You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Aug 2017 02:09 AM by  sha733
නවකතා පිටුව
 37 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
21 Jul 2017 01:19 AM
කතාව එක හුස්මට කියවාගෙන ගියා...
ඉතාමත් සුන්දර මෙන්ම අර්ථවාන්විත කතාවක්...
සමාජයට මේ වගේ ආදර්ශමත් කතා තිළිණ වෙනවානම් ගොඩක් හොදයි.
ඒ වගේම මේක අපිත් එක්ක බෙදාගත්තට ඔයාට ගොඩක් ස්තූතියි සුපුන් මල්ලී...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2017 01:29 AM
නවකථාව ආයෙත් පටන් අරන් නේද
හොදයි ඔහොම යං
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
25 Jul 2017 04:09 AM
කතා පොතේ පපිටු පෙරළිලා නේද ආයෙත්? ස්තූතියි මල්ලි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
25 Jul 2017 06:01 PM
අවසාන කතාව නම් නියමයි....තව තවත් දාමු.........
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
04 Aug 2017 07:08 AM

පුතේ නංගි කතා කරාද...
නැ අම්මෙ තාත්ත එක්ක එයි අම්මෙ
අනේ මන්ද පුතේ මට හිතෙනව කෙල්ල ජිවිතේ වරද්ද ගෙන කියල .
අපි බලමු අම්මෙ....
මම පහන්... කතාව මේ විදිහට බලමු ..
සුදාර අපි ගොඩාක් අවාසනාවන්තයි මහත්තයෝ .එහෙම හිතන්න එපා නිලු අපිට වරදින්න විදිහක් නැ දන්නවද......මගේ යාළුවෙක් ඉන්නව අපි එයා ළඟට ගිහින් බලමු..සුදාර නිලු කියන්නෙ මගෙ අම්මයි තාත්තයි කාලයක් ළමයි නැතුව හිටපු ඒදෙන්නගෙ පවුලේ අලුත් සාමාජිකයන් විදිහට මමයි නංගියි දෙන්නම් එන්නෙ අරන් හදා ගත්තු ළමයි දෙන්නෙක් විදිහට නංගි අදටත් මේ ගැන දන්නෙ නැ මම දැන ගන්නෙ තාත්තගෙ අර කියපු යාළුවගෙන්... ඉතාලි ඉදල අවුරුදු 10 ක් ළමයි නැතුව ලංකාව ට එන්න යන අවසන් මොහොතෙ තමයි අපි දෙන්නව අම්මටයි තාත්තටයි හම්බවෙලා තින්නෙ........ඒ තිරිසන් අම්මෙක්ගෙයි තාත්තෙක්ගෙයි පහත් අසාවන් වල ප්ථිපලයක් විදිහට පෙර කල වාසනාවකට මාවයි නංගිවයි තාත්තටයි අම්මටයි හම්බ වෙන්නෙ

දුවේ කොහෙද හිටියේ ..
මමි මම කොහේ ගියත් දැන් ආවනි..
මම ඇහුවෙ කොහෙද හිටියේ කියල...
කොහේ හිටිත් මොකද...මම පොඩි ළමයෙක් නෙවෙයි plz කනක් ඇහිල ඉන්න දෙනවද මට.... කමල කෑම එක කාමරේට ගේන්න..
අඬන්න එපා අම්මෙ අපි එන විදිහට මුහුණ දෙමු ,,
මොනව මොන විදිහට වෙනස් වුනත් නංගි එන්න එන්න මුරණ්ඩු වුනා මිසක් කවදාවත් අම්ම තාත්ත කියන දේ ඇහුවෙ නෑ ...මට හිතෙන්නෙම නංගිට ළඟදිම වරදිනව...

මනිශා මෙහ එනව..
ඇයි අප්ප උදේම කරදර කරන්නෙ ...
#චටාස්.... තාත්තගෙ කම්මුල් පහරේ සද්දයට මමත් අම්මත් කමල අම්මත් තුශ්නිම් භූත වි නංගිගෙ මුහුණ දෙස බලා සිටියෙම් ..
මොකද මට ගහන්නෙ....
ගහන්නෙ
තෝ බැල්ලි මොකක්ද අර කරල තිින වැඩේ
මොකක්ද කිව්වෙ
වැරැද්ද කරල තවත් කියවනවද..
මොකක්ද කියන්නෙ ඔයාට කොහෙන්ද මට අත
උස්සන්න හයියක් ආවේ...තමුසෙ මගේ කවුද
පො.......
නංගිගෙ ඒ වචනයට තාත්තට එතනම ඉන්දවුනි
තවත් නංගිට දැන ගැන්මට දෙයක් ඉතිරි වි නැත..
ඇය තාත්තාගේ company එකෙන් කෝටි 5මුදලක්
තමාගේ නමවත් දිිමට අකමැති වු තිරිසන් යුවලටලබා දිි තිබුනි....
යන්න එපා දුව අනේ යන්න එපා...මවගේ ඇවිටිලි
කනකට නොගත් ඇය... යන්නට සැරසෙන විට
ඇයගේ අතින් මව ඇද්දාය...නමුත් මෙතුවක් කල්
තමා බලාගත් ගැහැනිය කියාවත් නොබලා ඇය
මව තල්ලු කර දැමුවාය.......මම දැනට හිරේට නියම වී දස වසරක් ....ඒ.තමාගේ නැගනිය ගෙල මිරිකා මැරිිමේ වරදට...

By - shalika

0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
04 Aug 2017 07:11 AM

රුචිර සඳකැන් කියන්නේ දුප්පත් අහිංසක කොල්ලෙක්. උසස් පෙල වලට ලොකු ඉස්කෝලෙකට ආවේ රුචිරගේ රිසාල්ට් හොඳ නිසා. ළමයට උගන්නන්න ඕනී නිසා රුචිරගේ අම්මයි තාත්තයි ගොඩක් දුක් වින්දාලා සල්ලි හොයලා රුචිරගේ ඉගෙනීමේ වැඩ වලට යෙදෙව්වා.

උසස් පෙලට ආපු දවස් වල ඉඳන්ම රුචිර ගොඩක් හොදින් ඉගෙනීමේ වැඩ වලට උනන්දු වුණා. ඒ නිසාම හැම ගුරුවරයෙක්ම රුචිරට ගොඩක් ආදරෙයි.

ටික කාලයක් ගත වුණා .....
කොච්චර කීකරු උනත් හොදට ඉගෙන ගත්තත් රුචිරටත් ආදරේ කියන හැගීම දැනුනා. මොකද එයත් හිතක් පපුවක් තියෙන මනුස්සයෙක්නේ. රුචිරට එයාගේ ආදරේ මුණ ගැහෙන්නේ ඉස්කෝලෙදිමයී. ඒ ස්පෝට් මීට් එකේදී.

රුචිරට ඉගෙන ගන්න වගේම හොදට ක්‍රීඩා කරන්නත් පුළුවන්. රුචිර running events තමා වැඩිපුර කරේ. මීට් එක දවසේ දුවද්දී රුචිර වැටුණා. ඇත්තටම වැටුණා නෙමෙයි වැට්ටුවා. හැම තැනකදීම වෙන්නේ හොදට වැඩ පුළුවන් දක්ෂයාව කකුලෙන් අදින එකනේ.

"අම්මෝ... මගේ කකුල...ඌයී... රිදෙනවා..."
රුචිර දණහිස අල්ලාගෙන කෑ ගහනවා.

"චුට්ටක් ඉවසන්න ..... තව ටිකකින් දැවිල්ල අඩු වෙයී. දැන්ම තුවාලේ තෙමන්න එපා."
සකුණී තුවාලෙට බෙහෙත් දාන ගමන් කිව්වා.එදා ප්‍රථමාධාර ඒකකය භාරව හිටියේ සකුණී.

රුචිර තුවාලේ වේදනාවෙන් කෙදිරි ගෑවා. සකුණී ඒ දිහා දුකෙන් වගේ බලාගෙන හිටියා.

_________________________

"ස්.....ස්...."
රුචිරව දැකපු සකුණී ගොඩක් සතුටින් කතා කරා.

රුචිර වට පිට බැලුවා කවුද කියලා. එතකොට තමා දැක්කේ සකුණී වෙරලූ ගහ යට ඉන්නවා.

"අහ්... මේ මට එදා බෙහෙත් දාපූ පුංචි දොස්තර නෝනනේ..."

"ඉතින් කියන්නකෝ දැන් හොදද..?"

"නැතුව ඉතින් දැන් හොදයි... පුංචි දොස්තර නෝනට ගොඩක් පිං"

"ම්ම්ම්....අනේ... මං පුංචි දොස්තර කෙනෙක් වෙලා නෑනේ. ඒක හීනයක්..... මං සකුණී.. එතකොට ඔයා රුචිර ..."

"සකුණී.. ලස්සන නමක් .. එතකොට දොස්තර නෝනා මගේ නම දන්නේ කොහොමද ..?"

"ඇයී ඉතින් ..... එදා ඔයා දුවද්දී කොල්ලෝ ඔයාගේ නම කියලා හයියෙන් කෑ ගැහුවනේ.."

"අහ්... ඒකත් එහෙමයි... එතකොට දොස්තර නෝනා මොකක්ද අර හීනයක කතාවක් කිව්වේ.. මට පැහැදිලි නෑ.."
රුචිර ටිකක් ඇස් ලොකු කරලා ඔලූව වනලා ඇහුවා.

"අහ්... ඒක මගේ ලැබීම රුචිර ..ඔයා library එකට යන්න නේද ආවේ . මං නිසා ඔයාගේ කාලෙත් නාස්ති වෙනවා." සකුණී ඇස් වල කදුලු පුරවගෙන බිම බලාගෙන කිව්වා.

"හ්ම්ම් ... ඒත් ....
රුචිරට කියාගෙන ආපු දේ සම්පූර්ණ කරන්න බැරි වුණා.

"මං දන්නවා රුචිර. මාත් උත්සාහ කරනවා මගේ ලැබීම වෙනස් කරන්න. එහෙම කරන්න මේ කපේට මට බෑ.මං යනවා.බායී"
සකුණී එහෙම කියලා යන්න ගියා.

රුචිර පුස්තකාලෙට නොගිහින් ආපහු පංතියට ගියා.

"අම්මේ..... මෙන්න අපේ අලුත්ම අනංගයා ...සාදරයෙන් පිළිගන්නවා"
යාලුවෝ ටික රුචිර එල්දී විහිළුවට නැගිටලා එක එක ඒවා කිව්වා.

"කවුද අනංගයා ... දැන් උබලා ඔය මටද අනංගයා කියන්නේ ..."

"නැතුව ඉතින් ... දැන් අපි ගිහින් සකූ එක්ක මල් කැඩුවයී... බලපල්ලකො බං"

"අනේ.. උබලට පිස්සුද බං.. එදා බෙහෙත් දැම්ම එකට මං තෑන්ක් කලා එච්චරයි."

"හා හා .. අපි දැනට එහෙම හිතමුකෝ නෙහ්...."
"මචෝ... ඔය අත්ත අල්ල ගත්තා වගේ නෙමෙයි.පස්සේ දුක් වෙන්න වෙයි ඈ.. නේද බං..."
"හුම් හුම්...."

"අයියෝ.... එහෙම දෙයක් නෑ බං.. තේරුම් ගනින්කෝ.."
_____________________________

රුචිර ස්කෝලෙ ඇරිලා බෝඩිමට ගිහින් නාලා කාලා පොඩ්ඩක් ඇදට ගියා. රුචිරට මතක් වුණේ සකුණිව. කෙල්ල හරි පරිස්සමට බෙහෙත් දාපු විදිය. අද දවල් ඉස්කෝලෙදි ඇස් දිහාම බලන් කතා කරපූ විදිය. රුචිරට ලස්සනට මැවිලා පෙනුනා.අද යාලුවෝ කියපුවා.රුචිර මේ හැම දේ දිහාම ආයෙත් හොදින් බලලා හිතුවා........ "අද කොල්ලෝ කියපු විදිහට නම් කෙල්ල වැදගත් සල්ලිකාර පවුලක වගේ. ඒත් ඒ ඇස් වල ලොකූ දුකක් තිබුණා. ඒත් ඇයී... එයාට හැම දේම තියෙනවා. සතුටින් ඉන්න පුළුවන්නේ. අනික මොකක්ද එයාගේ ලැබීම...... සල්ලිකාර පවුලක ඉපදුණ එකද ?? අපිට නම් සල්ලි වල අගේ හොදට දැනෙනවා. අම්මයී අප්පච්චී කොච්චර නං කියලා දුක් විදිනවද.. එහෙම බැලුවම සකුණීයී මායී අහසට පොලොව වගේ..ඒත් ඒ කෙල්ලගේ දුක මට නිවන්න පුළුවන් නම් .... නෑ නෑ මං කොහොමද එහෙම කරන්නේ ... මට එයාට ලං වෙන්න බෑ.එයා මට ගොඩක් දුරයි. නෑ නෑ... මට එහෙම හිතන්නවත් අයිතියක් නෑ. එයාගේ දුක අහන්න දුක කියන්න කෙනෙක් දැනටමත් ඇතී. මං මොකට හිතනවද මේවා .... ඔන්න ඔහේ මගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නවා." රුචිර ඇදට වෙලා ගොඩක් වෙලා කල්පනා කරා. දන්නෙම නැතුව වෙලාවත් ගිහින්. ටිකක් පාඩම් කරන්න ලෑස්ති වුණා. A/L ත් දැන් ලගයිනේ.

______________________________
සෙනසුරාදා clz ඇරලා යද්දී රුචිර දැක්කා සුදු පාට කාර් එකකින් සකුණි බැහැලා පුස්තකාලේ දිහාවට යනවා. ඒත් එක්කම පිටි පස්සෙන් අවුරුදු විස්සක වගේ උස පිරිමි ළමයෙක් සකුණිව පුස්තකාලෙට ඇරලලා කාර් එකත් අරං ඉගිලිලා ගියා.හැමදේම බලාගෙන හිටපු රුචිරත් පුස්තකාලෙට ගියා. රුචිර දැක්කා සකුණී නවකතා පොත් තියෙන හරියේ පොතක් පෙරලන් කියවනවා.

"exam අත ළඟ තියාගෙන ළමයා දැන් novel කියවනවද ....?"

රුචිර , සකුණි ගාවට ගහින් සකුණී දිහාට පහත් වෙලා ඇහුවා.

"රුචිර ඔයා....... ඔයත් පුස්තකාලෙද හිටියේ..."

"නෑ.. මං ඔයා එනවා දැකලයී ආවේ ... කවුද අර ඔයා එක්කන් ආවේ අයියද.?"

"නෑ"
සකුණී රුචිරගේ මූණ දිහා බලාගෙන හිටියේ හරියට පූස් පැටියෙක් වගේ.
"ඒ....මං.. marry කරන්න ඉන්න කෙනා."

"මොකක් ... marry කරන්න ඉන්න කෙනා .."
රුචිර ඇස් ලොකු කරලා ඇහුවා.

"ඔවු රුචිර. අපි යමුකෝ අතනට."
සකුණී හෝල් එකේ කෙරවලේම තිබුණු මේසේට ගිහින් ඉද ගත්තා. රුචිරත් සකුණිගේ පස්සෙන්ම ගිහින් සකුණී ගාවින්ම ඉඳගත්තා.
"ඔයා කැමතිද රුචිර මගේ කතාව අහන්න....?"

"හ්ම්ම් .. කියන්න..."
සකුණී ලොකූ හුස්මක් අරං එයාගේ කතාව පටන් ගත්තා.

"මං ඉපදුණේ ලොකූ බූදලේක අයිතිවාසිකම් කියාගෙන. අපේ තාත්ති බිස්නස් කරන්නේ. අනාගතේ දවසක ඒ බිස්නස් මට බලාගන්න වෙන්නේ. අම්මා ගෙදරට වෙලා ඉන්නේ.අම්මිට ටිකක් අසනීපයි. අම්මිටයී තාත්තිටයී ඉන්නේ මං විතරයි. එයාලා මාව ආරක්ෂා කරන්න හැම දේම කරලයි තියෙන්නේ.ඒත් මට මොන දේ ලැබුණත් එයාලගේ ආදරේ ලැබුණේ නෑ රුචිර. තාත්තී ගෙදර එද්දී හුඟක් රෑ වෙනවා. අම්මිට අසනීප නිසා එයා ගන්න බෙහෙත් වලට නින්ද යනවා. මට ගෙදර ගියාම කතා කරන්න කියලා ඉන්නේ මැගී අම්මා විතරයි.ඒ අපේ වැඩට ඉන්න කෙන. මං වැඩිපුර කරන්නේ fb යන එක. ඒත් මං පාඩම් වැඩ මගහැරියේ නෑ. මං කොහොම කොච්චර ඉගෙන ගත්තත් A/L වලින් පස්සෙ ඒ හැම දේම ඉවරයි. "
සකුණී ලොකූ හුස්මක් ගත්තා.

"හැම දේම ඉවරයි කිව්වේ...."
මෙච්චර වෙලා නිහඩව කතාව අහන් හිටිය රුචිර ඇහුවා.

"හැම දේම ඉවර වෙන්නේ මෙහෙමයි. අද මාත් එක්ක ආවේ මගේ අයියා නෙමේ. මගේ අනාගත හස්බන්ඩ්.හර්ෂ දෙනුවන් සූරියබණ්ඩාර.තාත්තිගේ හොදම යැලුවගේ පුතා.A/L ඉවර වුණ ගමන් මගෙයි එයාගෙයි වෙඩින් එකට හැම දේම ලෑස්ති කරලා තියෙන්නේ. මං ඒ දේවල් වලට කැමති නෑ රුචිර. ඒත් එයාලා මං කියන කිසිම දෙයක් අහන්නේ නෑ. මං ආසයි කැම්පස් යන්න. ඩොක්ටර් කෙනෙක් වෙන්න.ඒත් ඒවට මට ඉඩක් නෑ. ඒකයී එදා මං ඔයාට කිවාවේ. ඒ අතින් ඔයාලා කොච්චර වාසනාවන්තද.... මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ රුචිර.මං හැමදාම ප්‍රාර්ථනා කරේ සරල බුද්ධිමත් ඔයා වගේ කොල්ලෙක් එක්ක ජීවත් වෙන්න. මං එච්චර පින් කරලා නෑ. දේපල බිස්නස් මත අපේ ජීවිත දුවන්නේ. තාත්තීට ඕනී කෙනයී මං මැරි කරන්න ඕන."
සකුණී ඇස් වල කදුලු පුරවන් ඈත බලාගෙන හිටියා. රුචිර ඒ කම්මුල් දිගේම පහලට ගලාගෙන යන කදුලක් හරි පරිස්සමට පිහිදාලා සකුණිගේ අත් දෙකෙන්ම හයියෙන් අල්ල ගත්තා.

"සකූ... මං දුප්පත් කොල්ලෙක් හරියට කන්න අදින්නවත් අපට වත්කමක් නෑ. ඒ අතින් ඔයා කොච්චර වාසනාවන්තද.. ලැබුණු දෙයින් සතුටු වෙන්න. ඔයාට වරදින්නේ නෑ. ඔයාගේ හිත හොදයි."

"රුචිර ඔයාට බැරිද මට ආදරේ කරන්න ..."
රුචිර ගල් ගැහිලා වගේ බලන් හිටියා.

"බෑ සකූ.. අපි අහසට පොලොව වගේ. ඔයාගේ තාත්තා මේ දුප්පත් කොල්ලට කවදාවත් කැමති වෙන්නේ නෑ. ඒ දැන දැන ඇයී අපි ලං වෙලා දුක් විදින්නේ.."

"plzzzzzz රුචිර.... මං එක්ක ඉන්නකෝ. මට ඕනී වගේ කෙනෙක්.ඔයා දැක්ක මුල් දවසෙමයී මට ඔයා හොදයි කියලා හිතුනේ සල්ලිකාරයෙක් මට එපා රුචිර...."

"ඔයාට සල්ලී වල වටිනාකම දැනෙන්නේ නෑ සකූ.. ඔයා මං ගාවට අරං ඔයාට දුක දෙන්න බෑ මට.අපි ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඔයාට ඒ දුක විදින්න බෑ. එහෙම ඔයාට පුරුදුත් නෑ. අපිට ලැබෙන දේ අපිට බාර ගන්න වෙනවා. ඒ දේ දුකක් වුණත් සතුටක් වුණත්. ඔයා එයාට ආදරේ කරන්න දෙන්නම බිස්නස් එකේ වැඩ එකතු වෙලා කරන්න. ඒත් එක දෙයක් .... ඔයාගේ චූටි පැටව්න්ට ඔයාගේ ඉරණම අත් වෙන්න දෙන්න එපා.සකූ...... I love you...."

"I love you too"
ඒ ඇස් එකිනෙකට විනාඩි ගානක් ආදරේ විදගත්තා. ඇස් වලින් කතා වුණ ආදරේ කතා සකුගේ ඇස් වලින් කදුලු වෙලා ගලාගෙන ගියා.

"අඩන්න එපා සකූ...."

"අනේ ඇයී... රුචිර මට ඔයාගේ වෙන්න බැරි ?"

"අපි ඒ ගැන තවත් කතා නොකර ඉමූ. අපි ආයේ කවමදාකවත් මේ ගැන කතා නොකර ඉමූ.මං යන්නම්.. ඔයා එක්ක කතා කරන්න ලැබුණු එකත් මට ලොකු සතුටක් සකූ.... තෙරුවන් සරණයි. පරිස්සමෙන් යන්න."
රුචිර දුක හංගගෙන මූණට හිනාවක් අරං කිව්වා.

"මගේ කතාව අහං හිටියට ඔයාට ගොඩක් පිං. මගේ හිතට නිදහසක් දැනෙනවා. ඔයත් පරිස්සමෙන් යන්න. තෙරුවන් සරණයි රුචිර."
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
රුචිර බෝඩිමට ආපු ගමන් කල්පනාවට වැටුණා.
"මට ඔයාගේ දුක නොතේරෙනවා නෙමෙයි සකූ. මට ඔයාට ආදරේ කරන්න බැරි කමක් නෑ. දැනටමත් මගේ හිත ඔයා ගැන හිතනවා.ඒත් කවදාවත් ඉටු කරගන්න බැරි හීන දැකලා අන්තිමට දුක් වෙන්න බෑ සකූ. මට මගේ රත්ත්රන් අම්මට තාත්තට බොරු කරන්න බෑ. එයාලගේ සල්ලී නාස්ති කරන්න බෑ. මං කවුද සකූ ඔයාට ලං වෙන්න... මට එහෙම හිතන්නවත් අයිතියක් නෑ. දුප්පත් අපිට ඔයාලා වගේ සල්ලිකාර අය ගැලපෙන්නෙත් නෑ. සමාවෙන්න සකූ. ඔයාව අයිති වෙන කෙනෙක්ට. ජීවිතේ අපි හිතන තරම් ලේසි නෑ. අපිට ඕන දේ අපිට ලැබෙන්නේ නෑ. අහසයි පොලොවයී කවදාවත් එක් වෙන්නේ නෑ. ක්ෂිතිජය මායාවක්. ඒක රැවටීමක්.........."

එදා එයාලා scl එන අන්තිම දවස. හැමෝම ගොඩක් දුකින් අවුරුදු 13 තිස්සේ ආපු පාසල් ජීවිතයට සමුදෙන වෙලාව.. ගොඩක් හැගීම්බර මොහොතක් ....

"රුචිර ...."

"සකුණී...."

"ආයෙම අපි කවදාකවත් මුණගැහෙන එකක් නෑ නේද.... හ්ම්ම් .. ඔයාගේ අනාගතයට මම සුබ පතනවා."

"thank you සකූ.. ඔයාගේ ඉදිරි අනාගතයත් සුබම වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා."

එතනින් පස්සේ A/L රුචිරයී සකුණී දෙන්නම කැම්පස් යන්න හොදට පාස් වෙනවා. රුචිර කැම්පස් ගියත් සකුණීට ගෙදරින් කැම්පස් යන්න දුන්නේ නෑ...
______________________________
වසර 10කට පසු............

රුචිර දැන් ඩොක්ටර් කෙනෙක්. එයා එකම එක වතාවක් හිතින් ආයෙත් අතීතයට ගියා. රුචිරට මතක් වුණේ සකුණිව."සකූ දැන් marry කරලත් ඇති. මේ හිත මොකට තවත් පරණ දේවල් අවුස්සනවද මන්දා..." රුචිර එයාගේ autograph එක අරං පෙරලුවා සකුණී හරි ලස්සනට බෝල අකුරින් ලියලා තිබුණ නිසඳැස කියෙව්වා.

කඳුලැල් මට දෙන්න - හසරැල්ල නුඹ ගන්න
නුඹේ හසකැන් තරම් - මට කිසිත් අගේ නෑ
ලතැවිල්ල මට දෙන්න - සැනසිල්ල නුඹ ගන්න
නුඹේ සැනසුම මිසක් - පතන්නට දෙයක් නෑ
ජීවිතය නුඹ ගන්න - මතකය විතරක් දෙන්න
අපේ මතකය තරම් - සොඳුරු වෙන කිසිත් නෑ
හෙට දවස නුඹ ගන්න - අතීතය මට දෙන්න
නුඹේ හෙට දවස මිස - මට කියා හෙටක් නෑ
මට යන්න ඉඩ දෙන්න - මුළු ලොවම නුඹ ගන්න
ජීවිතය මට දුන්න - නුඹෙන් තොර ලොවක් නෑ

"ඒ අතිතය කොච්චර සුන්දරද...."රුචිර මොහොතකට කල්පනා කරා. එතකොටම කවුදෝ ඇවිත් දොරට ගහන සද්දයක් ඇහුණා. රුචිර ඉක්මනට ගිහින් දොර ඇරියා.

"අනේ... ඩොක්ටර් මගේ දරුවා හොදටම උණ ... අනේ ඩොක්ටර් මට පිහිට වෙන්න...."
රුචිර දොර ඇරපු ගමන් දැක්ක දෙයින් පුදුම වුණා. අවුරුදු 10කට විතර පස්සේ සකුණී එයාගේ ඇස් ඉස්සරහා දරුවත් එක්ක රුචිර කවදාවත් බලාපොරොත්තු නොවූ මොහොතක්. සකුණීටත් ඇස් අදහා ගන්න බැරි වුණා.රුචිර ඉක්මනටම එයාලගේ ගෙදරට යාබදව ඉදිකෙරුණු කුඩා ඩිස්පෙන්සරියට සකුණිව එක්කරගෙන ගිහින් බබාට බෙහෙත් දුන්නා.
"ගොඩක් පින්."
"සකූ දරුවට බෙහෙත් ටික පොවාගෙනම යන්න.ඉන්න මං වතුර ටිකක් අරං එන්නම්."
රුචිර වතුර ගෙනැල්ලා බබාට එයා අතින්ම බෙහෙත් පෙව්වා.
"ඇයී සකූ ඔයා මෙහෙම ... කෝ හස්බන්ඩ් .. එයට කෝල් එකක් දීලා වාහනේ ගෙන්නගෙන යන්න.බබාටත් උණනේ."

සකුණිගේ ඇස්වලින් කදුලු සට සට ගාලා වැටුණා.
"ඇයී සකූ... ඇයී මේ.."
රුචිර සකුණිගේ උරහිසින් අල්ලාගෙන ඇහුවා.
"මොන හස්බන්ඩ්ද රුචිර... හැමදාමත් වගේ මං අදත් තනි වෙලා තමයි රුචිර..."
සකුණී බබාවත් තුරුල් කරන් හයියෙන් ඇඩුවා.
"අනේ සකුණී.... මොනවද මේ කියන්නේ .... මොකක්ද වුණේ ... බබාව ඇදෙන් තියන්න සකූ දැන් බෙහෙත් වලට නින්ද යයි. මට කියන්න මොනවද වුණේ .....?"
සකුණී බබාව ඇදෙන් තියලා හයියෙන් ඇඩුවා.
"මං තනි වුණා රුචිර. තාත්තිගේ බිස්නස් ඔක්කොම අවුල් වුණා. තාත්තී බංකොලොත් වුණා. අම්මි අපිව දාලා ගියා.දැන් තාත්තිටත් සනීප නෑ.."
"එතකොට ඔයාගේ හස්බන්ඩ් ...?"
"ඌ මට ආදරේ කරේ නෑ රුචිය තාත්තිගේ බිස්නස් වලටයි ආදරේ කරේ. තාත්තිගේ බිස්නස් නැති වුණාම බලෙන්ම ඩිවෝස් වුණා. අන්තිමට මට ඉතිරි වුණේ මේ දරු පැටියා විතරයි. මං පොඩි ෂොප් එකක වැඩ කරලා තාත්ති මගේ පොඩි පුතයී ජීවත් කරනවා. ඔයා නම් ඔයාගේ හීනෙට ගිහින්.මට සතුටුයි රුචිර ඒකට....... ගොඩක් පරක්කු වුණා රුචිර මං යන්නම්."

"සකූ.........ඉන්න ........"
"ඇයී රුචිර ...?"
රුචිර සකුණිගේ අතින් ඇදලා අරං පපුවට තුරුල් කර ගත්තා.
"සකු..... මෙහෙම හැමදාමත් ඉන්න. ඔයා ඔය ඉන්න තත්වේ මට ප්‍රශ්නයක් නෙමෙයි. plzzzz ඔයා හෙව්වේ මං වගේ කෙනෙක් කිව්වා නේද... දැන් මං ඉන්නවා ඔයා ලග..... ඉන්නවා නේද මාත් එක්ක ම්ම්ම්...."

"රුචිර ඔය ඇත්තමද .... හීනයක්ද මේ රුචිර ....."

"හීනයක් නෙමෙයි රත්තරන් .... "

"ඔයාට ගොඩක් පිං රුචිර..."

"පින් එපා ඔය මුණේ හැමදාමත් හිනාව විතරක් තිබුණොත් ඇති. මේ දරු පැටියත් දැන් මගේ. ඔයත් මගේ. ආදරෙයි සකු"

රුචිර එයාගේ ප්‍රථම හාදුව සකුණිගේ දෙතොල් අතර රැදෙව්වා........
______________________________
ආදරේ කියන්නේ හිමිකර ගැනීමම නෙමෙයි.ආදරේ කියන්නේ පරිත්‍යාගයක්. ආදරේට ආදරේ කරන්න.කවදමහරි ඔයාට සත්‍ය ආදරය මුණගැසේවී.එතකල් ඉන්න. තෙරුවන් සරණයි.

By - පූර්ණී අචලා

0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
04 Aug 2017 07:14 AM
පෝන් එක හෝ ගාල රිං වෙනවා..මොකාද මෙ උදෙ පාන්දර කෝල් කරපු එකාගෙ අම්ම තාත්ත මතක් කරගෙනම පෝන් එක කනෙ තියාගත්තෙ කට් කරන්න කට් කරන්න කෝල්ස් එක දිගටම ගන්න නිසා...
හෙලෝ
හෙලො කව්ද මෙ
පහන් පහන් මෙ ඔයා නෙද
එ කටහඩ අදුරගන්න මට මහලොකුවෙලාවක් ගියෙ නෑ..මගෙ නිදිමතත් කොහෙදො මන්දා ගිහිං මමත් දන් නැතුවම මම ඇඩ්ජෙ ඉන්ද උනා..
වින්දි වින්දි ඔයා ඇයි මෙ කලබලෙන් කියන්න මොකක් හරි කරදරයක්වත්ද
අනෙ පහන් මට ඔයා හරි ඉක්මනට හම්බෙන්න ඕනි ඔයාට පුලුවන්ද
ඇයි මොකො ම්ම්ම්ම්
අනෙ ආවම කියන්නම් ඔයා එනවද කියන්න
හරි හරි වින්දි මම් හෙට උදෙන්ම එන්නම්
හරි එහෙනම් මං බලන් ඉන්නවා බුදු සරණයි...
මං උත්තරයක් දෙන්නත් කලින්ම වින්දින්පෝඔන් එක කට් කරලා..එයාට මොකක් හරි කරදරයක් වෙන්න්න ඇති ඒකනෙ මට හදිස්සෙන්ම කෝල් කලෙ එ ගැන හිත හිතම මම කෝල් කරල කොහොමහරි හෙට උදේම තියෙන ප්ලයිට් එකක් බුක් කර ගත්තා ලංකාවට යන්න...මම එපා කියල දාල ආව ලංකාව ආයෙපය තොයන් නෑ කියල හිතපු ලක්කාවටම මම ආයෙ යනවා...ඒ වින්දි නිසා..ලංකාවෙන් ආවෙත් මං එයා නිසා..ෆ්ලයිට් එකට නැගලත් මම කල්පනා කලෙ ඒ ගැන.
×××××××××××××××××××××××××××××××××××××××
මම පහන් තත්ති බිස්නස් කලෙ..අම්මිගෙයි තාත්තිගෙයි මුලු ලෝකෙම උනෙ මං..එයාල තරම් ආදරෙන් සමගියෙන් ඉදපු පවුලක් මම දැකලවත් තිබ්බෙ නෑ.ඒතරම් අපෙ ගෙදර ආදරෙ පිරිලා..තාත්තිට සල්ලි තිබ්බ නිසාම මාවත් ප්‍රයිවට් කැම්පස් එකකට යවල මට හොදට ඉගැන්නුවා..කැම්පස් එකෙ ඉදපු දගයත් මං තමා..ඒ නිසා මට යාලුවන්ගෙන් අඩුවක් උන් නෑ...අලුතෙන් ආපු බැජ් එකෙහිටියා හරි ලස්සන කෙල්ලක්.දැක්ක ගමන්ම මගෙ හිත එයාට ගියා.මම කෙල්ලට ලගට අඩගැහුවා..නම විස්තර එහෙම අහ ගත්තා.වින්දි ලස්සන නමක්..නම වගෙම තමා කෙල්ලත් හරිම ලස්සනයි.මම එයාට කැමති කියලා කැම්පස් එකටම ආරංචිවෙලයි තිබ්බෙ..මට එහෙම කෙල්ලො ඉදලත් නෑ මම කෙල්ලො පස්සෙ ගිහිනුත්නැති නිසා කොල්ලො ටිකත් බොක්කෙන්ම මට සප් එක දුන්නා..එයාව රැග් කරන්න යන හැම වෙලාවකම මම එයාව බේර ගත්තා..ඔහොම ගිහින් ටිකකාලෙකින් මම වින්දිව දා ගත්තා...මමගෙ පලමු ප්‍රේමෙ මං බොක්කෙම්ම කල..කෙල්ලත් එහෙමයි මට පන ඇරලා..කෙල්ලට අම්ම නෑ තාත්තා විතරයි ඉදියෙ.එයාගෙ තාත්තත් බිස්නස්මන් කෙනෙක්..අම්ම නැති උන දවසෙ ඉදන් කෙල්ලව බලන් තියෙන්නෙ තාත්තා...අපෙ ආදරෙ හරිම ල්ස්සනට ගලන් ගියා පුන්චිපුන්චි රන්ඩු ඒ ආදරෙ තවත් වැඩි කලා..
දවසක් මහෙ පෝන් එකට නොදන්න නම්බර් එකකින් කෝල් එකක් ආවා...මං ඒ දවසට් අදටත් වයිර කරනවා..මහෙ හැමදෙම එ එක තප්පරෙන් විනාස උනා..හෙලො මෙ මිස්ටර් ගජසිංහගෙ පුතා නේද අම්මයි තාත්තයි පොඩි ඇක්සිඩන්ටෙකක් වෙලාපුලුවන් තරම් ඉක්ම්නට ජෙනරල් හොස්පිට්ල් එකට එන්න..මට් එ වෙලාවෙ මොනා උනාද මතක නෑ ඇදන් ඉදපු ඇදුම් පිටින්ම මම හොස්පිට්ලෙකට ගියා මම යද්දි මගෙ රත්තරං අම්මයි තාත්තයි මෙ මාව තනිකරලා දාල යන්න ගිහින් මම ඇඩුවා දවස් ගානක් නොකා නොබී ඇඩුවා එයාල නැති පාලුව දරා ගන්න මට බැරි උනා....වින්ඩිපුලුවන් විදියට ඇවිත් මාව සැනසුවා...ඒ අතරෙ තාත්ත ගත්ත බෑන්ක් ලෝන් එහෙකට අපෙ බිස්නස් ඔක්කොම සින්න උනා...වින්ඩිගෙ තත්තා උනත් මට කිව්වෙ අම්මා අප්පා නැති අනාතයෙක්ට එයාගෙ දුව දෙන්න බෑ කියලා..මම අසරන උනා හොදටම හැමදේම නැති උනා පන වගෙ ඉදපු කෙල්ලත් නැති උනා..වින්දිනම් හැමවෙලාවෙම කිව්වෙ මොන දුක හරි විදන් එයා මං එක්ක ඉන්නම් එයාව කොහෙ හරි එක්කන් යන්න කියලා.මට මගෙ සුරංගනාවි එහම් අරන් ගිහින් දුකක් දෙන්න බෑ.අනික අම්මත් නැතිව කෙල්ල බලා ගත්ත තාත්ටතට දුකක් දෙන්නත් මට බෑ ඒ නිසාමයි මම වින්දිව වදෙන් පොරෙන් එයාගෙ තාත්ත හොයපු සල්ලිකාර මනමාලය ශෙහාන්ට කැමති කරව ගත්තෙ...මං අනාතයෙක් වගෙ මෙ රටෙ ජීවත් වෙන්න කැමති උනෙ නෑ...එ නිසා මම කලෙ මට තිබුන ඔක්කොම දේවල් විකුනල දාල ඕස්ට්‍රෙලිය ගිය එක..
********-------**-******************************-
ලංකාවට ඇවිත් හොටෙල් එකට ගිහින් වොශ් එකක් දාගෙන ඉස්සෙල්ලම කලෙ වින්ඩ මීට් වෙන්න තැනක් දා ගත්ත එක..වෙනදා අපි මීට් වෙන කොෆිශොප් එක ලගට එයා එනව කියපු නිසා මමත් ලෑස්තිවෙලා ගිහින් එයා එනකන් බලන් ඉදියා...වින්දි මගෙ ලගට එනකන්ම මට අදුර ගන්න බැරි උනා..දෙවියනෙ කෙල්ල හොදටම වැහැරිලා ගිහින් ලස්සනට ඉදපු කෙල්ල ඇදිල ගිහින්.මම මටම හිතෙන්ශාප කර ගත්තා මම නිසානෙ අද මෙ කෙල්ල මෙම දුදින්නෙ කියලා..වාඩි වෙන්න වින්දිඇයි මෙ..ඔයා හොදටම දුක් විදල රත්තරං ඇයි මේ හදිස්සියෙන් මට එන්න කිව්වෙ.....අම්මි අම්මි මට චොක්ලට් කේක් ඕනි අයිස් කොෆි එක්ක..සුරංගනාවියක් වගෙ ලස්සන බබෙක් වින්දිගෙ අතෙ එල්ලිලා ඉන්නව දැක්කෙ එවෙලාවෙ..වින්දි ලස්සන බබෙක් ඔයාගෙද..හ්ම්ම් ඔව්..සුදු දෝනි කො එන්න පැටියො මගෙ ලගට මම දෝනිට අයිස් කොෆි එක්ක චොක්ලට් කේක් අරන් දෙන්නම්..මට දෝනි නම කියන්නකො බබාගෙ..පහන්‍යා කෙල්ල ගොත ගගහ නම කියද්දි මට ආදරෙත් හිතුනා..ඔයා වගෙමයි වින්දි ඔයාට මතකද ඔහොමයි චික්ල්ට කේක් කාල අයිස් කොෆි බොන්න මං එක්ක රන්ඩු කරනවා..
ඒ අතීතෙ මතක් වෙලා අපි දෙන්නටම ඇඩුනා..මට ඕන උනෙ නෑ වින්දි අඩනවා දකින්න මම ඉක්ම්නට කතාව මාරු කලා ඔන්න ඔන්න ඉතින් ටැප් එක අරිනව.මට කියන්නකො ඇයි මෙ එන්න කිව්වෙ....
මෙකයි පහන් ඔයා දන්නවනෙ ශෙහාන් මං මැරි කරපු කෙනා.එයා එයා එච්චර හොද කෙනෙක් නෙවෙ ඩ්‍රග්ස් ගන්නවා තාත්ති දන්නෙ නැතුවනෙ මාව එයාට බන්දලා දුන්නෙ..එදා ඉදන් මං නොවිදිනා දුක් වින්දා..මං තාත්තිට කිව්වෙ නෑ..එයාට එ ගැන ආරංචි උනහම එයා ඒ ගැන හිතලම අසනීපවෙලා මාවත් තනි කරලම යන්න ගියා.මං තනි උනා..මැරෙන්න හිතුනා එහෙම කරගන්න හිත හිත හිත ඉද්දි තමා මගෙ බඩට දරු පැටියෙක් ඇවිත් කියල දැන ගත්තෙ..එ නොදැකපු දරුව වෙනුවෙන් මං ජීවත් වෙන්න හිතා ගත්තා..මගෙ සුදු දෝනි ඉපදුනහම මම පුදුම විදියට සතුටු උනා..එයා උනත් දරුවට වැඩිය වෙනස්කම් කලෙ නෑ..ඒත් ඊයෙ එයා ගෙදර ආවෙ යක්ශයෙක් වගෙ වෙලා..එයාට ඕනි උනෙ අපෙ දූව මොකෙක්ට හරි දෙන්න එහෙම නැත්නම්.මරලා දාන්න..මු මොන පිස්සෙක්ද තමන්ගෙ දරුවට ඔහොම කරන්න පුලුවන්ද තාත්තා කෙනෙක්ට.ඔව් පහන් ඒකම තමා ප්‍රශ්නෙ එයාට බබාල නෑ එයාට බබාල හදන්න බෑ දූ එයාගෙනෙවෙ කියලා එයා දැන ගෙන waht..දු එයාගෙ නෙවෙනම් කාගෙද..දූ ඔයාගෙ පහන් එ ඉන්නෙ ඔයාගෙම බබා..මොනවා එ මගෙ දෝනිද..මගෙ රත්තරං දුව..ඔව් පහන් අපි එදා නුවර එලි ට්‍රිප් එක ගිය දවසෙ..ඔව් මට එ හැමදෙම මතකයි එදා තමා වින්දි මගෙ අතින් ගැහැනියක් උනෙ...එ බෙඩ් ශීට් එක තවමත් මගෙ අල්මරියෙ අරන් තියල තියෙන්නෙ...ඇයි වින්දි ඔයා මෙ ගැන මට කලින් කිව්වෙ නැත්තෙ..සමාවෙන්න අනෙ පහන් ශෙහාන් අපිව මරයි අනෙ අපිව බේරගන්න...හරි මගෙ රත්තර්ං මම ඔයාටවත් මගෙ දෝනිටවත් මොකුත්ම වෙන්න ඉඩ තියන් නෑ...බය නොවී ඉන්නකො....මං වින්දිවත් එක්කන් පොලිසියට ගිහින් ඇන්ට්‍රි එකක් දැම්මා.දාල වින්දිවයි දූවයි මං ඉන්න හොටෙල් රූම් අරන් ගියා....තව මාස තුනකින් වින්දිගෙ ඩිවෝස් එක හම්බුනාම ආපහු මං ඕස්ට්‍රෙලියා යනවා..හැබැයි ඒ යන්නෙ අනාතයෙක් විදියටනම් නෙවෙ ලස්සන වයිෆ් කෙනෙක් වගෙම ඒන්ජල් කෙනෙක්කුත් අරන්..දෝනි එක්ක ගෙවන හැම තප්පරේම හරිම විනෝදයි.දෝනිගෙයි අම්මගෙ යි රන්ඩු බේරලා ඉවරයක් නෑ..ඒත් දැන් තමා මම ජීවිතෙ විදින්නේ අපි තුන්දෙනාම හරිම සතුටින් ජීවත් වෙනවා....
❤️....මාෂි....
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
04 Aug 2017 07:16 AM

මේ කතාව ඇත්ත කතාවක් ඇසුරින් ලියන්නෙ මගෙ යෙහෙලියකට සිදු උන සිදුවීමක් පාදක කර ගෙනයි.ඒ වගේම මේක මගෙ පලවෙනි කතාව .

ඒ 2010 අගෝස්තු මාසේ..ජනනිගෙ බලාපොරොත්තුව උනේ campus යන්න..ඒ නිසයි කෙල්ල ගොඩක් බලාපොරොත්තු ඇතුව a/l කරේ.
Bio කරපු නිසා කෙල්ලගෙ හිතේ පොඩි දෙගෙඩියාවක් තිබුනා..ඒත් කෙල්ල දැනං හිටිය කෙල්ලට කොහොම හරි campus යන්න පුලුවන් වෙයි කියල..a/l විභාගෙත් අහවර කරල ගෙදර ඉන්න දවස් ටිකේ කෙල්ලට ගොඩක් කම්මැලි හිතුන..මේ නිසා කෙල්ලගෙ යාලුවෙක් ජනනිට fb account එකක් හදල දුන්න..

අම්මෝ ඉතින් මුලු පාසල් කාලෙම ඉගෙනුමට විතරක් වැය කරපු ජනනිට මේක හරිම අමුතුම ජාතියෙ එකක් උනා..කෙල්ල දැන් හැම වෙලේම එෆ් බී එකේමයි..කෙල්ලට ෆෝන් එකක් නොතිබුනත් පරන ෆෝන් එකකට යංතන් බැටරි කෑල්ලක් සෙට් කරං තමයි කෙල්ල මේ එෆ් බී එන්නෙ..

ඔහොම කාලෙ ගෙවුනත් කෙල්ල කාත් එක්ක වත් චැට් කරන්න ගියෙ නැහැ. පවුලේ එකම ලමය උන ජනනිට ගෙදරින් උනත් කිසිම දෙයක් ගැන බලපෑමක් තිබුනෙ නැහැ..ඔහොම කාලෙ ගෙවෙද්දි දවසක් කෙනෙක් ජනනිට msg එකක් දාල තියනව කෙල්ල දැක්ක..ඒ රනුක කියල කොල්ලෙක්ගෙන්..

රනුක- hiiiii

කෙල්ලට එක පාර අදහ ගන්න බැරි උනා.."කවුද බොලේ මේ,,,බලමු account ekata ගිහිල්ල.."
මෙහෙම හිතපු කෙල්ල ටක් ගාල account එක search කරා.."" Ranuka chirath perera."".
"Works at global hotels colombo... former chef at global hotels""
කෙල්ලට පුදුම හිතුන..මෙතුවක් කල් ඉගෙනුමටම විතරක් හිත යොමුකරපු කෙල්ලට මේ කොල්ල ගැන පොඩි පැහැදීමක් ඇති උනා.කොල්ලත් ලස්සනයි.අහිංසක පාටයි. Fb wall එක පුරාම බුදු බණ..ජීවිතේ ගැන ධනාත්මක කරුනු..කෙල්ලගෙ හිත ගොඩක් පැහැදුනා කොල්ල share කරල තියෙන දේවල් ගැන.
""ගොඩක් හොද කෙනෙක් වගේ."".කෙල්ල තනියම හිතුව
ඔන්න ඔහේ ඕන එකක් කියල කෙල්ල reply කරා..

ජනනි-hi
රනුක-hw are u??
ජනනි-good.u??
රනුක-fine..where are u from????
ජනනි-:-)
රනුක- kk this is my number cl me if u can
077777223
ජනනි-k bye.

කෙල්ලට පුදුම සතුටක් දැනුනෙ..ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලට කොල්ලෙක් මේ විදිහට number එකක් දුන්නෙ..කෙල්ල එක පයින්ම number එක ෆෝන් එකට save කර ගත්ත.ඒත් කෙල්ලට කොල්ල දීපු number එකට කතා කරන්න තරං හිත හයිය කර ගන්න ටිකක් අමාරු උනා. මොකද මේ කෙල්ල කොල්ලෙක් එක්ක කතා කරන්න හදන පලවෙනි වතාව නිසා..
------------------------------------------------------------------
අදුර වැටෙනවත් එක්කම කෙල්ල කොල්ලට කෝල් කරන්න කියල ෆෝන් එක අතට ගත්ත.."කෝල් කරනවද msg එකක් දානවද.. " කෙල්ල කල්පනා කරන්න පටන් ගත්ත..කොහොමින් කිහොම හරි කෙල්ල miss කෝල් එකක් ගහල නිකං හිටිය .තත්පරයක් ගියෙ නැහැ මෙන්න msg එකක් එනව.
"" hi mama balan hitiya oya cl karanakan" කෙල්ලගෙ මූන මලක් වගේ උනා..මොනව කියන්නද කියල හිතා ගන්න බැරුව කෙල්ල වරුවක් හිත හිතා ඉදල මෙහෙම යැව්ව..
"Hmm ehemada..""
රනුක-ithin ithin oyage wisthara monawada??
මෙහෙම පටන් ගත්තු දෙන්නගෙ යාලු කම දින සති මාස ගෙවිල යද්දි ගොඩාක් ලං උනා..කෙල්ලට කොල්ලව නැතුවම බැරි උනා..කොයි වෙලෙත් cl msg කරන නිසා කෙල්ලත් හිතුව කොල්ලටත් එයාව නැතුවම බැරි බව.

කොල්ල කෙල්ලට කිව්ව විදිහට එයා එතන ඉන්න ලොකු chef කෙනෙක්.ගොඩක් වෙලාවට කොල්ලට වැඩ වැටෙන්නෙ රෑට..උදේ පටන් ගන්න shift එක ඉවර වෙන්නෙ පහුවදා පාන්දර 2.30 ට..කෙල්ල හැම දාම කොල්ලගෙ shift එක ඉවර වෙනකන් මග බලාගෙන ඉන්නව. කොල්ල shift එක ඉවර වෙලා ආව ගමන් කරන්නෙත් කෙල්ලත් එක්ක කතා කරන එක..දෙන්න එලි වෙනකං කතා කරල නිදා ගන්නකොට එලියත් වැටිල..එහෙමම කොල්ල ගෙදර යනව.ඊට පස්සෙ ආපහු දවසක් නිවාඩු..
මේ විදිහට දවස් ගත වෙනකොට දෙන්න ගොඩක් සමීප උනා..ගොඩක් දේවල් කතා කරා..ගෙවල් වල තොරතුරු,,ජීවිතේ ගැන මේ වගේ ගොඩක් දේවල් කතා කරා..කොල්ල කෙල්ලට ජීවිතේ ගැන ගොඩක් කරුනු කියල දුන්න..ජීවිතෙ අනිත්‍ය බව. රූපය පෙනුම සල්ලි මේ දේවක් තාවකාලික බව..මේ වගේ ගොඩක් දේවල් කෙල්ලට කියා දුන්න.මේ වෙනකොට කෙල්ල ගොඩක් කොල්ල ගැන පැහැදිලා හිටියෙ.
කෙල්ලගෙ අම්මටත් කෙල්ලගෙ මේ වෙනස ගැන ඉව වැටිල තිබුනෙ..එත් මේ ගැන අහන්න ගියෙ නැහැ..මේ අතරෙ දවසක්..

රනුක- මොකද කරන්නෙ ඔයා.හ්ම්ම් මට නං හෙට නිවාඩු..

ජනනි- මුකුත් නෑ අනේ ඉතිං..results එනකන් මං ඉතින් මොනව කරන්නද..

රනුක-මට ඔයාව හම්බෙන්න ඕනෙ නංගි

ජනනි-ඒ මොකටද අයියේ..

රනුක-නිකං...කතා කරන්න..

ජනනි-ඉතින් කතා කරන්න නං ෆෝන් එකෙනුත් පුලුවන්නෙ මැට්ටො..

රනුක-හරි හරි එහෙනං නිකං ඉන්න..කෙලින්ම බැහැ කිව්ව නං ඉවරයිනෙ..

ජනනි- හරි හරි මම එන්නං අනේ..ඒත් අයියෙ ඔයා මාව දැක්කට පස්සෙ ..ඔයාට මාව එපා වෙයිද දන්නැහැ..

රනුක-ඒ මොකද??

ජනනි- නිකං අනේ.මම දන්නව අයියෙ ඔයා අනිත් අයට වඩා වෙනස් කෙනෙක කියල .හ්ම්ම් මම එන්නං හෙට.

රනුක-හරි එහෙනං 10 වෙද්දි මම එනව negombo stand එකට..ඔයා ඇවිත් ඉන්න.

ජනනි- හරි අයියේ
--------------------------------------------------------------උදේ පාන්දරම නැගිටපු කෙල්ල බුදුන්ට මල් පහන් තියක වැදල..ඉක්මනට ලැහැස්ති වෙන්න ගත්ත.කෙල්ලට හිතා ගන්න බැහැ මොකක් අදින්නද කියල..අල්මාරියෙ තිබුන ලස්සනම චාම්ම ගවුම ඇද ගත්තු කෙල්ල මූණ පුරා පවුඩර් ගා ගෙන කන්නාඩියෙන් බලන් හිටියෙ ගොඩක් සන්තෝසෙන්.ඒ මොකද
කෙල්ලගෙ හිතේ කොල්ල ගැන ලොකු ආදරයක් ඇති වෙලා තිබුනෙ මේ වෙනකොටත්..එත් ඒක කියා ගන්න බැරුව කෙල්ල හිටියෙ ගොඩක් හේතු තිබුන නිසයි.ඒ හැම දේටම මේක හොදම අවස්තාව කියල කෙල්ලගෙ හිත කිව්ව.

"'අම්මේ මම දසුනිලගෙ දිහා යනව පොත් වගයක් ඉල්ල ගන්න"" මෙහෙම කියපු කෙල්ල ගෙදරින් පිට වෙන්න කලින් අම්මටත් වැදල අම්මගෙ මූන දිහා හරියට නොබලම පිටත්ව යන ගමන ගැන අම්මට සැක හිතුනත් අම්ම වචනයක්වත් ඒ ගැන කිව්වෙ නම් නෑ.
-------------------------------------------------------------
කියපු විදිහටම හරියටම 10 වෙද්දි කොල්ල bus stand එකේ කෙලවරක bike එකත් නතර කරං ඇවිල්ල බලන් ඉන්නව කෙල්ල එයි කියල..කෙල්ල කොල්ලව දැකපු ගමන් කෙල්ලට කොල්ලව අදුර ගන්න එච්චර වෙලා ගියෙ නැහැ.කෙල්ලට ඒ වෙලේ පුදුම ආදරයක් ඇති උනා.කෙල්ල ලගට එනවත් එක්කම කොල්ල කෙල්ල දිහා බලං හිටියෙ අසරනයෙක් දිහා බලං ඉන්නව වගේ. කොල්ල හොදටම බය වෙලා ඉන්නෙ කියල කෙල්ලට කොල්ලගෙ මූන බලපු ගමන්ම තේරුනා.

කොල්ල ඉදගෙන හිටපු bike එකෙන් නැගිටල ඇවිත් මෙහෙම කියාගෙන කියාගෙන ගියා.,,.

"" නංගි ඔයාව හමු වීම සතුටක් මට..හදිසියෙම අම්ම cl කරා නංගි මට ගෙදර යන්න වෙනව..මම ගෙදර ගිහිං cl කරන්නංකො හොදද..පරිස්සමට යන්න ඔයා.."""මෙහෙම කියපු කොල්ල වේගෙන් ඈතට ගියා.කෙල්ල කොල්ල නොපෙනී යනකන්ම ඒ දිහා බලං උන්නා.

දෙවියනේ මොකද්ද මේ උනේ..කෙල්ලට හිතා ගන්න බැරුව ගියා..
කෙල්ල හිතුව කොල්ල ගොඩක් හොද නිහතමානී අවංක කෙනෙක් කියල..කොල්ල කෙල්ලට ගොඩක් බුදු බණින් ජීවිතේ ගැන කියල දීල තිබුන.මේ හැම දේම කෙල්ලට මතක් උනා..
කෙල්ල කවදාවත් හිතුවෙ නැහැ මෙච්චර හොද කෙනෙක් කෙල්ලව දැක්කට පස්සෙ මෙහෙම හැසිරෙයි කියල..

එහෙම කරන්න හේතු නං දාහක් තිබුන..මොකද කෙල්ලගෙ ඇස් දෙකම වපරයි..කෙල්ලගෙ දකුණු කකුල කොරයි.නමුත් කෙල්ල හිතුවෙ නැහැ කොල්ල මෙහෙම හැසිරෙයි කියල.

කෙල්ල තේරුං ගත්ත හිතට පෙම් කරන මිනිස්සු රූපෙට පෙම් කරන්නෙ හිත අමතක කරල කියල . කෙල්ලගෙ ඇස් වලින් කදුලු බිංදු කඩන් වැටෙනකොට කෙල්ලව කොල්ල block කරල තිබුන..කොල්ලගෙ number එකත් ආපහු කෙල්ල වෙනුවෙන් ක්‍රියා විරහිත වෙලා තිබුන.. (නිමි)
(( නදී ))

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
05 Aug 2017 11:40 PM
ඇත්ත කතාවක් කියල නේද කියල තියෙන්නේ. ස්තූතියි මලේ අපි වෙනුවෙන් කියවන්න ලබා දුන්නට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Aug 2017 12:42 AM
කථාව ඉවර කරල නේද
අලුතින් එකකුත් පටන් ගමු නේද
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
06 Aug 2017 10:59 PM

#අතරමං_උන_සිතක්

මම ශේනාල්. හැමෝම වගේ ආදරෙට මට කිව්වේ ශේන් කියලා. ඉස්කෝලේ නිතරම වගේ දඟ වැඩ කරලා හැමෝගෙන්ම බැනුම් ඇහුවත් ඉගෙනීම් කටයුතු වලින් නම් මං ගොඩක් දක්ෂතා පෙන්නුවා. ඒ කාලෙදි සම වයසේ යහළුවොන්ට ආදර උන්මාදයක් තිබුණට මට එහෙම තිබුණෙම නෑ. මට ඕනේ උනේම යාලුවෝ එක්ක සතුටින් විනෝදෙන් සැහැල්ලුවෙන් ඉන්න. ඔහොම හිටිය මම සාමාන්‍ය පෙළ විභාගයත් කරා. එතනින් පස්සේ මං ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරන්න ගත්තේ ගෙදර නිකංම ඉන්න කම්මැලිකමටයි.

මං එක්ක ඒ පාඨමාලාව කරන්න ගමේම හිටිය මගේ යාලුවෙකුයි අක්කලා දෙන්නෙකුයි හිටියා. අපි හතර දෙනාම පංති ගියේ ආවේ එකටමයි. ඒ එක අක්කා කෙනෙක් මට ගොඩක් ළං උනා. බස් එකේ ශීට් එකේ අපි දෙන්නා එකට ඉදගෙන ආවේ ගියේ. එයා මට මගේම අක්කා වගේ. හිතේ කිසිම කහටක් මට එයා ගැන තිබුණෙම නෑ. මං එක්ක පංති යද්දි ඒ අක්කගේ කලින් love afair එක ගැන මට ගොඩක් විස්තර කිව්වා. ඒක මඟදි නැවතිලා එයා හිතින් ගොඩක් වැටිලයි හිටියේ ඒ වෙද්දි. මං ඒ අක්කගේ හිත පුළුවන් විදිහට හැදුවා. කවදාවත් කිසිම කෙනෙක්ට ආදරේ නොකරපු මට ආදරේ කියන්නේ මොකක්ද කියලාවත් නොතේරුනාට ඒ අක්කාගේ ළඟම ඉදන් දුක අමතක කරවන්න පුළුවන් උනා. ඔය අතරෙදි තමයි අපි එක්කම පංති ගියපු මගේ යාලුවා ඒ අක්කාගෙන් ආදරේ ඉල්ලුවේ. මට මතකයි එදා අපේ පංතියේ තිබුණ ලොකු අරලියා ගහ යටදි මං එයා එක්ක කතා කර කර ඉද්දිම මගේ යාළුවා ධනුෂ්ක ඌ ඇවිත් ඒ අක්කට ආදරෙයි කිව්වා. ඒ වෙලාවේ මගේ ඔලුවේ ඉදන් කකුල් දෙක ළඟට යනකල්ම අකුණක් ගැහුවා වගේ උනා. ඒත් ඒ ඇයි කියලා අදටවත් මට හිතාගන්න බෑ මොකද ඒ වෙද්දිත් එයා මගේම අක්කා කියලා විතරයි මං හිතුවේ. එදා ඒ අක්කා ධනුෂ්කට අකමැති කියලා එතනින් මාවත් ඇදගෙනම බස් හෝල්ට් එකට ආවා.

" මොකද මෝඩයෝ බලන් හිටියේ "

" ඒ කිව්වේ අක්කේ "

" වෙන කොල්ලෙක් මගෙන් ආදරේ ඉල්ලනකල් තමුසේ එතන ගල් ගිලලා වගේ බලන් හිටියේ මොකද "

" ඉතිං අක්කේ මං වෙන මොකක්ද කරන්න ඕනේ "

" දැන් කරන්න ඕනේ දේ මංද කියන්න ඕනේ අහ් ඇයි තමුසේ මට ආදරේ නැද්ද "

" මොනවද අක්කේ ඔයා මේ අහන්නේ ඇයි එහෙම අහන්නේ ඔයා මට මගේ අක්කා වගේ "

" අක්කා වගේ උනාට මං අක්කා නෙවෙයිනේ ඔයාගේ, හිතලා බලලා උත්තරයක් දෙනවා මං තමුසෙට ආදරෙයි "

එදා ඒ අක්කා මට එහෙම කියලා ආව බස් එක කොහෙටද යන්නේ කියලාවත් නොබලාම අත දාලා බස් එකට නැග්ගා. උනේ මොකක්ද කියලාවත් තේරුම් ගන්න බැරිව මං කල්පනා කර කර එතැනම හිටියා. එදා මං ගෙදර ඇවිත් වොශ් එකක් එහෙම දාගෙන ඇදට ඇවිත් ෆෝන් එක අතට ගද්දි මැසේජ් වගයක් ඇවිත් තිබුණා. " madu akki " ඔව් ඒ එයාගෙන් ඇවිත් තිබුණ මැසේජ්. මං පස්සේ ඒ මැසේජ් බලන්න ගත්තා.

" sry mage malli patto hitha riduna nam mn adarei oyata ekai sara kare "

" mage malliyo adarei mn oyata godak ane mn ekka tharaha wennepa hodada heta clz enna bs "

එදා එයා මගේ ෆෝන් එකට මැසේජ් කරලා තිබුණා. වෙනදා පංති ගිහින් ඇවිත් රෑ 11 හෝ 12 වෙනකල් එයයි මමයි ඔහේ එක එක දේවල් මැසේජ් කරත් එදා එයා වගේම මමත් නිහඬ පිළිවෙත් රැක්කා. පහුවදා මං පංති ගියා. වෙනදා වගේම අපි ගොඩක් ළඟින් හිටියා. එයා මට ආදරෙයි කියලා නිතරම කිව්වත් මගේ හිතේ එයා ගැන එහෙම අදහසක් තිබුණෙම නෑ. මං එයාට නිතරම කිව්වා ඔයා මට මගේම අක්කි වගේ කියලා.

දින සති ගෙව්නා ගාණක් නැතුවම ඒ ගෙවුන ගොඩක් වෙලාවට එයයි මමයි මැසේජ් කරා. එයා නිතරම මගෙන් ආදරේ ඉල්ලද්දි මං කිව්වෙම ඔයා මට අක්කා කෙනෙක් විතරයි කියලා. ඒත් එයා මට මැසේජ් එකක්වත් නොදැම්මම මගේ හිත ඇතුලෙන් රිදෙන්න ගත්ත වාර අනන්තයි. එයාගෙන් මැසේජ් නැති වෙද්දි මං කොහොම හරිම මැසේජ් කරලා කතාවට අල්ලගත්තා. එයත් එහෙමයි. අපිට අපි නැතුවම බැරි තරම් ගොඩක් ළං උනා. ඒත් ඒ වෙද්දිත් මං එයාට ආදරෙයි කියලා තිබුණේ නෑ. හිතේ කොනක ආදරයක් වගේ අමුතුම අමුතු හැඟීමක් මොදු වෙද්දි එයා මට වඩා අවුරුදු 2ක්ම වැඩිමල් අක්කා කෙනෙක්නේ කියලා හිතලා ඒ හැඟීම ඒ ආදරේ යටපත් කරන්න මට සිද්ද උනේ එහෙම ආදරේකට පැවැත්මක් තියේවි කියන විශ්වාසය මට නොතිබුණ නිසයි.

අපි දවසක් පංති ඇරිලා එද්දි එයා මට එයාගේ අත අල්ලන්න කිව්වා. කවදාවත් අමුතු හැඟීමකින් කෙල්ලෙක්ගේ අතක්වත් අල්ලලා නැති මට එයා එහෙම කිව්වම ආසාවක් ආවා. එදා පංති ඇරිලා ගෙවල් ළඟට එනකල්ම බස් එකේ මං එයාගේ අත තදට අල්ලගෙන ආවා. කවදාවත් නැති විදිහට හැඟීම් සමුදායක් මගේ හදවතේ ගලන්න ගද්දි මං දවස් දෙක තුනකට පස්සේ එයාට ආදරෙයි කිව්වා. එන හැම ප්‍රශ්නෙකටම එකටම මූණ දෙමු කියලා එදා අපි දෙන්නට දෙන්නා දිව්‍රලා පොරොන්දු දුන්නා. හැමදාමත් එක්කෙනෙක් වෙලා මේ ජීවිතේ මියැදෙනකල්ම එකට ඉන්නවා කියලා එදා මමත් එයත් හිතාගත්තා.

අපි මුලින්ම ගියේ ගාලු කොටුවේ ඇවිදින්න. එදා තමයි අපි අපේ ලෝකේ තනි උන පළවෙනි දවස. එදා මට මගේ අක්කිගෙන් පළවෙනි හාදුව ලැබුණා. කවදාවත්ම කිසිම කෙනෙක්ට ආදරේ නොකරපු මට එයා දුන්න ආදරේ කියලා නිම කරන්න බෑ. එයා මං ගැන ගොඩක් හොයලා බැලුවා නිතරම වගේ.

ඔය අතරෙදි තමයි සාමාන්‍ය පෙළ ප්‍රථිපල ඇවිත් මං ආයෙමත් ඉස්කෝලේ ගියේ. අපේ පාඨමාලාව ඉවර උනත් එයාගෙයි මගෙයි ආදර කතාව වෙනදා වගේම තිබුණා. උසස්පෙළ විභාගෙන් පස්සේ සරසවි වරම් ලැබුණ මගේ මදූ අක්කි මගෙන් ඒ ගැන ඇහුවා. යන්නද එපාද කියලා. මං දෙපාරක් නොහිතා එයාට හා කිව්වේ ඉගෙනගෙන එයා හොද තැනක ඉන්නවා බලන්න මං ආස උන නිසා. එයා campus ගියාට පස්සේ මට ලැබෙන හැම සතයක්ම මං එයාට වියදම් කරා. මට ඒ තරම් සල්ලි තිබුණේ නෑ තමයි ඒත් ලැබුණේ රුපියලද මං ඒ රුපියලත් එයා වෙනුවෙන්ම වියදම් කරා. මට ඕනේ උනේ මේ ලෝකේ ඉන්න හොඳම කොල්ලා මං වෙන්නයි. ඔව් එයා ඒක නිතරම මට කියනවා බලන්නයි. අපි එහෙම අවුරුදු 2ක් ආදරේ කරා. එයාට මාවත් මට එයාවත් නැතුවම බැරි උනා. ඒත් කාලෙත් එක්ක එයා ටික ටික මාව මඟාරින්න ගත්තා. මට ඒ වෙනස දැනුනම එයාගෙන් ඒ ගැන ඇහුවත් එයා මට මොකුත් කිව්වේ නෑ. නිතරම එයා මට කිව්වේ මගේ ආදරේ අඩුවක් දැනෙනවා කියලා. මං එයාට කොච්චර ආදරේ කරත් එයා කිව්වේ මං වෙනස් වෙලා කියලා. ඒත් මං දන්නවා මං පුංචිම පුංචි වෙනසක්වත් කරේ නෑ එයාට. පස්සේ පස්සේ එයා මගෙන් ටික ටික ඈත් වෙද්දි මං බොන්න පුරුදු උනේ මටත් නොදැනීමයි. ඉස්කෝලෙන් අවුට් උනාට පස්සේ මං බීච් හොටෙල් එකක වැඩට ගියා. ඒ වැඩට ගිහිනුත් මට ලැබෙන පඩිය හැම සතයක්ම මං වියදම් කරේ මදූට. එයාට ඕනේ ඕනේ හැමදේම මං මට පුළුවන් විදිහට අරන් දුන්නා. එයා එක්ක මං කවදාවත් එහෙ මෙහෙ ඇවිදින්න ගියේ නෑ. මොකද එයාව ආරක්ෂා කරන්න මං මටම පොරොන්දු දීලා තිබුණ නිසා. මං නිතරම වගේ එයා ගැන හොයලා බැලුවා. එයා අමතර පංති වලට ගියාමත් එක එක පාඨමාලා වලට ඒ වගේම campus එකේ නිවාඩු වලට ගෙදර එද්දිත් මං එයාව එක්ක එන්න ගියා. ගෙදරට පරිස්සමට ගෙනත් ඇරලුවා. ඒ හැමදේම මං කරේ එයාට ගොඩාක් ආදරේ නිසා. මුලින් මුලින් එයා මගෙන් ආදරේ ඉල්ලලා පස්සෙන් ආවත් පස්සේ පස්සේ මං එයාට ගොඩක් ආදරේ කරපු නිසාම මං එයාගේ පස්සෙන් ආදරේ හිඟමන් යැද්දා. පුංචි පුංචි දේවල් ලොකු කරගෙන එයා ලොකු ලොකු රංඩු මවද්දි මං එයාට වැඳ වැඳ රිද්දන්නෙපා කිව්වා. මං ඒ වෙද්දිත් පිස්සෙක් වගේ එයාට ගොඩක් ආදරේ කරා. එයා ඒත් මගේ දුකක්වත් ඒ වෙද්දි ගණන් ගත්තේ නම් නෑ. මං හිතුවේ එයාට වෙන කෙනෙක් ඇති කියලයි. මං එයාගෙන් ඒ ගැන අහන්න අහන්නම එයා කිව්වේ එහෙම කෙනෙක් නෑ කියලාමයි.

2017/01/01 එදා එයා මට කෝල් කරා. මං එදා වැඩ දවසක්. එයා මට කෝල් කරලා කිව්වා පානදුරේ පංතියක් ඒක 5 වෙද්දි ඉවරයි එයාව ගන්න එන්න කියලා. එදා මං බිස්ගෙන් නිවාඩුවක් ඉල්ලුවම එයා දෙන්න බෑ කිව්වා. කාලෙකින් මට මදූ ආදරෙන් කතා කරලා එන්න කිව්වේ. ඒත් එදාටත් මට යන්න වෙන්නේ නෑ. මං ඒක එයාට කෝල් කරලා කිව්වම එයා ෆෝන් එක තරහෙන් විසන්ධි කරා. මොන දේටත් වඩා මට මදූව වටින නිසා එදා මම මගේ රස්සාවටත් ඕනේ එකක් උනාදෙන් කියලා හොරෙන් පැනලා පානදුරේ ආවා.

ඒ ඇවිත් හවස 5 වෙනකල්ම මං එතැන ඉදලා මදූට මැසේජ් එකක් දාලා මං ඇවිත් ඉන්නේ කිව්වා. එතකොට එයා මට එවලා තිබුණ රිප්ලයි එක තමයි අද මං ගෙදර යන්නේ නෑ බෝඩිමට යනවා ඔයා ගෙදර යන්න කියලා. ඒ මැසේජ් එක දැක්කම මට ගොඩක් කේන්ති ගියා. මොකද මං මගේ රස්සාවත් දමලා ගහලා ආවේ එයා නිසයි. පස්සේ මං එයාට කෝල් එකක් අරන් බැන්නා ආර තරහා නිසාම ගොඩක් සැරෙන්.

" ඔහොම ඉදපන් මං බෝඩිම ළඟට එන්නම් "

" එපා මල්ලි බබෝ ඉන්න මං එන්නම් "

එහෙම කියලා විනාඩි ගාණකින් එයා මං හිටිය තැනට ආවා. ඒ මං අඳුරන කොල්ලෙක් එක්ක බයික් එකක. මදූව එහෙම වෙන පිරිමියෙක් එක්ක දකිද්දි මට ගොඩක් දුක හිතුණා. ඒ මදිවට මගේ ළඟට ඇවිත්ම ඒ කොල්ලා මට කිව්වේ මදූ එක්ක එයාට ආදර සම්බන්ධයක් තියෙනවා කියලා. එදා මදූ මගේ අතින් අල්ලලා මගේ ළඟ වැඳ වැටිලා මාව ඕනේ කිව්වත් මට තේරුමක් තිබුණේ නෑ මොකක්ද මේ වෙන්නේ කියලා. එදා එයා මාව අල්ලද්දි මං එයාව ඈතට තල්ලු කරා. මාව පොඩ්ඩක්වත් අල්ලන්න දෙන්නවත් මට එදා හිතක් තිබුණේ නෑ.

" මල්ලි බබෝ මට සමාවෙන්න ඒත් මට ඔයාව ඕනේ. දැන් රෑවෙලානේ ඒ නිසා මං මේ අයියා එක්ක ගෙදර යනවා ඔයත් ගෙදර යන්න. "

එදා එයා මට එහෙම කියලා එතනින් ගියේ ඒ කොල්ලගේ බයික් එකේමයි. මට එයාව තේරුම් ගන්න බැරිව ගොඩක් අසරණ උනා. මාවත් ඕනේ නම් ඇයි ඒ කොල්ලා එක්ක එහෙම ගියේ. එතකොට ඇත්තටම එයාට ඕනේ එයාවමද??? ඒත් එතකොට ඒ කොල්ලා ඉද්දිම එයා මාවම ඕනේ කියලා මගේ ළඟ වැඳ වැටුනේ එතකොට එයාට ඕනේ මාවමද??? දෙලොවක් අතර මං තනි උනේ මට මොකුත් හිතාගන්න බැරිම තැනයි.

මං රෑ 11 විතර වෙනකල් ටවුන් එකේ ඇවිද්දා. ඇඩුවා. ටවුන් එකේ තියෙන පුංචි පංසලකට ගිහින් බුදු සාධුට මගේ දුක මං කිව්වා. ගෙදර යන්න වෙලා නැති නිසාම මං ආයෙමත් හොටෙල් එකට ආවා. මගේ වාසනාවකටද අවාසනාවකටද මංදා බොසා මාව රස්සාවෙන් අයින් කරේ නම් නෑ.

පහුවදා උදේම මදූ ආවා මාව හම්බවෙන්න. එයා මගේ ළඟ ගොඩක් ඇඩුවා. එයා ඒ කොල්ලා එක්ක ඇවිදින්න ගියපුවා බීච් ගානේ ෆිල්ම් හෝල් ගානේ ගියපුවා මට එයා කිව්වා. මාව බදාගෙන එයා ඇඬුවා ගොඩක්. මගෙන් සමාව ඉල්ලුවා. මං එයාට සමාව දුන්නා. එයාව බදාගෙන මමත් ගොඩක් ඇඬුවා. මොකද ඒ වෙද්දිත් මොන දෙයක් උනත් මගේ හිතේ එයා ගැන තිබුණේ කියාගන්න බැරිම තරම් උන ආදරයක් කැක්කුමක් සෙනෙහසක්. අපි එදා දෙන්නට දෙන්නා සමාව දීලා ආයෙමත් ආදරෙන් ඉන්න පොරොන්දු උනේ. අපි ගොඩක් ආදරෙන් හිටියා වෙනදා වගේම.

ඔහොම ඉද්දි තමයි දවසක් මට මදූ යාලුවෙලා හිටිය කොල්ලගෙන් කෝල් එකක් ආවේ. එදා ඒ කොල්ලා මට ගොඩක් දේවල් කිව්වා. එයාලගේ ආදරේ පටන් ගත්ත හැටි එයාලා එහෙ මෙහෙ ගියපුවා හොටෙල් ගානේ ගියපුවා බීච් ගානේ ෆිල්ම් හෝල් ගානේ ගියපුවා මට එයා කිව්වා. මදූ මට ළං නොවුන තරමටම මට එයා නොකිව්ව තරමටම ගොඩක් දෙවල් එයා මට කිව්වා. ඒ වචන දරාගන්න තරම්වත් හයියක් නැති තරම්ම මං ගොඩක් දුර්වලයෙක් උනා. මං මටම රිද්දගන්න පුරුදු උනා. මට මගේ හිත පාලනය කරගන්නම බැරි උනා ඒ කොල්ලා කිව්ව ඒ වචන මට නිතරම වගේ මතක් උනා.

මට නිතරම මං රිද්දගත්තා. මං මගේ අත කපා ගත්තා. මගේ ලේ මං වැක්කෙරුවා එයාට තිබුණ ආදරේ නිසාම මං පිස්සෙක් වගේ උනා. ගංජා සුරුට්ටුවට වගේම එක එක සැර බීම ජාති වලට මං පුරුදු උනේ නොදැනුවත්වමයි. මං ගොඩක් මගේ හදවතින් විදෙව්වා. එයා කැම්පස් එකෙන් අවුට් උනේ ඔය අතරෙදියි.

දැන් එයා ලංකා බැංකුවේ වැඩ කරනවා. අදටත් මං එයාට කරපු ආදරේ නිසාම බේබද්දෙක් වෙලා ජීවිතේ හිටිය තැනමයි. හිතේ තියෙන ආදරේ වැඩි නිසාමද කොහෙදෝ මට ඒ ගෙව්න ගත කරපු ජීවිතෙන් මිදෙන්න බැරුව ගොඩක් වේදනා විඳිනවා. එයා අද සතුටින් ඇති. මගේ ආදරේ ඉල්ල ඉල්ලා පස්සෙන් ඇවිත් මාව පිස්සෙක් කරලා අද එයා ගොඩක් සතුටින් ඇති. ඒත් දවසක මමත් නැඟිටීවී මේ හිත කවදාකම හරි මට හදාගන්න පුළුවන් උන දවසක මමත් ජීවිතේ ලොකු තැනකට යනවා. ඔව් එක පාරටම බිඳුණු මගේ හිත හදාගන්න බැරි උනත් යම් දවසක මට හදාගන්න පුළුවන් වේවි. මං මැරෙන්නේ නෑ ජීවිතේ ඉස්සරහට යනවා. කවදාකම හරි මදු අක්කේ ඔයාට මගේ ආදරේ මතක් උනොත් එදාට ඔයාගේ දරුවොන්ටවත් කියලා දෙන්න අවංකවම එක හිතකට ආදරේ කරන්න.

.........................................................

ජීවිතේ හැමදාමත් ළඟ තියාගන්න බැරි නම් මොන ප්‍රශ්නයක් ආවත් එයාව හැර වෙන කෙනෙක් හීනෙකින්වත් පතන්න තරම් ඔබේ හිත පහත් නම් එපා තව කෙනෙක්ගෙන් ආදරේ ඉල්ලන්නවත්. ඔබට සතුටක් වේවි එක එක්කෙනාව රවටන එක. එක එක්කෙනාව මුලා කරන එක ඔබට වින්දනයක් වේවි. ඒත් යම් දවසක ඔබගේ රැවටීම තුළින්ම ඒ කෙනා ජීවිතේ දිනාවි. ඔබ දවසක අනුන්ට කපන්නට යන වලේ ඔබම ඇඳ වැටී වේදනා විඳීවි. ජීවිතේම කරගන්න එකම එක ආදරණීය හදවතක් ඔබට සෑම අතින්ම ගැළපෙන.

...........................................................

කාලෙකින් කතාවක් ලිව්වේ හොදද නරකද කමෙන්ට් කරන්න යාලුවනේ...

මම චතූ හෙට්ටිආරච්චි ( chathu hettiarachchi )©

0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
06 Aug 2017 11:00 PM

ජිවිතේ වැටෙන්න පුළුවන් තවත් තැනක් මගේ ජිවිතේ තිබුනද කියන්න මම දන්නෙ නැ .....
හැදියාව හොඳයිද නරකයිද කියන්න වත් මම මගේ අම්ම තාත්ත ගැන දන්නෙ නැ ..මතක ඇති කාලේ මම හිටියෙ අනාථ මඩමේ ඒක ඇවිල්ල මම වගේම ළමයි ගොඩකට ගෙයක් වුනා ..
ඒත් මගේ ජිවිතේ එච්චරම ලස්සනට ගෙවන්න මට වාසනාව නැති කරල අපි හිටපු අනාථ මඩමත් අනවසර ඉදිකිරීමක් කියල රජයෙන් පොළවට සමතලා කරල දැන්මෙ අපිව තව තවත් අනාථයන් බවට පත් කරල ...එතනින් පස්සෙ ජිවිත් වෙන්න ඕනේ කියන අදහසක් හිතට දැනුනෙම නැ . හැමදාම බඩගින්නට කාගෙන් හරි මොනව හරි ඉල්ලගෙන කාපු මට හිඟන්න කියන නම සමාජ ගත කරල තිබුන... දිනෙන් දින කාලය ගත වෙද්දි මම මුලින්ම හිරේට යද්දි මට අවුරුදු 18 පිරුන විතරයි අවුරුදු දෙකක් හිරබත් කාපු මම එළියට එන කොට මට හොරා කියන නම කියන්න ගත්ත.... ඒ මොනව වුනත් යහමින් අතේ මුදල් ගැවසුන නිසා . මම හැම තිස්සෙම ලස්සනට ඇඳල කරල ඉන්න පුරුදු වුනා .. උපතින්ම හිමි වුන ලස්සන නිසා මම ලස්සනට ඇඳල කරල ඉන්න නිසාත් ගොඩාක් ආදරවන්ති යන් හිටියෙ ඒ හැම දේකින්ම මට ඕන වුනේ මටම රිද්දගන්න මොකද මම හිඟන්න හොරා කියල නම් පට බැඳපු සාමාජයෙන් මට ඉක්මනට යන්න ඕන වුනා ... මේ සාමාජය මට උප්පැන්නයක් නමක් නැති කරල තිබුන...⁣ලංකාවේ පාතාල ලෝකය කියන දේ මම දකින්නෙ මම මේ කාලේ. අවුරුදු 24 වුන මම ආයිත් හිරේට නියම වෙන්නෙ මැරයෙක් විදිහට නමුත් මාසෙකින් එළියට එන මම කොළඹ අතඇරල ඈත පිටිසර ගමක ලස්සන පන්සලකට යන්නෙ ජිවිතේ අන්තෙටම විඳින්න පුළුවන් දුක් විඳපු මම සතුටක් හොයාගෙන ඒත් කරුමය කියන දේ මට ඒකට ඉඩ දෙන්නෙත් නැ....හැබැයි එතනින් මගේ සිතුවිලි ඉලක්කයක් කරා ගෙනියන්න පන්සලේ ලොකු හාමුදුරුවෝ මට කියල දුන්න .. ආයිත් මම කොළඹ ට අඩිය තියන්නෙ සම්පූර්ණ වෙනස් මිනිහෙක් විදිහට..මම ජිවිතේ විඳින්න පටන් ගන්නෙ එතන ඉඳන්.. මම අත්වැඩ දෙන්න යනව නම ගිය ලොකු වැඩපලකට අකුරු ඉගෙන ගත්ත අනාථ මඩමෙනුයි ලොකු හාමුදුරුවෝ කියා දුන්න දේවල් වලිනුයි මම උපරිම ඵල නෙලා ගන්නව අවුරුද්දක් දෙකක් විතරවෙද්දි මම ගෙවල හදන්න පුළුවන් හොඳ බාස් කෙනෙක් විදිහට වෙනස් වෙනව.. හරියට ආගමක් වත් තිබුන් නැති මම හැමදාම බුදුන් වඳින්න අමතක කරේ නැ අැයි දන්නවද මට එතනදි හිතට මාර ධෛර්යක් වගේම සැහැල්ලුවක් දැනෙනව. බදාමත් එක්ක හැප්පුන මගේ ජිවිතේට ඇත්තටම ආදරේ අරන් කොළඹ මුඩුක්කුව ජිවිතේ ගෙනියපු ශෙහානි එන්නෙ මේ කාලේ මයි ඇත්තටම ශෙහානි මගේ ජිවිතේ මට කවදාවත් ලැබුනෙ නැති ආදරේ දෙනව...මම දවසින් දවස සල්ලි එකතු කරල මටම කියල ඉඩමක් අරන් මම ගෙයක් හදන්න පටන් ගන්නෙ බලාපොරොත්තු ගොඩක් හීතේ පොදි බැඳගෙන...2011.12.13 මම මගේම ගෙදර පදිංචි වෙන්න ජිවිතේ මුඩුක්කුවේ ජීවත් වුන ශෙහානි වත් මගේ බිරිඳ කර ගෙන ....................
අද 2017. 08.01.. ඒ මම අත් වැඩ දීපු ඒ ලොකු company එක මගේ නමට මම ගන්න දවස... අද මට අවුරුදු 36 ක් ලංකාවේ නම ගිය හොඳ සල්ලි කාරයෙක්.... මේ හැම දෙයක් පිටි පස්සෙම තිබුනෙ ලොකු හාමුදුරුවෝ කියා දීපු ඒ වචන ටික මට අද වගේ මතකයි....
මිනිහෙක් වෙයන් තමන් කරන වැඩ වලින්...
සාර්ථක වෙයන් මුදල් වලින්..
ලෝකෙට පෙන්නපන් කරන්න බැරි දෙයක් නැති බව......
හිත තමයි පුතා හැමදේම සිතුවිලි වෙනස් කර ගෙන ජීවිතේට මුහුණ දීපන් හැම දේම ලැබෙයි.....මම සඳුන් චින්තක වීරක්කොඩි ......

Writer... ශාලික

0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
06 Aug 2017 11:03 PM

#මන්දාරම්_සෙවනැලි

"මොකක්ද තමුසෙට වෙලා තියෙන්නෙ...??ආ...මූත් එක්ක තමුසෙට තියන ගණු දෙනුව මොකක්ද...?"
මන්දාර තමන් ඉදිරියේ හිටපු නෙතුමිගෙ අතක් තදින් අල්ලන ගමන් ඇහුවෙ...
"ඌයි..."
"ප්ලීස් මන්දාර පිරිමියෙක් නේද..?අනික තමන් ආදරේ කරන කෙල්ලට ඔහොම රිද්දන්නෙ...?"
හමීඩ් පැවසුවේ නෙතුමිගෙ ඇස් වල කඳුලු දැකලා.
මන්දාර නෙතුමිගෙ අත අතෑරලා හමීඩ්ගෙ කොලර් එකෙන් අල්ලා ගත්තා..
"පල පර තම්බියා යන්න.තෝ මගෙ ගෑනි එක්ක අවලමේ යන ගමන් මට එනවද ඒකි අල්ලන හැටි උගන්නන්න.."
"අනේ මන්දාර ප්ලීස් හමීඩ්ව අතාරින්න...එයා මේ මොකටවත් නෑ..අපේ ප්රශ්න අපි විසදා ගමු.."
"නෙතුමි ඔයාලා වෙන ඕනි වෙලාවක ඔයාලගෙ ප්රශ්න විසදා ගන්න.ඒත් අද උදේ ඔයාව ගෙදරින් ගත්තෙ මම.අම්මලට වග කියන්න ඕනි මම .ඒක නිසා මම ඔයාව ගෙදරා බාර දුන්නට පස්සෙ ඕනි දෙයක් විසදා ගන්න.දැන් කාර් එකට නගින්න."
"හමීඩ්...මම එන්නම්...ඔයා යන්න..."
"නෙතුමි මම කියපු දේ කරනවා..නගිනවා කාර් එකට.."
නෙතුමි නිහඩවම කාර් එකට නැග්ගෙ හමීඩ් එක්ක උදේ ගෙදරින් ආපු නිසා.මොන ප්රශ්නයක් ඇති උනත් අන්තිමට ගෙදරට වැරදි කාරයා වෙන්නෙ හමීඩ් ..ඒක නිසා එහෙම වෙන්න දෙන්න බෑ..
"උබ කොහොමද එහෙම කියන්නෙ.උබට තියන අයිතිය මොකක්ද..??"
මන්දාර හමීඩ් කාර් එකට නගින්න හදනකොට දොර අල්ලා ගත්ත මන්දාර කෑ ගැහුවා.
"දැනටනම් අයිතියක් නෑ තමයි මස්සිනා..ඒත් බලමු...උබ ඔය නටන විදිහට මට අයිතියක් හදා ගන්න පුලුවන් වෙයි...මට නෙමෙයි...ඕනි එකෙක්ට..."
හමීඩ් කියද්දි නෙතුමිට කෑ ගැස්සුනා..
"හමීඩ්!!!"
හමීඩ් වේගෙන් කාර් එක ඉස්සරහට ගත්තෙ මන්දාර පුපුරමින් බලා ඉද්දි..
"සොරි නෙතුමි..මම එහෙම දෙයක් හිතලා කියුවෙ නෑ..ඒත් ඌට තේරුම් ගන්න ඕනි උගෙ අඩුපාඩුව තියන හිඩසින් ඕනි කෙනෙක්ට රින්ගන්න පුලුවන් කියලා."
................
මන්දාර නෙතුමි කියන්නෙ අවුරුදු හයක ප්රේම කතාවක්..
මන්දාරට නෙතුමි මුණ ගැහුනෙ කැම්පස් එකේදි.ගොඩක් සමාජශීලි වෙච්ඝ නෙතුමි ඕනිම කෙල්ලෙක් කොල්ලෙක් එක්ක බේදයක් නැතුව හිනා උනා .කතා කලා..
මන්දාර කියන්නෙ ගොඩක් ගුප්ත ගතිගුණ තීබ්බ කොල්ලෙක්.කවදාවත් කවුරුත් මන්දාරගෙ හිතේ තිබ්බ දේ හරියට දැන ගත්තෙ නෑ..මන්දාර කියන්නෙ එකක් හිතේ තියන් මූණෙන් තව දෙයක් පෙන්නන ගමන් කටින් තව දෙයක් කියන කොල්ලෙක්.
ඒක නිසා කැම්පස් එකේ වැඩි යාලුවො ප්රමාණයක් මන්දාරට හිටියෙ නෑ..
මන්දාරට නෙතුමි ගැන ආදරයක් ඇති උනේ දැකපු දවසෙමයි.හැබැයි ඒක හැමෝටම රහසක් උනා..
මන්දාර නෙතුමිට අනිත් කොල්ලො ලන් වෙද්දි විහිලු කරද්දි හිතින් අනන්තවත් දුක් උනා..වෛර කලා...
"අඩෝ බස්සා..තෝ මොකෝ අපේ කාජල්ව ගිලිනව වගේ බලා ඉන්නෙ..?"
බස්සා කියන්නෙ මන්දාරගෙ කාඩ් එක වෙනකොට නෙතුමිට කාඩ් එක වැදුනෙ කාජල් කියලා.ඒ නෙතුමිගෙ ෆෝන් සුදු ස්ක්රීන් එකේ තිබුනෙ කාජල්ගෙ ෆොටෝ එකක් නිසා.
කොල්ලො අහද්දි මන්දාර හිනා උනා විතරයි..කොහොම කොහොම හරි මන්දාර නෙතුමිට කැමති කියලා කොල්ලො කෙල්ලො අතර ප්රසිද්ධ වෙද්දි නෙතුමි ගියා මන්දාර මුණ ගැහෙන්න.
"මොනාද මේ ළමයි කියන්නෙ..?"
"මොකක් ද?"
"ඔයා මට කැමති කියලා.."
මන්දාර ඔළුව දෙපැත්තට වැනුවා..ඔව් කියන්න වගේ..නෙතුමි ආපු හිනාව තද කර ගත්තෙ මේ කොල්ලාට ඒක කියන්නවත් හයියක් නැති බව හිතමින්..
"ඒ කියන්නෙ..?"
"එයාලා කියන එක ඇත්ත.මම ඔයාට කැමති..."
"ඉතින් මට කියුවෙ නැත්තෙ..?"
"නිකන්...ඔයා අකමැති වෙයි කියලා හිතුනා.."
නෙතුමිට ආයිත් හිනා ගියා...
හැමදාම ඕනි ප්රශ්නෙට පිළිතුර තමන්ගෙ හිතින්ම හදාගෙන එයාගෙ මතයට ජීවත් වෙන එක මන්දාරගෙ හැටි..
මේ ගුප්ත බව ඇරුනම මන්දාරගෙ කියන්න වරදක් තිබ්බෙ නෑ..බොන , කෙල්ලො පස්සෙ යන වැරදි කරන කොල්ලො අස්සෙ මන්දාර කියන්නෙ පිරිසිදු චරිතයක්...මන්දාර හැන්ඩ්සම් කොල්ලෙක්...
"මම කැමති කියුවොත්...?"
නෙතුමි අහද්දි මන්දාර පුදුම වෙලා බැලුවා..ඒ පටන් ගත්ත ආදරකතාව අද වෙනකොට සම්පූර්ණයෙන් දෙදරලා ගිහින්..
......................
නෙතුමි කියන්නෙ විවෘත කෙල්ලෙක්.එයා එයාගෙ හිතට එන හැම හැඟීමක්ම මන්දාරට කියුවා..
නෙතුමි මන්දාරට ගොඩක් ආදරේ කලා..මන්දාරත් එහෙමයි.
ඒත් මන්දාර "මම ඔයාට ගොඩක් ආදරෙයි"
කියලා කියන වචනෙ කියනකම් නෙතුමිට බලා ඉන්න ඕනි උනා..සමහර වෙලාවට නෙතුමිට ඒක මන්දාරගෙන් අහන්න ඕනි උනා..
"මන්දූ..."
"ම්ම්ම්.."
"ඔයා මට ආදරේද..?"
"ම්ම්ම්"
"අනේ එහෙනම් දවසට එක ඔආරක් හරිබෙහෙම කියන්නකො..මම ආසයි ඔයා එහෙම කියනවා අහන්න.."
..........
"මන්දූ..."
"බ්ලැකා, සින්දු, ගෙම්බා, තඩී, ලයිකා, බතලි.. උන් ඔක්කොම මේ සතිය අග ට්රිප් එකක් යනවලු..."
"හා...කොහෙද..?
"නුවර එළි..."
"අහ්...හොදයිනෙ.."
"අපි දෙන්නත් යමු..."
"ආ..හා..යමු.."
නෙතුමිට ගොඩක් සතුටු හිතුනා..නෙතුමි හිතුවෙ ට්රිප් එක ගැන කියපු ගමන් මන්දාර යමු කියයි කියලා ..ඒත් කොහොම හරි ක්මති කියුවනෙ..
""මොකෝ මේ මූණ එල්ලන් ."
"මොකක්ද ඔය ඇදන් ඇවිත් ඉන්නෙ..අත් කොට.."
ඒක අම්මා මහලා එවලා තිබ්බ අත්කොට දිගම තිග කුරුතා බ්ලව්ස් එකක්.හැමෝම කියුවෙ ඒක නෙතුමිට ලස්සනයි කියල..නෙතුමි ආපු වෙලේ ඉදන් බලන් උන්නෙ මන්දාර ලස්සනයි කියනකම්.ඒත් මන්දාර කියුවෙ වෙන දෙයක්.
"අනේ මන්දු ඔයා මට කියලා නෑනෙ අත් කොට අදින්න එපා කියලා..හරි ඊලගට කොහේ හරි නැවැත්තුවම මම චේන්ජ් කරන්නම්.."
නෙතුමි වීදුරුවෙන් පිටත ඇස් රැන්දුවෙ හිතේ ඇති වෙච්ච දුකට...අනිත් අය සින්දු කියද්දි හිනා කෙද්දි ඒ දෙන්නා ලෝක දෙකක තනි උනා..
"මන්දු...මීට පස්සෙ ඔයා ක්මති අකමැති දේවල් මට කියන්න.මම දන්නෙ නෑනෙ..හිතේ තියන් ඉන්න එපා.."
නෙතුමි කියුවෙ දුකින්.
කට්ටියම ෆ්රෙගරි පාර්ක් එකට ගියාම කොල්ලො කෙල්ලො දිවුව්ර් ස්පීඩ් බෝට්ටු පදින්න.නෙතුමිට හරි ආසා හිතුනා ස්පීඩ් බෝට් එකේ යන්න..
"මන්.."
"නෙතූ ඔයා ඉන්න..මම ලයිකා එක්ක අර බෝට්ටුව පදින්න යනවා.."
නෙතුමි කතා කරන්නත් කලින් මන්දාර යාළුවෙක් එක්ක ගියා..අනිත් කෙල්ලො තමන්ගෙ කොල්ලා එක්ක ස්පීට් බොඉට්ටු පදිනකොට නෙතුමි ආසාවෙන් බලන් හිටියෙ මන්දාර එනකම්..ඒකෙ තමන්ගෙ බොඉයි ෆ්රෙන්ඩ් එක්ක ඇරෙන්න යන්න බෑනෙ.ඉස්සරහා ඉන්න කෙනාව බදාගෙන අල්ලා ගන්නත් ඕනිනෙ..
වතුරෙන් තෙමිලා මන්දාර ඇවිත් ලගින් වාඩි වෙද්දි නෙතුමි හිනා වෙලා බලන් උන්නෙ මන්දාරට බෝට්ටු පදිමු කියන්න.
"මන්දු මටත් ආසයි අර බෝට්ටු පදින්න.."
"අයියෝ ආයිනම් බෑ නෙතූ ..මට මහන්සි.."
නෙතුමිගෙ ඇස් වල කඳුලු පිරුනත් ඒවා හැමෝටම හොරෙන් පිහිදා ගත්තා..
"කාජල් මම ආයිත් යනවා එනවද..?"
ලයිකා ඇහුවෙ නෙතුමි කියපු දේ ඇහිලා.මන්දාර ඔරවනවා දැක්කම නෙතුමි අදහස අතැරියා.
"දැන් බෑ ලයිකා සීතලයි ගොඩක්.."
නෙතුමි කියුවෙ හිත දුකින් පිරෙද්දි..
...........................
කකවදාවත් මන්දාර නෙතුමිගෙ කැමැත්ත ඇහුවෙ නෑ..එයාට හිතෙන විදිහටයි වැඩ කලේ..
"හැපි බර්ත්ඩේ නෙතූ..."
මන්දාර ප්රසෙන්ට් එකක් නෙතූගෙ අතේ තියද්දි කොල්ලො කෙල්ලො ඒ වටේ වට උනා..
"කාජල් ඕක ඇරපන්කො..."
"අම්මා...ෆ්රොක් එකක්...මාරයි කොල්ලො ඈ.."
ඒත් නෙතුමිගෙ හිත ගොඩක් රිදිලා තිබුනෙ..
"මොකෝ බස්සො තෝ දන්නෙ නැද්ද කාජල් කොළ පාටට කැමති නෑ කියලා.."
සශා අහද්දි නෙතුමිට බැලුනෙ සශා දිහා මගෙ යාලුවො දන්න දේවල්වත් මන්දාර දන්නෙ නෑනෙ..
"ආ...මම ඒක දන්නෙ නෑනෙ .?"
මන්දාර ගොත ගැහුවා..
"දැන ගන්න තෝ අහන්න එපෑ..බස්සා නොදකින් ..කෙල්ල ආසා පාටවත් දන්නෙ නැද්ද..?"
යාලුවො ඉස්සරහා මන්දාර නෝන්ඩි වෙනවට නෙතුමි කැමති උනේ නෑ..
"ඒ ඉස්සර කොළ පාටට අකමැති ..දැන් ආසයි.."
නෙතුමි කියද්දි කොල්ලො කෙල්ලො නෙතුමි දිහා බැලුවෙ සතෙක් දිහා බලනවා වගේ මොකද නෙතුමි කොළ පාට ලේන්සුවක්වත් පාවිච්චි කරන්නෙ නෑ කියලා උන් දන්නවා.
.............
"නෙතූ මම බයික් එකක් ගන්නවා...."
"මන්දූ...තද රතු...ලස්සනයි...හෙලෝ..හෙලෝ..."
"ආ...නෑ නෙතූ මම ආවෙ අපෙ පුන්චිගෙ දුවත් එක්ක..ඒකි නිල් පාට ගන්න කියුවා මම ගත්තා.."
"අරගෙන ඉවර වෙලාද එච්චර සුභ ආරංචියක් මට කියන්නෙ මන්දු.."
නෙතුමි ෆෝන් එක කට් කලේ දුකින්.
....................
කැම්පස් අවුට් වෙලා නෙතුමි බෑන්ක් එකකට බැදෙද්දි මන්දාර ලීස් කම්පැණි එකකට බැඳුනා.
"මන්දූ අද චමාලිගෙ බර්ත්ඩේ එක යමුද..මට තනියම යන්න බෑ.."
"ඔයා දන්නවනෙ මට ඔය පාර්ටි ඇලජික් කියලා..ඔයා තනියම යන්න.මට බෑ.."
"එහෙනම් මාත් නොගිහින් ඉන්නවා.."
"කැමැත්තක්.."
....................
මේ අතර මේ සම්බන්දය ගැන ගෙවල් වලිනුත් දැන ගත්තා.ගෙවල් වලින් අකමැත්ට්බක් තිබුනෙ නෑ.
"මන්දූ ෆොටෝ එකක් ගමුකො...මගෙ ෆ්රොෆයිල් පික්චර් එකට දාන්න.."
"හ්ම්ම් හ්ම්ම්.."
"අනේ ඔච්චර දුරින් ඉන්නෙ ලගට එන්නකො...කෝ මගෙ කරට උඩින් අත දා ගන්න..."
"අනේ මන්දු ඒක කැතයි..පොඩ්ඩක් බෙල්ල මගෙ පැත්තට ඇල කරලා හිනා වෙන්නකො..."
"අයියෝ මම බලෙන් ගන්නවා වගේ නෙ...හිනා වෙනවකො මැට්ටො.."
මේ නෙතූ මට ඔය විකාර දිරවන්නෙ නෑ කියලා තමුසෙ දන්නවනෙ...සෙල්ෆි මොන මගුලක්ද...මට වද දෙන්න එපා..
"ඔයාට වද නොදී කාට වද දෙන්නද මන්දු.."
නෙතුමි අහන දේට උත්තර දෙන්න මන්දාර ලග හිටියෙ නෑ..
................
මේ විදිහට ටිකෙන් ටික නෙතුමි මන්දාරගෙන් දුරස් වෙන්න ගත්තෙ මන්දාරගෙ ගුප්ත බවත් ආත්මාර්ථය නිසාත් ඒ වගේම නෙතුමිගෙ ආශාවන් කැමැත්ත බලාපොරොත්තු හැම දේම මන්දාරගෙ සිතුවිලි වටල යට වූ නිසා.කොයිම මොහොතකවත් නෙතුමිගෙ පැත්තෙන් හිතලා තීරණයක් ගන්න මන්දාර උනනදු උනේ නෑ..
හැම දේම තමන්ට ඕනි විදිහට සිදු වීම පමණයි ඔහුට අවශ්ය උනේ..
හැමදාම මෙහෙම සිද්ද වෙනකොට නෙතුමිට තමන්ගෙ ජීවිතේ එපා උනා.හැමදාමත් මෙහෙම නොසලකා හරිද්දි නෙතුමි තනිවෙන්න පුරුදු උනා..කිසිම දෙයක් මන්දාරගෙන් බලාපොරොත්තු නොවන්න පුරුදු උනා...මන්දාර කියන්නෙ නෙතුමිගෙ ජීවිතෙව්ට නාමික චරිතයක් උනා...
මන්දාර ජොබ් එකත් එක්ක තවත් කාර්යබහුල උනා.නෙතුමි ගැන හොයන එක තවත් අඩු උනා..නෙතුමිගේ ඕන එපාකම් අඩුම තරමෙ බර්ත්ඩේ එකට විශ් එක ආවෙත් උදේ වෙලා පැය කීපයක් ගියාට පස්සෙ.
......... හමිඩ් කියන්නෙ නෙතුමිගෙ බෑන්ක් එකේ වැඩ කරන කෙනෙක් ...මුස්ලිම් තරුණයෙක් උනත් හොද තේරුම් ගැනීමක් තිබුන කෙනෙක්.මන්දාර නිසා නෙතුමි දුක් විදින බව දැනන් උන්නත් ඒ ගැන අහන්න නොගියෙ ඒක තමන්ට අදාල නොවන නිසා.
බෑන්ක් එකේ මැනේජර් විශ්රාම යන නිසා උත්සවයක් සංවිධානය කරන්න පැවරිලා තිබුනෙ හමිඩ් ට සහා නෙතුමිට ..ඒ වැඩකට මේ දෙන්නා අද එකට එළියට ආවෙ.නිවාඩු දවසක් නිසා හමිඩ් ගෙදරට ගිහින් නෙතුමිගෙ අම්මලගෙන් අවසර අරන් නෙතුමි එක්කන් ආවෙ.
අහම්බෙන් තමයි මන්දාර මේ දෙන්නව දැක්කෙ...
මන්දාරට දැනිලා තිබ්බෙ නෙතුමි දැන් තමන්ට ඉස්සර වගේ කරදර කරන්නෙ නෑ කියලා.ඔව් ඇත්තටම මන්දාරගෙ අවදානය වෙනුවෙන් මන්දාරට කරදර කරන එක නෙතුමි නවත්තලා තිබුනෙ .
මන්දාර හිතුවෙ මේ දෙන්නා අතර සම්බන්දය ක් තියනවා කියලා.
නෙතුමිව ගෙදරට බස්සවලා හමීඩ් එන්න හදදිම මන්දාරගෙ බයික් එක හදද්දිම මිදුලෙ නතර උනා.
"ආ...මේ ඉන්නෙ...අම්මලා තාත්තලා දැන ගන්න එකත් හොදයි...මෙන්න ඔයාලගෙ දූ පොඩ්ඩ මාව අතෑරලා මේ තම්බියා එක්ක යාලු වෙලා ..."
"පුතා කට පරිස්සම් කරන් කතා කරන්න..."
"තව මොනා පරිස්සම් කරන්නද...මේ සම්බන්දෙ අදින් ඉවරයි.."
මන්දාර ගියෙ එහෙම කියලා..නෙතුමිට අමුතුවෙන් දුකක් දැනුනෙ නෑ..මන්දාරගෙ වෙනස්කම් නොසලකා හැරීම නිසා නෙතුමි ඇති වෙන්න දුක් විදලා තිබුනෙ..
"අනේ දුවේ..."
"කමක් නෑ තාත්තෙ...එයා අද වචනවලින් කියුවට මාව අතෑරලා දාලාගොඩක් කල්...මා ග්ණ හොයලා බැලුවෙ මම කැමති අකමැති දේ ගැන...එයා දන්නෙ නෑ...වෙන්න තියන හොඳම දේ අද උනා.."
"මට සමාවෙන්න හමීඩ් .එයා කාටවත් ගරු කරන්න දන්නෙ නෑ...ආගම ජාතිය වෙනස් උනාට ඔයාට එයාට වඩා හොද ගතිගුන තියනවා.."
"ඒකට මොකෝ නෙතුමි..මම යනවා....මම එනකම් වයිෆ් බලාගෙන ඇති ..ඩොක්ටර් ලගට යන්න..."
""බුදු සරණයි" .."
නෙතුමි සුසුමක් හෙලලා ගෙට ගියා..
.......................
ආදරේ කියන්නෙ ගැඹුරු දෙයක්.හැබැයි ඒ ගැඹුරු බව ලැබෙන්නෙ සියුම් පුන්චි දේවල් වලින්.
ආදරේදි අවදානය අත්යවශ්ය දෙයක්.කෙනෙක් අනෙකාගෙ අවදානය ගොඩක් බලාපොරොත්තු වෙනවා.තමන් ආදරේ කරන කෙනා කැමති දේ අකමැති දේ , බලාපොරොත්තු වන පුන්චි පුන්චි දේවල්...ඒවට අවදානය දෙන්න.
සමහර විට ඔයා අකමැති වෙන්න පුළුවන්...ඒත් එයා ක්මතිනෙ..ඒක නොගැලපෙන දෙයක්නම් ආදරෙන් තේරුම් කරන්න.කතාබහා කරන්න.
විශේෂයෙන්ම එකිනෙකා අතර අදහස් හුවමාරුව ඉතාම වැදගත් .කතා කරන්න.අනිත් කෙනා කියන දේට සවන් දෙන්න.තමන්ගෙ දේවල් එයාට කියන්න පුරුදු වෙන්න එකක් හිතේ තියන් තව දෙයක් කියන්න එපා .දෙන්නම දුක් විදිනව.
අනිත් කෙනාගෙ අදහස් වලට ගරු කරන්න.ඔයා කාර්යබහුල ඇති...මහන්සි ඇති .ඒ දේවල් එයා තේරුම් ගනීවි .ඔයාට නිදහස් වෙලාවට ඒ වෙලාවෙ වටිනාකමට ඔයා එයාට දෙනවනම්.
ඔයාලගෙ ආදර ලෝකෙ කපොළු හදා ගන්න එපා..බාහිර ලෝකේ ඒ හිස්තැන් පුරවන්න බලන් ගොඩක් අය ඇති..ඒකට ඉඩ තියන්න එපා..
ලොකු ලොකු තෑගි සල්ලි වලින් කරන්න බැරි ගොඩක් දේ මේ කියපූ
අවදානය
කතා කිරීම
සවන් දීම
අනෙකාගෙ අදහස් වලට ගරු කිරීම
ඔයාගෙ වටිනා කාලයෙන් එයාට පොඩි වෙලාවක් හරි වෙන් කිරීම
වගේ දේවල් වලින් කරන්න පුලුවන් වෙයි.
හැමදාම ආදරෙන් අහින්සා.
(උපුටා_ගැනීමකි)

0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
06 Aug 2017 11:04 PM

💕💕💕💕 කෙටි කතාවක්... 💕💕💕💕

🔴 ඔය වඳ පිදිච්ච ගස් ටික ඔක්කොම කපලා දාපන් සුමනා.. මුළු බංගලාවම මූසල පාටයි.. කොහෙද ඉතින් ගෙදර මහ එකී වඳ වුණාම වත්තේ මල් පැලේකවත් මලක් එයිද.. අවුරුදු හතක් ගිහිල්ලත් දරුවෙක් වඳන්න බැරි නම් ඉතින්.. අනේ හපොයි.. මේවා බලන්න මාත් ඉන්නවනේ...

වෙනදා වගේම තිසරුගේ අම්මා මට උදේ පාන්දරම දෙස් දෙවොල් තියන්න පටන් ගත්තේ උඩු මහලේ ඉන්න මාව වත්ත පහළදී දැකපු නිසා වෙන්නැති. මගේ පපුව පිච්චිලා ගියා. මං වෙනදා වගේම ඇස් වල කඳුළු පුරවන් නිදන කාමරේට ගියා.

💘 තිසරු.. ඔයා අද කලින් එනවනේ.. අපි බෙහෙත් ගන්න යමු..
💘 මෙත්මා.. තව මොන බෙහෙත්ද.. අවුරුදු පහක් තිස්සෙම බෙහෙත් බිව්වා කියලා වැඩක් වුණාද.. නැහැනේ.. මට පාඩුවේ වද නොදී ඉන්නවා.. රස්සාවට යන්න දෙන්නෙත් නැහැ උදේ පාන්දරම කෑ ගහනවා..
💘 ඇයි මහත්තයෝ ඔයත් මට බයින්නේ.. මාව දැන් එපා වෙලාද.. අපි ⁣අද යන්නේ ඔයාට බෙහෙත් ගන්න..
💘මොන විකාරයක්ද.. මට බෙහෙත් ගන්න මං වඳ මිනිහෙක්ද.. අපේ පවුලේ හැමෝටම ළමයි ඉන්නවා.. කොච්චර අවුරුදු ගාණක් ආදරේ කරලා කසාඳ බැන්දත් වැඩක් නැහැ ඒ ආදරේ රැක ගන්න නම් දරුවෙක් ඕනි..

තිසරු මටත් බැනලා තරහෙන් ගියා. මං තිසරු යන දිහා උඩු මහලේ ඉඳන් බලන් හිටියා. අනේ දෙවියනේ ඇයි මටම මේ වගේ නස්පැත්තියක් වුණේ. තිසරුගේ ඇස්, ඒ තොල්, ඒ මූණ තියෙන පැටියෙක් මගේ බඩට එන්නැති හැටි කියලා මං කුස අල්ලගෙන හීල්ලුවා. සල්ලි කප්පරක් තිබ්බත් වැඩක් නැහැ දරු සෙ⁣නහස නැත්තම්. මං කඳුළු පිහිදාගෙන කාමරේට ආවා. මං බැලුවේ මට ආපු කෝල් එකට.

📲 ලොකු අක්කේ.. අද එනවා නේද.. මං චැනල් එක දැම්මා ස්පෙෂලිස්ට් සර්ජන්ට් කෙනෙක්ටම.. අයියව පෙන්නමු..
📲 වැඩක් නැහැ නංගී.. තිසරු කැමති නැහැ.. අපි අතෑරලා දාමු ඕක..
📲 එහෙම කියලා පුළුවන්ද.. අක්කා දන්නවනේ තිසරු අයියගේ අම්මගේ කටේ සද්දේ.. ඔයාට වඳ ගෑණි කියලම බයිනවා.. ඔයා කොහොමද මේවා ඉවසන්නේ..
📲 තිසරු කියන්නේ මගේ පණ ටික.. මං ඉවසනවා..
📲 කවදාහරි අයියටත් අක්කව එපා වුණොත්..
📲 මොනදේ වුණත් තිසරු මට ආදරෙයි.. එයාට මාව එපා වුණොත් මං මැරිලා යනවා..
📲 හ්ම්ම්.. අනේ මන්දා අක්කේ..

**************************************

එදින රාත්‍රීයේ.

මං අද තිසරු කැමතිම කෑම හදලා මේසෙට ඇරියා. අම්මයි තිසරුයි ඇවිත් කෑම මේසේ වාඩි වෙලා කෑම බෙදා ගත්තා.

🔴 පුතා..
🔴 අම්මේ..
🔴 මාත් ආසයි මැරෙන්න කලින් දරුවෙක් බලන්න.. අපි එපා කියද්දී ආදරෙයි කියලා කර ගහ ගත්තා.. ඒක කමක් නැහැ කියමු.. ඒත් වඳ ගෑණියෙක්.. දැන් අවුරුදු හතක්ම බැලුවනේ.. දැන් කරන්න තියෙන්නේ මේ කසාදේ කටු ගාලා දාලා වෙන කෙල්ලෙක් බඳින එක..

තිසරුගේ අම්මා එහෙම කියද්දී මං කෑම මේසෙන් නැගිට්ටා නෙමෙයි නැඟිටුණා. මං මොකුත් නොකියම හැඬූ කඳුලින්ම නිදන කාමරේට දුවගෙන ඇවිත් ඇඳට වැටුණා. දන්නෙම නැතිව ගොඩක් වෙලාම අඬ අඬ ඉඳලා මට නින්ද ගිහින්. මං ඇහැරුනේ මගේ කුසට දැනුණු සීතල ස්පර්ශයට.

💘 මෙත්මා..
💘 අනේ මගේ මහත්තයෝ..

මං තිසරුගේ රළු පිරිමි පපුවට තුරුල් වෙලා ගොඩක් වෙලා ඇඬුවා. තිසරු මාව තුරුල් කරගෙන මගේ පිට පිරිමැද්දා.

💘 අම්මා කියන ඒවා ගණන් ගන්න එපා මෙත්මා..
💘 මං දැන් අවුරුදු පහක්ම ඉවසනවා මහත්තයෝ.. අම්මා බැන්නට කමක් නැහැ.. මහත්තයත් මාව මඟ අරිද්දි මට දරා ගන්න බැහැ..
💘 හිතලා කරන්නේ නැහැ මෙත්මා.. ඒත් මට දරු පැටියෙක් ඕනි..
💘 අපි දරුවෙක් අරන් හදාගමු..

මං එහෙම කිව්වම තිසරු විදුලියක් වැදුණා වගේ නැගිට්ටා. මගේ කොණ්ඩෙන් අල්ල ගත්තා.

💘 උඹට පිස්සුද.. මායාදුන්න පරම්පරාවේ ලේ නැති එකෙක්⁣ට මේ බූදලේ දෙන්න.. ඊට වඩා හොඳයි..
💘 මොකද්ද මහත්තයෝ...

මං ඇස් වල කඳුළු පුරවන් ඇහුවා.

💘 වෙන ගෑණියෙක්ව බැඳලා ළමයෙක්ව හදා ගන්නවා..

තිසරු අහක බලාගෙන කියද්දී මගේ පපුව පිච්චිලා ගියා. මං ඇඳෙන් නැගි⁣ටලා තිසරුගේ දෙපා ළඟ වැඳ වැටුණා.

💘 අනේ මගේ රත්තරනේ.. මාව අතාරින්න එපා.. මාව මැරිලා යයි.. මං කියනවට අපි බෙහෙත් ගන්න යමු.. මහත්තයත් බෙහෙත් ගමු.. තව අවුරුද්දක් බලමු..
💘 හැමදාම ඕක කියන්නේ.. මට දැන් මේ ජීවිතේ තිත්ත වෙලා.. මං බෙහෙත් ගන්න මං වඳ එකෙක්ද කියපන් ගෑණියේ..

තිසරු වියරුවෙන් වගේ මගේ කොණ්ඩේන් අල්ලන් කෑ ගහලා මාව තල්ලු කරපු පාරට මාව ඇඳ විට්ටමේ වැදිලා නළල ගල් වුණා. තිසරු දොර හයියෙන් වහගෙන තරහෙන් පුපුරමින් කාමරෙන් එළියට ගියා.

***********************************

සතියකට පසු..

අම්මගේ බැනුම් එන්න එන්න වැඩි වුණා. තිසරුට බල කරා පවිත්‍රා කසාඳ බදින්න කියලා. තිසරු කියන්නෙත් මනුස්සයෙක්. අම්මගෙයි මගෙයි වචන වලට මැදි වෙලා එක තැනක ඉඳන් තනියම දුක් විඳිනවා. කවදාවත් නැතිව තිසරු බොන්න ගත්තා. මං තිසරුව දන්නේ දැන් අවුරුදු දහයක ඉඳන් තිසරු මට පණ වගේ ආදරෙන් හිටියේ. දරුවෙක් නැති හින්දද මන්දා තිසරු දැන් මට ආදරේ නැහැ. තිසරුට මාව එපා වෙලා. පපුව පැලෙන්න තරම් වේදනාවක් ආවා. තිසරු කොහොමත් මේ පාර අම්මා කියන දේ අහයි. මොකද අම්මගේ අකමැත්තෙන් මාව කසාඳ බැදපු නිසා තමා දැන් මෙහෙම දෙයක් වුණේ කියලා තිසරුගේ හිත කියනවා ඇති. තිසරු එදා ගෙදරින් ගියාට පස්සේ තාම ගෙදර ආවේ නැහැ. ඒ මං නිසානේ. තිසරුට පවිත්‍රාව බඳින්න තියෙන එකම බාධාව මං වෙන්නැති කියලා මට හිතිලා මං තිසරුට කෝල් කරා.

💘 මහත්තයෝ.. ඇයි ගෙදර එන්නේ නැත්තේ..
💘 මොන ගෙදරද.. මගේ මුළු ජීවිතේම කාලකණ්ණි වුණා.. මං මැරිලවත් යන්නම්..
💘 එපා මහත්තයෝ.. ඔයා මගේ මුළු ජීවිතේම.. ඔයා ජීවත් වෙන්න.. මං මැරිලා යන්නම්..

මං අඬ අඬම කිව්වා.

💘 ඔව් ඔව්.. දෙන්නගෙන් එක්කෙනෙක් මැරුණම හරි.. වද නොදී ෆෝන් එක තියනවා මට වැඩ තියෙනවා...

තිසරු එහෙම කියලා කෝල් එක කට් කරා. මං අඬ අඬම කල්පනා කරේ මීට අවුරුදු හයකට කලින් තිසරු මං කෝල් කරාම කතා කරපු විදිය.

💘 මහත්තයෝ..
💘 කියන්න මැණික.. දැන්ද මාව මතක් වුණේ..
💘 අනේ මහත්තයෝ.. මං මේ ගාර්ඩ්න් එකේ මල් වලට වතුර දැම්මා..
💘 මාත් එක්ක දැන් කතා කරන්නෙත් මලක් තමා.. ආදරෙයි මැණික ගොඩක් උම්මාහ්..
💘 මාත් ආදරෙයි මහත්තයෝ.. කෝ දැන් වැඩ කරන්න.. මං තියන්නම්..
💘 ඔහොම ඉන්න.. මට වැඩ නැහැ.. මගේ කම්පැනි එක.. මං සී ඕ.. වැඩ නැහැ.. කෝ උම්මාහ් එකක් දෙන්න..

මට පරණ අතීතයයි දැන් වෙනසයි මතක් වුණා. ඔව් ඒ කියන්නේ අම්මට වගේම තිසරුටත් මාව එපා වෙලා. මං තවත් ඉන්න එකෙන් වෙන්නේ තිසරුගේ සැනසීම නැති වෙන එක. මං ඒ නිසා පොඩි ලියුමක් ලියලා තියලා තිසරු මට අරන් දීපු කන කර ආභරණ ගලවලා සුදු ඇඳුමක් ඇඳගෙන සාලෙට ආවා.

🔴 අම්මේ.. මං පන්සල් ගිහින් එන්නම්..

මං අම්මගේ දෙපා සිප ගෙන දෙපා වැන්දා.

🔴 නාවට කමක් නැහැ..

අම්මා එහෙම කියලා මං ගෙයින් එළියට ආපු ගමන් හයියෙන් දොර වැහුවා. මං පේන දුරින් තියෙන කළුතර බෝධියට පයින්ම ආවා. කළුතර බෝධියට අම්මයි තාත්තයි එක්ක ඇවිත් ඉන්න හුරතල් දරු පැටව් දැක්කම මගේ ඇස් වල කඳුළු අළුත් වුණා. මං හිතේ හැටියට බුදුන් වැඳලා මගේ රත්තරන් මහත්තයා තිසරුට කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරලා කළුතර පාලම ගාවට ඇවිත් කළු ගග දිහා බලාගෙන කල්පනා කරා. කළු ගඟේ වතුර අද හරිම නිසලයි. ගලා යන වතුර ධාරාව හරිම තැන්පත්. ඒත් මේ හැම තැනකම ලොකු දුකක් සැඟවිලා තියෙනවා. හරියට මගේ හිතේ වගේ. #ලේ_කිරි_කඳුලක්_නැතිව_මං_වඳ_ගෑණියෙක් කියලා හංවහඩු ගහපු සමාජය ගැන මට තියෙන්නේ දුකක් වගේම කලකිරිමක්. කළු ගඟේ වතුර තරමටම මං මේ අවුරුදු හත පුරාවට දරුවෙක් නැතිව අඬන්න ඇති. මගේ මතකෙට ආවේ මං ගෙදර ලියලා තියලා ආපු ලියුම.

ආදරණීය තිසරු,
මං ඔයාව දැනගෙන දැන් අවුරුදු දහයක් මහත්තයෝ. අම්මා තාත්තා නැති මං ඔයාට ආදරේ කරේ මගේ පණ වගේ. ඒත් දරුවෙක් නැති නිසා ඔයාට මාව එපා වුණා. දරුවෙක් අපිට නැත්තේ මගේ වරදින් නෙමෙයි රත්තරන්. ඒක ඔයාගේ අඩුපාඩුවක්. ඒකයි මං ඔයාට බෙහෙත් ගන්න යමු කිව්වේ. ඔයා ඒකට බැහැ කිව්වම මං ඒකයි කිව්වේ එහෙනම් දරුවෙක් අරන් හදා ගමු කියලා. ඒත් ඔයාට ඒ හැමදේටම වඩා ඔයගේ පරම්පරාව ලොකු වුණා. අඩුපාඩුවක් නැති වුණත් මං වඳ ගෑණියෙක් කියලා මුළු ලෝකෙම කෑ ගහද්දි මං අවුරුදු හතක් ඉවසුවා. ඒත් මහත්තයා මට වඳ ගෑණියෙක් , මැරිලා පලයන් කිව්වම මට තවත් ඉවසන්න බැහැ. මහත්තයට මතකද බඳින්න කලින් මහත්තයට වුණ ඇක්සිඩන්ට් එක. එදා තමා මේ හැමදේම වෙලා මහත්තයට දරුවවෙක් හදන්න බැහැ කියලා ඩොක්ටර් කිව්වේ. මං කසාඳ බඳින්න කලින් ඉඳන්ම දන්නවා මහත්තයට දරුවෙක් හදන්න බැහැ කියලා. ඒත් ආදරේ නිසාමයි මං මහත්තයගේ ඒ අඩුපාඩුව අමතක කරලා කසාඳ බැන්දේ. හැමදාම එක වගේ ආදරේ කරා. ඒත් මහත්තයටත් මං අන්තිමට වඳ ගෑණියෙක් වුණා. මේ වඳ ගෑණි මහත්තයා මේ ලියුම කියවද්දිත් මැරිලා. මහත්තයා සතුටින් ඉන්න.. මං හැමදාම ආදරෙයි.. මහත්තයා ලබන ආත්මෙදිත් මගේම වෙන්න.. බුදුසරණයි..
ආදරණීය,
මෙත්මා.

ලියුමේ ලියලා තිබ්බ හැම වචනයක්ම හිතේ දෝංකාර දෙද්දි මං කළුතර බෝධියේ කොත් කැරැල්ල දිහා බලලා වැඳලා මගේ මහත්තයා සතුටින් ඉන්න කියන ප්‍රාර්ථනාව හිතේ තියගෙනම කළු ගඟේ ගැඹුරු පතුලටම ගිලි ගියේ සතුටින්. මහත්තයගේ සතුටම ප්‍රාර්ථනා කරමින්.

- නිමි -

ලේ කිරි කඳුළු අවැසිය අපේ ආලයට
දරුපෙම බැඳ තබයි අපේ ජීවිත කුලගෙයට
හැදූ මව නැතිව වැදූ මව අගයන ලෝකයට
හැදූ මව වඳ වුණේ ඇයි මේ අකාලෙට

උදාරි ප්‍රේමරත්න 👸

*******************************************
පසුවදන
🔥 අද සමාජයේ මෙත්මලා, යසිරුලා කීයක් නම් ඇත්ද..
🔥 දරු සුරතල් බැලීමට වැදූ මවක්ම විය යුතුද..
🔥හැදූ මවට මේ සමාජයේ තැනක් නැතිද..

🔥🔥🔥වරද කාගෙද
🔴 තම ස්වාමියාට පණ වගේ ආදරේ කර ඔහුගේ අඩුපාඩු සඟවමින් ඔහු සමඟම සිටි ආදරණිය බිරිඳ මෙත්මගෙද...
🔴සැමියාගේ අඩුපාඩු සඟවමින් ජීවත් වන , වඳ ගෑණියෙක් යන අපවාදය ඉවසමින් සිටි අාදරණිය බිරිඳට පහර දුන් තිසරුගෙද...
🔴මුණුබුරෙක් බැලීම තම එක අරමුණ කරගෙන කරගෙන ජීවත් වන තිසරුගේ වියපත් මවගේද...

🔥🔥🔥 සිතන්නට යමක්...

by - udari premarathne

0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
06 Aug 2017 11:05 PM

#supu

මේක මගේ ඇත්තම සිද්ධියක් සමහරවිට මේකත් මෙලෝ රහක් නැතිවෙන්න පුළුවන් කැමති නම් කියවන්න...

කතා ලියන අතරේ කිසිම අර්ථයක් නැති කතාවක් ලිව්වම ඒක පේජ් වලට දුන්නම ඇත්තටම ඒ පේජ් වල කතා කියයවව්වේ ගොඩක් කාන්තා පාර්ශ්වයේ අය ඒ නිසා බැනුම් කෝටියක් එක්ක පටං ගත්ත නොසිතු විරූ සාංසාරික බැඳිමක ආරම්භයක් සනිටුහන් වෙන මොහොතකට කාලය එළඹුනා...

මම FB Online ඉන්න ගමං ..........(නම රහසිගතයි) coonect with you කියලා Notification එකක් එනවා ඒ කියන්නේ මගේ friend list එකේ නැති කෙනෙක් නිසා Request මැසේජ් එකක් එනවා

"Hai Dear Can You Chat With me?"

මමත් ඒක Accept කරලා
"Yes Can, Why?" කියලා Reply කරා පස්සේ මගේ කතාවට බයින්න වගේ ඇවිත් එයා මගෙත් එක්ක හොඳින් කතා කරා ඇත්තටම ගොඩක් විස්තර කතා කරා ඇත්තටම එයා ඉඳලා තියෙන්නේ යාළුවෙක්ගේ Account එකකින් එවෙලේ Online ඉඳලා තියෙන්නේ කොහොමහරි පෞද්ගලික තොරතුරු පවා කතා කරලා තවත් අපි දෙන්නා සමීප වුනා පස්සේ ඡායාරූප පවා හුවමාරු කරගත්තා ඇත්තටම එයා අාදරයක් බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක්... මට වඩා අවුරුද්දක් බාලයි එයා... එයා එක දවසක් කිව්වා නිකං විහිළුවට වගේ මට

"අයියා මට ඔහෙන් කෙනෙක් හොයලා දෙන්න"
කියලා... ඇත්තටම තනිකඩ ජීවිතයක් ගෙවපු මට මේක හොඳ අවස්ථාවක් කියලා හිතුනා ඇත්තටම අපි ගොඩාක් දේවල් කතා වුනා ඒ අතරේ එයා මගෙන් ඇහුවා...

"ඔයා බොනවද අයියා?"

ඒකට මගේ පිළිතුර වුනේ

"ඉස්සර බිව්වා නංගි දැං ඉතිම් යාළුවෝ හම්බුනොත් බොනවා"

කියන එක... එකපාරටම එයා කිව්වා

"කවදාවත් අායේ බොන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න"

කියන එක මට තවත එතකොට එයා ගැන සිතුවිලි පහල වෙන එක තව තව වැඩිවුනා වගේම මම පොරොන්දු වුනා... ටික දවසක් ගෙවුන තැන මම එයාට කිව්වා ඔයා හිතන විදිය කෙනෙක් මස ගාව ඉන්නවා යාළුවෙක් කියලම මම එයාට කිව්වා... එයත් කුතුහලයක් එක්ක දැනගන්න ආසාවෙන් හිටියා... දවස් දෙකක් විතර යන්න දීලා මම එයාට කියන්න යද්දී එයා විස්තර අහන්න පටං ගත්තා... මමත් දිගට හරහට විස්තර කිව්වා... අන්තිමටම එයා⁣ගේ ප්‍රශ්නය...

"කව්ද අනේ එයා මට බලන්න ඕනි"

කියලා කිව්වම මම මගේ සිතුවිලි ප්‍රකාශ කරා...

"මගේ යාළුවෝ හැමෝටම GF ලා ඉන්නවා මට විතරයි නැත්තේ වෙන කවුරුත් නෙවේ මේ මම...
මම ඔයාට ආදරය කරනවා නංගි..."

කියමින් මගේ ආදරය ප්‍රකාශ කරා...
එයාට එක පාර හිතාගන්න බැරි වුනා එයාට හිතන්න ඕන කිව්වා ඒකටත කාලය දීලා බලං ඉද්දි එයාට මාව බලන්න ආසාවත් තිබුනා මටත් එ් අාසාව එහෙමම තිබුනා මම ඇහුවා

"මම එන්නද? ඔයාව බලන්න"

එතකොට එයා කිව්වේ මෙහේ ආවොත් මම දන්න අය වැඩියි මම එන්නම් කියමින්... සිතූ පැතූ විදියටම එයා අාවා...
අපි කතා කරන්න අසල තිබුන පාක් එකට ගියා ඇති තරම් දෙන්නාගෙ හැඟිම් සිතුවිලි බෙදාගත්තා... මම කෙලින්ම එයාගෙන් ආදරය ඉල්ලුවා ඒත් හරි උත්තරයක් දුන්එනෑ හවස කියන්නම් Promise කියලා කිව්ව නිසා මම බල කරේත් නෑ... අනේ ඇත්තටම එයා හරිම අහිංසකයි... පොඩි දේටත් හරිම සංවේදී කෙනෙක් ඒත් මම ඇත්තටම සෙල්ලක්කාරයි කොල්ලෙක් වුනාම එහෙමනේ... එදා දවසත් ගෙවිලා එයා ගෙදර ගියා මමත් ආවා...

එයාගෙන් මැසේජ් එකක්...

"Hmm. Ammi ara msg dakala. Meeta passe phone tab denne na kiwwa aiya. Sry ayemsg kranna wenne na"

මම...

" Haiyoooo mawa baya krnwa oyaaa"

" Mata ledak hadannada yanne ane oyaaa"

එයා...

" Na na aththmai aiya. Oya ekka thyena affair eka nwaththnna kiwa. Mn na kiwwata piliganne na ne. Sry aiya"

මම...

" Aneeeee please mother promise aththada kiynna mata angath ekka mokakdo unaaa"

එයා...

" Ow aiya aththamai mn kiyanne"

මම...

" Mage hitha gassanna epa boru kiyddi tikak thathwikawa kiynna oya ada koheda giye kiyla ahnna epai parakuu une ai kyla ane please nangi oya promise unaa mata oya ooni nangi please mage hithatama awilla ohoma pissu katha kiynna epa mta oya ooni... Mother Promise kiynna"

එයා... එකපාරටම...

" I love you aiya"

මම ඇත්තටම පුදුම වුනා අළුත් ජීවිතයක් ලැබුණ නිසා...

" He he he mage pana math adarei godaaaaaaaaaaaaariyak ummmmmmmmmmmmmma"

එයා...

" Mth adarei matto. Mtath horen mge hitha horakam kala neda? Plz kwadawath dala yannepa aiya. Mn echcharamai oygen illanne."

එහෙම කතාව දිගටම ඇදිලා දෙන්නම සතුටින් ආපු මහන්සිය නිවාගෙන අාදරය විඳින්න ගත්තා...
ප්‍රශ්න ඉස්සරහට එනවා ඒවට එකටම මුහුණ දෙමු කියාගෙනම...
අනේ අාදරය ගෙවීගෙන යද්දී ප්‍රශ්න වැලක් ආවා ඒවට දෙන්නම දුක් වුනා... කොහොමහරි තව දවසක් එයා මාව බලන්න ඇවිත් ඒ ප්‍රශ්නනත් විසඳුනා...
ආදරය කරන මට ඇරෙන්න පිස්සියක් වගේ මගේ පිස්සි මට ඇරෙන්න වෙන කා එක්ක හැඟිම් බෙදාගන්නද? නේද?
කොහොමහරි ඒ ප්‍රශ්නත් විසඳිලා පොඩි ප්‍රශ්න වගෙයක් ආවා තව තව ඒවත් මගේ යාළුවත් යාළුවා කිව්වට සහෝදරයාත් මැදිහත වෙලා විසඳිලා අාදරය ගලාගෙන යද්දී පුංචි විහිළුවකට මට තරහා ගියා මම විහිළුවට වගේ බැන්නා...
අනේ මගේ සුදූ ඒක ඔළුවට අරං විඳවනවා මමත් පිස්සෙක් වගේ හැසිරෙනවා අනේ එයා කන්නෙත් නෑ හිතින් විඳවනවා මම මෙහෙ කොල්ලෙක් වෙලත් අඬනවා 😢😢😢 එයාට ඇත්තටම පොඩි දෙයක් වුනත් දරාගන්න අමාරුයි😔😔😔 අනේ මම පිස්සෙක් වගේ කියවන නිසා තව බැන්නදෝ මංදා... 😔😔😔 මට ආදරය දරාගන්න බෑ සුදූ Please වෙච්චි වැරැද්ද අමතක කරලා මට සමාව දෙන්න සෙල්ලක්කාරකමට හැසිරුණාට මං ඔයාට ආදරෙයි නංගි... අනේ පණ ❤️😔
එයා කාලත් නෑ දවස් 3ක් හරියට...😔😔😔
⁣මුළු ඇඟම Faint වෙනවළු 😢😢😢
⁣බෙහෙත් අරගෙන ඒවා බොන්නෙත් නැතුව එයාවම රිදවගන්නවා... 😩😩😩
මමත් මෙහෙට වෙලා කරගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්නවා අනේ රත්තරන් මට සමාව දෙන්න සුදු...
Please මට එකම එක අවස්ථාවක් දෙන්න ඔයා මට ආදරෙයි නම් හැදෙන්න මම ඕන දුකක් දරාගෙන ඔයා එක්ක ඉන්නවා සත්තයි... මට පණ වගේ අාදරය කරන ඔයාව නැතුව මම කොහොමද ඉන්නේ රත්තරන් please ඔයාට මොනවහරි වුනොත් මගේ ජීවිතය මැරි මැරි ජීවත් වෙයි 😢😢😢
ආයෙත් එන්න රත්තරන් ඔයාට නොදැනුනනත් මම අාදරය කරනවා කියලා මම ඔයාට ආදරෙයි රත්තරන් Please එකම එක අවස්ථාවක් දෙන්න මට මම ආයේ ඔයාව රිද්දන්නේ නෑ කවමදාවත් Promise නංගි... මගේ මැණික මම බලාගන්නවා මගේ පණ වගේ සත්තමයි මගේ මැට්ටී ❤️❤️❤️

දුක්බර විලාපයක් වගේ ඇති ඒත් හරියට කියන්න තරම් හිතට වාරු නෑ...
සමාවෙන්න 🙏🙏🙏

By - d.m.dasanayake

0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
08 Aug 2017 12:36 AM

~ අහිංසා ~
( ආදරයෙන් අදටත් විදවන අපේම සොයුරියකගේ සත්‍ය කතාව )

ජීවිතේ කටුක අත්දැකීම් ගොඩාක් එකතු වෙච්ච අහිංසාගේ පුංචි හිතට ඇත්තටම සහනයක් ගෙනාවෙ දෙනුවන්.....

" මැණික... " දෙනුවන්ගේ පපුව ගැහෙන්න වුනේ කෙල්ලෙක් එක්ක කාමරයේ තනි වෙච්ච පළවෙනි වතාව නිසා...

" අනේ අයියෙ මට බයයි.... " අහිංසා ඇද දිහා බලලා ආයෙමත් දෙනුවන් දිහා බැලුවෙ ඇත්තටම බයෙන්.

" මාව විශ්වාස නෑ නේද ? අනේ මැට්ටි " දෙනුවන් අහිංසාගේ ලස්සනට තියන ඉන දෙපැත්තෙන් අල්ල ගත්තම කෙල්ල වෙව්ලලා ගියා.

" බයවෙන්න එපා මැණික්... මං ඔයාව කීයටවත් දාල යන්නෙ නෑ " දෙනුවන් අහිංසාගේ උරහිස් දෙපැත්තෙන් අල්ලලා ඇදෙන් ඉන්දෙව්වා.

" මං දන්නවා අයියෙ ඒක...ඒත්... " කෙල්ල කියල ඉවරවෙන්නත් කලින් දෙනුවන් ඒ රෝස පාට තොල් තමන්ගෙ කරගත්තා.කිසිම දවසක බිත්ති හතරක් ඇතුලෙ පිරිමියෙක් එක්ක තනිවෙලා නැති අහිංසාගේ ඇහෙන් කදුලු වැටුනත් දෙනුවන් පිස්සුවෙන් වගේ කෙල්ලව තුරුල් කරගෙන ඉම්බා.

ටික වෙලාවක් යනකොට අහිංසාගේ ඇස් වලින් බේරුන කදුලු නැවතුනා...
දාඩිය ඇග පුරාම....
කෙස් සී සීකඩ....
දෙනුවන්ගේ සිරුරට යටවුනු පුංචි සමනලී ටික වෙලාවකින් දෙනුවන්ව තදින් බදාගත්තා.

" මොකද ?"

" දාලා යන්න එපා "

" පිස්සුද "

" එහෙනම් එන්ගේජ් වෙමු "

" පිස්සුද, දැන්ම?"

" හ්ම්.... ඔයා මාව දාලා ගියොත් මං මැරෙයි "

" විකාර " දෙනුවන් අහිංසාගේ පතිවත කෙල්ලට නොදැනීම උදුරාගෙන....

" අයියෙ මේ... අනේ .... "

" බයවෙන්න එපා,මං ඔයාගෙනෙ "
අහිංසා ඇද දිහා බලගෙන හූල්ල හූල්ල අඩනකොට දෙනුවන් කෙල්ලව සැනසුවා.

ටිකෙන් ටික කාලය ඔහේ ගෙවිල යනකොට දෙනුවන් අහිංසාව හම්බෙන එක අඩු වුනා....
කෝල්....
මැසේජ් .....
වෙනදට වඩා ගොඩාක් අඩුයි....
අහිංසාගේ පපුව රිදෙන්න ගත්තෙ දෙනුවන්ගේ මේ වෙනස නිසා.

" හෙලෝ... "

" මොකද ?"

" බිසී වැටුණෙ ෆෝන් එක ? " අහිංසා ටිකක් බයෙන් වගේ ඇහුවෙ.

" මොකද්ද ඔයාට වෙලා තියෙන්නෙ ,මට ඔෆීස් වැඩකට කෝල් එකක්වත් ගන්න නැද්ද ?"

" අනේ සොරි අයියෙ "

" සැකෙන් නම් මෙහෙම අපිට එකට ඉන්න බෑ නංගි ,තේරුණාද?"

" අනේ නෑ ,සැක නෑ, මං ... " කියලා ඉවර වෙන්නත් කලින් දෙනුවන් ෆෝන් එක කට් කලා....

ඊටපස්සෙ කතා කලත් දෙනුවන් අහිංසා ගැන වැඩි උනන්දුවක් කලේ නෑ ....

" ඔයා තරහ ගන්න එපා අයියෙ "

" මොකටද?"

" මගෙ යාලුවෙක් කිව්ව ඔයා කෙල්ලෙක් එක්ක ඉන්නව දැක්ක කියලා කොටුවෙ "

" ඉතින් මොකද්ද කියන්නෙ?"

" නෑ ... මේ... " අහිංසා වචන ගලපන්න බැලුවත් ඒක අමාරු වුනේ දෙනුවන්ගේ කටහඩේ තරහක් දැනුන නිසා.

" මේ... හලෝ.... තමුසෙට මට වඩා යාලුවො විශ්වාසනම් උන් එක්කම ඉන්නවා.... මොන රෙද්දක්ද..... " ෆෝන් එක කට්. කලඹල වුන
අහිංසා ඉක්මනට ආපහු ගත්තා.ආයෙමත් කට්.

අහිංසා ඇස් දෙක හිරිවැටෙනකන් ඇඩුවා....
ආයෙමත් කෝල් කලා....
ආන්සර් නොකළම ආයෙමත් ඇඩුවා....

" මොන වදයක්ද ඕයි රෙද්ද ,පිස්සෙක් වගේ ඔහොම කෝල් ගන්න එපා,මං ජොබ් එකක් කරන්නෙ මෙතන " පපුව පැලෙන්න තරම් රිදෙන්න ගත්තෙ ආපහු ඇස් වලින් කදුලු වට්ටලා....

හිතාගන්නවත් බැරි විදිහට දවසින් දවස දෙනුවන් වෙනස් වුනා.දවසින් දවස එක එක ආරංචි ආවත් අහිංසා ඒව ගැන ඇහුවෙ නෑ...
බනියි කියලා බයට....

" ඔබ ඇමතූ ඩයලොග් දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත " අහිංසාගේ හදවත රිදදවපු ඒ පුංචිම පුංචි වචන අදටත් දෙනුවන්ගේ දුරකතනයෙන් අහිංසාගේ හදවත රිද්දවනවා....

හරියට ඉන්න තැනක් දන්නෙ නැතුව අනාගත අරමුණක් නැතුව ආදරයෙන් අන්ධ වෙච්ච අහිංසා කවුද කියලා හොයන්නත් එපා,එයා ගැන මගෙන් අහන්නත් එපා....ඒ කෙල්ලගෙ මෝඩකමට බනින්න එපා....මොකද දැන් කෙල්ල හොඳටම අසරණයි....
හැගීම් වලට වහල් වෙලා කෙල්ලෙක්ගෙ ජීවිතේ අනාත කරපු ඒ
කොල්ලට ශාප කරල පව් පුරවගන්නත් එපා....

මේ පුංචි කතාවෙන් කෙල්ලො කොල්ලො දෙගොල්ලොම ආදර්ශයක් ගන්න....
ඒ ටික හොඳටම ඇති....

Writer ⤵️

Nuwan Suranga Hettiarachchi

0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
08 Aug 2017 12:38 AM

#ජීවිතේ_සුන්දරයි

[මේ සත්‍ය කතාවකි..]

මං රවිහංසි.. අම්මයි තාත්තයි දෙන්නම නෑ මට.. ආච්චි තමයි මාව බලාගෙන ලොකු මහත් කලේ.. අපි හිටියේ ආච්චි ගෙ ගෙදර එ⁣හෙ ඉන්නෙ මාමයි නැන්දයි මායි ආච්චියි.. මන් ලග තිබුන ඉස්කෝලෙට තමයි යන්නෙ..
කාගෙවත් ආදරයක් ලැබුන නැති මට මේ පවුල ගොඩක් වටිනව.. ඒත් මට ලැබුනෙ ඊට වඩා වෙනස් ජීවතයක්.. නැන්දයි මාමයි මට ආදරේ කලේ නෑ පොඩ්ඩක්වත් එයලට මාව වදයක් කියලා නිතරම කියනව මට ඇහෙනවා.. ආච්චි කිවට එයාට වයස නෑ.. එයා වැඩට ගිහින කන්න බොන්න ඉගන ගන්න සල්ලි දුන්නේ මට.. එයා දවල්ට ගෙදර නෑ.

මන් ඉස්කෝලෙ ඇරිල ගෙදර ආවා වෙනද වගේම.. අනිත් ලමයි දවල්ට බත් අරන් එනව ඒත් මන් අරන් යන්නෙ උලුඳු වඩයක් වගෙ දෙයක් ඒ නිසා ගොඩක් බඩගිනි වෙලා ගෙදර ආවේ මන්. කුස්සියට ගිහින් බත් ටිකක් බෙදාගන්න හදනකොටම නැන්දි ආවා එතනට..

උබට කන්න මන් බත් උයල නෑ මන් ඉව්වේ මගෙ ලමයිට කන්න තෝ පල තොගෙ මහ එකී හොයා ගෙන.. නැන්දි මට හොදටම බැන්නා.. මන් දුවගෙන ගියා ගේ ලග තිබුන ඔයේ ගල උඩට.. ගිහින් ආච්චි එනකල් බලාගෙන හිටියා.. හවස 5.30 විතර වෙනකොට ආච්චි ආවා. මන් අඩ අඩා හැමදේම ආච්චිට කීවා එයාට ගොඩක් දුකයි.. අඩන්න එපා පුතේ හොදට ඉගන ගන්න මන් මේ දුක් විදින්නෙ ඔයාට උගන්නන්න.. එහෙම කියල ආච්චි මට රුපියල් 20ක් දුන්න.. මන් දුවගෙන ගිහින් ආප්ප 2ක් කාලා ගෙදර ඇවිත් හොදට පාඩම් කරන්න පටන් ගත්ත..

හැමදාම මගෙ ජීවිතේ ගෙවිල ගියේ මේ වෙනස්කම් එක්ක.. ආච්චි එනකල් මට අහන්න උනේ නැන්දි ගෙ බැනුම් විතරයි ඒත් මන් කවදාවත් එයාට එකට එක කියන්න ගියෙ නෑ මන් පාඩම් කරා ඒවා ඇහෙන්නේ නෑ වගේ..

තෝ පලයන් මට මේ ලමය නිදිකරව ගන්න මෙතන පොතම බලනව උබ දිසාපති වෙන්නද එයා කෑගහනව මන් පොතත් අරන් ගලට ගියා.. කොහොම හරි ඉගනගන්න මට ඕන උනේ.. ඔහොම ඉන්නකොට තමයි මට එයාව හම්බුනේ..

එයා චංචන.. අපේ පවුලේ කෙනෙක් ටිකක් දුරින් නෑදෑයෝ වෙනවා.. එයා මේ හැමදේම දන්නව මන් එයාට අකමැති උනේ මගෙ මේ අසරණ කම නිසාමයි..

හංසි.. මේ අහන්න මන් දන්නව ඔයාගේ ගෙදර තත්වෙ.. මන් ඔයාට ආදරේ කරන්නේ ඇත්තටමයි..
අනේ මට බෑ අයියේ මට ඕනි ඉගනගන්න විතරයි.. මන් එහෙම කිව්වේ හිතේ එයා ගැන තිබුන කැමැත්ත හංගන්..
හරි ලමයෝ.. ඔයා ඉගන ගන්න මන් කවදාවත් ඔයාගෙ ඉගනීම කඩල දාන්නෙ නෑ මාත් උදව් කරන්නම් ඔයාට..
එයා මගෙ අත් දෙක අල්ලගත්තා..

ආදරෙයි නේද මට.. ම්.. කවදාවත් දැනිල නැති හැගීමක් දැනුන මට..
හ්ම්.. ඔව්.. එහෙම කියලා මන් දුවගෙන ගෙදර ගියා..
එදා ඉදම් මට එයාගෙ ආදරේ ලැබුනා.. ඉස්කෝලෙ ලගට මාව බලන්න ආවා.. දුක දැනුන වෙලාවට හිත හැදුවා.. ටික කාලයක් යනකොට මට එයාගෙ පොඩි 4න් එකක් දුන්න..මන් නිතරම වගේ එයාට කතා කලා මැසේජ් කලා.. ඒ වගේම පාඩම් කලා.. එයා මට ගොඩක් උදව් කලා.. සමහර දාට මට ඕනි පොත් එහෙම ගෙනත් දුන්නා..

දවසක් මන් ඉස්කෝලෙ ඇරිල ගෙදර ආවා ගොඩාක් බඩගිනි.. නැන්දි නෑ ගෙදර.. මන් බත් ටිකක් බෙදාගෙන ඉක්මනට කෑව මොකද නැන්දි ආවොත් බනින නිසා.. මන් කාමරේට වෙලා පාඩම් කරනකොට නැන්දි බනින්නව ඇහුන.. මන් එලියට ගියා ඇයි බලන්න..

තෝ බත් කෑව නේද? අනේ නෑ නැන්දි මන් කෑවෙ නෑ අනේ කට වහපිය කරෝල කෑලි 6ක් තිබුන දැන් තියෙන්නේ 5යි.. තොට හැමදාම කියනව මන්. තෝ වගේ අවජාතක එවුන්ට කන්න දෙන්න මගෙ මිනිහ හම්බ කරන්නෙ නෑ ඒ කතාවටනම් මට තරහ ගියා.
නැන්දි මේ මගෙ අම්ම තාත්ත ලග නෑ තමයි ඒත් මන් අවජාතක නෑ හරිද. මන් බැන්ද දවසක මට අම්මෙකුයි තාත්තෙකුයි හම්බෙයි..
අනේ තෝ ගෙනියන්න ඉන්නෙ බල්ලෝ තමයි.. ඒ වචන ටිකට ගොඩක් දුකයි හිතුන මට..

මන් 4න් එකත් අරගෙන ගියා ගලට.. ගිහින් ගත්තා චංචනට කෝල් 1ක් 4න් එක වැඩ නෑ. ටිකක් හවස වෙනකල් එතන ඉදල මන් ගෙදර ගියා..

ආච්චි ඇරුනම මං ආදරේ කලේ චංචනට ඒත් දවස් ගානකින් මට කතා කලේ නෑ.. exam එකට මාස 3යි.. ඒත් මගෙ හිත කලබල වෙලා.. නෑ එයා මට ආදරෙයි මන් දන්නවා ඒක.. මන් 4න් එක අරන් එයාගෙ අනිත් නො එකට කෝල් එකක් ගත්තා දෙයියනේ ඒක වැඩ..

හෙලෝ අයියේ .. ඔයාගෙ සිම් එක වැඩ නැත්..
ආහ් හංසි..
එයා මන් කියන්න හදපු දේ නතර කලා..
සොරි හංසි ආපහු මට කෝල් කරන්න එපා.. අපේ අම්මලා දැනගෙන මේක මට හොදටම බැන්නා..
ඒත් අයියේ මේ අහන්න මන් ඔයාට ගොඩාක් ආදරේ කරනවා මේ ඇත්තමයි..
අනේ අඩන්න එපා හලෝ යාලු උන දවසෙ ඉදම් ඔයාගෙ ඇඩියාවම විතරයි. ඇත්තටම පවුලක් නැති ඔයා වගේ කෙනෙක් ගැලපෙන්නේ නෑ තමයි .. අපේ අම්මලාටත් ලැජ්ජාවක්.. ඔයාට පොත් අරන් දීපු සල්ලී හිගන්නෙකුට පිනට දුන්නා කියල හිතාගන්නවා.. ප්ලීස් ආයෙනම් කෝල් කරන්න එපා..
4න් එක කට් කරල මන් ගොඩාක් ඇඩුවා.. ඇයී දෙයියනේ මාව මේ තරම් අසරණ කලේ..

මන් හොදටම අඩල නිදාගත්තා. ආච්චි හවසට එන්නේ කන්න අරන් මන් බඩගින්නේ බලන් ඉන්න බව දන්න නිසා.. ඒත් එදා මන් කෑවෙත් නෑ නිදාගත්තා.. රෑ ආච්චි ලගට ඇවිත් ඔලුව අතගාල කියනව.. පුතේ මන් ගොඩක් දුක් මහන්සි වෙලා ඔයා ලොකු කලේ.. මගෙ ඇස් පියවෙන්න කලින් හොද තැනකට යන්න.. අම්ම තාත්ත නැති මට මෙච්චර ආදරේ කරන එයාට රිද්දන්න මට බෑ.. මෙච්චර දුක් විදින මට මේක සුලු දෙයක්..

හැමදේම හිතින් අයින් කරල ඒ මාස තුන හොදට පාඩම් කලා..
Exam එක කලා.. සතියක් වත් ගෙදර ඉන්න බෑ මට..
මන් ගෙවල් ලග අක්ක කෙනෙක් එක්ක කතා කරල එයාගෙ company එකේ සාමාන්‍ය සේවිකාවක් විදියට වැඩට ගියා..

පලවෙනි මාසෙම හම්බුන පඩිය 20000ක්.. දුප්පත් මට ඒක මහ මෙරක්.. හරියට ඇදුමක්වත් නැති නිසා ඒ සල්ලි වලින් මන් ඇදුම් සෙරෙප්පු වගේ අඩුපාඩු ගත්තා.. ඒ වගේම ආච්චිටත්.. මන් result එනකල්ම වැඩට ගියා..

result ආවා.. exam පාස් මන්..
company එකේ හොද post එකක් හම්බුනා ඒ නිසා.. මන් තවදුරටත් ඉගනගන්න ගියෙ නෑ මොකද ආච්චිට ඒ තරම් බරක් දෙන්න බැරි නිසා.. මන් දිගටම ජොබ් එක කලා.. ගෙදර ඉදම් නෙවෙයි බෝඩිං කාමරේක නතර වෙලයි.. ආච්චි නිතරම ආවා මාව බලන්න..
මාස 6ක් විතර යනකොට අපේ company එකේ කෙනෙක් මගෙන් ආදරේ ඉල්ලලා පස්සෙන් ආවා.

ඒ ඉමේෂ් .. ඇත්තටම එයා හොද කෙනෙක්.. මගේ ජීවිතේ හැමදේම කියල මන් ඇහුව තාමත් කැමතිද ආදරේ කරන්න කියලා.. එයා.. කිවා ආදරේ කරන්න නෙවෙයි මගෙ අම්මගෙ තාත්තාගෙ මගේ ආදරේ දීලා ඔයාව බලාගන්න කැමති කියල.. මන් එයාට ආදරේ කරන්න ගත්තා..

අවුරුද්දකට පසු

ආච්චිගෙයි එයාගෙ අම්මලාගෙයි කැමැත්ත ආශිර්වාදය එක්ක අපේ වෙඩ්න් එක ලොකුවට ගන්න අපි හැමදේම හදාගත්තා.. මගේ ඉතුරු කරගත්ත සල්ලි තිබුනත් වෙඩ්න් එකට වියදම් සේරම කලේ එයා..
වෙඩ්න් එකට මාසයක් තියලා පලවෙනි වෙඩ්න් කාඩ් එක ගිහින් දුන්නේ නැන්දිට..

අනිවාර්යයෙන් එන්න නැන්දි බල්ලෙක් නෙවෙයි රත්තරං මනුස්සයෙක් බදින්න යන්නෙ.. කියලා.. එයාට ගොඩාක් ලැජ්ජා හිතුනා..

එදා ගෙදරක කාත් කවුරුත් නැතුව දුක් වින්ද මන් ලස්සන මනමාලියෙක් වෙලා ඉමේෂ් ගෙ ගෙදරට ගියා..

එයාගෙ අම්ම තාත්තා.. මට දෙවියො මවල දුන්නා කියල මන් හිතන්නේ.. ඒ තරම් ආදරෙයි මට.. මගෙ හස්බන්ඩ්.. ආදරේ කරනව එයාගෙ ජීවිතේම මාව කරගෙන..
දැන් මගේම කියලා මට පවුලක් ඉන්නව ගෙයක් තියනවා ආදරේ තියනවා.. හැමදේම මට ලැබුන.. ඒ මගේ උත්සාහය නිසා..

මාසෙකින් විතර නැන්දි මාමයි ආච්චි ලමයි 2න්නයි ආවා අපේ ගෙදරට..
හංසි පුතේ මට සමාවෙන්න.. ඒ කාලේ මන් ඔයාට කරපු දේවල් වලට..
සමාව ගන්න ඕනි නෑ නැන්දි මන් අද මෙතන ඉන්නෙ ඔයාගෙ ඒ වෙනස්කම් වලින් ලැබුන පාඩම් නිසා.. දැන් ඒවා හිතන්න එපා.. ඒවා අමතක කරන්න.. කියලා මන් එයාට දණගහල වැන්දා..

..නිමි..

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Aug 2017 02:09 AM
අකුරැ ටිකක් පොඩි කලත් අවුලක් නැහැ
0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12