You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 May 2019 05:31 AM by  chamaramind
සමෝසා වෙළෙන්දා
 79 Replies
Sort:
Page 1 of 41234 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Aug 2017 10:10 PM
  •  Quote
  •  Reply

මොහොතක් නැවතී මෙම අපුරු කතාව කියවන්න


ලොස් ඇන්ජලීස්හි නාට්‍ය කන්ඩායමක සේවය කල තරුණ පියානෝ වාදකයෙක් මැදියම් රැය පසු වී පාන්දර 2.30 ට පමණ තම සැහැල්ලු මෝටර් රථයෙන් සිය නිවසට යමින් සිටියේය. පාලු මාවතේ බෙන්ස් රථයක් ලග සිට ගත් කාන්තාවක තම රථය දෙසට වේගයෙන් අත් වනමින් සිටිනු ඔහුට පෙනුණේය. ඔහු තම රිය නැවත්වූ විට ඇය මෙසේ කීවාය.

මගේ මහත්තයා පිළිකා රෝගයෙන් මරණාසන්න වෙලා සාන්ත මොනිකා වල සැන් ජෝන්ස් ඉස්පිරිතාලේ නවත්තලා ඉන්නවා. එයාට දැන් සිහියක් නැහැ. සුළු විවේකයක් ලබා ගෙන නැවත පැමිණේන්න යයි කියා රෝහලේ කට්ටිය මාව ගෙදර එව්වා.සිහිය ඇවිත් එයා මට කතා කරනවාය කියා දැන් මට රෝහලෙන් ඇමතුමක් ආවා. මම ඉක්මනට යන්න උත්සාහ කලත් මගේ කාර් එක මෙතන නැවතුණා . කරුණාකර මාව ඒ ඉස්පිරිතාලෙට එක්කන් යන්න පුලුවන්ද?

ඔහු එයට එකග වී තම මගින් බැහැර සැතපුම් හයක් පමණ ගොස් ඇය එම රෝහලට ඇරලුවේය. ඔහුට ප්‍රවීණ පියානෝ වාදකයෙක් වීමට අවශ්‍යව ඇති බවත් , පුහුණු වීම් සදහා නිවසේ පියනොවක් නොමැති වීම එයට බාධාවක් බවත් ඇය ඒ ගමන අතර තුරදී දැන ගත්තේය. රියෙන් බැසීමට පෙර ඇය ඔහුගේ ලිපිනය ලබාගත්තාය.

තමා වෙනුවෙන් කල කැපකිරීම වෙනුවෙන් රෝහල ලගදි ඇය ඔහුට ඩොලර් 100ක් පිරි නැමුවාය. එත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. මුව නොසැහෙන සේ ස්තුති කල ඇය ඉවත්ව ගියාය.

දින දහයකට පසුව ඩොලර් දසදහසකට වඩා වටිනා සිත්කළු පියෝනාවක් මෙම තරුණයාගේ නිවෙසට කිසිවෙකු විසින් ගෙනවිත් භාරදුනි. ඒ සමග සටහනක් ද ඒවා තිබුණු අතර එහි මෙසේ සදහන් විය.

මගේ සැමියා පෙනහළු පිළිකාවෙන් මිය යාමට පෙර ඔහුටත් මටත් මිනිත්තු 20ක් එකට සිටීමට අගනා අවස්තාවක් උදාකරදීමට ඔබ කාරුණික විය. ඔහුද සංගීතඤයෙක් විය. ඒ මිනිත්තු 20 ලබා දීම ඇගයීම වශයෙන් ඔබගේ සංගීත වෘත්තිය දිරි ගැන්වීම සදහා මේ පියානෝව ඔබට ලබා දීමට අපි දෙදෙනාම කැමති වූයෙමු.

දවසේ මෙහෙවර හමාර කොට ඉතාමත් වෙහෙසට පත් වී නවාතැනට යමින් සිටි මේ තරුණයාට මේ කාන්තාවගේ ඉල්ලීම ඉටු කර දීම සදහා සැතපුම් 12ක් වැඩිපුර රිය පැදවීමට සිදු විය. ඒ උදව්ව වෙනුවෙන් ඒ කාන්තාව ලබා දුන් ඩොලර් 100ද මේ තරුණයා ප්‍රතික්ශේප කළේය. එය මෙහි ඉතාම වැදගත් සිද්ධියයි. උදව්ව යන්නේ වටිනා තේරුම උදව්ව යන්නමයි. මේ තරුණ සිත යහපත්ය. උදාරය. ඒ මානව ගරුත්වය තරුණ සිත් තුල තිබිය යුතුමය.

ඉක්බිතිව ඒ තරුණයා අපේක්ෂා නොකළ දෙයක් සිදුවිය. ඩොලර් දස දහසක් වටිනා පියානෝවක් ඔහුට හිමි වෙයි. මෙහි වැදගත්ම දේ වන්නේ අර කාන්තාව මේ තරුණයා කල උපකාරයට කෙතරම් ගෞරවනිය හැගීමකින් පසුවුවාද යන්නයි. තම සැමියා අවසන් හුස්ම හෙලීමට පෙර ඔහු සමග මිනිත්තු 20ක් ගත කිරීමට ඉඩ ලැබුනේ මෙම තරුණයාගේ උපකාරය නිසාය.

මෙබදු කතා කියවා අවබෝධ කරගෙන කෑම මේසයේ දී හෝ ගමනක් බිමනක් යන විට හෝ සුහදව තම පවුලේ සාමාජිකයන් එකතු වී සිටින අවස්තාවක හෝ ඒ ගැන මව හෝ පියා හෝ කතා කරයි නම් ඉන් වැදගත් බලපෑමක් දරුවන්ගේ ජිවිතයට සැබවින්ම උදා වෙයි

සරත් විජේසුරිය මහතාගේ ග්‍රන්ථයක් ඇසුරෙන් උපුටා ගන්නා ලදී

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Aug 2017 10:12 PM
  •  Quote
  •  Reply
උදව්ව යන්නේ වටිනා තේරුම උදව්ව යන්නමයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

wasangaama
Basic Member
Basic Member
Posts:199






--
04 Aug 2017 12:14 AM
  •  Quote
  •  Reply
උදව්වට උදව්ව... වටිනවා.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
04 Aug 2017 04:15 AM
  •  Quote
  •  Reply
කෙනෙකුට කරන සුළු උදව්වක් තව කෙනෙකුට කොයි තරම් වටිනාවාද යන්න ගැන හොඳ උදාහරණයකි මේ කතාව.
දැන් බලන්න,...මේ කතාව ලියපු සරත් විජේසූරිය....එයාල 2015 ජනවාරි කාලේ කරපු සුළු උදව්වක් නිසා අලිමංකඩ පාමංකඩ හොයාගන්න බැරිව හිටියට  රවී කරුනානායකලා කෝටි ගණන් වල ගෙවල් ගන්න අපූරුව කාටද ආඩම්බර.

 

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
04 Aug 2017 07:25 PM
  •  Quote
  •  Reply
උදව් දෙන්න ඕන කරදරයක් පත්වුනු අයට ඒ වෙනුවෙන් පිනක්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Aug 2017 07:43 PM
  •  Quote
  •  Reply
අවශ්‍යම උදවුවකට ලැබුන අවශ්‍යම උදවුවක් .

අර්ථවත් කතා පොඩ්ඩක් ,එත් ලොකු පාඩමක් . ස්තුති අයියේ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
04 Aug 2017 08:42 PM
  •  Quote
  •  Reply
අර්ථවත් කතාවක්...
අවශ්‍ය වේලාවෙදී උදව්වක් නැතිනම් වැඩක් නැහැ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
05 Aug 2017 11:36 PM
  •  Quote
  •  Reply
මොන අඩුපාඩුකම් අපේ රටේ මිනිස්සුන්ගෙත් තිබුණත් මන් හිතනවා මිනිසුන් කරදරයකට පත් වෙලා ඉන්න වෙලාවට ඕනෑම වෙලාවක අපේ මිනිසුන්ගෙන් වැඩි පිරිසක් ඒ සඳහා උදව්වෙන්න ඉදිරිපත් වෙනවා.

එකෙනුත් ගොඩක් වෙලාවට පොඩි මිනිහා තමයි මුලින්ම එන්නේ. පාරේදී කරදරයක් උණොත් බොහෝ විට මෝටර් බයිසිකලේක හෝ ත්‍රිවිල් එකක යන කෙනෙක් තමයි නවත්වලා අහන්නෙ මොකක්ද මහත්තය වෙන්න ඕන කියල. ලොකු වාහනේක යන කෙනෙක් එහෙම ඉදිරිපත් වෙනවා හරිම අඩුයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Aug 2017 12:49 AM
  •  Quote
  •  Reply
කරන දේට පසු උපකාරයක් බලාපොරොත්තුවෙන් තොරව මෙවැනි ක්‍රියාවක් සිදු කලොත් බලාපොරොත්තු නොවුනත් මෙවැනි දේ බොහෝ දුරට ලැබෙනවා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Sep 2017 11:11 PM
  •  Quote
  •  Reply

එක්‌ සත්‍ය කතාවක්‌
මවු සෙනෙහස සැඟවුණු තැන

මේ කතාව අම්මලාගේ ආදරය කෙබඳු දැයි යන්නට උදාහරණ කතාවකි. මවුවරු සමහර දරුවන්ට වැඩියෙන් ආදරය කරන අවස්‌ථා දක්‌නට ලැබේ. මවකගේ ආදරය එසේ අඩු වැඩි විය හැකි දැයි කෙනෙකු ප්‍රශ්න කරන්නට පුළුවන. එසේ විය හැකි යෑයි මම සිතමි.

එක්‌ මවකට දරුවන් කිහිප දෙනෙකු සිටියහ. එයින් වැඩුමල් පුතා දල කාරයෙකු විය. දලකාරයෙකු යෑයි කීවේ ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වී සිටි බවය. දැන් පළාත් සභා මන්ත්‍රීකම නැති වුවද ඔහුට අග හිඟයක්‌ නැත. ඔහු මන්ත්‍රීධුරය දැරූ කාලයේදී හරි හම්බ කරගත් දේවල් තිබේ.

එබැවින් තම මව ඔහු තම ගෙදර නතර කර ගත්තේය. ඇයට ඇඳුම් පැළඳුම් කෑම බීම හොඳ කාමරයක්‌ ආදී වශයෙන් පහසුකම් සියල්ල සලසා දුන්නේය.

මේ මවට තව දරුවන් කිහිප දෙනෙකු සිටියහ. ඔවුන් පළාත් සභා මන්ත්‍රී සහෝදරයා තරම් වත්කම් නොතිබූ නමුත් සාමාන්‍ය ජීවිත ගත කළහ.

අග හිඟකම් මැද දිවි ගෙවුයේ පවුලේ බාලම සහෝදරයා පමණි. වැඩි උගත්කමක්‌ නොලද හේ කළේ එදිනෙදා කුලී වැඩය. ඔහු ජීවත් වූයේ පළාත් සභා මන්ත්‍රීවරයාගේ නිවස අසලම කුඩා නිවසකය.

විසල් මැඳුරක සිටියද මව පැල්පතේ සිටින සිය බාල පුතු අමතක කළේ නැත. නුදුරු පැල්පතේ වෙසෙන පුතුගේ දුක සැප බලන්නට මව හැම විටම පැල්පතට ගියාය.

ඒ යන එන වෙලාවන්හිදී ඇයට බාල පුතු විඳින දුෂ්කරතා පෙනුණි. වැඩි ආදායමක්‌ නොලද පුතාගේ කුස්‌සිය අගහිඟකමින් පිරී තිබෙනු මව දුටුවාය. ඒ ගෙදර සහල් සීනි පිටි තිබුණේ මඳ වශයෙනි. වේලකට උයනු ලැබුවේ එක එළවළුවක්‌ පමණි. දරුවන්ගේ ඇඳුම් පැළඳුම් කඩමලු හෝ කිළිටි වී ගිය ඒවා විය.

බාලපුතාට උපකාරයක්‌ කළ හැකි විදියක්‌ මව කල්පනා කළාය. ඇය අත මුදල් තිබුණේ නැත. ඇය අන්තිමට කල්පනා කළේ දුගී පුතුට උපකාර කරන උපක්‍රමයක්‌ ගැනය.

ඇය කළේ පළාත් සභා මන්ත්‍රී පුතුගේ ගෙදර තිබෙන සහල් කිලෝවක්‌ පමණ රෙදි පොටෙහි දාගෙන ගොස්‌ බාල පුතුගේ බිරිඳට දීමය. දෙවනුව ඕ කිරිපිටි ටින් එකෙන් ස්‌වල්පයක්‌ කොළයක දවටා ඇඳි වතෙහි දවටාගෙන ගොස්‌ බාල පුතුගේ බිරිඳට දුන්නාය. මෙලෙස මිරිස්‌ අල ලූනු ආදී කුස්‌සියේ තිබෙන කෑමට බීමට ගත හැකි ද්‍රව්‍ය සඟවා ගෙන පුතුගේ ගෙදරට ගෙන ගොස්‌ දීම පුරුද්දක්‌ කර ගත්තාය. පුතාගේ බිරිඳද මේ ගෙන එන දෑ භාර ගත්තේ දිළිඳුකම නිසා මිස සොරකම පිණිස නොවේ.

පළාත් සභා මන්ත්‍රීගේ බිරිඳට කුස්‌සියේ බඩු අඩුවීම මුලින් දැනුණේ නැත. නමුත් තේරුම් ගත නොහැකි අයුරින් කුස්‌සියේ යම් යම් බඩු අඩුවන බව ඇයට දැනිණි. ගෙදර සේවකයන්ද සිටියේ නැත. එසේ වී නම් සේවකයන් සැක කරන්නට හැකිකම තිබුණි.

එබැවින් ඇය කුස්‌සිය ගැන සෙවිල්ලෙන් සිටියාය. තම නැන්දණිය මිරිස්‌ කරල් ටිකක්‌ රෙදි පොටෙහි සඟවා ගනු ඇය එක්‌ දිනෙක දුටුවාය. කලබල නොවූ ඇය ඊළඟට සිදු වන්නේ කුමක්‌දැයි බලා සිටියාය. නැන්දණිය ඊළඟට ගියේ බාල පුතුගේ ගෙපැලට බව ඇය බලා සිටියාය.

මොළේ ඇති බිරිඳක්‌ වූ ඇය පළාත් සභා මන්ත්‍රීවරයාට මේ රහස කීවේ ඉතා සංසුන් ලෙසය.

"දැන් මොකද කරන්නේ. මන්ත්‍රීවරයා ඇසීය.

"ඕක අම්මගෙන් අහන එක හොඳ නෑ. අම්මා අනුකම්පාවට කරපු වැඩක්‌ නේ. එහෙම නෙමෙයි. අපි රුපියල් දාහක එක්‌දාස්‌ පන්සීයක විතර හාල් තුනපහ පාර්සලයක්‌ හදල අම්මට දෙමු මල්ලිට ගිහින් දෙන්න කියලා. මාසෙකට වතාවක්‌ දුන්නම ඇති. එතකොට දෙගොල්ලන්ටම හොඳයි.

මන්ත්‍රීවරයා බිරිඳගේ අදහස අනුමත කළේය. ඉනික්‌බිති කටයුතු සිදු වූයේ ඒ ආකාරයටය. ඒ ආකාරය කාගෙ කාගේත් ගෞරවයට හේතු විය.

මවකගේ සෙනෙහස වඩාත් හිමි වන්නේ නැති බැරි දරුවාටමය. එයින් අනිත් දරුවන්ට ආදරේ නැතැයි ප්‍රකාශ නොවේ.

* චන්ද්‍රසිරි දොඩන්ගොඩ

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
01 Oct 2017 12:34 AM
  •  Quote
  •  Reply
ඉතාමත් සංවේදී කතාවක්..
දේශපාලනඥයාගේ බිරිද ක්‍රියාකල ආකාරය අති විශ්ෂ්ඨයි...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Oct 2017 11:39 PM
  •  Quote
  •  Reply
මෙහි එන කථාවේ මූලික චරිත 3 ගැන හරි ආඩම්බරයි
හැමෝම මෙහෙම වෙනවනං
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Nov 2017 05:57 AM
  •  Quote
  •  Reply
හ්ම්ම්ම්ම් අර බිරිද වගේ අය දැන් කාලේ නම් බොහොම අඩුයි , අම්මා වරුන් කවදත් එලෙසමයි අඩු වැඩි වශයෙන් නමුත් මේ කතාවට නිසි වටිනාකමක් දුන්නේ අර බිරිදගේ ක්‍රියාව නිසයි කියලයි මට හිතුනේ . නැත්නම් මේ කතාව මිට වඩා දුකක් වෙන්න තිබුනා .
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Nov 2017 06:08 AM
  •  Quote
  •  Reply

true

මේ කුඩා දරුවන් දෙදෙනාගේ ජීවිත අභාග්‍යය වන්නේ ඉතාම කුඩා වියේදීය. ඒ අභාග්‍යවත් බව ඔවුන් වෙත ගෙන ආවේ දෙමවුපියන් විසිනි. ඔවුන්ගේ දෙමවුපියන් දිනපතා දබර වූහ. ගෙදර අඬදබර දරුවන් දෙදෙනාට සුපුරුදු ඒවා විය. වැඩුමලා ගැහැණු දරුවෙක්‌ වූ අතර බාල දරුවා පිරිමි ළමයෙක්‌ විය.

එක්‌ දිනෙක මවුපිය දෙදෙනාගේ දබරය දරුණු විය. එදින පියා විසින් ආයුධයකින් මවට පහර දෙනු ලැබීය. ඒ පහරින් මව මරු මුවට පත් වූවාය. ඉන් අනතුරුව පියා අත්අඩංගුවට පත් විය. අනාත වූයේ දරු දෙදෙනා ය.

මවත් පියාත් දෙදෙනාම අහිමි වූ දරු දෙදෙනාට සිදුවූයේ කුමක්‌ද? ඔවුන්ගේ ඥතිහු ද දුප්පතුන් වූහ. ඔවුන් ඇති හැකි අය නොවූහ. නමුත් දුගී වුවද ඥතීහු දෙදෙනෙක්‌ දරුවන් දෙදෙනා බාර ගත්හ.

දරුවන්ගේ මාමා කෙනකු දියණිය භාර ගත්හ. ඔහු දියණියගේ මවගේ සහෝදරයෙකි. කුඩා පිරිමි දරුවා භාර ගත්තේ සිරගත වූ පියාගේ සහෝදරයෙකි. දරුවන් අනාථ නොවී මෙසේ වීම ගැන කවුරුත් සංතෝෂ වූහ.

දියණිය භාරගත් මාමා හොඳ මිනිසෙකු විය. ඔහුගේ යහපත් බව දියණිය කෙරෙහිද බලපෑවේය. දැරිය යමක්‌ වටහා ගැනීමේ සමත්කම් ඇති බුද්ධිමත් එකියක වූවාය. මාමා ඇය පාසල් යෑව්වාය. ඉගෙනුමෙහි සමත් එකියක වූ ඇය හොඳින් ඉගෙනුම කළාය. ඇයගේ පෙනුමෙහි ද වැදගත්කමක්‌ තිබුණි. මිනීමරා ගත් මවුපිය දෙදෙනකුගේ ගතිගුණ ඇය කෙරෙහි නොවීය.

පිරිමි දරුවා වැටුණු බාප්පා එතරම් හොඳ මිනිසෙකු නොවීය. ඔහු දරුවාගේ අධ්‍යාපනය ගැන සොයා බැලුවේ නැත. දරුවා පාසල් ගියේ ආවාට ගියාටය. පිරිමි දරුවා වැඩිකල් පාසල් ගියේ නැත. ඔහු ගමේ කඩපිල්වල රස්‌තියාදුවට වැටුණේය. බාප්පා ඔහුගේ හැසිරීම සොයා බැලුවේ නැත. ඔහු ගෙදර ආවේ ඉඳහිටය. දරුවා නරක මිතුරන්ගේ ඇසුරට වැටී තිබුණි.

ඔහුගේ සොයුරිය මල්ලීගේ පැවැත්ම දැන සිටියාය. එහෙත් ඇයට මල්ලි මුණගැසුණේ නැත. ඔහු යහමගට ගැනීමට ඇයට වුවමනා වී තිබුණි. නමුත් මල්ලි අක්‌කා මුණගැසෙන්නට ගියේ නැත. තරුණ විය ළඟාවත්ම මල්ලි සොරෙකු වී සිටියේය. ඔහු පළමුව කළේ ගමේ සුළු සුළු සොරකම් ය. පසු කලෙක ඔහු ලොකු කඩවලට රෑ කාලයන්හි කඩා වැදී ලොකුවට සොරකමෙහි යෙදුණේය. බාප්පා මේ වනවිට ඒ දරුවා අතහැර දමා තිබිණි.

සහෝදරිය තම සොහොයුරා මුණගැසී ඔහු හා කතා කරන්නට උත්සාහ කළාය. එහෙත් සහෝදරයා ඇය රිස්‌සුවේ නැත. අන්තිමේදී නරකින් දිවි ගෙවන්නාට විය යුත්ත සිදු විය. මහා පරිමාණ සොරකමකට හසු වූ සහෝදරයා රිමාන්ඩ් භාරයට පත්ව එතැනින් බන්ධනාගාර ගත විය. ඒ අවුරුදු ගණනාවකටය.

යුවතිය යහපත් ලෙස හැදුනාය. පෙනුමෙන්ද යහපත් කමින්ද යුතු යුවතියට හොඳ විවාහයක්‌ ද සිදුවිය. ඇයට ලැබුණු ස්‌වාමියා හොඳ කෙනකු විය. කුඩාවට ව්‍යාපාරයක්‌ පටන් ගත් ඔහු ටික කලකින් සරු සාර ව්‍යාපාරිකයෙක්‌ විය. ඒ සාර්ථකත්වයට ඔහුගේ බිරිඳගේ සහයෝගය ද බලපෑවේය. ස්‌වල්ප කාලයකින් මේ දෙපළ "හාඩ්වෙයාර්" එකක අයිතිකරුවන් වූහ.

මේ අතර සොරකමට සිරගත වූ සහෝදරයා වසර 3 ක්‌ බන්ධනාගාරගතව සිට නිදහස්‌ විය. ඔහුට යා හැකි තැනක්‌ නොවීය. ඔහුට යා යුතු එකම තැන වූයේ ගම මිස අන් තැනක්‌ නොවේ. ඔහු හිර ගෙදරින් ලැබුණු සුළු මුදලක්‌ ඇතුව ගමට ආයේය. ගමට ආවද ඔහුට යන්නට තැනකට තිබුණේ ටික කලක්‌ හෝ හැදුණු වැඩුණු බාප්පාගේ නිවසටය. එහෙත් මේ නොදැමුණු තරුණයා බාර ගන්නට බාප්පා කැමැති නොවීය.

තම සහෝදරයා කඩපිල්වල තැනින් තැන වැටී නිදන බැව් සහෝදරියට ආරංචි විය. ලය උණු වී ගිය ඇය සහෝදරයා තමා වෙත කැඳවීය.

"අද ඉඳල හොඳ මිනිහෙක්‌ වෙයං. මේ හාඩ්වෙයාර් එකේ වැඩ කරප." සහෝදරයා එතැන් සිට හාඩ්වෙයාර් එකේ වැඩපළ කළේය. ඔහුට සහෝදරියගෙන් කෑම බීම ලැබිණි. හාඩ්වෙයාර් එක තුළම නිදන්නට පහසුකම් ද ලැබිණි.

මෙසේ ඔහු වැඩිකලක්‌ ජීවත් වූයේ නැත. මේ ජීවිතයේ කිසි ප්‍රියතාවක්‌ නැතැයි ඔහුට සිතිණි. දිනක්‌ එක්‌ රාත්‍රියක ඔහු යහළු සොරෙක්‌ කැඳවූයේය. හාඩ්වෙයාර් එකේ තිබුණ වටිනා භාණ්‌ඩ රැසක්‌ ත්‍රීවීලරයක පටවා ගත් මේ සහෝදරයා සොර මිතුරා සමග පලා ගියේය.

සහෝදරිය සහෝදරයාට විරුද්ධව පොලිසියට පැමිණිලි කළේ නැත. ඉන්පසු ඔහු දක්‌නට ලැබුණේ නැත. වෙනත් සොරකමකට අසුවූ ඔහු යළිත් බන්ධනාගාරගතව සිටියේය. බන්ධනාගාරයකදී තවමත් සිරදඬුවම් විඳින පියා හමු විය.

"උඹ කොහොමද හිරේට වැටුණේ"

"හොරකමකට"

"මගේ වැරැද්ද පුතා..... මගේ වැරැද්ද....." පියා පිළිතුරු දුන්නේය.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
03 Nov 2017 06:10 PM
  •  Quote
  •  Reply
ලස්සන කතාවක් පුවතක්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Nov 2017 10:54 PM
  •  Quote
  •  Reply
අර ජාතක කථාවක් තියෙන්නේ ගිරා පෝතකයන් දෙදෙනෙකු ගැන .. අන්න ඒ වගේ සිදුවීමක්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
04 Nov 2017 12:55 AM
  •  Quote
  •  Reply
සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය.
සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය.
සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනීමෙන් සියලු දුකින් මිදෙයි.

සබ්හි සූත්‍රය
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 Nov 2017 02:11 PM
  •  Quote
  •  Reply

පුංචි සරුංගලේ කතා වස්තුව


එකෝමත් එක කාලෙක පුංචි සරුංගලයක් තිබුණා. 

මම ඒකට පුංචි සරුංගලයක් කියලා කිව්වේ ඒක ප්‍රමාණයෙන් පොඩි එකක් වුණු නිසාම විතරක් නෙමේ වෛවාරණ මෝස්තර නැතුව චාම් විදිහට හදලා තිබුණු නිසා. 

ඉතින් මේ පුංචි සරුංගලේ තමන්ට භාර වුණු කාර්යය ඒ කියන්නේ ඉහල අහසට යන එක හොඳට කරගන්න හිතුවා. ඒ නිසා පුංචි සරුංගලේ ටිකෙන් ටික නූල් අරගෙන ඉහල අහසටම යන්න පටන් ගත්තා. 

පුංචි සරුංගලේ මේ විදිහට ටිකෙන් ටික ඉහලට යද්දී පහල ඉදන් ඒක දැකපු මිනිස්සු සතුටු වුණා, අත්පුඩි ගැහුවා. ඒ වගේමයි අහසේ පියාඹමින් හිටිය කුරුල්ලොත් මේ පුංචි සරුංගලෙත් එක්ක හිනාවුණා, පුංචි සරුංගලේ ගාවින් තනියට පියෑඹුවා. 

තමන්ගේ ගමනේ ඉහලම හරියකට ඇවිත් හිටිය පුංචි සරුංගලේ ඉහල අහසට යද්දී හම්බුණු හැමෝමත් එක්ක වගේම හොඳින් හිටිය කෙනෙක්. ඒක නිසාමයි අර කලින් කිව්වා වගේම හුඟක් අය පුංචි සරුංගලේ උදව්වටත් හිටියේ. 

ඒ වුණත් මේ විදිහට ඔහේ පාවෙලා යන්නේ නැතුව හොඳ හුළං පොදක් එක්ක පාවෙලා ලොකු ගමනක් යන්න ඕනේ කියන එක පුංචි සරුංගලේ හැමදාමත් හිතුවා. 

දවසක් දා පුංචි සරුංගලේ බලාපොරොත්තුවෙන් හිටිය හුළං පොද පුංචි සරුංගලේට හම්බුණා. ඉතින් එදා ඉදන් පුංචි සරුංගලේ හිටියේ ඒ හුළං පොද එක්කමයි. ඒ හුළං පොදත් එක්ක යද්දී තමන්ගේ රැල් එහෙම හොඳ විහිදිලා තමන් ලස්සනට ඉන්නවා කියලා තමා පුංචි සරුංගලේ හිතුවේ. 

ඒ වගේමයි තමන් නොගිය පැතිවලටත් ඒ හුළං පොද එක්ක යන්න පුලුවන් වුණු නිසා පුංචි සරුංගලේ මේ තමන්ගේ ජීවිතේ හොඳම කාලේ කියලා හිතුවා. 

මේ විදිහට කාලයක් ගතවෙලා ගියා. පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා කියලා කියනවා වගේ මුලින් හුළං පොදක් විදිහට තිබුණු හොඳ හුළඟ මහා සුළි සුළඟක් වුණා. 

ඒකෙන් අන්තිමට වුණේ අපේ පුංචි සරුංගලේ අතරමං වෙලා බොහෝ....ම ලොකු අමාරුවක වැටිලා කඩා පාත් වෙන්න පටන් ගත්තු එක. ඒත් පුංචි සරුංගලේ හොඳ කෙනෙක් නිසා එයාගේ යාළුවෝ එයාට උදව් වුණා. එයාලා ආයි පාරක් කලින් විදිහටම ඔහේ පාවෙලා යන්න පුංචි සරුංගලේට උදව් කළා. 

පුංචි සරුංගලේ ගාව තිබුණු ධෛර්යවන්තකමත් ඒ වගේමයි එයාගේ යාළුවන්ගේ උදව් නිසා අපේ පුංචි සරුංගලේ ආයි පාරක් ඔහේ පාවෙලා යන්න පටන් ගත්තා. 

මේ විදිහට ටික කාලයක් ගතවුණා. කලින් අත්දැකීම හොඳ නැති එකක් වුණත් පුංචි සරුංගලේ තවම ආසයි හොඳ හුළං පොදක් එක්ක එකතු වෙලා පාවෙලා යන්න. 

එහෙම ඉද්දී තමා පුංචි සරුංගලේට ආයි පාරක් හුළං පොදක් හම්බුණේ. පුංචි සරුංගලේ හිතාගෙන ඉන්නේ ඒ හුළං පොද හොඳ එකක් වෙයි කියලා. ඒ සිතුවිල්ලෙන් පුංචි සරුංගලේ ඒ හුළං පොදත් එක්ක පාවෙලා යනවා. 

සමහර විට ඒ හුළං පොදත් අන්තිමට මහා සුළි සුළඟක් වෙන්න පුලුවන්. එහෙම වෙලා ඒකෙන් සරුංගලේ පාතටම කඩාගෙන වැටෙන්නත් පුලුවන්. ඒත් ඔහේ ඉන්නවාට වඩා ඒක හොඳයි කියලා තමා පුංචි සරුංගලේ හිතන්නේ........ 

ඔයාලටත් දවසක ඒ පුංචි සරුංගලේ හුළං පොදත් එක්ක පාවෙලා යනවා දකින්න ලැබේවි. මමත් බලාගෙන ඉන්නේ ඒ පුංචි සරුංගලේ හොඳ හුළං පොදක් එක්ක හුඟක් කල් පාවෙලා යනවා දකින්න.....

කතාව මතු සම්බන්ධයි............

 

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන් )

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
11 Nov 2017 09:50 PM
  •  Quote
  •  Reply
සරුංගලේ ගැන කියවෙන ලස්සන කතාවක්....
එහෙනම් ඉතිං සරුංගලේට හුළං එන තැන් නම් වෙල් යායක,පිට්ටනියක,බීච් පැත්තේ ඉතිං
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
13 Nov 2017 10:32 PM
  •  Quote
  •  Reply

''B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ..?''
ඒ තවත් එක සිසුවෙකුගේ වාරයයි..
''සර්... අද කාටවත් එන්න වෙන්නේ නෑ ...අම්මා කොලබ ගියා උත්සවයකට..''
අළුතින් පැමිණි පන්තිභාර ගුරුතුමාට සමිතගෙන් ලැබුනේ එවන් පිළිතුරකි....
''උත්සවයකට ගියා ....? කෝ එතකොට තාත්තා...? ''
''තාත්තා නෑ සර් ...'' යන පහත් ස්වරයත් සමගම
ඔහුගේ හිස පහල වැටුණු අතර
පාදයේ ඇගිලිතුඩුවලින් සෙරෙප්පුව පහුරු ගාන්නටවිය..
''ගුරු-දෙගුරු රැස්වීම තියනවා කියලා දැනුම් දුන්නේ
සති දෙකකට කලින් නේද මනුස්සයෝ..?
අම්මට තිබ්බේ නැද්ද ඔය ගමන වෙන දවසකට දාගන්න..?
මේක මගේ පලවෙනි ගුරු-දෙගුරු රැස්වීම..
මේ සැරේ ශිෂත්වය ලියන්න ඉන්න ළමයෙක්ගේ
අම්මගේ හැසිරීම හරිම අපුරුයි..
තමුසෙලාට උගන්වන අපිට ගහන්න ඕන..''
රේජිස්ටරයේ ඊලග නම සොයන අතරතුර
ගුරුතුමාගේ මුවින් ගලාගිය වචනවලින්
සමිතගේ සෙරෙප්පුව මත
කදුලක් වැටුණුබව ගුරුතුමාට නොපෙනෙනි..
එක් එක් දරුවා සහ ඔවුන්ගේ දෙමාපියන් සමග
ගුරු දෙගුරු රැස්වීම පැවැත්විණි...
විවේක කාලය එලබිණ ...
වෙනත් පහල පන්තියක ඉගෙනුම ලබන
අදාළ ගුරුතුමාගේ දරුවාට,
විවේක කාලය තුලදී ආපනශලාවේ ගුරුවන්ගේ අන්තයේ සිට,
කෑමකවන සිරිතක් අළුත්ගුරුතුමා සතුවපැවතින ...
සුපුරුදු පරිදි ගෙදරින් ගෙනා කෑම පර්සලය දිගහරිත්ම,
අපනශලාවේ දොරලග තවත් දරුවෙකු
පොතක්ද තුරුල්කරගෙන
සිටිනබව ගුරුතුමාට පෙනින...
''ඔය සමිත නේද..? මොකද ඔතන කරන්නේ...''
''සර්..මට සර්ට පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද..?''
''මෙහෙ එනවා..මොකක්ද ප්‍රශ්නේ....?"
පපුවට තුරුලකරගෙන සිටි පොත මේසය මත තබමින්,
එහි පිටකවය අස්සෙන් චායාරුපයක් ගෙන
එය ගුරුතුමාට පෙනෙන සේ මේසයේ පසකින් තැබීය...
සිනාමුසු මුහුණින් සිටින ගැබ්බරකාන්තාවකගේ
බදවටා අතපටලවාගත් හමුදා සෙබලෙකුගේ පින්තුරයක් එහි විය.....
''මේ කව්ද පුතා ..?'' ගුරුතුමාට යමක් ඉවවැටෙන්නට විය..
''සර්..මේ ඉන්නේ මගේ අම්මා...
මම තමයි සර් මේ අම්මගේ බඩ ඇතුලේ ඉන්නේ...
බඩ ඇතුලේ ඉන්න මගේ ඔලුවට අතතියාගෙන ඉන්නේ
මගේ තාත්තා...
මෙච්චරයි සර් අපි තුන්දෙනාම එකට ඉන්න
පොටෝ එකකට තියෙන්නේ...
ඊලග සතියේ තාත්තා යුධ්දෙදී
වෙඩිවැදිලා නැතිවෙලා තියෙනවා...
අද රණවිරු උත්සවයක් කොලබ කැම්ප් එකක තියෙනවලු
කියලා අම්මා උදෙන්ම ඒකට ගියා..
ඒකයි සර්..මගේ අම්මට අද එන්න බැරි උනේ..
මම කොහොමහරි හෙට එක්කං එන්නං සර්...'' ඔහුගේ දෑස්තුලින් කදුලු කඩාවැටෙන්නට විය...
මැදිවියේ පසුවූ ගුරුතුමාගේ උගුර වේලි
යමක් උගුරතුල තෙරෙපනු ඔහුට දැනින..
සමිතව පපුවට තදකරගත් ගුරුතුමා නිසොල්මන්ව මදවේලාවක් ගතකළේය..
ඉන්පසුව මේසය මත වූ බත්මුල ලෙහා තම දරුවාටද,
සමිතටද කවා සමිතව පිටත් කල හැරීයේය..
''ඇයි තාත්තේ ඔයා අපේ බත් එක අර ළමයටත් කැව්වේ...?''
''මගේ රත්ත්‍රන් පුතේ..ඔයාට අද බත් කවන්න
ඔයාගේ තාත්තාව ඉතුරුකරන්න ගිහිං තමයි පුතේ
සමිතට එයාගේ තාත්තාව නැතිවෙලා තියෙන්නේ....''
''රෑට නින්දට කලින් මගේ පුතාගේ ඔළුව ඉබින්න මම හිටියට,
සමිතගේ ඔළුව ඉබින්න එයාට තාත්තෙක් නෑ පුතේ...''
නිමි...
------------------
මැයි 18 දා ඇසුණු කථාවක් ....
අන් දරුවන්ගේ පියවරු රකින්න,
තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ
වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...
එමෙන්ම අහිමි වූ පිතෘත්වය හමුවේ සවියක් වූ මතෘත්වයටද උපහාරයක්ම වේවා
Real hero in my life
තාත්තා ❤️

උපුටා ගැනීමක්

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
Add Reply
Page 1 of 41234 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below