You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 13 Mar 2018 08:16 AM by  Udeshika Herath
ජිවිතය විනිවිදව විදින සෙනුක
 27 Replies
Sort:
Page 2 of 2 << < 12
Author Messages

Nimthara Hirukirani
New Member
New Member
Posts:12






--
28 Feb 2018 05:56 AM
  •  Quote
  •  Reply
(පළවෙනි කොටස)
https://m.facebook.com/story.php?st...3986636942

අඩුපාඩු කම් වලින් පොඩ්ඩක් මිදුනේ හොඳේ.....

✨#ජිවිතය_විනිවිදව_විදින_සෙනුක_✨

(දෙවනි කොටස)

"කෝ සුදු පුතා යි නැන්දයි... ඇයි ඔහේ හිටියෙ... ඇයි නැද්ද ආහ්... ඇති යන්තන් එ කරදරේ නිදහස්... අපි හතර දෙන ට දැන් පාඩුවෙ ඉන්න පුළුවන් දෙවියෝ මුණ බලලා අපේ...."

"නෝනෙ.....! මගේං.... අහගන්න එපා.."

" අර එන්නේ ලොකු කරගෙන ඉන්න දෙන්න "

මොකද දන්නේ නැහැ නැන්දා ඔරවලා ගියේ

"අනේ... නැන්දේ කොහෙද ගියේ ඔයාලා"

"මං ආච්චි අම්මා ව පොඩ්ඩක් එළියට එක්ක ගියා මාමේ.... "

"කලාද ආවේ... ඔයාලා.. "

"ඔව් මාමේ මායි ආච්චි කලා ආවෙ...."

" එහෙනම හොදයි ගිහින් නිදා ගන්නා බුදුසරණයි මගේ කොල්ලට...."

අද මගේ හිත ගොඩ ක් සැහැල්ලු යි හෙටින් පස්සෙ අපි දෙන්න කාටවත් අත නොපා ඉන්න පුළුවන්.....මගේ ආච්චි අම්මේ ඔයා නැත්තං මෙ #සෙනුක පුතාත් නැ ආච්චි අම්මේ ඔයා මගේ පණ..

✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈✈

"මං කියන දේ අහන්න නෙතුකි..."

"නෙතුකී...."

"මගේ සත්තරන් කතා කරපන්කෝ මගේ අම්මා... නරක හීනයක් වත් දැක්කා ද මගේ පණ...."

ආච්චි අම්මා ට මට කොහොම ද කියන්නේ එක හීනයක් නෙවෙයි කියලා...

" මුකුත් නැහැ ආච්චි අම්මේ අද මට ගාව නිද ගන්නා කෝ...."

"හරි.. මගේ පුතා නිද ගන්නා කෝ... මං ඔළුව අත ගන්නම් මගේ රත්තරන් ට නින්ද යනකං...."

ආච්චි අම්මා ගේ උණුසුමකි මගේ හිත නිදහස් වෙලා ගියා..... එත් මගේ කන් දෙකේ තාමත් මගේ නෙතුකී කිව්වා දෙවල් දොන්කාර දෙනවා...

😕😬😱😨

" ඔයා හිතුවෙ මං වගේ හයිලාස් කෙල්ලෙක් එක්ක යාලු වෙලා රාජ සැප විදින් පුළුවන් වෙයි කියලා ද ආහ්.... මං තමුසෙට පොඩ්ඩක් වත් ආදරේ කරේ නැහැ.... එ වෙනුවට මං කරේ වෙෙර කරපු එක...මට ඕනෙ වුණේ තමුසෙගෙන් පලිගන්නා ඔහෙගෙ යාළුවා මගේ යාළුවා ගේ ජීවිතය විනාශ කරා...."

"මං ඔයාට ඇත්තටම ආදරේ කළේ නෙතු... මට ඔයා ගේ සල්ලි වලට කිසිම ආසවක් නැහැ... රත්තරන්... පොඩ්ඩක් තේරුම් ගන්න මැණික..."

"ආහ්... ඇත්තද.... මං ඔවා විශ්වාස කරන්න ඕනෙ ද .... අපේ අප්පච්චි කියන කතා ව හරි... තට්ක්ලාස් මිනිසුන් සල්ලි වෙනුවෙන් ඔන දෙයක් කරයි.... තමුසේ ට පුළුවන් ද අපි වගේ සල්ලිකාර පවුලක් එක්ක පැහෙන්න... මේ ආත්මයේදී විතරක් නෙවෙයි කිසිම ආත්මයකදි බැ ඔහෙලට අපිත් එක්ක පැහෙන්න..."

"නෙතුකී ඇති හොදටම ඇති.... මං දන්නවා මට ඔයා ඉල්ලාන ඉල්ලා න දෙ ගෙනත් දෙන්න බැරි වෙයි මං එක පිළිගන්නාව... එත් මට ඔයාට ඇති තරම්. ආදරේ දෙන්න පුළුවන්... ඔයාල සල්ලි නිසා ආඩම්බර වෙයි එත් ඔය සල්ලි නැති දවසක මොනවද වෙන්නේ කියලා හිතලා බැලූවද නැහැ නේද.... අන්න එදා ට තේරෙයි මං කිව්වා දේ ඔයාට..... ආදරේ කියන දෙයි, බැදිම් කියන දේ යි සල්ලි වලට ගන්නා බැ කියලා...."

"හරි බලමු මං ද ඔයා ද දිනන්නේ කියලා.. යං බං යන්න චතුරංග බලගෙන ඇති මං එනකං..."

ඔව් නෙතු බලමු... #මං දුප්පත් බව ඇත්ත එත් අපේ හිත් ගොඩක් පෝසත් ඒවාගේ ම අපි මනුස්ස කමත් දන්න අය... #පෝසත් මිනිසු ගාව එ දේවල් නැහැ...මං ඔයා ගේ ඉස්සර හට එන්නේ මාත් ඔයාල වාගේ දියුණු වෙලා... අන්න එදා ට ඔයාට තේරෙයි මං ගැන.."

අවුරුදු දෙකක මතකය හිතේ හොල්මන් කරද්දී නිදි දෙව්දුව ඇයගෙ වසගයට අරං ඉවරයි මාව....

😇😕

"මගේ පුතා... ඇහැරිලා මුණ අතපාය හොඳ ගත්ත නම්..... මේ තේකත් ඇල් වෙනවා.."

"අනේ මගේ සුදු මැණි තේත් ගේනවා ද උම්මා... මගේ පැටියෝ.."

"අනේ... අනේ මේ කොල්ල නම්...."

"ආච්චි අම්මේ මාමා ඉන්නවා ද ගෙදර..."

" ඔව් මං කාමරයට එද්දි හිටියෙ පත්තර බල බල...."

"එනන් මාමා ට කතා කරලා එන්න මං මගේ උම්මා කැටේ..."

" ඊට කලින් මුණ හෝදලා හිටින් සුද්දො.."

අනේ මන්ද අද කලේ ලමයී කොහොම හැදේනවාද මං ද...

"මාමේ.."

"එන්න සුදු පුතේ..."

" මාමේ... මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද...."

" ඇයි පොඩ්ඩක් ගොඩක් කතා කරන්න සුදු පුතේ... එන්න ඉතින්..."

"මෙතන බැ මාමේ අපි මිදුලට යන්ද අකමැත්තක් නැත්තං..."

"මං මොකටද එකට අකමැති වෙන්නේ... සුදු පුතේ... යන්කෝ එහෙනම්.. අපි අඹ ගහගාවට..."

"හිම්... හිම්...හරි මාමේ යං..."

😠😡

" මේකා මොකටද එන්නේ මහත්තයා ලව්වා මට බන්නවන්වත්ද හදන්නේ ඊයේ වෙච්ච දෙ යට..... එවා කොහෙද මාත් එක්ක... බලමූ කෝ මොකොටද එන්න හදන්නේ කියලා..."

😊😇

" වාඩිවෙන්න වෙලා ම කියන්න කෝ කාරණා ව කියලා.... නැන්දා ආයේ මගේ සුදු පුතා ට මොනවා හරි කිව්වා ද රත්තරන්..."

" අනේ නැහැ මාමේ.. මම නැන්දා කියන එවා ගැන හිතන්නෙ නැහැ මට එවා හොදට හුරු යි ..... මාමේ..."

"පුතා ගේ අහන්න හිටියේ ඊයෙ ලියුමක් ආවේ මොකෙක්ද .. අර පුතා ගියපු ඉන්ටෙව් එකෙන්ද ආවේ පුතා ව තෝරගෙන ද...."

" එ ගැන කියන්න තාම මාමා ව එළියට එක්ක ආවේ කතා කරන්න... මාව තෝරගෙන අනිද්දා එන්න කියලා තිබ්බා ජෝබ් එක ට ජොයින් වෙන්න..."

" හිම්... අනිද්දා හොඳ දවසක් දැන් පුතා අනිද්දා ට ම යනවා ..."

" නැහැ මාමේ මං හිතන්න ඉන්නවා හෙට යන්න... බෝඩිමක් හොය ගන්නා ඕනෙ මටයි ආච්චි අම්මාටයි...එතොට ගමන් මහන්සි යත් නැහැ බොඩිමක් හොයා ගත්තාම... ගමන් බිමන්වලට වියදමත් අඩු යි නේ..."

" අනේ පුතේ ආච්චි අම්මේ එකක් ගියා ම පුතාට කරදරයක් නේ අනික ආච්චි අම්මාත් දැන් වයසයි එයා එහෙ පරිසරයට හුරු වෙයිද.. ඔයේ හිටියා වගේම මෙහෙ හිටපු වාවේ..."

"නැහැ මාමේ ආච්චි අම්මා යි මමයි යනවා මං හෙට ගිහින් බොඩිමක් හොයා ගන්නවා අනිද්දාට ආච්චි අම්මා ව එක්ක යනවා...."

" පුතා පොඩ්ඩක් ඉන්න මං ඇතුළට ගිහින් ඉක්මනින් එන්නං... "

"හරි මාමා ගිහින් එන්න මං එතකන් ඉන්නං....."

😉😇😊

" මොකද සුද්දො මෙතන මලක් වත් කඩනවාද... කව්ද බං අපේ සුද්දාට වහ වැටුණු එ සුරංඟනාවි.... ආහ්... ආහ්.. කියහං... කියහං..."

"අහවල් මලක් මට කුචි බං නවත්තහං බං උඹ දැන් ගුටි කනවා ලොකු අතහැරපං කෝ බං.."

" උඹ උඹේ ම අයියාට ගහනවා ද ආහ්... අයියාට ගහනවා ද ආහ්..."

"ලොකු පුතේ මොකද ඔය...."

(හමුවෙමු තවත් ලස්සන දවසක)

#කවුද_යාළුවනේ_නෙතුකි_නංගි_වත්ද

👉👉👉👉 හොඳ නරක කියන්න හොඳේ☺☺☺☺👈👈👈👈👈

✨✨හොරෙන් බලලා යන්න ඔට්ටු නැහැ හොදේ✨✨

ඇත්තට කතා ව දන්න වෙලා ගියා අඩුපාඩු කම් ගොඩක් ඇතිව කතා ව දැම්මා නම් එක ලස්සන නැහැ මේක කලින් ලිව්වා කතාවක් එහෙම කියලා එකේ අඩුපාඩු නොදහා දන්න බැහැනේ

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Feb 2018 07:15 AM
  •  Quote
  •  Reply
කොල්ලා ජොබ් එකට යන්නවගේ හදන්නේ..
කතාවේ හොද හරිය එන්නේ ඉස්සරහට වගේ..
ස්තිතියි නංගී..
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
28 Feb 2018 10:48 PM
  •  Quote
  •  Reply
හායි නිම්තෙරා...මට ඔයාගෙ නම කියවෙන්නෙ නයනතරා වගේ...😎 කතාව ලස්සනයි ආ..
0

Nimthara hirukirani
Posts:






--
04 Mar 2018 07:39 AM
  •  Quote
  •  Reply
(දෙවනි කොටස)

https://m.facebook.com/story.php?st...3986636942

#ජිවිතය_විනිවිදව_විඳින_සෙනුක


(#තෙවන_දිග_හැරිම)

😉😇😊

" මොකද සුද්දො මෙතන මලක් වත් කඩනවාද... කව්ද බං අපේ සුද්දාට වහ වැටුණු එ සුරංඟනාවි.... ආහ්... ආහ්.. කියහං... කියහං..."

"අහවල් මලක් මට කුචි බං නවත්තහං බං උඹ දැන් ගුටි කනවා ලොකු අතහැරපං කෝ බං..."

" උඹ උඹේ ම අයියාට ගහනවා ද ආහ්... අයියාට ගහනවා ද ආහ්..."

"මොකද.. ලොකු පුතේ.. ඔය.."

"බලන්න කෝ මාමේ ලොකු මට ඉන්න දෙන්නේ නැහැ..."

"දැන් ඔය අයියගෙයි.. මල්ලිගෙ යි රණ්ඩුව ඉවරද...."

ලොකු ඔළුව අත ගාග ඉන්න විදියට මට යන්න ගියපු හිනාව මාර ආමරැවෙන් නවත්ත ගෙන මාමා දිහාට හැරුණා

" නැහැ... තාත්තේ... තව පොඩ්ඩකින් ආවනම් රණ්ඩු ව ඉවරයි කොහෙද ඉතින් තාත්තා කලින්ම ආවනේ... නැද්ද සුද්දො "

" සුදු පුතේ...මේක ඔයාගේ අම්මාගෙන්... ඔයාගෙ අම්මා ඔයාට දෙන්න කියලා දිපු බැංකු පොතයි ලියුම යි.."

දෙයියනේ අම්මාගෙන් මට කියන්නේ එයාට මවා දරා යන්න වෙනවා කියලා දැනගෙනද මෙහෙම දෙයක් කරලා තියෙන්නෙ මගේ අම්මා කොච්චර හිතලාද මට එයාගේ පණ දිලා එයා මාව දලා සහදටම ගියේ...

"මොකද සුදු පුතේ ඇස්වල කදුළු මොනවාද ඔය හැටි හිතන්නෙ..."

"එකනේ තාත්තේ මාත් බැලුවේ කවදාවත් අපේ ඉස්සර කදුළු පෙන්නන් නැති එකා අද මොකද ඇස් වල කදුළු පුරවගෙන.. ඉන්නෙ කියලා..."

කලණට මෙවන දේවල් හිත ගන්න බැරි තාත්තා දිහා යි #සෙනුක දිහායි බැලුවේ උත්තරයක් ලැබෙනකන්..

" සුදු පුතේ... හිතන්න දෙයක් නැහැ පුතේ ඔයා ඉපදෙන්න ඉන්න කොට දුන්නේ ඔක මට... ඔයාට හරි හැටි යමක් කමක් තේරන කාලයක දෙන්න කියලා ඉතින් මං ඔයා ටික පණ වාගේ පරිස්සමින් තියා ගත්තා.. පුතේ "

" සුදු නැන්දම්මාගෙන්... සුදු නැන්දා ජීවත් වෙනවා ද තාත්තේ...."

" නැහැ.. ලොකු පුතේ.. එයා දැනන් ඉදලා ලොකයේ යන්නම යන්නේ කියලා... මං මෙක පණ වගේ ආරක්ෂා කරා සුදු පුතා ට දෙන්න ඕනෙ නිසා... ආඩුම තරමේ ලොකු පුතේ ඔයාගෙ අම්මා වත් සුදු ගේ ආච්චි අම්මා වත් දන්නෙ නැහැ... මෙහෙම එකක් මං ගාව තියනවා කියලා.."

මට හිත ගන්නා බැරි වුණා මගේ අම්මා මට මෙහෙ ම දෙයක් දිලා ගියේ කියලා
මං එක මගේ පපුවට තුරුලු කරගෙන ම බංකු වෙන් වාඩි වුණා...

"සුදු පුතේ ඔයා ඔක නිදහසේ කියවන්න මායි ලොකු පුතායි ගෙය යනවා යන් ලොකු.. ගෙට "

"හරි තාත්තේ යමු අපි දෙන්න.."

මාමා යි අයියායි ගේ දිහාට යනකන් ඉදලා මං ගාව තියන ලියුම හෙමිහිට දිග ඇරියා..

🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗

මගේ රත්තරන් පුතේ..,


මගේ රත්තරන් මට සාම වෙන්න ඔයා ඔහේ තනීකරලා දලා ආවට... මං ගොඩක් අසරණයි මගේ රත්තරන් මේ මෙ පව්කාරිට සාමව දෙන්න මෙ ලියුම ඔයාට හම්බවෙන කොටස ඔයා තේරුම් ගන්න වයසට ඇවිත් ඉන්නෙ... එත් මට ඔයාව බලන්න පුළුවන් කමක් නැ.. ඔයා උස මහතට ලස්සන ඉන්නවා නේද ඔයාගෙ තාත්තා රාමචන්ද්‍රන් වාගේ...

" මගේ රත්තරන් ඔයා ඔයාගෙ අම්මාටයි තාත්තාටත් සාමව දෙන්න.. එ දෙන්න අතරේ කිසිම වැරැද්ද නැ පුතේ. මගේ පුතේ...මමයි එත්..."

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

මං ලියුම කියවලා ඉවර කරන්න කලින්ම ආච්චි අම්මා කතා කරනවා වාගේ හීනෙන් වගේ ඇහිලා ඉක්මනටම ලියුම කලිසන් සාක්කුවට දාගත්තෙ ආච්චි අම්මා ට දුකක් දෙන්න බැරි නිසා....

"සුදු පුතේ ඔයා මොකද රත්තරන් මෙතනම තනි යෙන්..."

"මුකුත් නැහැ ආච්චි අම්මේ... මං හොදින්.."

"මොකද සුදු පුතේ ඔයාගෙ අතේ තියෙන්නෙ... මාමා ද දුන්නේ..."

" ඔව්.. ආච්චි අම්මේ මාමා දුන්නේ එත් මේකෙ නියම අයිතිකාරයා ඔයා මෙක ඔයා ගාව තියාගන්න පරිස්සමින්..."

ආච්චි අම්මාගේ මුහුණේ ලොකු බයක් ඇදිලා මැකිලා යනවා දැක්කේ අහම්බෙන්..

"මොකක්ද මේ... කාගේද මේ බැංකු පොත.."

ආච්චි අම්මාගේ මුහුණ ලොකු බැරැරුම් පෙනුමක් මේ මොකද

"බලන්න කෝ කාගේද කියලා ඔයා ම..."

"මොකක්ද මේ කාගෙද මේ බැංකු පොත"

"ඔයා ම බලන්න කාගෙද කියලා"

"දෙයියනේ සුදු පුතේ ඔයාට කොහෙද මේක"

ඇයි ආච්චි අම්මා මෙච්චර කලබල වෙන්නේ මොකද්ද හේතු ව....

"ඇයි කලබල වෙලා ආච්චි අම්මේ... මං ඔයා ඔහොම කලබල වෙලා ඉන්නවා දැක්කම යි... "

දෙයියනේ... මෙක මගේ දූව සූධිරාගේ බැංකු පොතනේ මේක කොහෙන්ද සුදු පුතාට මේක

"එහෙම නැ කවුද දුන්නේ මේක ඔයාට කියන්න සත්තරන්.... කියන්නකෝ..."

"ඔයාගෙ පුතා දුන්නේ ආච්චි අම්මේ ඇයි කලබල ඔච්චර..."

"ම..ගේ පු..තා.. කිව්වෙ..."

මොනවාද දෙයියනේ මං මේ දකින්නේ ඇයි ආච්චි අම්මේ මේච්චර බයෙන්..

"අයියෝ ආච්චි අම්මේ ඔයාට පුතාල මහ ගොඩ ක් ඉන්නවා ද...සුමේධ මාමා දුන්නේ.... මං යනවා නාන්න..."

"සුමේධ.... හරි පුතේ නාන්න යන්නකෝ..."

"උම්මා.... උම්මා කැටේ... අපි ගියා එහෙනම්.."

සුමේධ පුතා මේ කරපු දෙවල් වලින් මොනවා වෙයිද දන්නේ නැහැ....ඉස්සර මොනවා වෙයි ද.. දෙයියනේ මගේ පුතාව ආරක්ෂා කරන්න..

😕😠

නර්මදාට මොනවෙලා ද උදේ පාන්දර මේ කේන්තියේන් ඉන්නේ.. අද මොකද්ද මං නටන්න හදන නාඩගම...

" මොකද.. නර්මදා මේ අැසුත් රතු කරගෙන මුණත් කලු කරගෙන.."

" පුතාන්ඩියා කිව්වා ද රස කර කර කේලන් ටික ආහ්..."

" මොනවද කියවන්නෙ ඔළුව වැදූනාද කොහෙ හරි..."

"එකනේ තාත්තේ ඔයා සුද්දා එක්ක කතා කරන්න එළියට ගියපු වේලේ ඉදන් ඔහොමයි.. අම්මාට ඉතින් තරහා ගන්නා ඒකම හේතුව සුද්දානේ නේද මගේ අම්මේ...."

" අද ලොකු උඹටත් උඹේ අම්මා ව විහිලු වට ගත්තා නේද දවසක තේරේයි ලොකු උඹලාගේ මහා ලොකු සූද්දා උඹලගේ දේවල් ඩැහැගෙන ගියාපු දාටම මේ අම්මා හැමදෙම කරේ උඹලාගේ ආනගතය හින්දා... කියලා...."😡

"නර්මදා... ඇති හොදටම ඇති..."

දෙයියනේ අදත් රණ්ඩු කලන ඔළුව අත ගහ ගත්තේ දැන් වෙන්න යන දේ ඉවෙන් වාගේ දැනුනු නිසා..

නැන්දේ ඔයා.... මේ ගැණිට පිස්සු කටට එන එවා ඔහේ කියවනවා..."

සුමේධ එහෙම කිව්වෙ නර්මදාගේ පැත්තට හැරිලා තරවටු කරන බැල්මේන්

"ඇයි ආහ් මං නවත්තන්නෙ මං කිව්වා දේ ඔයාට තේරුනනේ.."

ඔයා මොනවද #සෙනුක පුතා ගැන ආහ් එ කොල්ලා ට පිං සිද්ද වෙන්න තාම ඔයාල කලා බිලා ඉන්නේ මෙහෙ ඉන්නේ... නැත්නම් ඔයාලට පාරේ හිගකන්න වෙන්නෙ.... "

සුනිතා (ආච්චි අම්මා) එහෙම කිව්වෙ හිතේ තිබ්බා ආවේගයටත් එක්ක

"මට නෙවෙයි පිස්සු මෙයට අපි කියන්න ඕනෙ අපේ හිත හොද නිසායයි මෙහෙ වැටීලා ඉන්න ඉඩ දීලා තියෙන්නෙ..."

හිතේ ඇති මං කටට බයවෙලා පාඩුවේ ඉදි කියලා එවා කොහෙද මේ නර්මදා එක්ක..

මොකක්ද අප්ප අර කැගැහිල්ල උදේ ම රණ්ඩු ද අපේ ගෙදර...

" මං මෙච්චර හරි ඉවසන්නේ මහත්තයා නිසා නැත්තං මං කරන හොඳ වැඩක් ආච්චි අම්මා ට අර මුසාලයාටයි..."

"නර්මදා.... කට වහගනින් තව එක වචනයක් හරි කතා කරෝත් මං කරනවා හොද වැඩක්..."

සුමේධ ඉවසලා බැරිම තැන නර්මදාට අත ඉස්සුවේ තවත් රණ්ඩු ව ඉදිරියට යන් පටන් ගනි කියලා

" ඇයි තාත්තේ අම්මා ට ගැහුවේ... අපි ද වැරදි මෙයාල නේ වැරදි ඇයි මෙයාල ව ගෙදරින් යවන්නේ නැත්තේ..."

"නංගි කට වහගන්න තාවත් තාත්තාව තරහා ගස්සනේ නැති ව යනවා තමුසේ කාමරේ ට ඇවිලේන ගින්නට පිදුරු දන්නේ නැති ව"

කලණ එහෙම කිව්වෙ තවත් මේ ප්‍රශ්න ඇදෙනවා බලං ඉන්න බැරි නිසා

" නැ අයියේ මං මෙච්චර දවසක් ගොඩක් ඉවසීමෙන් හිටියෙ තවත් බැ.. අද අම්මා ට ගැහුවා.. එදෙ හෙට මට වෙන්න බැරි නැ කියන්න තාත්තේ...."

"මොකද මෙ ගෙදර මගේ..."

(හමුවෙමු තවත් ලස්සන දවසක ෴)

(#අඩුපාඩු_කම්_අදහස්_කියලා_යන්න #ඉතින්_හොරෙන්_බලලා_යන්න_ඔට්ටු_නැ )

#සෙනුකගේ වටා ගෙතිලා තියන කතා ව කලින්ම නොකියන්නේ ඒකයි පොඩ්ඩක් අපහැදිලි කතා ව කොටස් කිපයයිනේ එ නිසා ඉවසා දරා ගෙන ඉන්න යාළුවනේ.. පැහැදිලි වෙයි #පෙරවදන කියවලා බැලුවනම්
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
04 Mar 2018 05:38 PM
  •  Quote
  •  Reply
හොදා ...හොද ..
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
04 Mar 2018 10:22 PM
  •  Quote
  •  Reply
කතාව ලස්සනයි.
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Mar 2018 01:35 AM
  •  Quote
  •  Reply
Nimthara නංගී මේ දවස්වල පේන්න නැහැ වගේ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
13 Mar 2018 08:16 AM
  •  Quote
  •  Reply
කතාව නෑනෙ අනේ
Udeshika Herath
0
Add Reply
Page 2 of 2 << < 12


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below