහ ධර්මදාස වල්පොල
"මෙන්න මැණිකො" – ඩොමී ජවයර්ධන සහ ස්වර්ණලතා
"වේදනා හර්දේ නැගේ" – ජමුනා රානි
"පෙම් රැල්ල නැගේ" – කේ. රානි සහ ධර්මදාස වල්පොල,(පද මාලා ඩී. ටී. ප්‍රනාන්දු විසිනි)
"මායාවෙන් මේ ලෝකේ (ක්‍රෝධය දේ)" – මොහිදීන් බෙග්
"ප්‍රේම ගඟේ" – කේ. රානි සහ මොහිදීන් බෙග්, (පද මාලා ඩී. ටී. ප්‍රනාන්දු විසිනි)
"මනරංජන දර්ශනීය ලංකා" – කේ. රානි සහ ගායක වෘන්දය
"දන්න කලේ" – ස්වර්ණලතා සහ බර්ට්‍රම් ප්‍රනාන්දු
"නාරිලතා පුෂ්පේ" – මොහිදීන් බෙග්
"ගියා තමයි " – ස්වර්ණලතා සහ බර්ට්‍රම් ප්‍රනාන්දු (ගී තනුව ජාල් නමැති 1952 බොලිවුඩ් චිත්‍රපටයෙහි එන ලතා මංගේශ්කාර්ගේ "චෝරි චෝරි මෙරි ගාලි" වෙතිනි )
0
You are not authorized to post a reply.
Page 4 of 9 << < 23456 > >>