Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Aug 2020 09:03 AM by Indika Kodithuwakku ශ්‍රී ලංකාවේ චිත්‍රපට 166 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 9 << < 12345 > >> Author Messages chamara duleepMost Senior MemberPosts:13471 29 Apr 2018 06:12 PM මේ පිටුව නම් හරි වටිනවා..දිගෙටම කරගෙන යමු අයියේ.මමත් සහයෝගයක් දෙන්නම් මමත් දන්න විදිහට 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2018 04:54 PM 04. දිව්‍ය ප්‍රේමය තිරගත කළ දිනය: 1948.05.22 අධ්‍යක්ෂණය: එන්.වී. ජවේරි, ඩී.එස්. බාබු නිෂ්පාදනය: එන්. තුරෙයිසිංහම්, එම්.කේ. කුප්පුසාමි රංගනය: ශ්‍රීමති කරුණාදේවී ( ලලිතා ), ලූෂන් රාජපක්ෂ (පැරකුම් ), පීටර් සිරිවර්ධන, ශ්‍රීමති ප්ලෝරිදේවී, ජයන්ත රාජදාස, සයිමන්ද සිල්වා, රොබට් පෙරේරා, රානි මොල්ලිගොඩ, චන්ද්‍රා දසනායක, ප්‍රැන්සිස් මොල්ලිගොඩ, කමලා සෙනෙවිරත්න, රොබට් රත්නායක 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2018 04:55 PM දිව්‍ය ප්‍රේමය සංක්ෂිප්ත කතාව ලලිතා සහ පැරකුම් අතරේ මිතුදහම ඇතිවූයේ ඔවුන් පාසැල් ළමාවියෙහිදි සිටය. කිසියම් වරදකට ගුරුතුමා පැරකුම්ට වේවැල් පහර දෙද්දී පවා ලලිතා දුකින් වැළපුනාය. සිතින් තැවුනාය. ලලිතාගේ පියා සිංහබාහු වූකලී මහා සිටුවරයෙකි. පැරකුම් දහය නමැති සාමාන්‍ය සෙනෙවියෙකුගේ පුතෙකි. ඔවුන්ගේ සමාජ තත්වය අහසට පොළොව මෙන් දුරස්තය. එහෙත් ලලිතා සහ පැරකුම්ගේ සබැඳියාව නොවෙනස්ව පැවතිනි. ඔවුන් තාරුණ්‍යයට පත්වීමත් සමඟ පෙර මිතුදම දැඩි ප්‍රේම සබැඳියාවකට පෙරළින. කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ට ඔවුනොවුන් නොදැක සිටීමට පවා අපහසු විය. සිංහබාහුගේ සේවකයෙකු වන ටිකිරා විසින් ලලිතා සහ පැරකුම් අතරෙහි පවත්නා පෙම් සබැඳියාව හෙළිදරව් කිරීමෙන් පසු කෝපයෙන් වියරු වැටුනු සිටුවරයා පැරකුම්ගේ පියාට තර්ජනය කරමින් තම දියණිය සමඟ පවතින සම්බන්ධය වහා නවත්වන ලෙස පැරකුම්ට අවවාද කරන ලෙසට දැනුම්දෙයි. ඉන් සිදිවූයේ පැරකුම්ගේ සහ ලලිතාගේ ප්‍රේමය තවදුරටත් වර්ධනය වීම පමණි. පැරකුම් වැනි සිය තත්වයට නොගැළපෙන තරුණයෙකු සමඟ තම දියණිය ප්‍රේමයෙන් බැඳී සිටීම සිටුවරයා සැලකුවේ එය තම කුල අභිමානයට සිදුවිය හැකි නොමැකෙන කැලලක් ලෙසටය. ඊට පිළියම් ලෙස ඔහු ලලිතාව කැටුව වෙනත් දුරබැහැර මන්ධිරයක වාසයට ගියේය. තම පෙම්වතිය එසේ දුරස්වීමෙන් පසු පැරකුම් උම්මත්තකයෙකු සේ ඇයව සොයමින් ගමින් ගමට සැරිසරයි. මේ අතර සෙංකඩගල රාජධානියේ රජකම් කරන රජුගේ පුත්‍රයෙකු වන නරේන්ද්‍රසිංහයෝ රූමත් ලලිතා පිළිබඳව තොරතුරු දැන ඇයව ආවාහ කරගැනීමේ අපේක්ෂාවෙන් සිටුවරයා වෙත යෝජනාපත් යවයි. එම යෝජනාවට කැමතිවුනු සිටුවරයා, ලලිතාගේ දැඩි අකැමැත්ත ගැනද නොසලකා ඇයව නරේන්ද්‍රට සරණපාවා දෙයි. නරේන්ද්‍රගේ වාසභවනයට පැමිනි දා පටන් තම පෙම්වතා ගැන සිතමින් දිවා රෑ ශෝකයෙන් කාලය ගතකරයි. ඇයගේ මෙම දුක්ඛිත තත්වය සැකහැර දැනගත් නරේන්ද්‍රසිංහ සානුකම්පිතව සිතාබලා තම පියානන් වෙතට ආපසු යැවීමට කටයුතු සම්පාදනය කළේය. ඇයව දෝලාවකින් ගෙනයාම සඳහා සේවකයින්ද යොදවයි. මෙසේ වනදුර්ග තරනය කරමින් දෝලාව ගෙන යන සේවකයින්, ලලිතාගේ භාරකාරයා ලෙස යන ටිකිරාව මරා දමා ලලිතා සතු රන් මුතු මැණික් ආභරන පැහැරගැනීමට කුමන්ත්‍රණය කරයි. එම කුමන්ත්‍රනයේ ප්‍රථිඵලය වූයේ සේවකයින් අතරෙහි දරුණු ගැටුමක් ඇතිවීමයි. ඉන් ටිකිරා මරුමුවට පත්වුනු අතර ලලිතා ඔවුන්ගෙන් මිදී තම පෙම්වත් පැරකුම් සොයමින් නිරාහාරව ඉබාගාතේ ඇවිදියි. එසේ යන ඇය, කඳුගැටයකට නැගී අවට විමසුම් ඇසින් බලද්දී උමතුවෙන් ගමන් කරන පැරකුම් දැකගත හැකිවිය. ඇය කලබලයට පත්ව පැරකුම් වෙත යාමට තැත් කරත්ම පය පැකිළී කඳුගැටයෙන් පහළ පාතාලයට ඇදවැටින. එය දුටු පැරකුම් තම පෙම්වතිය බේරාගනුවස් පාතාලයට පැන්නේය. එම පාතාලය තුලදී ඔවුනොවුන් එකිනෙකා වැළඳගෙන ප්‍රේමයේ අමරනීයත්වය පසක් කරවමින් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූහ. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 11 May 2018 06:24 PM ගොඩක් අය ඩ්‍රවිඩයන් 0 chamara duleepMost Senior MemberPosts:13471 11 May 2018 07:15 PM ලස්සන කතාවක සිනමාවක්.ඒත් මේ වගේ ඒවා පෙන්නන්නේ නෑ රූපවාහිනියේ..දාන්නෙම ගියපු ඒවාමයි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2018 09:34 PM අපේ ගමේ සීයා කෙනෙක් කීවා මේකේ ප්‍රේමවන්තයෙන් දෙන්නා මිය යන නිසා මිනිසුන් එතරම් මෙම චිත්‍රපටයට කැමති වුනේ නැහැ කියා.. 0 madushika dilhaniNew MemberPosts:54 11 May 2018 11:20 PM මේ චිත්‍රපටිය අසාර්ථක වීමට අවසානයේ වන මරණයටත් වඩා ප්‍රභලව බලපාන්න ඇත්තේ ඒ ප්‍රේමවන්තයාගේ තිබ්බ දුර්වල පෞරුෂය කියලයි මට නම් හිතෙන්නෙ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 12 May 2018 02:40 AM ඔය කියන නළුවන් දෙදෙනා එතරම් දක්ෂයින් දෙදෙනෙක් නෙවෙයි ද එතකොට? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 12 May 2018 02:51 AM මධුගේ අදහස මටත් හිතුනා.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 May 2018 11:24 PM දිව්‍ය ප්‍රේමය චිත්‍රපටයේ ඇතුලත් ගීත (1) සිරිනි සාර ධීර තේජ ( සමුහ ) (2) ශ්‍රියාවි යාය ප්‍රසන් ( ලලිතා ) (3) ප්‍රීති සෞභාග්‍ය සිඳී ( පැරකුම් ) (4) ආමි ආමි ( ලලිතා,පැරකුම් ) (5) ලොව නවාතැනක්මය ( සමූහ ) (6) රුව දිශ්නා ( සමූහ ) (7) ශාක්ෂි දේ චිත්තේ ( ලලිතා ) (8) සුප්‍රියා ඔබත් හැරා ( ලලිතා පැරකුම් ) (9) ඕ මාර්ගේ යෙදී යාමේ ( පැරකුම් ) (10) සුරින්ද්‍ර සුරින්ද්‍ර ( චන්ද්‍රා කුමරිය ) (11) ප්‍රීත්‍යානන්ද ( ලලිතා, පැරකුම් ) (12) යනු වහා ගෙනනට ( ටිකිරා ) 0 chamara duleepMost Senior MemberPosts:13471 15 May 2018 03:56 AM Posted By indika76 on 14 May 2018 11:24 PM දිව්‍ය ප්‍රේමය චිත්‍රපටයේ ඇතුලත් ගීත (1) සිරිනි සාර ධීර තේජ ( සමුහ ) (2) ශ්‍රියාවි යාය ප්‍රසන් ( ලලිතා ) (3) ප්‍රීති සෞභාග්‍ය සිඳී ( පැරකුම් ) (4) ආමි ආමි ( ලලිතා,පැරකුම් ) (5) ලොව නවාතැනක්මය ( සමූහ ) (6) රුව දිශ්නා ( සමූහ ) (7) ශාක්ෂි දේ චිත්තේ ( ලලිතා ) (8) සුප්‍රියා ඔබත් හැරා ( ලලිතා පැරකුම් ) (9) ඕ මාර්ගේ යෙදී යාමේ ( පැරකුම් ) (10) සුරින්ද්‍ර සුරින්ද්‍ර ( චන්ද්‍රා කුමරිය ) (11) ප්‍රීත්‍යානන්ද ( ලලිතා, පැරකුම් ) (12) යනු වහා ගෙනනට ( ටිකිරා ) මේ සින්දු නම් මං අහලා නැහැ.ෆිල්ම් එකත් බලලා නැහැ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 May 2018 10:32 PM සිංදු දොළහක්ම තියෙනව. ෆිල්ම් එකේ දෙබස් වලට වෙලාවක් තිබ්බද දන්නෙ නැහැ මේවායේ. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 16 May 2018 01:38 AM මම අහලත් නැහැ 0 isuru sampathSuper Senior MemberPosts:7342 16 May 2018 04:11 AM මම අහලත් නැහැ.....මේවනම් හොයන්නවත්නැතුව ඇති . 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Jun 2018 07:33 AM 05. වැරදුණු කුරුමානම තිරගත කළ දිනය: 1948.12.03 අධ්‍යක්ෂණය: ජෝතිස් සිං රංගනය: රුක්මනී දේවි, බී.ඒ.ඩබ්. ජයමාන්න 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Jun 2018 07:37 AM 06. අම්මා තිරගත කළ දිනය: 1949.08.19 අධ්‍යක්ෂණය: සිරිසේන විමලවීර රංගනය: ඩී.ආර්. නානායක්කාර, පර්ල් වාසුදේවි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Jun 2018 07:39 AM අම්මා යනු සිරිසේන විමලවීර විසින් 1949 වසරෙහිදී අධ්‍යක්ෂණය කෙරුණු ශ්‍රී ලාංකික චිත්‍රපටයකි. එම නාමයම දැරූ ඔහුගේ නාට්‍යයක් අනුසාරයෙන් එය අනුවර්තනය කෙරිණි. නළු නිළි පිරිස අතරට එඩී ජූනියර්, පර්ල් වාසුදේවි, ඩී. ආර්. නානායක්කාර සහ එන්. ආර්. ඩයස් ඇතුලත් වූ අතර එය රූ ගත කෙරුණේ මදුරාසියෙහි නෙප්චූන් චිත්‍රාගාරයෙහිය. එය තිරගත කෙරුණේ මරදානෙහි සෙන්ට්‍රල් සිනමා ශාලාවෙහිය. නිෂ්පාදනය කලේ නවජීවන චිත්‍රපට සමාගම විසිනි. නළු නිළි පිරිස පර්ල් වාසුදේවි නීලා ලෙසින්: ප්‍රධාන කාන්තා චරිතය ඩී. ආර්. නානායක්කාර සරණපාල ලෙසින් එඩී ජූනියර් තිලක ලෙසින්: ප්‍රධාන පිරිමි චරිතය උපසේන විමලවීර ලමා තිලක ලෙසින් මියුරින් නිස්සංක වයලා ලෙසින් ආර්. මාෂල් පෙරේරා රෝමියෝ ලෙසින් කාමන් වැනිඩොටි ජුලියට් ලෙසින් එන්. ආර්. ඩයස් ජුවානිස් ලෙසින් ආර්. එච්. නිකලස් පෙරේරා ජොමී ලෙසින් සුමානා රණසිංහ නොයිහාමි ලෙසින් ටියුරින් සිල්වා ඇසිලින් රණසිංහ එස්. එච්. ජෝතිපාල 0 chamara duleepMost Senior MemberPosts:13471 19 Jun 2018 04:56 PM දැන් ඉන්න සමහර අය මේ වගේ ෆිල්ම්ස් බලන්නේ නැහැනේ.ඒ වාගේ එකක් ගියත් බලන්නේ නැහැ.මේවායේ වටිනාකම තේරෙන්නේ නැහැ. 0 chamara duleepMost Senior MemberPosts:13471 19 Jun 2018 04:57 PM Posted By indika76 on 19 Jun 2018 07:39 AM අම්මා යනු සිරිසේන විමලවීර විසින් 1949 වසරෙහිදී අධ්‍යක්ෂණය කෙරුණු ශ්‍රී ලාංකික චිත්‍රපටයකි. එම නාමයම දැරූ ඔහුගේ නාට්‍යයක් අනුසාරයෙන් එය අනුවර්තනය කෙරිණි. නළු නිළි පිරිස අතරට එඩී ජූනියර්, පර්ල් වාසුදේවි, ඩී. ආර්. නානායක්කාර සහ එන්. ආර්. ඩයස් ඇතුලත් වූ අතර එය රූ ගත කෙරුණේ මදුරාසියෙහි නෙප්චූන් චිත්‍රාගාරයෙහිය. එය තිරගත කෙරුණේ මරදානෙහි සෙන්ට්‍රල් සිනමා ශාලාවෙහිය. නිෂ්පාදනය කලේ නවජීවන චිත්‍රපට සමාගම විසිනි. නළු නිළි පිරිස පර්ල් වාසුදේවි නීලා ලෙසින්: ප්‍රධාන කාන්තා චරිතය ඩී. ආර්. නානායක්කාර සරණපාල ලෙසින් එඩී ජූනියර් තිලක ලෙසින්: ප්‍රධාන පිරිමි චරිතය උපසේන විමලවීර ලමා තිලක ලෙසින් මියුරින් නිස්සංක වයලා ලෙසින් ආර්. මාෂල් පෙරේරා රෝමියෝ ලෙසින් කාමන් වැනිඩොටි ජුලියට් ලෙසින් එන්. ආර්. ඩයස් ජුවානිස් ලෙසින් ආර්. එච්. නිකලස් පෙරේරා ජොමී ලෙසින් සුමානා රණසිංහ නොයිහාමි ලෙසින් ටියුරින් සිල්වා ඇසිලින් රණසිංහ එස්. එච්. ජෝතිපාල මේ ෆිල්ම් එක ළඟදී ටිවි එකේ ගියා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Jun 2018 04:01 AM 7. පෙරලෙන ඉරණම තිරගත කළ දිනය: 1949.10.20 අධ්‍යක්ෂණය: ජෝතිෂ් සිං නිෂ්පාදනය: ජෝතිෂ් සිං රංගනය: රුක්මණී දේවි, එඩී ජයමාන්න, අරුණ ශාන්ති, මාක් සමරනායක 0 You are not authorized to post a reply. Page 2 of 9 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies