You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Aug 2017 05:39 AM by  sha733
මුත්‍රා ගැන අනාවැකි
 16 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Jul 2017 04:54 AM

     


    මුත්‍රා ගැන අනාවැකි

    (viralportal.net)

    (viralportal.net)

    පොඩි කාලෙ අම්මා හරි තාත්තා හරි ළඟට ගිහින් කාටවත් ඇහෙන්නැති වෙන්න රහසින් චූ බරයි කියපු අයත් පී-පී-තාරා කියලා පොෂ් තාලෙට ඩැඩීට කියපු අයත් මේක කියවනවා ඇති. ඒත් දවසක් බස් එකේදි නම් පොඩි එකෙක් මහා සද්දෙට, අම්මේ.. කියලා ඕක කියපු වෙලාවෙ මට වගේ ම වටේ හිටපු අයට ලැජ්ජ හිතුණා. කටපාඩමින් ඒකට ලැජ්ජ වෙන්න අපි ඉගෙන ගෙන තිබුණාට ලොකු පන්තිවලදි ඉගෙන ගත්තා ම තමයි තේරෙන්නෙ නයිට්‍රජනීය බහිස්‍රාවය සියළු සත්ත්වයෝ ම කරන බවත්, ලැජ්ජ වුණා කියලා නොකර ඉන්න එක නම් ඇඟට ගුණ නැහැ කියලා. කොයි බරත්, උස්සගෙන ඉන්නවාට වඩා නිදහස් වුණා ම දැනෙන සනීපෙ නම් සල්ලිවලට ගන්න බැහැ මහත්තයො.

    නීරෝගී පුද්ගලයෙකුගේ සාමාන්‍ය මුත්‍රා වර්ණය වන්නේ, පිදුරු වර්ණයයි. හැබැයි මුත්‍රා අවර්ණ වුණොත් ඉන් කියැවෙන්නේ ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර පානය කර ඇති බව යි. ඒකෙ කිසි වැරැද්දක් නැහැ, මොකද අපේ ශරීරයෙන් සියයට 70ක් ම පමණ ජලය තිබෙන නිසා පිපිඤ්ඤා ගෙඩියක් වගේනේ. ඒකට ඉතින් ප්‍රශ්ණයක් වුණොත් වෙන්නේ වතුර අඩු වුණෝතින් තමයි. ඒ හින්දා අවර්ණ මුත්‍රා ගැන බය වෙන්න දෙයක් නැහැ, ඒත් වතුර අඩුවෙන් බිව්වොත් නම් මුත්‍රාවල වර්ණය තද කහ පැහැ වෙනවා. එහෙම නිතර වෙන්න දෙන එක නම් ලෙඩ ගොඩකට දවල් කෑමකට ආරාධනා කළා වගේ තමයි.

    (huffpost.com)

    (huffpost.com)

    මුත්‍ර මාමයිට් පාට වුණොත් වහා ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕන. එවන් තද කළු-දුඹුරු වර්ණයක් එන්නේ වතුර අඩුවෙන් පානය කළාම හා අක්මාවේ ආසාදනයක් එනම්, හෙපටයිටීස් හෝ සිරෝසිස් වැනි රෝග තත්වයක් ඇති වුණාමයි. අක්මාවේ ප්‍රදාහයට පත් සෛල එකතු වීම හෙපටයිටීස් ලෙස හඳුන්වනවා. එය හමේ හෝ ඇස්වල අමුතු කහ පැහැයක් ඇතිවීමෙන් සහ ආහාර අරුචිය ඇතිවීමෙනුත් හඳුනාගන්න පුළුවන්. අක්මාවට දීර්ඝ කාලීනව හානි පැමිණීම නිසා සිරෝසිස් ඇති වෙනවා. මත්පැන් සහ හෙපටයිටීස් බී නිසා ඇතිවන සිරෝසිස්; නිතර දැනෙන තෙහෙට්ටුව, වෙහෙස බව සහ කසන සුළු කහ පැහැති සමෙන් ද හඳුනා ගන්නට පුළුවන්. එහිදී මෙම මුත්‍රාවල කළු වර්ණයට හේතු වෙන්නේ බිලිරුබීන් මුත්‍රාවලට එක් වීමෙනුයි. බිලිරුබීන් වලින් තමයි අක්මාවේදී රුධිර සෛල බිඳ දමන්නේ. මලපහවල සාමාන්‍ය දුඹුරු පැහැය ලබා දෙන්නේත් එයමයි.

    බීටා කැරොටීන් හෝ විටමින් B සහිත දේවල් හෝ රයිබොෆ්ලේවීන් හෙවත් විටමින් B2 වැඩිපුර ගත්තොත් ඒවා ජලයේ පහසුවෙන් දිය වෙන නිසා ශරීරයට අවශෝෂණය කරගන්නට බැරි හෝ වැඩිමනත් දේ එක්වීමෙන් මුත්‍රාවල වර්ණය දීප්තිමත් තැඹිලි හෝ කහ වර්ණයට හැරෙනවා.

    හැමවිට ම මුත්‍රා කටුස්සෙක් වගේ පාට කරපු පලියට ම භය වෙන්න දෙයක් නැහැ. බොහෝ අවස්ථා වලදී අපි ගන්නා ආහාරපාන හෝ බෙහෙත් වර්ග අනුව එහි වර්ණය වෙනස් වන්නට පුළුවන්. මේ විධියට බීට් වැනි ආහාර පමණ ඉක්මවා ආහාරයට ගත්තොත් මුත්‍රා රතු පැහැ ගැන්වෙන්න පුළුවන්. ඒ වගේම පමණ ඉක්මවා දිගු දුරක් එක දිගට දිව්වත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතිව රත්පැහැ වුණොත් ඉන් කියැවෙන්නේ රුධිර ගැලීමක්, ආසාදනයක්, විසප්පුවක්, ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ ඉදිමීමක්, මුත්‍රාශයේ ගලක් පමණක් නෙවෙයි එය පිළිකාවක් දක්වා ම දිවෙන්න පුළුවන්.

    හදිස්සියෙවත් Smurfs කතාවෙ ඉන්න අය වගේ මුත්‍රා නිල් පාට හෝ Arrow වගේ කොළ පාට වුණොත් ඒ අනිවාර්යයෙන් ම ආහාර වර්ණක හෝ ඖෂධයක් නිසා තමයි. ඒ ඖෂට අතරින් කිහිපයක් ලෙස ප්‍රතිබැක්ටීරියා, ප්‍රතිහිස්ටැමීන්, වමනය නවතන ඖෂධ හා ආමාශයේ ආම්ලික බව අඩු කරන දේ දක්වන්නට පුළුවන්. හැබැයි අත දරුවෙකුගේ එවන් මුත්‍රා වර්ණයක් දකින්න ලැබුණොත් ඒ ගැන වෛද්‍යවරයෙක්ට දැනුම් දෙන්නට ඕන. එය ජානමය ගැටළුවක් වන හාට්නප් හෝ බ්ලූ ඩයපර් සින්ඩ්‍රෝමය වන්නට පුළුවන්.

    (amanda-jensen.com)

    (amanda-jensen.com)

    වර්ණ හැරුණා ම ඇතැම්විට මුත්‍රා පෙණ සහිත වන්න පුළුවන්. ඒ කාය වර්ධන ප්‍රෝටීන් පාන වර්ග වැනි අධික වශයෙන් ප්‍රෝටීන් අඩංගු දේවල් ශරීර ගත වුණා ම ශරීරයට අවශෝෂණය කරගත නොහැකි වැඩි ප්‍රෝටීන ප්‍රමාණය ඊට හේතු වෙනවා. එහෙත් එසේ නොකරත් දිගට ම මෙය පැවතුණොත් වෛද්‍යවරයෙකු හමුවීම යෝග්‍ය යි. මොකද, වකුගඩු ආබාධ නිසා ශරීරයේ තිබෙන ප්‍රෝටීන මුත්‍රාවලට එක්වීමෙන් එසේ සිදුවන්න පුළුවන් නිසා යි.

    එහෙනම් ඉතින් මින් පස්සේ සින්දු කිය කිය හතර වටේ බල බලා මුත්‍රා කරන්නෙ නැතිව ‘දේදුන්න සේ ම නීල ආකාසේ’ මුත්‍රාවලට පැස්ටල් පෙට්ටියෙන් පාටක් ඇවිත් තිබුණොත් ටිකක් ඒ ගැන අවධානය යොමු කරන්න තරම් ඔබට දැන් දැනුමක් තිබෙනවා.


    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Jul 2017 07:16 AM
    මේ ටික නම් ඉතා වටිනවා...

    නීරෝගී පුද්ගලයෙකුගේ සාමාන්‍ය මුත්‍රා වර්ණය වන්නේ, පිදුරු වර්ණයයි. හැබැයි මුත්‍රා අවර්ණ වුණොත් ඉන් කියැවෙන්නේ ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර පානය කර ඇති බව යි. ඒකෙ කිසි වැරැද්දක් නැහැ, මොකද අපේ ශරීරයෙන් සියයට 70ක් ම පමණ ජලය තිබෙන නිසා පිපිඤ්ඤා ගෙඩියක් වගේනේ. ඒකට ඉතින් ප්‍රශ්ණයක් වුණොත් වෙන්නේ වතුර අඩු වුණෝතින් තමයි. ඒ හින්දා අවර්ණ මුත්‍රා ගැන බය වෙන්න දෙයක් නැහැ, ඒත් වතුර අඩුවෙන් බිව්වොත් නම් මුත්‍රාවල වර්ණය තද කහ පැහැ වෙනවා. එහෙම නිතර වෙන්න දෙන එක නම් ලෙඩ ගොඩකට දවල් කෑමකට ආරාධනා කළා වගේ තමයි.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    25 Jul 2017 04:21 AM
    පැය 24කට එහා වතුර නැතිව ඉන්න ගියොත් එතන ඉඳන් වකුගඩු අක්‍රිය වෙන්න ගන්නවා. එහෙම උණොත් බඩු තමයි.ඒ බව අපට දන ගන්න වෙන්නේ මුත්‍රා වලින් තමයි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    25 Jul 2017 09:38 AM
    බොහොම වටිනා ලිපියක් ස්තුති
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    25 Jul 2017 06:00 PM
    Posted By Rosi on 16 Jul 2017 04:54 AM

     


    මුත්‍රා ගැන අනාවැකි

    (viralportal.net)

    (viralportal.net)

    පොඩි කාලෙ අම්මා හරි තාත්තා හරි ළඟට ගිහින් කාටවත් ඇහෙන්නැති වෙන්න රහසින් චූ බරයි කියපු අයත් පී-පී-තාරා කියලා පොෂ් තාලෙට ඩැඩීට කියපු අයත් මේක කියවනවා ඇති. ඒත් දවසක් බස් එකේදි නම් පොඩි එකෙක් මහා සද්දෙට, අම්මේ.. කියලා ඕක කියපු වෙලාවෙ මට වගේ ම වටේ හිටපු අයට ලැජ්ජ හිතුණා. කටපාඩමින් ඒකට ලැජ්ජ වෙන්න අපි ඉගෙන ගෙන තිබුණාට ලොකු පන්තිවලදි ඉගෙන ගත්තා ම තමයි තේරෙන්නෙ නයිට්‍රජනීය බහිස්‍රාවය සියළු සත්ත්වයෝ ම කරන බවත්, ලැජ්ජ වුණා කියලා නොකර ඉන්න එක නම් ඇඟට ගුණ නැහැ කියලා. කොයි බරත්, උස්සගෙන ඉන්නවාට වඩා නිදහස් වුණා ම දැනෙන සනීපෙ නම් සල්ලිවලට ගන්න බැහැ මහත්තයො.

    නීරෝගී පුද්ගලයෙකුගේ සාමාන්‍ය මුත්‍රා වර්ණය වන්නේ, පිදුරු වර්ණයයි. හැබැයි මුත්‍රා අවර්ණ වුණොත් ඉන් කියැවෙන්නේ ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර පානය කර ඇති බව යි. ඒකෙ කිසි වැරැද්දක් නැහැ, මොකද අපේ ශරීරයෙන් සියයට 70ක් ම පමණ ජලය තිබෙන නිසා පිපිඤ්ඤා ගෙඩියක් වගේනේ. ඒකට ඉතින් ප්‍රශ්ණයක් වුණොත් වෙන්නේ වතුර අඩු වුණෝතින් තමයි. ඒ හින්දා අවර්ණ මුත්‍රා ගැන බය වෙන්න දෙයක් නැහැ, ඒත් වතුර අඩුවෙන් බිව්වොත් නම් මුත්‍රාවල වර්ණය තද කහ පැහැ වෙනවා. එහෙම නිතර වෙන්න දෙන එක නම් ලෙඩ ගොඩකට දවල් කෑමකට ආරාධනා කළා වගේ තමයි.

    (huffpost.com)

    (huffpost.com)

    මුත්‍ර මාමයිට් පාට වුණොත් වහා ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕන. එවන් තද කළු-දුඹුරු වර්ණයක් එන්නේ වතුර අඩුවෙන් පානය කළාම හා අක්මාවේ ආසාදනයක් එනම්, හෙපටයිටීස් හෝ සිරෝසිස් වැනි රෝග තත්වයක් ඇති වුණාමයි. අක්මාවේ ප්‍රදාහයට පත් සෛල එකතු වීම හෙපටයිටීස් ලෙස හඳුන්වනවා. එය හමේ හෝ ඇස්වල අමුතු කහ පැහැයක් ඇතිවීමෙන් සහ ආහාර අරුචිය ඇතිවීමෙනුත් හඳුනාගන්න පුළුවන්. අක්මාවට දීර්ඝ කාලීනව හානි පැමිණීම නිසා සිරෝසිස් ඇති වෙනවා. මත්පැන් සහ හෙපටයිටීස් බී නිසා ඇතිවන සිරෝසිස්; නිතර දැනෙන තෙහෙට්ටුව, වෙහෙස බව සහ කසන සුළු කහ පැහැති සමෙන් ද හඳුනා ගන්නට පුළුවන්. එහිදී මෙම මුත්‍රාවල කළු වර්ණයට හේතු වෙන්නේ බිලිරුබීන් මුත්‍රාවලට එක් වීමෙනුයි. බිලිරුබීන් වලින් තමයි අක්මාවේදී රුධිර සෛල බිඳ දමන්නේ. මලපහවල සාමාන්‍ය දුඹුරු පැහැය ලබා දෙන්නේත් එයමයි.

    බීටා කැරොටීන් හෝ විටමින් B සහිත දේවල් හෝ රයිබොෆ්ලේවීන් හෙවත් විටමින් B2 වැඩිපුර ගත්තොත් ඒවා ජලයේ පහසුවෙන් දිය වෙන නිසා ශරීරයට අවශෝෂණය කරගන්නට බැරි හෝ වැඩිමනත් දේ එක්වීමෙන් මුත්‍රාවල වර්ණය දීප්තිමත් තැඹිලි හෝ කහ වර්ණයට හැරෙනවා.

    හැමවිට ම මුත්‍රා කටුස්සෙක් වගේ පාට කරපු පලියට ම භය වෙන්න දෙයක් නැහැ. බොහෝ අවස්ථා වලදී අපි ගන්නා ආහාරපාන හෝ බෙහෙත් වර්ග අනුව එහි වර්ණය වෙනස් වන්නට පුළුවන්. මේ විධියට බීට් වැනි ආහාර පමණ ඉක්මවා ආහාරයට ගත්තොත් මුත්‍රා රතු පැහැ ගැන්වෙන්න පුළුවන්. ඒ වගේම පමණ ඉක්මවා දිගු දුරක් එක දිගට දිව්වත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතිව රත්පැහැ වුණොත් ඉන් කියැවෙන්නේ රුධිර ගැලීමක්, ආසාදනයක්, විසප්පුවක්, ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ ඉදිමීමක්, මුත්‍රාශයේ ගලක් පමණක් නෙවෙයි එය පිළිකාවක් දක්වා ම දිවෙන්න පුළුවන්.

    හදිස්සියෙවත් Smurfs කතාවෙ ඉන්න අය වගේ මුත්‍රා නිල් පාට හෝ Arrow වගේ කොළ පාට වුණොත් ඒ අනිවාර්යයෙන් ම ආහාර වර්ණක හෝ ඖෂධයක් නිසා තමයි. ඒ ඖෂට අතරින් කිහිපයක් ලෙස ප්‍රතිබැක්ටීරියා, ප්‍රතිහිස්ටැමීන්, වමනය නවතන ඖෂධ හා ආමාශයේ ආම්ලික බව අඩු කරන දේ දක්වන්නට පුළුවන්. හැබැයි අත දරුවෙකුගේ එවන් මුත්‍රා වර්ණයක් දකින්න ලැබුණොත් ඒ ගැන වෛද්‍යවරයෙක්ට දැනුම් දෙන්නට ඕන. එය ජානමය ගැටළුවක් වන හාට්නප් හෝ බ්ලූ ඩයපර් සින්ඩ්‍රෝමය වන්නට පුළුවන්.

    (amanda-jensen.com)

    (amanda-jensen.com)

    වර්ණ හැරුණා ම ඇතැම්විට මුත්‍රා පෙණ සහිත වන්න පුළුවන්. ඒ කාය වර්ධන ප්‍රෝටීන් පාන වර්ග වැනි අධික වශයෙන් ප්‍රෝටීන් අඩංගු දේවල් ශරීර ගත වුණා ම ශරීරයට අවශෝෂණය කරගත නොහැකි වැඩි ප්‍රෝටීන ප්‍රමාණය ඊට හේතු වෙනවා. එහෙත් එසේ නොකරත් දිගට ම මෙය පැවතුණොත් වෛද්‍යවරයෙකු හමුවීම යෝග්‍ය යි. මොකද, වකුගඩු ආබාධ නිසා ශරීරයේ තිබෙන ප්‍රෝටීන මුත්‍රාවලට එක්වීමෙන් එසේ සිදුවන්න පුළුවන් නිසා යි.

    එහෙනම් ඉතින් මින් පස්සේ සින්දු කිය කිය හතර වටේ බල බලා මුත්‍රා කරන්නෙ නැතිව ‘දේදුන්න සේ ම නීල ආකාසේ’ මුත්‍රාවලට පැස්ටල් පෙට්ටියෙන් පාටක් ඇවිත් තිබුණොත් ටිකක් ඒ ගැන අවධානය යොමු කරන්න තරම් ඔබට දැන් දැනුමක් තිබෙනවා.




    මේ පුවත නම් හරි වැදගත්.මම මුත්‍රා කරනකොටත් පෙණ සහිත වෙනවාඑ.ඒත් චෙකාඅප් එකක් කළා.මුකුත් නෑනේ.......
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    25 Jul 2017 06:07 PM
    කොහොම කලත් පෙන් එනවා බොලන්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    26 Jul 2017 11:02 PM
    පැස්ටල් පෙට්ටියේ පාට ඔක්කොම පාට තියෙනවා වගේනේ
    රතු කලු තමයි අවුල නේද
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    26 Jul 2017 11:05 PM
    මේ පුවත නම් හරි වැදගත්.මම මුත්‍රා කරනකොටත් පෙණ සහිත වෙනවාඑ.ඒත් චෙකප් එකක් කළා.මුකුත් නෑනේ.......
    හෙමින් මුත්‍රා කරන්න මල්ලි. එතකොට හරි. චෙකප් වලට යන ගාන මට දෙන්න.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    26 Jul 2017 11:11 PM
    අපේ චාමර මල්ලිට තියෙන්නාවූ ප්‍රශ්න කන්දරාව.

    ටයි දාන්න බෑ ලැජ්ජයි ලු.
    මුත්‍රා කරන්න බැහැ පෙන එනවාලු.

    තවත් ඒ වගේ දෙක තුනක් කියල තිබ්බ වගේ මතකයි.


    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    27 Jul 2017 07:57 AM
    අනේ හා....අප්පේ හා.....
    චාමරගෙ වයසෙ හැටියට මෙහෙම නම් 40ක් 50ක් යද්දි......අපොයි.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    29 Jul 2017 11:31 AM
    ඉස්සර අපි පොඩි කාලේ හබර කොල හිල් වෙන්න චූ කරන්න ට්‍රයි කරනවා..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    31 Jul 2017 04:04 AM
    Posted By samantha on 29 Jul 2017 11:31 AM
    ඉස්සර අපි පොඩි කාලේ හබර කොල හිල් වෙන්න චූ කරන්න ට්‍රයි කරනවා..

    ඉතින් හිල් වෙලා තියෙනවද අයියෙ හබරල කොලේ
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    31 Jul 2017 07:47 PM
    ඔව්. අපට පොඩි කාලේ කියන්නෙ කොස් කොලයක් හිල් වෙන්න මුත්‍රා කරන්න බැහැ නේද කියල.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    01 Aug 2017 05:49 AM
    Posted By maduranga001 on 31 Jul 2017 07:47 PM
    ඔව්. අපට පොඩි කාලේ කියන්නෙ කොස් කොලයක් හිල් වෙන්න මුත්‍රා කරන්න බැහැ නේද කියල.
    අවුරැද්දක් විතර චූ කරන්න වෙයි නේද අයියේ

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    06 Aug 2017 07:42 AM
    Posted By sha733 on 01 Aug 2017 05:49 AM
    Posted By maduranga001 on 31 Jul 2017 07:47 PM
    ඔව්. අපට පොඩි කාලේ කියන්නෙ කොස් කොලයක් හිල් වෙන්න මුත්‍රා කරන්න බැහැ නේද කියල.
    අවුරැද්දක් විතර චූ කරන්න වෙයි නේද අයියේ
    ඔව් ඉතිං කොස් කොළේ දිරුවොත් මිසක් වෙන මඟක් නැහැ.

    ඒ වගේම මේ ලිපියේ ඇති කරුණු ටික ගොඩක් වැදගත්.


    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    10 Aug 2017 08:51 PM
    Posted By chamaramind on 25 Jul 2017 06:00 PM 
    මේ පුවත නම් හරි වැදගත්.මම මුත්‍රා කරනකොටත් පෙණ සහිත වෙනවාඑ.ඒත් චෙකාඅප් එකක් කළා.මුකුත් නෑනේ.......
    පෙන එන්නෙ මල්ලි බියර් බොනව වැඩියි ..ඒකයි ..
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    11 Aug 2017 05:39 AM
    හොල්ලල කෝක් එහෙම බිව්වද දන්නෙත් නැහැ චාමර මල්ලි
    0
    You are not authorized to post a reply.