You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Apr 2017 12:16 AM by  සඳුනි
හිරුයි තරුයි
 200 Replies
Sort:
Page 2 of 11 << < 12345 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Jan 2017 04:41 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Jan 2017 04:45 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

හතරවන කොටස.

‘‘පොඩිකාලේ වගේ දෙන්නා දෙන්නා අත් අල්ලන් සිංදු කියන්න යන්නද හදන්නේ. ස්කෝලේ උදේ 

රැස්වීම නෙමෙයි මේ.‘‘

‘‘හෙන චා බන් ඒක. බලපන්කෝ අර කොල්ලා තනියෙන් කිව්ව ලස්සන.‘‘

‘‘උබ පලයංකෝ ඔච්චර කියවන්නේ.‘‘

       මම රෝසීට එසේ කිව්වේ කන්කෙදිරිය නිසා ඇති වූ නොරිස්සුම් ගතිය නිසා වෙමි.

‘‘අනේ බං සදා උබට අද හරියට වත් ඩොන් යනවනේ . ඇහැරුන වෙලේ මොකාද දැක්කේ. උබ දන්නවනේ 

අපට සිංදු කියන්න බැරි බව.‘‘

‘‘එහෙනම් බැරි මගුල් නොකියා ඉදහං.‘‘

   මම රවා අහක බලා ගත්තෙමි.  මම දන්නා තරමින් තරූෂ දැන අපේ කණ්ඩායම දෙස බලා හිදින්නේ,කෝ

 කට්ටියගේ වැඩ අහන්නට මෙනී.

‘‘ඒ ගගනයා මේකිගේ තනියට ස්ටේජ් එකට පලයං. උබගේ රස්සාව ඉතින් මේකිගේ තනි රකින එකනේ.‘‘

‘‘ඒ බං උබලා දෙන්නා ඩුවට් එකක් කියපල්ලකෝ‘‘

    යාළුවන්ගේ කන්කෙදියෙන් බේරෙන්න බැරි තැන මමත් ගගනත් ස්ටේජ් එක දෙසට ඇදුනෙමු. ගගන ගමන්

 ගත්තේ මා අසලින්මය මා පියවර තබන වේගයටම ඔහුද පියවර තැබුවේය. මම නිකමට ආපසු හැරී බලන

 විට තරූෂ හොල්මනක් දැක්කා සේ කට ඇරන් බලන් සිටි. දගකාර වැඩ කරන්නට කැමති මම ආඩම්බරයෙන් 

මුහුණ ගස්සා ඉදිරිය බලා ගගනගේ අතේ එල්ලුනෙමි. මම එලෙස කරනු ලැබුවේ තරූෂගේ මුහුණ ඇදවනු 

දැකීමට තිබු ආසාව නිසාවෙමි. මගේ දෑත් ගගනගේ අතේ ස්පර්ශ වෙනවාත් සමග ගගන ගැස්සී මා දෙස

 බැලුවේය. මද සිනහවක් සමග ආඩම්බරයක් මුව දවටා ගත් ඔහු සිතට නැගුණ ජවය සමග වේදිකාව දෙසට 

ඇදුනි.

    අපේ යහළුවන් කන්ඩායම යෝජනා කළ පරිදි අපි සංගීත රාවයට ගීය මුමුණන්න විමු.

උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන්වේ

    මම ගගන මේ තරම් ගීත ගැයීමට දක්ෂයයි මීට පෙර දැන නොසිටියෙමි. මම විසේකාර වුවත් පිරිමි

ළමයෙකු වූ ඔහු තැම්පත් ගති ගුණ ඇති නිහඩ ලැජ්ජාසීලී තරුණයෙකි. නොසිතු පරිදි ඔහු මා දෙස වරන්

 වර බලමින් හැගීම් මුහුනේ ඉරියව්වල සනිටුහන් කරද්දී මට වෙනදා නොදැනුන අමුතුම හැගීමක් දැනෙන්ට

 විය. ඔහුත් මමත් වේදීකාව තුළ නරඹනන්ට සොදුරු දසුනක් හිමි කර දුන්නේ වෙනනම ලෝකයක අතමන්

 වෙමිනී.

    ගීතය අවසන් වුවත් මට වේදිකාවෙන් බැස එන්නට සිත් නොවීය. ගගන මගේ අතින් ඇගගෙන අපි අසුන්

 ගෙන හුන් තැනට දුව ආවේ ලෝකයක් දිණුවා තරම් සතුටින් වුවේය. අපි වාඩි වන තුරුම දෙපසට විහිදෙන 

සේ පනවා තිබූ අසුන් වල හිද සිට අනිකුත් සිසුසිසුවින් එබී බලමින් අත්පොළසන් දෙන්නටත් ,විසිල් 

ගසන්නටත් විය.

‘‘පට්ට ඈ. දෙන්නා නියමෙටම ඇට් කලා.‘‘

‘‘ඕවා ඇට් නොමේ බන් දෙන්නගේ හැබෑ ලව් පාට්.‘‘

       අප මිතුරන් තව නොයෙකුත් දේ කියද්දි ගගන සිනා සුනා පමනකි. කිසිවක් කියන්නට සිත් නොදුන් මම

 කල්පනාවක පැටළුනෙමි. ඇත්තටම ගගන නිතරම කියනවා වගේ මං ගැන හෝප්ස් තියන් ඉන්නවද? අනේ

 මන්දා ගගන හොදයි . මගේ ජීවිතේ මට හම්බුණ හොදම යාළුවා, හොදම සහෝදරයි. වෙලාවකට 

ආරක්ෂකයෙක් තව වෙලාවකට මගේ තාත්තා වගේ. ඒ වගේ කෙනෙක් හැමදාමත් ජීවිතේ තියා ගන්න 

තියෙනවා නම් මොන තරම් දෙයද්ද?

‘‘ඒ පව් බන් අර පැනියට කට උත්තර නෑ. උබලා දිහා කන්න වගේ බලන් හිටියා. ‘‘

    රෝසී එසේ පවසන තුරුම මට තරූෂ අමතක වී තිබුණී. මම ඔවුන් දෙස බැලුවෙමි. තවමත් සිහි කල්පනාවක්

 නැතිව මෙන් තරූෂ මෙහෙ බලා සිටී.  නෑ නෑ ඌ මගේ දිහා නෙමේ බලන්නේ. රෝසී දිහා. ඌ දැක්කනෙ

 කොහොමත් රෝසී පොන් එකෙන් කතා කලේ කියලා.  හිත සමග ඔට්ටු වුණ මම ගගන දෙස බැලුවෙමි. 

ඔහුද මා දෙස තවමත් බලා හිදී. වෙනදා නොදැනුන ලැජ්ජාවකින් හිත හිරි වැටෙද්දී මම බිම බලා ගත්තෙමි.

    මේ වන විට උත්සවයේ හොදම ලකුණු ගත් සිසුසිසුනට කුසලාන සහ ත්‍යාග පිරිනෑමීම ආරම්භ වී තිබුණී.

‘‘ මී ළගට කුසලාන ලබා ගන්නේ  ගගන රුක්ෂාන් සිරිතිලක‘‘

    ගගන නම ඇහෙනවාත් සමග ගැස්සි ගියේය. අසුනින් නැගිට ගත් ඔහු නැවතත් වේදිකාව දෙසට ඇදුනේය.

 ඔහු වැඩී ලකුණු ලබගත් අය අතර තුන්වැන් ස්ථානය ලබා තිබුණී.  වැඩිම ළකුණු වල සිට පිළිවෙලට

 සිසුසිසුවියන් වේදීකාව රැස් කරන්නට වුයේ චායා රූප ගැනීමට විය යුතුය. අට වන ස්ථානය කියන විට පිරිමි

 ළමයි සතර දෙනාගෙන් යුත් මිතුරු කණ්ඩායම හු හඩ නගමින් කෑ ගසන්නට විය.  දැන් මේ හතර දෙනාගෙන්

 කවුද දිනිදු රශ්මික ජයතුංග කියන්නේ. මම එලෙස කල්පනා කරමින් එදෙස බලන විට දුටුවේ නිල් ඉරි හැද 

ගත් තරුණයා වේදිකාව දෙසට පියනගන අයුරුය.

‘‘ඒ වස ලැජ්ජාව බන් අරූගේ නම තරෑෂ නෙමෙයි දිනිදු. ශෙක් අපි වගේ,උනුත් අපි අන්දලා බං.‘‘

‘‘හොද වැඩේ තොපිට කොල්ලෝ බයිට් කරන්න යනවට.‘‘

    රෝසී මුහුණ ඇඹුල් කර ගන්නා අයුරු දැක නෙතට නැගුන සිනහවත් සමග මම කීවෙමි.

‘‘පල පල තෝනේ කිව්වේ කෝල් කරන්න කියලා. මෙතන පත්තු කරලා තියලා දැන් හිනා වෙනවා.‘‘

‘‘ආ දැන් උබලා මම බෙල්ල කපා ගනින් කිව්වොත්. උබලා කපා ගන්නවද? නෑනේ. පලයව් යකෝ යන්න.‘‘

‘‘බලපන්කෝ ගගනයා තුන වුණා කියලා මේකිට ගිහින් තියෙන චූන් එක. ‘‘

‘‘ඔව් ඔව්. කාටද ආඩම්බර ආ....‘‘

     මම දගකාර අයුරින් කිව්වෙමි. ගගන නැති තැන මම ඔනිවටත් වඩා දගය . ඔහු සිටින තැන දගවැඩක් 

කරන්නට මම දෙවරක් සිතුවේ සිත තුළ වු අමුතුම බයත්, ගෟරවාන්විත බවත් නිසා වෙමි.

‘‘ කාටද ඉතින් අනාගත බිරිදට තමා. තනි රකින්න ඇවිත්නේ ඔය කප් ගහන්නේ. ශෙක් අපිට නෑනේ රකින්න කෙල්ලො.‘‘

‘‘හු හු.. ලැජ්ජයි බැලැකියා ඔය වයසට අපෝ.‘‘

‘‘ ඒ සදා උබේ නමත් කිව්වා පලයං.‘‘

    අපේ සරදම් දගවැඩ මැද නිහඩව වුන් පැටී කියන විට මම විදිල්ල මෙන් වේදීකාව දෙස බැලුවෙමි. දෙවෙනී

 වරත් මගේ නම කියවෙන විට මම වේදිකාව දෙසට පිය නැගුවෙමි. මම දොළොස් වන ස්ථානය දිනා 

තිබුනෙමි. කුසලානයත් තෑගි වවුචරයත් අතට ගත් මම කෙලින්ම නැවතුනේ ගගන ළග වෙමි.

‘‘මගේ කෙල්ලත් දිණුවා එහෙනම්‘‘

     ගගන මා දෙසට නැබුරු වී ආදරෙන් පවසද්දී මගේ මුහුනේ මද හසරැල්ලක් නැගුනී. ‘‘මගේ කෙල්ල‘‘ 

එහෙම වුනේ කොහොමද අහන්න මට අවශ්‍ය වුවත් මම නිහඩ වුනෙමි.

‘‘ආ නංගිත් මෙතන නේද? ඔල්ද බෙස්ට්.‘‘

    මගෙ ළගින්ම ඇසුණු කට හඩත් සමග මම ආපසු හැරී බැලුවේ නිකමටය. දෙවියනේ තරූෂ  ... නෑ නෑ දිනිදු.

 මගේ ළග සිටගෙන හුන්නේ දිනිදුය. මම දැන් ගගනත් දිනිදුත් අතර මැදිවී සිටිමී. අපි සමුහ චායා රෑපයට පෙනී 

සිටියේද එලෙසින් වෙමු. අහම්බෙන් හමුවී අපි විහිළුවට අල්ලා ගත් දිනිදු දැන් සදහටම මතකසටහනක් වී 

හමාරය. ඒ අප ගත් සමුහ චායාරෑපය දකින වාරයක් පාසා ඔහු දකින්නට ලැබෙන බැවිනී. සියළු කෙළිකවට 

කම් මැද සාදය අවසන් විය. අපි නැවත මෙම අධ්‍යාපන ආයතන භූමියේ හමු නොවන්නෙමු. අපි මිතුරු

 මිතුරියන්ගෙන් සමු ගත්තේ කදුළු සළමින් වෙමු. සියල්ලන්ගෙන් සමු ගත් ගගනත් මම බස් රථයට නැගී 

එකම අසුනේ අසුන් ගත්තෙමු. තෑගී ප්‍රධාන උත්සවයෙන් පසු දිනිදු දකින්නට නොලැබුනි. යම් හේතුවක් නිසා 

ඔවුන් කලින් යන්නට ඇතැයි මම සිතුවෙමි.

‘‘මොනවද? කෙල්ලේ කල්පනා කරන්නේ.‘‘

‘‘ඔයා අද හරි අමුතුයි ගගන.‘‘

    ගගනගේ භාෂාව සම්පුර්ණයෙන්ම වෙනස් වී තිබු නිසා මමත් මගේ මිතුරු භාෂාව වෙනස් කර ගගනගෙන් 

විමසන්න විමි.

‘‘ඒ ඇයි. මම හැමදාම මෙහෙම තමයිනේ.‘‘

‘‘නෑ නෑ අද ඔයා වෙනස්. මොකද්ද අර ස්ටේජ් එකේදී කිව්ව කතාවේ තේරුම.‘‘

‘‘ආ කෙල්ලට ඒකත් මතකයි එහෙනම්.‘‘

‘‘ මොකද්ද ගගන ඒ කතාවේ තේරුම.‘‘

‘‘මම ඔහෙ කටට ආවට කිව්වේ කෙල්ලේ.  ඇයි එහෙම කියනවට අකමැතිද?‘‘

‘‘ඔය ඒ පාර කෙල්ලේ කියනවා. මොකද්ද බන් වෙනදා වගේ සදා කියපන්කෝ.‘‘

‘‘හරි හරි බන් සදා.‘‘

‘‘අන්න එහෙම වරෙන්.‘‘

‘‘හිටපන් මම කන්න මොනවා හරි අරන් එන්නම්.‘‘

   ගගන බස් රථයෙන් බැස ගියේ සිත තුළ වේදනාවක් සිරකරගෙන බව මම දුටුවෙමි. ගගන මට ආදෙයි

 වගේ. මම කොහොමද මගේ සහෝදරයෙක් වගේ ඉන්න කොල්ලට ආදරේ වෙන්නේ. බෑ බෑ අපේ අම්මාගේ 

සිහින බොද කරන්න මට බෑ .අනික ගගනලගේ අම්මා එයාගේ එකම බළාපොරෙත්තුව ගගන ඩොක්ටර්

 කෙනෙක් වෙනවා දකින්න. මේ විකාර වැඩ කරන්න ගිහින් ගගන සේරම අනා ගනී. වෙන්න තියෙන දෙයක් 

ඒ කාලෙට වෙයි. මම මෙහෙන්මම ඉන්නවා. මම එලෙසින් සිතුවේ ගගන ගැන ආදරයට එහා ගිය ලොකු 

ලෙනගතුකමක් මගේ සිතේ පැළ පදියන් වී තිබු නිසා වෙමි.

 

     අපේ නිවෙස් පිහිටා තිබුනේ ටිකක් ගම ඇතුළට වෙන්න නිසාවෙන් බස් රථයෙන් බැස ගත් අපි දෙදෙනා 

ගුරු පාර දිගේ ගමන් කලෙමු. හවස දෙකට පමණ කිට්ටු වී තිබු නිසා තද අව්වක් නොවු අතර තරමක් බටහිරට

 වන්නට ගස් අතරින හිරු කිරණ කාන්දු වෙමින් තිබුණී.

   අපි නිවසට පැමිණෙ විටත් අම්මා පාසලේ රාජකාරි නිම කොට නිවස බලා පැමිණ සිටියාය.

‘‘ ගගන පුතා එන්න තේ ටිකක් බීලා යන්න.‘‘

‘‘දැන් බෑ සෙව්වන්දී ටිචර් . හරිම මහන්සී. බලන්නකෝ සදනීට කප් එකකුත් ලැබුණා.‘‘

 

   ගෙටවත් ගොඩ නොවුණ ගගන පිට පාරින්ම පියමන් කරන්නට වුනේ මට යන බවද නොපවසමින්ය.

 ගගන මා සමග අමනාප වී ඇති බව දැන් හොදටම පැහැදිළිය. බස් රථයේ වුණ කතා බහ මෙයට හේතු වන්න 

ඇතැයි මම සිතුවෙමි.


 නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
04 Jan 2017 06:27 PM
  •  Quote
  •  Reply
ගගනයාට තේ එකක් බීලම යන්න තිබුණා...
අපරාදේ අවස්ථාව..
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Jan 2017 11:09 PM
  •  Quote
  •  Reply
හී
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Jan 2017 03:10 AM
  •  Quote
  •  Reply
පව් ගගනයා
ඉස්සල්ල ආපු කනට වඩා පස්සෙ ආපු අග ලොකු කරගන්නනේ යන්නේ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
05 Jan 2017 05:44 AM
  •  Quote
  •  Reply
මම හිටියනම් තේකක් ගහලා යන්නේ එහෙනම්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Jan 2017 05:34 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Jan 2017 05:45 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

පස්වන කොටස.

‘‘දු කොහොමද රිසාල්ට්.‘‘

       මම අම්මා අත ලැබුණ, කුසලානයත් සහතිකපතත් තෑබූ විට අම්මාගේ දෙනෙත සතුටින් දිලිසුනාය.

 ඇය ආදරයෙන් මා වැළදගෙන සිප ගත්තාය.

‘‘මගේ දූ . පුළුවන් තරම් ඉහළට ඉගෙන ගෙන, හොද රස්සාවක් කරන්න ඕනේ තේරුණාද? අපි ඉගෙන

 ගන්න එකේ වටිනාකම දැනෙන්නේ ඔයාලා වැඩිහිටියෝ වුණ දාට. තාම ඔයාලට ඉගෙනීමේ වටිනා 

කමක්නෑ.‘‘

‘‘මම පුළුවන් තරම් ඉහළට ඉගෙන ගන්නවා අම්මේ. අම්මා දුක් වෙන්න එපා. අම්මා ටීචර් කෙනෙක් වෙන්න

 ඉගෙන ගත් නිසානේ තාත්තා නැතුවත් මේ තරම් කල් තනියෙම මට ඉගෙන ගන්න සේරම  දේවල් කරන්න

 පුළුවන් වුනේ.‘‘

‘‘දු ඔය දේවල් හිතන්න ඕනේ නෑ. මට ඉන්නේ දූ විතරනේ. හොදට ඉගෙන ගන්න. මම මේ හැම දේම 

කරන්නේ ඔයා වෙනුවෙන් තමා.‘‘

    අම්මගේ සතුටු කදුළු මැද මම ටික මොහොතක් අම්මාගේ තුරුලේ ගුලි වී සිටියෙමි. ඇග දොවනය කරගත්

 මා පහසු ඇදුමකුත් ඇදගෙන ඇදේ හාන්සි වුනේ ඇගට දැනුන විඩාව නිසා වෙනි. පැය කීපයකින් මම අවධි

 වන විට හතරට කිට්ටු වී තිබුනී. විසිරී තිබූ හිසකේ අතින් එක් කර ඉහළට කර කටුවකින් රදවා ගත් මම කුස්සිය 

දෙසට ගියෙමී.

    අම්මා රාත්‍රි ආහාරය පිළයෙල කිරීමට සූදානම් වෙමින් සිටියාය.  දුන් වැදී කළු පැහැ වූ කුස්සිය තුළ ඉන 

මට්ටම්ට බැද සදා තිබූ ලිපේ දර කැබලී කිහිපයකට ගින්දර අවුලවා ගන්නට ඇය උත්සහ කරමින් වුන්නාය.

‘‘අම්මේ මමත් උදව් වෙන්නද?.‘‘

‘‘මොකද මේ කවදාවත් නැතුව. අද ගස් ගල් වල බඩ ගාන්නේ නැද්ද?‘‘

‘‘අනේ අම්මේ මම හොද ළමෙක් වෙන්න හැදුවමත් .අම්මා මට අරවා මේවා කියනවනේ.‘‘

‘‘හරි හරි එහෙනම්.ඔය පොල් ටිකක් ගාන්නකෝ. ගෑණු ළමෙක් වුණාම කුස්සියේ වැඩත් පුරුදු වෙන්න එපෑ .‘‘

‘‘කෝ ඉතින් පොල් බෑය.‘‘

‘‘අනේ මෙහෙමත් ළමිස්සියෙක්  ගෙදර පොල් බෑය තියෙන තැනවත් දන්නේ නෑ‘‘

‘‘ආ.. මේ තියෙන්නේ. කෝ එතකොට හිරමනේ.‘‘

‘‘අනේ ඇත්තට මිරිකන්න හිතෙනවා කණ රතු වෙන්න.‘‘

      මම එසේ කිව්වේ අම්මා සමග හුරතල් වන්නට උත්සහ කරමින්, පොල් බෑයත් රැගෙන  කුස්සිය පුරා 

දුවන්නට ගොස් නතර වුනේ, මගේ පය හැපී කුස්සිය මැද තිබූ වතුර කොරහා ගෙමැද්ද පුරා විසිරී යද්දීය.

‘‘එක වැඩේ දෙක කරනවා . යන්න යන්න දූ ...මම පොල් ගා ගන්නම්. ‘‘

‘‘අනේ ඉතිං හිතලා කළේ නෑනේ අම්මේ.‘‘

‘‘හරි හරි දු. මම මෙතන සුද්ද කර ගන්නම් .ඔයා ගිහින් ඔයගේ වැඩක් කර  ගන්න.‘‘

    බලෙන්ම වගේ වතුර ටික අතුගා දමා තෙත පොළව මතට ගෝණියක් එලු මම ඒ මතම හිරමනය තියාගෙන 

පොල් ගෑවෙමි.

අම්මා මා දෙස බලා වුන්නේ සිනා සෙමිණී.

‘‘දු පොල් ගාද්දී  පැදුරක් එළාගෙන තමා ගන්න වෙන්නේ.‘‘

‘‘ඒ ඇයි අනේ.‘‘

‘‘වටේ හැලෙන පොල් එකතු කරන්න.‘‘

       ඒ කතාවට මට හොදටම  සිනා නැගුණි. ටික වෙලාවකට පසු මම කාමරයට පැමිණියේ රෝසිට ඇමතුමක් 

ගන්න සිතාගෙන වෙමි. මොකද මගේ පොන් එක සද්දයක් නැත්තේ මම බෑගයේ තිබු ජංගම දුරකථකය  ඉවතට 

ගෙන බැලුවෙමි.  එය ක්‍රියා විරහිත වී තිබුනී.

‘‘දූ අද පහන තියන්නේ නැද්ද?.‘‘

‘‘එනවා අම්මා . පොන් එක ඕෆ් වෙලා  චාජ් එකට දාලා එන්නම්.‘‘

        ඉන් පසු මම නැවත කාමරයට පැමිණියේ නිදා ගැනීමට සිතා ගෙන වෙමි. එක පිටටම කීප වරක්ම දුරකථනය

 නද දෙන්න විය. මම අතට ගෙන බැලුවෙමි. කෙටි පණිවිඩ අටකී . මගහැරුණු ඇමතුම් විසි අටකි. දෙවියනේ 

මේක ඕෆ් වෙලා නිසා  අපේ සෙට් එක බය වෙලාද කොහෙද?. මම එකින් එක විවෘත කර බැලුවෙමි. 

එය නාදුනන අංකයකි . කවුද මේ මම ඇද මත පෙරලී කෙටි පණිවිඩ කියවන්න විමි.

‘‘හායි සකුන්තලා.‘‘

‘‘මොකද මේ චුට්ට මාව අමතක වෙලාද?.‘‘

‘‘අයියෝ ඇයි සද්ද නැත්තේ.‘‘

‘‘කෑවද?.‘‘

‘‘ගුඩ් නයිට් .‘‘

‘‘බුදු සරණයි.‘‘

‘‘මාත් එක්ක කතා කරන්න අකමැතිනම් අවුලක් නෑ.‘‘

 

    මෙලෙස නොයෙකුත් දේ කෙටි පණවිඩ ලෙස එවා තිබුණී. මම සකුන්තලා ලෙස සිතාගෙන මේ කෙටි 

පණිවිඩ එවා ඇත්තේ දිනිදු බව මට වැටහිනී. පිස්සු කෝච්චියක් වගේ. රෝසිට වහ වැඩිලා වගේ මෙයා. මම

 තනිව සිනා සෙමින් සතුවෙමි. මම එවෙලේම රෝසට ඇමතුමක් ගෙන සියල්ල පැවසුවෙමි.

‘‘මාර වැඩේ නේ බං .පව් හැබැයි කොල්ලා. ‘‘

‘‘එහෙනම් උබ ඌව සෙට් කර ගනින් . මම නම්බර් එක දෙන්නම්.‘‘

‘‘අනේ බං සදා එහෙම කියන්න එපා බං. උබ දන්නවනේ මට ගෙරින් පට්ට අවුල් බං  ‘‘

‘‘ඉතිං උබ මට මොකද්ද කරන්න කියන්නේ.‘‘

‘‘මං වෙනුවෙන් ටික දවසක්.‘‘

‘‘මොනවද?‘‘

‘‘බෑ බෑ උබ බනිනවා.‘‘

‘‘දැන් ඉතින් කියන්න ගත්තු එක කියපන්.‘‘

‘‘මන් වගේ මැසේජ් කරපන්.‘‘

‘‘පිස්සුද උබට ඌ කෝල් කරොත්. ‘‘

‘‘කතා කරපං පොන් එකෙන් කට හඩ හොයන්න බෑනේ.‘‘

‘‘මට බෑ බං ඔය විගඩං කරන්න. උබ දැන් ඌට ලව්ද?.‘‘

‘‘පොඩ්ඩක් සලකලා බලන්න හිතුවා බන්. පට්ට හැන්ඩියා නේ බං.‘‘

‘‘මට නම් පේන හැන්ඩියක්  නෑ.‘‘

‘‘හා ඒකට කම්ක් නෑ. ටික දවසක් මම වෙනුවට කතා කරපන් ඈ...‘‘

‘‘මට බෑ උබට පිස්සු. මම ඌව බ්ලොග් කරලා දානවා. ‘‘

‘‘අනේ අනේ සදා ප්ලීස්...‘‘

‘‘පලයං පලයං යන්න. මම තියනවා. බුදු සරණයි.  .‘‘

      මම ඇමතුම විසන්දී කර දාමා නිදා ගන්නට උත්සහ ගත්තෙමී. දහවල් සි වූ සිදුවීම්  සිහි කරමින් සිටියදි මම

 නින්දට වැටී තිබුණී..

   ඉරිදා දවස  හරිම වේගයෙන් ගෙවිලා යද්දී මම සිටියේ හෙට දින සම්මුඛ පරික්ෂණයට යාමට

 සුදානම් වෙමින්ය.

 උදේ සිටම කෙටි පණිවිඩ එවමින් සිටි දිනිදු  මගෙන් ප්‍රතිචාරයක් නැති නිසාවෙන් මා සමග අමනාප

 වන්නට ඇත. අවසාන ලෙස ‘‘හරි මම ආයි ඔයාට කරදර කරන්නේ නෑ‘‘ කියපු දිනිදු ඉන්පසු කිසිම

 ඇමතුමක් නොගත්තේය.

    රතු පැහැගැන්වුන අහස් කුසා කුඩා තරු කැට මෝදූ වෙද්දී අවට පරිසරය කළු පැහැ ගැන්වින.

 ඊයේ සිටම

 මා සමග අමනාපයෙන් සිටින ගගන හෙට සම්මුඛ පරීක්ෂණයට යාම ගැන විමසීමටවත් අප නිවසට 

පැමිණයේ

 නැත. කරුවල වැටෙන්නට පෙර මම ගගනලගේ නිවසට ගියත් ගගන නිවසෙහි නොසිටියේය. මේ තරම්ම 

ගගන

 මාත් එක්ක තරහද? පොන් එකවත් ආනසර් කරන්නේ නෑනේ.

‘‘ සෙව්වන්දී ටීචර්.... සෙව්වන්දී ටීචර්.....‘‘

      පිටතින් ඇසුනේ ගගනගේ කටහඩ විය. එනිසාවෙන් මම ඉදිර පසට දුවගෙන ගියෙමී.

‘‘ගගන.. මොකද බන් වෙලා තියෙන්නේ මම උදේ ඉදන් උබව සොයන්නේ.‘‘

‘‘ඇයි මාව හෙව්වේ .‘‘

‘‘හෙට ඉන්ටවීව් එකට යනවද අහන්න.‘‘

‘‘යනවා බස් හොල්ඩ් එකට එන්න. මම එන්නම්.‘‘

     මා සමග අමනාපයෙන් කතා කළ ගගන යන්නට සැරසුනේය.

‘‘ ආ... මේ ගගන පුතානේ. ඔය යන්නද හදන්නේ.‘‘

‘‘ඔව් සෙව්වන්දී ටීචර්. මම මේ හෙට ඉනටර්වීව් එකට යන්වද අහන්න ආවේ.‘‘

‘‘ආ මෙයත් මේ උදේ ඉදන් ලෑස්ති වෙනවා.‘‘

‘‘හරි සෙව්වන්දී ටීචර් මම හෙට උදෙන්ම එන්නම්. සදනී මම යනවා එහෙනම්.‘‘

     අමාරුවෙන් සිනහවක්  මුහුණට නගා ගත් ගගන පිට වී ගියේය. එදා රැය මම ගෙවා ගත්තේ අපහසුවෙනී .

 ගගන එක්ක තරහා වෙලා ඉන්නේ කොහොමද? අපි දෙන්නා චූටී කාලේවත් රණ්ඩූ වෙලා නෑ. මට මතයිනේ.

 අපි මොන්ටි සොරි යද්දීත් ගගන හැමදාම මාව අනිත් අයගෙන් බේර ගත්තා. හැමදාම මගේ පැත්ත ගත්තේ.

 ස්කෝලෙදිත් එහෙමයි. හැම දේකදිම එයා මාත් එක්කමයි හිටියේ. ඇයි ගගනට මේ තරම් මාව එපා වෙලා

 ඇත්තේ. බලමුකෝ හෙට දවසත්. හෙටත් කතා කරන් නැතුව හිටියොත්, මේක කතා කරලා බේර ගන්න 

වෙනවා. ලොකු සුසුමක් පිටකළ මම ඉදිරිපස දොර වසා දමදින් නිවසට ඇතුල් වුණා.

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Jan 2017 12:35 AM
  •  Quote
  •  Reply
නියමයි
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Jan 2017 02:49 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Jan 2017 02:51 PM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

හයවන කොටස.

‘‘දූ.‘‘

‘‘ ඇයි අම්මේ.‘‘

‘‘ගගන පුතා එක්ක රණ්ඩු වුණාද?‘‘

‘‘නෑ අම්මේ . අද  ගගන පුතා හරි  අමුතුයි . ඊයෙත් ගෙටවත් ආවේ නෑ. මට ඇත්ත කියන්න දූ . ඔයාලා

 රණ්ඩු වුණාද?

‘‘ අනේ නෑ අම්මේ.‘‘

    මගේ සිතේ තෙරපෙමින් තිබූ දුකත් එක්ක තවත් අම්මාගේ පැන වලට පිළිතුරු දෙන්න බෑ කියා සිතුන

 නිසා අම්මව මගෑරලා මම කාමරයට වැදුනෙමි. ඇත්තටම මට දැනුනේ සියලු දේ එපා වෙලා වගේ 

හැගීමත් එක්ක , කාටම හරි ගගනගේ අමුතු හැසිරීම ගැන කියන්න ඕනේ වුණා. අන් කවුරුන් තරහා

වුණාටත් වඩා ගගනගේ ඈත් වීම මට ඇති කළ වේදනාව දරුණු බව මට වැටහුණී. ඇයි හොදට හිටිය 

ඔයාට එක පාරටම වුනේ. මටත් දැන් හිතෙනවා ගගන ගැන  මගේ හිතේ තියෙන්නේ ආදරයක්ද කියලා.

 අනේ ගගන මට ඔයා එක්ක තරහා වෙලා ඉන්න බෑ. මටම පුදුමයි  මගේ දෙනෙතට කදුළු උණාගෙන 

එන්නට විය. ඉකි ගැසුම් හඩ පිටට නොඇසෙන්නට මුහුණ කොට්ටයේ හොවා ගත් මම නොයෙකුත් දේ

 කල්පනා කරන්නට වුනෙමී.ඇත්තටම මම ගගනට ආදරේද? මට තේරෙන්නේ නෑ ගගන අපි දෙන්නගේ 

බැදීම මොන වගේද කියලා. ඉකි බිදුම් අතර තුර ජංගම දුරකනයට කෙටි පණවිඩයක් පැමිණි හඩ මට ඇසුණි.  

රෝසි වත්ද දන් නෑ. රෝසී දැන් ඇහැරලා නම් මම මේ හැමදේම එයාට කියනවා. කියලා තිරණයක් ගන්නවා . 

මම දුරකථනය අතට ගෙන හදිසියෙන් කෙටි පණිවිඩිය බලන්නට විමි.

‘‘ සදා  ඔයා නිදිද?.‘‘

     කෙටි පණිවිඩය පැමිණ තිබුනේ ගගනගෙන් විය. සියළු සිත්තැවුල් තුරන් වී යද්දී මම ඉක්මණින් කෙටි 

පණිවිඩයක් සටහන් කරන්ට වු වෙමී.

‘‘නෑ . නින්ද යන්නේ නෑ.‘‘

‘‘ඒ මොකද සදා.‘‘

‘‘මොකද අහන්නේ හේතුව දන්නෙම නැද්ද?. ඇයි මට මෙහෙම කරන්නේ.‘‘

‘‘මටත් අහන්න තියෙන්නේ ඒ ටිකම තමා කෙල්ලේ.  ඔයා ඇයි මට මෙහෙම රිද්දන්නේ.‘‘

‘‘මම මොනවද කළේ ඔයාට රිද්දන්න.‘‘

‘‘බොරු කියන්න එපා කෙල්ලේ ඔයා හොදටම දන්නවා මම ඇයි දුකින් ඉන්නේ කියලා.‘‘

‘‘නෑ මම දන්නේ නෑ.‘‘

‘‘බොරු ඔයා දන්නවා. ඒත්  ඔයා පිළිගන්න කැමති නෑ.

‘‘මොනවද?.‘‘

‘‘මොකුත් නෑ. නිදා ගන්න හෙට ඉන්ටර්වීව් එකට යන්නත් තියෙනේ. ඔයාට නොතේරෙන දේ දවසක තේරෙයි.

 ඒ දවස වෙනකන් මට ඉවසන්න පුළුවන්.‘‘

‘‘හ්ම්ම්ම්.‘‘

‘‘බුදු සරණයි. නිදි මරන්නේ නැතුව නිදා ගන්න.‘‘

‘‘හා බුදු සරණයි.‘‘

      ගගන කියන්නට උත්සහ ගන්නේ එයාගේ හිතේ හිර වුණ ආදරෙ ගැන බව මම හොදින්ම තේරුම් ගත්තෙමි.

 නමුත් ඒ පිළබද තීරණයක් ගැනීමට සිත සූදානමක් නොවු  නිසා නොතේරුනි සේ එය මගෑරියෙමී. නමුත් මගේ

 හිතත් හෙල්ලී ඇති බව ගගන තේරුම් ගෙන ඇති බව මට වැටහුණී.

    වෙනදාටත් කලින් මම අවධි වුනෙමි. විශාල පැරණී ගස් වලින් ගහණ වට පිටාවත්, උළු වහළයත් නිසා ඇති වු 

දැඩී සීතල දරා ගැනීමට නොහැකිව මම ගැහෙන්නට විමි.හිසේ සිටි  පොරවණය පොරවා ගත් මම ගෝණිබිල්ලකේ

 මෙන් මුළුතැන් ගෙට පිවිසුනෙමී.

‘‘දූ මොකද මේ තරම් උදෙන් ඇහැරන් .දහයට නේද යන්න තියෙනවා කිව්වේ.‘‘

      පාසල් යන්නට හැද ගත් සාරිය පිටින්ම අම්මා බත් මුලක් බදිමින් සිටියාය.

‘‘ඔව් අම්මේ. ‘‘

‘‘ඉතින් තව ටිකක් නිදා ගන්න දු. සීතලේ ගැහි ගැහි ඉන්නේ.‘‘

‘‘නින්ද යන්නේ නැ අම්මේ‘‘

‘‘කෝ එන්න මෙතෙන්ට . මේ ලිපට අත් දෙක අල්ලලා රත් කර ගන්න දු.‘‘

    මම නිහඩවම අම්මාගේ  කීමට එකගව ඇවිලෙන ගිණී දැල්වලට දෑත්  පා   උණුසුම් කර ගත්තෙමී. නිවසේ

 වැඩත් හමාර කළ අම්මා රැකියාවට යන්න සුදානම් වෙද්දී , මම දෙපා නැමද ආශිර්වාද ලබා ගතිමී. 

‘‘සදා හුගක් වෙලාද ඇවිත්.‘‘

‘‘දැං චුට්ටක් වෙලා.‘‘

       ගගන බස් නැවතුමට ගොඩවදිද්දී මම  සුපුරුදු සිනහව මුහුණට නගා ගන්නට උත්සහ කරමින් පැවසුවෙමී.

 නමුත් වෙනදා මෙන් ඔහු ඉදිරියේ හැසිරෙන්නට අපහසු බවක් මට දැනුනී. වචන දෙක තුණකට වඩා කතා 

නොකළ අපි සම්මුක පරික්ෂණය සූදානම් කර තිබු කාර්යාලය ඉදිරි පිට අසුන් ගෙන සිටිමු. ගගන සම්මුක

 පරීක්ෂණයට ඇතුල් වූ විට මගේ හද ගැස්ම පිටතට ඇසෙන තරම් වුයේ ඊ ළග වෙලාව වෙන් වී තිබුනේ මට 

බව දන්නා නිසාවෙනී.

‘‘ එච් . ඒ.සදනී නෙතුශිකා දේවින්දී.‘‘

    ගගන පිටතට පැමිණෙනවාත් සමගම කාර්යාලයේ ඉදිරි පස සිටි පුද්ගලයා ලිපි ගොනුවක් පෙරළා  බලා

 මගේ නම පැවසුවාය. මම සිතට ශක්තිය ගෙන කාර්යාලයට ඇතුළු වුණේ ගගන සමග සිනාසෙමිනි. ගගනත්

 අමාරුවෙන් සුළු සිනහවක් මපා පෑවේය. තවමත් ගගන මා සමග එතරම් සිත හොද නැතැයි මට හැගුණි.

‘‘මොකද  වුණේ  සදා.‘‘

‘‘ වැඩේ හරි බං . මම වැඩට ගත්තා. මාස හයක ට්‍රේනිං එකෙන් පස්සේ ස්ථිර කරන්නම් කිව්වා. නියමයි.. 

නියමයි.. මට දැන් අම්මට උදව් වෙන්න පුළුවන්.‘‘

     මම එන තුර ගේට්ටුව අසල රැදී වුන් ගගනව වැළද ගනිමින් මම සතුටින් කෑ ගසන්නට වුනෙමි. එයින් බිරන්ත

 වු ගගන මම සංසුන් වන තුරු නිහඩව බලා වුන්නේය. ඔහු සම්මක පරීක්ෂණය සමත්ද? අවට සිටින්නේ 

කවුරුන්ද බලන්නට වත් මා හට ඉස්පාසුවක් නොවීය. රැකියාව ලබා දීමට කැමති බව කණ වැකුණු මොහොතේ

 සිට මම හැසුරුනේ උම්මත්තකයෙකු ලෙසින් වෙමී.

‘‘ සදා ...මේ.. ගෙදර නෙමෙයි.‘‘

    මම විදුලි සැරයක වේගයෙන් ගගනගේ තුරුලෙන් මිදුනෙමී. මට දැනුනේ දරා ගත නොහැකී ලැජ්ජාවකි. 

ගේට්ටුව අසල වුන් මුරකරුවන් දෙදෙනාද සිනා සෙමින් අපි දෙස බලා සිටී. අපොයි මම මේ මොකද්ද 

කලේ .ලැජ්ජාවේ බෑ.

‘‘සොරි ගගන.‘‘

      පදිකවේදිකාව දිගේ බස් නැවතුම්පළට ඇවිදන් එන ගමන් මම ගගන සමග පැවසුවෙමී. මගේ වදනත් 

සමග ගගනගේ මුව සැරසුනේ වෙනදාටත් වඩා ලස්සන සිනහවකි.

‘‘ ඒ මොකද කෙල්ලේ . අර සිකුරුටිලා ඔයාට පිස්සු කියලා හිතයි කියලා මම එහෙම කිව්වේ.‘‘

‘‘ඇත්තටම ආපු සතුටට සේරම අමතක වුනා.‘‘

‘‘ඔයාට හැමදාම සේරම අමතක වෙලා තිබුණනම් සොක් .‘‘

‘‘ඒ මොකද?.‘‘

‘‘ඒ මොකද අහන්නේ.‘‘

‘‘අනේ පලයං යන්න.‘‘

           අප දෙදෙනා අතර තිබූ සිත් රිදවුම දැන් මදක් මගහැරී තිබුණි. මට රැකියාව හිමි වී තිබුණත් ගගනට 

රැකියාව ගැන නම් තිබුනේ  අවිනිශ්චිතාවයකී.ඒ ගගන උසස් පොළ සදහා හැදෑරුවේ විද්‍යා විෂයන් වීමත් ,

 පිරිමි රැකියා ඇබෑර්තු පුරප්පාඩු සපිරී තිබීම නිසාත් විය.අද අපි සහභාගී වූ  සම්මුක පරික්ෂණය විගණන 

ආයතනයක ගිණුම් අංශය සදහා වු පුරප්පාඩු කිහිපයක් සදහාය.  ගගනට රැකියාව අහිමී වේ යැයි දැනුන 

දුකත් , මට රැකියාව ලැබිමේ සතුටත් සිත රදවගෙන අපි නිවස් බලා ඒමට බස් රථයට නැගුණෙමු.

       දින කීපයකට පසු ගගනට පැමිණී  ඇමතුමකින් දැනුම් දී තිබුණේ රැකියාව ලබා දීමට නොහැකි බවයි.

‘‘අපරාදේ මම ආසාවෙන් ඇප්ලයි කලේ ඔයා එක්කම ජොබ් එකට ලැබෙයිනේ කියලා.‘‘

‘‘කමක් නෑ කෙල්ලේ. මම ජොබ් එකක් කරනවට කොහොමත් ගෙදරින් කැමතී නෑනේ. සෙව්වන්දී ටීචත්

 කැමති නෑ. ඔයා ඉගෙන ගන්නවා නම් තමා එයත් කැමති. ඒත් කොහෙද ඔයාට රස්සාවක් කරන්නම

 ඔනෙලුනේ.‘‘

‘‘අනේ ඔව් ගගන. අම්මට පොඩි හරි උදව්වක් වෙන්න පුළුවන් නම් එච්චරයි.‘‘

‘‘වැඩට ගියාට කමක් නෑ. කැම්පස් සිලෙට් වුනොත් සේරම නවත්තන්න ඕනේ තේරුණාද?.‘‘

‘‘හොදමයි සර්.‘‘

    මම ගගන ඉදිරයේ හමුදා නිළධාරියෙක් ලෙස ආචාර කර සිටියෙමී.

‘‘මැට්ටී. රස්සා කරන්න කල්පනවා. දැගලිල්ල මොන්ටී සොරී බබෙක්ගේ වගේ.‘‘

‘‘මොන්ටී සෝලී බබෙක් තමා මම.‘‘

    මම ගගනට ඇද කරමින් නිවස ඉදිරි පිට කොරීඩෝව් ඉන තරම් උස බැම්ම මත උඩ පැන වාඩී වෙමින්

 කිව්වෙමී.

     නොදැනුවත්වම කාලය ගෙවී ගොස් රැකියාව පැමිණෙන ලෙස දැනුම් දුන් දිනය  උදාවිය.

‘‘දූ ඉක්මණට එන්න මෙන්න ගගන පුතත් ඇවිත්.‘‘

‘‘ගුඩ් මෝනිං ගගන. කොහෙද යන්නේ උදේම.‘‘

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Jan 2017 10:59 PM
  •  Quote
  •  Reply
පොර කොහෙද යන්නේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Jan 2017 11:28 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Jan 2017 11:30 AM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

හත්වන කොටස.

 ‘‘අද ඔයා ජොබ් එකට යන පළවෙනි දවසනේ පාරට ඇරලන්න ආවේ. රෝසී කියවා වගේ මම ඔයාගේ

 මුර භටයනේ.‘‘

‘‘අනේ රෝසී දුව එහෙමද කියන්නේ. ‘‘

‘‘ඔව් අම්මේ . ගගන යන ඕනේ තැනක අම්මා මට යන්න දෙන නිසා රෝසී ගගනට විහිළු කරනවා.‘‘

       මමත් ගගනත් හිමිරිදි මිදුමත් සීතලත් මැද ගුරු පාර දිගේ ඇදුනේ දෑත් ලය මත පොරවාගෙන විය.

බස් නැවතුමට එනතුරුම නිහඩව වුන් ගගන දෙඩමළු වන්න වූවේය.

‘‘සදා ‘‘

‘‘හ්ම්ම්.‘‘

‘‘පරිස්සමින්.‘‘

‘‘ඇයි ගගන එක පාරටම එහෙම කිව්වේ.‘‘

‘‘ඔයා යන්නේ අළුත් තැනකටනේ ළමයෝ. ඒ කවුරුවත්ම ඔයා අදුරන්නේ නෑ පරිස්සමින් වැඩ කරන්න . 

අළුත් යාළුවෝ ඇති කර ගන්නේ පරිස්සමින්.‘‘

‘‘හරි ගගන.‘‘

‘‘අළුලු යාළුවෝ හම්බුණාම අපිව අමතක වෙයි නේ කෙල්ලට.‘‘

‘‘අනේ එහෙම නෑ ගගන.‘‘

     සැබවින්ම මේ මම ගගන නොමැතිව යන මුල්ම ස්ථානයයි. මෙතුවක් කල් මගේ සෙවනැල්ල වන් ඔහු 

මා ගිය පෙර පාසලේ සිට, පාසල , අමතර පන්ති, උසස් පෙළට ගිය පාසය ඒ සියල්ලකදී ඔහු මා ළග සිටියේය.

 උසස් පෙළ සදහා වුණ අමතර පංති පමණක් ඔහුගෙත් මගෙත් වෙනස් වුවේ. ඔහු වෛද්‍යවරයෙක් වීමට සිහින

 දකින නිසා ජීව විද්‍යාව විෂය හදාරන්නට පටන් ගත් නිසා වෙන් විය. එතරම් ලොකු හීන ආශාවල් මට නොවීය.

 ලැබු ලකුණුත් සමග මම වාණිජ විෂය හැදෑරූ නිසා මදක් ඈත් වුනත් ඒ ඈත් වීම නොදැනුනේ, එකම පාසලට

 ගිය නිසාවෙනි. අදින් පසු මම ඉදිරියට යන්නේ තනියෙම වෙමි. ඔහුගෙත් මගේත් මාවත් වෙනස් වී ඇත.

 ගගනගේ වේදනාබර මුහුණ දකින විට මට දැනුනේ ඊටත් වැඩි වේදනාවකී.අනේ ගගන ඔහොම බලන්න එපා 

මට ඇඩෙයි. මටත් දුකයි ගගන ඔයා නැතුව මේ යන්න හදන මුල්ම ගමන යන්න. කරන්න දෙයක් නෑ මේ ජීවිත

 වල හැටි මෙහෙම තමයි.

‘‘යනවනම් ඉක්මණින් නැග ගන්න... හා හා ඉක්මන් කරන්න.‘‘

   හිමිදිරී සීතල තදටම ගතට දැනුනේ වේගයෙන් ඇදී ආ බස් රියේ තිරිංග  තද කිරීමත් සමග ගත දැවටුන සුළං

 රොදත් සමග විය. කොට්ට පොල් පැටෙව්වා මෙන් බස් රථය මිනිසුන්ගෙන් පිරී ඇත. පාපොවරුවේ එල්ලීගෙන

 කෑ ගසන කොන්දොස්තර මහතාගේ හඩත් සමග මම ගගනට සමු දී බස් රථයට නැගුනෙමී.

      මම අළුතින්ම ආයතනයට පැමිණී දිනය නිසා ඔවුන්ගෙන් මට ලැබුනේ සුහද පිළි ගැනීමකී.

‘‘ගුඩ් මොර්නිං මිස් සදනී. ඔයාට සර් රූම් එකට එන්න කිව්වා.‘‘

      මම මානව සම්පත් අංගය ඉදිරි පිට වාඩී වී සිටිද්දී. දණ හිසටත් වඩා කොට හිර සායකට සුදු අත් දිග

 හැට්ටයක් හැද ගත් සුරූපී ගැහුණු ළමමෙක් පැවසුවේ සිනා සෙමින් ය.

‘‘කොහෙද මිස් සර්ගේ රූම් එක.‘‘

‘‘මේ පැත්තට දිගටම යන්න තුන්වෙනී රූම් එක.‘‘

‘‘ඕකේ.‘‘

    මම ඇය පෙන්නු අයිරින් දකුණු පසට ඇදෙද්දී ඇය මා දෙස බැලුනේ අමුතුම අයුරකින් වුවාය. ඇගේ 

ඇදුමත් සමග සසදන විට මම හැද සිටි දෙපතුළටම දිගු කළු කලිසම සහ ලා නිල් හැටිටය එයට හේතු විය

 හැකිය. මම ගොඩේ තාලෙට හැදිච්ච කෙල්ලෙක් ලෙස ඇය සමච්චලයට සිතන්න ඇතැයි මම සිතුවෙමි.

 

‘‘ කමින් කමින් වාඩී වෙන්න. ‘‘

‘‘ගුඩ් මොර්නිනං සර්.‘‘

‘‘ගුඩ් මොර්නිං. මිස් සදනී. අපි එහෙම කතා කරොත් හොදයි නේද?.‘‘

‘‘ඕකේ එහෙම හොදයි සර්.‘‘

 ‘‘මිස් බෙක්පස්ට් අරං එහෙමද?.‘‘

       ඔහු මේසය මත වූ විදුලි සීනුව හඩවමින් කීවේය.

‘‘ඔව් සර්.‘‘

‘‘ රංජී .අනුහස් සර්ට  එන්න කියන්න.‘‘

‘‘හොදමයි සර්.‘‘

       විදුලි සීනුවේ හඩට කාමරයට ඇතුල් වු ඔහු පියන් කෙනෙක් විය යුතුය. ආපිටම පණිවිඩය රැගෙන ඔහු

 පිටව ගියේය.

‘‘එක්ස්කියුස් මී සර්.‘‘

‘‘ආ අනුහස් එන්න ඇතුළට. වාඩී වෙන්න.‘‘

    මා අසල වු පුටුව පෙන්වමින් ඔහු පවසද්දී කාමරය ඇතුල් වූ අනුහස් සර් නැමැත්තා මා අසලින් වාඩී වුයේ

 මා සමග මද සිනහවක් පාමින්ය.

‘‘මිස්ටර් අහුහස් මේ තමයි මම අර කිව්ව ට්‍රේනිං ගර්ල්. මෙයාට සේරම වැඩ කියලා දෙන්න.‘‘

‘‘ඕකේ සර්.‘‘

‘‘මිස් සදනී. මුල් මාස හය ඔයාට වැඩ කරන්න වෙන්නේ මිස්ටර් අනුහස් එක්ක. මේ හොදම නිළධාරියෙක්

 අපේ ආයතනයේ. උපරිම විදියට හැමදේම මෙයාගෙන් ගන්න.‘‘

      මම හිස වැනුවා පමනකි. අද ඉදන් මට මේ සර් එක්ක ඒ කියන්නේ ඉන්න වෙන්නේ. මම යටි හිතින් 

කෙදිරි ගෑවෙමී.

‘‘යමු මිස් ඔපිස් එක පැත්තට. මිස් සදනී නේද?.‘‘

‘‘ඔව්.‘‘

‘‘මම අනුහස් ජයනෙතු.‘‘

      මම ඔහු පිටුපසම ගොස් කූඩු කූඩු මෙන් වට කර වෙන් කර තිබූ ආයතයේ කාර්යාලය වෙතට ඇතුල් 

විය.

‘‘මෙන්න මිස් සයුමී අළුත් යාළුවෙක් . මිස් සදනී.‘‘

‘‘හායි මිස් සදනී.‘‘

‘‘මේ වෙලාවට තමා සර් හිතෙන්නේ. මමත් සර් කෙනෙක් වුණානම් කියලා.‘‘

‘‘ඒ මොකද චාරුක.‘‘

‘‘ලස්සන ලස්සන ට්‍රේනිං මිස්ලා එක්ක ඉන්න තිබ්බනේ.‘‘

‘‘චාරුක මේක ඔපිස් ටයිම් එක. විහිළු මේ වෙලාවෙන් පස්සේ තියා ගන්න.‘‘

       පෙනුම නම් නිවුණු තැම්පත් අයෙකී.  නමුත් පෙනෙන තරම් ඔහු අහිංසක නැතයි චාරුකට බැන වැදුණු 

අයුරින්ම සිතා ගන්නට පුළුවන් විය. රැකියාවේ මුල් දවස එතරම් හැලහොලමනක් නැතුව ගෙවී ගියහ. සයුමී 

අසලම පැනවු පුටුවක් මේසයක් සහ පරිඝනකයක් මට වෙන් වී තිබුණි. එදින වැඩ නිමා වන විට කාර්යාලයේ 

සිටි හුගක් දෙනෙක් මම හදුනා ගත්තෙමී.  ඔවුන් සමග කතා කිරීමෙන් වැටහි ගියේ  එහි සිටින සියල්ලන්ම අතර

 ළා බාලම කෙනා මම බවයි.

‘‘ඔයාගේ වාසනාව හැබැයි, ඒ ලෙවෙල් ඉවර වුන ගමන් මේ රස්සාව ලැබුණේ. මේ සර් හරිම හොදයි ඉගෙන 

ගන්න ළමයින්ට නිවාඩු දෙනවා, හරියට උදව් කරනවා. ඔයා තව ඉගෙන ගන්න. ඒ ගමන් මේ ජොබ් එක පාට්

 ටයිම් වුනත්  කරන් යන්න පුළුවන්.‘‘

    ඒ සයුමිගේ අදහසයි. කාර්යාලයේ මගේ හිත බැදී මුල්ම කෙනා ඇය වුවාය. එලෙස දවස් කීපයක්ම 

රැකියාවට ගියෙමී. මම නිවෙස් බලායන විට ඇදිරි වැටෙන නිසාත්, තෙට්ටු නිසාත් ගගන මා පාරේ සිට 

නිවසට ඇරලවන්න පමණක් පැමිණියේය. එතරම් රෑ වෙන තුරු අවධියෙන් නොසිටි  මම රෝසී හෝ පැටී 

සමග කලාතුරකින් මොහොතක් කතා කර  නින්දට වැටෙයි. නැවත පාන්දර අවධී වී කාර්යාලයට යයි. 

මෙලෙස ගෙවුණු වෙහසකාරී සතියකට පසු ඉරිදා දිනය උදා විය.

‘‘සදා..   සදා...‘‘

     මම තවමත් නිදි බව මට මතක් වුනේ ගගනගේ හඩත් සමගය විමි.

‘‘අයියෝ ගගන . අම්මා මට ඇරවලා නෑ. මම තාම නිදී.‘‘

‘‘ආ මම මේ දහම් පාසල් ගිහින් එන ගමන්.‘‘

‘‘අයියෝ අද දෙකේ පංතිය බැලුවේ කවුද? හොද නෑ ගගන ඔයයි අම්මයි දෙන්නම. මම හරි ආසාවෙන්නේ 

ඒ බබාලට උගන්වන්නේ.

‘‘ අද එකයි දෙකයි දෙකම බැලුවේ මම.‘‘

‘‘ අපේ අම්මා කෝ‘‘.

      මම හැද සිටි කොට කලිසමත් ලොකු අත් දිග බැනියමත් පිටින්ම අවුල් වූ කොන්ඩය සාදමින් එළිපත්තට

 පැමිණියෙමි.

‘‘සෙව්වන්දී ටී...‘‘

     මා දුටු වහා ගගනගේ කතාව එක තැන නැවතුනී. මා දෙස එක වරක් හොදින් බැලු ඔහු අහක බලා 

ගත්තේය.

‘‘මොකද ගගන.‘‘

‘‘නෑ නෑ මොකුත් නෑ. සෙව්වන්දී ටීචර් තාම පංසලේ. මම යනවා එහෙනම් සදා හවස් වෙලා එන්නම්කෝ .‘‘

    එසේ පැවසු ගගන මා දෙස නැවතත් හොරහින් මෙන් බලා පිටව ගියේය. මුහුණ කට සෝදා අළුත් ඇදුමක් 

හැද ගත් මම උදේ ආහාරය ගත්තෙමී. කෑම කා සාලයට පැමිනෙනවාත් සමග  දුරකථනය නද දෙනු ඇසුණී.

 ජංගම දුරකථනයේ සදහන් අංකය මම දන්න හදුනන අංකයක් නොවීය. සයුමි වෙන්න ඇති   ආයි ගත්තොත් 

ආන්සර් කරලා බලනවා. සිතමින් මම සුපුරුදු ලෙස කොරිඩෝවේ බැම්ම මත උඩ පැණ වාඩි වුනෙමී. සිතු

 පරිදින් ඊලග මොහොතේ ඒ අංකයෙන්ම ඇතුමක් එන්නට විය. දෙවරක් නොසිතාම මම ඇමතුමට සවන් 

දුනිමී.

‘‘හෙලෝව්.‘‘

නැවත හමුවෙමු.


සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
09 Jan 2017 08:08 PM
  •  Quote
  •  Reply
නියම කතාවක් ...මමත් කියවන ගමන්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jan 2017 01:01 AM
  •  Quote
  •  Reply
අනුහස් නේද
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Jan 2017 03:57 AM
  •  Quote
  •  Reply
බලමු කවුද? කියලා...
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Jan 2017 02:42 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 10 Jan 2017 03:57 AM
බලමු කවුද? කියලා...


ඇයි තාම බලා ගන්න බැරි උනේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Jan 2017 11:24 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Jan 2017 11:26 AM
  •  Quote
  •  Reply

හිරුයි තරුයි.

අට වන කොටස.

‘‘හෙලෝව්.‘‘

    අනෙක් පසින් ඇසුණු කට හඩත් සමග මම තරමක් කලබලවූනෙමී.

‘‘කවුද මේ.‘‘

‘‘මාව අදුරන්න බැයියද?.‘‘

‘‘කවුද බෑනේ.‘‘

‘‘තරූෂ.‘‘

‘‘ආ... එයාද? ඔයාගේ නම තරුෂ නෙමෙයිනේ.‘‘‘

‘‘ඔයා කොහොමද එහෙම කියන්නේ.‘‘

‘‘එදා කප් එක ගන්න යද්දී ඇත්ත නම ඇහුණා අපිට.‘‘

‘‘ඔයත් සකුන්තලා නෙමේනේ.‘‘

‘‘කොහොමද එහෙම කියන්නේ.‘‘

‘‘මට නම් ඔයාගේ නම දැන ගන්න විදියක් නෑ. කමක් නෑ... සකුන්තලා කියන නමට මම ආසයි.‘‘

‘‘එහෙමද?‘‘

        නිවසේ කවුරුත්ම නොසිටී නිසා නොදැනීම අපේ කතාව දිග් ගැස්සුනී. ඔහු සමග කතා කිරීම හරිම

 විනෝදජනක බව දැනුන නිසා මම ඔහු සමග කතා කරන්නට කැමති වුණෙමී.

‘‘ ඇත්තටම ඔයාගේ නම කියන්න බැරිද?‘‘

‘‘ඒ මොකටද ?.‘‘

‘‘දැන ගන්න.‘‘

      මට පේන්නේ මෙයා මම රෝසි කියලා හිතාගෙන කතා කරන්නේ. කමක් නෑ පාලුවටත් එක්ක ටිකක් 

කතා කරනවා රෝසී වගේ. මම තවත් දගකාර වෙමින් ඔහු සමග කතාවට පොළඹුනෙමී.

‘‘මම රෝසී.‘‘

‘‘ෂා ඒ නමත් හොදයි. තවත් නම් තියෙද කියන්න.‘‘

    එවර දෙදෙනාටම සිනහා නැගුණී.

‘‘දු... කා එක්කද ඔය හැටි හිනා වෙවී කතා කරන්නේ.‘‘

‘‘ආ මේ ඔපිස් එකේ යාළුවෙක් අම්මේ.‘‘

‘‘අපේ අම්මා එනවා සයුමී. මම තියන්නම්. බුදු සරණයි.‘‘

‘‘සයුමී.‘‘

     ඔහු නැවත ප්‍රශ්ණ නැගුවත් මම නොඇසුණාමෙන් ඇමතුම විසන්දී කලේ අම්මා ආ නිසා දැනුන 

තැති ගැන්ම නිසාවෙනී. කවදා වත් නැතිව අම්මාට ඇත්ත කිමට මට අපහසුතාවක් දැනුනේ මන්දැයි මම 

නොදනිමි. නමුත් මීට පෙර මම නාදුනන කිසිවෙක් සමග ඇමතුමකින් වත් මෙසේ කතා කර නොමැත. ඒ

 නිසාම ඇත්ත කීමට මට බයක් දැනුනා විය හැකිය. නමුත් මට දැනුනේ පසුතැවිමකී. එනිසාම මම නැවත 

ඔහු සමග කතා නොකිරීමට තීරණය කළෙමී.

     නිවඩු දවස ගෙවී ගොස් හවස් කාලය උදා විය. කලින් පොරොන්දු වු පරිදිම ගගන මද අදුරත් සමග අප 

නිවසට ගොඩ වැදුනේය. අපි ටික වෙලාවක් කතා කරමින් සිටින අතරතුර හදිස්සියේම මගේ දුරකථකය නද

 දෙන්න විය.  දුරකථකය අතට ගෙව බලන විට අර නාදුනන අංකය විය. එනම් දිනිදු ගේ අංකය විය.  මම

 නිකමට ගගන දෙස බලන විට ඔහුගේ දෙනෙත් රැදි තිබුණේද ජංගම දුරකථනයේ තිරය මත විය. මගේ කවුදැයි 

නොවිසු ඔහු  මා දෙසත් දුරථනය දෙසත් මාරුවෙන් මාරුවට බලන්න විය. මට දැනුනේ අමුතුම බියකී. එනිසාම

 මම ඇමතුම විසන්දි කළෙමී. තවත් සුළු මොහොතකින්  දුරකථනය නැවත නද දෙන්න විය.

‘‘කවුද සදා.‘‘

    එවර ගගන ප්‍රශ්ණ කරමින් නැවතත් දුරකථනය දෙස ඉස්සී ඉස්සී බලන්නට වූවේය. ඔහුගේ මුහුණේ වුයේ

 සැක සහිත බවකි. තවත් නිහඩව සිටීමේ ඔහුගේ සැකය වැඩිවන නිසා මම ඇමතුමට සවන් දුන්නෙමී.

‘‘හෙලෝව් සකුන්තලා.. ආ... නෑ නෑ.. රෝසී.‘‘

     ඒ වදන් පෙළ සමගි මගේ මුහුනේ සිනහවක් ඇදී ගියේ ඉබේටම විය.

‘‘ හෙලෝ සයුමි මොකද හදිස්සියෙම කෝල් කලේ.‘‘

‘‘සයුමී... අළුත් නමක්ද?.‘‘

‘‘නෑ නෑ සයුමි මම මේ... . මම අර ඔයාට කිව්වේ.. .මගේ ගෙවල් ළග යාළුවා. එයා එක්ක පොඩි කතාවක.‘‘

     මම දෙදෙනාගේම සැකය පහවන අයුරින් කතා කලෙමී. ඒ අතර මම ගගන දෙස හොරැහින් බැලුවෙමී. 

ඔහු සිටියේ මුහුණත් අදුරු කරගෙන ලොකු කල්පනාවකය.

‘‘ආ හරි හරි මට තේරුනා.හා.. එහෙනම් . රැ වෙලා ගන්න ඕනේ හරිද?,‘‘

‘‘හරි හරි සයුමී අපි හෙට කතා කරමු.‘‘

        මම එලෙස කියන්නටත් පෙර අනෙක් පසින් ඇමතුම විසන්දී කර තිබුණි. ගගන නහඩව සිටියත් ඇමතුම  

පිළිබද ඇති වු කුකුස ඉවරයටම නැති නැතැයි මට සිතුනෙමි. සිතේ තිබුණ බොරුවක් කළා යන හැගීම නිසා 

මට දැනුනේ අපහසුතාවයකි.

‘‘සදා එහෙනම් මම යනවා.‘‘

‘‘ඇයි ගගන මේ තරම් ඉක්මණට.‘‘

‘‘මම නිසා ඔයාට , ඔයාගේ අළුත් යාළුවෝ එක්ක කතා කරන්නත් නෑනේ. ‘‘

‘‘අනේ එහෙම නෑ ගගන. සයුමී නිකමට කතා කලේ.‘‘

     තවත් ඔයා මට බොරු කියනවා නේද?  යනුවෙන්  ඔහුගේ  දෙනෙතේ සටහන් වි තිබු බැල්ම මගේ

 හදවත පිච්චා දමන්නට සමත් විය.

‘‘අහ්.. හරි හරි සදා.. මම ගිහින් එන්නම්.‘‘

     ඔහු පෑරුණු සිතින් යුතුව පිටවී යද්දී, මම බලා වුන්නේ කීමට යම් දෙයක් සිතට නොදැනුන නිසාය. 

ගගනත් මාත් කෙතරම් ළගද කියනවා නම් මගේ පොඩි වෙනසත් ඔහුට දැනෙයි. එනිසා මම කිව්වේ බොරු

 බව ඔහුට දැනෙන්නට ඇතැයි, මගේ සිත ලතවෙන්න විය.

    රැ ආහාරයවත් නොගෙන කාමරයට වැදුණු මම කලින්ම නිදා ගන්නට සැරසුනෙමී. අම්මා කෑම කන්න කතා 

කළත් මම නින්ද ගොස් මෙන් සිටියෙමී. මම නිසා ගගන සිත් වේදනාවෙන් බව මම හොදින්ම දනිමි . 

එනිසාම මට සැනසීමෙන් ඇසි පියා ගැනීමට නොහැකි විය.

‘‘දු.. දු... හොදටම දවල් වෙන්නත්, ඇවිත් ළමයෝ.‘‘

‘‘අයියෝ අම්මේ... මට හොදටම නින්ද ගිහින්නේ.‘‘

     මම ඇදෙන් බැස ගත්තේ පාමා වී ඇතැයි දැනුන බියත් සමග වෙමි.

‘‘ටිකක් පරක්කු වෙලා දු. මටත් නින්ද ගියා අද?.‘‘

‘‘අනේ අම්මේ අද නම් හතේ බස් එක අල්ල ගන්න වෙන්නෙත් නෑ.‘‘

        මම කිව්වේ අඩන්නට සැරසෙමිනි.

‘‘තවත් නහයෙන් අඩ අඩා ඉන්නේ නැතුව . දැන් වත් ලෑස්තිවෙන්න ළමයෝ.‘‘

    මම හනිකට රැකියාවට යාමට සුදානම් වී පාරට ගියෙමී. අමාරුවෙන් හතයි තිහට තිබු බස් රියට නැගුණ 

මම පැය කාලක් පමා වී කාර්යාලයට ගොඩ වැදුනෙමී.

‘‘ සදනී උබ මොකද බං පරක්කු වුණේ.‘‘

     මම කාර්යාලයට ඇතුල් වෙනවාත් සමගම සයුමී විමසන්න වුවාය.

‘‘අනේ බස් එක අල්ල ගන්න බැරි වුණා බං. මේ සර් ආවද?‘‘

‘‘ආවා ආවා උබ කෝ ඇහුවා.‘‘

‘‘උබ මොකද කිව්වේ. අනේ මට බනීද බං.‘‘

      මම මගේ බෑගය කබඩ් එකට දමමින් විමසුවෙමී. මට අවශ්‍ය වී තිබුණේ ඉක්මණින්ම දවසේ කාර්යාලීය 

කටයුතු ආරම්භ කිරීමටයි.

‘‘ මම මොනවා කියන්නද බං.‘‘

‘‘ඒ කිව්වේ.‘‘

‘‘උබට ආව ගමන්. අනුහස් සර්ගේ ඔපිස් එකට එන්න කියන්න කිව්වා.‘‘

‘‘අනේ මට බනී බං. මට බයයි.‘‘

‘‘ඒ වුණාට තව පරක්කු කරන්නේ නැතුව පලයං.‘‘

      මම කරන්නට පවරා තිබු ලිපි ගොනු කිපයක්ද රැගෙන  අනුහස් සර්ගේ කාමරය දෙසට ඇදුනෙමී.අද නම්

 මම ඉවරයි. ජොබ් එකට ඇවිල්ලත් තව දවස් කීයද?. ෂික් අදම පරක්කු වුණානේ. ඒ මදිවට සර්රුත් කලින්

 ඇවිත්. මම පයිල් කිහිපයත් පපුවට තුරුළු කරන් කාර්යාලය ඉදිරිපිටට පැමිනියේ මුහුණ බිමට බර කරගනිමිනී.

‘‘ ආ.. මිස් සදනී එන්න ඇතුළට.‘‘

     මම ඔහුගේ වීදුරු වලින් තැනු කාර්යාලය ඉදිරිපිට ලතවෙන බව දැක ඔහු ඇමතුවේය.

‘‘සර්.‘‘

‘‘මොකද මිස් සදනී.‘‘

     මම නැවතත් නිහඩව බිම බලා ගත්තෙමී.

‘‘මොකද මිස් සදනී...‘‘

‘‘සර් බස් එක පරක්කු වුණා.‘‘

      එවර මම රැකියාවට පැමිණි දිනයේ සිට දකින්නට නොලැබුණ අනුහස් සර්ගේ සිනහවත් , සුහද බවකුත්

 දකින්නට ලැබුනී.

‘‘මිස් සදනී වාඩී වෙන්න.‘‘

නැවත හමුවෙමු.

සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0
Add Reply
Page 2 of 11 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below