You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Nov 2017 07:48 AM by  hasithad
ස්වභාවික දෙයට හුරු වෙමු, නිරෝගී දිවියක් ගත කරමු
 31 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Jun 2017 02:42 PM

    ස්වභාවික දෙයට හුරු වෙමු, නිරෝගී දිවියක් ගත කරමු


    නීරෝගී කම රැක ගන්න එක කියන්නේ අද වෙනකොට කවුරුත් උනන්දු වෙන දෙයක්. බොහෝ කාලයකට ඉහතදී මිනිසුන් සතුන් වගේම තමන්ගේ නීරෝගීකම රැක ගන්න කියලා අමුතුවෙන් දෙයක් කළේ නැහැ. ආහාර ගැනීම, දියර පානය, රැකවරණය සලසා ගැනීම, කාලගුණයෙන් සහ පරිසරයෙන් සිදුවන පීඩා අවම කර ගැනීම සහ තෘප්තියක් දැනෙන දේවල් සිදු කිරීම කියන මූලික කාරණා ඉටු කර ගන්න විවිධාකාර අත්හදාබැලීම් කරමින් දිවි ගෙව්වා.

    ලෝකය පුරා විවිධ ප්‍රදේශවල හිටපු ජන කොටස් මේ කාරණා ඉටු කර ගත්තේ එක එක විදිහටයි. එන අභියෝගයන්ට මුහුණ දෙමින්, අත්හදා බැලීම් කරමින්, ඉගෙන ගනිමින් ජීව කොට්ඨාශයක් විදිහට නොනැසී ඉදිරියට ගියා.

    අතීත මානවයා සියළු දැනුම එක්රැස් කරගත්තේ අත්හදාබැලීම් හෝ අත්වැරදීම්වලින්. (pinterest.com)

    මේ විදිහට කළ අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් නිසා තමයි අද අපි ඉන්න තත්වය දක්වා මිනිසා දියුණු වුණේ. තමන්ට ලබා ගත හැකි පරම ධනය නීරෝගීකම කියන එක අද මිනිසා ඉතා හොඳින් තේරුම් අරගෙන තියෙනවා.

    විද්‍යාවේ දියුණුව ස්වභාවික දේට තිබුණු තැන නැති කළ හැටි

    විවිධ දේ පාවිච්චි කරමින් අපිට හැදෙන ලෙඩ රෝග, අපහසුතාවලට ප්‍රතිකාර කරන එක ඈත අතීතයේ සිට පැවතුණු දෙයක්. පරම්පරාවෙන් පරම්පරාවට අත්හදා බැලීම්, අත්වැරදීම්වලින් ඉගෙන ගෙන ආපු වෛද්‍ය ක්‍රම හැම ශිෂ්ටාචාරයකම වගේ පැවතුණා.

    මේ ප්‍රතිකාර බොහොමයකට පාවිච්චි වුණේ පරිසරයෙන් සොයා ගත් ශාක සහ සත්ව කොටස්. කොහොම වුණත් පසුව ඇති වුණු නවීන විද්‍යාවේ දියුණුවත් එක්ක ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමත් නවීන විද්‍යාවක් බවට පත් වුණා. බාල ලෝහ රත්තරන් කරන්න උත්සාහ කරපු ඇල්කෙමිස්ට්ලා අතින් බිහි වුණු රසායන විද්‍යාව වෛද්‍ය විද්‍යාවත් එක්ක එකතු වෙලා බෙහෙත් හැදෙන්න ගත්තේ එහෙමයි.

    විවිධ ක්‍රමවලින් බාල ලෝහ රත්රන් කරන්න ගත් උත්සාහයන්වල ප්‍රතිඵලයක් විදිහටයි රසායන විද්‍යාව බිහි වුණේ. (culture.pl)

    ස්වභාවික පරිසරයෙන් ගත් දේවල්වලට වඩා පාෂාණ සහ ඛණිජ නිස්සාරණයෙන් ලබා ගත් ඖෂධ සාර්ථකයි කියලා මතයක් හැදෙන්න ගත්තේ ඉන් පස්සෙයි. විවිධ රෝගවලට පර්යේෂණ මත බිහි කළ රසායනික සංයෝග සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන් වුණා.

    ඒත් එක්කම පාරම්පරික, ස්වභාවික බෙහෙත්වලට තිබුණු ඉල්ලුමත් හීන වෙලා ගියා. සාපේක්ෂව හරිම සරල, නිශ්චිතව සැකැස්ම දන්නා රසායනික සංයෝග බෙහෙත් බවට පත් වුණා. බරපතල ගැටළුවලට ඇස් පනාපිට ප්‍රතිකාර කරන්න පුළුවන් වීම මේ සංයෝගවල තිබුණු ලක්ෂණයක්. එකපාරට ප්‍රතිඵල නොලැබෙන, රසායනික සැකැස්ම නොදන්නා ස්වභාවික දේවල් අභාවයට ගියා.

    සැබෑ ජීවී ශරීර ඉතා සංකීර්ණ බව තේරුම් යාමට පටන් ගැනීම

    කොහොම නමුත් එක් එක් රෝගයට ඉක්මන් ප්‍රතිකාර කිරීමේ ක්‍රමය ඒ තරම් සාර්ථක නැති බව මෑත කාලීන වෛද්‍ය විද්‍යාව තේරුම් අරගෙන තියෙනවා. ලෙඩක් හැදුණාම ඒකට සෘජු ප්‍රතිකාරයක් කරලා ඒක හොඳ කරත් මිනිස් සිරුරේ සංකීර්ණත්වය නිසා ආසාත්මිකතා හට ගන්න ලොකු ඉඩක් තියෙනවා.

    ස්වභාවික සංයෝගවල ක්ෂුද්‍ර ප්‍රමාණවලින් අඩංගු, රසායනිකව හදන්න ඉතා අපහසු සංඝටක මිනිස් සිරුරට ඉතා වැදගත් බව බොහෝ දෙනෙක්ට තේරුම් යන්න ගත්තා.

    රෝගය හැදෙන්න පෙර නීරෝගීකම රැකෙන දිවියක් ගත කරන එකේ වැදගත්කම දැන් කවුරුත් තේරුම් අරගෙන. රෝගයකට ප්‍රතිකාර කරද්දී වුණත් රසායනික බෙහෙත්ම පාවිච්චි නොකර හැකි තරම් ගුණදායක ස්වභාවික දේ පාවිච්චිය දිගු කාලීනව නීරෝගීව ඉන්න හොඳම ක්‍රමය බව දැන් බටහිර වෛද්‍යවරු පවා පිළිගන්නා දෙයක්.

    බොහෝ අපහසුතාවලට ස්වභාවික දේ පාවිච්චි කරන එක දැන් කවුරු අතරත් ජනප්‍රියයි. (pinterest.com)

    යුරෝපීය නොවන ජාතීන් අතර නොනැසී තිබුණු ස්වභාවික බෙහෙත් ක්‍රම

    කාර්මික විප්ලවය, බටහිර වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව වගේ බොහෝ නවීන දේ ඇති වුණේ යුරෝපය හා ආශ්‍රිත ප්‍රදේශවල බව අපි කවුරුත් දන්නවා. මේ හේතු නිසා වේගයෙන් දියුණු වුණු යුරෝපය ආශ්‍රිත ප්‍රදේශවලින් ඉල්ලුම අඩු වීම නිසා ස්වභාවික බෙහෙත් ක්‍රම නැති වෙලාම ගියා. අදටත් ඒ ප්‍රදේශවල සුරැකුණු පාරම්පරික බෙහෙත් ක්‍රම තියෙනවා නම් ඒ ඉතාම අඩුවෙන්.

    කොහොම නමුත් ආසියාව, දකුණු ඇමරිකාව, උතුරු ඇමරිකානු ස්වදේශික ප්‍රදේශ, ඔස්ට්‍රේලියාව, මැද පෙරදිග සහ අප්‍රිකාව වගේ ප්‍රදේශ යුරෝපීයයන්ගේ අධිරාජ්‍ය උන්මාදයට හසු වෙන තුරුත් ආරක්ෂිතව පැවතුණා. අවුරුදු දහස් ගණනක් තිස්සේ පාරම්පරිකව පැවතුණු ස්වභාවික බෙහෙත්, වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අභාවයට ගිහින් තිබුණේ නැහැ. කියන්නත් සතුටුයි, මේ රටවල් අල්ලා ගත්තු අැතැම් යුරෝපීය ජාතිකයන් කළේ ඒ දේවල් විනාශ කරලා දානවා වෙනුවට පොත් පත් ලියලා, පුරාණ ග්‍රන්ථ ආරක්ෂා කරලා මේ දැනුම රැක ගන්න කටයුතු කරපු එකයි.

    මේ නිසා යුරෝපයේ ඇති වෙලා තිබුණු ස්වභාවික ප්‍රතිකාර ක්‍රම අලුත් සොයා ගැනීම් නිසා අභාවයට ගියත් ඔවුන්ගේ අධිරාජ්‍ය නිසා දුර ඈත තිබුණු රටවල් බොහොමයක ස්වභාවික වෛද්‍ය ක්‍රම ඔවුන් අතින්ම ආරක්ෂා වුණා.

    රොබර්ට් නොක්ස් හෙළදිව ගැන ලියූ සුප්‍රසිද්ධ ග්‍රන්ථයේ අතීත පිටපතක්. මෙවන් ග්‍රන්ථ දුර ඈත රටවල පාරම්පරික වෙදකම් යුරෝපීය දැනුම් පද්ධතියට එකතු කර නොනැසී පවත්වා ගන්න ඉවහල් වුණා. (කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලය)

    අනුකාරක කොටස් බිහි වීම සහ මහා පරිමාණ නිෂ්පාදන අවශ්‍යතා

    යටත් විජිත බවට පත් වුණු ඕනෑම රටක අනුකාරක ජන කොටස් බිහි වීම සාමාන්‍ය දෙයක්. මේ නිසා තමන්ට වඩා තාක්ෂණයෙන්, යුධ හැකියාවෙන් උසස් බටහිර ජාතීන් ගෙනෙන හැම දෙයක්ම තමන් ළඟ තියෙන දේට වඩා උසස් බව සලකන්න මොවුන් පුරුදු වුණා. ඉතින් ඔවුන් තමන් යම් ආකාරයකින් පහත් මට්ටමේ මිනිස් වර්ගයක් කියලා මතයකයි ඔවුන් ඇත්තෙන්ම හිටියේ. වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අතිනුත් යුරෝපයේ සිට ආව දේට මුල් තැන හිමි වෙලා පාරම්පරික, ස්වදේශීය ක්‍රම පැත්තකට වෙන්න ගත්තා.

    ඉක්මණින් ප්‍රතිකාරයේ ප්‍රතිඵල දකින්න ලැබෙන එක බටහිරදී රසායනිකව හදපු බෙහෙත්වල දකින්න ලැබෙන ලක්ෂණයක්නේ. ඇහැට පෙනෙන දේ විශ්වාස කරමින් ඉක්මන් ප්‍රතිකාරවලට යොමු වෙන එක මේ නිසා ශීඝ්‍රයෙන් සිදු වුණා. අනිත් දේ තමයි රසායනික සංයෝග පහසුවෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් කම. ගස් වර්ග, ගෙඩි, ඇට, මුල්, කොළ, පොතු හොයාගෙන බෙහෙත් හදනවාට වඩා යුරෝපයේ තිබුණු බලශක්තියෙන් ක්‍රියා කෙරුණු යන්ත්‍ර සූත්‍රවලින් රසායනිකව බෙහෙත් හදන එක ඉක්මන් වගේම ලාභදායකයි.

    විශාල පිරිසකට එකවර බෙහෙත් කරන්න තිබුණු හැකියාව නිසාත් මේ වැඩේ දිගටම සිදු වුණා.

    යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කර මහා පරිමාණයෙන් බෙහෙත් නිෂ්පාදනය කරන්න තිබුණු හැකියාව කෘත්‍රීම බෙහෙත සුලබ හා් ලාභදායී වීමට හේතු වුණා. (wikispaces.com)

    දියුණුවේ හිණිපෙත්තට ඒමත් සමග සැබෑ තත්වය වටහා ගැනීම

    ලෙඩෙන් ලෙඩේට ප්‍රතිකාර කරන එකේ අසාර්ථකත්වය බොහෝ දෙනාට තේරුම් යන්න ගත්තේ බොහොම මෑතකදී. ඉක්මන් ප්‍රතිඵල තියෙන ප්‍රතිකාර පසුකාලීනව සංකූලතාවලට බලපාන හැටි දිගුකාලීන පරීක්ෂණවලින් මනාව තහවුරු වෙන්න ගත්තා.

    ශාකසාර ඇතුළු ජෛව සංයෝග ඒවායේ අඩංගු ප්‍රධාන සංඝටක රසායනිකව නිෂ්පාදනය කරලා හදන ද්‍රව්‍යයකට වඩා හාත්පසින්ම වෙනස් බව ඔවුන්ට වැටහෙන්න ගත්තා. අංශු මාත්‍රවලින් ඇති දේවල් තමයි ඇත්තෙන්ම වඩා වැදගත් වෙන්නේ. ශාකසාරයක් 100%ක් සර්ව සම වෙන්න කෘත්‍රීමව හදන්න බැරි බවත් ඔවුන්ට තේරුම් යන්නේ ඉන් පසුවයි.

    සංකූලතා ඉතාම අවම ස්වභාවික දේට ඉහළම තැන

    අද අපි ඉන්නේ සියලු කෘත්‍රීම දේට වඩා ස්වභාවික දේ ගුණයෙන් ඉහළ බව තේරුම් ගන්නා කාලයකයි. ස්වභාවික දේවල් පාවිච්චි කරලා අපේ ලෙඩ රෝග, අපහසුතා දුරු කර ගන්න වගේම නීරෝගීව ඉන්න, ලස්සන වෙන්න, ශක්තිමත් වෙන්නත් භාවිත වුණු පාරම්පරික ක්‍රම අද මොන දේටත් වඩා වැදගත් තැනක් ගන්නවා. දැන් හැදෙන බොහෝ බෙහෙත්, ආලේපන සහ අතිරේකයන් ස්වභාවික දේවල් උපරිමයෙන් අඩංගු කරලා හදන්නෙත් ඒ නිසයි.

    ක්ෂණික සහනයට පමණක් සීමා නොකර රසායනික බෙහෙත් මත යැපීම සහ එහි අනිසි විපාක

    අද ජීවත් වන වැඩිහිටි බොහෝ දෙනා දිනපතාම බටහිර විද්‍යාවේ බෙහෙත් පෙති, කරල්, පානයන් වගේ දේවල් පාවිච්චියට ගන්නවා. ඒත් ඇත්තටම නිවැරදිව ස්වභාවික දේ පාවිච්චි කරනවා නම් ඒ තත්වයට යන්න උවමනා නෑ.

    බොහෝ වැඩිහිටියන් අද එක එක ජාතියේ කරල්, පෙති, පාන වර්ග ගණනාවක් දිනපතා දිගුකාලීනව භාවිතයට ගන්නවා (coconutoil.com)

    හදිසි ප්‍රතිකාර සඳහා රසායනික බෙහෙත් වර්ග ඉතා සාර්ථකයි. නමුත් දිගුකාලීනව ඒවා ගැනීමෙන් වෙන්නේ අපේ ශරීරය ඒවාට අනුවර්තනය වෙන එක විතරයි. ඉක්මනින් කරන්න හදන හැම දෙයක්ම, කෘත්‍රීම හැම දෙයක්ම ආගන්තුක දෙයක් කියලා සළකලා, ඊට අනුවර්තනය වෙලා ඒකෙ සාර්ථකත්වය අඩු කරන එක අපේ සිරුරේ හැටියක්. ඒකත් හරියට බෝ වන රෝගවලට ප්‍රතිදේහ නිපදවනවා වගේ වැඩක්ම තමයි.

    නිකමට හිතන්න වේදනා නාශක පෙති ගැන. ඔබට හිසරදය හෝ වෙනත් ශාරීරික වේදනාවක් තිබෙනවා නම් ස්වභාවික සංයෝගයකට වඩා සුදුසු වේදනා නාශක පෙති වර්ගයක් ගැනීම ඉක්මන් සහනය දෙන අති සාර්ථක ක්‍රමයක්. ඒත් ඔබට තියෙන්නේ දිගු කාලීන රෝගයක් නම් නිතර වේදනා නාශක පෙති ගත්තාම සිරුර එයට අනුවර්තනය වෙන්න ඉඩ තියෙනවා. කාලයක් යනකොට පෙති බිව්වත් වේදනාව අඩු නොවෙන්න පුළුවන්. නිදි පෙති මේකට තවත් හොඳ උදාහරණයක්.

    ස්වභාවික දේවල්වල ක්‍රියාකාරීත්වය

    එකපාරට ක්‍රියා නොකර සෙමින් ක්‍රියා කරන නිසාත්, ස්වභාවික සංයෝගවල සැකැස්ම අපේ සිරුර ආගන්තුක දෙයක් කියා නොසළකන නිසාත් ස්වභාවික දේට අනුවර්තනය වෙලා ඒ ප්‍රතිකාරවල සාර්ථකත්වය අඩු වීමක් කවදාවත් සිදු වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔබ නිතරම සුදු ළූණු ආහාරයට ගත්තා කියා සුදු ළූණුවලට සිරුර අනුවර්තනය වෙලා එයින් කොලෙස්ටරෝල් දහනය වගේ ප්‍රයෝජන ලැබීම කිසිසේත් අවම වෙන්නේ නැහැ.

    කොටින්ම කියනවා නම් ස්වභාවික දේ මිතුරන් විදිහටත්, කෘත්‍රීම දේවල් සතුරන් විදිහටත් සලකන එක අපේ සිරුරේ හැටියක්. සතුරාට මෙල්ල වෙලා හිටියත් නිතරම බලන්නේ ශක්තිය වැඩි කරගෙන ඊට එරෙහිව නැගී සිටින්න, නමුත් මිතුරා එක්ක හැමදාමත් සුහදව ඉන්නවා.

    ස්වභාවික දේවල් ආහාරයට ගත්තාට සිරුර ඒවාට එරෙහි වෙන්න යන්නේ නැහැ. (victorvirag.com)

    ස්වභාවික දේ පහසුවෙන් ලබා ගන්න ස්වභාවික අතිරේක හරිම වැදගත්

    කොහොම නමුත් ස්වභාවික දේවල් තියෙන හැටියෙන්ම ලබා ගැනීම බොහෝ දෙනෙකුට අසීරුයි. තමන් කන්න බොන්න අකැමති දෙයක් වීම, පිරිසිදුව ලබා ගන්න තියෙන අපහසුව, ප්‍රමාණවත් තරමට ලබා ගන්න බැරි කම වගේ දේවල් මේකට හේතු වෙන්න පුළුවන්. අතිරේකයක් කියන්නේ ලෙඩක් නැතිව වුණත් පාවිච්චියට සුදුසු අමතර පෝෂණය පහසුවෙන් ලබා දෙන දෙයකටයි.

    කරවිල, සුදු ළූණු, මී පැණි, කුරුඳු, වැල්පෙනළ, ගොටුකොළ, කරපිංචා ඇතුළු බොහෝ ගුණාත්මක දේවල් අපිට ආහාරයට ගන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. සමහරුන්ට මේවායින් සමහර දේවල් කන්නම බෑ. කෑමට ගන්නා අයත් ඒවා පිසින්න පාවිච්චි කරන ගැඹුරු තෙලේ බැදීම, අධික ලෙස තැම්බීම වගේ දේවල් නිසා ඒවායේ අඩංගු පෝෂක විනාශ වෙනවා, ඇඟට ලැබෙන්නේ හරිම අඩුවෙන්. මේවායේ අඩංගු ස්වභාවික දේ නිවැරදිව නිස්සාරණය කරලා, පෝෂක ගුණය සුරැකෙන විදිහට ලබා දෙන අතිරේක පාවිච්චි කිරීම වඩාත් වැදගත් වෙන්නේ ඒ නිසයි.

    පිළිගත්, සෞඛ්‍ය ආරක්ෂිත, අනුමැතිය ලත් නිෂ්පාදන පමණක් පාවිච්චි කරන්න

    පාරම්පරික වෛද්‍ය ක්‍රම, වෛද්‍ය වට්ටෝරු නිවැරදිව පාවිච්චි කරලා හදන, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය තියෙන නිෂ්පාදන පමණක් පාවිච්චි කරන්න විශේෂයෙන් සැළකිලිමත් වෙන්න.

    අපි කළ සොයා බැලීම් අනුව අපේ පාරම්පරික වෙද ක්‍රමවල දකින්න ලැබෙන ස්වභාවික ආහාර සහ බෙහෙත් නිස්සාරණ වැඩිම හරියක් අතිරේකයන් විදියට නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකීය සමාගම වෙන්නේ බරාකා නිෂ්පාදන පෙළ ඉදිරිපත් කරන බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් ආයතනයයි. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියත් ඔවුන්ට හිමි වෙලා තියෙනවා.

    (baraka.lk)

    අපි කලින් කතා කරපු කරවිල, සුදු ළූණු, මී පැණි, කුරුඳු, වැල්පෙනළ, ගොටුකොළ, කරපිංචා වගේ ස්වභාවික ආහාර පානවල සාරයත්, කළුදුරු තෙල් (black seed oil) ඇතුළු වටිනා දේශීය ශාක සාරත් මුසු කරලා හදන, බොහෝ රෝගවලට ගුණ ගෙන දෙන නිෂ්පාදන පෙළක් බරාකා ආයතනය සතුයි. ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක බව නිසාම ISO 14001, ISO 22000, SLS ඇතුළු අන්තර්ජාතික සහ දේශීය තත්ත්ව සහතික විශාල ගණනක් ඔවුන්ට හිමි වී තිබෙනවා. යුරෝපය, දකුණු ඇමරිකාව සහ ආසියාව පුරාම බරාකා අලෙවි සැල් පැවතීම ඔවුන් අන්තර්ජාතිකව පවා ලබා ඇති පිළිගැනීමට හොඳ සාක්ෂියක්.

    (baraka.lk)

    ඉතින් ඒ වගේ පිළිගැනීමක් ලැබූ ස්වභාවික ශාකසාර අතිරේක භාවිතයට ගැනීම ඔබට ලෙඩ දුක්වලින් තොරව නීරෝගීව ඉන්නත්, ලස්සන වෙන්න සහ ශක්තිමත් වෙන්නත් උදව් වේවි. අපි මේ කතා කරපු විවිධ ස්වභාවික දේවල්වලින් ලැබෙන ප්‍රයෝජන ගැන ලිපි පෙළක්ම ඉදිරියේදී ගෙන එන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

    ඉතින් ඔබත් ස්වභාවික දේ හැකි තරම් ප්‍රයෝජනයට ගන්නත්, එහෙම අපහසු තැන්වලදී පිළිගැනීමක් ඇති ස්වභාවික නිෂ්පාදන පමණක් පාවිච්චි කරන්නත්, හදිසි ලෙඩ රෝගවලට පමණක් බටහිර බෙහෙත් පාවිච්චියටත් යොමු වුණොත් නීරෝගී කමේ පරම ධනය ඔබටත් හිමි කර ගන්න අමාරු වෙන එකක් නැහැ. 

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 Jul 2017 08:33 AM
    ඉතාමත් වැදගත් කරුණු රාශියක් මෙම ලිපියේ ගැබ් වෙලා තියෙනවා..
    ඒත් මෙම දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න හරිම අමාරුයි.
    නූතනයේ තියෙන්නේ කාලයක් එක්ක දුවන තරගයක්.. එහිදී දිගුකල් ප්‍රතිකාර ගත යුතු ස්වාභාවික ක්‍රම අනුගමනය කරන්න අපහසුයි.
    ඒ නිසා තමයි නවීන විද්‍යානුකූලව නිර්මාණය කරන ලද අස්වාභාවික දේවල් අනුගමනය කරන්නේ...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    01 Jul 2017 10:47 PM
    විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුනුවත් සමඟම පාරම්පරික, දේශීය සියල්ලම විනාශ වුණා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    02 Jul 2017 08:08 AM
    හරි විදියට කුලු බඩු එහෙම අපේ කෑම වලට එකතු කර ගන්නවා නං ලෙඩ ගොඩකින් බේරෙන්න අපට පුලුවන්.
    ගිලින පෙති, කරල් 90%ක්ම අයින් කරන්න පුලුවන්.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Jul 2017 09:55 PM
    කොහෙද දැන් ස්වභාවික දෙඅල් තියෙන්නෙ. ඕකනේ ප්‍රශ්නෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    11 Jul 2017 08:52 AM
    ඕක ඔයාලට තමයි මල්ලි ගොඩක්ම බලපාන්නෙ. ඇත්තටම අපිට තාම ගම් වලින් හොද දේ ගන්නත්, වවන්නත් පුලුවන්.
    නගරබද අයට ඉතින් කන බොන දේවලින් වැඩි හරියක් වහ තමා.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    11 Jul 2017 07:31 PM
    ඕවා නම් බිව්වා වැඩක් උනේ නැහැ බරකා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    31 Aug 2017 02:21 PM


    හිතනවාටත් වඩා ගුණ දෙන ලාංකිකයාගේ දෙවන බත – කොස්

    අපේ පැරණි සිංහලයන් සහ කොස් ගස ඉතා සමීපව බැඳී තිබෙන්නක්. කොටින්ම කොස් ගස වරකදී ‘බත් ගස’ ලෙස හැඳින්වූවේ කට කසනවාට නම් නොවෙයි. ඉතා භයානක දුර්භීක්ෂයන් පැමිණි කාල වලදී හා ‍යුද්ධ වැනි දෑ සිදු වෙමින් පැවතුණු කාල වල කුඹුරු වල වී වපුරා අස්වැන්නක් ලබා නොහැකි තත්ත්වක් උද්ගත වෙද්දී පැරණි සිංහලයාගේ පණ නළ රැක දුන්නේ මේ කොස් ගසයි. එක කොස් ගසකින් පවුල් කීපයකම බඩගින්න නිවාලිය හැකියි. පැහෙන්නට පෙර ගැට කාලයේදී ප්‍රණීත ව්‍යංජනයක් ලෙස කටට සැරට රස බැලිය හැකි පොළොස් ද, පැසුණු පසු බත් සේම බඩගින්න නිවන කොස් ද, ඉදුණු පසු අතුරුපසට රසම රස වැල හෝ වරකා ලබා දෙන මේ ගස එතැනින් නොනැවතී කළු පොල් මාළු සෑදීමට කොස් ඇටද ලබා දෙන්නේ; එකම ප්‍රභවයකින් ප්‍රධාන ආහාරයද, ව්‍යංජන දෙකක්ද අතුරු පසද ලබාදෙන කප් රුකක් බවට පත් වෙමින්.

    ඉතින් මේ ආතර් වී. දියෙස් මහතා අපිට දායාද කරදුන් බත් ගස අපට දෙන ආහාර වලින් අපේ මනදොලත් බඩගින්නත් නිවෙනවා. නමුත් ඔබ දන්නවාද ඒ සමඟ කොස් ගස අපට පුදුමාකර පෝෂණයකුත් ලබා දෙන බව? එදා හෙළ දිව මිනිසුන් දස්කම් විස්කම් කළේ මෙවැනි ආහාර වල බලයෙන්.  අද අපි විමසා බලමු වැඩි දෙනෙක් දැනුවත් නැති, කොස් ගසෙන් ලැබෙන ආහාරයෙන් අපට පිදෙන පෝෂණය හා සෞඛ්‍ය වාසි ගැන.


    කොස් වල පැටිකිරිය

    pinterest.com

    Artocarpus heterophyllus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කොස් ශාකය දකුණු හා ගිණිකොණදිග ආසියාවේ පැතිරී ඇති අතර නිජබිම ලෙස සැලකෙන්නේ බටහිර ඝාට්ස් හි නිරිතදිග වැසි වනාන්තරයි. ඝර්ම කළාපීය පහත් බිම් වලට වඩාත් ඔබින මේ ගසෙහි ඵලය කඳක ගටගන්නා විශාලතම ඵලයයි. සාමාන්‍යයෙන් ගසක ගෙඩි 100ත් 200ත් අතර වර්ෂයකට හටගනියි. මෙය බංගලාදේශයේ ජාතික පලතුරයි.

    කොස් මදුළු වියලි බරින් ග්‍රෑම් 100ක් සලකා බැලුවොත් ඉන් ග්‍රෑම් 92 ක කාබෝහයිඩ්‍රේටද, 3ක මේදයද, 5ක ප්‍රෝටීනද අන්තර්ගතයි. කොස් මදුළු ග්‍රෑම් 100ක් අනුභව කිරීමෙන් ශරීරයට කැලරි 94ක් ලැබෙනවා. විටමින් A වලින් අනූන කොස් මදුළු වල යම් ප්‍රමාණයක් විටමින් C සහ ෆෝලේට් ද අන්තර්ගතයි. ඛනිජ ලවණ සැළකීමේදී පොටෑසියම් බහුලවම පවතින ඛණිජ ලවණය වන අතර සැළකිය යුතු ප්‍රමාණ වලින් මැග්නීසියම්, පොස්ෆරස් හා කැල්සියම්ද පවතිනවා. කොස් මදුළු ශරීරයට අත්‍යවශ්‍ය මේද අම්ල වන ඔමේගා 3 හා ඔමේගා 6 මේද අම්ල වලින්ද සමන්විතයි.

    කොස් ඇට වලද තිබෙන්නේ කොස් මදුළු වලටම නොදෙවනි ගුණයක්. කොස් ඇට පිටි ග්‍රෑම් 100ක කැලරි 382 ක ශක්තිය ගැබ්ව ඇති අතර වියළි බරින් 80% ක් පමණ කාබොහයිඩ්‍රේට වන අතර 13%ක්  පමණ ප්‍රොටීන් ද 3%ක් පමණ තන්තුද ඇත. වඩා වැදගත් කාරණාව වන්නේ කොස් ඇට වල 1% පමණ සුළු ප්‍රමාණයක් මේදය අඩංගු වීමයි. මෙහි සැළකිය යුතු ප්‍රමාණයකින් පොටෑසියම් අන්තර්ගත අතර සෝඩියම් ද අන්තර්ගතයි. මේවායේ zසින්ක්, කැල්සියම්, තඹ හා මැංගනීස් ද සුළු ප්‍රමාණ වලින් ඇත.

    කොස් මදුළු වල සෞඛ්‍යමය ගුණ

    essenceofthailand.com

    කොස් මදුලු අනුභව කරන්නන්ට ඒත් සමඟ සෞඛ්‍යමය වාසි රාශියක් ලැබෙනවා. කොස් මදුලු ඉතා මෙලෙක් නිසා ඉතා පහසුවෙන් දිරවනවා. මෙහි වැඩි වශයෙන් සරල සීනි වර්ග ඇති නිසා පහසුවෙන් ශරීරයට අවශෝෂණය වී වැය වූ ශක්තිය ක්ෂණයකින් නැවත ලබා දෙනවා. ඒ වගේම මෙහි ඇති තන්තු මහා ප්‍රාචීරයේ දී පිළිකා කාරක මැඩලීමේ යාන්ත්‍රණයක නිරත වෙනවා. කොස් මදුළු විටමින් A හා බීටා කැරොටීන, සැන්තීන්, ලුටෙලීන් හා බීටා ක්‍රිප්ටොසැන්තීන් වැනි ෆ්ලේවනොයිඩ වලින් පොහොසත්. මේවා ප්‍රති ඔක්සිකාරක ලෙසද, පෙනීම හා සම්බන්ධවද වැදගත් වන අතර විටමින් A සම සම්බන්ධවද වැදගත් වෙනවා. තව දුරටත් විටමින් A වලින් පොහොසත් පළතුරු/ එළවළු ආහාරයට ගැනීමෙන් පෙනහළු හා මුඛ පිළිකා වැලඳීමේ අවදානමත් අඩු වෙනවා.

    කොස් මදුළු ප්‍රති ඔක්සිකාරකයක්ද වන විටමින් C වලින්ද පොහොසත් මේවායින් ග්‍රෑම් 100ක විටමින් C මිලිග්‍රෑම් 13.7 ක් හෙවත් දිනකට නිර්දේශිත ප්‍රමාණයෙන් 23% ක් අන්තර්ගතයි. විටමින් C බහුල ආහාර ගැනීමෙන් ශරීරයට වන ආසාදන වලට ප්‍රතිරෝදයක් ගොඩ නැඟෙන අතර සිරුරට හානිකර මුක්තඛණ්ඩක ද ඉවත් කරනවා. මීට අමතරව කොස් මදුළු විටමින් B සංකීර්ණයෙන්ද පොහොසත්. විශේෂයෙන් මේවා වල විටමින් B6, නියැසින්, රයිබොෆ්ලෙවින් සහ ෆෝලික් අම්ලය සැළකිය යුතු ප්‍රමාණ වලින් අන්තර්ගතයි.

    තව දුරටත් සැළකීමේදී කොස් මදුළු පොටෑසියම් වලින් සන්නද්ධයි. පොටෑසියම් හදවතේ ස්පන්දන වේගය හා රුධිර පීඩනය පාලනය කිරීමට සහය වෙන ශරීරයේ තරල වල වැදගත් සංඝටකයක්. මෙහි අඩංගු යකඩ හිමොග්ලොබින් නිෂ්පාදනයේ දී අත්‍යවශ්‍ය ඛණිජ ලවණයක්.

    කොස් ඇට වල යහ ගුණ

    thanhskitchen.com

    කොස් මදුළු වගේම කොස් ඇට ආහාරයට ගැනීමත් ඉතාම ගුණදායකයි. කොස් ඇට ප්‍රෝටීන බහුල ආහාරයක්. එහි අංශුමාත්‍රික ප්‍රමාණ වලින් ඇති ඛණිජ ලවණ නිසා  මානසික ආතතිය අඩු කරන අතර සමේ සෞඛ්‍යයත් රැක දෙනවා. කොස් ඇට ආහාරයට එක් කරගැනීමෙන් සමෙහි තෙතමනය ආරක්ෂා වන අතර හිසකෙස් වල ශක්තියත් වැඩි වෙනවා. ඒ වගේම කොස් ඇට වල ඇති යකඩ වල බහුලත්වය නිසා හීමොග්ලොබින් නිෂ්පාදන ක්‍රියාවලිය හොඳින් සිදු වීම ට සපයන්නේ හොඳ උදව්වක්. විශේෂයෙන්ම ඔබ ශාක ආහාර මත යැපෙන්නෙක් නම් නිති පතා කොස් ඇට ආහාරයට එක් කර ගැනීමෙන් නීරක්තිය හා රුධිරය සම්බන්ධ අනෙකුත් සංකූලතා ඇති වීමේ අවදානම අවම කරගන්නට පුළුවන්. යකඩ හෘදය හා මොළය සෞඛ්‍යමත්ව තබනවා.කොස් ඇට වල විටමින් B සංකීර්ණයට අයත් තයමින් හා රයිබොෆ්ලවින් අන්තර්ගත අතර සම, හිසකෙස් සෞඛ්‍යමත්ව පවත්වා ගැනීමට මේවා වැදගත් වේ. රයිබොෆ්ලේවින් වල ප්‍රති ඔක්සිකාරක ගුණද ඇත. කොස් ඇට වල ශරීරයට වැදගත් රසායන ද්‍රව්‍ය කිහිපයක්ම අන්තර්ගත වේ. පොලිෆීනෝල ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුතු අතර පිළිකා ඇති කළ හැකි මුක්තඛණ්ඩක විනාශ කරයි. සැපොනින් වල ද පිළිකා නැසීමේ ගුණයක් ඇති අතර. ෆ්ලේවනොයිඩ රුධිර කැටි සෑදීමේ අවදානම අවම කරයි. මේවායේ තන්තු බහුල නිසා මළ බද්ධය සඳහාද ප්‍රෝටීන බහුල නිසා මාංශ පේශි වර්ධනයටද භාවිතා කළ හැකිය.


    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    31 Aug 2017 06:35 PM
    වස නැතිව දැනට ඉතුරු ඉතින් කොස් විතරයි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    31 Aug 2017 06:41 PM
    කොස් නම් කන්න ආසයි.ඒත් වරකා,වැළ කන්න අප්‍රියයි දැන්...කොස් මැල්ලුම්,කිරි කොස්,තෙල් දාලා කොස්,කොස් තම්බලා කන්න නම් සුපිරියි ඉතිං
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    01 Sep 2017 03:23 AM
    කොස් ඕනම විදියකට කන්න ආසයි. වැල වරකත් හ්ම්්්්්්්්
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    07 Sep 2017 08:51 AM
    කොස් ඉතින් අපට නං රජ කෑම තමයි.
    වස විස නැති එකම දේ.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    07 Sep 2017 06:36 PM
    ලංකාවට ආවම කන්න ඕනේ කොසුයි සම්බෝලයි කරවල හොදි ...ම්ම්ම්ම්ම්ම්ම්
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    07 Sep 2017 09:01 PM
    කොස්වල ගුණදායක පැත්ත ගැන ගොඩක්ම දැන ගත්ත ඕන් මේ ලිපියෙන් .. 

    අපිට නම් කන්න ලැබෙනවා ඉඳල හිටල 

    ස්තුතියි නංගි ලිපියට 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    08 Sep 2017 12:57 AM
    වරකා තමයි ආස
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Sep 2017 04:00 AM
    Posted By Rosi on 07 Sep 2017 06:36 PM
    ලංකාවට ආවම කන්න ඕනේ කොසුයි සම්බෝලයි කරවල හොදි ...ම්ම්ම්ම්ම්ම්ම්

    තව මිරිස් කරලකුත් බැදල ගන්න ඕනෙ
    බඩ පැලෙන්න කතැහැකි
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    28 Sep 2017 10:22 AM
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    13 Oct 2017 08:49 PM
    මේ ලිපිය නම් හොද කරුණු ටිකක් තියනවා..ස්තුතියි අක්කේ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    13 Oct 2017 09:21 PM
    ස්තූතියි රෝසි ළිපියට. ජීව විද්‍යා පාඩම යළි සිහියට නැගුණා.

    මේ වෙන දේවල් එක්ක කොහොමද අප්ප සතුටින් ඉන්නෙ.

    වඳුරෝ කෙසෙල් කන විදිහට එහෙනම් උන් පට්ට පැහැපත් වෙන්න එපැයි. හික්. හික්..

    වැදගත් ලිපියක් රෝසි. ඔබට ස්තූතියි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    14 Oct 2017 07:18 AM
    සෙරටොනින් හෝමෝනයෙන් ලොකු කාර්‍යක් අපේ ඇග තුල කෙරෙනවානෙ.
    මේකෙ කෙසෙල් කන එක හොදයි කිව්වට මම නං අහලා තියෙන්නේ ඒකෙ අනිත් පැත්ත.
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>