You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2017 12:16 AM by  සඳුනි
හිරුයි තරුයි
 200 Replies
Sort:
Page 3 of 11 << < 12345 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jan 2017 02:27 AM
  •  Quote
  •  Reply
එකවැර තුනක්ම නටවන්න යන්නේ මේකිනං අම්මපා................
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Jan 2017 08:54 AM
  •  Quote
  •  Reply
හී කාටදැයි බනින්නේ. හි හි
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jan 2017 02:03 AM
  •  Quote
  •  Reply
ඔකෙ ඉන්න ඔය උඩැක්කියට තමා
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Jan 2017 01:16 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Jan 2017 01:22 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

නමවන කොටස.

       ඔහු සිනා සෙමින් කියද්දී මම පුදුමයෙන් මුහුණ පුරවාගෙන ඔහුගේ මේසය ඉදිරිපිට වූ අසුනේ 

වාඩී වුනෙමි. දැන් එතකොට මම පරක්කු වුණ හේතුව අහන්න නෙමෙයිද සර් අඩ ගැහුවේ .

‘‘දැන් මම මිස් සදනීගෙන් ඇහුවද ඇයි ලේට් වුණේ කියලා.‘‘ කරමින් සිටි සියළු කාර්ය නවතා දැමු 

අනුහස් සර් මගේ දිහාම බලන් හිටියේය.

‘‘ඒත් ... මේ.. සර් මම  අද පරක්කු වුණානේ.‘‘

‘‘පරක්කූ වෙන එකනම් නරක පුරුද්දක් තමා. ඒත් මම ඔයාව හෙව්වේ වෙන වැඩකට‘‘ ඔහු කිව්වේ

 මා දෙසට තරමක් නැඹුරු වුවේය.

    අද නම් අනුහස් සර් හරි අමුතුයි.  පොර මොකටද එන්න යන්නේ. මුණේ තියෙන මනමාල පෙනුම.

 වයස අවුරුදු විසි හයකට ,විසි පහකට කිට්ටු වු පෙනුමත් සමග ඔහුගේ ඉරියව් මගේ සිතට එතරම්

 ඇගල්ලුවේ නැත.

‘‘මිස් සදනී.. මොනවද කල්පනා කරන්නේ.‘‘ පිටුපසින් ඇසුණු කටහඩත් සමග තිගැස්සී ගිය මම එක 

වරම අසුනින් නැගිට සිටියෙමි. ඔහු මගේ පිටු පසින් හිටගෙන ඉදිද්දී, මට අමුත්තක් දැනෙන්න විය 

‘‘මොකුත් නැ සර්.‘‘

‘‘මොකද ඔයා හොදටම කළබලවෙලා . වාඩී වෙන්න ළමයෝ. මම රකුසෙක් වගේද පේන්නේ. ‘‘ 

ඔහුගේ වදන් තවත් සන්සුන් වී තිබුනී.

‘‘සර් මො..කද්ද කියන්න තියෙනවා.. කිව්ව.විශේෂකාරණය‘‘යාන්තම් වචන කීපයක් අමුණ ගත්තු

  මම හිමින් සීරූවේ නැවතත් අසුනේ වාඩී වුවෙමී.

   ලොකු හුස්මක් පිට කරමින් වීදුරු වලින් ආවරණය කර තිබූ ජනෙල් කළුලවක් අසට ගිය ඔහු 

කවුළුවෙන් පිටත බලා ගත්තේය. ඒ බැල්මෙන් හිතේ මහ දුක් කන්දරාවක් ඇති බව මට වැටහුනෙමී.

‘‘කියන්න නම් හුගක් තියෙනවා මිස්  සදනී.‘‘

‘‘කිය..න්න.. ස..ර්‘‘ මගේ තිබෙන තිගැස්ම තව තවත් වැඩි වෙද්දී වචන පිට නොවීය.

‘‘මෙහෙම කියන්න බෑ මිස් සදනී. ඔයාගේ අකමැත්තක් නැතිනම් අපි පිටදී හම්බෙමුද? ‘‘අනුහස් සර් 

නැවතත් මගේ දෙසට හැරුණේ අනේ එන්න.. කියන්න වගේ ආයාචනාත්මක බැල්මකුත් සමගයි.

‘‘මා...ව.. පිට..දී.‘‘ මට කෙළ ගිය ගැනීමටත් අපහසු බවක් දැනුනී. නමුත් මගේ බිය ගත් ස්රූපය ඔහුගේ 

මුහුණු රැදෙව්වේ සිණහවකි.

‘‘මොකද ඔය හැටි බය වෙලා ළමයෝ. මම නරක කෙනෙක් නෙමේ මම ඔයාගෙම අයියා කියලා හිතන්න.‘‘

‘‘ඒත් සර්.‘‘

‘‘හරි ඔයා අකමැතිනම් අවුලක් නෑ මිස් සදනී .මම ඔයාව බය කළානම්  වෙරී සොරී.‘‘

‘‘නෑ නෑ සර් ..මම එන්..නම්. ඒත් නි..වාඩු දවස..ක නම් එන්..න බැරි‘‘

 වෙයි.‘‘ මෙතරම් ඕනෑ කමින් කියන්නට යන දේ දැන ගැනීමට මට ලොකු අවශ්‍යතාවක් දැනුන නිසා මම

 කැමැත්ත ප්‍රකාශ කලෙමී.

‘‘නීවාඩු දාට එන්න ඕනේ නෑ ලන්ච් එකකදී යමු. ‘‘ ඔහු නැවතත් ඔහුගේ පුටුවට පැමිණියේ මහ බරක් නිදහස්

 වුණා මෙන් සතුටින් වූවාය.

‘‘මිස් සදනී එහෙනම් මිස් සයුමිගෙන් අහගෙන වැඩටික කරන් යන්න. මොකක් හරි ගැටළුවක් ආවොත් 

මෙතනට එන්න. මෙතරම් වෙලා මුහුණේ තිබුණු සුහදසීලී බව පහව නැවතත් දැඩි බවක් ඒ වචන වල පවා

 ගැබ් වී තිබුනී.

    මොකුත් නොපවසාම මම ඔහුගේ නවීන කාර්යාල කාමරයෙන් එළියට පැමිණියෙමී. මොකාටද එන්න 

හදන්නේ. නරක කෙනෙක් වෙන්නත් බෑ මොකක් වුනත් ලොකු දුකක ඉන්නේ. අනේ මන්දා මම මේ 

කරන්න යන වැඩේ හරිද වැරදිද මන්දා . ඇවිල්ලත් තාම සතියයි . මට මොනවද ඔය හැටි කියන්න තියෙන්නේ.

‘‘ඒ මිස් සදනී . ඔය කොහෙද යන්නේ.‘‘

‘‘අහ් මේ.. මම වෙන කල්පනාවක ආවේ.‘‘ මම මට අදාල මේසයද පසු කර යන විට චාරුකගේ හඩින්

 නැවතිණි. දැන් වටේ සිටි සියල්ලනගේම දෑස් මා වෙත යොමු වි ඇත.

‘‘සදා මොකෝ බං අපේ බොසා කියන්නේ.‘‘

‘‘මම හදපු රිපොට් එකක වරදක්ලු බං. පරක්කු වුණා කියලා හොදටම බැන්නා.‘‘ ඔවුන් සමග ඇත්ත කීමට

 හිත නොදුන් නිසාම මම බොරුවක් කියමින් මගේ අසුනේ වාඩී වුණේමී. ඇත්ත කියන්න ගියොත් මේ 

සේරමලා මං ගැන වැරදියට හිතයි. ඇවිල්ලත් වැඩි කාලයක් නෑ. සර් හම්බෙන්න එළියට යනවා 

කිව්වැහැකිද?.

‘‘ඒ මොනවද බං කල්පනා කරන්නේ . මේ.. සර්කාරයා මනමාළ පාට් එකක් වත් දැම්මද? ඔහුගේ අසුනින් 

නැගිට මා අසලට පැමිණි චාරුක පහත් හඩින් විමසුවේය. ගැස්සී තිබු මගේ සිත තුළ තව තවත් බිය වැඩි විය.

‘‘අනේ මේ ගෑණු වගේ ඕපදූප හොයන්නේ නැතුව ඉදහන්.  අනික අපේ සර් කුකුළෙක් නෙමේ. මම දැන් 

වැඩට ඇවිත් කොච්චර කල්ද? ‘‘ සයුමී කිව්වේ කාර්යාලයේ කටකාරයා වු චාරුක දෙස රවා බලමිනී.

 කොහොමත් චාරුක අනුහස් සර් සමග කුමක් හො අමණාපයක් ඇතැයි මට පැමිණි  දවසේ සිට වැටහි 

තිබුණි.

‘‘අනේ උබ දන්න බම්බුව. පලයං යන්න .මම නොදන්න එයාගේ කැරැට්ටුව.‘‘ සයුමිට අත දික්කරමින් දොස්

 නැගූ චාරුක කෙළින්ම කාර්යාලයෙන් ආපණශාලාව පැත්තට ඇදුනේය. දෙයියනේ මම වැරදී තීරණයක්ද 

ගත්තේ අනුහස් සර් නරක කෙනෙක්ද?

‘‘ ඇයි බං බය වෙලා වගේ.‘‘

‘‘ඇත්තටම අනුහස් සර් කොහොම කෙනෙක්ද? මම ඇස් දෙක විසල් කරගෙන සයුමිගෙන් විමසුවෙමී.

‘‘අපෝ බං ඔය චාරුක කියන ඒවා ගණන් ගන්න එපා. අපේ සර් හොද මනුස්සකම් දන්න මනුස්සයෙක්.

 ඌ කිව්වට, සර් වල් නෑ . මැරි කරලා මාස හයක චූටී පුතෙකුත් ඉන්නවා හරිම හුරතල් බබා.‘‘ සයුමිගේ 

ඇස් වල කුඩා දරුවා ගැන වු ආදර හැගීම ගැබ්ව තිබුණි . මම නිහඩවම  ඇගේ මුහුණේ ඉරියව් පරික්ෂා 

කරමින් කතාවට සවන් දුන්නේමි. ඇය පැවසූ අයුරින් නම් අනුහස් සර් යනු ඉතා හොද සංවේදී 

පුද්ගලයෙකී. මම ඒ කතාවත් සමග මම ගත් තීරණය අමාරුවෙන් සාධාරණීකරණය කර ගත්තෙමී.

     වෙනදා වගේ කරුවල වැටෙන්න ළංවෙද්දී මම සුපුරුදු පරිදී බස් නැවතිම ළගින් බැස ගත්තෙමී.

 උදේ හවස මම රැකියාවට යන අවස්ථාවල බස් රථ පිරී වුන් සෙනග නිසාම  මට දැන් බස් වල යාමද 

එපා වී ඇත. එහෙට මෙහෙට තෙරපී දැනුන මහන්සිය නිසාම මම හෙමින් ගුරු පාර දිගේ ඉදිරියට ඇදුනෙමී.

     කෝ අද ගගන නෑ වගේ .වෙනදා නම් මේ වෙලාවට මෙතෙන්ට එනවනේ මාව ගෙදර ඇරලන්න. මට 

දැනුනේ ලොකු තනිකමකී. මාර්ගයේ ඉදිරි පිට ගොම්මන් අදුර පෙනෙද්දී මට තනියෙම යාමට බයක්ද 

දැනෙන්න විය. මම කාර්යාලයේ සිටම සිතා වුන්නේ  අද සිදු වූ දෙය ගගනට කියන්නේ කොයි මොහොතේද 

යනුවෙනී. මට තේරෙන්නේ නෑ මම තනි වෙලා. කමක් නෑ සයුමී කිව්වනේ සර් හොදයි කියලා. මම

 ගිහින් සර් කියන්න යනදේ අහන් එනවා. මම අවසාවයේ තරයේ සිතා ගත්තෙමී.

‘‘ දු කෝ ගගන පුතා‘‘ අම්මා ඇසුවේ පුදුමයෙන් වට පිට බලමින් විය.

‘‘අද ගගන ආවේ නෑනේ අම්මේ. ඇයි දන්නේ නෑ.‘‘

‘‘අද මම ස්කොලේ ඇරිලා එද්දී මගේ පස්සෙන් දුවන් ඇවිත් කිව්වා . රිසාල්ට් ඇවිත් ඔයාට බලන්න 

කියන්න කියලා.‘‘

‘‘රිසාල්ට් ඇවිද්ද?.  මම මහසිය නිසාම වාඩී වුණ පුටුවෙන් ඉබේටම නැගිටුනේ අම්මා දුන් ආරංචියත් 

සමගිනී.

‘‘ඔව්. ඒත් මම ඇහුවා . ඇයි කෝල් එකක් දීලා කියන්නේ නැත්තේ කියලා. පොන් එක වැඩ නෑලු.‘‘

‘‘අයියෝ ෂිට්.‘‘ ‘‘ ඇයි.‘‘. මම කනස්සල්ලෙන නළලේ අත ගසා ගන්දී අම්මා මාදෙස බලා විමසන්න විය.

‘‘මම අද උදේ පරක්කු වුණ නිසා පොන් එක අමතක වෙලා ගෙදර දාලා ගිහින්නේ.‘‘

‘‘ ආ .. ඒක වෙන්නැති.‘‘

‘‘අයියෝ අම්මේ ගගන මාත් එක්ක තරහා වෙලා ඇති. මම කිව්වේ නොසන්සුන්ව ගේ ඇතුළට දුවගෙන

 ගමින්ය. දුරකථනයේ එක දිගටම කෙටි පණිවිඩ සහ මගහැරුණු ඇමතුම් ගණනාවකී. දෙවියනේ ගගන.

මම සියල්ලටම පෙර ගගනට ඇමතුමක් ගත්තෙමී.

‘‘ ෂිට් ආන්සර් කරන්නේ නෑනේ අම්මා.‘‘ මම දුරකථකය හදිස්සියෙන් හසුරුවමින් මා අසලට පැමිණ 

වුන් අම්මාට පැවසුවෙමි. මම කෙටි පණිවිඩ බැලුවෙමී.

‘‘සදා ඔයාට මගේ කොල් එකක් වත් ආන්සර් කරන්න දැන් වෙලාවක් නෑ නේද? අඩුම ගානේ බිසි කියලා

 මැසේජ් එකක් දාන්න වත් බැරිද? හරි සදා ඔයා සතුටින් නම් එච්චරයි. ඔයාට මම දැන් වදයක්නේ . මම

 ආයි ඔයාට වදයක් වෙන්නේ නෑ සදා. ඒත් හැමදාමත් මගේ හිතේ ඔයා ඉදීවී. කමක් නෑ මේ බැදීම මට 

වටිනවා වුණාට ඔයාට වටින්නේ නැතුව ඇති . බුදු සරණයි. මම නවතින්නම්.‘‘ ඒ ගගනගේ අවසන් 

කෙටි පණිවිඩයයි. මගේ ඇස්වලට කදුළු නැගෙද්දී, මම අග සිට මුලට කෙටි පණිවිඩ කියවාගෙන ගියෙමී.

   මගේ විභාග අංකය ඔහුට කට පාඩම්ය. මටත් ඔහුගේ විභාග අංකය කට පාඩම්ය. ඒ නිසාම ඔහු මගේ 

ප්‍රතිඵලද බලා මට එවා සුභ පතා තිබුනී. ‘‘ඔයාටත් කැම්පස් යන්න පුළුවන් වෙයි කෙල්ලේ.‘‘ ඒ සාමාර්ථයත්

 බී සාමාර්ථ දෙකටත් පසු සටහන් කර තිබී ඒ වැකිය හදවතට තදින්ම දැනුනී.  හදේ දැනුන වේදනාවත් 

සමග මගේ උගුරේ දැවිල්ල ගතියක් දැනෙන්න විය. මට තවත් කදුළු සිරකරගෙන සිටීමට නොහැකි විය.

‘‘ඇයි දූ අඩන්නේ.‘‘

‘‘අ..නේ අම්..මේ ගග..න හොදට..ම තරහා වෙ..ලා. .‘‘ මම කදුළු පිරුණු මුහුණ අම්මාගේ උරතළයේ 

හොවා ගත්තෙමි.

‘‘ නාඩා ඉන්න දු . ගගන පුතා යාළු වෙයි.  ඉස්සර ඉදන්න ඔය දෙන්න එකටමනේ හිටියේ . හරියට 

සහොදරයෝ වගේ. ඔයා ජොබ් එකට යන්න ගත්තම ඒ ළමයට පාළු ඇති. ඉතින්. ඒ..‘‘

‘‘ඔ..ව් අම්...මේ ග..ගන ප..ව්. මම තව තවත් අම්මාගේ ළගට තුරුළු වෙමින් පොඩි දරුවෙකු මෙන් 

හඩන්නට වුනෙමී. ඇය මගේ හිස අත ගාමින් සනසන්නට උත්සහ ගත්තාය. මගේ ගගනගේත් ප්‍රතිඵල 

දැන ගත් පසු මට අම්මා සනසන්නට සිදු විය. මගේ නළල එක දිගටම සිපගෙන සිපගෙන ගිය ඇය,

 දහසක් සිතේ වු සිතුවිලි ක්‍රියාවෙන් ඉස්මතු කළාය.

‘‘ම...ගේ කෙල්ල මගේ හීනේ හැ...බෑ කලා එහෙනම්. ඔයා ර..ස්සා කර..න්න ඕ..නේ නෑ රත්තරං. මම 

සේ..රම වියදම් බලා ග..න්නම් කැම්පස් යන්න පුළුවන් වෙයි.‘‘ ඇගේ ආදරණිය පැතුම හමුවේ මම 

නිහඩවම තව තවත් ඇයට තුරුළු වී උණුසුම විද ගත්තෙමී.

     කීපවරක්ම ගගනට ගත්තක් ඔහු සම්බන්ධ කර ගැණිමට නොහැකී විය. මම සමාව ඉල්ලා පණිවඩ

 රැසක්ම යැව්වෙමී.

‘‘අනේ ගගන මට ඔයා නැතුව මොකුත්ම කර ගන්න බෑ. මම බොරු කියන්නේ කියලා හිතෙනවා නම් 

අම්මාගෙන් අහන්න. මම අද පොන් එක ගෙදර දාලා ගිහින්. අනේ සොරි ගගන. අනේ මට තවත් 

රිද්දන්න එපා ප්ලිස්.‘‘ මම අවසන් වශයෙන් එසේ සටහන් කලෙමී.

    අම්මා එහෙ මෙහෙ වන තුරු බලා වුන් මම දිනිදු එවා තිබූ කෙටි පණිවිඩ ටික නොබලාම මකා 

දැමුවෙමි. ගගනට  ඔය තරම් දුක හිතෙන්න හේතුව මෙන්න මු තමා.  මම  ඔහුගේ අංකයද මකා දමා 

සියලු අංක අවහිර කර දැමුවෙමී. හෙටම අළුත් සිම් පතක් ගැනිමටද මම තීරණය කළෙමී.

    පසු දින උදෙන්ම මම ගුරු පාරට පිය නගද්දී ගගන මා ඉදිරියට පැමිණියේ ලස්සන සිනහවක්ද මුව

 දවටා ගෙනය.  කේන්තිකාරයා මාව අඩවලා දැන් හිනා වෙනවා.

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jan 2017 10:17 PM
  •  Quote
  •  Reply
සුපිරියි
කථාව කියවනව ඉතින් ලියන අය අපිත් එක්ක තරහ උනත්
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Jan 2017 11:38 AM
  •  Quote
  •  Reply
මම තරහිය තමා කවුද දන්නේ නෑ අපිව අතෑරියේ මුලින්ම. දැන් මාව මතකවත් නෑනේ නේද? හී
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Jan 2017 01:23 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Jan 2017 01:27 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

දසවන කොටස.

 ‘‘සදා ගුඩ් මොර්නිං.‘‘ මගේ පියවර සමගම පියවර තැබු ඔහු පවසන්නට වුයේය. මම පොඩ්ඩක් ආඩම්බර

 වීමට සිතුවෙමී.

‘‘ සදා තරහා වෙලාද?‘‘ ගගන එවර මගේ වැලමිට ළගින් අල්ලා ඔහුගේ පැත්තට හරවා ගත්තේය. මුහුණේ 

නැගුණ සිනහව වළකා ගැනීමට මට නොහැකී විය.

‘‘හොර කෙල්ල.. හොරෙන් හිනා වෙනවා නේද?.‘‘

‘‘ගගන සොරි..‘‘ මම ඔහුගෙන් සමාව අයදිමින් ඉදිරියට පා නැගුවෙමි.‘‘

‘‘මමනේ සොරි කියන්න ඕනේ. ඇත්ත දන්නේ නැතුව ඔයා එක්ක තරහා වුණා. වෙරි සොරි සදා.‘‘

 ඔහුගේ මුහුණින් සිනහව අතුරුදහන් වී තිබුණි.

‘‘දැන් ඔය කතාව ඇති ගගන.  අපි වෙනවා හරි කතා කරමු.‘‘ මම සුසුමක් හෙළමින් එලෙස පැවසුවෙමී.

අපි නොයෙකුත් දේ කතා කරමින් බස් නැවතුම වෙත පැමිණියෙමු. වෙනදා තිබු සුහද බව නැවතත්

 අපි අතර ගොඩනැගී තිබුණී.

    නිසල්මනේ දවස් කීපයක් ගෙවී ගියහ. ගගනත් මමත් පෙරටත් වඩා ළංවී තිබුණී . උදේ හවා මා 

බැලීමට පැමීණී ඔහු මා ගැන නිතර වෙනදටත් වඩා සොයා බැලුවේය. සිතා ගත් අයුරින්ම මම අළුත් 

සිම් පතක්ද ගත්තෙමී. මම සිම්පත මාරු කරන්නේ ඔහු දුක් වන නිසා බව තේරුම් ගත් ඔහු මාරු නොකරන 

ලෙස මගෙන් ඉලුවේය. අළුත් අංකයකින් හෝ දිනිදු මා සම්බන්ධ කර ගන්න උත්සහ ගනීවී කියා දැනුන

 නිසා මම ඊට අකමැති විය.

   මගේ විභාග ප්‍රතිථල සමග අනුහස් සර් තව තවත් සතුටු විය. ඉදිරි ඉගෙන ගැනීම් කටයුතු සදහා සහය 

වන්නටද ඔහු පොරොන්දු විය. පිටදී හමුවී යමක් පැවසීමට ඇති බව කිව්වත් ඔහු ඒ සදහා දිනයක් යොදා

 ගත්තේ නැත. ඕක කියන්නම ඕනේ නම් කියන්නේ නැතෑ. මම තනිවම සිතුවෙමී. අනුහස් සර් කාර්යාලයේ

 අනෙක් සේවකයින් ඉදිරි පිටදී තද ප්‍රතිපත්ති සහත දැඩි පුද්දලයෙකි. නමුත් ඔහු මා ඉදිරිපිට වඩා සුහදසිලී

 විය. වැඩිකල් නොගොස්ම ඔහුගේ බිරිදත් කුඩා දරුවත් පිළිබද මා සමග පැවසුවේය. මගේ පුද්ගලික 

තොරතුරුද විමසා බැලු ඔහු, තාත්තා ගැන දැන ගත් විට බොහෝ සෙයින් කණගාටි විය. දිනක බිරිද සමග 

අපේ නිවසට පැමිණිමට පවා ඔහු පොරොන්දු විය. නිතරම රාජකාරි කටයුතුවලදී ඔහු සමග සිටීමට සිදුවන

 නිසා මගේ හිතේ තිබු චකිතය මගහැරී දැන් ඔහු මිතුරෙකු ලෙස හැගෙන්නට වී තිබුණි.

    අවිවේකී දින ගණනාවකට පසු විවේකී ඉරිදා දිනයක් උදා විය. අම්මා අවධි වන්නටත් මත්තෙන් අවදී වු

 මම නිල් පැහැ බෝඩරය සහිත සුදු සාරිය ගෙන හැදගත්තෙමී. තද මිහිදුම් ගතියක් නොතිබුණ පරිසරය පුරා

 ළා හිරු කිරණ සමග සෟම්‍ය බවක් ගැබ්ව තිබුණි. මම දහම්පාසලේ ඉගැන්වීම් කටයතු සදහා අවශ්‍ය වන 

පොත් කීපයකුත් පපුවට තුරුළු කරගෙන මුළුතැන් ගෙට ගියෙමී.

‘‘දු ඔයා උදෙන්ම ලැස්ති වුණාද?‘‘

‘‘ඔව් අම්මේ.‘‘ මම මද සිනහවක් මුහුණේ රදවාගෙන සීරුවෙන් කුස්සියේ වු ලී පුටුව මත හිද ගත්තේ සුදු

 සාරියේ කුණු ගැවෙයි කියා සිතුණ නිසාවෙනී.

‘‘ලොකු හාමුදුරුවොත්  බලන් ඉන්නේ දු පංසලට එනකන්. ලොකු හාමුදුරුවන්ටත් හරි සතුටුයි

 ඔයාගෙයි ගගන ළමයගෙයි රිසාල්ට් ඇහුවම.‘‘ ඒ වදන් සමග අඩම්බර හැකිමක් මට දැනෙන්න විය

. එය අන්අය පහත් කර සිතීමේ ආඩම්බරයක් නොවෙයි. අපගේ කැපවීම මත ලැබූ ජයග්‍රහනයේ සතුට 

වෙනුවෙන් සිත තුළ මෝදු වූ අහිංසක සතුටකී.

‘‘ගගන පුතයි ඔයයි හොදටම විභාගේ පාස් වෙයි කියලා කොහොමත් ලොකු හාමුදුරුවෝ ලොකු

 විශ්වාසෙකින් හිටියේ.‘‘ උදේ ආහාරය පිළියෙල කරමින් සිටි ඇය මා දෙස බලමින් සතුටින් පැවසුවා.

‘‘සදනී... සදනී.‘‘

‘‘අම්මේ ගගන ඇවිත් මම යන්නද?‘‘ හනික් පුටුවෙන් නැගිට  පොත් කීපය ලයට තුරුළු කරගෙන 

මම විමසුවෙමි.

‘‘කෑවෙත් නෑනේ දූ. ගගන පුතාටත් අඩ ගහන්න. අපි කාලා එහෙම යමු වෙලා තියෙනේ තව. ‘‘

‘‘සදනී යමුද? ලොකු හාමුදුරුවෝ අද අපි දෙන්නට උදෙන්ම එන්න කිව්වා.‘‘ ගගන නිවස ඉදිරි පිට

 සිට කියන්නට වුවේය.

‘‘මම කියන්නද අම්මා කෑම එකක් අරන් එන්න. අපි යන්නම්.‘‘ මම අම්මාගේ දෙපා නමදිමින් කීවෙමි. 

රෑ ඇදුමට උඩින් හැද සිටි චීත්තයේ කොණක දෑත පිස දමා ගත් ඇය‘‘ පරිස්සමින් යන්න එහෙනම් මම 

එන්නම්‘‘ යැයි පවසා සිටියාය.

‘‘පරිස්සමින් ළමයෝ ඔය සාරි පටලන් දුවන්නේ වැටෙයි.‘‘ මම ආලින්ද හරහා ඉදිරිපසට දුවන් යන 

අයුරු බලා වුන් අම්මා සෙනෙහසින් පැවසුවේය.

    මගේ දගකාර කම් වලට ඇය දොස් නැගුවත්, ඒ දේවල් දැක සිත යටින් ඇය සතුටු වන බව මම 

දනිමී. ඒ නිසාම මම ඇය ඉදිරිපිට ඕනිවටත් වඩා දගකාරවිමි.

‘‘වැටෙයි කෙල්ලේ.‘‘ පාපිස්සේ පය පැටලී වැටෙන්ග ගිය මා ඔහුගේ අත් දෙකට වාරු කර ගනිමින්

 ගගන කීවේය. මොහොතකට ඔහුගේත් මගේ දෑස් එක තැන නැවතුණී. වැටෙන්නට ගිය ඉරියව්වෙන්ම

 මම ගගනගේ සවිමත් බාහුවේ එල්ලී සිටිමි. ඔහුගේ කතා කරන දිලිසෙන ඇස් වල වු බැල්ම මට සිටිනා

 තැන අමතක වන්නට තරම් ප්‍රබල විය. මට නොතේරෙන අමුතුම හැගීමක් සමග  මට හුස්ම ගැනීම පවා

 අමතක වී තිබුණි.

‘‘මොකද දු වැටුණද?‘‘ නිවස තුළින් ළග ළගම අම්මාගේ කට හඩ ඇසෙන විට‘‘අම්මා එනවා කෙල්ලේ.‘‘ 

යැයි පැවසු  ගගණ මට ඇසක් ඉගිමරා සිනාසුනේය.  විදුලියක් මෙන් ඔහුගේ දෙනෙතින් මිදුණු මම 

රූකඩයක් මෙන් සිට ගත්තෙමී.

‘‘වැටුණද?.‘‘

‘‘නෑ නෑ සෙව්න්දී ටීචර්. හැබැයි වැටෙන්න ගියා. ‘‘ ගගනත් මාත් අම්මා ඉදිරිපිට සිටගෙන වුන්නේ

 විදුහල්පති තුමා ඉදිරිපිට වරදක් කර සිටගෙන ඉන්න සිසුන් දෙදෙනෙකු මෙනී.

‘‘මේ ළමයගේ දාංගලේ. අතක් පයක් කඩා ගත්තම් තේරෙයි.‘‘ මට දොස් නැගු අම්මා නැවත ගෙතුළට 

යන්නට හැරුණාය.‘‘

   අපි දෙදෙනා අතර ඇති වුණේ දැඩි නිහඩ බවකී. සුදු සරමක් සහ සුදු කමිසයක් හැද සිටි ගගන දෙස මම 

හොරැහින් බැලුවෙමී. ඔහුගේ පෙනුමෙන්ම හැගෙන්නේ කඩවසම්, තැම්පත් වැදගත් බවකී. කෙසේ නමුත් 

ඔහුගේ ඇවතුම් පැවතුම හැබැවටම එසේම විය. මම සැමදා ඔහුගේ ස්භාවයට ආසා කළෙමි. අද මට

 වෙනදටත් වඩා ඔහු ගැන අමුතු කැමත්තක් සිතට දැනෙන්න වි තිබුණි. එනිසාම මම ඔහුගේ ඉරියව් සියල්ල 

බලන්නට වුයේ රහසිනී. පන්සල් පාර දෙපස වූ මාන ගස් වලින් මල් කඩා ගත් ඔහු එහි රේණු සූරා 

සුළගේ පා කර හැරියේය. ඒ අතර තුර ඔහු මා දෙස හොරහින් බලන අයුරු මම දුටුවෙමී. ඒ අවස්තා වල 

මම ඉක්මනින් බිම බලා ගත්තෙමි. ඔහු තවත් මාන මලක් කඩාලනිමින් එකවරම මා දෙස බැලුවේය. එවර

 මට ඔහු මගහැර ගන්නට නොහැකි විය.

‘‘සදා ... මොනවද මගේ ඔය තරම් බලන්නේ.‘‘

‘‘කවුද ඔයා දිහා බැළුවේ.‘‘ බොරු අමනාපයක් සමග සිහයවක් මවා ගත් මම  ඉදිරිය බලාගෙන ගමන් 

කරන්නට වුයෙමී.

‘‘කපටි කෙල්ල. මම දැක්කා මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා.‘‘ මළකෙලියයි. මම හිතුවේ දැක්කේ 

නෑ කියලනේ .මු හොරා වගේ සේරම බලන් ඉදලා.

‘‘මොකද කටර් එක වැහිලද?. අද වචන නැද්ද?.‘‘ ඔහු ඇසුවේ අතේ තිබු මාන මල මගේ මුහුණේ දවටමිනී.

‘‘අයියෝ එපා ගගන. කහන්න ගනී.‘‘ මම ඔහුගේ අත අල්ලා ඉවතට තල්ලු කලෙමි.

‘‘සදා...‘‘ මගේ දෑතම තදින් අල්ලා ගත් ඔහු මගේ දෑසට එබුනේය. පෙනෙන හරියක කිසිවෙක් නොමැති

 නිසාත් ඔහුගේ බැල්මෙන් මිදෙන්න ඉඩක් නොතිබුණ නිසාත් මම ඔහු දෙසම බලා හුන්නෙමී. අපගේ 

ගමන දැන් මග නැවතී ඇත. පන්සලට ඇත්තේ තව සුළු දුරකී.

‘‘සදා මට දෙයක් කියන්න තියෙනවා. මගේ නිහඩ බව මැද ඔහු නැවතත් හඩ අවදී කලේය. දැන් ඔහුසේ 

දෑස් තව තවත් දිදුලයි.

‘‘අහන්න ඕනේ නැද්ද ඒ මොකද්ද කියලා.‘‘

‘‘මොකද්ද ගගන.‘‘

‘‘ඔයාට හිතා ගන්න බැරිද?‘‘ මම ඔහුගේ දෑසින් දෑස් ඉවතට ගත්තෙමී.

‘‘කෝ මොහෙ බලන්න කෙල්ලේ. මගේ ඇස් දිහා බලන්න.‘‘  මගේ හදවතට සිවුම් වේදනාවක් දැනෙන්න

 විය. හද ගැස්ම් පිටතට ඇසෙන තරම් වේගවත් වෙද්දී මට ඔහුගේ ඉල්ලීම අතහරින්න නොහැකී විය .

 මම ඔහු දෙස බැලුවෙමී.

    මට ඔයා කියන දේ තේරෙනවා ගගන. ඒත් මට ඒකට දැන්ම උත්තරයක් දෙන්න බෑ. මම තාම ඒකට 

සුදානම් නෑ. ඒ මම ඔයාට ආදරේ නැති නිසා නෙමෙයි. ඒ මගේ හිත තව සුදානම් නෑ ඔයා කියන දේ 

පිළියන්න. මගේ සිත යට එවැනී සිතුවිලි දාමයක් ඇදුනත් මම වචනයක් වත් කතා නොකලෙමී.

‘‘කියන්නකෝ .. ඔයාට තේරෙනවා නේද. මගේ ඇස් දෙකෙන් පේනවා නේද?.‘‘

‘‘මො..නව..ද? මම අපහසුවෙන් මිමුණුවෙමි. ගගනගේ දෙනෙත් එක වරම අදුරු වි ගියේ, මා බලා 

සිටියදීමය. ලොකු සුසුමක් හෙලු ඔහු මගේ දෑත් අත හැර ඉවත බලා ගත්තේය.

‘‘ ඔයා දන්නවා සදා මම කියන්නේ මොනවද කියලා. මට ඔයාගේ ඇස් දෙකෙනුත් ඒ දේ පේනවා. ඒත් 

ඔයා ඇයි පිළිගන්න අකමැති.‘‘

‘‘අපිට තව කල් තියෙයි ගගන.‘‘ තවත් ගගන අපහසුතාවයට පත් නොකර ඒ ගැන කෙලින් කතා කරන්නට 

සිතු මම සුසුමක් හෙලුවෙමි .ඔහු අසලට ගොස් ඔහු මෙන්ම පාරෙන් පහල වූ මාන අකුළ දෙස නෙත් 

යොමාගෙන මම ඔහු අසලම සිට ගත්තෙමි.

‘‘හරි මම දන්නවා කල් තියෙන බව.ඔයාට ඕනි තරම් කල් දෙන්නම්. ඒත් ඇයි අපි දෙන්නට ළං වෙලා එකට 

මේ ගමන යන්න බැරි.‘‘

‘‘ඔයා දන්නවනේ අපේ අම්මා ආසයි මම ඉහළටම ඉගෙන ගන්නවා දකින්න. ඔයාලගේ අම්මත් ආසයි ඔයා 

ඩොක්ටර් කෙනෙක් වෙනවා දකින්න. ‘‘

‘‘ඉතින් හරි අපි ඒ දේවල් නවත් වන්නේ නෑනේ.‘‘ මගේ කතාවට බාධා කරමින් ඔහු පැවසුවේය.

‘‘ඒත් මම කියන්නේ අපි මේ හිටිය විදියට අපි තව ඉමු.‘‘

‘‘අපි දැන් පොඩි ළමයි නෙමෙයිනේ සදා.‘‘

‘‘ඒත් මෙහෙම දෙයක් අපේ අම්මා දැන ගත්තොත් අපේ යාළු කමත් නැතිවෙනවා.‘‘

‘‘ඔයාට කියලා දෙන්න මට තේරෙන්නේ නැ කෙල්ලේ. ඔයාගේ කැමැත්තක් .දැන් අපි යමු. ‘‘ ගගන 

පන්සල දෙසට ඉක්මන් පියවර තබමින් කිව්වේය.

උදෑසන නිවසින් පිට වන විට අප සිත් වල වූ සැනසීම දැන් නොවීය. මම පිළිනොගත්තත් මගේ සිතටද ලොකු 

වේදනාවක් එක් වී තිබුණි. දහම් පාසලේ උදේ රැස්වීමේදී අප දෙදෙනා ආදර්ශයට ගෙන හොදට ඉගෙන 

ගන්නා ලෙස ලොකු හාමුදුරුවන් අනෙක් දරු දැරියන්ට අනුසාසනා කළහ. අපි දෙදෙනාට වෙනමම කතා 

කළ උන්වහන්සේ සරසවි වරම් හිමි වේවායි ආසිර්වාද කළේය.


නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jan 2017 10:04 PM
  •  Quote
  •  Reply
අපිටත් ඔය නුවන පහල උනානං කල් තියා
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jan 2017 10:10 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 15 Jan 2017 11:38 AM
මම තරහිය තමා කවුද දන්නේ නෑ අපිව අතෑරියේ මුලින්ම. දැන් මාව මතකවත් නෑනේ නේද? හී

කට්ටියගේ ලොකු ලයින්නේ

චැට් කරන්න එපා අරය මෙයා මගෙ එකට ලොග් වෙනව කියපුවාම තව මොනව කියල අපි කියන්නද

ටිකක් කථා බහ කරල ඉන්නවට

ඒ ඉතින් මට තියෙන අකමැත්තනේ පෙන්නුවේ

කමක් නැහැ ඔහොමම දිගටම ඉන්න


0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Jan 2017 04:13 AM
  •  Quote
  •  Reply
ඒකද හේතුව.. හා හා මම නම් තරහා නෑ.
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jan 2017 09:50 PM
  •  Quote
  •  Reply
ඒ උනාට තරහයි වගේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Jan 2017 02:21 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Jan 2017 02:26 AM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

එකළොස්වන කොටස.

    මම රැකියාවට ගොස් නොදැනීම මාසයක් ගෙවී ගොස් ඇත්තෙමි. මගේ ජීවිතයේ මම ලැබු මුල්ම වැටුප 

මගේ ගිණුමට බැරව ඇති බව සදහන් පත්‍රිකාව  අනුහස් සර් මා අත තබද්දී මට දැනුනේ ඉපිලී යන සතුටකී.

‘‘ගොඩක් සතුටුයි වගේ මිස් සදනිට.‘‘ ඔහු පැවසුවේ සුව පහසු අසුනේ ඇද්දට හේතුවී මා දෙස බලාගෙනය.

‘‘ඔව් සර්. මට ගොඩක් සතුටුයි.‘‘ වේතන විස්තරය දෙස නෙත් යවා පරික්ෂා කරමින් මම කීවෙමී.

‘‘දැන්  මිස් සදනි මුල් සැලරි එකෙන් මොකද කරන්නේ.‘‘ මම සිනා සී ඔහු දෙස බැලුවා පමණකී.

‘‘ අකමැති නම් කියන්න ඕනේ නෑ.‘‘ ඔහු සිනා සෙමින් වීදුරු මේසට මත දෙඅත් තබා ඉදිරියට  නැඹුරු විය.

‘‘ අකමැත්තක් නෑ සර්. අම්මට වටින දෙයක් අරන් දෙන්න තමයි මගේ මුල්ම ආසාව. තව ගගනට ත් ගන්න

 ඕනේ.‘‘

‘‘කවුද ගගන කියනනේ... ‘‘ඔහු ඇසක් සිහන් කර කල්පනා කරමින් මගෙන් විමසුවේය.

‘‘ ඇයි සර් මම නිතරම කියන්නේ. මගේ මොන්ටී සොරී කාලේ ඉදන් යාළුවා. මගේ සහොදරයා වගේ

 කියලා.‘‘

‘‘ආ.... මිස් සදනිගේ හිනාවෙන් නම් පේන්නේ ඊට වඩා දුර ගිය බැදීමක් තියේ වගේ.‘‘

‘‘අනේ නෑ සර් . එයා මගේ හොදම යාළුවා.. එච්චරයි. ‘‘මම සිනහා වෙමින් පැවසුවෙමී.

‘‘ඕ... මට හංගන්න ඕනේ නෑ. ඔය වයෙසේ ගෑනු ළමෙක්ට බොයි ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියන එක 

වරදක් නෙමෙයි. අනික් ඔයා වගේ ලස්සන කෙනෙක්ට.‘ ‘ඔහු උර හිස් හකුළමින් සැහැල්ලුවෙන් පැවසුවේය.

‘‘අපෝ සර්. එහෙම සම්බන්ධයක් නෑ. ‘‘ ලැජ්ජාවේ රතු වුණ මුහුණ මම බිමට නැඹුරු කර ගත්තෙමි.‘‘

‘‘ඇත්තටම බොයි කෙනෙක් නැද්ද ඔයාට.‘‘

‘‘ඇත්තට නෑ සර්.‘‘

‘‘හ්හ්ම්. ‘‘ලොකු සුසුමක් හෙලු ඔහු  අසුනින් නැගිට වීදුරු කවුළුව අසලට ගියේය.

‘‘මිස් සදනී ඔයාට මතකද? මට දෙයක් කියන්න තියෙයි කිව්වා.‘‘

‘‘ඔව් සර් මතකයි. සර්ට අමතක වෙලා කියලා මම හිතුවේ.‘‘ මම ඔහු දෙස බලමින් කීවෙමී.

‘‘දැන් මිස් සදනී බය නෑ නේද මාව එළියෙදී මීට් වෙන්න.‘‘ මා දෙසට හැරුණු ඔහු මා දෙස කෙලින් බලා 

විමසුවේය.

‘‘මම එන්නම් සර්.‘‘

‘‘හොදයි අද ලන්ච් එකේදී කා පර්ක් එක ගාවට එන්න.‘‘

‘‘හරි සර්.‘‘ මම ඔහු කිව් දෙයට කැමති විය. කුමක් නමුත් වැදගත් දෙයක් කියන්නට යන බවනම් මට 

ඉවෙන් මෙන් දැනෙන්නට විය.

    දහවල් කෑම විවේකයේදී පොඩි වැඩකට එළියට යන බව පැවසු මම බෑගයද රැගෙන ගේට්ටු අවසර පතක්ද

 රැගෙන රථ ගාල දෙසට ගමන් කළෙමී. මට පැවසු අයුරින්ම මටත් කලින් ඔහු රථ ගාලට පැමිණ සිටියේය.

‘‘එන්න මිස් සදනී.‘‘ සුහදසීලී ආරාධනය මැද මම නිහඩවම ඔහු අසලට ගොස් හැර දුන් දොරෙන් ඔහුගේ

 නවීන කාර් රථයට නැගුනෙමී. මම මීට පෙර කාර් රථයක ගොස් නොතිබුණි. එනිසාම මට දැනුනේ අපහසු 

බවකී.

  අනෙක් පසින් කාර් එකට නැගුනු ඔහු මට ආසන පටි පැලැද ගන්නට කීවේය. ඒත් ඒ පිළිබද මට දැනුමක් 

නොවීය.

‘‘ඉන්න මම උදව් කරන්නම්.‘‘ යැයි පැවසු ඔහු මා සිටින පැත්තට නැඹුරු වී අසන පටිය ඇද ලොග් එක 

දැමුවේය.

  පැය කාලකට පමණ පසු අපි නතර වුණේ නිවසටත් වඩා උස ගේට්ටුවක් ඉදිරි පිටය. ගේට්ටු මුරකරු පැමිණ

 ඔහුට ආචාර කර ගේට්ටුව හරින විට ඔහු කර් එක නිවසක් ඉදිරිපිට නැවැත්වීය. එය නිවසද්ද , මන්දිරයක්ද 

සිතිය නොහැකිය.

‘‘මේ කොහෙද සර් මේ.‘‘ ඔහුගේ මුහුණේ තිබුණේ ලෙංගතු සිනහවකී.

‘‘බැහැලම බලන්නකෝ.‘‘ මම ආසන පටිය ගලවා ගන්නට උත්සහ දැරුවෙමී .එයින් සිදුවුනේ මම තව තවත් 

ආසනයට තද වීම පණකී.

‘‘ඔහොම ඉන්න මිස් සදනී.‘‘ ආසන පටිය නිදහස් කර, කාර් එකේ දොරද ඔහු හැර දුන්නේ මම ලක් වන 

අපහසුතාවය වටහා ගත් නිසා විය යුතුය. නමුත් මට දැනුන අපහසුතාවයේ අඩුවක් නොවීය. ලැජ්ජාව නිසාම 

මම ඔහු සමග කතා නොකෙලෙමි. තවත් ප්‍රශ්ණ නොකෙලෙමී.

       අලංකාර සුවිසල් නිවසකී. නවීන පන්නයේ නිවස සිත් ඇද  ගැනීමට සමත්ය. සුදු පාටින් සායම් කර තිබූ 

මුළු නිසම තැනින් තැන තිබී උළුහව් ,ජනෙල් , දොර පියන් වල තද දුඹුරු පැහැය ඒ සුදු පැහැය නසා වෙනස්ම

 ආලෝයක් නිවසට එක් කර තිබුනී. මේ සියලු නිමැවුම් ඉතා වටිනා ඒවා බව බැලු බැල්මටම කිව හැකිය.

තනි මහලට සදා තිබුණත් එහි කාමර සංඛ්‍යාව මට වටහා ගත නොහැකිය. ඒ තරමටම එය විශාල නිවසකී. 

දිරිපස දොර වසා දමා ඇත . තැනින් තැන ජනෙල් කවුළු කීපයක් නම් හැර තිබුණි. නිවස තුළ කිසිදු සද්දයක් 

බද්දයක් නොඇසෙයි. අනුහස් සර් අනුගමණය කරමින් මම වැරැනුඩාව යටට පැමිනියෙමී. දිලිසෙන සුදු මාබල්

 ඇල්ලු බිම පා තැබීමට ලෝභ සිතෙන තරම්ය. වැරැන්ඩාවේ වහලයද සිවිලි ආවරණ යොදා තිබිණි. මෙතරම් 

අංග සම්පුර්ණ නිවසක්, නෙත පෙනෙන මානයක වත් අසම්පූර්ණ යමක් දකින්නට නැත. මිදුළ වුව හොදින් 

පවත්වාගෙන යන්නකී. වල්පැලෑටියක් වත් දකින්නට නැත.

‘‘එන්න යමු ඇතුළට‘‘ මා දෙස ආපසු හැරී බැලු අනුහස් සර් පැවසුවේය. මේ ගෙදර කවුරුත් නැද්ද?. දොරත්

 වහලා. මගේ හිතට ලොකු බයක් එකතු විය. ඇත්තටම මාව මේ කෙහෙටද එක්ක ආවේ.

‘‘පොඩ්ඩක් ඉන්න.‘‘ කිව් ඔහු විදුලි සීනුව නාද කරන්නට විය. අම්මේ ඒ කියන්නේ මේ ගෙදර තව කවුරු හරි

 ඉන්නවා. ඒත් ඒ කවුද?.

‘‘ආ... ලොකු සර්නේ. මැඩම් බබා නිදි කරනවා . මම ලොකු සර් ආපු බව කියන්නම්.‘‘ දොර මදක් හැර බැලු

 මැදි වයසේ කාන්තාවක් පැවසුවාය.ඒ කියන්නේ මේ සර්ගේ ගෙදර වෙන්න ඕනේ. දැනුයි ඇගට ලේ ටිකක්

 ඉනුවේ. මම ලොකු සුසුමක් පිට කර දොර අභියස වුන් කාන්තාව සමග මද සිනහවක් පෑවෙමී.

‘‘එපා එපා.. කුමාරී ..එයා පුතා නිදි කරලා ආපුදෙන්. ඉස්සරලාම මේ මිස්ට බොන්න මොනවා හරි ගේන්න . 

අපිට දවල් කෑම රෙඩී නේද?.‘‘ අනුහස් සර් නිවසට ඇතුල් වෙමින් විමසුවේය.

‘‘ඔව් සර් ,සුදු නෝනා කිව්වා ලොකු සර් කවුද යාළුවෙක් එක්ක කෑමට එනවා කියලා විශේෂ කෑමක් හදන්න

 කියලා. ඇය කිව්වේ මදක් ඈතින් හිටගෙන ආචාර සම්පන්නව වුවාය.

‘‘හ්ම් ඒ මිස් තමා මේ.‘‘

‘‘කවුද කුමාරී ඇවිත් ඉන්නේ.‘‘ එසේ පවසමින් අප සිටින තැනට පැමිණියේ අවුරුදු පණහක හැටක පෙනුමක් 

ඇති තවත් ස්ත්‍රියෙකි. ඇය අනුහස් සර්ගේ අම්මා විය හැකි යැයි මම තනිවම නිගමනය කලෙමී.

‘‘ආ මේ ලොකු පුතාණේ. කවුද පුතේ මේ දැරිවී. මට හොද..ට දැකලා පුරුදු මූණක්.‘‘ මගේ හිසේ සිට දෙපතුළ 

දක්වා කීපවරක්ම බැලු ඇය විමසුවේය. මම දැනුණ අපහසුවත් ලැජ්ජාවත් නිසාම බිම බලා ගත්තෙමී.

‘‘මේ ඔපිස් එකේ ළමෙක් අම්මේ. මිස් සදනී.‘‘ ඔහු මා දෙස බලා සිනාසෙමින් කීවේය.

‘‘සදනී ‘‘ මට ඒ නමත් පුරුදුයියන් පුතේ. කොහොම වුණත් සීදේවී කෙලි පොඩ්ඩ.‘‘ මගේ ළගට පැමිණ හිස 

අත ගෑ ඇය මා සමගම සෙටියේ විශාල පුටුවෙහි වාඩී විය.

‘‘අනු ඔයා ආවද?. මම හිතුවේ නෑ කිව්වට එයි කියලා.‘‘ සුරතල් දරුවෙකුද වත්තම් කරගෙන පැමිනි ඇය 

විමසුවාය.

‘‘මම කවද්ද බොරු කිව්වේ සුදු ...  කෝ පුතා නිදි නැද්ද?‘‘

‘‘නෑ. එයාට තාත්ති ආ බව තේරිලාද කොහෙද දොයියනම බෑලු. නේද මගේ සං.‘‘ ඇය කුඩා දරුවාගේ මුහුණට

 එබී කට හදමින් සුරතල් බසින් කීවාය. අතේ වුන් පුංචී දරුවාද අත් දෙක ඇගේ මුහුණ දෙසට දික් කරමින්

 හැග්.. හැග් .. ගා මොනවදෝ කීමට උත්සහ ගත්තේය.

‘‘කෝ එන්න බලන්න මගේ සං.‘‘ දෑතම පෑව අනුහස් සර් කුඩා දරවා සෙනෙහසින් දෑතට ගත්තේය. පුංචි 

දරුවගේ සතුට තවත් වැඩීවි තවත් දගලන්නනට විය. ඒ අනුහස්  සර් නිතර පවසන සුරතල් පුතු වාය යුතුය. 

ඔහු කිය අයරින්ම පුතා සුරතල් වගේම දග විය හැකිය.

‘‘ආ.. මේ... සුදු .. මේ ඉන්නේ මිස් සදනී.‘‘ ඇගේ දෑස කෙළින්ම මා වෙත යොමු වෙද්දී මම ඉබේටම 

අසුනෙන් නැගිට්ටෙමී.

‘‘ආනේ. අයියෝ වාඩි වෙන්න සදනී නංගී. කොහොමද ඉතින්.‘‘ ඇයට මා අමුත්තියක් නොවීය. මා දන්නා 

හදුනනා අයෙකු මෙන් මට ඇමතුවාය.

‘‘හොදින් මිස්.‘‘ මම අසුන් නොගෙනම කීවෙමි.

‘‘අයියෝ මේ ඔපිස් එක නෙමෙයි සදනී.‘‘

‘‘ඒනේ මට අක්කේ කියන්න. ඔය මිස් කෑලී එපා. මෙයා සර් වුණාට මම මිස් කෙනෙක් නෙමෙයි. ‘‘ඇය

 අනුහස් සර් දෙස බලා ඇසක් සිහින් කර ඉගි මරමින් කිවාය.

‘‘සුදු නෝනත් මෙයාව දන්නවද?‘‘ ඒ විමසුම මා අසල වාඩී වී සිටි අනුහස් සර්ගේ මෑණියන්ගෙනී. මම දැන්

 පිරිසක් මැද අතරමන් වී ඇතැයි මට හැගෙන්නට වී ඇත. මේ මිනිස්සු මාව මේ තරම් දන්නේ කොහොමද?. 

සර් නිතර ගෙදර ඇවිත් මං ගැන කියනවා ඇති සමහර විට. මට මොනවද කියන්න තියෙනවා කියලනේ 

එක්ක ආවේ . මොකද්ද පවුලේ අය එක්ක එකතු වෙලා මට කියන්න තියෙන දේ.‘‘

‘‘ගන්න මිස්.‘‘ නැවතත් මා අසට පැමිණ සිටි කුමාරී පවසද්දී මම බිම වීදුරුවක් අතට ගත්තෙමී.

‘‘ආ... ඔව් අම්මේ මේ..‘‘

‘‘මම නිතර කියන නිසා මතක ඇති අම්මේ.‘‘ අනුහස් සර් තම බිරිදට කියන්න එපා යැයි ඉගි කරන් අයුරු 

මම හොදින්ම දුටුවෙමි. මම ගැන ඔවුන් දන්නා දේ මම දැන ගන්නවාට ඔවුන් අකමැති මා හට හොදින්ම 

වැටහුණි.

‘‘සදනීට පුතා ඕනෙද පොඩ්ඩක්.‘‘ ඔහු පහසුවෙන්ම කතාව වෙත් පැත්තකට හැරෙව්වේය.

‘‘අනේ සර්.. බබා හුගක් චූටීනේ මට බයයි එයාව ගන්න.‘‘ මම ආදරයෙන් පුංචි දරුවා දෙස බලා කීවෙමී. 

අනුහස් සර්ගේ අතේ හුන් පුංචී දරුවාද චූටි බෝල ඇස් වරකවා මා දෙස බලා සුරතල් සිනාවක් නැගිවේය.

 රෝසම රෝස පැහැ ඔහුගේ සියුමැලි කොපුල් පිම්බුණි.

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Jan 2017 02:39 AM
  •  Quote
  •  Reply
මිනිහ කිවුව වගේම හොදයි වගේ.
හැබැයි දෙතුන් දෙනා එකතු වෙලා මොනව හරි කරන්න යනවද මන්ද
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Jan 2017 04:34 AM
  •  Quote
  •  Reply
ඉව ඉව නේ බලු කුක්කෙක් වගේ

හිහිහිහිහි
දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
18 Jan 2017 05:14 AM
  •  Quote
  •  Reply
මට මේ ටිකේ කතාව කියන්නත් බැරි වුණා.ෆී වේලාවක් ආවම කියනවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Jan 2017 01:22 PM
  •  Quote
  •  Reply
හා හා හිමින් කියවන්නකෝ
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Jan 2017 04:28 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0
Add Reply
Page 3 of 11 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below