You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 May 2018 10:03 AM by  indika76
වසන්තය නුඹම විය
 44 Replies
Sort:
Page 1 of 3123 > >>
Author Messages

Madud
New Member
New Member
Posts:54






--
25 Apr 2018 07:34 PM
  •  Quote
  •  Reply


වසන්තය නුඹම විය....01

තද දම් පාටින් විශාල වැහි වලාකුලක් අහස වසාගත්තේය.ඉතිං අදත් හරිය.නොයෙක් නොයෙක් විශාල කාර්මාන්තශාලා වලටම මෙන් වු මේ කර්මාන්ත පුරයේ වැස්සකට නවතින්න හවු හරනක් ඇත්තේම නැත.අනික එහෙම තිබ්බත් වැස්සකට උනත් නොදන්න තැනක කෙල්ලෙක්ට නවතින්න තරම් දැන් සමාජෙ ආරක්ශා කාරී තැන් නැත.ඔක්කොම කලත්තා මට ගත හැකි එකම නිගමනය.මා මේ වැස්සට තෙමිය යුතුය.ඉතිං තව අතුරු ප්‍රශ්නයක් ඉතිරිවී ඇත . ඇයි කුඩේට මොකද උනේ. ඒකට වෙච්ච දේ හිතනවට වඩා එක්කො වැස්සට තෙමෙන එක හොදය.බල්ලො උනත් ඔයිට වඩා මානුශීය වෙන්න ඕනි.ඇයි දෙවියනේ දුක හිතෙන්නෙ නැද්ද තනියම යන කෙල්ලෙකුට බුරන්න . අන්තිමට උනේ මගේ අහිංසක කුඩේ මට නැති වෙච්ච එක විතරයි.

වැහි බිංදුවක් මගේ නිරුවත් අත් ගොබේකට වැටුනා.ලොකුම ලොකු වැහි බිංදුවක්.ඒ කියන්නෙ පස්සෙන් ඉතුරු සේනාවත් එනවා කියන එකනෙ.මම කෝකටත් කියලා උසට උසේ දාගෙන හිටපු උස සපත්තු දෙක ගලවලා අතට ගත්තා.දුවන්න උනත් ලෑස්ති පිට ඉන්න එපැයි.මේවා දාගෙන දුවන්න ගිහින් නිකන් කොන්ද කඩාගන්නෙ මොකටද.....

කිසිම අනුකම්පාවක් නැති විදියට වැහි බිංදු එක පාරටම කඩාගෙන වැටුනා.මම අහස දිහා බැලුවෙ ඔරවගෙනමයි.ඇයි අප්පා තව විනාඩි පහක් ඉවසන්න බැරි උනාද....දැන් ඉතිං දුවන්න එපැයි.

මඩ වලින් පිරිච්ච මහ හිරිකිත පාරක මම කකුල් දෙකට සෙරෙප්පු දෙකක්වත් නැතුව හති දාගෙන දුවනවා.වැස්සත් නිකං මගෙත් එක්ක තරහට වගේ හරහටමයි වහින්නෙ.ඇදගෙන හිටපු ඩෙනිම් කලිසම ඇගටම හිර වෙලා.දුවාගන්නත් බෑ.

ක්‍..රා ....ස්.......

මාව පහු කරගෙන ගිය කලු පාට කාර් එක නැවැත්තුවා.අම්මේ......දෙවියො දැක්කා වගේ....

" ස....ර්....." කාර් එකේ වීදුරු පාත් කරනකොටම මම කාර් එකට ඔලුව දැන්මේ හිනාවීගෙනමයි.මට විස්වාසයි .මම ඒ කරපු දේ නිසා මගේ සර්.....ඒ කියන්නෙ....රවිකුමාර් රාමචන්ද්‍රම්.....හොදටෝම බය උනා.ඒත් මගේ මොලේ මේ වෙලාවෙ තෙමිලා නිසා එයා ඉවසයි .

" මන්දාරී........ මොකෝ ළමයො මේ....." සර් මගේ විහිලුකාර ස්වරූපෙ හරියටම දැක්කෙ දැන්ද කොහේ.

" හරි වැඩේනෙ සර් උනේ........" වෙලාවෙ හැටියට කොහොමත් එකයි කියලා මම බලෙන්ම වගේ කාර් එකට නැග්ගා.සර් කාර් එක නවත්තන්න ඇත්තෙ මාවත් අරගෙන යන්නනේ.ඉතිං මොකටද එලියට වෙලා තවත් තෙමෙන්නෙ.

" හෝව්....හෝව් ....වාඩි වෙන්න කලින් මේක දාගෙන වාඩි වෙන්න........" රියදුරු අසුනෙ හිටපු කෙනා මට ඉටිකොලයක් දික් කලා . එතකොටයි මම දැක්කෙ.සර් ඩ්‍රයිවර්ව මාරු කරලද......මේ කවුද මේ.හරියට මේකගෙ කාර් එක වගේනේ......හහ්

" මොකො .... මන්දාරි ..... කෝ කුඩේ........" සර් ආයෙත් අහනවා.එතකොටනෙ මට මතක් උනේ .මම කාර් එකට නැග්ගෙ සර්ට විස්තරේ කියන්නනේ.

" පව්.....සර්.......බල්ලෙක් පාරෙ තෙමි තෙමි ගියා.....මම කුඩේ බල්ලට දුන්නා....." සර් දන්නවා ඉතිං මම කලොත් කරන්නෙ විහිලුවක්.කිව්වොත් කියන්නෙ පිස්සු කතාවක් කියලා.කොහොමත් මේ වෙලාවෙ මෙහෙම විහිලු කතාවක් කියලා හරි සර්ව ෂේප් කරගන්න ඕනි.අද මම පැය බාගයක් පරක්කුයි.රවි කුමාර් රාමචන්ද්‍රම් කොයි තරම් හොද කෙනෙක් උනත් වෙලාවට වැඩ . පරක්කු වීම සම්බන්දව ඔය කම්පැනි එකේ මම තරම් එයාගෙන් බැනුම් අහන කෙනෙක් නැතුව ඇති.

" එතකොට මේ සපත්තු අතේ තියාගෙන පණ කඩාගෙන දුවන්නේ ..... ආ ඒ බල්ලා ආයේ කුඩේ දෙන්න පස්සෙන් එනව ඇති නේ........" සර් එහෙම කියලා මහ හයියෙන් හිනා වෙනවා.....අනේ අනේ රවිකුමාර්.......වයසෙ හැටියට නෙමේ විහිලු කරන්නේ..

" නෑ ..... සර්.....අපේ අම්ම කිව්වා.මේ වගේ වහින වෙලාවක් සෙරෙප්පු නැතුව පාරෙ දිව්වම වැඩ කරන තැන සර් ඒ කෙනා ගැන පැහැදෙනවා කියලා........" මමත් ඉතිං ඇස් කොනකින් බලලා එහෙම කියලා දැන්මා.

" පැහැදෙනවා .....පැහැදෙනවා......අද පැය බාගයක් පරක්කුයිනේ......එන්නකො අත්සන් කරන පොතත් අරගෙනම මගේ ලගට......" අපෝ.....මේ රවි කුමාර් නම්.....මෙච්චර හොදින් කතා කරලත් කිසි අනුකම්පාවක් නෑනෙ

" මම විතරක් යෑ......සරුත් පරක්කුනෙ....." මම ඒ ටිකනම් කිව්වෙ සර්ට ඇහෙන්න නෙමේ.මටම ඇහෙන්න.

" මොකක්ද කිව්වෙ......"

" නෑ.....සර් ....මම කිව්වෙ ....සර් ඩ්‍රයිවර්ව මාරු කලේ ඇයි දන්නෙ නෑ කියලා....." මම වාඩි වෙන්න කලින් ඉටිකොලයක් දීපු එක ගැනනම් මම හිටියෙ තරහින්.

" මම ඩ්‍රයිවර්ව මාරු කලේ නෑ....." සර් පුදුම වෙලා.එතකොට මේ ඉන්නෙ මොකාද.

" එතකොට මේ....."

" ඩ්‍රයිවර්ව වගේද පේන්නෙ......." සර් ආයෙත් අහනවා.

" ඔව්....සර්....." මම ඉතිං හිතේ කැතක් කුනක් නැතුව කියලා දැන්මා.

" හහ් ....හහ්....හා......" සරූත් අනේ....මන්දා .අර දෙමළ ෆිල්ම් වල ඉන්න දුෂ්ටයා වගේ තඩි බඩත් හොල්ල හොල්ල හිනා වෙනවා.කැතේ බෑ....අර කොල්ලා පිටිපස්ස බලන කණ්නාඩියෙන් මට් හැටට හැටේ ඔරවනවා.අනේ මගේ ඇගේ වැදෙයි.

" බහින්න මන්දාරී.....අපි ඔෆිස් එකට ඇවිත්........" සර් එහෙම කියලා කාර් එකේ දොර අරිනකොටයි මතක් උනේ වාහනේ තිය්‍ර්න්නෙ නවත්තලා කියලා.මමත් දඩි බිඩි ගාලා දොර ඇරියා.

" ෂිට්......කාර් එක හොදටම තෙමිලා....." අලුත් ඩ්‍රයිවර් කුනු කුනු ගගා මට බනිනවද කොහේ.

" මේ.. .. අයියේ....මට ගලවලා දෙනවද...." මම ආපහු හැරිලා ඒ මූණ දිහා බැලුවා.

" ම්.....මොකක්ද......" පව් දෙවියනේ......මේ ළමයා දන්නෙ නෑනේ.මට තියෙන්නෙ කයිමන් දොරකඩ වගේ කටක් කියලා.

" වාහනේ ෂීට් එක......මම හෝදලා වේලලා හවසට ගෙනත් දෙන්නම්....." මූණට හිනාවකුත් අරගෙන මම නක්කලේට කියලා දැන්මා.

" පිස්සුද ....." ඒ පාරනම් තරහා ගියාද කොහේ.මූණත් රතු උනා.

" ඔව්.ටිකක් විතර පිස්සු....හැබැයි කාටවත් බෝ වෙන්නෙ නෑ....." මම එහෙම කියලා එතනින් එන්න ආවා.තවත් පරක්කු උනොත් සර් හොදටම බනියි.

" ආ තව එකක්......ෂීට් එකේ වාඩි උනා කියලා කාටවත් පිස්සු බෝ වෙන්නෙත් නෑ......." මම හදිස්සියේ මතක් උනා වගේ ආපහු හැරිලා කිව්වා.කියන දේ ඇහුනෙ නැති උනාට කුනු කුනු ගගා එයත් මට බනිනවද කොහෙද.මම ඒවා ගනන් ගන්නෙ නැත්ව ඔෆිස් එකට ආවා.

ඒත් ඉතිං වැඩි දුරක් යන්න හම්බුනෙ නෑ.....අපේ ඔෆිස් එකේ කට්ටිය ප්‍රින්සිපල්ට අහු වෙච්ච සෙට් එකක් වගේ ඔෆිස් එක ඉස්සරහ පෙළගැහිලා ඉන්න හැට් දැකලා මගේ ගමන ඉබේම නැවතුනා.

(මතු සම්බන්දයි )
1

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Apr 2018 07:45 PM
  •  Quote
  •  Reply
කතාව ලස්සනයි..දිගටම ලියමු .
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
25 Apr 2018 07:54 PM
  •  Quote
  •  Reply
තවත් සුන්දර කතාවක ආරම්භයක් වගේ...
ඊළග කොටස එනකං බලාගෙන ඉන්නවා...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
25 Apr 2018 07:55 PM
  •  Quote
  •  Reply
වැස්සේ තෙමෙන ගැහැණු ළමයි කාර් වල කාර් දාගෙන යන එක හරිද? හේ.. හේ..

ඩ්‍රයිවර් කවුද කියල මන් මේ බැලුවෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
2

Madud
New Member
New Member
Posts:54






--
25 Apr 2018 08:00 PM
  •  Quote
  •  Reply
Sthuuthi
0

Madud
New Member
New Member
Posts:54






--
25 Apr 2018 08:02 PM
  •  Quote
  •  Reply
car ekata balenne nagge
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
25 Apr 2018 08:23 PM
  •  Quote
  •  Reply
Posted By Madud on 25 Apr 2018 08:02 PM
car ekata balenne nagge
නැවැත්තුව නිසා නේ නැග්ගේ..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Madud
New Member
New Member
Posts:54






--
26 Apr 2018 07:12 PM
  •  Quote
  •  Reply
වසන්තය නුඹම විය.......02
එක දිගට පෙළ ගැහිලා කට්ටියම පෝළිමට....... හරියට ඉස්කෝලේ රැස්වීමට ඉන්නවා වගේ. මාව දැක්කා විතරයි කට්ටිය එකා වගේ හිනාවෙනවා. සාමාන්‍යෙන් මම මේ ඉන්න විදියට..... ඒ කියන්නේ හොදටම තෙමිලා සපත්තු දෙකත් අත් දෙකට අරගෙන, කොන්ඩෙත් අවුල් කරගෙන.......... මේ විදියට දැක්කම කට්ටිය හරිනම් හිනාවෙන්න ඕනි දෙකට තුනට නැමිලා බඩත් අල්ලගෙන බිම පෙරලි පෙරලි.... එත් මෙයාලා හිනා වෙන්නේ එහෙම නෙමෙයි.... හරිම සාන්ත විදියට ගොඩක් තැන්පත් විදියට..... නෑ...... නෑ..... මේක වෙන්න බෑ......

මේ..... මම ඉන්නේ අපේ ඔෆිස් එක ඉස්සරහ නෙමේයි.... කෝකටත් කියලා මම හිමින් සීරුවේ නේම් බෝඩ් එක දිහා බැලුවා. ඒත් ඒකේ තියෙන්නේ රාමචන්ද්‍රම් ගෘප් ඔෆ් කම්පැනි කියලානේ........... එහෙනම් මේ කට්ටියට මොකද මේ වෙලා තියෙන්නේ. ඇයි කට්ටියට මොකද සංවරව මා එක්ක හිනාවෙන්නේ......... මම හිමීහිට ඔළුව අතගාලා බැලුවා..... නෑ........ මම අං ඇවිල්ලත් නෑ....... තවත් ටිකක් ලං වුනාමයි දැක්කේ කුමුදුමාලිගේ අතේ මල් බොකි එකක්. සත්සරගේ අතේ මල් මාලයක්...... වැරදිලාවත් මම පාර දිගේ දුවපු සිද්ධිය ආරංචිවෙලාවත්ද?

අප්පා...... ඒක තමයි වෙලා ඇත්තේ...... මුන් කට්ටිය මාව මේ රැග් කරන්නයි ලෑස්තිය. කමක් නෑ...... මොනා කරන්නද? මමත් මූණට ලොකු හිනාවක් අරගෙන ඉස්සරහට ගියේ ඔළුවත් ටිකක් පාත් කරගෙනමයි. එතකොට මල් මාලේ දාන්න ලේසියිනේ..........

"පිස්සුද බන්........" සත්සර මූණේ හිනාව දශමයක්වත් අඩු නොකර කුණු කුණු ගගා මට බනිනවා...... එහෙනම් මට නෙමෙයිද මල් මාලේ...... මම සත්සරගෙන් ඇයි කියලා ඇස් දෙකෙන්ම ඇහුවා. සත්සර දඩුවම් බැල්මෙන් හෙලන ගමන් පිටිපස්සට ඇස් ඇරියා... මොකක් හරි වැරැද්දක්.

මම හිමීට හැරිලා බැලුවා..... මේ කවුද මේ එන්නෙ අපේ සර් එක්ක..... සුදු වේට්ටියට අත්කොට සුදු කමිසෙ.......අයියෝ.....මම ඉවරයි.....හිමීට නදීකගෙ පිටිපස්සට ගිහිං මම හැංගුනා.

" මන්දූ.....හැම දේකටම ඉස්සරහට පනින උඹ මොකෝ මේ හැංගෙන්නේ......" ඇහෙන නෑහෙන සද්දෙට නදීකා මගෙන් අහනවා.

" කවුද නදී මේ......." මමත් සද්දෙ බාල කරලා ඇහුවා.

" ඇයි බන් ...උඹ දැන් සර්ගෙ කා එකේ නේද ආවේ.......උඹට සර් කිව්වෙ නැද්ද....මේ සර්ගෙ පුතානේ....." නදීකා යාන්තමට මගේ පැත්තට හැරිලා ඇහුවා.

" මලා......." මටත් නොදැනි මගෙ අත්ල නළලට ගියා.

" මන්දූ ...... මට උඹේ අංග ලක්ශණ කොහෙත්ම අල්ලන්නෙ නෑ.......උඹ සර්ගෙ පුතාට මොන නාඩගමද පෙන්නුවේ......" මගේ ජීවිතේ හැම අස්සක් මුල්ලක්ම දන්න මගේ මිතුරිය.ආයේ කිසි අවිස්වාසයක් නැතුව මගෙන් ප්‍රශ්න කලා.
දැන් සර්ලා ලගටම ඇවිත්.සත්සර මල් මාලෙ දානවා.

" නදී....... මම හිතුවෙ අලුත් ඩ්‍රයිවර් කියලා.....මම ඉතිං ටිකක් විතර........" මම ඇදලා පැදලා විස්තරේ කියන්න හැදුවෙ.

" ඇති....ඇති.....නවත්තපං.....මට හිතාගන්න පුලුවන්.......ඇයි මෝඩියේ.....ටිකක්වත් හිතන්න තිබ්බා නේද......මොලයක් නැද්ද........" ඒ පාර නදී මට බනිනවා.

" ටිකක් හරි හිතන්න තිබ්බා බන්....ඇදන් ඉන්නෙ සරමක් කියලා දැක්කනම්......." මූණත් ඇඹුල් කරගෙන මම එහෙම කියද්දි නදීට බක්ස් ගාලා හිනා ගියා.හරියටම සරුයි සර්ගෙ පුතයි අපිට එහා පැත්තෙ හිටපු කුමුදුමාලාට අතට අත දෙන්න හැදුවා විතරයි.හිනා උනේ නදී උනාට සර්ගෙ පුතා අතට අත දීපූ එක පැත්තක තියලා මගේ දිහා බැලුවෙ.මමත් ඉතිං කැතක් කුනක් නැතුව කට පුරෝලා හිනා වුනා .

" මොකෝ නදී........." සර් නදීගෙන් ඇහුවෙ මගේ දිහාත් හොදට බලලා.නදී රතු වෙලා හොදටම.

" න්...නෑ.....සර්.....මුකුත් නෑ......" නදී බොහොම අමාරුවෙන් හිනාව නවත්තගෙන උත්තරේ දීහගත්තා.

ඊට පස්සෙ ඉතිං මගේ වාරේ...සපත්තු දෙක බිමින් තියලා එහෙම මම අත් දෙකත් ඩෙනිම් කලිසමෙන්ම පිහදගෙන.අත දික්කලා.

" මන්දාරා......මේ අලුත් ඩ්‍රයිවර් නෙමේ....ඔයාගෙ ලොක්කා.මගේ පුතා....අලුත් සේල්ස් මැනේජර්......"
සර් මට පුතාව අදුන්නලා දුන්නෙත් පුතා මගේ අත අල්ලගත්තෙත් එකටමයි.

" මොකක්......." අතට අත දෙන එක අමතක වෙලා මට ඉබේටම ටිකක් විතර සද්දෙන් කෑ ගැහුනා .

" ඇයි........" සර් මගේ දිහා බැලුවෙ පුදුමෙන්.

" සර්ට දුක නැද්ද.....පුතාව ඒ තරම් අමාරුවෙ දාන්න.... පුතා ගැන හිතලා හරි වෙන සෙක්ෂන් එකකට දාන්න සර්........" කියන්න හිතෙන දෙයක් තියෙනවනම් මට ආයෙ තැනක් නොතැනක් නෑ.කවුරු හිටියත් කමක් නෑ.....සර්නම් මගේ කතාව සත පහකට ගනන් ගන්නෙ නෑ කියල නම් මම දන්නවා.

" දැන් ඔයා ඔය විදියටමද ඉන්න හදන්නේ..........." ලොකු සර් මගේ තෙත ඇදුම දිහා හොදට බලලා ඇහුවා.

" නෑ......සර්......මම දැන් ගිහින් ෆෑන් එකක් යටට වෙලා ඉන්නවා...එතකොට වේලෙයි......."

" ඊට වඩා නරකද අව්වෙ හිටගෙන හිටියොත් එතකොට ඔය මොලෙත් වේලෙයිනේ.........."ලොකු සර් එහෙම කියලා යන්න ගියා.එතකොටයි මතක් උනේ.සර්ගෙ පුතා මගේ අත තාම අල්ලගෙන....මූන දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා.

" සර්......මේ.....මගේ අත........" නිදහස් අතින් මම අනිත් අත පෙන්නුවා.අනිත් අය හිචි හිචි ගගා හිමීට හිනා වෙනවා.පව් අහිංසකයගෙ මූණ රතුත් උනාද මන්දා.ඒ උනාට එයා මගේ අත රිදෙන්නම මිරිකලා තමයි අත අතෑරියේ.

" ආපෝ.....හරි කැතයි සර්.......ගෑනු ළමයින්ගෙ අත් එහෙම මිරිකන්න හොද නෑ........" ආයෙ මොනාද....අත මිරිකපු එක වෙන කෙල්ලෙක් නම් හිතේ තියාගෙන රස විදියි.මට ඉතිං ඔය කුණුකන්දල් ඔලුවෙ තියාගෙන ඉන්න බෑනෙ.මම ඔන්න ඔහේ ඒකත් ප්‍රසිද්දියේම කියලා දැන්මා. අලුත් සර් ලැජ්ජාවටමද මන්දා කාගෙවත් මූණු දිහා බලන්නෙ නැතුව යන්න ගියා.

" මොනාද මිස් ඔය කියවන්නේ......" කුමුදුමාලා ඒ කියන්නෙ මගේ සහයිකාව.නදී එක්කම මගේ ලග.

" අනේ....ඔව්...බන්....ඔය කට සංවර කරගනින්කෝ......බලපං උඹ නිසා මම මුල් දවසෙම නෝන්ඩි උනා......." නදීකත් මට බනිනවා.

"ඔව් නදී මිස් .......බලන්න ඒ අත අල්ලන්න තිබ්බ මගේ චාන්ස් එකත් මිස් උනා......" අප්පේ......මෙයාට මේ අමාරු ඒ අත අල්ලගන්න බැරි උන නිසාද.....

" වැඩක් නෑ කුමුදු........ඒ අත මෙලෝ රහක් නෑ........නේද නදී......" එහෙම කියාගෙනම මම මගේ රූම් එක පැත්තට ආවා.

" මම දන්නෙ නෑ......උඹ කාලා බැලුවට මම කාලා බැලුවෙ නෑ අත රහද බලන්න........" නදී ටිකක් සද්දෙට එහෙම කිව්වෙ පිටුපාල යන මටත් ඇහෙන්නමයි......ඉතිං මෙහෙමවත් මම සතුටින් හිදින්නෙ ඔවුන් නිසාවෙනි.

මම සුසුමක් හෙලාගෙනම පුටුවෙන් වාඩි උනා.අද වැඩ ගොඩාක් තියෙනවා.අලුත් සේල්ස් ඕඩර් චෙක් කරන්නත් ඕනි.මොන තරම් විහිලු කලත් මේ පුටුව්ව් වාඩි උනාට පස්සෙනම්.මම මේ වැඩ ටික අකුරටම කරනවා.

පැය කීයක් මම එක දිගට වැඩ කලාද කියලා දන්නේ නෑ. බෙල්ලත් ටිකක් උළුක් වෙලා වගේ.

"මන්දාරී...... " මම ඔළුව උස්සලා බැළුවේ ඒ සද්දෙට. ලොකු සර් මගේ ලගට ඇවිත්.

"සර්......" මේ වෙලාවේදී මම විහිළු කරන්නේ නෑ.

"මන්දාරී........ අළුත් සර්ව හොදට බලාගන්න. එයා රට රටවල්වල ඉගෙනගෙන ආවාට තාමත් ලංකාවේ මාකට් එක ගැන දන්නේ නැනේ ඒ නිසා දරුවෝ..... ඔයාගේ සර් උනාට කමක් නෑ ඔයා එයාට කියලා දෙන්න............"

සර් දන්නවා මම මොනතරම් විහිළු කළත් මගේ රාජකාරිය අකුරටම කරනවා කියලා... ඒ නිසා තමයි අවුරුදු පහක් පුරාවට මම මේ ආයතනයේ රැදිලා ඉන්නේ.... පුංචිම ජොබ් එකකට ඇවිත් අද ආයතනයේ විධායක් පුටුවක වැඩ කරන්නේ.

"සර් බයවෙන්නෙපා සර්........ මම ඉන්නවනේ......" මම සරල මෘදු හිනාවක් මුණට නගාගත්තා.....

"ඔව් දරුවෝ......... ඒ නිසා තමයි බය නැතුව මගේ පුතාව ඔයාගේ සෙක්ෂන් එකට දැම්මේ..... එහෙනම් පරිස්සමෙන් ඉන්න. මම යනවා......." ලොකු සර් එහෙම කියලා මගේ ඔළුවත අතගාලා යන්න ගියා....

මට සුසුමන් හෙලුනේ ඉබේමයි..... ඉතිං මන්දාරි........ තේරුම් අරගෙන ඉන්න එක දෙයක් තියෙනවා........ කැලෑවට වැවෙන සමහර මල් කැලෑවේ ඉන්න මිනිස්සුන්ට වටින්නේ නැති උනාට වටිනාකම දන්න මිනිස්සු ඒ මල්ම විශාල මුදලක් වැය කරලා තමන්ගේ ගෙවත්ත සරසන්න පැළකරගන්නවා............ ඒත් ඒවා ගැන හිතන්න බෑ..... මම කැමති නෑ මගේ හිත වැටෙනවට........ ලොකු සර් ගියාට පස්සේ මම මේසෙට ඔළුව තියාගත්තේ ටිකක් සැහැල්ලු වෙන්න හිතාගෙන...


"මිස්........" කුමුදුමාලාගේ කටහඩින් මම ආයේ ඔළුව ඉස්සුවා....

" ඇයි කුමුදු......" මම විහිලු කරන වෙලාව වගේම මම වැඩ කරන වෙලාව ගැනත් කුමුදුට හොද වැටහීමක් තිබ්බා.

" මිස්ට සනීප නැද්ද........" කුමුදු එහෙම අහන්න ඇත්තෙ මම මේසෙට ඔලුව ගහගෙන හිටපු නිසා වෙන්න ඇති.

" පොඩි සර් මට රූම් එකට එන්න කියලා.....මම යන්නද මිස්......" කුමුදුමාලා මගේ සහයිකාව.කරන්න ඕනි දේ වගේම නොකරන්න ඕනි දේත් එයා මගෙන් අහනවා.

" ඇයි දන්නෙ නෑ ඔයාට එන්න කිව්වේ......" මට ඒක පුදුමයක් උනා.විකුණුම් විදායක මම .ඉතිං ඇයි එයා අහන්න තියෙන දෙයක් මගෙන් අහන්නෙ නැතුව මගේ සහයිකාවට එන්න කියන්නෙ.

" නෑ....මිස් විස්තර කතා කරන්න.සර් හැමෝවම තනි තනියෙන් ගෙන්නලා කතා කරන්වා.අනිත් සර්ලා මිස්ලා ඔකම ගියානෙ.ඇයි මිස් ගියේ නැද්ද......." කුමුදුමාලාගෙ ඒ ප්‍රකාශයටනම් මට දුක හිතුනා.මේ මනුස්සයා ඕන කමින්ම වෙන්න ඇති මාව අමතක කරන්න ඇත්තේ.

" මම ලොකු සර් එක්ක කතා කර කර හිටියෙ කුමුදු.මම පස්සෙ යන්නම්.ඔයා දැන් යන්නකෝ........" මම කොහොමටවත් කැමති නෑ මගේ දුර්වල රිදෙන හිත කාටවත් පේනවට මම කැමති නෑ.කුමුදුමාලා යන්න ගියා.මම එයා යන දිහා බලාගෙන හිටියේ.

ඇත්තටම එයාට මාව අමතක උනාද.නැත්තම් ඕන කමින් එහෙම කලාද.

මට වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ.
එකා පිටිපස්සෙ එකා ගානේ මුලු ඔෆිස් එකම යනවා.අන්තිමට පියන් වැඩේ කරන කෙනත් ගියා.ඒත් මට එන්න කියලා පණිවිඩේ නෑ.හිත රිදෙනවා හොදටම.ඒත් මම හෙව්වෙ හිත රිද්දගන්නෙ නැතුව ඉන්න හේතු.

" මිස්....... මිස්ට අලුත් සර් එන්න කිව්වා......" අන්තිමට මට පණිවිඩය ආවා පියන් අතේ. ඒත් තියෙන උද්දච්ච කමට එන්න කියපු ගමන් මට යන්න හිතෙන්නෙත් නෑ.ඒ නිසා තවත් විනාඩි දහයක් විතර රූම් එකට වෙලා ඉදලා තමයි මම ඇතුලට අගියේ.

මම යනකොට අපේ අලුත් සර් දොරදිහා බලාගෙනම තේ බොනවා...එයා බලාගෙන ඉන්න ඇත්තෙ මම එනකන්.
ඒ බැල්ම ඉස්සරහ හිත ගැස්සුනේ නෑ කිව්වොත් බොරු. ඒත් පිරිමියෙක්ගෙ බැල්ම ලග නම් මගේ හිත දුර්වල වෙන්න දෙන්නෙ නෑ මම.

" සර් මට එන්න කිව්වද..............." එයා කතා කරන පාටක් නැති නිසා මමම කතා කලා.

" එහා රූම් එකේ ඉදන් මෙහා රූම් එකටඑන්න විනාඩි දහයක යනවා නේ......" කිසිම හිනාවක් නැති මූණකින් එයා ප්‍රශ්නයක් ඇහුවා.මම ඒකට උත්තර දුන්නෙ නෑ.

" මොකක්ද නම කිව්වෙ......" ආයෙත් ප්‍රශ්නයක්.

" මන්දාරා........" මම කෙටි උත්තරයක් දුන්නා.

" සම්පූර්ණ නම..........." උදේ විහිලු කලා මෙයා මගෙන් පලි ගන්නවද කොහෙද.

" සර් තේ බීලා ඉවර උනාම කියන්නද......" මමත් නිකන් හරහට වගේ ඇහුවෙ පොඩ්ඩක් විතර තරහා ගිය නිසා.

" නෑ...කමක් නෑ කියන්න......"

" ඒ උනාට සර්ට තේරෙන එකක් නෑ....." මම කිව්වෙ බොරුවට නෙමේ.කොහොමත් මනුස්සයෙක් කන බොන වෙලාවට මගේ සම්පූර්ණ නම අහන එක එච්චර හොද දෙයක් නෙමේ.

" ඒ පාර ආයෙත් මාව විහිලුවට ගන්නද හදන්නේ......." දන්නවා.....හම්බවෙච්ච මුල්ම මොහොතෙ මම මෙයා ඉස්සරහා හදාගත්තු ප්‍රතිරූපය හොද නෑ.ඒත් ඉතින් දැන් නම් මම මේ විහිලු නෙමේ කරන්නේ.

" මම කෙටි කරලා කියන්නම්....."

" කොහොමහරි කමක් නෑ.....මගේ වෙලාව කන්නෙ නැතුව කියනවා......" ඒ පාරනම් ඇත්තටම තරහ ගිහින්ද කොහෙද.

" ආර්.එම්.ඩී.එම්.එන්.ඩී රත්නායක......." කියන දේ පිළිගන්නෙ නෑනේ..මමත් ඉතිං කියලා දැන්මා.ඕකේ අතුරු ප්‍රතිඵලය මම දන්නවා.

" ම්....මෝ.....මොකක්.....අහ්....." අලුත් සර් තේ එකත් පිටිඋගුරෙ යවාගෙන කැහැ කැහැ අහනවා.කෝ කිව්වට ඇහුවෙ නෑනේ.

" ඒකනේ සර් කිව්වෙ .තේ බීලා ඉවර උනාම කියන්නම් කියලා......." මම ගිහින් අනවසරෙන්ම ඒ පිට අතගෑවා.මේ මනුස්සයා මෙහෙම කැස්සොත් මුලු ඔෆිස් එකම මෙතනට එයි මම අතවරයක් කරල කියලා හිතලා.

" ඒ මොන වගේ සමයං නමක්ද......." අලුත් සර් අමාරුවෙන් ඒ වචන ටික ගැටගහගත්තා.දෙමළ උනාට හොදට සිංහල වචන දන්නවනෙ මෙයා.

" රත්නායක මුදියන්සේලාගේ දෝන මන්දාරී නිල්නෙතු දහම්සත් රත්නායක....." මම ඉතින් මූණ ඇබුල් කරගෙනම මගේ සම්පූර්ණ නම කියලා දැන්මා.

" වා......ව්....." අලුත් සරූත් අනිත් හැමෝම වගේ නෝන්ඩියට එහෙම කියලාහිනාවෙන්න ගත්තා.මෙන්න මේ වෙලාවට තමයි මට මගේ පරම්පරාවටම බනින්න හිතෙන්නෙ.ඇයි දෙවියනේ කොට නමක් තිබ්බෙම නැද්ද මට දාන්න.

" සර් ..... හිනාවෙලා ඉවර උනාම කියන්න.....මම ආයෙ එන්න......" හිතේ තිබ්බ තරහට උත්තරයක් ලැබෙනකම් ඉන්නෙත් නැතුව මම එහෙම කියලා දොරත් මහ හයියෙන් වහගෙන එලියට ආවා.

අනේ ඇත්තට.... මගේ නම නම්...

(මතු සම්බන්දයි.....)
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Apr 2018 07:28 PM
  •  Quote
  •  Reply
එක හුස්මට කියවගෙන ගියා..
හරිම සුන්දර කතාවක් වගේ..
ගොඩක් ස්තූතියි...
0

Madud
New Member
New Member
Posts:54






--
26 Apr 2018 10:05 PM
  •  Quote
  •  Reply
ස්තූතියි
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
27 Apr 2018 07:38 AM
  •  Quote
  •  Reply

Posted By Madud on 25 Apr 2018 07:34 PM
වසන්තය නුඹම විය....01

තද දම් පාටින් විශාල වැහි වලාකුලක් අහස වසාගත්තේය.ඉතිං අදත් හරිය.නොයෙක් නොයෙක් විශාල කාර්මාන්තශාලා වලටම මෙන් වු මේ කර්මාන්ත පුරයේ වැස්සකට නවතින්න හවු හරනක් ඇත්තේම නැත.අනික එහෙම තිබ්බත් වැස්සකට උනත් නොදන්න තැනක කෙල්ලෙක්ට නවතින්න තරම් දැන් සමාජෙ ආරක්ශා කාරී තැන් නැත.ඔක්කොම කලත්තා මට ගත හැකි එකම නිගමනය.මා මේ වැස්සට තෙමිය යුතුය.ඉතිං තව අතුරු ප්‍රශ්නයක් ඉතිරිවී ඇත . ඇයි කුඩේට මොකද උනේ. ඒකට වෙච්ච දේ හිතනවට වඩා එක්කො වැස්සට තෙමෙන එක හොදය.බල්ලො උනත් ඔයිට වඩා මානුශීය වෙන්න ඕනි.ඇයි දෙවියනේ දුක හිතෙන්නෙ නැද්ද තනියම යන කෙල්ලෙකුට බුරන්න . අන්තිමට උනේ මගේ අහිංසක කුඩේ මට නැති වෙච්ච එක විතරයි.

වැහි බිංදුවක් මගේ නිරුවත් අත් ගොබේකට වැටුනා.ලොකුම ලොකු වැහි බිංදුවක්.ඒ කියන්නෙ පස්සෙන් ඉතුරු සේනාවත් එනවා කියන එකනෙ.මම කෝකටත් කියලා උසට උසේ දාගෙන හිටපු උස සපත්තු දෙක ගලවලා අතට ගත්තා.දුවන්න උනත් ලෑස්ති පිට ඉන්න එපැයි.මේවා දාගෙන දුවන්න ගිහින් නිකන් කොන්ද කඩාගන්නෙ මොකටද.....

කිසිම අනුකම්පාවක් නැති විදියට වැහි බිංදු එක පාරටම කඩාගෙන වැටුනා.මම අහස දිහා බැලුවෙ ඔරවගෙනමයි.ඇයි අප්පා තව විනාඩි පහක් ඉවසන්න බැරි උනාද....දැන් ඉතිං දුවන්න එපැයි.

මඩ වලින් පිරිච්ච මහ හිරිකිත පාරක මම කකුල් දෙකට සෙරෙප්පු දෙකක්වත් නැතුව හති දාගෙන දුවනවා.වැස්සත් නිකං මගෙත් එක්ක තරහට වගේ හරහටමයි වහින්නෙ.ඇදගෙන හිටපු ඩෙනිම් කලිසම ඇගටම හිර වෙලා.දුවාගන්නත් බෑ.

ක්‍..රා ....ස්.......

මාව පහු කරගෙන ගිය කලු පාට කාර් එක නැවැත්තුවා.අම්මේ......දෙවියො දැක්කා වගේ....

" ස....ර්....." කාර් එකේ වීදුරු පාත් කරනකොටම මම කාර් එකට ඔලුව දැන්මේ හිනාවීගෙනමයි.මට විස්වාසයි .මම ඒ කරපු දේ නිසා මගේ සර්.....ඒ කියන්නෙ....රවිකුමාර් රාමචන්ද්‍රම්.....හොදටෝම බය උනා.ඒත් මගේ මොලේ මේ වෙලාවෙ තෙමිලා නිසා එයා ඉවසයි .

" මන්දාරී........ මොකෝ ළමයො මේ....." සර් මගේ විහිලුකාර ස්වරූපෙ හරියටම දැක්කෙ දැන්ද කොහේ.

" හරි වැඩේනෙ සර් උනේ........" වෙලාවෙ හැටියට කොහොමත් එකයි කියලා මම බලෙන්ම වගේ කාර් එකට නැග්ගා.සර් කාර් එක නවත්තන්න ඇත්තෙ මාවත් අරගෙන යන්නනේ.ඉතිං මොකටද එලියට වෙලා තවත් තෙමෙන්නෙ.

" හෝව්....හෝව් ....වාඩි වෙන්න කලින් මේක දාගෙන වාඩි වෙන්න........" රියදුරු අසුනෙ හිටපු කෙනා මට ඉටිකොලයක් දික් කලා . එතකොටයි මම දැක්කෙ.සර් ඩ්‍රයිවර්ව මාරු කරලද......මේ කවුද මේ.හරියට මේකගෙ කාර් එක වගේනේ......හහ්

" මොකො .... මන්දාරි ..... කෝ කුඩේ........" සර් ආයෙත් අහනවා.එතකොටනෙ මට මතක් උනේ .මම කාර් එකට නැග්ගෙ සර්ට විස්තරේ කියන්නනේ.

" පව්.....සර්.......බල්ලෙක් පාරෙ තෙමි තෙමි ගියා.....මම කුඩේ බල්ලට දුන්නා....." සර් දන්නවා ඉතිං මම කලොත් කරන්නෙ විහිලුවක්.කිව්වොත් කියන්නෙ පිස්සු කතාවක් කියලා.කොහොමත් මේ වෙලාවෙ මෙහෙම විහිලු කතාවක් කියලා හරි සර්ව ෂේප් කරගන්න ඕනි.අද මම පැය බාගයක් පරක්කුයි.රවි කුමාර් රාමචන්ද්‍රම් කොයි තරම් හොද කෙනෙක් උනත් වෙලාවට වැඩ . පරක්කු වීම සම්බන්දව ඔය කම්පැනි එකේ මම තරම් එයාගෙන් බැනුම් අහන කෙනෙක් නැතුව ඇති.

" එතකොට මේ සපත්තු අතේ තියාගෙන පණ කඩාගෙන දුවන්නේ ..... ආ ඒ බල්ලා ආයේ කුඩේ දෙන්න පස්සෙන් එනව ඇති නේ........" සර් එහෙම කියලා මහ හයියෙන් හිනා වෙනවා.....අනේ අනේ රවිකුමාර්.......වයසෙ හැටියට නෙමේ විහිලු කරන්නේ..

" නෑ ..... සර්.....අපේ අම්ම කිව්වා.මේ වගේ වහින වෙලාවක් සෙරෙප්පු නැතුව පාරෙ දිව්වම වැඩ කරන තැන සර් ඒ කෙනා ගැන පැහැදෙනවා කියලා........" මමත් ඉතිං ඇස් කොනකින් බලලා එහෙම කියලා දැන්මා.

" පැහැදෙනවා .....පැහැදෙනවා......අද පැය බාගයක් පරක්කුයිනේ......එන්නකො අත්සන් කරන පොතත් අරගෙනම මගේ ලගට......" අපෝ.....මේ රවි කුමාර් නම්.....මෙච්චර හොදින් කතා කරලත් කිසි අනුකම්පාවක් නෑනෙ

" මම විතරක් යෑ......සරුත් පරක්කුනෙ....." මම ඒ ටිකනම් කිව්වෙ සර්ට ඇහෙන්න නෙමේ.මටම ඇහෙන්න.

" මොකක්ද කිව්වෙ......"

" නෑ.....සර් ....මම කිව්වෙ ....සර් ඩ්‍රයිවර්ව මාරු කලේ ඇයි දන්නෙ නෑ කියලා....." මම වාඩි වෙන්න කලින් ඉටිකොලයක් දීපු එක ගැනනම් මම හිටියෙ තරහින්.

" මම ඩ්‍රයිවර්ව මාරු කලේ නෑ....." සර් පුදුම වෙලා.එතකොට මේ ඉන්නෙ මොකාද.

" එතකොට මේ....."

" ඩ්‍රයිවර්ව වගේද පේන්නෙ......." සර් ආයෙත් අහනවා.

" ඔව්....සර්....." මම ඉතිං හිතේ කැතක් කුනක් නැතුව කියලා දැන්මා.

" හහ් ....හහ්....හා......" සරූත් අනේ....මන්දා .අර දෙමළ ෆිල්ම් වල ඉන්න දුෂ්ටයා වගේ තඩි බඩත් හොල්ල හොල්ල හිනා වෙනවා.කැතේ බෑ....අර කොල්ලා පිටිපස්ස බලන කණ්නාඩියෙන් මට් හැටට හැටේ ඔරවනවා.අනේ මගේ ඇගේ වැදෙයි.

" බහින්න මන්දාරී.....අපි ඔෆිස් එකට ඇවිත්........" සර් එහෙම කියලා කාර් එකේ දොර අරිනකොටයි මතක් උනේ වාහනේ තිය්‍ර්න්නෙ නවත්තලා කියලා.මමත් දඩි බිඩි ගාලා දොර ඇරියා.

" ෂිට්......කාර් එක හොදටම තෙමිලා....." අලුත් ඩ්‍රයිවර් කුනු කුනු ගගා මට බනිනවද කොහේ.

" මේ.. .. අයියේ....මට ගලවලා දෙනවද...." මම ආපහු හැරිලා ඒ මූණ දිහා බැලුවා.

" ම්.....මොකක්ද......" පව් දෙවියනේ......මේ ළමයා දන්නෙ නෑනේ.මට තියෙන්නෙ කයිමන් දොරකඩ වගේ කටක් කියලා.

" වාහනේ ෂීට් එක......මම හෝදලා වේලලා හවසට ගෙනත් දෙන්නම්....." මූණට හිනාවකුත් අරගෙන මම නක්කලේට කියලා දැන්මා.

" පිස්සුද ....." ඒ පාරනම් තරහා ගියාද කොහේ.මූණත් රතු උනා.

" ඔව්.ටිකක් විතර පිස්සු....හැබැයි කාටවත් බෝ වෙන්නෙ නෑ....." මම එහෙම කියලා එතනින් එන්න ආවා.තවත් පරක්කු උනොත් සර් හොදටම බනියි.

" ආ තව එකක්......ෂීට් එකේ වාඩි උනා කියලා කාටවත් පිස්සු බෝ වෙන්නෙත් නෑ......." මම හදිස්සියේ මතක් උනා වගේ ආපහු හැරිලා කිව්වා.කියන දේ ඇහුනෙ නැති උනාට කුනු කුනු ගගා එයත් මට බනිනවද කොහෙද.මම ඒවා ගනන් ගන්නෙ නැත්ව ඔෆිස් එකට ආවා.

ඒත් ඉතිං වැඩි දුරක් යන්න හම්බුනෙ නෑ.....අපේ ඔෆිස් එකේ කට්ටිය ප්‍රින්සිපල්ට අහු වෙච්ච සෙට් එකක් වගේ ඔෆිස් එක ඉස්සරහ පෙළගැහිලා ඉන්න හැට් දැකලා මගේ ගමන ඉබේම නැවතුනා.

(මතු සම්බන්දයි )

පලවෙනි කොටසින් මට නැගුනු ප්‍රශ්නය ඩ්‍රයිවර් කවුද කියන එකයි...මොනව උනත් ලස්සන කොල්ලෙක් වෙන්න ඕනේ
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Madud
New Member
New Member
Posts:54






--
27 Apr 2018 07:58 PM
  •  Quote
  •  Reply
වසන්තය නුඹම විය.......... 03

පස්සෙ එන්නම් යයි කීවාට ආයෙත් ඒ රූම් එකට යන්න මගේ හිත දුන්නේ නැත .ඔහු නැවත මට එන්නට කියා පණිවිඩයක් එව්වේත් නැත.එය ඇත්තටම සහනයකි.

" මන්දූ........ගෙදර යන්නෙ නැද්ද......" වෙලාව පහ මාරටත් කිට්ටුය.නදී ගෙදර යන්නට ලෑස්ති වී මගේ කාමරයට ඔලුව දැම්මාය .පුරුද්දට අසනවා මිසක ඇය මා දෙන උත්තරය නොදන්නවා නෙමෙයි.

" උඹ පලයං නදී...... මම මේ වැඩ ටික ඉවර වෙලා යන්නම්......" ඇති වැඩක් නැතත් මම බොරුවට විකුණුම් සටහන් වගයක් පෙරල ගතිමි.

" බලාගෙන.......උඹ ඔය කරන කැපවීම දැකලා.....අපේ ලොකු සර් මේ කම්පැනි එක උඹේ නමට ලියලා දෙයි......." නදී ඒ ඇනුම්පදය කීවේ මා එක වූ තරහකට නොවන බව මම දනිමි.මා මෙසේ පමා වන හේතුව දන්නේත් ඇයම පමණි.

මගෙන් උත්තරයක් නැති පාර නදී සුසුමක් හෙලා යන්නට ගියාය. ඉතිං මට දුකය.....දවසේම හිනාවෙලා හිටියත් ඉර එලිය නැති වෙලා රෑ කලුවර එනවා වගේ රාත්‍රිය මට මූසල හැගීමකි.උවමනාවක් නැතත් කරන්නට වැඩක් උවමනා නිසා මම නිශ්පාදනය අවසන් වු නිශ්පාදිත යන්ගේ තත්ව පරික්ෂා සටහන් පිරික්සන්නට විමි.

සටහන් අතරේ ඇස් එහේ මෙහේ වෙද්දී කාලය යනු තේරුනේම නැත .

" මිස් .... ගෙදර යන්නෙ නැද්ද.. ....." ආරක්ෂක නිළදාරියා මා ඉදිරියේ පෙනී සිටීය.අතේ ගැටගසා සිටි ඔර්ලෝසුව දෙසට මගේ ඇස් ඇදුනි...

දෙවියනේ.......රෑ හතත් වෙලා.කවදාවත් මම මෙච්චර පරක්කු වෙලා නෑ.දැන් මොකද කරන්නෙ.මම දඩි බිඩි ගාලා හෑන්ඩ් බෑග් එකත් අරගෙන පුටුවෙන් නැගිට්ටා.

" එස් ඕ.....මගේ රූම් එකේ යතුර මෙන්න........හොදට චෙක් කරලා මුලු ඔෆිස් එකේම තියෙන දොරවල් වහන්න.අද මට ඒවා බලන්න වෙලාඅක් නෑ......." මම ආරක්ෂක නිළදාරියා අතට යතුරු දුන්නා.

" මිස්...... මගේ දරුවෙක් කියලා හිතලයි මේ කියන්නේ......මේ විදියට රෑ වෙනකන් මේවයෙ ඉන්න එපා . මිස්ලගෙ දෙමව්පියො උනත් බය වෙලා ඇත්තෙ...." ආරක්ෂක නිළදාරියා දුන්නු ඒ අවවාදයට මට මන් ගැනම ඉපදුනේ ආත්මානුකම්පාවක්....මගේ දෙමව්පියෝ........

" එස් . ඕ. ඇයි තාම සර්ගෙ රූම් එකේ ලයිට් දාලා......" ආරක්ෂක නිළදාරියගෙ ප්‍රශ්නයට උත්තර නොදී යන්න හදනකොටම මගේ ඇස්වලට අහම්බෙන් වගේ සර්ගෙ කාමරය ඇහැ ගැටුනෙ.

" පොඩි සර් තාම ගියේ නෑ ......." ආරක්ෂක නිළදාරියගෙ ඒ පිළිතුරට මට පුදුම හිතුනා.ආයතනයට ආපු මුල්ම දවසෙ එයාට මෙච්චර රෑ වෙනකන් කරන්න තියෙන වැඩේ මොකක්ද.

ආරක්ෂක නිළදාරියා එතනම ඉද්දි මම සර්ගෙ කාමරය දිහාට ගියා.දැනටමත් හදාගෙන තියෙන ප්‍රතිරූපෙ හොද එකක් නෙමේ නිසා.කඩාගෙන බිදගෙන ඇතුලට යන්නෙ නැතුව මම දොරට තට්ටු කලා.

ඒත් නෑ....ඇතුලින් කිසි සද්දයක් නෑ.ඇතුලට යනවද නැද්ද කියලා මම තුන් හතර පාරක්ම කල්පනා කලා.කතා නොකර එක පාරටම ඇතුලට යන එකත් හරි නෑ.ඒත් කමක් නෑ.මම කොහොමත් පිස්සු චරිතයක් කියලා සර් දන්නවනෙ.

ආයෙත් හිත එහෙ මෙහෙ යන්න කලින් මම දොර ඇරියා.හිතේ බයකුත් තිබ්බා .මෙච්චර තට්ටු කරලත් මෙයා දොර ඇරියෙ නැත්තෙ ඇතුලෙ කලන්තෙවත් දාලද......

ඒත් ඉතිං දැක්ක දේට මටම හිනා.හරි ශෝක් අලුත් සර්......මෙයා මෙහෙම ඉන්නව අනිත් කට්ටියත් දකින්න තිබ්බෙ.අනිවාර්යයෙන් ආදර්ශෙට ගන්නවා.ඇයි දෙවියනේ මේසේ බදාගෙන මෙහෙමත් නිදාගන්නවද.. ... සාමාන්‍යයෙන් හවස හයෙන් පස්සෙ මට හිනා වෙන එක අමතක වෙනවා.ඒත් ඉතිං මේ ඉන්න හැටි දැක්කම කාටද හිනා යන්නෙ නැත්තේ.හිනාව මැද්දෙන්ම මම ඒ රූපෙ දිහා බලාගෙන හිටියා.කලින් සමාන කම නොදැක්කට දැන් ලොකු සර්ගෙ යි මෙයාගෙයි සමානකම් මට හොදට පේනවා.වෙනසකට තියෙන්නෙ ලොකු සර් කලුයි.මෙයා සුදුයි.ඒකට ඉතිං එකම හේතුව මෙයාගෙ අම්මා. ලොකු සර්ගෙ වයිෆ් දෙමළ උනාට ඉංදියානු ජාතිකයෙක්.කාලෙකට කලින් එයා ෆිල්ම් දෙක තුනක රගපාපු දෙමළ නිළියක්.එහෙව අම්මගෙම පුතානෙ මේ.

මම පිරිමියෙක්ගෙ ලස්සන ඇස්වලින් මනින්නෙ නෑ.ඒත් සර් ලස්සනයි.ගැහැනුන් වශී වෙන උස් කඩවසම් සිරුරක් එයාට තියෙනවා.ඒත් ඒ ලස්සන ඉස්සරහවත් මගේ හිත ගැස්සෙන්නෙ නෑ...පිරිමි ගැන මගේ හිතේ මේ තරම් ඇල්මැරුනු හැගීම් ඇතිවුනේ කවද ඉදන්ද ....... මම දන්නෙ නෑ.... මම මට මතක ඇති කාලෙක ඉදන් මෙහෙමයි. පිරිමියෙක්ව සත පහකට විස්වාස නොකරන.පිරිනියෙක් ලග හුරතල් නොවන පිරිමි මායිම් නොකරන දැඩි චරිතයක් මට තියෙන්නේ....ඒක එක අතකට අවාසනාවක්......ආදරය කියන දේ මට උරුම නොවුනෙ ඒ නිසා.පිරිමි මගේ මේ දැඩි පෞරුෂය ට බයයි....... ඒත් දැන් මට මේකෙන් මිදෙන්න බෑ.කවදහරිම දවසක මගේ ඇතුල් හිත පිරිමදින්න පුලුවන් පිරිමියෙක් හම්බු උනොත් මම වෙනස් වෙයිද......

සුසුමක් හෙලුනෙ ඉබේමයි..

සර්ට ඒ සද්දෙ ඇහිලද මන්දා ....... නින්දෙන් නැගිටින්නද හදන්නේ.....එහෙම උනොත් නම් විනාසයක්.උදේ ඉදන් හදාගෙන තියන නරක නාමෙට තවත් පෝර වැටෙනවා.මොන නරක නාමේ හදාගත්තත් මේ විදියට පිරිමියෙක් දිහා බලාගෙන ඉදලා කැත නමක් නම් මට හදාගන්න බෑ.කොහොමටවත් මෙයා දිහා මේ විදියට බලාගෙන ඉදලනම් මට අහුවෙන්නම බෑ.....

මගේ අතට අහු උනේ සර්ට බොන්න ගෙනල්ලා තිබ්බ වතුර වීදූරුව.ආයේ දෙපාරක් හිත හිත ඉන්න බෑ.ඉන්න වෙලාවකුත් නෑ.වෙන දෙයක් වෙද්දෙන් කියලා මම වතුර වීදුරුවෙන් වතුර අරගෙන බාගෙට ඇස් අරන්න ලෑස්තිවෙලා හිටපු අලුත් සර්ගෙ මූණට ඉහගෙන ඉහගෙන ගියා.

" ම්....මො........අහ්..............." ඇතිවෙන ප්‍රතිඵලය භයානක වෙයිද මන්දා .සර් මට සිංහලෙනුයි දෙමලෙනුයි ඉංග්‍රීසියෙනුයි කලවමේ බැන බැන දඩ බඩ ගාලා නැගිට්ටා.

" හම්මේ......ඇති යංතන්......" මම පපුවට අත තියාගත්තෙ හුස්මක් ලොකූවට පිටකරලා.සාමාන්‍යයෙන් මේ වෙලාවට මට විහිලු මතක් වෙන්නෙත් නෑ.මේ වෙලාවෙත් එහෙම තමයි.ඒත් දැන් බේරෙන්නත් එපැයි .


" ම්....මේ....මොකක්ද තමුසේ කලේ........" සර් රතුවෙලා.තරහා පොඩ්ඩක් නෙමේ ගොඩක් තරහ ගිහින් .ඇයි දෙවියනේ නිදාගෙන ඉන්න මිනිස්සුන්ට වතුර ගහන සිරිතක් තියෙනවද....

" අනේ.....සර්.....දැන් සර්ට හොදද......." මටත් ඉතිං කම්මලේ බල්ලට වගේ ඔය බනින ඒවනම් අදාලම නෑ

" මට මොනාවත් වෙල් නෑ හලෝ..... " සර් ඉන්නෙ මාව කන්න තරම් කේන්තියෙන්.

" එහෙනම් කලන්තෙ දලා හිටියේ........" මමත් කිසි දෙයක් දන්නෙ නැති ගානට කියලා දැන්මා.
"
" මොන කලන්තයක්ද.....හලෝ..... මම නිදාගෙන හිටියේ......." සර් තෙත් වෙච්ච කමිසය අතින් පිහද පිහද කියවනව.මටත් ඕනි උනේ ඒ කටින්ම ඒක අහගන්න තමයි.

" මේ....සර්.මේක නිදාගන්න තැනක්ද.....හරි ශෝක්නෙ සේවකයින්ට ලොක්කො දෙන ආදර්ශෙ......." ඒ පාරනම් මම බැන්නෙ ඇත්තටමයි.ලොක්කො අපිට දෙන්න ඕනි අවවාද අපිට ලොක්කන්ට දෙන්න වෙලානේ.සර්ගෙ කටත් වැහුනා.මොනා කියන්නද .... මම බොරුවක් නෙමෙයිනෙ කිව්වේ.

තවත් ඉතින් මම එතන හිටියෙ නෑ.මේ මනුස්සයා නිදි මරගාතේ මට මොකකින් හරි දමලා ගැහුවොත්.

ආරක්ෂක නිළදාරියගෙ පැමිණීම් පොතේ අත්සන් කරලා මම පාරට බැස්සා.දෙවියනේ .... හොදටම කලුවර වෙලා.කොහොමද මේ පාරෙ තනියම යන්නේ........ මම කොච්චර බය නැති කෙනෙක් උනත් කලුවරට බයයිනේ .....දැන් මොකද කරන්නේ.....මම ආපහු හැරුනෙ ආරක්ෂක කුටියට යන්න හිතාගෙන.ඒත් දුරින් එන සර්ගෙ වාහනේ දැකලා මම ආයෙත් නැවතුනා.දැන් මොකද කරන්නේ . සරුත් යනවනම් මම විතරක් තනියම මෙතන ඉන්නත් බෑ.

ආයෙ හිතන්න දෙයක් නෑ.ඉස්සරහට එන වාහනේට මම පාර මැද්දටම කරලා අත දැන්මා.සර් කොහොමත් තරහින්.දැන් තවත් තරහා යයි.කමක් නෑ.මිනිස්සුන්ගෙ තරහා ඉවසලා මට පුරුදුයි.

" ඒ පාර මැරෙන්න හදනවද........." සර් වීදුරුවෙන් ඔලුව එලියට දාලා කෑ ගහනවා.

ඕනම ගෑනු ළමයෙකුට ලැජ්ජ බය කියන දේ සහජයෙන්ම උරුමයි.මටත් එහෙම්මමයි.ඒත් ඒ දේවල් මම හිත යට තද කරගෙන ඉන්නේ.ජීවත් වෙන ඒ තප්පරේදි ගන්න පුලුවන් හොදම තීරනේ තමයි මම ගන්නේ.නවත්තපු වාහනේට මම අවසරයක් නැතුවම නැග්ගා. ඒ මූනෙ තියෙන හැගීම අදුනගන්නනම් මට ඕනි උනේ නෑ.

"සර් ..... මේ පාරෙ ගෑනු ළමයින්ට තනියම යන්න හොද නෑ.සර් පාරටනෙ යන්නෙ.මාවත් හෝල්ට් එකකින් බස්සගෙන යන්න......" සර්ට ඒ දේ බෑ කියන්න බැරි වෙන්නම මම උත්තරෙත් කටටම දුන්නා.සර් මගේ දිහා බලාගෙන.එයා පුදුම වෙළාද ...... නැත්තම් බයවෙලාද .....සාමාන්‍යයෙන් වෙන්නෙ මේ වගේ වෙලාවක ආයතන හිමි කාරයා ගෑනු ළමයට කාර් එකට නගින්න ආරාධනා කිරීමයි ගෑනු ළමයා ඒක ප්‍රතික්ෂේප කිරීමයි.ඒත් ඉතිං මම අසාමාන්‍ය යි.ඒකයි මගේ ඇත්ත.

සර් එක වචනයක්වත් කියන්නෙ නැතුව කාර් එක ස්ටාට් කලා.

දිගටම කවුලුවෙන් පිට බලාගෙන ගියා මිසක් මමත් කතා කරන්න ගියේ නෑ.පාලු පාර ඉවර වෙලා ප්‍රදාන පාරට ආවා.හිතට සැනසිල්ලක් දැනුනෙ එතකොටයි.

" සර් ...... ඉස්සරහා තියෙන හෝල්ට් එකකින් මාව දාලා යන්න......." හෑන්ඩ් බෑග් එකත් අතේ පටලවගෙන බහින්න ලෑස්තිපිටම මම පාර දිහා බලාගෙනම ඒ ටික කිව්වා.

ගෙවල් කොහෙද ......." මම කියපු එක ඇහුනෙ නෑ වගේ සර් අහනවා.

" කමක් නෑ.....සර්.... මාව මෙතනින් බස්සන්න......" මම හිතුවෙ සර් හදන්නෙ මාව ගිහින් බස්සන්න කියලා.ඒක නිසා මම එහෙම කියලා දැන්මා.

" නෙතු......." සර්ගෙ කටින් ඒ අකුරු දෙක පිටවෙනකොට මාව ගැස්සුනා.නිල්නෙතු......ඒ මගේ නමේ මම ආසම කොටස.....ඒකෙනුත් ..නෙතූ නමින් මාව ආමන්ත්‍රණය කරනවට මම කොච්චර කැමතිද.....

" මොකද....ගැස්සුනේ......අර මන්තරයක් වගේ දිග නමින් මට මතක එච්චරයි........" මගේ බයවෙච්ච මූණ දැකලද කොහෙද සර් ආයෙම කිව්වා.

" හා සර්....." මම කිව්වා නෙමේ.මට කියවුනා.

" මම යෂ් ප්‍රේම් කුමාර් රාමචන්ද්‍රම් ...... මම අකමැතිම දේ තමයි මම අහන ප්‍රශ්නෙට උත්තර නොදී විකාර කියවන එක .හරිද......." මෙයා නම් අර නිළි අම්මගෙ පුතාම තමයි.ඒක නිකං චිත්‍රපට දෙබසක් කිව්වා වගේ කිව්වෙ. ඕකට තව අන්තිමට .....හහ්....හහ්....හා.....කියලත් කිව්වනම. ඇරපු අතක් නෑ ..දෙමළ ෆිල්ම් එකක දුශ්ටයම තමයි.ඕවා ඉතිං මම කියන්න ගියේ නෑ.

" කියන්න ......ගෙවල් කොහෙද....." මම දිගටම නිශ්ෂබ්දව ඉන්න නිසාද කොහෙද ආයෙත් එහා අහනවා.

" අපේ...... ගමේ සර්......." අනේ ඉතිං මේ නම් මගේ වැරැද්ද නෙමේ.මගේ කටේ වැරැද්ද....පොඩි කාලෙ කවුරුහරි ඇහුවම ගෙදර තියෙන්නෙ කොහෙද කියලා.ඒක විහිලුවට අරගෙන ගෙදර තියෙන්නෙ අපේ ගමේ කියලා කියපු පුරුද්දට සර් ඉස්සරහත් එහෙන්නම කියවුනා.

" නෙතූ............" ඒ පාර නම් හොදටම තරහ ගියාද කොහෙද.

"සොරි සර්......." හිත ඇතුලෙන්ම පළවෙනි පාරට කොල්ලෙක්ගෙන් මම සමාව ඉල්ලුවා.

" දෙවියන්ගෙ නාමෙන් කියනවා.බස් එකේ ගියාම ගෙවල් ලගින්ම බහින්න පුලුවන්ද කියලා......." සර් කේන්තිය වැඩි කමටද කොහෙද කාර් එක නවත්තලම මගේ දිහා බැලුවා.

" ඔ...ඔව්....සර්.......අනේ ඒත් ඔය චිත්‍රපට දෙබස් විදියට ප්‍රශ්න අහන එක නවත්තන්නකෝ........" හිතේ කිසිම දෙයක් තියාගන්න බැරි මගේම කරුමෙටද කොහේ. සර් ඒත් ඒකට නුකුත්ම කිව්වෙ නෑ.

" හරි බහින්න......." දන්නෙම නැතුව හෝල්ට් එකකින් කාර් එක නවත්තලා.

" මේ නම් විහිලුවක් නෙමේ සර්.......උදේ ඉදන් මගෙන් වෙච්ච වැරදි වලට මට සමවෙන්න......." වැරැද්දක් කලානම් ඒක පිළිගන්නම ඕනි.නැත්තම් ඒක කැත ගතිගුනයක්.

" ඕකේ....ඕකේ....." ඒ මුවගට ආවේ සැහැල්ලු මදහසක්.ඒක දැකලා මගේ හිතත් සැහැල්ලු උනා.

මම බැහැලා හෝල්ට් එකට ආවා . හෝල්ට් එකට ආවට පස්සෙයි දැක්කෙ.සරුත් පස්සෙන් ඇවිත්.

" ඇයි සර්......."

" නෑ.....ඔයා බස් එකට නගිනකම් මම ඉන්නම්......." සර් එහෙම කියලා එතන තිබ්බ යකඩ බංකුවෙන් වාඩි උනා.මම පිරිමින්ගෙ හොදක් ලේසියෙන් දකින්නෙ නෑ ..... ඒත් හිතට එකගව දෙයක් මට කියන්න පුලුවන් ... යෂ් ප්‍රෙම් කුමාර් රාමචන්ද්‍රම් .... ඇත්තෙන්ම මහත්මයෙක්.

ඒත් ඉතිං ඒයා හිටපු එකෙන් උනේ ගෙදර යන එක තවත් පරක්කු වෙච්ච එකයි.ආපු ආපු හැම බස් එකේම සෙනග අඩුයි කියලා මෙයා මට යන්න දෙන්නෙ නෑ.කොහොමහරි පැය බාගෙකට පස්සෙ තමයි එයාට හිතට හරියන විදියෙ සෙනග පිරුනු බස් එකක් ආවේ.බස් හෝල්ට් එකේ හිටගෙන හිටියා මදිවට බ්බස් එකෙත් හිටගෙනමයි.කොහෙද ඉතිං ඉපදෙච්ච දවසෙ ඉදං කාර් වල යන මිනිස්සු දන්නවද බස් වලබ්තියෙන දුක....



(මතු සම්බන්දයි )
0

Madud
New Member
New Member
Posts:54






--
27 Apr 2018 07:59 PM
  •  Quote
  •  Reply
වසන්තය නුඹම විය........04 කොටස

වෙලාව රාත්‍රී නමයත් පසුවී ඇත.මා වෙනදා නිවසට පැමිණෙන වෙලාව පසුවී පැය දෙකක් ඉක්ම ගොසිනි. වෙන පවුලක උනානම්.මේ විදියට කෝල් එකක්වත් නැතුව දුවෙක් පැය දෙකක් මහ රෑක ගෙදර එන්නෙ නැති උනාම කොයි තරම් කලබල වෙනවද.එහෙම උනානම් මේ වෙනකොට පොලීසියට ත් ගිහින්. ඒත්....
..මටම මන් ගැන අනුකම්පාවක් දැනුනා.

මම එනවා දැකලා අප්පච්චි මාව මගෑරලා ගේ ඇතුලට ගියා.රත්නායක මුදියන්සේලාගේ දොන් නිහල් වසන්ත රත්නායක......ඒ මගේ අප්පච්චී.....නම්බුකාර ඉහල පරම්පරාවකටයි කියාගන්න බැරි තරම් දිග වාසගමකටයි උරුමකම් කියන කෙනෙක්.අප්පච්චි ලස්සනයි.කිසිම සැකයක් නෑ.මටයි අයියටයි ලැබිලා තියෙන්නෙ අප්පච්චිගෙ ලස්සන . ඒත් ඉතිං අප්පච්චිට තියෙන්නෙ එච්චරම තමයි.මගේ හිත පිරිමියෙකුට වඩා ගල් උනේ අප්පච්චි නිසා.එයා මට ආදරේද....මම අදටත් දන්නෙ නැති දේ තමයි ඒ.මම හොදටමද දන්න දේ තමයි එයා මල්ලිට කරපු ආදරේ මට කරපු ආදරේට වඩා වැඩියි කියන එක.දුවෙක් ආස අප්පච්චිගෙ හුරතලී වෙන්න. ඒත් මට ඒ හැගීම විදගන්න කවදාවත් ලැබිලා නෑ.අත්‍යවශ්‍යය දේකට ඇරෙන්න මා එක්ක වචන දහයක්වත් කතා නොකරන අප්පච්චි එක්ක කොහොමද මම හුරතල් වෙන්නේ.පිරිමියට වඩා ගැහැනිය උසස් කියන මාන්නය මගේ හිතට ආවේ අප්පච්චී නිසා.මම දැකලා නෑ අප්පච්චි කිසිම දවසක රස්සාවක් කරන්වා.කසාද බදින කාලෙදි උනත් අප්පච්චිට ඉතිරිවෙලා තිබිලා තියෙන්නෙ ඔය නම්බුකාර වාසගම විතරයි.මගේ අම්මගෙ අප්පච්චී එයාගෙ එකම දූව රස්සාවක් නොකරන මනුස්සයෙකුට ලොකු වස්තු සම්බාරයක් එක්ක කසාද බන්දලා දීලා තියෙන්නෙත් අන්න ඒ උසස් කියන කුල පරම්පරාව නිසාම විතරයි.මෝඩ මිනිස්සු.අදටත් අපි දුක් විදින්නෙ ඒ මෝඩකම් නිසා.තාත්තා තරම්ම ලස්සන නොවුනට මගේ අම්මට නම්බුකාර කම පැත්තක තිබ්බනම් අප්පච්චි වගේ කිසිම රස්සවක් නොකර රස්තියාදු ගගහා හිටපු මනුස්සයෙක්ව කසාද බදින්නෙ නැතුව තමන්ට ආදරේ කරන හොද මනුස්සයෙක්ව බැදගන්න තිබ්බා.ඒත් ගිය මෝඩකම් ඇත්තු ලවා අද්දන්නද. තිබ්බ සේසතම විකුන විකුන කෑවා මිසක් ආදායම් උපදවා ගැනීමක් අම්මටයි අප්පචිටයි දෙන්නටම ඕනි උනේ නෑ.සේසතම සතේට හිදිලත් අදටත් වංශෙ කබල් ගානවා මිසක් මාන්නය අඩු කරන්නත් එයාලා කැමති නෑ.

" ආ.... ඔයා දැන්ද ආවෙ....." අම්මා රෙදි කෑලකින් අත් පිහද පිහද එලියට ආවෙ ඒ විදියට කියාගෙන.අම්ම හරිනම් අහන්න ඕනි ඇයි ඔයා පරක්කු කියලා..... ඒත් මේ ගෙදරදි කවුරුත් මගෙන් ඕක අහන්නෙ නෑ .මේ ගෙදරට ඉපදිච්ච නිසා හදපු කෙනෙක් මිසක් ආදරයෙන් හදපු දරුවෙක් නෙමේ මම.හැබැයි මම පිරිමියෙක් උනානම් මෙයාලා මට දේවත්වයෙන් සලකයි. මොකද එයාලගෙ පරම්පරාව ගෙනියන කෙනා මම නිසා.

" චූටී.... පුතේ.....එන්න කෑම කන්න....." අම්මා මාව පහුකරගෙන ගිහින් මල්ලිට අඩගහනවා.මේ අම්මගෙ මෝඩකමද නැත්තම් මාව ඇත්තටම නොසලකා ඇරලද..... අඩුම තරමෙ කන්න එන්න කියන්නවත් උවමනාවක් නැද්ද.ගෙදරට හම්බකරලා සල්ලි ගේන එකම කෙනා කියලා හිතලවත්. ........

මල්ලි වැනි වැනී ඇවිත් දොර රෙද්ද ඈත් කරලා ඔලුව ඇතුලට දැන්මා.මේකා අදත් බීලා.අප්පච්චී මොන නාස්තිකාර වැඩේ කලත් බිව්වෙ නෑ. ඒ අඩුව පිරිමහන්නද කොහෙද මගේ මල්ලි කියන මේ මනුස්සයා කනමදයා වගේ බොනවා.අවුරුදු විසි පහක් වෙච්ච ඒ තැම්බිච්ච මූණ මට ගෙනාවෙ අපුලක්.ලෝකේ ඉන්න හැම පිරිමියා ගැනම මට එන්නෙ තරහක්.මම ඒ මූණ දිහා රවලා බලලා කාමරේට ආවා.

" දුවේ........... ඔයා තව ටිකකින් කනවද......" අම්මා මගේ පස්සෙන්ම ඇවිත් ..

" ඒ ඇයි......" මම ඇහුවෙ තරහින්.

" උඹ ඉන්නවනම් මල්ලිට කන්න බෑලු. පව් බන්....උදේ ඉදන් කෑවෙ නෑ.කොල්ලා රෑටත් නොකා යයි........" අම්මගෙ මේ වචන වලට මට අඩන්නද කෑ ගහන්නද කියලා මටම තේරෙන්නෙ නෑ.මට මේ විදියට සලකන්නෙ මාව මේ ගෙදරට හදාගන්න ගත්තු කෙනෙක් නිසාද කියලා අනන්තවත් අහන්න හිතුනත් මම ඒ ප්‍රශ්නෙ අහන්න බෑ.අප්පච්චිට තියෙන නිල්පාට ඇස් දෙකම තමයි මට තියෙන්නෙත් ඉතිං මාව හදාගත්තා වෙන්න බෑනේ.

" මම කන්නෙ නෑ............" කොච්චර බඩගින්නෙ හිටියත් මම තරහටම එහෙම කියලා දොර වහගත්තා.කොහොමත් මම එහෙම කිව්වට පස්සෙ අම්මා ආයෙ මට කන්න එන්න කියන්නෙ නෑ කියලා මම දන්නවා.

සාමාන්‍ය මිනිස්සු ගැහැනු.රාජකාරි නිම කරලා ගෙදර එන්නෙ.සැනසිල්ලෙ ඉන්න බලාගෙන.තමන්ගෙ අම්මගෙන් තාත්තගෙන් සහෝදරයන්න්ගෙන් සැමියගෙන් බිරිදගෙන් එක ආදරණීය සිනහවක් ආදරණීය වචනයක් ලග සිත සනසාගන්නටය. ඉතිං නැත....එවන් සැනසීමක් මට නැත.

ඇදුම්වත් මාරු නොකර මම විඩාබර සිතින් ඇදට වැටුනෙමි.අඩනවානම් මට කොට්‍ට මෙට්ට තෙත් වෙනතුරු අඩන්නට පුලුවනි .ඒ මම අඩන්නෙ නැත.ඒ දුකත් ගල් කර කර හිත ඇතුලේ තැන්පත් කරගන්නවා මිසක මම අඩන්නේ නැත.

*****************

" මන්දු......... උඹත් එක්ක ටිකක් කතා කරන්න ඕනී....." උදෑසනින්ම නදී කාමරයට එබුනි.තාමත් මුලු ඔෆිස් එකටම සිටින්නේ අප දෙදෙනා පමණි.මම පුටුවෙන් නැගිට මගේ කාමරයෙන් එලියට විත් ඇය අසලට ගියෙමි.

" අපොයිමන්ට් එකක් දැන්මද......." ඇයව විහිලුවට ගැනීමට සිතා ඒ වචන පිටකලෙමි.

" ඔව්....ඔව්....දැන් හැමදේම විහිලුවට අරගෙන දවස තිස්සෙම හිනාවෙයං........ඊට පස්සේ........" ඇයට මා කල විහිලුවට තරහ ගොස් ඇත.ඒත් මගේ හිත රිදේවියැයි බයට ඉතිරිය නොකියා ගිල ගත්තාය.

" ඊට පස්සෙ රෑට ගෙදර ගිහිං අඩපං... නේ....." ඇගේ වචන සම්පූර්ණ කර මම සිනාසුනෙමි

" විහිලු නෙමේ මන්දු........"

" බය වෙන්න එප නදී...... මම දැන් අඩන්නේ නෑ..... මගේ කදුලු උල්පත් හිදිලා......." මම සුසුමක් පිට කලෙමි.

" තනූජ..... උඹ ගැන අදත් අහලා........" නදී මගේ ඇස් දිහා බලාගෙනම කීවාය. තනූජ්.....නදීගේ පෙම්වතා වරුණගේ මිතුරාය.ඔහු මගෙන් ආදරය ඉල්ලා පසුපස එන්නේ බොහෝ කාලෙක සිටය.

" තාමත් තනූජ ඔය පිස්සුව අතෑරලා නැද්ද බන්......" නොරිස්සුම්සහගත වචන මගේ මුවෙන් පිටවිනි.

" පිස්සු නේමේ......ඇයි කියපං උඹ ඌට අකමැති......."

" නදී....... උඹ දන්නවා.මගේ හිත පිරිමි වෙනුවෙන් නැමෙන්නෙ නෑ ලේසියෙන්......"

" හරි...... එහෙම කියලා උඹ ජීවිතේම තනියෙන් ඉන්නද කල්පනාව.ලෝකෙ ඉන්න හැම පිරිමියම එකම මිම්මෙන් හිතන්න එපා.හැමො ලගම හොද වගේම නරකත් තියෙනවා......" නදී මගේ හිත වෙනස් කරන්න හදනවා.

" නදී...... මම පිරිමියෙක්ව දකින්නෙ ඔයා දකින විදියට නෙමේ.මම මුලින්ම බලන්නෙ පිරිමියගෙ ඇග නෙමේ. ඒ පිරිමියා ඒක්ක මට ඉන්න පුලුවන්ද කියන එක.ඒ පිරිමියා මගේ ඇගට අත තියද්දී ඒ හැගීම පිළිකුලකින් තොරව මට විදගන්න පුලුවන්ද කියන එක.එහෙම පුකුවන්නම් අන්න ඒ පිරිමියා මට ලස්සනයි නදී.......තේරුම්ගන්න....මගේ හිත ගල් වෙලා.....මට අඩන්න ඕනි...ඒත් මට ඇඩෙන්නෙ නෑ......නදී....දවසක පිරිමියෙක්ගෙ පපුවට ඔලුව තියාගෙන මට මේ කදුලු ඔක්කොම හලන්න පුලුවන් උනොත් . දැනගනින් අන්න එයයි මම ආදරේ කරන පිරිමියා........" මගේ හිතේ ගැඹුරට වෙන්න තියෙන හැගීම් වලින් කොටසක් මම එලියට දැන්මා.නදී හිතයි මට පිස්සු කියලා.ඒත් කමක් නෑ.

" කවදාවත් ඔය සුදුසුකම් වලට ලං වෙච්ච එක පිරිමියෙක්වත් නැද්ද මංදු......." නදී ඇහි පිල්ලමක්වත් නොගහා මම දිහා බලාගෙන ඉන්නවා.

නෑ.....කියලා උත්තර දෙන්නයි මම ලෑස්ති උනේ. වීදුරු දොරත් ඇරගෙන ඇතුලට එන අපේ අලුත් සර්....යෂ් ප්‍රේම් කුමාර් රාමචන්ද්‍රම් ව දැකලා මගේ වචන ගොලු උනා.සුදු වේට්ටිය වෙනුවට ඩෙනිම් කලිසම ඇදලා සුදු ෂර්ට් එක යට කරලා. ඇත්තටම නලුවෙක් වගේ.මගේ මුල්ම සුදුසුකම සර්ට සම්පූර්ණ කරන්න පුලුවන්ද............එයාගෙ ස්පර්ශය මට අප්පිරියාවක් නොවේද...

" ගුඩ් මෝනිං සර්........." නදීගෙ සද්දෙට මාව ගැස්සුනා.මම මේ මොනාද හිතන්නෙ.හිතට ඇතිවුනේ ලොකු ලැජ්ජාවක්.

" මෝනිං ........" අපිව සත පහකට ගනන් ගන්නෙ නැති ගානට සර් යන්න හැදුවේ.

" සර්........ ගුඩ් මෝනිං කිව්වම ගුඩ් මෝනිං කියන්න ඕනී........නිකං නලුවෙක් වගේ ඇපෙන් බේරෙන්න මෝනිං කියලා වැඩක් නෑ......." හිතේ ඇතිවෙලා තිබ්බ ලැජ්ජාවෙන් බේරෙන්නත් එක්ක මම කියලා දැන්මා.

" මන්දූ......." නදී ඇහැන නෑහෙන සද්දෙට එහෙම කියන ගමන් මගේ අතක් කෙනෙත්තුවා.මම බලාගෙන හිටියෙ අපිව පාස් කරලා ගිහින් නැවතිලා මන් දිහා බලාගෙන ඉන්න සර් දිහා.ඒ මූණෙ හැගීම නම් මට තේරෙන්නෙ නෑ.

" මන්දාරී.........තියෙන ලට්ට ලොට්ට ටික අරගෙන මගේ රූම් එකට එනවා........" සර් ඒ ටික කියලා යන්න ගියා.කියපු දේ තේරුනේ නෑ මට.

" නදී ..... මොකක්ද ඒ කිව්වෙ........" මම නදීගෙ දිහාට හැරුනේ එයාටවත් කියපු දේ තේරුනාද බලන්න.

" උඹට ස්ථාන මාරුවක් වගේ. දැන් ඉතින් කියවිල්ල නවත්තන්න වෙයි........" නදී මහ අමුතු විදියට හිනාවෙලා මගේ දිහා බැලුවා.

" නදී........ මම එයාට වැඩිය තරහ යන දෙයක් කලේ නෑ නේද......... අනේ මේ.....මම ඕක ඇතුලට ගියාට පස්සෙ මේ මිනිහා මාව කෝටුමස් කරයිද දන්නේ නෑ.හොද අවදානෙන් හිටපං. මම යන්තම් හරි කෑ ගැහ්වොත්.උසේන් බෝල්ට් වගේ ඇවිත් දොර ඇරපං හොදේ....... " අවස්ථාවේ බෑරෑරුම් කම අඩු කරන්න හිතාගෙන මම එහෙම කිව්වා.

" බොට නම් පිස්සු මන්දු..........." නදී එහෙම කියාගෙනම යන්න ගියා.

මම ලොකු හුස්මක් පිට කරලා සර්ගෙ රූම් එක දිහා බැලුවා.මොකටද මට ඒ කාමරේට එන්න කිව්වෙ.

(මත් සම්බන්දයි )
0

Madud
New Member
New Member
Posts:54






--
27 Apr 2018 08:00 PM
  •  Quote
  •  Reply
වසන්තය නුඹම විය..........05


මොනා උනත් කමක් නෑ කියලා හෑන්ඩ් බෑග් එකයි අත්‍යවශ්‍යය ලියවිලි ටිකයි අරගෙන මම සර්ගෙ කාමරේට එබුනා.එයා කර බාගෙන ලොකු වැඩක්.

" සර්...... මම එන්නද......" එක පාරටම යන එක හරි නැති නිසා මම ඉතිං වැදගත් විදියට දොර ලග ඉදගෙන ඇහුවා.

" මම එන්න කියලා එලියෙදිම කියලනෙ ආවේ......ආයෙත් කියන්න ඕනිද......" නිකමටවත් මූණ උස්සලා බලන්නෙ නැතුවම මේ අහංකාර සර් කියනවා . මමත් ඉතිං මොකක්ද එකා මොහොකටද රිංගනවා වගේ හිමීට කාමරේට ගියා.එන්න කිව්වෙ මොකටද කියලා දන්නෙ නැති නිසා වාඩිවෙන්නත් බෑ.මම මේසේ ඉස්සරහට වෙලා හිටගෙන හිටියා.

" පිස්සුද......." විනාඩි දහයකට විතර පස්සෙ සර් මගේ දිහා බැලුවෙ එහෙම අහගෙනමයි.

" නෑ.....සර්....." උත්තරයක් නොදී හිටියොත් හොද නෑනේ

" එහෙනම් ..... මගේ ඉස්සරහට වෙලා හිටගෙන ඉන්නේ...... ".

" සර්..... ඉතිං මට වාඩිවෙන්න කිව්වෙත් නෑනේ.වාඩි වෙන්න නොකියා එහෙම වාඩි වෙන එක කැතයිනේ......." මම ඉතිං ගොඩාක් තැන්පත් චරිතයක් වගේ උත්තර බැන්දා.

" ඒ වගේ..... මැනර්ස් එහෙනම් දන්නවා...... පුදුමයි......" සර් මහ නෝන්ඩි විදියට මගේ දිහා බැලුවේ.එහෙම කියලා ආයෙත් එයා මේසෙට මූණ ඔබාගෙන එයාගෙ වැඩේ කරනවා.

" සර්..... මම වාඩිවෙන්නද......." ඒ පාරනම් මම ඇහුවෙ එයාව ටිකක් තරහා ගස්සන්න හිතාගෙන.

" මන්දාරී.........." හරි .... හිතුවා වගේම තරහ ගිහින්....

" අනේ........සර්......." ඒ තරහ මූණ දිහා බලාගෙන මම බෙල්ල ඇල කරලා චුට්ටක් විතර හුරතල් මූණක් මවාගත්තා.

" ඒ පාර මොකද........."

" සර්..... මට මන්දාරී කියන්නෙ නැතුව ඊයෙ වගේ නෙතූ කියන්නකෝ......" මට මේ මොනා වෙලාද....ඇයි මම මෙයා ඉස්සරහා මෙහෙම හැසිරෙන්නේ.

" සමයංද......." ඒ පාර ලාවට වගේ හිනාවෙලා එහෙම කියලා සර් ආයෙ එයාගෙ වැඩේ පටං ගත්තා.

" එහෙනම් වාඩි උනාට කමක් නෑනේ සර්........." මම ඉතිං තව ටිකක් තරහා ගස්සන්න හිතාගෙන ආයෙමත් කිව්වා.

" මන්දාරී......... මම මේ ලොකු වැඩක ඉන්නේ.......මගේ යකා අවුස්සගන්නෙ නැතුව පැත්තකින් වාඩි වෙලා තමන්ගෙ වැඩක් කරන්වා......" සර්ගෙ මූණ තරහා වැඩි කමට රතු වෙලා.

" මගේ වැඩක් මගේ පාඩුවේ මගේ රූම් එකටම වෙලා කරගන්න තිබ්බනෙ.මොන එහෙකටද මේක ඇතුලට එන්න කිව්වෙ.මෙයා හිතනවද දන්නෙ නෑ මේ හපුටු මූණ බලාගෙන වැඩ කරන්නලැබෙන එකට මම මාර ආසයි කියලා......." මම ඉතිං ඔය ටික කියන්න ගියේ නෑ.හිතුවා විතරයි.

" මොකක්ද කිව්වේ........." මෙන්න මෙයා ඒ පාර ආයෙත් මගේ මුණ දිහා බලාගෙන.

" මම.....මුකුත් කිව්වෙ නෑ......"

" එහෙනම් මට හපුටු මූණා කිව්වේ......"

අප්පා......මම හිත ඇතුලෙන් හිතපු දේ එච්චර සද්දෙන් ඇහිලද.

" ස...ර්.......අනිත් අයගෙ හිත් කියවන්නත් පුලුවන්ද.........." මම ඇස් ගෙඩි දෙක නළලටම අරගෙන ඒ මූණ දිහා බැලුවා.

" මොකක්........" ඒ පාර එයා හොල්මනක් දැකලා වගේ බය වෙලා.

" නෑ....... මම හිතපු දේ .....සර් කොහොමද හරියටම දන්නේ.... . " මමත් හිටියෙ හරි පුදුම වෙලා.ඇයි අප්පා....ඒක වෙන්න පුකුවන් දෙයක් යෑ..

" ආ......ඒ හිතුවද..... එච්චර සද්දෙන් ....... මීට පස්සේ.....හිතනකොට ටිකක් හිමින් හිතනවා....නැත්තම් කටට කියනවා හිතන හැමදේම කියන්න යන්න එපා කියලා......" සරුත් මා එක්ක පැටලෙන්නමනෙ හදන්නේ.ඒත් ඉතිං මම හිතපු දේ එච්චර සද්දෙන් ඇහුනද.....

" සර්....ඇත්තටම මම හිතපු දේ....එච්චර සද්දෙන් ඇහුනද........" මම ආයෙත් ඒ මූණට ලංවෙලාම ඇහුවා.

" අයියෝ........ අම්මා.......මම මේ මොන කරදරේකද වැටුනේ......." ඒ පාර සර් අත්දෙකෙන්ම ඔලුව අල්ලගෙන අම්මට අඩගහනවා.මම මේසේ උඩ තිබ්බ වතුර එක අතට ගත්තා. සර් මගේ දිහා බැලුවෙ හොදටොඉම බය වෙලා.

" ඒ.....පාර මොකද කරන්න හදන්නේ.....ආයෙ මට වතුර එකෙන් ගහන්නද හදන්නේ......." අප්පේ....මෙයාට ඊයෙ සිද්දියද මතක් වෙලා තියෙන්නේ.

" පිස්සුද සර්........ මම හිතුවා සර්ට අසනීපයක්ද කියලා මම බැලුවෙ.මම මේක සර්ට දෙන්න ලෑස්ති උනේ....." මම වතුර වීදුරුව ඒ මූණ ලගටම දික් කලා.

" මට ඕන නැති වතුර එකක් නෑ........" පව් දෙවියනේ .... මගේ කංකරච්චලේ ඉවසගන්න බැරුවද කොහේ සර්ගෙ මූණ පුපුරන්න ලග රබර් ඇටයක් වගේ කලුවෙලා දිලිසෙනවා.

" ආ.....සර්ට එපාද.....එහෙනම් මම බොන්නද......" මම ඉතිං එහෙම අහලා උත්තරයක් ලැබෙන්නත් කලින් වතුර එක බීගෙන බීගෙන ගියා. ආයේ දෙකක් නෑ.සර් මගේ දිහා බලාගෙන ඉන්නෙ ලෝකෙ ඉන්න කැතම සතා දිහා බලාගෙන ඉන්න විදියට.මම වතුර එක බීලා ඉවර වෙනවත් එක්කම එයා පුටුවෙන් නැගිට්ටා.ඒ පාර මේකා මොකාටද එන්න හදන්නේ.

කිසිම සද්දයක් නැතිව ඇවිත් එයා මගේ අතින් අල්ලගත්තා.මම ඒ මූණ දිහා බැලුවෙ හරිම හැගීම්බර විදියට. මට මැවිලා පෙනුනෙ.මගේ ආසම ටැමිල් නලුවා ආර්යන් රගපාන චිත්‍රපටියක අවස්තාවක්.ඒකේ කෙල්ලව මැරයො වගයක් පැහැරගෙන යනවා.කොල්ලා ගිහින් මැරයො කට්ටියට හොදටෝම ගහලා කෙල්ලව අතින් අල්ලගෙන එක්කගෙන යනවා.......අනේ....හරියට සර් මේ මගේ අතින් අල්ලගෙන යන විදියටම.......හම්මේ....

" මෙන්න....පුටුව.......මෙන්න මේසේ......මම ඔය තොල් දෙක අල්ලලා ස්ටේපර් කරන්න කලින් දෙයියනේ කියලා කන ලග කුරුමිනියා කුරු කුරු ගානවා වගේ කියවන්නෙ නැතුව මම ආයෙ කතා කරනකම් තමුන්ගෙ වැඩක් කරනවා....." සර් මට මේසේ පෙන්නලා එහෙම කියද්දී මගේ චිත්‍රපට ජවනිකාව සුනු විසුනු වෙලා ගියා.යකෝ ... මේකව කාවොම කන්න ඕනී...... මට එයාගෙ කාමරේට එන්න කිව්වෙ වැඩකට කියලයි මම හිතුවෙ.මේකා බලාපල්ලකො තියෙන ගෑස්....අපරාදෙ මගේ ආසම නලුවට උපමා කලේ.......හිටපංකො...... මම ආයෙ කතා කරන්නෙ නෑ එක වචනයක්වත් ....
මම රවාගෙනම ගිහින් පුලුවෙන් වාඩි වෙලා ෆයිල් එකක් පෙරලගත්තා.

(මතු සම්බන්දයි )
0

Madud
New Member
New Member
Posts:54






--
27 Apr 2018 08:01 PM
  •  Quote
  •  Reply
වසන්තය නුඹම විය...........06


සර් එක්ක තරහට කතා නොකරනවා යයි සිතුවාට ඇත්තෙන්ම වැඩ කරන්නට පටන් ගත් පසු මට කොහොමටත් කා එක්කවත් කතා කිරීමට උවමනා නැත.අලුතින් ලැබී ඇති ඇනවුම් සදහා ලබා දිය යුතු මිල ගනන් අතරේ මගේ හිත වෙහෙසුනේ කාමරයේ සර් ඉන්න බව සම්පුර්ණයෙන්ම අමතක කරවමිනි.


" මිස්..... මෙන්න තේ....." කාර්‍යාල සහයකයාගේ හඩින් මගේ සිතිවිලි දැහැන බිදිනි.

"අයියෝ.....සුනිල්.....තේද හැදුවෙ.ඔයා දන්නවනෙ මම තේ බොන්නෙ නෑ කියලා...."මම මූණ ඇඹුල් කර ගතිමි.හිතට නැගුනෙ නොරිස්සුමකි.මේ වෙලාවට මේ ලැබෙන පානය මට දිව්‍ය පානයක් වගෙයි.ඒත් ඒකට මම අකමැතිම දේ හැදුවම තරහ යන්නෙ නැද්ද.

" අම්මෝ..... ඕකට ඔච්චර මූණ නරක් කරගන්න එපා මිස්.......කට වැරදිලා කියවුනාට මිස්ට හැදුවෙ කෝපි......" අම්මෝ....සුනිල් එහෙම කියද්දි මගේ මූණට ආවෙ මල් මල් හිනාවක්.කෝපී........කල්දේරමක් තිබ්බත් මම එක දිගට බොනවා.අතුරු ප්‍රතිඵලය ගැන පස්සෙ හිතන්න බැරියෑ.

" අනේ.......තැන්ක් සුනිල්......." මම මුව පුරා සිනහවකින් යුතුව සුනිල්ට ස්තූති කලා.සුනිල් ඒ හිනාවට පිළිතුරු සිනාහවක් දීලා කාමරෙන් එළියට යන්න හැදුවෙ.

" සුනීල්......." මම ආයෙ කතා කලා.

" ඇයි මිස්......"

" කන්න මුකුත් නැද්ද........." කොහොමත් පුරුද්දට වගේ ඔය ප්‍රශ්නෙ මම අහනවා.ඒත් අද නම් මම ඉන්නෙ හොදටම බඩගින්නෙ.

" මිස්....උදේට කෑවේ නෑ නේද....මම දැක්කා කෑම එක තාම ලන්ච් රූම් එකේ තියෙනවා......" සුනිල් දඩුවම් බැල්මක් මට හෙලුවා.

" අමතක උනා අනේ......" මම ඉතිං බෙල්ල ඇල කරලා එහෙම හිනා උනා.

" විහිලු නෙමේ මිස්.....ලෙඩක් හදාගන්නවා ඔහොම ගිහින්.හැමදාම උදේ කෑම එක අහක දානවා.ඊට පස්සෙ මට කියලා කඩ කෑන ගෙන්නගෙන කනවා.මම නම් ආයෙ ගෙනත් දෙන්නෙ නෑ ඔය ජහ ජරාව.මිස්ට ඕනි නම අර බත් එක කන්න......." සුනිල් මට බැන බැනම යන්න ගියා.ඔය බනින්නෙ තරහට නෙමේ.ගෙදර ඉන්න පිරිමි දෙන්නා ඇරුනම ලෝකේ ඉන්න අනිත් හැම පිරිමියම මට ආදරෙයි.මූණත් පුලුටු කරගෙන මම බිම බලාගත්තා.එතකොටයි මතක් උනේ මම ඉන්නෙ සර්ගෙ කාමරේනේ.

" සර්........" මම හිනාවීගෙනම ඒ පැත්ත බැලුවා.හොර වැඩක් කර කර හිටියා වගේ සර්ගෙ මූණ එක පාරටම ගැස්සුනා.

" මොකද......." වෙච්ච අපහසුව මගෑරගන්නද කොහෙද සර් වචන පිට කලේ තරහින්.

" අපි සල්ලි දාලා මොනා හරි ගෙනත් කමු........" මගේ යෝජනාවට නපුරු පාටට තිබ්බ මූණට ආවේ හිනාවක්.

" තමුන්ටනම් ඇත්තටම පිස්සු මන්දාරී...... සේල්ස් එක්සෙකිටිව් උනේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ......." බඩගින්නෙ ඉන්න මට ඒ සමච්චල්සහගත හිනාවටයි කතාවටයි ඇත්තටම තරහ ගියා.එලියෙ කට්ටිය මේ වෙලාවට මොනාමහරි කනවා කියලා මම දන්නවා.මම ඇතුලෙ ඉන්න නිසා එයාල මට මුකුත් දෙන්නෙත් නෑ.මට ඒ දේ නැති උනෙත් මේ විකාරෙ නිසා.මම පුටුවෙන් නැගිට්ටා.

" කොහෙද යන්න හදන්නේ........." සර් බයවෙලා.

" මෙතන හිටියයි කියලා වැඩක් නෑනේ සර්.කරන වැඩකුට් නෑ.බොරුවට මට මෙතනට එන්න කියලා . ඔයා ඔයාගෙ වැඩ මම මගේ වැඩ.සර්ට මගේ මූණ බලාගෙන වැඩ කරන්න ආස උනාට මට ඔය හපුටු මූණ බලාගෙන වැඩ කරන්න බෑ.අඩුම තරමෙ තේ බොන්න බිස්කට් එකක් හරි ගෙනද්දෙනවනම් ඉන්න තිබ්බා.ඒකටත් ලෝබයි.මම යනවා යන්න මගේ රූම් එකට......" මම බැරි මරගතේ එක අතකින් කෝපි එකයි අනිත් අතෙන් ෆයි ටිකයි අරගෙන නැගිට්ටා.

" කොහේවත් යන්නෙ නෑ.....ඉන්නවා මගේ රූම් එකේම......." ඒක අණක්ද .....මම නම් බයවෙයි.

මම සර්ව සත පහකට ගනන් ගන්නෙ නැතුව දොර දිහාට ඇවිදගෙන ගියා.

" යන්න එපා කිව්වා නේද මම........" සර් පිටිපස්සෙන් ඇවිත් මගේ කොන්ඩෙන් අල්ලගෙන.මේ මොන විකාරයක්ද.

" සර්.... මට කේන්ති යනවා.....මගේ කොන්ඩෙන් අතාරින්න......." අත්දෙකේම බඩු නිසා මට මුකුත් කරගන්නත් බෑ.එහෙන් බඩගිනි.මගේ තරහා තවත් වැඩි උනා.

"අතාරින්නම්.....ගිහින් වාඩි වෙනවා....." සර් කිසිම කලබලයක් නැත්ව කියනවා.

" මට බෑ කිව්වනේ....."

" පොඩි එකෙක් වගේ හැසිරෙන එක නවත්තනවා මන්දාරී .... මේක ඔෆිස් එකක්........" සර්ගෙ ඒ කතාවට මට දුක හිතුනා.මම මෙහෙම හැසිරෙන්නෙ මගේ හිතේ දුක නැති කරගන්න කියලා දන්නෙ මම විතරයි.මගේ ඇස්වල කදුලු පිරීගෙන ආවා.බෑ.... බෑ.... මට අඩන්න බෑ.

" නදී......නදී...... "දෙපාරක් හිතන්නෙ නැතුව මම බෙරිහන් දුන්නා........ දෙයියනේ.....කියලා හැරෙන තැපෑලෙන් නදී අපි ඉස්සරහා.සර් මගේ කොන්ඩේ අතෑරියෙ කරන්ට් එකක් වැදුනා වගේ.

" මන්දූ....... අනේ ඇයි මේ අඩන්නේ......." නදී බය වෙලා.මම....අඩනවද...... අඩන්න දහසක් හේතු තිබ්බත් කදුලු එන්නෙ නැති මගේ ඇස්වලට කදුලු එන්න තරම් මොකද උනේ.නදී මගේ දිහායි සර් දිහායි මාරුවෙන් මාරුවට බලනවා.

" නදී මේ ටික මගේ රූම් එකෙන් ගිහින් තියන්න........" අතේ තිබ්බ කෝපි එකයි ෆයිල් ටිකයි මම නදී අතට දුන්නා.

" ෂිට්........." සර් එහෙම කියාගෙන මගේ ඇගෙත් හැපීගෙනම මාව පහු කරගෙන එළියට ගියා.

" මොකෝ..... බන් උනේ.......ඇයි සර් යකා ආවේස වෙලා වගේ යන්නේ......ඊට කලින් කියපං ඇයි උඹ අඩන්නේ........" නදීට ප්‍රශ්න කෝටියයි.

" සර් මට බැන්නා පොඩි එකෙක් වගේ හැසිරෙන එක නවත්තන්න කියලා........." මගේ කටින් නොදැනම ඒ වචන ටික පිටවුනා.

" ඉතිං ඕක හැමෝම උඹට කියන දෙයක්නේ.අමුතු දෙයක් නෙමේනේ.......ඕක අඩන්න තරම් දෙයක්ද.........." නදී මාව විනිවිද හරින බැල්මක් හෙලුවා.ඒ බැල්මට මාව ගැස්සුනා.

" මම දන්නෙ නෑ නදී....මට දුක හිතුනා......" මගේ ඇත්තම හැගීම් හැමදාම කියන්න පුලුවන් නදී එක්ක විතරයි.ගල් වෙලා තිබ්බ කදුලු දිය වෙන්නෙ ඇයි කියලා මටම තේරෙන්නෙ නෑ.

" මන්දූ...... මට ගොඩාක් බය හිතෙනවා.......උඹේ අර සුදුසුකම් සම්පූර්ණ කරන පිරිමියා සර් නෙමේ නේද........මට උඹේ කදුලු දැක්කම බය හිතෙනවා.වදින්නම් මන්දු.........සිංහල හිගන්නෙක් බැදගනිං.....ඒත් දෙමළ කොල්ලෙක් නම් එපා........." නදීගෙ වචන ඉස්සරහා මගේ හිත මොකක්දෝ විපර්යාසයක් වෙනවා.සර් මගේ හිතේ ඉන්න පිරිමියට සමානද.....නෑ එහෙම වෙන්නෙ නෑ.....සර්ව දැකලා තවම දවස් දෙකයි.මම අවුරුදු ගානක් ආශ්‍රය කලත් කොල්ලෙක් විස්වාස කරන්නෙ නැති කොල්ලෙක් ගැන හැගීමක් හිතට ගන්නෙ නැති කෙනෙක් .

" මෝඩ කතා කියන්න එපා නදී....... පිරිමි කියන්නෙ දවස් දෙකෙන් විස්වාස කරන්න පුලුවන් ජාතියක්ද.....දවස් දෙකෙන් පිරිමියෙක්ට නැමෙන හිතක් මට නෑ.....විකාර කියවන්න එපා......" මම නදීට බැන්නා.මම ගැන හොදටම දැනගෙනත් මේ කියවන විකාර මොනාද.ඇස්වල කදුලු බිංදුවක් තිබ්බ පලියට මගේ හිත බොලද වෙනවද...

" මම කියන්නෙ ඇත්ත මන්දු ......උඹ ගැන සර් දන්නෙ නෑ.උඹ ඔය හැසිරෙන විදියට සර් උනත් හිතයි උඹ සර්ව දැලේ දාගන්න හදනවා කියලා........." නදී ඒ පාර දෙපැත්තටම සාධාරණ විදියට කතා කරනවා.

" මොන විකාරයක්ද......"

" විකාර නෙමේ.....උඹ ලස්සනයි......ඒත් උඹට කොල්ලෙක් නෑ.......කැත කෙල්ලෙක් එහෙම ඉන්නකොට බලන විදියට නෙමේ සමාජය ලස්සන කෙල්ලෙක් එහෙම ඉන්නකොට බලන්නේ...... උඹේ හිතේ තියෙන දේවල් කවුරුත් දන්නෙ නෑ........ ඒ නිසා දෙවියන්ගෙ නාමෙන් දැන්වත් කොල්ලෙක් එක්ක යාලු වෙයන්.එතකොට උඹේ හිතේ තියෙන ප්‍රශ්න හැම එකකටම උත්තර ලැබෙයි...... මට බෑ උඹ අමාරුවෙ වැටෙනවා බලන්න.මම උඹේ නම්බර් එක තනූජට දෙනවා.ඌ හොද එකෙක්.මට ආදරයක් තියෙනවනම් .මට ගරු කරනවනම් .ඌ එක්ක ටිකක් කතා කරපං........." නදී ඒ කිව්වෙ දැඩි හඩකින්.

" අනේ..... නදී......"

" අනේ..... නෙමෙයි.......මම මේකෙන් තමයි දැනගන්නෙ මගේ යාලුකම උඹට කොච්චර වටිනවද කියලා....." නදී එහෙම කියලා ෆයිල් ටිකත් උස්සගෙන යන්න ගියා.ඉතිං දැන් මම ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක.මට නදීව නැති කරගන්න බෑ.නදී කියන්නෙ මට තියෙන එකම සැනසීම.මගේ හැම දුකම අහන මගේ හිත සනසන්න ඉන්න එකම කෙනා....

කමක් නෑ.....මම තනූජ එක්ක කතා කරනවා.

මමහිත සැහැල්ලු කරගන්න ලොකු හුස්මක් පිටකලා.

මේ සර් කොහෙද ගියේ.......ඒත් එයා ගිය තැන මට මොකටද.....


(මතු සම්බන්දයි )
0

Madud
New Member
New Member
Posts:54






--
27 Apr 2018 08:02 PM
  •  Quote
  •  Reply
වසන්තය නුඹම විය......07

සර් ගියා ගියාමය .තාමත් නැවත ආවේ නැත.හිතේ වූයේ පසුතැවීමකි.ඇත්තටම මම හැසිරෙන්නෙ පොඩි ලමයෙක් විලසින්ද.........නෑ....ඒ මගේ හැටිනෙ.කවුරුවත් ඒකට මේ වෙනකන් මුකුත් කිව්වෙ නෑනේ.නදීට පිස්සු ....මම ලය පුරවාගත් හුස්මක් පිට කලේ මහ සද්දෙනි . නදී කියනා මනස්ගාත මගේ ඔලුවට ගත යුතු නැත.මම නැවතත් විකුණුම් වාර්තා පෙරලා ගතිමි.

වෙනදා තරම් රාජකාරිය ඔස්සෙ හිත යොදවන්නට අද මට නොහැකිය.ඒ ඇයි.හිතේ වූයේ නොරිස්සුමකි.රාජකාරී වේලාව තුල හෝ සතුටින් සිටීමට පෙරුම් පුරන මට මෙලෙස හිත නොසංසුන්‍ වෙද්දී තරහය.

නිහැඩියාවෙන් පිරී ගිය කාමරය තුල මගේ දුරකතනය නාද වෙන්නට ගත්තේ මා තිගස්සමිනි.දෙපාරක් සිතිය යුතු නැත තිරයේ වැටෙන නම නොදත් අංකය තනූජගේ විය යුතුය.නොරිස්සුම තරහව පිටම හිතට නැගුනේ කියාගත නොහැකි විඩාබර ගතියකි.ඇමතුමට සම්බන්ද නොවීමට අනේක වාරයක් සිතුනත් එය මා නදීට කරනා මදිපුංචිකමක් වනු ඇත.කෙලෙසටවත් මට මගේ යාලුවාගේ හිත රිදවිය නොහැක.අනෙක් අතට ආදරය විවාහය සම්බන්දයෙන් මා පිරිමින් විස්වාස නොකලාට නදී කියනා විලස මට ජීවිත කාලෙම තනියෙන් සිටීමටද නොහැකිය.ඉතිං ඇය මෙතරම් වර්ණනා කරන තනූජ මා අපේක්ෂා කරන පිරිමියාමනම්...........

" හෙලෝ........" මගේ දැඩිබව පසෙකලා මම ඇමතුමට සම්බන්ද උනෙමි.

" ආ.....ආඩම්බරකාරී...... කොහොමද ඉතිං........." එහා ඉමෙන් ඇසෙනා තනූජගෙ යයි සිතෙනා හඩ මගේ සිතට අපහ්සුවක් වූයේ නැත.සමහර පිරිමින්ගේ කටහඩ පවා මට රුස්සන්නේ නැත.

" තනූජ අයියා නේද.........." පිටතින් පොරවාගෙන සිටින පිරිමින් ඉදිරියේ දැඩි බවක් මවාගත් බොරු සිංහ හම ගලවා මා තුල සිරව සිටිනා මුවැත්තිය නදී මෙතරම් වර්ණනා කරනා පිරිමියා ඉදිරියේ නිරාවරණය කිරීමේ සිතුවිල්ලක් ක්ෂණිකව හිතට නැගුනි.

" හ්ම්........අදුනගත්තා නේ.......ඉතිං කොහොමද මන්දාරී........." තනූජ මා ඉදිරියේ සැහැල්ලුවෙනි.

" හොදයි.........." මිතුරියන්ට වඩා මිතුරන් පිරිවරා සිටිනා මා කොල්ලෙකු සමග කතා කිරීමට කිසි දිනෙක පසු නොබායි.ඒත් යම් යම් අවස්ථාවලදී එයම මගේ හැදියාවක් නැති කම ලෙස මිනිසුන් වටහා ගනියි.තනූජ් මගේන් බලාපිරොත්තු වෙන්නේ මිතුරු කම නොවෙයි.ඉතිං මිතුරන් ඉදිරියේ මෙන් ඔහු ඉදිරියේ විවුර්තව කතා කිරීමට මට නොහැකිය.

" ඔයා.....පුදුම ආඩම්බර කාරියෙක්නෙ......මම අන්න ඒකට ගොඩාක් ආසයි.කෙල්ලෙක් උනාම අන්න ඒ විදියට ඉන්න ඕනි......." තනූජ මා වර්ණනා කරනවාද නැත්තම් මුරුංගා අත්තේ තබනවාදැයි මම නොදනිමි.ඒත් මම ඒ දෙයට කැමතිය.මා මේ ඉන්නා ආකාරයට කැමති මිනිසුන් අකමැතිය .

" මන්දාරී ........ අහගෙනද ඉන්නේ..........." මගෙන් උත්තරයක් නොලද තැන ඔහු නැවතත් කතා කරයි.

" ඔව්........"

" දැන්වත් ඔය හිත මන් වෙනුවෙන් පොඩි හරි කැමැත්තක් තියෙනවද........" ඔය අසන්නේ මා නිරුත්තර කරන පැනයයි.තමන්ගේ ජීවිත කාලෙම ලගින් ඉන්න පිරිමියව එච්චර ලේසියෙන් ගැහැනියකට තෝරාගත හැකිද.

" ඇයි...... ඔයා මට කැමති........." මා පෙරලා පැනයක් විමසුවෙමි.

" කැමතිද....... ඒක කොහොමද විස්තර කරන්නේ......ඔයාගෙ ඔය දගකාර කමට පිස්සෙක් වගේ කියවන එකට මම ගොඩාක් කැමතියි........" ඒ පිළිතුර මගේ දැඩි හැගීම් උණු කිරීමට නොහැකි වූ පිළිතුරකි.

ඇත්තෙන්ම ගැහැණු හිත විසිරුණු පබලු ඇට වගේය.උඩ විසිකොට අත් හැරියොත් දස අතේ විසිරෙන්නේ නැවතත් සොයාගත නොහැකි විලසිනි .එකක් අල්ලාගන්නා විට සියයක් නැති වේ.පිරිමි සිත නූලක් වැනිය.පබලු එකින් එක අමුනා එක්තැන් කරගත හැක්කේ ඒ නූළට පමනි.ගැහැනු සිතුවිලි නියම ආකාරයට පෙලගස්සවා විසිරිය නොහැකි ලෙස තමා වටා බැද ගැනීමට පිරිමි සිත පෞෂයකින් පිරි ශක්තිමත් විය යුතුය.

අනෙක් අතට ගැහැණියක් හැම විටම ඕනෑම දෙයක් තමන්ගේ සිතින් අල්ලා නොගන්නා තාක් එය ප්‍රතික්ෂේප කිරීමට දහසක් හේතූන් සොයනා සත්වයෙකි.

මමද එවන් ගැහැනුන් කුලකයේම එකියකි.මෙතෙක් කලක් පිරිමින් ප්‍රතික්ෂේප කිරීමට මට හේතූන් තිබුනි.මා තරම් උගත් නැති වීම.මගේ රැකියාටව වඩා පහල මට්ටමේ රැකියාවක නිරත වීම . මට වඩා නිවුනු චරිතයක් වීම.එහෙම නැත්තම් මට වඩා සෙල්ලක්කාර චරිතයක් වීම.....ඔය හේතූන්ගෙන් අල්පයකි....එහෙත් ප්‍රභලම හේතුව වන්නේ මාගේ මේ මවාගත් අසමාන්‍ය දගකාරකමට අකමැති වීමයි.

එහෙත් තනූජ් ඒ සියල්ලම සපුරන්නෙකි.ඔහු මට වඩා උගත් මෙන්ම ඔහුගේ රැකියාවද මට වඩා උසස්‍ ය. ලොකුම හේතුව වූ මගේ දගකාරකමටද ඔහු කැමතිය.ඉතිං හරිනම් මා සතුටු විය යුතුය..... ඒත් මගේ සිත මෙතරම් පසුබාන්නේ ඇයි.....

" මිස්......." සුනිල් මගේ කාමරයට එබුනි.

" ඇයි සුනිල්......."

" පොඩි සර් .... මිස්ට එන්නලු......." ඒ පණිවිඩයට මගේ මැලවී තිබූ හිත එක්වර පණ ගසා නැගිට්ටේය.

" සර්.......ආවාද...... කොයි වෙලාවෙද......." මගේ හිතේ තිබූ උද්‍යෝගයට මට තනූජ් තාමත් දුරකතනයේ රැදී සිටින බව අමතක වුනි.

" දැන් ටිකක් වෙලා ඇවිත්..... මිස්ගෙ කෝල් එක ඉවරනම් එන්න කියන්න කිව්වා......." ඒ කියන්නෙ සර් දැකලා මම කෝල් එකක ඉන්නවා කියලා.

" තනූජ අයියේ....... මම ඔයාට පස්සෙ කෝල් කරන්නම්......." මම දෙපාරක් නොසිතා ඔහුගෙන් පිලිතුරක් ලැබෙන්නට පෙරම දුරකතන ඇමතුම විසන්දි කලෙමි.

ඉතිං හේතුව මම නොදනී.....මගේ සිත එක්වර බියකින් හා සතුටකින් පිරී ඇත.

" සර්.......... " මම තට්ටු නොකරම දොර බාගෙට ඇරගෙන ඔලුව ඇතුලට දැමා කතා කලෙමි.

ඒ මූණ තාමත් කලුය.තාමත් තරහා නිවී නැතිපාටය.

" සර්..... මම ඇතුලට එන්නද......." මට ලැජ්ජාවක් කියන නාමයක් ගැවී නැත.මේ පැය දෙකකය කලින් සුදු වූ දෙයෙහි අංශු මාත්‍රයක් වත් මතක නැති විදියට මම ආයෙත් පුරුදු ප්‍රශ්නයම ඇසුවෙමි.නැත එක එල්ලේ මා දිහා බලා ඉන්නවා මිසක ඒ රකුස් මුවෙන් වචනයක්වත් පිටවෙන්නේ නැත.

" ආ.....සර්මනෙ මට එන්න කියලා පණිවිඩේ එව්වේ......ආයෙ මොකටද අහන්නෙ නේද....." පරාජය පිළිගෙන මම ඇතුලට ගියෙමි.නැත ඒ ශරීරය මදක්වත් නොසෙල්වේ......

" සර්...... මම කොතනින්ද වාඩි වෙන්න ඕනී........" තරහගොස් සිටිනා කෙනෙකු තවත් තරහා ගැස්සීමට නම් ඇත්තෙන්ම මම බයය.නිසල ගිනි කදු වාගෙ හිද එක්වරම පුපුරා ගියහොත් මට වෙන්නේ පණ එපා කියා දුවන්නටය.මේ මනුස්සයා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නේත් නැත.

" හරි හරි සර්.......මට මතකයි.අතනින් නේද........" මම කලින් වාඩි වී සිටි පුටුව පෙන්නුවෙමි.ඒත් නැත ..... පොල් උලක් ගිල්ලාක් සේ කෙලින් වී මා දිහාම බලා සිටිනවා විනා අංශුවක සෙලවීමක් නැත. මහසෝනා වැහිලද... මම මටම කුටු කුටු ගගා කියාගනිමින් පුටුවෙන් ගොස් වාඩි උනෙමි.ෂිට්.... මේ මොකද මේ මට වෙලා තියෙන්නේ.....මම මෙච්චර මෙයා ලග දුර්වල වෙලා තියෙන්නෙ මෙයා මගේ බොස් නිසාද.....මම ඒ මූණ බැලුවේ මටම බැනගනිමිනි.දැන්නම් වෙනසක් ඇත කට කොනකට පෙනෙන නොපෙනන තරමට සිනහවක් නැගී ඇත.

ඒ කියන්නේ.... මෙයා මේ මාව විහිලුවට අරගෙනද......හිටපංකෝ.......මම මගේ පුටුවෙන් නැගිට මේසේ වටේ ගොස් ඒ පුටුව ලගින් හිටගත්තෙ ඇසිල්ලක වේගයෙන්.සැකයක් නෑ.ඒ පාරනම් මෙයා බය උනා මරාගෙන මැරෙන බෝම්බ කාරියෙක්ව දැක්කා වගේ...... මමත් ඉතින් ආයේ හිත හිත හිටියෙ නෑ.....කෙලින්ම අත්දෙකින් ඒ උරහිස් දෙක අල්ලගත්තා.

" සර්.....සර්.....සර්ර්ර්......." කරන්න පුලුවන් දෙයක් නෙමේ....ඒත් මම කෑ ගගහා ඒ උරහිස් වලින් අල්ලගෙන හොල්ලගෙන හොල්ලගෙන ගියෙමි.


" අප්පා........." සර්......කෑ ගහන්න ගත්තේ මටත් වඩා සද්දෙනි......ඒ මොකද උනේ......සර්ව හොල්ලන එක පැත්තක තියලා මම උඩ බිම බැලුවෙ සිද්දවෙන දේ හිතාගන්න බැරුව.

" මන්දාරී...... මොකද මේ......" ඇතුලෙ තියෙන බාත් රූම් එකේ දොරත් ඇරගෙන ලොකු සර් බයවෙලා වගේ මගෙන් අහනකොට මට හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දැන්මා......

" ම්.....ම්......මුකුත් නෑ........" මගේ වචනත් ගොත ගැහෙන්නට ගති.චික්......මේ තරම් ලැජ්ජාවක් කවදාවත් වෙලා නෑ.....

" එහෙනම් ....ඔය මොකක්ද කරන්නේ........" ලොකු සර් මගේ අත්දෙක දිහායි බැලුවෙ . මාව සීතල උනා.තාමත් මගේ අත්දෙක සර්ගෙ කර උඩ.දැන් මොකද කරන්නේ...... මෙය මේ සිල්ගත්තු බළලා වගේ හිටියෙ ලොකු සරුත් ඇතුලෙ නිසාද ....ඇයි මට ඒක හිතුනෙ නැත්තේ.අඩුම ගානෙ සුනිල්වත් කිව්වෙ නෑනේ ලොකු සර් ආවා කියලා.දැන් මට වෙලා තියෙන්නෙ අර ගලේ පහරපු බලලට වෙච්ච දේමයි.පොඩි සර්ගෙ මූණෙ තියෙන්නෙ මහ නසරානි හිනාවක්.

" දැන්වත් අත්දෙක ගන්න මිස්........" ලොකු සර්ට නෑහෙන ගානට පොඩි සර් පිට කරපු ඒ වචන ටිකට මට තවත් තරහ ගියා.මේකටනම් පුතේ පලි ගන්නකම්ම මට සැනසිල්ලක් නෑ.....

" ලොකු සර්.......සර්ගෙ පුතා ඩ්‍රග්ස් ගන්නවද ..........." මම ඒ උරහිස් වලින් අත් අරගෙන ලොකු සර් දිහාට හැරුනා.ඒ පාර ලොකු සර්ගෙ මූණත් කලු උනා.

" මන්දාරී...... මොනාද මේ කියවන්නේ........." ම්

" නෑ.....සර්..... මම එනකොට සර්ගෙ පුතා හෙල්ලෙන්නෙවත් නැතුව මාව කන්න වගේ බලාගෙන ඉන්නවා.මට හිතුනෙම ඩ්‍රග්ස් අරන් කියලා.ආයෙ පස්සෙ හිතුනා ලෙඩක්ද දන්නෙ නෑ කියලා.ඒකයි මම ටිකක් හොල්ලලා බැලුවෙ......" ලොකු සර්ට තරහ ගියත් මට කරන්න දෙයක් නෑ.මගේ හිත නිදහස් වෙන්න නම් ඔය වගේ දෙයක් කරන්නම ඕනි.

ලොකු සර් පොඩි සර් දිහා බැලුවෙ හොද බැල්මකින්නම් නෙමෙයි.

" අප්පා........... මෙයා ඔය බොරු කියන්නේ..........." යකො.....මේකා කැත නැතුව ඒක කියපු හැටි.

" නවත්තගන්නවා දෙන්නම...........මේ ඔෆිස් එක ඇතුලෙ ඔයා මගේ සේල්ස් මැනේජර් මිසක් පුතා නෙමෙයි යෂ්.......අනික මන්දාරී ..... මේ ඔයාගෙ සර් මිසක් මගේ පුතා නෙමෙයි.....ඒක දෙන්නම මතකතියාගන්නවා.. " ලොකු සර් කේන්තියෙන් . මම නම් අනන්තවත් ඔය විදියට බැනුම් අහන නිසා මට නම් ඕවා ගානක් වත් නෑ.ඒත් ඉතින් මේ යෂ් නම් මගේ දිහා බලාගෙන ඉන්නෙ මාව කන්න පුලුවන්නම් කන කේන්තියෙන් . හොද වැඩේ .ආවා මෙතන මාව මඩවන්න.....



(මතු සම්බන්දයි )
0

Madud
New Member
New Member
Posts:54






--
27 Apr 2018 08:03 PM
  •  Quote
  •  Reply
වසන්තය නුඹම විය........08

බැන බැනම එදා ලොකු සර් මටයි පොඩි සර්ටයි බාර දුන්නෙ ලේසි පාසු වැඩක් නෙමෙයි. මෙම ආයතනය මධ්‍යම මට්ටමේ බිස්කට් නිශ්පාද ආයතනයකි.ලග එන උත්සව සමයට වෙළදපොලට දැමීමට නවතම නිශ්පාදනයක් නිපදවීමට ලොකු සර්ට උවමනා වී ඇත.ඉතිං වගකීම සුලු පටු නොවීය .පවතින වෙළදපොළ තත්වය හොදින් නිරීක්ෂණය කර වෙළදපොළට අවශ්‍ය ලෙස නව නිශ්පාදනය සිදු කල යුතුය. පාරිබෝගිකයාගේ අතෙහි මුදල් ගැවසෙන ප්‍රමාණය ගැන හොද දැනුමක් තිබිය යුතුය.අපේ ඉලක්කය වූයේ මධ්‍යම හා පහළ වෙළදපොල ඇල්ලීමයි.කොහොමටත් පොහොසත් යයි සම්මත සමාජය තෑගි දීමට හෝ තම පරිබෝජනයට දේශිය බිස්කට් වර්ග ගැනීම දුර්ලබ දෙයකි.ඉතිං නව නිශ්පාදනය මිළ අදික නොවිය යුතුය.එමෙන්ම පිරිවැය අවම විය යුතුය.
සියල්ලම ගැන සිතීමේදී මේ කාලය මා අධික ලෙස කාර්‍යබහුල වන කාලයකි. කොතරම් විනෝදකාමී ලෙස සිටියත් මේ කාලය මගේ මොලේ වෙහෙසීම වැඩිවන නිසාමදෝ කට ඉබේම වැසී යයි.මගේ මේ හැසිරීම් ගැන දන්නා නිසාමදෝ මේ කාලය තුල කිසිවෙකු මට විහිලු කිරීම වත් මගෙන් විහිලු බලපොරිත්තු වීමව සිදු වන්නේ නැත.ඇත්තෙන්ම මුලු ඔෆිස් එකම නිස්කලංක වන්නේ මගේ කට වැහුනු පසු බව මටම තේරෙන්නෙත් මේ කාලදීය.

මගේ මේ වෙනස්වීම දන්නා නිසාම නදී තනූජ්ව ඒ ගැන දැනුවත් කර තිබුනි.දවසට තුන් වරක් කතා කර මගේ හිත අස්සට රිංගන්න හදන ඔහු එය එක්වරකට සීමා කර තිබුනි.ඉතිං මට ඔහු ගැන යම් පැහැදිමක් ඇතිවුනි.නදී කියනා ලෙස කිසිම ගැහැනියකට තමන් පතනා මිනිසාම නොලැබෙයි.අඩුම තරමේ ගැහැනියක් තේරුම් ගැනීමට ,හැකි පිරිමියෙකු ලැබීමත් වාසනාවකි.

යෂ්.....මේ කාලය තුල කාර්‍යලයේ නොසිටි තරම් ය. ඔහු වැඩි හරියක් ගත කලේ බිස්කට් නිශ්පාදිතාගාරයේය.අලුත් නිශ්පාදිතය සදහා ආහාරයට සුදුයැයි අනුමත ආහාර පාලන අධිකාරියේ අනුමැතිය ගැනිමට ඔහු වැඩි හරියක් වෙහෙසිනි.ඇත්තෙන්ම ඔහු කාර්‍යලයේ නොමැති එකටනම් මම් සතුටු උනෙමි.කොතරම් කාර්‍යබහුල උනත් ඔහුව දකිද්දී මොකක් හෝ මගෝඩි වැඩක් කර ඔහුව තරහා ගැස්සීමට සූදානම්වන මගේ සිත මටම පාලනය කරගත නොහැකි තැනට මම දැන් අසරණ වී හිදියෙමි.ඉතිං ඔහු නැති වීමම හොදය.එසේම අලුත් නිශ්පාදනය සදහා හදුන්වදීමේ ප්‍රචාරක වැඩපිළිවෙළද කෙරීගෙන යයි. ඇත්තෙන්ම එයින් අපට ලැබුනේත් හිතුවටත් වඩා හොද ප්‍රතිපලයකි.හිත සතුටින් පිරී ඇතත් පළමු නිශ්පාදන තොගය වෙළදපොලට මුදාහැර එය අපේක්ෂිත ආදායම සපුරාලනතුරු මගේ සිත නිදහස් නැත.

" නෙතු........" අපේක්ෂා නොකල මොහොතක කාමරයට අපේ අලුත් සර් ය.
පහදා කිව නොහැක. ඒත් ඒ රූපය දකිද්දී හදවත ඇතුලාන්තයෙන්ම සිසිල් වුනි.

" සර්........" ඔහුව විහිලුවට ගැනීමේ සිතක් මේ මොහොතේ මට නැත . ඒත් මුව පුරා මම සිනාසුනෙමි.

" අද ලොකූ වැඩක් නැත්තම් මාත් එක්ක පොඩි ගමනක් යමුද........" මට පුදුම හිතුනි.ඔය සර් මගෙන් එහෙම ඉල්ලීමක් කලාමය.

මා ගැහැණියක වූ නිසාම මට සමාජය තුල දහසක්වූ නීතීන් පිළිපැදීමට සිදුව ඇත.එහෙත් හොදකට හෝ නරකකට මා පිළිපදින්නේ එයින් අඩක් පමණි.මට හිතුන විටක මා සම්පූර්ණයෙන්ම ඇග වැසෙන්නට ඇදුම් අදිනවා මෙන්ම ඇග අනවශ්‍ය ලෙස නිරාවරනය නොවන පරිදි කොට ඇදුම් ඇදීමටත් මම පසුබට නොවෙමි. පිරිමින් ගැන අධික කලකිරීමක් සිතේ තිබුනත් ලෝකයේ සිටින සියලුම පිරිමි ගැහැනිය දූෂනය කිරීමට බලා සිටින සත්ව කොට්ටාසයක් යන පුහු මතයද මට නැත . ඉතිං පිරිමියෙකු සමග වාහනයක නැගී ගමනක් බිමනක් යාමට මම කිසි විටක බිය නොවූයෙමි .මා අසල සිටින පිරිමියාට වඩා මා මගේ හිත විස්වාස කරමි.ගැහැනිය තමන්ගේ සීමාවේ සිටින තුරු පිරිමින් ගැහැණිය දෙස වැරදි බැල්මක් පවා හෙලීමට බිය වන බව මා ඉගෙනගත්තේ මගේම මිතුරන්ගෙනි.සම්බන්දතා වලදී මා හැමවිටම පිරිමියා මායිම් නොකලත් පිරිමියෙකුගේ මිතුරුකම පිය සෙනෙහස තරම් පිරිසිදු බැදීමක් බව මා තදින්ම විස්වාස කරමි.....ඔව්.....මා මාගේම පියා ගැන උනත් ඉන්නෙ කලකිරීමෙන්....ඒත් තම පියා අතින්ම දියණිය අපයෝජනය වන කාලෙක මගේ පියා ඇත්තෙන්ම උතුම්‍ ය. ඔහුට ඇත්තේ තමන්ගේ පරම්පරාව ගැන ඇති අධික මාන්නයත් වැඩක් පලක් නොකර තියෙන දේ විනස කිරීමත් පමණි.මා ඔහු ගැන කලකිරී ඇත්තේ එබැවිනි.අනෙක් අතට ඔහු මට සෙනෙහස නොපෙන්නුවාට මට වෙනස්කමක් කලේත් නැත.මා නොසලකා හැරීමට ඇති එකම හේතුව මා පුතෙකු නොවී දියණියක වීමයි.ඉතිං මා කොතරම් කලකිරී ඇතත් ඔහුට වෛර නොකරන්නේ එබැවිනි.මා නොසලකා හරින්නේ ඔහුගේම මෝඩකමට කියා සිතා මම හිත සනසාගන්නට වෙහෙසෙන්නේත් එබැවිනි.

" මොනවද කල්පනා කරන්නේ......ඔයාට වැඩ නම් කමක් නෑ........" යෂ් ආපසු හැරිනි.හිත ගැස්සිනි.

" සර්......කොහෙද යන්නේ....." කලබලේට මගේ වචන පිටවිනි.

" අපේ ප්‍රඩක්ට් එකේ තර්ඩ් ඇඩ් එක ෂූට් කරන්න හදන්නේ.මට ඒකේ ස්ක්‍රිප්ට් එක හම්බුනා.ඒත් මට ඒක සැටිස් නෑ නෙතු......මට මෙහේ මාකට් එක ගැන ලොකු තේරුමකුත් නෑ.ඔයාට පුලුවන්නම් මා එක්ක ගිහින් ඩිරෙක්ට එක්ක ඒ ගැන කතා කරමුද......" එය ඇත්තෙන්ම මගේ ප්‍රදානියාගේ නොව මට පහල නිළදාරියෙකුගේ ඉල්ලීමක් වැනිය.ඇත්තෙන්ම මට දුක හිතුනි.ලංකාවට පය තබා ආයතනය පැමිණ දින දෙකක් යන්නටත් කලියෙන් ලොකු සර් මේ පොඩි සර්ට දිලා තියෙන වගකීම බර වැඩි බව මට මුල් වරට සිතුනි.ඒ මුහුණෙයි ඇත්තේ තද විඩාබර පෙනුමකි.

" යමු සර්......." මම පුටුවෙන් නැගිට්ටේ හෑන්ඩ් බෑග් එකත් අතට ගනිමිනි.කරන්නට දහසකුත් රාජකාරීන් තිබුනත් යෂ් මේ කල ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මට හිත දුන්නේම නැත.

සිනහවකින්වත් පිළිතුරක් නොදී යෂ් ඉස්සර විනි.ඉතිං මා මුලින්ම නදී සොයා ගියෙමි.ඇයට මා පිටට යන බව පැවසිය යුතුය.

" සර් එක්ක....තනියමද උඹ යන්නේ....." මා පිටට යන බව කියූ ගමන් නදි ඇස්දෙක නළලටම ගත්තාය. හිටට නැගුනේ නොරිස්සුම්සහගත තරහවකි.

" මොකෝ බං....උඹ නිකං බය වෙලා තියෙන්නේ සර් මාව මරන්න ගෙනියනවා වගේනේ....අනික මම තනියෙම වෙනදා පිරිම් එක්ක එලියට ගියේ නැද්ද....." වැඩ අස්සෙ මගේ හිත හෙම්බත්ව ඇති මොහොතක.යෂ් සමග මෙසේ හො එළියට යෑමට ලැබීම නිසා හේතුවක් නැතුවම මම සත්ටු වී සිටියෙමි.ඒ එකම සතුටටත් නදි මෙසේ අකුල් හෙලද්දී මගේ හිත තරහෙන් පිරී ගියේ මටත් වලක්වාගත නොහැකි ලෙසිනි.

" මන්දු..... මම මේ දේවල් කියන්නෙ උඹේ හොදට......එදා උඹ උඹට ඕනි දේවල් කලාට දැන් එහෙන බෑනේ.....තනූජ් මොනා නොහිතයිද උඹ ඔහොම එක එකා එක්ක යද්දී ......." නදී නොරිස්සුම්සහගත වී ඇත. ඉතිං මට සියල්ල වැටහිනි.මා තනූජ් ගැන යම්තාක් දුරට පැහැදී ඇති බව සත්‍යයක් උවත් තාමත් එය ආදරය නොවීය.මෙලෙස මගේ හිතට තනූජ්ව බලෙන් රිංගවීමට නම් හදන්නේ.එයින් වෙන්නේ තනුජ් වෙනුවෙන් යන්තම් පැහැදීගෙන එන සිත උපන් ගෙයිම මිය යාමයි.

මම නදීට උත්තර නොබැදම ආපසු හැරිනි.

" මම දන්නෙ නෑ.....උඹ යන දිහාවක් ගැන තනූජ් ට කියලා පළයන්........" නදීගේ කෝප සහගත ඒ වචන වලට මම ආයෙත් නැවතුනෙමි.

" නදී......තනූජ් ගැන හිතේ පැහැදීමක් තියෙන බව ඇත්ත.ඒත් යන යන හැම තැනම එයාට වාර්තා කරන්න තරම් එයා තාමටත් මගේ කවුරුවත් නෙමෙයි.අනික මම යන්නෙ වැඩකට...නැතුව හොර ගමනක් නෙමේනේ......." මගේ කෝපය පුපුරා ගියේ මටත් නොදැනිමය.ඉතිං තවත් කතා කොට පලක් නැති බව තේරුම් ගත් නිසාදෝ නදී කට වහගත්තාය.

මා එලියට එන විට යෂ් වාහනය පනගන්වා තිබුනි.මම වාහනයට නැගුනේත් පහව නොගිය කේන්තියකිනි.
මා හරිද වැරදිද කියන්නට මම නොදනිමි.එහෙත් මෙතුවක් කලක් මා වැරදි දේ නොකලෙමි.නව බැදීමක් හිතට සහනයක් නොවී වදයක් වනවාට මා කැමති නැත.

මා තුල වැරදි අඩුපාඩු ඇත . ඒවා පිරිමින්ට නොගැලපෙන බවද මම දනිමි.එහෙත් මේ දරදඩු හැගීම් හැසිරීම් සියල්ලම නැතිවී දිනෙක මා ආදරය කරන පිරිමියා ඉදිරියේ පමණක් මගේ බොලදත්වය නිරූපනය විය යුතුය.හැම පිරිමියාටම ලෙහෙසි ගැහැණියක වීමට මම සූදානම් නැත.මා මා ගැනම බිය වී උන්නෙමි.අන් ගැහැනුන්ගේ මෙන් මගේ හිතත් රබර් වගේ උනානම් කොයිතරම් දුරකට ඇදීගොස් අතෑරුනත් නැවතත් යතා තත්වෙට පත්වෙන්නට තිබුනි.එහෙත් නැත.මගේ හිත ටිකෙන් ටික ගල්වී ඇති රත්තරං ගුලියක් මෙනි.කොයි තරම් දිලිසුනත් ශක්තිමත් උනත්.තද කුලුගෙඩි පහරකින් නැවතත් කිසි දිනෙක යතා තත්වයට පත්විය නොහැකි ලෙස කුඩු වීයනු ඇත. මා සොයන්නේ ඒ රත්තරං ගුලිය උණුකරන හැඩයක් ලබාදිය හැකි පිරිමියෙකු මිස ටිකෙන් ටික පීඩනයට ලක්කොට මා කුඩුකර දමන්නෙකු නොවෙයි.

" නෙතූ....... උදේට කාලාද ඉන්නේ......" යෂ් බොහෝදුර විත් හඩ අවදි කලේය.

" නෑ....සර්......" වැඩිදුර නොහිතා මම මගේ කටට ආ පිළිතුර පිටකලෙමි.ඉතිං යෂ් නැවතත් නිහඩ විය.මා ගිලී උන් කල්පනා සයුර කලඹවමින් මගේ දුරකතනය නාදවෙන්නට ගත්තේය.තිරයේ වැටෙන්නේ තනුජ්ගේ නමයි.හිතේ තිබු කේන්තියට ඇනතුම විසන්දිකරන්නට හිතුනත් අනෙක් අතට තනුජ් පවු කියා සිතුනි.නදී මට බැන්නාට තනුජ් මා තේරුම්ගනු ඇත .

" හෙලෝ........." මම ඇමතුමට සම්බන්දවුනෙමි.

" මන්දාරී....... බිසීද......කතා කරන්න පුලුවන්ද........." ඒ හඩ සංසුන්‍ ය. ඉතිං හිතට ටිකක් හරි සහනයක් දැනුනි.

" නෑ.....අයියේ....කියන්න......මම මේ ඔෆිස් එකෙන් එලියට යන ගමන්......." යම්තාක් දුරට සැහැල්ලු වූ සිතකින්ම මම ඔහුට උත්තර බැන්දෙමි.කොහොමටත් නදී දැනටමත් කේලම කියන්නට ඇත.

" හ්ම්.....පරිස්සමින් යන්න.....ගිහින් ඇවිත් මට කෝල් එකක් දෙන්න... උදේට කාලද ඉන්නේ...... " ඉතිං නදී කියනා ලෙස තනූජ් මන් ගැන වැරදියට හිතුවේ නැත.අඩුම තරමේ යන්නේ කා සමගින්දැය් කියාවත් ඔහු ඇසුවෙ නැත..

" තාම කෑවේ නෑ අයියේ......."

" ඉතිං ඒකනේ ළමයෝ.....දැන් වෙළාව කීයද බලන්න.....ඔයා ඔහොම ගිහින් ලෙඩක් හදාගන්නවා....... " තනූජ් හොද පිරිමියෙකි.එහෙත් ඇයිදැයි නොතේරේ මගේ අයිතිකාරයා ඔහු බව තවමත් මගේ හිතට දැනෙන්නේ නැත.

" මන්දාරී...... බහින්න......" යෂ් වාහනය නවතා ඇත.මා වටපිට බැලුවේ එවිටයි.මේ කොහෙද මේ.......හිත ගැස්සිනි.මේ වෙළද දැන්වීම් ආයතනය නොවෙයි.උස් තාප්පයකින් වටවූ මේ සිව්මහල් ප්‍රාසාදය කුමක්ද...යෂ් ප්‍රේම් කුමාර් රාමචන්ද්‍රම් නැමැති මේ පුද්ගලයාව විස්වාස කිරීමට මා ඉක්මන් වූවා වැඩිද .....

" අයියේ..... මම ඔයාට පස්සෙ කෝල් කරන්නම්......" මම එසෙ කියා තනුජ්ගේ ඇමතුම විසංදි කලෙමි.

" සර්...... මේ කොහෙද මේ......." සහජයෙන් උරුම ගෑනු ගතිය ඉස්සරවී මම බය වී උන්නෙමි.යෂ් විවර කල දොරෙන් ඇතුල් වී වටපිට බලමින් හිදියි.

" ස.....ර්......" පළමු පැනය නෑසූකන්ව හිදින මේ මනුස්සයා ගැන මට ආවේ තරහකි.

" කෑ ගහන්න එපා මන්දාරී......මේ මගේ ගේ....." යෂ් මට දඩුවම් බැල්මක් හෙලීය.

" සර්ගෙ ගේ නම් සර් මොකටද හොරෙක් වගේ ඉන්නේ ඇතුලට යන්නෙ නැතුව.බොරු කියන්න එපා........" මගේ හිතට නැගුනු සාදාරණ සැකය මම පිටකලේ ටිකක් සද්දෙට.

" කෑ.....ගහන්න එපා මෝඩයෝ...... මම මේ බලන්නේ ඩේමියන් එලියෙද කියලා....." රහස් කියන සද්දෙන් සර් කතා කරද්දි මම තවත් බය උනා.

" ඩේමියන් හරි මොකා හරි......මාව ලේසියකට ගත්තද සර්......." මම බිය වී ඇති මගේ හිත සගවගෙන කෑ ගැසූවෙමි.

" ගර්ර්‍............" පසෙකින් නැගුනු හඩට මගේ කට වැසි ගියේ ඉබේමය.බියමුසු බැල්ම විදුලි වේගෙන් ඒ ශබ්දය ආ දෙසට යොමු විනි.දත් විලිස්සාගෙන ගොදුරට මාන බලන සිංහයා මෙන් මා දෙස රවාගෙන බලා සිටින බලු තඩියා දුටු විට මට ඉහෙන් කනෙන් දාඩිය දමන්නට ගත්තේය.

" අනේ.....සර්......" බියවූ බැල්ම බල්ලාගේ ඇස්වලම රදවාගෙන මම කෙදිරිගෑවෙමි.

" කිව්වා....කෑ ගහන්න එපා කියලා......." සර් මා ඉදිරියට විත් මා ආවරනය වන පරිදි හිටගත්තේ බලු තඩියාට මා නොපෙනෙන්නට විය යුතුය.

" සර්..... කියන්න එපැයි ඩේමියන් කියන්නෙ බල්ලෙක් කියලා....මම දන්නෙ කොහොමද......" මගේ වචන ආයෙත් සද්දෙන් පිටවිනි.

" මන්දාරී.........." යෂ් කෑ ගැසුවේ කේන්තියෙනි.

" බව්ව්ව්ව්.........." බලු තඩියාත් ඇගටම කඩා පැන්නේය.ඉතිං මට උන්හිටි තැන් අමතක විනි.

" සර්......බල්ලා.....සර්.....බල්ලා.....සර්.........බල්ලා......" මම හතර වටේ දුවන්න ගත්තේ කෑ ගසමිනි.

" බ්ව්.....ගර්ර්........" බල්ලාත් මා පසුපසය.

" ඩේමියන්....වේට්....වේට් ......." සරුත් බල්ලා පසුපසය.....මේ මොන විකාරයක්ද......මටම සිතේ....ඒත් නැවතුනොත් වෙන්නේ මගේ කෑලිත් නැතිවෙන එකය....

හිස හැරුනු හැරුනු අත මම පණ එපා කියා දුවයි.සරුත් බල්ලාත් මා පසුපසිනි.අන්තිමට දුවාගන්න පණ නැතිවූ මොහොතේ මා සර්ගෙ අත්දෙකට මැදි වුනි.

මේ මොකද....බල්ලව අල්ලගන්නවා වෙනුවට මෙයා ඇයි මාව අල්ලගත්තේ.....මෙයා මටද බල්ලටද උදව් කරන්නේ.....

" සර්.....ඇයි මාව අල්ලගත්තේ......ඔයා මාව මෙහෙට ගෙනාවෙ බල්ලට කන්න දෙන්නද........." මගේ කට පාලනය වෙන්නේම නැත.බල්ලා ඇවිස්සෙන්නේ මගේ කටේ සද්දෙට කියා දනිමි.ඒත් මට කට නවත්තා ගැනීමට නොහැක.

" මන්දාරී .....ෂටප්......" බැරිම තැනදො සර් බැන වදිමින් මගේ කට මිරිකාගත්තේය.

" බව්ව්ව්ව්ව්......."බල්ලා මා පසුපසිනි....

" ම්ම්ම්ම්ම්ම්......ස්......." කට මිරිකාගෙන ඇති නිසා කෑ ගසන්නට නොහැකිය....බේරෙන්නට ක්‍රමයක් නැති පාර මම ඒ ඇගේම එල්ලිනි.

" ඩේමියන්......ෂටප්.........ප්ලීස්......ගෝ......" යකො...මේ සර්.....මම මෙච්චර බයවෙලා ඒ ශරීරෙ බදාගෙන ඉන්නවා.මාව සනසනවා වෙනුවට මේ මනුස්සයා බල්ලව හුරතල් කරනවා......

" බව්ව්ව්ව්ව්....." මේකත් මහ නහයට අහන්නෙ නැති බල්ලෙක්ද කොහේ.එල්ලෙන්නෙම මගේ ඇගේ.

" රාජූ.........." ඒ පාර මේ කාටද කතා කරන්නෙ.තවත් බල්ලෙක්ද......මේයා මාව බල්ලන්ට කියලා කවලා මරන්නද හදන්නේ....කට තද කරගෙන ඉන්න නිසා කෑ ගහන්නත් බෑ.....

" පොඩි මාතියා.........එයි එයි......" අම්මෝ ඇති යන්තම් ....රාජු බල්ලෙක් නෙමේ.

" මම කියලා තියෙනවනේ රාජ්......ඩේමියන්ව දවල්ට ලිහන්න එපා කියලා.......ඇයි ලිහුවේ......." මාත් එක්ක තියෙන තරහටද මන්දා යෂ් කෑ ගැහුවෙත් රාජුට.

" පොඩි මාතියා.....ඩේමියන් අද නෑවා තමා.......යිතිං චුට්ටක් ලිහුවා. අව්වෙ ඉන්න......."

" අරගෙන යන්න.....අරගෙන යන්න....එයාව.මෙයාව කෑවොත් එයාටත් පිස්සු බෝ වෙයි......" අනේ ඇත්තට මේ මනුස්සයනම්..මේ මිනිහව බදාගෙන ඉන්න මටත් පිස්සු නේන්නම්.මීට හොදයි බල්ලා කන එක.මම ඔහුව අතහැරියේ බල්ලා කෑවාට කමක් නෑ කියා සිතාය.ඒත් කොහෙද එක අතකින් මගේ කට තද කරගෙන අනිත් අත මගේ බෙල්ල වටේ ඔතාගෙන.ඒ පාර මගෙ හුස්ම ල් මරන්න හදනවද......

" යෂ්.........."" ඒ ආපු සද්දෙට අපි දෙන්නම ගල් ගැහුනා.

දෙවියනේ...ලොකු මැඩම්....යෂ්ගෙ අම්මා......දැන් මොකද කරන්නේ.....මේ ඉන්න හැටි දැක්කම එයා මොනවා හිතයිද......දැන් ඉතිං කරන්න තියෙන්නෙ එකම දෙයයි.රගපෑමේ උච්චම අවස්ථාව.

" අනේ......සර්.....බල්ලා......." මම මහහයියෙන් හඩන්නට පටන් ගතිමි. එක්වරම වූ විපර්යාසය ට මුලින් යෂ් කලබල උනත් පසුව ඔහුත් මා කරනා දෙය තේරුම් ගති.

" හරි ... හරි....මිස්... දැන් බයවෙන්න එපා....බල්ලා ගියා......." යකෝ.....මේකා මට වඩා හොදට රගපානවනේ.මට මිස්ලු......

" අනේ......අනේ......." එකපාරටම අඩන එක නවත්තන්නත් බෑනේ....මම මගේ ඇඩිල්ල වැඩිකලා.

'" මොකෝ.....පුතා......" ලොකු මැඩම් අපි ලගට ආවෙ බයවෙලා.

" බලන්න අම්මා.....ඩේමියන් මේ ළමයව කන්න පැන්නනෙ........" මම හිතාගෙන හිටියේ මේ විදියට රගපාන්න පුලුවන් මට විතරයි කියලා.බලන් යනකොට මෙයා මට වඩා හොදට රගපානවනෙ...

" ඒ මොකද .....ඩේමියන් එහෙම මිනිස්සුන්ව කන්නෙ නෑනේ........" ලොකු මැඩම් මගේ ලග.යෂ් හිමීට මාව අතෑරියා.

" ඩේමියන්....කැමති නෑ අම්මා ගෑනු ළමයි මගේ ලග ඉන්නවට....එයාට ඉරිසියයි......"

" ඒ මොන විකාර කතාවක්ද........සතෙක් මොකටද ඉරිසියා කරන්නෙ...." මගේ හිතේ වූ පැනය ලොකු මැඩම් එලියට දැම්මාය.

" සත්තුත් අපි වගේ තමා අම්මා.......තමන්ව හදන්නෙ පිරිමියෙක් නම් ගෑනු සත්තු කැමති නෑ තවත් කෙල්ලෙක් ඒ පිරිමියා ලගට එනවට.ඒක එයාලගේ ආදරේ......." යෂ්ගෙ හේතුපැහැදිලි කිරීමට බොරු ඇඩිල්ල මැද්දෙන් පිට පනින්නට හැදූ හිනාව මම ආයාසයෙන් නතර කරගතිමි.ඉතිං ඔය කියනා තර්කය පිළිගන්නට තිබුනි ඩේමියන් ගෑනු සතෙක්නම්.....ඒත් පිරිමි සතෙක් මෙයාට මේ තරම් ආදරේ මොකද....

" ඩේමියන් කියන්නෙ ගෑනු සතෙක්........" මගේ හිතෙහි නැගි සියලුම සිතිවිලි යෂ් හදුනගෙන ඇත.දැඩි බැල්මක් මවෙතට හෙලාගෙනම එයා ඒ විදියට කිව්වෙ ඒ නිසා වන්නට ඇත.ඒත් පැනයක් ඇත.

" එයා ගෑනු සතෙක්නම් මොකටද ඩේමියන් කියලා නම දැන්මේ......." කට පරිස්සම් නැති නිසාම මගේ ඇඩිල්ල මැද්දෙන්ම වචන පිටවිනි.

" එයත් හිතාගෙන ඉන්නෙ තමුන් හිතාගෙන ඉන්නවා වගේම එයත් පිරිමි සතෙක් කියලා......ඒ නිසයි පිරිමි නමක් දැන්මේ......." ඉතිං මා කට වසා ගත යුතුය.නැත්නම් ලොකු මැඩම් ඉදිරියේ මගේ චරිතාපදානේ මේ මනුස්සයා දිග හරිනු ඇත...

" අපි යමු දරුවි ඇතුලට..........." ලොකු මැඩම් මා වත්තම් කරගත්තාය.ඉතිං තාමත් මගේ ඇඩිල්ලනම් නැවතී නැත.කිසි දිනෙක පා තබා නැති මේ ප්‍රාසාදය හොදින් මනසට හසු කර ගැනීමට හැකි පරිදි මම දෑස් හතර අතේ ඇඩිල්ල මැද්දෙන්ම කරකැව්වෙමි.

" ඔයා මෙතනින් වාඩි වෙන්න......" ලොකු මැඩම් මා සුවපහසු සෝෆාවක වාඩි කරලීය.මා හොදටෝම බය වූයේ ඊට පසුවය.....බොරු ඇඩිල්ල ඇත්ත ඇඩිල්ලකට පෙරලෙන්නට මහ වෙලාවක් ගියේ නැත.

ලේ...ලේ ...මගේ අත ලේ වලින් පෙගුනේ කෙසේද.....අර බලු තඩියා මාව කාලද....

" අනේ.....අනේ......" මගේ ඇඩිල්ල වේගවත් උනි.මා මේ අඩන්නේ බල්ලා කෑ වේදනාවට නෙවෙයි....දැන් මට බල්ලා කෑවට බෙහෙත් විදිනු ඇත......එකක් නෙමේ.....විසි හතරක්ම......

" මොකද මොකද ළමයො........" මගේ වැඩිවූ ඇඩිල්ලට මැඩමුත් බයවෙලාය.

" අනේ.... මැඩම්.....අර ඩේමියා මාව කාලා........." මා ඇයට අත පෙන්නා හැඩුවෙමි.එහෙත් මටම පුදුමය මගේ අත කෑමට තරම් ඩේමියන් උස නැත.....

" දෙබියනේ........පුතා....." පඩිපෙළ නගිමින් සිටි යෂ් ඒ අඩට හැරී බැලීය.

" මේ ළමයව ඩේමියන් කාලා පුතා......බෙහෙත් විදින්න වෙයි..........."

" හොද වැඩේ.... .....ඩේමියන් ඇති ඒ නිසා කට වහගෙන ඉන්න කිව්වට පොඩ්ඩක්වත් ඇහුවෙ නෑ.... " මේ මනුස්සයටනම් කිසිම හිතක් පපුවක් නැත.අඩුම තරමෙ අනුකම්පාවක්වත් නැත.

" මම දන්නෙ කොහොමද සර් ඩේමියන් කියන්නෙ බල්ලෙක් කියලා.සර් බල්ලට දාන්න් ඕනි නම වැඩකාරයට දාලා වැඩකාරයට දාන්න ඕනි නම බල්ලට දාලා.....ඉතිං ඩේමියං ඩේමියං කිව්වම මම හිතුවෙ මනුස්සයෙක් කියලා......" මැඩම් මගේ ඉදිරියේ බව අමතකව මට කෑ ගැස්සුනි.සර් අත්දෙකත් පපුව මැද්දෙන් පටලවගෙන මගේ දිහා හිනාවක් නැති මූනෙන් බලා හිදියි.

" ඉන්න .... මම බෙහෙත් අරගෙන එන්නම්....." මැඩම් අප දෙදෙනාව දමා ඇත්ලට ගියාය.

දැන් මට තවත් බයය.මෙයා බල්න ඉන්න විදිය මට අල්ලන්නේම නැත.ඉතිං මම තවත් ඇඩිල්ල්ද් වැඩි කලෙමි.

" ,දැන් ඔච්චර අඩන්න තරම් බල්ලා කාපු තැන රිදෙනවද...." හිනාවක් නැති මූනෙන් ඒ අහපු ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් මට නැත.ඇත්තටම බල්ලා කාලා තියෙන්නෙ කොහෙද . මට රිදෙන්නේ නෑනේ....ඒත් ඉතිං ඒක කොහොමද මෙයාට කියන්නේ.

" බල්ලා කාපු තැන හිරිවැටිලා සර්......ඒ නිසා මට රිදෙන්නෙ නෑ......." මගේ හිතට ආ මුල්ම උත්තරේ මම කියා දැන්මෙමි.

සර් සාක්කුවෙව් තිබ්බ ලේන්සුව එලියට ගත්ත.ඒ පාර මොකද......

"අත දෙනවා මෙහාට......"

"මට බෑ......" හිත මුරණ්ඩුය.මගේ වචනය සතපහකට ගනන් නොගෙන ඔහු මගේ අත රැගෙන ලේ පිස දැමීය

" දැන් පෙන්නනවා තුවාලේ ....." ඒක අනකි.ඉතින් අත වටේටම ඇස් ඇරියත් මට සොයාන්නට තරම් තුවාලයක් නෑනේ.....

" ෂා....සර්ගෙ ලේන්සුව හොදයිනෙ.......තුවාලෙ සනීප වෙලා......" මගේ කටට වචන එන්නේ කොහෙන්ද කියාවත් මම නොදනිමි.ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ල්ව්නවා.මට කියන්න තියෙන්නෙ එච්චරයි.

" බල්ලෙක් කෑවේ තමුන්ව නෙවෙයි.මාව...මේ......" සර් පෙන්නුවේ ඇද සිටි කමිසයේ පිටුපසයි.සුදු කමිසයේ පදාසයක්ම ලෙයින් තෙත්ව ඇත.

" ස....ර්....." මම බිය උනෙමි....

" වහාම....ඔය යක්ස නියපිතු ටික කපලා දානවා.....මිනිස්ස්න්ව හිල් කරන්නෙ නැතුව......" එය තර්ජනයකි .ඉතින් මට සියල්ලම වැටහුනි.බල්ලාට බය වී ඔහුව බදාගත් මොහිතේ මගේ නියපොතුවලට ඔහු හීරෙන්නට ඇත.

" ඇහුනද මම කියපු දේ......."

" ඔව් සර්......." වචනයෙන් පමනක් නොව මම ඔලුවත් වනා එය පිළිගතිමි.ඔහු සුසුමක් හෙලා ආයෙත් පඩිපෙල වෙතට පියමැන්නේය.

" සර් ......." මම හඩ අවදි කලෙමි

" ඇයි......" ඔහු පඩිපෙල පාමුල සිටම මට උත්තර බැන්දේය.

" අනේ.....මම ඒක ඕන කමින්කලේ නෑ සර්......ඒත් නියපොතු විසයි සර්.....ඒ නිස පිටගැස්මට බෙහෙතක් විදගන්න....." මේ පාර නම් මම කලේ විහිලුවක් නෙමේ.මා නිසා ඔහු තුවාල වූ එකට මට ඇත්තටන දුක හිතුනි.

" ඔව්.....පිටගැස්මට විතරක් නෙමේ...මම ජලබීතිකාවටත් විදගන්නවා....." යෂ් එහෙම කියලා පඩිපෙල නැගලා යන්න ගියා.මගේ මුවගට නැගුනෙ හිනාවක්.ඒ ඇයි.....මට තේරෙන්නෙ නෑ....

(මතු සම්බන්දයි )
0

Madud
New Member
New Member
Posts:54






--
27 Apr 2018 08:04 PM
  •  Quote
  •  Reply
වසන්තය නුඹම විය......09 කොටස

කොහොමෙන් කොහොම හරි සර්ගෙ ගෙදරින් උදේටත් කාලා අපි දෙන්නා වෙළද දැන්වීම් ආයතනයට ආවා.බල්ලා නිසා වෙච්ච විනාසෙන් පස්සේ සර් මාත් එක්ක කතා කලේ නැති තරම්මයි.

ඇත්තම කිව්වොත් මට බය හිතුනා.කාගෙ උනත් නියපොතු හරි විසයි.සර්ට උණ ගනියිද මන්දා.

" මන්දාරී......මේ ස්ක්‍රිප්ට් එක බලන්න......බලලා ඉවර වෙලා අපි මිස්ට දිසානායක එක්ක කතා කරමු....." යෂ් මගේ අතට දුන්නෙ ෆයිල් එකක්....මම මගේ හිතේ තිබ්බ ඔක්කොම කුනු කන්දල් අයින් කරලා ඒක කියවන්න ගත්තා.

අපේ ප්‍රචාරක දැන්වීම්වල තේමාව උනේ මිත්‍රත්වය . පොහොසත් පවුලක හා දුප්පත් පවුලක ළමයි දෙන්නෙක් අතරෙ ගොඩනැගෙන අපූරු මිතුරුකමක්...

තාමත් අපේ අලුත් ප්‍රඩක්ට් එක ගැන ප්‍රචාරය වූ දැන්වීම් දෙකටම ඇතුලත් වුනේ නෑ. මේ අන්තිම දැන්වීමෙන් තමයි නිශ්පාදනය ගැන හැඳින්වීම කරන්නේ... ඒත් යශ් කිවුවා වගේම මගෙ හිතටත් ඒ ස්ක්‍රිප්ට් එකේ තේමාව හරිගියේ නෑ. අපේ මාකට් එක මධයම හා පහල ආර්ථිකය. ඒත් මේකෙ අන්තිමට පෙන්නන්නේ පොහොසත් ළමයා දුප්පත් ළමයට බිස්කට් එක අරගෙන දෙනවා.ඒක ඒ විදියට උනොත් අපේ මූලික පරමාර්ථය ඉශ්ට වෙන්නේ නෑ.මේකෙ මිල දුප්පත් මිනිසෙකුට දරන්න බෑ කියන මතය තමයි මේ ඇඩ් එකෙන් සමාජගත වෙන්නේ. ඒක අපේ විකිණුම් පරමාර්ථයට සම්පූර්ණ පටහැනි දෙයක්.

"මොකද ඔයාට හිතෙන්නේ..." යශ් මගේ කල්පනාවෙන් බරවෙච්ච මූණ දිහා බලාගෙන අහනවා.

"මේකෙ ස්ක්‍රිප්ට් එක දැන් වෙනස් කරන්න බෑ සර්... මොකද කලින් ඇඩ් දෙකට මේක සම්බන්ධ වෙන්න ඕනි.මෙතන තියෙන්නෙ පුන්චි ප්‍රශ්නයක් ... ඇත්තෙන්ම ස්ක්‍රිප්ට් එකේ වරදක් නෑ. මම එහෙම කිවුවේ ඒකයි.

"මොකද්ද? "

" මේකෙ මිල ගැන ඇඩ් එකෙන් එළියට යන්නේ වැරදි අදහසක් ඒකයි ප්‍රශ්නේ...." මම මගේ හිතේ වූ අදහස එලියට දැම්මා.

" හරි ... අපි එහෙනම් මිස්ටර් දිසනායක එක්ක මේ ගැන කතා කරමු.මට ස්ක්‍රිප්ට් එක අවුල් කියලා තේරුනාට ඒ ඇයි කියලා තේරුනේ නෑ.ඔයාට හිතෙනවනම් ඒකයි ප්‍රශ්නේ කියලා අපි ඒ ගැන කියමු..." යශ් මගේ අදහසට එකඟ වුනා.උදේ වුන දේට පස්සේ සර් මේ තරම් වචන ගොඩක් එකපාර මා එක්ක කතා කරාමයි.

බලාගෙන යනකොට යශ් ට තියෙන්නේ මගේ ගතිගුණමද කොහෙද? විහිළු කරන වෙලාවට වගේම වැඩ කරන වෙලාවත් එයා හොඳට දන්නවා. * * * * * * * * * *
අපිට අවශ්‍ය දේ මම පැහැදිලි කලාට පස්සේ අධ්‍යක්ෂකවරයා පිටපත් රචකයා එක්ක කතා කරලා පිටපත වෙනස් කලා.අන්තිමට දුප්පත් ළමයයි පොහොසත් ළමයට අපේ නිශ්පාදනය අරගෙන දෙන්නේ.ඒකෙන් අපේ ප්‍රශ්නේ විසඳුනා. කොහොමහරි වෙළෙඳ දැන්වීම් ආයතනයෙන් එලියට එනකොට දවල් තුනත් පහු වෙලා.මම හිටියේ හොදටම බඩගිනි වෙලා.ඒත් ඉතිං ඒක කටක් ඇරලා කියන්න බයයි.සර් ඉන්නේ එච්චර හිත හොඳකින නෙමෙයි වගේ.... නියපොතු සැරට උණ ගන්නවද දන්නේ නෑ.මට ආයෙත් බය හිතුනා.

" සර් ..." මම ඒ මූන දිහා බලාගෙනම කටහඬ අවදි කලා.

"හ්ම් ...." මගේ මූණවත් නොබලා එයා උත්තර දෙනවා.

" පිටගැස්මට බෙහෙත් එකක් විදගමු සර් .." මේ නම් විහිලුවක් නෙමෙයි . මට ඇත්තටම බය හිතුනා සර් අසනීප වෙයි කියලා.

" කාටද? ..." යශ් මගේ ගැන ලොකු අවදානයක් නැති විදියට අහනවා.

"විහිලුවක් නෙමෙයි සර් ... මිනිස්සුන්ගේ නියපොතු හරි විසයි. සර් අසනීප වෙයි කියලා මට බයයි..." ඉතිං මම දන්නේ නෑ ... පිරිමියෙක් වෙනුවෙන් මගේ කටින් ඒ වගේ වචනයක් කවදාවත් පිටවෙලත් නෑ.... යශ් මගේ දිහා බැලුවේ මට තේරුම්ගන්න බැරි බැල්මකින්... ඇත්තෙන්ම මම බය වුනා.පිරිමියෙක් ඉස්සරහා මෙහෙම හැසිරීම මගේ ප්‍රතිරූපය නෙමෙයි. නදී කියනවා වගේ මම මගේ සීමාව ඉක්මවනවද?...

මම කියපු දේට උත්තරයක් නොදුන්නට යශ් වාහනය පෞද්ගලික රෝහලකට ඇතුල් කලා.හිත යටට ආවේ සතුට මුසු වෙච්ච දුකක්... ඒ කියන්නේ යශ් මම කියන දේ අහනවා.ඒත් මට දුකයි...එයා නොපෙන්නුවට ඉන්නවා ඇත්තේ වේදනාවෙන්.
වාහනය නවත්‍තලා ඒකෙන් බහින ගමන් යශ් බැලුවේ මගේ දිහා.ඒ බැල්මේ අර්ථය නොතේරුනත් මගේ හිත මට අණ කලා එයත් එක්ක ඇතුලට යන්න කියලා. "සර් ... මාත් එන්නද?..." ඉල්ලීමක්වත් අවසරයක්වත් නැතුව මට එයා එක්ක යන්න බෑ... ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒකයි මම මුලින්ම අවසරය ඉල්ලුවේ. " හ්ම්. ...." තනි වචනයෙන් මට ඒ අවසරය ලැබුනා.ඉතිං ආයෙත් හිත හිත ඉන්න දෙයක් නෑ.මමත් වාහනයෙන් බැස්සා. * * * * * * * *

වැරැද්ද මගේ.මම මගේ කට පරිස්සම්කරගෙන බල්ලව අවුස්සගන්නෙ නැතුව හිටියනම් මේ මුකුත් නෑනේ.මගෙත් කිසි පරිස්සමක් නෑ.

" සර්..... මම එලියෙන් ඉන්නම්....සර් බෙහෙත් අරගෙන එන්න......" එයත් එක්ක ඇතුලට යන එක හොද නෑ කියලා හිතුන නිසා මම වෛද්‍යවරයාගේ කාමරය ඉස්සරහ නැවතුනා .

" එනවා ඇතුලට ඩොක්ට දැනගන්න ඕනි මේ විනාසෙ කරපු සතා මොකාද කියලා........" මේ තරම් සීරියස් විදියට මම ඉන්න හැදුවම මෙයා කර්න්නෙම මාව අවුස්සන වැඩමයි.මම මූණ නරක් කරගත්‍තා.

" එනවා එනවා........" ආයෙ කිසිම අනුකම්පාවක් නැතුව එහෙම කියාගෙන එයා ඇතුලට ගියා.ඉතිං වෙන මොනා කරන්නද....එයා එන්න කියලා කිව්වනෙ.මට නොයා බෑනේ....මාත් ඉතිං රජ්ජුරුවෝ පස්සෙන් යන පුරෝහිතය වගේ එයා පිටිපස්සෙන් ඇතුලට ගියා.

" මොකක්ද ලෙඩේ............" එතන හිටියෙ තරුණ පිරිමි ඩොක්ට කෙනෙක් . ඒත් ඉතිං ලෙඩාව පැත්තක තියලා ඩොක්ට ප්‍රශ්න අහන්නෙත් මගෙන්.නදී හිටියනම් අනිවාර්යයෙන් කියනවා දකින ඕනම මිනිහෙට එක පාරින්ම තේරෙනවා කියලා මට ලෙඩක් තියෙනවා කියලා.

" මේකයි ඩොක්ට ......." යෂ් ලෙඩේ විස්තර කරන්න හැදුවේ.ඒත් ඉතින් වැරැද්ද කලේ මමනේ.

" මේකයි ඩොක්ට උනේ......" යෂ්ට කලින් මම ඉස්සරවෙලා සිද්දවෙච්චදේ පැහැදිලි කරන්න හැදුවෙ.මම කතාකරන්න ගත්තු නිසා එයා කට වහගත්තා.ඩොක්ටත් ආයෙ මගේ දිහා බලාගෙන.

"ඩොක්ට.....මම හිටියෙ ඔෆිස් එකේ.......මේයා මට ගමනක් යන්න කියලා කතා කලා......මාත් ගියා.......ඊට පස්සෙ මෙයා ගෙයක් ලග නතර කරලා හොරෙක් වගේ ඇතු......"

" ඩොක්ට අපේ ගෙදර බල්ලා මෙයාව කන්න පැන්නා.ඒකට බයවෙලා මෙයා මගේ ඇගේ එල්ලුන පාර එයාගෙ නියපොතු වලට මාව හීරුනා....." මම ඉතිං විස්තරාත්මකව කියන්න හදපු දේ යෂ් මැද්දට පැනලා කෙටියෙන් කියාගෙන ගියේ මට රවාගෙනමයි.ඉතිං මම කට වහගත්‍තා.

" අප්පා....එහෙමද......එහෙනම් පිටගැස්මට බෙහෙත් විදින්න වෙයි.....ඊට කලින් තුවාල බලමුද........" ඩොක්ට මගේ පුම්බගත්තු මූණ බලලා හිනාවෙලා එහෙම කිව්වා.

" ඕකේ....ඩොක්ට......" යෂ් ඇදගෙන ඉන්න ෂර්ට් එකේ බොත්තම් ගලවනවා....මට දැනුනේ අපහසුවක්....

" සර්....මේ.....මම ...එළියට යන්නද......" ඩොක්ට උනත් මොනා හිතයිද දන්නෙ නෑ....ඒක නිසා මම එහෙම ඇහුවා.ඒත් මට පිළිතුරු විදියට ලැබුනේ දඩුවම් බැල්මක්.දැන් මොකද කරන්නේ.....එයා ඩොක්ටට තුවාල පෙන්නනකන් මම අහක බලාගත්තා.

" මිස්ටගෙ වයිෆ්ගෙ නියපොතුනම් බොහොම සැර පාටයි.ඇගිලි දහයම ලස්සනට වැදිලා පිටේ......." අහක බලාගෙන හිටියට මට ඒ කියන දේවල් ඇහෙනවා.

මොකක්....කාගෙ වයිෆ් ගැනද මේ කියවන්නෙ ....මම හැරෙන තැපෑලෙන් ඩොක්ට දිහා බැලුවේ.

" ඩොක්ට.....වයිෆ්ගෙ නෙමේ.....මගේ නියපොතුයි වැදුනෙ....." මම සර් දිහා වැරදිලාවත් බලන්නෙ නැතුව ඩොක්ටට කිව්වා.කාට උනත් වැරදි වැටහීම් තියෙන එක හොද නෑනේ..

" ඒකත් එහෙමද.........ඒකෙන් කමක් නෑ......අපි මුලින්ම තුවාලවලට බෙහෙත් දාමූ.....ඕකට විසබීජ් යන්න හොද නෑ......." ඒ පාර ඩොක්ටත් සත පහකටවත් මම කියපු දේ ගනන් ගත්තෙ නෑ.මම ආයෙත් අහක බලාගත්‍තා.

" ඕකේ ඩොක්ට......"

" එන්න.....අර බෙඩ් එකෙන් වාඩි වෙන්න......." ඩොක්ට එහෙම කියලා නැගිට්ටා.යෂ් පුටුවෙන් නැගිටිනවා ඇහුනත් මම ඒ දිහා බැලුවෙ නෑ.

" මේක පොඩ්ඩ්ක් අල්ලගන්නවා......" යෂ් මගේ ලගටම ඇවිත්.බලෙන්ම ගලවල තිබ්න ෂර්ට් එක මගේ අතට දුන්නා.ඉතිං තවත් අහක බලාගෙන ඉන්න බෑනෙ.මට ඒ මූණ දිහා බැලුනෙ ඉබේමයි.

ඉතිං අනන්තවත් මගේ මිතුරන් උඩුකය නිරුවත්ව හිදිනු මා දැක ඇත.එහෙත් යෂ් ප්‍රෙම් කුමාර් රාමචන්ද්‍රම්ව එලෙසින් දකිද්දී මගේ හිතේ මේ ඇතිවෙන විපර්යාසය ඒ කිසිදු පිරිමියෙකු ලගදී මට දැනී නැත.හිත ඇතුලේ කැකෑරෙන්නේ මහා නොසංසුන්තාවයකි.ඔහුගෙන් ඇස් ඉවත්කරගන්නට මෙන්ම ඔහුවෙත ඇස් රදවාගැනීමටත් මට එකවර උවමනා විය. මට පිටුපා යන ඔහුගේ පිටේ ඇත්තම පේන්නටම මගේ ඇගිලිවල නියපොතු පාරවල් පේන්නට ඇත.ඉතිං හිත දුකින් පිරුනි.ඇත්තෙන්ම මට මේ මොනා වෙලාද.....බෙහෙත් දමා අවසානයේ වෛද්‍යවරයා අතට ගත්තේ එන්නතකි.මගේ ඇග බියටම හිරිවැටුනි.

"සර්...... මම එලියට යන්නද......" එන්නත්වලට ඇතු අසීමිත බිය ගැන දන්නේ මා පමණකි.

" පොඩ්ඩක්....එක තැනක ඉන්න බැරිද......ආ...." වෛද්‍යවරයා සිටින බවද අමතක කර යෂ් මට බැන වැදිනි.

" එහෙනම් සර්..... මම සර්ගෙ අතිං අල්ලගන්නද......." එන්නත් කටු දකිද්දී බියවෙන මගේ හිත පාලනය කර ගැනීමට මට කාගේ හෝ සහයෝගයක් අවශ්‍යය.

" මිස්....බය වෙන්න එපා....මම එයාට රිදෙන්න විදින්නෙ නෑ....." ඒ පාර ඩොක්ට....මේ මොන සමයමක්ද කියවන්නෙ.මම මේ බයේ ඉන්නවා.එයා විකාර කියවනවා.ඒත් ඉතිං කටක් ඇරලා කියන්නෙ කොහොමද .....පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ වයසට ඔන්න මෙන්න ඉන්න මම එන්නත්වලට බයයු කියලා.

" ඒ උනාට......මට ඩොක්ටව ෂුවර් නෑ.....මම සර්ව අල්ලගන්නම්......." තැනට සුදුසු විදියට වචනයක් දෙකක් එහෙන් මෙහෙන් දාලා අවසරය ලැබෙන්නත් කලින්ම මම ඒ අතක එල්ලුනා.

ඩොක්ට හිනාවෙල එහෙම එන්නත අතට ගත්තා.නොබලනවා කියලම හිතාගෙන හිටියත් මගේ ඇස් කෙලින්ම එල්ලවෙලා තිබ්බෙ එන්නත දිහාවට.බයටම මන්දා මාව සීතල වී ඇත.ඒ කටුව ටිකින් ටික මස් ඉරාගෙන ඇතුලට යද්දී මගේ ඇග හිරිවැටිනි.මට හිතුනේම මේ දේ හීනලෝකෙ වෙන දෙයක් වගෙ....හාත්පස අදුරු වී ඇත.

"මන්දාරී.......මන්දාරී......" අදුර මැද්දෙන් මට ඇහුනේ යෂ් ගෙ කටහඩ.ඒත් ඊටපස්සෙ ඒකත් ඇහෙන්නෙ නැතුව ගියා....

(මතු සම්බන්දයි )
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Apr 2018 09:25 PM
  •  Quote
  •  Reply
03 සිට 09 දක්වා කොටස් ටිකම නංගී දාලා නේද?
දැන්නම් කියවන්න වෙලාවක් නැහැ නංගියෝ..
අද රෑට මේක කියවලා අදහස් දෙන්නම්...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Apr 2018 09:33 PM
  •  Quote
  •  Reply
Posted By Madud on 27 Apr 2018 07:58 PM
වසන්තය නුඹම විය.......... 03

පස්සෙ එන්නම් යයි කීවාට ආයෙත් ඒ රූම් එකට යන්න මගේ හිත දුන්නේ නැත .ඔහු නැවත මට එන්නට කියා පණිවිඩයක් එව්වේත් නැත.එය ඇත්තටම සහනයකි.

" මන්දූ........ගෙදර යන්නෙ නැද්ද......" වෙලාව පහ මාරටත් කිට්ටුය.නදී ගෙදර යන්නට ලෑස්ති වී මගේ කාමරයට ඔලුව දැම්මාය .පුරුද්දට අසනවා මිසක ඇය මා දෙන උත්තරය නොදන්නවා නෙමෙයි.

" උඹ පලයං නදී...... මම මේ වැඩ ටික ඉවර වෙලා යන්නම්......" ඇති වැඩක් නැතත් මම බොරුවට විකුණුම් සටහන් වගයක් පෙරල ගතිමි.

" බලාගෙන.......උඹ ඔය කරන කැපවීම දැකලා.....අපේ ලොකු සර් මේ කම්පැනි එක උඹේ නමට ලියලා දෙයි......." නදී ඒ ඇනුම්පදය කීවේ මා එක වූ තරහකට නොවන බව මම දනිමි.මා මෙසේ පමා වන හේතුව දන්නේත් ඇයම පමණි.

මගෙන් උත්තරයක් නැති පාර නදී සුසුමක් හෙලා යන්නට ගියාය. ඉතිං මට දුකය.....දවසේම හිනාවෙලා හිටියත් ඉර එලිය නැති වෙලා රෑ කලුවර එනවා වගේ රාත්‍රිය මට මූසල හැගීමකි.උවමනාවක් නැතත් කරන්නට වැඩක් උවමනා නිසා මම නිශ්පාදනය අවසන් වු නිශ්පාදිත යන්ගේ තත්ව පරික්ෂා සටහන් පිරික්සන්නට විමි.

සටහන් අතරේ ඇස් එහේ මෙහේ වෙද්දී කාලය යනු තේරුනේම නැත .

" මිස් .... ගෙදර යන්නෙ නැද්ද.. ....." ආරක්ෂක නිළදාරියා මා ඉදිරියේ පෙනී සිටීය.අතේ ගැටගසා සිටි ඔර්ලෝසුව දෙසට මගේ ඇස් ඇදුනි...

දෙවියනේ.......රෑ හතත් වෙලා.කවදාවත් මම මෙච්චර පරක්කු වෙලා නෑ.දැන් මොකද කරන්නෙ.මම දඩි බිඩි ගාලා හෑන්ඩ් බෑග් එකත් අරගෙන පුටුවෙන් නැගිට්ටා.

" එස් ඕ.....මගේ රූම් එකේ යතුර මෙන්න........හොදට චෙක් කරලා මුලු ඔෆිස් එකේම තියෙන දොරවල් වහන්න.අද මට ඒවා බලන්න වෙලාඅක් නෑ......." මම ආරක්ෂක නිළදාරියා අතට යතුරු දුන්නා.

" මිස්...... මගේ දරුවෙක් කියලා හිතලයි මේ කියන්නේ......මේ විදියට රෑ වෙනකන් මේවයෙ ඉන්න එපා . මිස්ලගෙ දෙමව්පියො උනත් බය වෙලා ඇත්තෙ...." ආරක්ෂක නිළදාරියා දුන්නු ඒ අවවාදයට මට මන් ගැනම ඉපදුනේ ආත්මානුකම්පාවක්....මගේ දෙමව්පියෝ........

" එස් . ඕ. ඇයි තාම සර්ගෙ රූම් එකේ ලයිට් දාලා......" ආරක්ෂක නිළදාරියගෙ ප්‍රශ්නයට උත්තර නොදී යන්න හදනකොටම මගේ ඇස්වලට අහම්බෙන් වගේ සර්ගෙ කාමරය ඇහැ ගැටුනෙ.

" පොඩි සර් තාම ගියේ නෑ ......." ආරක්ෂක නිළදාරියගෙ ඒ පිළිතුරට මට පුදුම හිතුනා.ආයතනයට ආපු මුල්ම දවසෙ එයාට මෙච්චර රෑ වෙනකන් කරන්න තියෙන වැඩේ මොකක්ද.

ආරක්ෂක නිළදාරියා එතනම ඉද්දි මම සර්ගෙ කාමරය දිහාට ගියා.දැනටමත් හදාගෙන තියෙන ප්‍රතිරූපෙ හොද එකක් නෙමේ නිසා.කඩාගෙන බිදගෙන ඇතුලට යන්නෙ නැතුව මම දොරට තට්ටු කලා.

ඒත් නෑ....ඇතුලින් කිසි සද්දයක් නෑ.ඇතුලට යනවද නැද්ද කියලා මම තුන් හතර පාරක්ම කල්පනා කලා.කතා නොකර එක පාරටම ඇතුලට යන එකත් හරි නෑ.ඒත් කමක් නෑ.මම කොහොමත් පිස්සු චරිතයක් කියලා සර් දන්නවනෙ.

ආයෙත් හිත එහෙ මෙහෙ යන්න කලින් මම දොර ඇරියා.හිතේ බයකුත් තිබ්බා .මෙච්චර තට්ටු කරලත් මෙයා දොර ඇරියෙ නැත්තෙ ඇතුලෙ කලන්තෙවත් දාලද......

ඒත් ඉතිං දැක්ක දේට මටම හිනා.හරි ශෝක් අලුත් සර්......මෙයා මෙහෙම ඉන්නව අනිත් කට්ටියත් දකින්න තිබ්බෙ.අනිවාර්යයෙන් ආදර්ශෙට ගන්නවා.ඇයි දෙවියනේ මේසේ බදාගෙන මෙහෙමත් නිදාගන්නවද.. ... සාමාන්‍යයෙන් හවස හයෙන් පස්සෙ මට හිනා වෙන එක අමතක වෙනවා.ඒත් ඉතිං මේ ඉන්න හැටි දැක්කම කාටද හිනා යන්නෙ නැත්තේ.හිනාව මැද්දෙන්ම මම ඒ රූපෙ දිහා බලාගෙන හිටියා.කලින් සමාන කම නොදැක්කට දැන් ලොකු සර්ගෙ යි මෙයාගෙයි සමානකම් මට හොදට පේනවා.වෙනසකට තියෙන්නෙ ලොකු සර් කලුයි.මෙයා සුදුයි.ඒකට ඉතිං එකම හේතුව මෙයාගෙ අම්මා. ලොකු සර්ගෙ වයිෆ් දෙමළ උනාට ඉංදියානු ජාතිකයෙක්.කාලෙකට කලින් එයා ෆිල්ම් දෙක තුනක රගපාපු දෙමළ නිළියක්.එහෙව අම්මගෙම පුතානෙ මේ.

මම පිරිමියෙක්ගෙ ලස්සන ඇස්වලින් මනින්නෙ නෑ.ඒත් සර් ලස්සනයි.ගැහැනුන් වශී වෙන උස් කඩවසම් සිරුරක් එයාට තියෙනවා.ඒත් ඒ ලස්සන ඉස්සරහවත් මගේ හිත ගැස්සෙන්නෙ නෑ...පිරිමි ගැන මගේ හිතේ මේ තරම් ඇල්මැරුනු හැගීම් ඇතිවුනේ කවද ඉදන්ද ....... මම දන්නෙ නෑ.... මම මට මතක ඇති කාලෙක ඉදන් මෙහෙමයි. පිරිමියෙක්ව සත පහකට විස්වාස නොකරන.පිරිනියෙක් ලග හුරතල් නොවන පිරිමි මායිම් නොකරන දැඩි චරිතයක් මට තියෙන්නේ....ඒක එක අතකට අවාසනාවක්......ආදරය කියන දේ මට උරුම නොවුනෙ ඒ නිසා.පිරිමි මගේ මේ දැඩි පෞරුෂය ට බයයි....... ඒත් දැන් මට මේකෙන් මිදෙන්න බෑ.කවදහරිම දවසක මගේ ඇතුල් හිත පිරිමදින්න පුලුවන් පිරිමියෙක් හම්බු උනොත් මම වෙනස් වෙයිද......

සුසුමක් හෙලුනෙ ඉබේමයි..

සර්ට ඒ සද්දෙ ඇහිලද මන්දා ....... නින්දෙන් නැගිටින්නද හදන්නේ.....එහෙම උනොත් නම් විනාසයක්.උදේ ඉදන් හදාගෙන තියන නරක නාමෙට තවත් පෝර වැටෙනවා.මොන නරක නාමේ හදාගත්තත් මේ විදියට පිරිමියෙක් දිහා බලාගෙන ඉදලා කැත නමක් නම් මට හදාගන්න බෑ.කොහොමටවත් මෙයා දිහා මේ විදියට බලාගෙන ඉදලනම් මට අහුවෙන්නම බෑ.....

මගේ අතට අහු උනේ සර්ට බොන්න ගෙනල්ලා තිබ්බ වතුර වීදූරුව.ආයේ දෙපාරක් හිත හිත ඉන්න බෑ.ඉන්න වෙලාවකුත් නෑ.වෙන දෙයක් වෙද්දෙන් කියලා මම වතුර වීදුරුවෙන් වතුර අරගෙන බාගෙට ඇස් අරන්න ලෑස්තිවෙලා හිටපු අලුත් සර්ගෙ මූණට ඉහගෙන ඉහගෙන ගියා.

" ම්....මො........අහ්..............." ඇතිවෙන ප්‍රතිඵලය භයානක වෙයිද මන්දා .සර් මට සිංහලෙනුයි දෙමලෙනුයි ඉංග්‍රීසියෙනුයි කලවමේ බැන බැන දඩ බඩ ගාලා නැගිට්ටා.

" හම්මේ......ඇති යංතන්......" මම පපුවට අත තියාගත්තෙ හුස්මක් ලොකූවට පිටකරලා.සාමාන්‍යයෙන් මේ වෙලාවට මට විහිලු මතක් වෙන්නෙත් නෑ.මේ වෙලාවෙත් එහෙම තමයි.ඒත් දැන් බේරෙන්නත් එපැයි .


" ම්....මේ....මොකක්ද තමුසේ කලේ........" සර් රතුවෙලා.තරහා පොඩ්ඩක් නෙමේ ගොඩක් තරහ ගිහින් .ඇයි දෙවියනේ නිදාගෙන ඉන්න මිනිස්සුන්ට වතුර ගහන සිරිතක් තියෙනවද....

" අනේ.....සර්.....දැන් සර්ට හොදද......." මටත් ඉතිං කම්මලේ බල්ලට වගේ ඔය බනින ඒවනම් අදාලම නෑ

" මට මොනාවත් වෙල් නෑ හලෝ..... " සර් ඉන්නෙ මාව කන්න තරම් කේන්තියෙන්.

" එහෙනම් කලන්තෙ දලා හිටියේ........" මමත් කිසි දෙයක් දන්නෙ නැති ගානට කියලා දැන්මා.
"
" මොන කලන්තයක්ද.....හලෝ..... මම නිදාගෙන හිටියේ......." සර් තෙත් වෙච්ච කමිසය අතින් පිහද පිහද කියවනව.මටත් ඕනි උනේ ඒ කටින්ම ඒක අහගන්න තමයි.

" මේ....සර්.මේක නිදාගන්න තැනක්ද.....හරි ශෝක්නෙ සේවකයින්ට ලොක්කො දෙන ආදර්ශෙ......." ඒ පාරනම් මම බැන්නෙ ඇත්තටමයි.ලොක්කො අපිට දෙන්න ඕනි අවවාද අපිට ලොක්කන්ට දෙන්න වෙලානේ.සර්ගෙ කටත් වැහුනා.මොනා කියන්නද .... මම බොරුවක් නෙමෙයිනෙ කිව්වේ.

තවත් ඉතින් මම එතන හිටියෙ නෑ.මේ මනුස්සයා නිදි මරගාතේ මට මොකකින් හරි දමලා ගැහුවොත්.

ආරක්ෂක නිළදාරියගෙ පැමිණීම් පොතේ අත්සන් කරලා මම පාරට බැස්සා.දෙවියනේ .... හොදටම කලුවර වෙලා.කොහොමද මේ පාරෙ තනියම යන්නේ........ මම කොච්චර බය නැති කෙනෙක් උනත් කලුවරට බයයිනේ .....දැන් මොකද කරන්නේ.....මම ආපහු හැරුනෙ ආරක්ෂක කුටියට යන්න හිතාගෙන.ඒත් දුරින් එන සර්ගෙ වාහනේ දැකලා මම ආයෙත් නැවතුනා.දැන් මොකද කරන්නේ . සරුත් යනවනම් මම විතරක් තනියම මෙතන ඉන්නත් බෑ.

ආයෙ හිතන්න දෙයක් නෑ.ඉස්සරහට එන වාහනේට මම පාර මැද්දටම කරලා අත දැන්මා.සර් කොහොමත් තරහින්.දැන් තවත් තරහා යයි.කමක් නෑ.මිනිස්සුන්ගෙ තරහා ඉවසලා මට පුරුදුයි.

" ඒ පාර මැරෙන්න හදනවද........." සර් වීදුරුවෙන් ඔලුව එලියට දාලා කෑ ගහනවා.

ඕනම ගෑනු ළමයෙකුට ලැජ්ජ බය කියන දේ සහජයෙන්ම උරුමයි.මටත් එහෙම්මමයි.ඒත් ඒ දේවල් මම හිත යට තද කරගෙන ඉන්නේ.ජීවත් වෙන ඒ තප්පරේදි ගන්න පුලුවන් හොදම තීරනේ තමයි මම ගන්නේ.නවත්තපු වාහනේට මම අවසරයක් නැතුවම නැග්ගා. ඒ මූනෙ තියෙන හැගීම අදුනගන්නනම් මට ඕනි උනේ නෑ.

"සර් ..... මේ පාරෙ ගෑනු ළමයින්ට තනියම යන්න හොද නෑ.සර් පාරටනෙ යන්නෙ.මාවත් හෝල්ට් එකකින් බස්සගෙන යන්න......" සර්ට ඒ දේ බෑ කියන්න බැරි වෙන්නම මම උත්තරෙත් කටටම දුන්නා.සර් මගේ දිහා බලාගෙන.එයා පුදුම වෙළාද ...... නැත්තම් බයවෙලාද .....සාමාන්‍යයෙන් වෙන්නෙ මේ වගේ වෙලාවක ආයතන හිමි කාරයා ගෑනු ළමයට කාර් එකට නගින්න ආරාධනා කිරීමයි ගෑනු ළමයා ඒක ප්‍රතික්ෂේප කිරීමයි.ඒත් ඉතිං මම අසාමාන්‍ය යි.ඒකයි මගේ ඇත්ත.

සර් එක වචනයක්වත් කියන්නෙ නැතුව කාර් එක ස්ටාට් කලා.

දිගටම කවුලුවෙන් පිට බලාගෙන ගියා මිසක් මමත් කතා කරන්න ගියේ නෑ.පාලු පාර ඉවර වෙලා ප්‍රදාන පාරට ආවා.හිතට සැනසිල්ලක් දැනුනෙ එතකොටයි.

" සර් ...... ඉස්සරහා තියෙන හෝල්ට් එකකින් මාව දාලා යන්න......." හෑන්ඩ් බෑග් එකත් අතේ පටලවගෙන බහින්න ලෑස්තිපිටම මම පාර දිහා බලාගෙනම ඒ ටික කිව්වා.

ගෙවල් කොහෙද ......." මම කියපු එක ඇහුනෙ නෑ වගේ සර් අහනවා.

" කමක් නෑ.....සර්.... මාව මෙතනින් බස්සන්න......" මම හිතුවෙ සර් හදන්නෙ මාව ගිහින් බස්සන්න කියලා.ඒක නිසා මම එහෙම කියලා දැන්මා.

" නෙතු......." සර්ගෙ කටින් ඒ අකුරු දෙක පිටවෙනකොට මාව ගැස්සුනා.නිල්නෙතු......ඒ මගේ නමේ මම ආසම කොටස.....ඒකෙනුත් ..නෙතූ නමින් මාව ආමන්ත්‍රණය කරනවට මම කොච්චර කැමතිද.....

" මොකද....ගැස්සුනේ......අර මන්තරයක් වගේ දිග නමින් මට මතක එච්චරයි........" මගේ බයවෙච්ච මූණ දැකලද කොහෙද සර් ආයෙම කිව්වා.

" හා සර්....." මම කිව්වා නෙමේ.මට කියවුනා.

" මම යෂ් ප්‍රේම් කුමාර් රාමචන්ද්‍රම් ...... මම අකමැතිම දේ තමයි මම අහන ප්‍රශ්නෙට උත්තර නොදී විකාර කියවන එක .හරිද......." මෙයා නම් අර නිළි අම්මගෙ පුතාම තමයි.ඒක නිකං චිත්‍රපට දෙබසක් කිව්වා වගේ කිව්වෙ. ඕකට තව අන්තිමට .....හහ්....හහ්....හා.....කියලත් කිව්වනම. ඇරපු අතක් නෑ ..දෙමළ ෆිල්ම් එකක දුශ්ටයම තමයි.ඕවා ඉතිං මම කියන්න ගියේ නෑ.

" කියන්න ......ගෙවල් කොහෙද....." මම දිගටම නිශ්ෂබ්දව ඉන්න නිසාද කොහෙද ආයෙත් එහා අහනවා.

" අපේ...... ගමේ සර්......." අනේ ඉතිං මේ නම් මගේ වැරැද්ද නෙමේ.මගේ කටේ වැරැද්ද....පොඩි කාලෙ කවුරුහරි ඇහුවම ගෙදර තියෙන්නෙ කොහෙද කියලා.ඒක විහිලුවට අරගෙන ගෙදර තියෙන්නෙ අපේ ගමේ කියලා කියපු පුරුද්දට සර් ඉස්සරහත් එහෙන්නම කියවුනා.

" නෙතූ............" ඒ පාර නම් හොදටම තරහ ගියාද කොහෙද.

"සොරි සර්......." හිත ඇතුලෙන්ම පළවෙනි පාරට කොල්ලෙක්ගෙන් මම සමාව ඉල්ලුවා.

" දෙවියන්ගෙ නාමෙන් කියනවා.බස් එකේ ගියාම ගෙවල් ලගින්ම බහින්න පුලුවන්ද කියලා......." සර් කේන්තිය වැඩි කමටද කොහෙද කාර් එක නවත්තලම මගේ දිහා බැලුවා.

" ඔ...ඔව්....සර්.......අනේ ඒත් ඔය චිත්‍රපට දෙබස් විදියට ප්‍රශ්න අහන එක නවත්තන්නකෝ........" හිතේ කිසිම දෙයක් තියාගන්න බැරි මගේම කරුමෙටද කොහේ. සර් ඒත් ඒකට නුකුත්ම කිව්වෙ නෑ.

" හරි බහින්න......." දන්නෙම නැතුව හෝල්ට් එකකින් කාර් එක නවත්තලා.

" මේ නම් විහිලුවක් නෙමේ සර්.......උදේ ඉදන් මගෙන් වෙච්ච වැරදි වලට මට සමවෙන්න......." වැරැද්දක් කලානම් ඒක පිළිගන්නම ඕනි.නැත්තම් ඒක කැත ගතිගුනයක්.

" ඕකේ....ඕකේ....." ඒ මුවගට ආවේ සැහැල්ලු මදහසක්.ඒක දැකලා මගේ හිතත් සැහැල්ලු උනා.

මම බැහැලා හෝල්ට් එකට ආවා . හෝල්ට් එකට ආවට පස්සෙයි දැක්කෙ.සරුත් පස්සෙන් ඇවිත්.

" ඇයි සර්......."

" නෑ.....ඔයා බස් එකට නගිනකම් මම ඉන්නම්......." සර් එහෙම කියලා එතන තිබ්බ යකඩ බංකුවෙන් වාඩි උනා.මම පිරිමින්ගෙ හොදක් ලේසියෙන් දකින්නෙ නෑ ..... ඒත් හිතට එකගව දෙයක් මට කියන්න පුලුවන් ... යෂ් ප්‍රෙම් කුමාර් රාමචන්ද්‍රම් .... ඇත්තෙන්ම මහත්මයෙක්.

ඒත් ඉතිං ඒයා හිටපු එකෙන් උනේ ගෙදර යන එක තවත් පරක්කු වෙච්ච එකයි.ආපු ආපු හැම බස් එකේම සෙනග අඩුයි කියලා මෙයා මට යන්න දෙන්නෙ නෑ.කොහොමහරි පැය බාගෙකට පස්සෙ තමයි එයාට හිතට හරියන විදියෙ සෙනග පිරුනු බස් එකක් ආවේ.බස් හෝල්ට් එකේ හිටගෙන හිටියා මදිවට බ්බස් එකෙත් හිටගෙනමයි.කොහෙද ඉතිං ඉපදෙච්ච දවසෙ ඉදං කාර් වල යන මිනිස්සු දන්නවද බස් වලබ්තියෙන දුක....



(මතු සම්බන්දයි )

තුන්වන කොටස කියවූවා.. විශිෂ්ඨයි නංගී..

මම කියවන ලද සමහර නවකතා වලටත් වැඩිය හොදයි නංගී...

0
Add Reply
Page 1 of 3123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below