You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Nov 2017 07:48 AM by  hasitha dhananjaya
ස්වභාවික දෙයට හුරු වෙමු, නිරෝගී දිවියක් ගත කරමු
 31 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2017 02:58 PM

සිරුරට හිතකර මෝර තෙල් ගැන ඔබත් දැනුවත් ද?

අධික තෙල් භාවිතය සිරුරට කොහොමටවත් හිතකර වන්නේ නැහැ. ඒත්, ශරීරයට හිතකර ප්‍රතිඵල රැසක් අත්පත් කරදෙන  තෙල් වර්ගයක් හැටියට මෝරතෙල් (Cod Liver Oil) හඳුන්වන්නට පුළුවනි. මෝරතෙල් ගුලි වශයෙන් හෝ තෙල් වශයෙන් වෙළඳසැල්වලින් මිළ දී ගැනීමට හැකියි.

මෝර තෙල් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන දැනුවත් වීමටත් දැනටමත් ඔබ අවධානය යොමු නොකළ ඇතැම් තත්වයන් වෙනුවෙන් මෝරතෙල් ගුණදායක බව අවබෝධ කරගන්නටත් මෝරතෙල්වලින් සිරුරට ලැබෙන ප්‍රයෝජන ඇතුළත් මේ තොරතුරු ඔබට නිසැකව ම වැදගත් වේවි.

ශරීරයේ ඇටමිදුළු ශක්තිමත් කිරීම

මෝර තෙල්වල අන්තර්ගත විටමින් ඩී මගින් ශරීරයේ ඇටමිදුළු ශක්තිමත් කරනවා. වයස්ගතවීමත් සමඟ දුර්වල වන ඇටමිදුළු ශක්තිමත් කිරීමට මෝරතෙල් උපකාරී වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෝරතෙල් වයස්ගත පුද්ගලයන්ට වගේ ම ක්‍රීඩකයින්ටත් අතිශයින් වැදගත් වන බවයි සඳහන් වෙන්නේ.

පියයුරු පිළිකා මර්දනය කිරීම

පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩුකරගන්නට මෝරතෙල් ගුණදායක බව සෞඛ්‍ය පර්යේෂණවලින් මේ වනවිට තහවුරු වී තිබෙනවා. වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ මෝරතෙල්වල පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් අන්තර්ගත වන බවයි. බටහිර වෛද්‍ය විද්‍යානුකූලව කාන්තාවන්ට අතිශයින් ගුණදායක තෙල් වර්ගයක් හැටියට මෝරතෙල් හඳුන්වා දෙනවා.

හෘදයාබාධ වැළඳීමේ අවදානම අවම කිරීම

මෝර තෙල්වල ඔමේගා 3 මේද අම්ල අඩංගුව ඇති නිසා ඒවා භාවිතයෙන් හෘදයාබාධ ඇතිවීම අවම කරනවා. ඒ වගේ ම ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම සමබර ව පවත්වාගන්නටත් එය උපකාරී වෙනවා. අනෙක් තෙල්වර්ග වලට සාපේක්ෂව මෝරතෙල් ශරීරයට අතිශයින් හිතකර බවයි සෞඛ්‍ය පර්යේෂකයින් සඳහන් කරන්නේ.

මානසික සෞඛ්‍යයට හිතකරවීම

ඔමේගා 3 පෝෂණ සංඝටකය මනසෙහි සංකූලතා අවම කරන්නට සම්‍ත් බව ඔබ දැන සිටියා ද? සාමාන්‍ය සුළු මානසික රෝග වැළඳීමේ ප්‍රවණතාව ද මෝරතෙල් භාවිතයෙන් අඩු කරගත හැකියි. එමෙන්ම දියවැඩියාව හේතුවෙන් මනසෙහි ඇතිවන ව්‍යාකූලබව පාලනය කිරීමට ද මෝරතෙල් උපකාරී වෙනවා.

දියවැඩියාව ඇතිවීම පාලනය කිරීම

බටහිර වෛද්‍ය අධ්‍යයන මගින් හෙළි වී ඇත්තේ මෝරතෙල් භාවිතයට ගැනීමෙන් දියවැඩියාව බොහෝසෙයින් පාලනය කළ හැකි බවයි. ශරීරයේ ඉන්සියුලීන් මනාව පාලනය කරන්නට ඔමේගා 3 පෝෂණ සංඝටකය වැදගත් වෙනවා. මේ නිසා මෝරතෙල්වල අඩංගු විටමින් ඒ මගින් දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩුකරගත හැකියි.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Nov 2017 05:47 PM
මේ බෙහෙත පාවිච්චියට ගන්න කාන්තාවන්ට විතරමද...අපිට පිරිමින්ට පාවිච්චියට හොද නැද්ද?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Nov 2017 08:40 PM
ඉස්සර නිතරම මොර තෙල් බිව්වා ..දැන් එකත් අමතක වෙලා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Nov 2017 09:16 PM
ඔව්. ඉස්සර අපේ අම්මල මෝර ගුලි දෙනව කන්න කියල. කෑවොත් නම් පිලි රහයි. ඒ නිසා බොනව. දැන් නම් භාවිතයේ නැහැ වගේ. මම කිව්වෙ ඒවා ඔය එක එක බෙහෙත් මාෆියාවන් විසින් යට කරගෙන වෙනත් වර්ගයේ ආලේපන ටැබ්ලට් වලට තමයි හුරු කරාන්න හදන්නෙ. ඒ වගේ විටමින් වර්ග ඇති ශත ගානකට ගන්න පුළුවන් දේ අද විසිධ නම් වලින් එක එක ටැබ්ලට් වෙළඳ පොළේ වැහි වැහැල. ලස්සන වෙන්න කියල ඒව ගිනි ගණන් දීල අපේ ගෑණුත් බොනව. හැබැයි ඇඩ් වල පෙන්වන නිලියෝ නම් ඕව කවදාවත් බිල නැතිව ඇති.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Nov 2017 07:27 AM
ම්ම්ම්ම්ම් ඉස්සර පොඩි කලේ අපේ අම්මත් දුන්නා ඕවා ,මටත් මතකයි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Nov 2017 05:36 PM
ෆිෂ් ඔයිල් බෙහෙත මෙයමද.............
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Nov 2017 06:47 PM
මේවා ගන්න ඕන මාත්‍රාව පිළිබඳව කවුරු හරි දන්නවද?
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Nov 2017 11:53 PM
Posted By indika76 on 09 Nov 2017 06:47 PM
මේවා ගන්න ඕන මාත්‍රාව පිළිබඳව කවුරු හරි දන්නවද?


    ගුලි දෙකක් අරගෙන පත අට එකට සිඳවා ගහපන්, සියලු වේදනා කම්මුතුයි ..අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
09 Nov 2017 11:59 PM
Seven Seas Capsules නේද මේ... අපිනම් ගන්නව තාම මේවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Nov 2017 05:14 AM
Posted By indika76 on 09 Nov 2017 06:47 PM
මේවා ගන්න ඕන මාත්‍රාව පිළිබඳව කවුරු හරි දන්නවද?
මෝර ගුලියක් දවකට ගිල්ලට කමක් නැහැ. වැඩි හරිය කහ පාටට මුත්‍රා එක්ක පිටවෙලා යාවි.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Nov 2017 01:07 PM
ගුලි දෙකක් කියලා තමා මටත් මතක .. බෝතලේ ගහලා ඇති ගන්න ඕන ප්‍රමානේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Nov 2017 07:48 AM
මම නම් ඇති හැටි මේවා බීලා තියෙනවා.
චූටි කාලෙ හොරෙනුත් කනවා බෝතලෙන් අරන්.
0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12