You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2017 10:03 AM by  Dushan Shyomal
මදුරාසි චිකන් බුරියානි...........
 10 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
18 Feb 2017 10:38 AM
    අවශ්‍ය ද්‍රව්‍ය:-
    බාස්මතී හාල් 500 g
    කුකුල් මස් පොඩියට කෑලි කපා 500 g
    මී කිරි 150 g(මන් යොගට් ගත්තේ )
    තලාගත් ඉඟුරු හා සුදු ළූණු ටිකක්
    ලුණු ගෙඩියක්
    මිරිස් කුඩු තේ හැඳි එකක්
    මසාලා කුඩු මෙස හැදි එකක්
    බටර් හෝ ගිතෙල් 150
    කැරට් 75 g
    අල 75 g
    තුනපහ කුඩු මෙස හැදි එකක්
    මුද්දරප් පලම් 40 g
    බොම්බයි ලූනු 200 g
    කජු ග්‍රෑම් 250
    සිහින්ව ලියාගත් කොත්තමල්ලි කොළ ටිකක්
    කහ කුඩු ටිකක්
    පොල් කිරි කෝප්ප කාලක්
    කුකුල් මස් තැම්බූ වතුර 11/2
    ලොකු තක්කාලී ගෙඩියක්

    සාදන ක්‍රමය:-
    මී කිරි, ඉඟුරු, සුදු ළූනු, ලුණු, මිරිස් කුඩු, මසාලා කුඩු ස්වල්පයක් එකට හොඳින් මිශ්‍ර කර ඒවාට කුකුල් මස් දමන්න. (සීසන් කරන්න)
    පසුව මාගරින් බාගයක් රත් කරන්න. එයට මසාලා කුඩු ස්වල්පයක්, බොම්බයි ලූණු ග්‍රෑම් 50 ක් පමණ,තක්කාලී තුනපහ කුඩු, කහ කුඩු, එක්කර රන්වන් පැහැවනතුරු තෙම්පරාදු කරන්න.
    පසුව එම බඳුනට කුකුල්මස් කැබලි දමා නැවත හැඳි ගාමින් වතුර ගතිය ඉවත්වන තුරු පිසගන්න. වතුර හිදුනු පසු පොල් කිරි, කොත්තමල්ලි කොළ එක්කර මස් කැබලි හොඳින් පිසගන්න. ඉස්ම ගතිය පොඩ්ඩක් තබා බාන්න.
    කුකුල් මස් තැම්බූ වතුර ගෙන හාල් ටික බෙරි නොවන ලෙස පිස ගන්න.
    ඉන්පසු ඉතිරි කැරට් හා අල, පොඩියට කොටු කපා කහ ලුනු අතගා රන්වන් පැහැවන තුරු බැදගන්න. පසුව ලුණු කජු මුද්දරප්පලම් හා කරපිංචා කොළ කලු පැහැ නොවන සේ බැදගන්න.

    දැන් වෙනම බාජනයක් ගෙන රත් කළ කෙහෙල් කොළයක් අඩියට දමා (අපිට කෙසෙල් කොල නෑ මන් සලාද කොල දැම්මේ ) කුකුල් මස් ව්‍යාංජනයේ ඉස්ම ස්වල්පයක් එ උඩට දමා පිස ගත් බත් තට්ටුවක් අතුරන්න.
    එම බත් තට්ටුව මතට මස් කැබලි කිහිපයක් දමා ඒ මතට ලුනු, අල, කජු, මුද්දරප්පලම් දමන්න. නැවත ඒ මතට බත් තට්ටුවක් අතුරන්න. ඒ ආකාරවට සියල්ල අතුරා හොඳින් තද කොට හොදින් වසා විනාඩි 10 ක් පමණ මද ගින්නේ තම්බා ගන්න................ගෙදර අය නම් හරිම රසයි කිය කිය කැවා හදලා බලන්නකෝ කොහොමද කියලා.

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    19 Feb 2017 01:27 AM
    තවත් රසවත් කෑම වට්ටෝරුවක්..
    කවුරුහරි මේක හදලා හොඳ නරක කියන්නකෝ...
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    19 Feb 2017 02:15 AM
    බුරියානිනං හදනවා ඒත් මේ තරම් දෙවල් හොයාගෙන මදුරාසි පාරක් ගහන්න අමාරැයි
    ස්තූතියි මදුරාසි චිකන් බුරියානි එකක් හදන විදිය කිවුවට
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    19 Feb 2017 07:47 AM
    මම නම් ආසම නැති කෑමක්.
    කෑවෙත් එක පාරයි....එකෙන්ම ඇති උනා.
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    19 Feb 2017 09:46 AM
    බුරියානි නම් කන්න ආසයි.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    19 Feb 2017 04:03 PM
    ස්තුතියි මල්කි අපිට බුරියානි එකක් ගෙනාවට
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    19 Feb 2017 06:45 PM
    ඔව් ඔව් මැඩ්‍රාස් බුරියානි එක රසයි තමයි ..අමම් කාල තියෙනවා
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    19 Feb 2017 07:13 PM
    Posted By hasithad on 19 Feb 2017 07:47 AM
    මම නම් ආසම නැති කෑමක්.
    කෑවෙත් එක පාරයි....එකෙන්ම ඇති උනා.
    ඔය නිකං කඩවලින් බුරියානි කෑවහම ඉතින් එපාම වෙනවා තමයි. මටත් එහෙමයි. නමුත් සුප්රියට හදපු බුරියානි එකක් කාල බලන්න. මෙහෙත් තියෙනවා ගෙදරටම ගෙනත් දෙන සුපිරියට හදපු බුරියානි සර්විස් එකක්. ඒ වගේ හොඳ පිරිසිදුවට රසට හදපු බුරියානි එකක් කාල බලන්න. ගෙදර හදව ගත්තොත් කොහොමත් රසට තියේවි. සමහර මුස්ලිම් හෝටල්වල එහෙම තියෙන බුරියානි ධා නම් හැරිලවත් බලන්න එපා.

    මල්කිගේ බුරියානි රෙසිපිය හාමිනේට පෙන්නලා බලන්න ඕන.


    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    20 Feb 2017 06:25 AM
    ස්තුති මලකි අක්කේ මුරියානි එකට නම්
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    20 Feb 2017 06:27 AM
    Posted By maduranga001 on 19 Feb 2017 07:13 PM මල්කිගේ බුරියානි රෙසිපිය හාමිනේට පෙන්නලා බලන්න ඕන


    ඇයි හාමිනේම ට්‍රයි කරලා බලන්න හදලා
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    20 Feb 2017 10:03 AM
    කාලා බලමු එහෙනම් බුරියානි එකක්
    ස්තුති
    0
    You are not authorized to post a reply.